2010–2019
දෙවිපියාණන්වහන්සේ හා ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ගැඹුරු හා කල්පවත්නා හැරීම
ඔක්තෝම්බර් 2018


දෙවිපියාණන්වහන්සේ හා ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ගැඹුරු හා කල්පවත්නා හැරීම

අපගේ අරමුණ නම් සභාවේ සහ නිවසේ අත්දැකීම් තුලින් ඇදහිල්ල විශාල ලෙස වර්ධනය කිරීම සහ හැරීම ආත්මික සහ ගැඹුරු කර සමබර කිරීමයි.

සභාපති රසල් එම්. නෙල්සන් අලංකාරවත් හා චතුර ලෙස කියා පෑ ආකාරයට, සභා නායකයෝ බොහෝ කාලයක් තිස්සේ “නිවාස කේන්ද්‍ර කරගත් හා සභාවෙන් අනුග්‍රහය ඇතිව දහම ඉගනීමට, ඇදහිල්ල ශක්තිමත් කිරීමට, හා වැඩියෙන් පුද්ගලික වන්දනාව පෝෂණය කිරීමට සැලැස්මක් සෑදීමට වැඩ කලෝය.” සභාපති නෙල්සන් ඉන්පසුව “නිවසේ හා සභාවේ සුභාරංචි උපදේශයේ නව සමතුලිතතාවයක් සහ සම්බන්ධයක්” ලබාගැනීමට අනුකූල කිරීමක් නිවේදනය කළේය.”1

මේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා - සභාපති රසල් එම්. නෙල්සන් විසින් විස්තර කරන ලද හා මගපෙන්වීම යටතේ සහ පළමු සභාපතිත්වයේ හා ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණ‌යේ තීරණ නිසා සිදුවෙන - 2019 ජනවාරි මස ආරම්භයේ සිට, ඉරිදා රැස්වීම වැඩසටහන මේ ආකාරයට අනුකූල කිරීම සිදු වේ.

ඉරිදා රැස්වීම් කාලසටහන

ඉරිදා සභා රැස්වීම ගැළවුම්කරුවාණන්වහන්සේ, සක්‍රමේන්තුවේ නියෝග, හා ආත්මික පණිවුඩ ඉලක්ක කරගනිමින්, සෑම ඉරිදාවකම මිනිත්තු-60 ක සක්‍රමේන්තු රැස්වීමකින් සමන්විත වේ. පන්ති සඳහා මාරුවන වන කාලයෙන් පසු, සෑම ඉරිදාවකම මාරුවෙන් මාරුවට පැවැත්වෙන මිනිත්තු 50ක පන්තියකට සභාවේ සාමාජිකයන් සහභාගී වේ:

  • ඉරුදින පාසල මාසයේ පළමු හා තෙවන ඉරිදා දිනවල පවත්වනු ලැබේ.

  • පූජකවර ඝණපූර්ණ, සහන සමිතිය හා තරුණ කාන්තා රැස්වීම් දෙවන හා හතර වන ඉරිදා දිනවල පවත්වනු ලැබේ.

  • පස්වන ඉරිදා පවත්වන රැස්වීම සභානයකයාගේ මගපෙන්වීම යටතේ පවත්වනු ලැබේ.

මේ එකම මිනිත්තු 50 ක කාලපරිච්චේදය තුළදී සෑම සතියකම ප්‍රාථමිකය පැවැත්වෙන අතර ගී ගායනා කාලය හා පන්ති එහි පැවැත්වේ.

