ප්‍රධාන සම්මන්ත්‍රණය
ආරම්භක පණිවිඩය
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ආරම්භක පණිවිඩය

ශුද්ධාත්මයාණන්ගේ බලය හා සේවය තුලින් අපට කථා කරන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සවන්දීමට, අපට හැකි සෑම ආකාරයකින්ම, උත්සාහ කළ යුතුයි.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 2020 අප්‍රියෙල් මාසයේ ඓතිහාසික ප්‍රධාන සම්මන්ත්‍රණයට අපි ඔබව සාදරයෙන් පිළිගන්නා විට, ඔබ දන්නා හේතු නිසා, මම ඔබ ඉදිරියේ හිස් ශ්‍රවණාගාරයක් ඉදිරිපිට සිටිනවා!

මෙම අප්‍රියෙල් සම්මන්ත්‍රණය “මතක සිටින” සහ “අමතක නොවන” එකක් වන බවට 2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී මම ඔබට පොරොන්දු වූ විට, දෘශ්‍යමාන සභාවක 10 ට අඩු පිරිසක් සමග කතා කිරීම මෙම සම්මන්ත්‍රණය මට මතක සිටින හා අමතක නොවන එකක් වනු ඇති බව මම දැන සිටියේ නෑ! එහෙත් ඔබට විද්‍යුත් සම්ප්‍රේෂණයෙන් සහභාගී වන්නට හැකිවූ දැනුම සහ සහ ගීතිකා කණ්ඩායම විසින් ගායනා කළ “It Is Well with My Soul” යන සුන්දර වාක්‍ය ඛණ්ඩය මගේ ආත්මයට මහත් සහනයක් ගෙනදෙනෙවා.

ඔබ දන්නා පරිදි, මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයට පැමිණීම දැඩිලෙස සීමාකිරීම සිදුවන්නේ, හොඳ ගෝලීය පුරවැසියන් වීමට ඇති අපේ ප්‍රයත්නයන්හි කොටසක් ලෙස සහ COVID-19 පැතිරීම සීමාකිරීම සඳහා අපට හැකි සෑමදෙයක්ම කිරීම සඳහායි. මෙම වෛරසය ලොව පුරා විශාල බලපෑමක් ඇතිකර තිබෙනවා. එය අපගේ සභා රැස්වීම්, ධර්මදූත සේවය සහ දේවමාළිගා කටයුතුද ටික කාලයකට වෙනස් කර තිබෙනවා.

වර්තමාන සීමාවන් දරුණු වෛරසයකට සම්බන්ධ වුවද, ජීවිතයේ පෞද්ගලික පරීක්ෂාවන් මෙම වසංගතයෙන් ඔබ්බට විහිදෙනවා. අනාගත අභියෝගයන් හදිසි අනතුරක්, ස්වාභාවික විපතක් හෝ අනපේක්ෂිත පෞද්ගලික හෘද වේදනාවක් නිසා ඇතිවිය හැකියි.

අපි එවැනි පීඩා විඳදරාගන්නේ කොහොමද? ස්වාමින්වහන්සේ අපට මෙසේ පවසා තිබෙනවා “නුඹලා සූදානම් නම් නුඹලා බිය නොවිය යුතුය.”1 ඇත්තවශයෙන්ම, අපට අපගේම ආහාර, ජලය සහ ඉතිරිකිරීම් සංචිත ගබඩා කළ හැකියි. නමුත් අපගේ පෞද්ගලික අධ්‍යාත්මික ගබඩාවන් ඇදහිල්ල, සත්‍යය සහ සාක්ෂි වලින් පුරවාගැනීමේ අවශ්‍යතාවයද ඒ හා සමානවම තීරණාත්මකයි.

අපගේ ජීවිතයේ අවසාන ගවේෂණය වන්නේ අපගේ මැවුම්කරුවාණන් හමුවීමට සූදානම් වීමයි. අප මෙය කරන්නේ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට දිනපතා උත්සාහ කිරීමෙන්.2 අප දිනපතා පසුතැවිලි වී උන්වහන්සේගේ පවිත්‍ර කිරීම, සුවකිරීම සහ ශක්තිමත් කිරීමේ බලය ලබාගන්නා විටත් අපි එය කරනවා. එවිට කැලඹිලි සහිත කාල වලදී පවා අපට සාමය හා ප්‍රීතිය විඳදරාගත හැකියි. ශුද්ධ ස්ථාන වල සිටගෙන “චලනය නොවන්න” කියා ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලාසිටියේ මේ නිසායි.”3

