2010–2019
ආදර්ශවත් පසු-දවස්වල සාන්තුවරයින් බවට පත්වීම
ඔක්තෝම්බර් 2018


ආදර්ශවත් පසු-දවස්වල සාන්තුවරයින් බවට පත්වීම

ඔබලා ස්වාමින්වහසේගේ වචනය මත පෝෂණය වී, උන්වහන්සේගේ ඉගැන්වීම් ඔබගේ ජිවිතයට අදාළ කරගන්නා ලෙස මගේ ආශිර්වාදයත් මගේ ප්‍රේමයත් ඔබ මත තබනවා.

මෙය මහත් ප්‍රබෝධයෙන් යුත් ඉතිහාසගත වන සම්මන්ත්‍රණයක්. මහත් ප්‍රීතියෙන් අපි අනාගතය දෙස බලනවා. අපි ඉතා හොඳින් දේවල් කිරීමටත් ඉතා හොඳ අය බවට පත්වීමටත් පන්නරය ලැබුවා. මෙම දේශනා කුඩුව මත ප්‍රධාන අධිකාරිත්වයෙන්, ප්‍රධාන නිලධාරීන්ගෙන් ලැබූ අපූරු පණිවිඩ සහ සංගීතය ඉතා උත්කෘෂ්ටයි! මම ආයාචනා කරනවා ඔබගෙන්, ඉදිරි සතියේ සිට මේ පණිවිඩ අධ්‍යනය කරන ලෙස.1පසු-දවස්වල, උන්වහන්සේගේ සෙනග පිලිබඳ ස්වාමින්වහන්සේගේ මනස සහ කැමැත්ත ඒවා පිළිඹිබු කරනවා.

නව ගෘහාශ්‍රිත, සභා සහයෝගය සහිත ඒකාබද්ධ ක්‍රියාවලිය එක එක පවුල තම නිවස ඇදහිල්ලේ ශුද්ධස්තානයක් බවට කල්පනාකාරීව සහ දිගින් දිගටම හරවා ගන්නට පවුල් වලට බලය මුදාහැර තිබෙනවා. ඔබ ඔබේ නිවස සුභාරංචිය ඉගෙනගැනීමේ මධ්‍යස්ථානයක් බවට ප්‍රතිව්‍යුහගත කරන්නට උවමනාවෙන් වැඩ කලොත්, මම පොරොන්දු වෙනවා කාලයත් එක්කම ඔබේ සබත් දිනයන් සත්තකින්ම ප්‍රබෝධමත් වේවි. ඔබේදරුවන් ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් ඉගෙනගැනීමට උද්යෝගී වේවි, සහ නපුරාගේ පෙළඹවීම් ඔබේ ජිවිතයෙන් සහ ඔබගේ පවුලෙන් අඩු වී යාවි. ඔබගේ පවුලේ වෙනස්වීම පුදුමාකාර සහ ස්ථිර වේවි.

මෙම සම්මන්ත්‍රණය අතරතුරදී අපි උන්වහන්සේගේ සභාව හැඳින්වූ සෑම අවස්ථාවකදීම ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කිරීමේ අත්‍යවශ්‍ය ප්‍රයත්නය ශක්තිමත් කර ක්‍රියා කරවුයෙමු. මම ඔබට පොරොන්දු වෙනවා ගැලවුම්කරුවාණන්ගේ සභාවේ නම සහ එහි සාමාජිකයින් හැඳින්වීම නිවැරදි ලෙස භාවිතා කරන්නට වූ අපගේ තදබල අවධානය වර්ධනය වූ ඇදහිල්ලකටත් උන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් තුල විශාල ආත්මීය බලයකටත් උපකාරී වනු ඇත.

අපි දැන් දේවමාලිගා ගැන මාතෘකාවට හැරෙමු. අපි දන්නවා දේවමාලිගාවේ අප ගත කරන කාලය අපේ ගැලවීමට සහ උසස් වීමට සහ අපේ පවුල් වලට ඉතාමත් වැදගත් බව.