රූපය
ඉරිදා කාලසටහන

ඉරිදා රැස්වීම් වැඩසටහනට ගෞරවය සහිතව, වසර ගනණාවක් තිස්සේ සභාවේ ජ්‍යේශ්ඨ නායකයෝ අපේ සමහර වටිනා සාමාජිකයන්ට, සභාව තුළ පැය තුනක ඉරිදා වැඩසටහනක් අසීරු බව, දැන සිටියෝය. මෙය කුඩා දරුවන් සිටින දෙමාපියන්ට, ප්‍රාථමිකයේ දරුවන්ට, වැඩිහිටි සාමාජිකයන්ට, නවක හැරී ආ පිරිස්, හා වෙනත් අයට විශේෂයෙන්ම සත්‍ය වේ.2

ඉරිදා රැස්වීම් ශාලාවේ වැඩසටහන කෙටි කිරීමට වඩා මෙම අනුකූල කිරීමට අරුතක් ඇත. මීට පෙර කළ ආරාධනාවලට, ඔබේ ඇදහිල්ලේ ප්‍රතිඵලයක් ලෙස ඉටුකිරීමට හැකි වූ ප්‍රමාණය සභාපති නෙල්සන් කෘතගුණව පිළිගෙන ඇත. ඔහු හා සභාවේ සමස්ත නායකත්වයම, දෙමාපියන්ට, දරුවන්ට, යෞවනයන්ට, තනිකඩයන්ට, වැඩිමහලුන්ට, නවක හැරී ආ පිරිසට, හා ධර්මදූතයන් උගන්වන ඒ පූද්ගලයන්ට, නිවස කේන්ද්‍ර වූ, සභාවේ අනුග්‍රහය ඇති සමතුලිතවූ, උත්සහයකින් වැඩි වූ ශුභාරංචි ප්‍රීතිය ගෙන ඒමට අවශ්‍යය. මේ අනුකූල කිරීම හා වෙනත් මෑතක දී කළ වෙනස් වීම හා ආශ්‍රිත වූ අරමුණු හා ආශිර්වාද තුළ මේවා අන්තර්ගතය:

  • දෙවිපියාණන්වහන්සේ හා ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරහි හැරීම ගැඹුරු කිරීම හා උන්වහන්සේලා තුළ ඇදහිල්ල ශක්තිමත් කිරීම.

  • නිවස කේන්ද්‍ර කරගත්, සභාවේ අනුග්‍රහය ඇති ප්‍රීතිමත් ලෙස ශුභාරංචි ජීවනයට දායක වන විෂය මාලාව තුළින් තනි පුද්ගලයන් හා පවුල් ශක්තිමත් කිරීම.

  • සක්‍රමේන්තු වත්පිළිවෙතට අවධානයක් සහිතව, සබත් දවසට ගෞරව කිරීම.

  • ධර්මදූත කාර්යයන් හා දේවමාලිගාවේ නියෝග හා ගිවිසුම් හා ආශීර්වාද ලබාගැනීමෙන් තිරයේ දෙපසම සිටින දෙවිපියාණන්වහන්සේගේ සෑම දරුවෙකුටම උපකාර කිරිම.

නිවස මුල්කරගත්, සභාවේ අනුග්‍රහය සහිත සුභාරංචි ඉගෙනීම

මේ ඉරුදින වැඩසටහනින් නිවසේ සන්ධ්‍යාවන් හා ඉරිදා නිවසේදී ශුභාරංචි අධ්‍යනය කිරීමට, හෝ වෙනත් කාලයකදී පුද්ගලයන් හා පවුල් තෝරාගත් ආකාරයට කාලය ගත කිරීමට ඉඩ සැලසේ. සඳුදා සැන්දෑව හෝ වෙනත් කාලයකදී පවුල් ක්‍රියාකාරකම් රැය පැවැත්විය හැක. මේ ප්‍රතිඵලය සඳහා, සඳුදා සැන්දෑව සභා රැස්වීම හා ක්‍රියාකාරකම් වලින් නිදහස්ව තබා ගැනීමට නායකයන් තවදුරටත් ක්‍රියා කල යූතුය. එසේ නමුත් පුද්ගලයන් හෝ පවුල් සඳහා සැන්දෑවේ, ශුභාරංචි අධ්‍යනයේ හා ක්‍රියාකාරකම් වලට ගතකරන කාලය ඔවුන් එකිනෙකාගේ අවස්ථාවට අනුව සැලසුම් කර ගත හැක.