මේ වසරේදී, අපි ලෝක ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක 200 වන සංවත්සරය සමරනවා—එනම්, පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේ ආදරණීය පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජෝසෆ් ස්මිත්ට පෙනීසිටීමයි. එම විශේෂ දර්ශනය අතරතුර, පියාණන් වන දෙවියන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පෙන්වා මෙසේ කිව්වා: “මේ මාගේ ආදරණීය පුත්‍රයාය. ඔහුට සවන්දෙන්න!”4

ජෝසෆ්ට දුන් එම අවවාදය අප සෑම කෙනෙකුම සඳහා වෙනවා. ශුද්ධාත්මයාණන්ගේ බලය හා සේවය තුළින් අපට කථා කරන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සවන්දීමට අපට හැකි සෑම ආකාරයකින්ම උත්සාහ කළ යුතුයි.

මෙම සහ සෑම ප්‍රධාන සම්මන්ත්‍රණයකම අරමුණ උන්වහන්සේට සවන්දීමට අපට උපකාර කිරීමයි. ගැලවුම්කරුවාණන්ට විශේෂයෙන් ඔබ උදෙසා ඇති පණිවිඩ—එනම් ඔබේ ආත්මයට සාමය ගෙනදෙන පණිවිඩ, ඔබට ඇසීමට තරම් ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් බහුල ලෙස අප සමග සිටින පිණිස අපි යාච්ඤා කර ඇති අතර, ඔබටත් යාච්ඤා කරන්නට ආරාධනා කරනවා. ඔබේ බිඳුණු හදවත සුව කරන පණිවිඩ. ඔබේ මනස ආලෝකවත් කරන පණිවිඩ. කැලඹිලි සහ ආරවුල් කාල හරහා ඔබ ඉදිරියට යනවිට කුමක් කළ යුතුදැයි ඔබට දැනගැනීමට උපකාර වන පණිවිඩ.

ඔබට අසන්නට ලැබෙන පණිවිඩ, සුවිශේෂී නිවේදන සහ ඔබට සහභාගී වීමට ආරාධනා කරනු ලබන අත්දැකීම් නිසා මෙම සම්මන්ත්‍රණය අමතක නොවන හා මතක සිටින එකක් ලෙස පත්වේවා යැයි අපි යාච්ඤා කරනවා.

නිදසුනක් වශයෙන්, ඉරිදා උදෑසන සැසිවාරය අවසානයේදී, මම ඔබව පූජනීය හෝසන්නා ඝෝෂාවකට මෙහෙයවන විට අපි ලොව පුරා ගෞරවනීය එක්රැස්වීමක් කැඳවනවා. මෙම සුවිශේෂී ආකාරයෙන් උන්වහන්සේලාට ප්‍රශංසා කරමින් පියාණන් වන දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේගේ ආදරණීය පුත්‍රයාණන්ට අපගේ ගැඹුරු කෘතඥතාව ගෝලීය වශයෙන් එකමුතුව ප්‍රකාශ කරන බැවින් මෙය ඔබට අධ්‍යාත්මික ඉස්මතු කිරීමක් වනු ඇතැයි අපි යාච්ඤා කරනවා.

මෙම පූජනීය අත්දැකීම සඳහා, අපි පිරිසිඳු සුදු අත් ලේන්සුවක් භාවිතා කරනවා. නමුත් ඔබට එකක් නොමැති නම්, ඔබට සරලව ඔබේ අත වැනිය හැකියි. හෝසන්නා ඔල්වරසන් හඬ අවසානයේ, සභාව “The Spirit of God” ගායනා කිරීම සඳහා ගායනා කණ්ඩායම සමග එක්වනවා ඇත.5

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම සම්මන්ත්‍රණය අතිවිශිෂ්ට වනු ඇත. ගැළවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය කෙරෙහි අප ඉතා ඕනෑකමින් දැඩි අවධානයක් යොමුකරන බැවින් මෙම වසර අසාමාන්‍ය වෙයි. අපගේ හදවත් වෙනස් වීමත් සමඟ උන්වහන්සේට සවන්දීමට අපි ජීවිත කාලය පුරාම ගවේෂණය ආරම්භ කිරීම මෙම ඓතිහාසික සම්මන්ත්‍රණයේ වැදගත්ම කල්පවත්නා ප්‍රතිඵල වනු ඇත.

2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණයට සාදරයෙන් පිළිගන්නවා! අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප ගැන කල්පනාවෙන් සිටින බව මම දන්නවා. අප උන්වහන්සේලා වෙතට ළංවීමටත් උන්වහන්සේලාට ගෞරව කිරීමටත් උත්සාහ කරන මේ මහිමාන්විත දින දෙකේ කාලය පුරාම උන්වහන්සේලා අප සමග සිටිනු ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.