අපගේ දේවමාලිගා වත්පිළිවෙත් ලබාගැනීමෙන් සහ දෙවියන්වහන්සේ සමග ශුද්ධවූ ගිවිසුම් ඇතිකරගැනීමෙන් පසු, ස්වාමින්වහන්සේගේ ගෘහයේ පමණක් ලබාගත හැකි ආත්මික ශක්තියක් අපි එකිනෙකාට අවශ්‍යයි. ඒ වගේම අපේ මුතුන් මිත්තන්ට ඔවුන් වෙනුවෙන් ඒ කාර්යයන් ඉටු කිරීමට අපගේ සේවය අවශ්‍යයි.

සුභාරංචිය පිලිබඳ නොදැන මියයන අය සඳහා දේවමාලිගා ආශිර්වාද ලබාදීමට ක්‍රමයක්, ලෝකයේ අඩිතාලම දැමීමටත් පෙර සිටම සැකසූ දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ට කරුණාව සහ සාධාරණත්වය ගැන සිතා බලන්න. දේවමාලිගාවන්හි මෙම ශුද්ධ වූ චාරිත්‍ර බොහෝ පැරණියි. මට නම් ඒ පැරණි බව හරිම පුදුමයි සහ ඒවා වල අව්‍යාජත්වයට සාක්ෂියක්.2

මාගේ දයාබර සහෝදර සහෝදරියනි, නපුරාගේ පහරදීම් බොහෝ ලෙස තීව්‍රර වෙමින්, සහ වෙනස් ලෙස වර්ධනය වෙමින් තියනවා.3දේවමාලිගා තුල අප සිටීමේ අවශ්‍යතාවය වෙනදාටත් වඩා වැඩියි. මම ඔබෙන් ආයාචනා කර සිටිනවා ඔබ ඔබේ කාලය පාවිච්චි කරන ආකාරය ගැන යාච්ඤාශීලිව සිතා බලන්න. ඔබේ කාලය අනාගතය තුල හා ඔබේ පවුල තුල ආයෝජනය කරන්න. ඔබට දේවමාලිගාවට පහසු ලෙස ලඟාවීමට හැකියාව ඇත්නම්,මම ඔබට ආයාචනා කර සිටිනවා දිනපතා ස්වාමින්වහන්සේ හා සමග සිටින්නට මොහොතක් වෙන් කරගන්න - උන්වහන්සේගේ ශුද්ධවූ නිවසේ සිටින්නට - ඉන්පසු එම මොහොත ප්‍රීතියෙන් සහ එකඟත්වයෙන් කරන්න. උන්වහන්සේගේ දේවමාලිගාවේ සේවය කිරීමේදී සහ වන්දනාමාන කිරීමට ඔබ පරිත්‍යාගයන් කිරීමේදී ස්වාමින්වහන්සේ ඔබට අවශ්‍ය යැයි දන්නා ප්‍රාතිහාර්ය ඔබට ගෙනෙන බවට මම පොරොන්දු වෙනවා.

දැනට අපිට කැපකල දේවමාලිගා 159 ක් තියනවා. අපට එම දේවමාලිගා නිවැරදි ලෙස රැකබලා ගැනීම සහ නඩත්තු කිරීම අත්‍යවශ්‍යයි. කාලයත් සමඟ, නොවැලැක්විය හැකි ලෙස දේවමාලිගා ප්‍රබෝධමත් කිරීම සහ අලුත්කිරීම අවශ්‍යයි. ඒ සඳහා, සෝල්ට් ලේක් දේවමලිගාව සහ අනෙකුත් පුරෝගාමී පරම්පරාවේ දේවමාලිගා ප්‍රතිසංස්කරනය සහ අලුත්වැඩියාව සඳහා දැන් සැලැසුම් සුදානම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘති පිලිබඳ තොරතුරු ඒවා වර්ධනය වනවාත් සමඟම බෙදාගැනීමට බලාපොරොත්තු වෙනවා.

අපිට සතුටුයි අද තවත් දේවමාලිගා ඉදිකිරීම ගැන සැලසුම් නිවේදනය කරන්නට. එම දේවමාලිගා පහත සඳහන් ස්ථාන වල ගොඩනැගෙනු ඇත: මෙන්ඩෝසා, ආර්ජන්ටිනාව; සැල්වදෝර්, බ්‍රසීලය; යුබා නගරය, කැලිෆෝනියාව; ෆ්නොම් පෙන්, කැම්බෝඩියාව; ප්‍රයියා, කේප් වෙර්දේ; යීගෝ, ගුවම්; පබ්ලො, මෙක්සිකොව; ඕක්ලන්ඩ්, නවසීලන්තය; ලාගෝස්, නයිජීරියාව; දවාවෝ, පීපීනය; සන්හුවන්, පුඑර්තො රීකො; සහ වොශින්ටන් කවුන්ටි, යුටා.