රූපය
එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා

නිවසේදී පවුල් සහ පුද්ගලික ශුභාරංචි අධ්‍යනය, ඉරුදින පාසල් හා ප්‍රාථමිකයේ උගන්වන දේ සමග සමායෝජනය කරන ලද එන්න, මා අනුගමනය කරන්න මූලාශ්‍රය - පුද්ගලයන් සහ පවුල් සඳහා සුසංහිත කළ විෂය මාලාවක් මගින් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ලැබේවි.3 ජනවාරි හිදී, සභාවේ යෞවන හා වැඩිහිටි ඉරුදින පාසල් හා ප්‍රාථමික පන්ති නව ගිවිසුම අධ්‍යයනය කරන්නේය. පුද්ගලයන් හා පවුල් සඳහා එන්න, මා අනුගමනය කරන්න මූලාශ්‍රය - පුද්ගලයන් සහ පවුල් සඳහා නව නිවෙස් අධ්‍යයනය - එයද නව තෙස්තමේන්තුව ආවරණය කරයි - නිවසේදී සාමාජිකයන්ට සුභාරංචිය ඉගෙනගැනීමට නිර්මාණය කර ඇත. එය මෙසේ පැහැදිලි කරයි: “මේ මූලාශ්‍රය සභාවේ සෑම පුද්ගලයෙකු හා පවුලක් සඳහා වේ. නිර්මාණය කර ඇත්තේ (වඩා හොඳින් අපට) ශුභාරංචිය ඉගෙනීමට උපකාර කිරීමටය - තනියම හෝ ( අපේ) පවුල සමග... මේ (නව) මූලාශ්‍රයේ ආකෘතිය සතිපතා ... වැඩසටහනක් ... අනුව සංවිධානය කර ඇත.”4

සභාව තුළ උගන්වනු ලබන නව ප්‍රාථමික එන්න, මා අනුගමනය කරන්න පාඩම්ද එම සතිපතා වැඩසටහන අනුගමනය කරනු ලැබේ. පළමු හා තෙවන ඉරුදින වලදී පැවැත්වෙන්නාවූ වැඩිහිටි හා යෞවන ඉරුදින පාසල් පන්ති නව එන්න, මා අනුගමනය කරන්න නිවාස මූලාශ්‍රයට සහය වන ආකාරයට සමායෝජනය කරනු ලැබේ. දෙවන හා සතර වන ඉරුදිනවල, පූජකවරයේ හා සහන සමිතියේ වැඩිහිටියෙක් නූතන අනාගතවක්තෘන්ගේ වර්තමාන පණිවුඩ මත වැඩි සැලකිල්ලක් ඇතිව, තවදුරටත් සභාවේ නායකයන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කරනු ලැබේ.5 එම ඉරුදිනවල තරුණ කාන්තාවන් හා ආරෝනික පූජක තරුණ පුරුෂයන් ශුභාරංචියේ මාතෘකා අධ්‍යයනය කරයි.

නව නිවාස අධ්‍යන මුලාශ්‍රය “පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය හා පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්” ලබා දෙයි.6 සෑම සතියක් සඳහා ආකෘතියේ පුද්ගලයන් හා පවුල් සඳහා උපකාරී විය හැකි අධ්‍යයන අදහස් හා ක්‍රියාකාරකම් අඩංගුවේ. පුද්ගලයන් සහ පවුල් සඳහා එන්න, මා අනුගමනය කරන්න මූලාශ්‍රය පුද්ගලයන් සහ පවුල් සඳහා පුද්ගලික හා පවුල් වැඩිදියුණු කිරීමට උපකාරී වන, විශේෂයෙන්ම දරුවන් සඳහා චිත්‍ර බොහොමයක් ද අඩංගු වේ.7 මේ වසරේ දෙසැම්බර් වන විට මේ නව මූලාශ්‍රය සෑම නිවාසයකට ලබා දෙනු ලැබේ.

සභාපති නෙල්සන්, ජනවාරි වලදී සභාවේ සාමාජිකයන්ව ඇමතූ පළමු වර සිට, ගිවිසුම් කළ මාර්ගයේ ගමන් කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණීමට සූදානම් වන ලෙස අපට අනුශාසනා කළේය.8

ලෝකයේ තත්වයන් දෙවිපියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි ගැඹුරු වන පුද්ගලික හැරීම හා ඇදහිල්ලේ ශක්තිමත් වීම වැඩි වැඩියෙන් අවශ්‍ය කරයි. පේළි සිට පේළියෙන්, අප දැන් මුහුණ දෙන උපද්‍රව සහිත කාලයට, ස්වාමින්වහන්සේ අපව සූදානම් කර ඇත. මෑත වර්ෂ වලදී, අදාළ ප්‍රධාන ගැටළු ආමන්ත්‍රණය කිරීමට ස්වාමින්වහන්සේ අපට මගපෙන්වා තිබෙන සේක, මේවා ඇතුළුව:

  • පසුගිය වසර තුන මුළුල්ලේ විශේෂයෙන් සලකා තිබෙන සක්‍රමේන්තුවේ ශුද්ධ වූ නියෝගය හා සබත් දිනයට ගෞරවය කිරීම.

  • සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ ශක්තිමත් කරන ලද වැඩිහිටියන්ගේ ඝණපූර්ණ හා සහන සමිති සභාවේ9 අරමුණ මත සාමාජිකයන්ට ශුද්ධ වූ ගිවිසුම් සෑදීමට හා තැබීමට උපකාර කිරීමට අවධානය යොමුකර ඇත.

  • “උසස් ව හා ශුද්ධ වූ ආකාරයකින්“ දේවසේවය කිරීම ප්‍රීතියෙන් ලඟාකරගෙන ඇත.

  • අවසානය මතකයේ තබා ගෙන ඇරඹීමෙන්, දේවමාළිගා ගිවිසුම් හා පවුල් ඉතිහාස සේවා ගිවිසුම් කළ මාර්ගයේ අරමුණු සහිත කොටසක් බවට පත් වෙමින් ඇත.

මේ උදෑසන නිවේදනය කරන ලද අනුකූල කිරීමද, අපේ දවස්වල අභියෝග සඳහා මගපෙන්වීමට තවත් එක් උදාහරණයකි.

සභාවේ සාම්ප්‍රදායික විෂය මාලාව ඉරිදා සභාවේ අත්දැකීම විශේෂ කොට දක්වා ඇත. අපට වඩා හොඳින් උගන්වන විට හා තවත් අධ්‍යාත්මිකව සූදානම් වූ පන්තියේ සාමාජිකයෙක් ඇති විට, අපට වඩා හොඳ ඉරිදා සභාවේ අත්දැකීමක් ලැබෙන බව අපි දනිමු. සභාවේ වටපිටාව තුළ ආත්මයාණන්වහන්සේ බොහෝ විට හැරී එ්ම වැඩි කිරීම හා ශක්තිමත් කිරීම ගැන අපි ආශිර්වාද ලත්වෙමු.

නව නිවාස - කේන්ද්‍ර කරගත් හා සභාවේ අනුග්‍රහනය ඇති විෂය මාලාව වඩාත් බලවත් ලෙස පවුල් ආගමික පිළිවෙත හා හැසිරීම බලපෑම් කිරීමට අවශ්‍ය වේ. නිවස වටපිටාව තුළ ලබාගත හැකි ආත්මික බලපෑම සහ ගැඹුරු හා කල්පවත්නා හැරීම අපි දනිමු. වසර ගණනාවකට පෙර, තරුණ පුරුෂයන් හා කාන්තාවන් සඳහා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම බොහෝවිට නිවස තුළ පෞද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය හා යාච්ඥාව සමග පවතින බව අධ්‍යනය කිරීමක් මගින් ස්ථාපිත විය. අපේ අරමුණ නම් දෙවිපියාණන්වහන්සේ හා ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි හැරීම ගැඹුරු කරවන, ඇදහිල්ල, ආත්මික බව විශාල ලෙස වැඩි කරවන ආකාරයකට සභාවේ හා නිවසේ අත්දැකීම සමතුලිත කිරීමයි.