දේවමාලිගා ගොඩනැගීම හෝ පවත්වාගැනීම ඔබේ ජීවිතය වෙනස් කරන්නේ නෑ, නමුත් දේවමාලිගා තුල ඔබ ගත කරන කාලය එය අනිවාර්යෙන් කරාවි. දේවමාලිගාවට බොහෝ කලකින් සහභාගී නොවූ අයට මම දිරිගන්වනවා නැවත යන්නට වහාම හැකි ඉක්මනින් සුදානම් වෙන්න. ඉන්පසු මම ඔබට ආරාධනා කරනවා දේවමාලිගාවේ වන්දනාමාන කර ගැලවුම්කරුවාණන්ගේ නොනැවතෙන ප්‍රේමය ගැඹුරින් විඳීමට සහ උන්වහන්සේ මෙම ශුද්ධවූ සහ පරණ නොවන මේ කාර්ය සඳහා මඟපෙන්වන බවට ඔබ සැම ඔබගේම සාක්ෂියක් ලබාගැනීම සඳහා යාච්ඤා කරන්න.4

සහෝදර සහෝදරියනි, මම ස්තුතිවන්ත වෙනවා ඔබේ ඇදහිල්ලට සහ ස්ථිර කිරීමේ ප්‍රයත්නයන්ට. ඔබගේ පෞද්ගලික ජිවිත වල උන්වහන්සේගේ ඉගැන්වීම් ක්‍රියාත්මක කරගෙන ස්වාමින්වහන්සේගේ වචන මත පෝෂණය වන ලෙස මම මගේ ප්‍රේමයත් ආශිර්වාදයත් ඔබ මත තබා යනවා. “ සහ දෙවියන්වහන්සේගේ අරමුණු ඉෂ්ට වනතෙක්ම, සහ ශ්‍රේෂ්ට යෙහෝවා වහන්සේ කාර්ය අවසානයි ලෙස පවසන තෙක්ම” සභාවේ අනාවැකි නොනවත්වා ලැබෙන බවට මම ඔබට සහතික වෙනවා.5

උන්වහන්සේ තුල සහ උන්වහන්සේගේ ශුද්ධවූ කාර්ය තුල ඇදහිල්ල වර්ධනය වන ලෙස සහ ඔබගේ ජිවිතයේ පුද්ගලික අභියෝග විඳදරාගැනීමට ඉවසීම ලැබෙන ලෙස මම ඔබට ආශිර්වාද කරනවා. ඔබට ආදර්ශවත් පසුදවස්වල ශුද්ධවන්තයෙක් වන්නට මම ඔබට ආශිර්වාද කරනවා. මම ඔබට ආශිර්වාද කරමින් දෙවියන්වහන්සේ ජීවමාන බව සාක්ෂි දරනවා! යේසුස් යනු ක්‍රිස්තුස්වහන්සේයි! මේ උන්වහන්සේගේ සභාවයි. අපි උන්වහන්සේගේ සෙනගයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්!

සටහන්

  1. ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ LDS.org තුලින් සහ Gospel Library තුලින් අන්තර්ජාලය තුල බලන්න. ඒවා the එන්සයින් සහ ලියහොනා වල මුද්‍රණය කරනු ඇත. සභාවේ සඟරා, New Era සහFriendතැපෑලෙන් ලබාගැනීම හෝ බාගත කරගැනීම නිවාස මුල්කරගත් ක්‍රියාවලියේ වැදගත් කොටසකි.

  2. උදාහරණ සඳහා බලන්න, නික්මයාම 28; 29; ලෙවි කතාව 8.

  3. බලන්න මොසායා 4:29.

  4. See Wilford Woodruff, “The Law of Adoption,” discourse delivered at the general conference of the Church, Apr. 8, 1894. President Woodruff said: “We have not got through [with] revelation. We have not got through [with] the work of God. … There will be no end to this work until it is perfected” (Deseret Evening News, Apr. 14, 1894, 9).

  5. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 142.