මේ අනුකූල කිරීමේ නිවස - කේන්ද්‍ර කරගත්, සභාව අනුග්‍රහය ඇති කොටසේ, සෑම පුද්ගලයකුට හා පවුලකට එය යෙදිය යුත්තේ කෙසේද හා කවර විටකද යන්න යාච්ඥාශීලිව තීරණය කිරීමට නම්‍යශීලීතාවය ඇත. උදාහරණයක් ලෙස, මෙය මහගු ලෙස සෑම පවුලකටම ආශිර්වාද කරනු ලැබුවත්, දේශිය අවශ්‍යතා පදනම් කරගෙන, තරුණ තනිකඩයින්, තනි දෙමාපියන්, කොටසක් සාමාජිකයන් වූ පවුල්, නවක සාමාජිකයන්,10 හා වෙනත් අය සාමාන්‍ය ඉරිදා වන්දනා කිරීමේ කටයුතු වලින් බැහැරව ශුභාරංචියේ සමාජශීලී වීම හා නිවාස කේන්ද්‍ර වූ, සභාවේ අනුග්‍රහය සහිත මුලාශ්‍රය එකට එක් වීම සම්පූර්ණයෙන්ම සුදුසු වේ. එසේ කිරීමට අවශ්‍ය වුවන් මගින් මෙය නිල නොවන ලෙස ඉටු කරගනු ලැබේ.

ලෝකයේ බොහෝ කොටස්වල , සමාජීය සම්බන්ධතා විඳීමට සාමාන්‍ය ඉරිදා වැඩසටහනින් පසුව රැස්වීම් ශාලාවේ රැඳී සිටීමට පුද්ගලයෝ තීරණය කරති. ඒ අපූරු ප්‍රතිලාභ ලැබෙන පුහුණුවට කිසියම් හෝ අයුරකින් බාධාකරන කිසිවක් මේ නිවේදනය තුළ අනුකූල කිරීමේ නැත.

සබත් දිනය සඳහා සාමාජිකයන්ට සූදානම් වීමට, සමහර කොට්ඨාශ වල දැනටමත් සතියේ මැද විස්තර සහිත විද්‍යුත් ලිපියක්, පාඨයක්, හෝ සාමාජ මාධ්‍ය පණිවුඩයක් යවනු ලැබේ. මේ අනුකූල කිරීම බලන විට, මේ ආකාරයේ සන්නිවේදනය අපි බලවත්ව නිර්දේශ කරමු. මේ ආරාධනා ඒ සතියේ පැමිණෙන්නාවු පන්තියේ පාඩමේ මාතෘකාව ඇතුළුව, ඉරිදා රැස්වීමේ වැඩසටහන සාමාජිකයන්ට සිහිගන්වන අතර නිවසේදී ශුභාරංචි සාකච්ඡා අඛණ්ඩව පවත්වා ගැනීමට දායකත්වය දෙයි. ඊට අමතරව ඉරිදා වැඩිහිටි රැස්වීම් සෑම සතියකට සභාවේ හා නිවසේ අධ්‍යයනයක් සම්බන්ධ කිරීමට තොරතුරු ලබා දෙනු ලැබේ.

ආත්මික ප්‍රමුඛතා සංවිධානත්මක කටයුතු වලට වඩා විශේෂයෙන් සැලකෙන ලෙසට සක්‍රමේන්තු රැස්වීමට හා පන්ති කාලපරිච්ඡේදයට යාඥාශීලී සැලකිලිමත් වීම අවශ්‍ය වනු ඇත. උදාහරණයක් ලෙස, බොහෝ දුරට සතියේ මැද ආරාධනාවේ හෝ මුද්‍රණය කල වැඩ ලේඛනයක් මත නිවේදනය සිදු කල හැක. සක්‍රමේන්තු රැස්වීමට ආරම්භක හා අවසාන යාච්ඥාවක් අවශ්‍යය වුවත්, දෙවන රැස්වීමට අවසාන යාච්ඥාවක් පමණක් අවශ්‍යය වේ.11

පෙර සදහන් කළ ලෙසට, නව ඉරුදින වැඩසටහන ජනවාරි 2019 තෙක් ආරම්භ නොවේ. ඒ සඳහා හේතු කිහිපයක් ඇත. ඉන් වැදගත්ම දෙක නම්, පළමුව, පුද්ගලයන් හා පවුල් සඳහා එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා මූලාශ්‍රය බෙදා හැරීමට කාලය තිබීමට හා, දෙවනුව, ස්ටේක සභාපතීන්ට හා සභානායකයන්ට වැඩියෙන් කොට්ඨාශ දවසේ වේලාසනින් රැස්වීමට ඉඩ සැලසීම අරමුණු කරගෙන රැස්වීම් වැඩසටහන් පිළියල කිරීමට කාලය සැලැස්වීමයි.

නායකයන් හෙළිදරව්වන් සොයන විට, පසුගිය වසර කිහිපය තුළ ලැබුණු මගපෙන්වීම සක්‍රමේන්තු රැස්වීම ශක්තිමත් කිරීමට, සබත් දිනයට ගරු කිරීමට හා දෙමාපියන්ට හා පුද්ගලයින්ට ඔවුන්ගේ නිවස ආත්මික ශක්තියේ හා වැඩි වූ ඇදහිල්ලේ ප්‍රභවයක් - ප්‍රීතියේ හා සතුටේ ස්ථානයක් - ඇදහිල්ලක් බවට පත් කිරීමට උනන්දු හා උපකාරී වී ඇත.

අසාමාන්‍ය ආශිර්වාද

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන්ට මේ අනුකූල කිරීම් මගින් අදහස් වන්නේ කුමක්ද? සාමාජිකයන් සුවිශේෂ වූ ආකාර වලින් ආශිර්වාද ලබන බව අපට විශ්වාසයි. ඉරිදා සභාවේදී හා නිවසේදී ශුභාරංචිය ඉගෙනීමේ හා ඉගැන්වීමේ දිනයක් විය හැකිය. පවුල් මණ්ඩල, පවුල් ඉතිහාසය, දේවසේවය කිරීම, සේවය කිරීම, පෞද්ගලික වන්දනාව, හා ප්‍රීතිමත් පවුල් කාලය තුළ පුද්ගලයන් හා පවුල් නිරත වන විට, සබත් දිනය සැබැවින්ම ප්‍රීතිමත් දිනයක් බවට පත්වේවි.

රූපය
කැර්වැල්හෝ පවුල

බ්‍රසීලයේ එක් පවුලක් නව එන්න, මා අනුගමනය කරන්න මූලාශ්‍රය පරීක්ෂාවට ලක් කල ස්ටේකයක සමාජිකයෝය. පියා, ප්‍රනාන්දු, නැවත පැමිණි ධර්මදූතයෙකු, හා ඔහුගේ බිරිඳ, නැන්සි, කුඩා දරුවන් සතර දෙනෙක් ඇතිබව වාර්තා වූහ: “එන්න, මා අනුගමනය කරන්න” වැඩ පිළිවෙල අපේ ස්ටේකයේ හඳුන්වා දුන් විට, මම බොහෝ සේ උනන්දු වුණෙමි. මා සිතුවේ “අප නිවසේ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන ආකාරය වෙනස්” බවයි. එය සැබැවින්ම මාගේ නිවස තුළ සිදු විය. එසේම සභාවේ නායකයෙක් ලෙස එය අනෙකුත් නිවාස වල සිදු වෙනවා මම දුටුවෙමි...... එය ඇත්තෙන්ම අපේ නිවස තුළ ශුද්ධලියවිලි සාකච්ඡා කිරීමට උපකාරී විය. මගේ බිරිඳට හා මට අධ්‍යාපනය කරන ලද මාතෘකාව ගැන වඩා ගැඹුරු වැටහීමක් තිබුණි...... එය අපේ.... ශුභාරංචි දැනුම වැඩි කිරීමට, හා අපේ ඇදහිල්ල හා සාක්ෂි වැඩිදියුණු කිරීමට..... එය උපකාරී විය..... මම මගේ සාක්ෂි දරන්නෙමි.... එය ස්වාමීන්වහන්සේ විසින් පෙළෙඹවන ලද්දක් බව මම දනිමි. වැඩි වැඩියෙන් වැටුණු ලෝකයක.... අධ්‍යාපනය හා කාර්යක්ෂම ලෙස ශුද්ධලියවිලිවල අඩංගු මූලධර්මය හා දහමේ අධ්‍යාපනය හේතුවෙන් පවුල්වලට තවත් ඇදහිල්ල, සාක්ෂිය, හා අලෝකය ගෙන දෙන ලෙසට”12

ලෝකය පූරා මගපෙන්වීමේ පරීක්ෂක ස්ටේකවල, නව එන්න, මා අනුගමනය කරන්න මූලාශ්‍රයට ඉහල කැමති වූ ප්‍රතිවාරයක් තිබුණි. බොහෝදෙනා ශුද්ධලියවිලි කියවීමෙන් ශුද්ධලියවිලි අධ්‍යයනයට වැඩි දියුණු වී ඇති බවට වාර්තා කලහ. එසේම අත්දැකීම ඇදහිල්ල ප්‍රතිවර්ධනය කරන බව හා කොට්ඨාශය මත අසුරු බලපෑමක් වූ බවට පොදුවේ හැඟී තිබුණි.13

ගැඹුරු හා කල්පවත්නා හැරීම

මේ අනුකූල කිරීම් වල අරමුණ නම් වැඩිහිටියන්ගේ හා නැගී එන පරම්පරාවේ ගැඹුරු හා කල්පවත්නා හැරීම ලබා ගැනීමයි. පුද්ගලයන් හා පවුල් මූලාශ්‍රයේ පළමු පිටුව පෙන්වා ඇත්තේ: සියලු ශුභාරංචි ඉගෙනීමක, ඉගැන්වීමක අරමුණ වන්නේ අපේ හැරීම ගැඹුරු කිරීම හා තවත් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට අපට උපකාර කිරීමයි .... මින් අදහස් වන්නේ අපේ හදවත් වෙනස් කිරීමට ක්‍රිස්තුස්වහන්සේ මත විශ්වාසය තැබීමයි.14 මෙයට උපකාර වන්නේ “පන්ති කාමරයෙන් එපිට පුද්ගලයෙකුගේ හදවතට හා නිවසට අත දිගු කිරීමයි. එයට ශුභාරංචිය තෙරුම් ගැනීමට හා ඒ අනුව ජීවත්වීමට එයට ශුභාරංචිය තේරුම් ගැනීමට හා ඒ අනුව ජීවත්වීමට අඛන්ඩ දෛනික උත්සාහය අවශ්‍යයි. සැබෑ හැරීමට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම අවශ්‍ය වේ.”15

ගැඹුරු හා කල්පවත්නා හැරීම මේ වැදගත්කම හා අවශ්‍යතා අරමුණ නම් සුදුසුකම් ඇතිව ගිවිසුම් කළ මාර්ගයේ ගිවිසුම් හා නියෝග ලැබීමයි.16

අරමුණින් එපිට නොබලා හෝ පුද්ගලයන් හෝ පවුල් වල ආධිපත්‍යය නොපතුරුවමින් - මෙම වෙනස්කම් පිළිබඳ ඔබ එකට එකතු වී උපදේශන පවත්වයි යැයි අපි විශ්වාස කරමු. වැඩිදුර තොරතුරු ඉදිරි සන්නිවේදන වලදී පළමු සභාපතිත්ව ලිපි සහ සංවෘත තුලින් ඉදිරිපත් කෙරෙනු ඇත.

දේවමාළිගා තුළ පළමු සභාපතිත්වයේ හා ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ විචාරණය කිරීම් වලදී හා අපේ දයාබර අනාගතවක්තෘ මේ අනුකුල කිරීම් ඉල්ලු පසු, සැමට බලවත් ස්ථාවර කිරීමක් ලැබුණු බවට මම සාක්ෂි දරමි. රසල් එම්. නෙල්සන් අපේ ජීවමාන අනාගතවක්තෘ හා සභාපති අද කළ නිවේදනය ඒ අනුකුල කිරීම් උද්‍යෝගිමත්ව වැළදගත්තා හා ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම සොයන සැමට හෘදයාංගම ආශිර්වාද ප්‍රතිඵලයක් ලෙස ලැබේ. අපි අපේ දෙවිපියාණන්වහන්සේ හා අපේ ස්වාමින් හා ගලවුම්කරුවාණන් වූ , යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරා තවත් සමීප වන්නෙමු. උන්වහන්සේලා කෙරහි මම ස්ථිර සාක්ෂි කරුවෙක්මි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. රසල් එම්. නෙල්සන්, “ආරම්භක කථාව,” ලියහෝනා, 2018 නොවැ, 8.

  2. සමාජයේ විශාල වශයෙන් දත්ත, අධ්‍යාපනය සහ විනෝදාස්වාදය සඳහා වූ බොහෝ සිදුවීම් විශාල ලෙස කෙටි කර ඇති බව අපි දන්නෙමු.

  3. මෙම කාලසටහන මුද්‍රිතව හා ඩිජිටල් ලෙස ලබාගත හැකිය.

  4. එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා (2019), vi.

  5. බලන්න “එන්න, මා අනුගමනය කරන්න වැඩිහිටි ඝණපූර්ණය සහ සහන සමිතිය සඳහා,” ලියහෝනා, 2018 මැයි, 140. දෙවන සහ තුන්වන ඉරිදාවන් වෙනුවට, ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ දෙවන සහ හතරවන ඉරිදාවන් හිදී සාකච්ජා කරනු ලැබේ.

  6. See Come, Follow Me—For Individuals and Families, 4. Individuals and families determine what part of the home gospel study, home evening, and family activities will be family home evening (which many already call home evening). Because individuals and families will make this determination, home evening and family home evening have been used interchangeably in the adjustments that have been announced.

  7. බලන්නඑන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා, 29.

  8. බලන්න රසල් එම්. නෙල්සන්, “අපි එක්ව ඉදිරියට යන විට,” ලියහෝනා, 2018 අප්‍රියෙල්, 7.

  9. See Handbook 2: Administering the Church (2010), 2.2. Divinely appointed responsibilities “include helping members live the gospel of Jesus Christ, gathering Israel through missionary work, caring for the poor and needy, and enabling the salvation of the dead by building temples and performing vicarious ordinances.” See also Doctrine and Covenants 110, which contains the account of the restoration of essential keys.

  10. දෙමව්පියන් සාමාජිකයන් නොවන හෝ දෙමව්පියන් නිතිපතා පල්ලියට නොපැමිණෙන දරුවන් වෙත විශේෂ අවධානය යොමු කරන්න. තනි පුද්ගලයන්ට එය වාසිදායක නම්, තනියෙන් හෝ වෙනත් පවුලක් සමඟ මුණගැසීමට හැකිය.

  11. දෙවන රැස්වීමේදී ආරම්භක ක්‍රියාකාරකම් අවශ්‍ය නැත.

  12. ප්‍රනාන්දු සහ නැන්සි ද කැර්වල්හෝ පවුල, බ්‍රසීලය.

  13. පරීක්ශණය සඳහා සහභාගී වූ පුද්ගලයන් සහ පවුල්, සාමාන්‍යයෙන්, වඩා තේරුමක් ඇති සුභාර්ංචි ඉගෙනීමක් බොහෝ වේලාවල්වල නිවසේදී පවත්වා ඇත. වැඩි විස්තර සහිත සුභාරංචි සාකච්ජා ඔවුන්ගේ පවුල් සහ කොට්ටාශ සාමාජිකයින් සමග ඇතිවූ බව හා පවුලේ මෙන්ම සමානව අධ්‍යනයක් කරන්නට ලැබීම ගැන ඔවුන් සතුටු වුණා. මෙය විශේශයෙන්ම තරුණයන්ට අදාළයි.

  14. එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා, v; බලන්න 2 කොරින්ති 5:17.

  15. එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා, v.

  16. බලන්න රසල් එම්. නෙල්සන්, “අපි එක්ව ඉදිරියට යන විට,” 7.