ප්‍රධාන සම්මන්ත්‍රණය
ඇදහිල්ලේ යාච්ඤා
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඇදහිල්ලේ යාච්ඤා

අප ඇදහිල්ලෙන් යාච්ඤා කරන විට, ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කරන විට, අපි උන්වහන්සේගේ කාර්යයේ වැදගත් කොටසක් බවට පත්වෙයි.

ප්‍රධාන සම්මන්ත්‍රණයේ මෙම පළමු සැසිවාරයේ ආරම්භයේදී වැඩිහිටි මේන්ස්ගේ යාච්ඤාවට පිළිතුරු ලැබී තිබෙනවා. පුදුමාකාර පණිවිඩ සහ සුන්දර සංගීතය තුළින් අනුභාවයන් අප වෙත පැමිණ තිබෙනවා. මෙම සම්මන්ත්‍රණය අමතක නොවන එකක් වනු ඇති බවට සභාපති රසල් එම්. නෙල්සන් දුන් පොරොන්දුව දැනටමත් ඉටුවීමට පටන්ගෙන තිබෙනවා.

සභාපති නෙල්සන් මේ වසර නම් කර ඇත්තේ “පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජෝසෆ් ස්මිත්ට දර්ශනය වී වසර 200 ක් සපිරෙන ද්විවාර්ෂික කාල පරිච්ඡේදයක්” ලෙසයි. එය සැමරීම “සභාවේ ඉතිහාසයේ වැදගත් ස්ථානයක් වනු ඇති අතර ඔබේ කොටස අත්‍යවශ්‍ය වන බව,” පවසමින්, මෙම ඓතිහාසික සම්මන්ත්‍රණයට සූදානම් වීම සඳහා පෞද්ගලික සැලැස්මක් සකස් කරන ලෙස සභාපති නෙල්සන් අපට ආරාධනා කළා.1

මා මෙන්ම, සමහරවිට ඔබ ඔහුගේ පණිවිඩය අසා, “මගේ කොටස අත්‍යවශ්‍ය වන්නේ කෙසේද?” කියා ඔබෙන්ම අසාගන්නට ඇති. සමහරවිට ඔබ නැවත පිහිටුවීමේ සිදුවීම් ගැන කියවා යාච්ඤා කළා විය හැකියි. සමහරවිට, වෙන කවරදාකටත් වඩා, පියාණන් වන දෙවියන්වහන්සේ තම ආදරණීය පුත්‍රයාණන් හඳුන්වාදුන් එම යම් යම් කාල වල සිදුවීම් ගැන ඔබ කියවා තිබෙන්නට පුලුවන්. සමහරවිට ගැලවුම්කරුවාණන් අපගේ ස්වර්ගික පියාණන්ගේ දරුවන් සමග කථා කළ අවස්ථා ඔබ කියවා ඇති. මම ඒ හැම දෙයක්මත් ඊට වැඩියෙනුත් කළ බව මම දන්නවා.

දෙවියන්වහන්සේගේ පූජකත්වය සහ කාලපරිච්ඡේද ආරම්භ කිරීම පිළිබඳව මගේ කියවීමේදී සඳහන් වූ යොමුකිරීම් මට හමුවුණා. මෙම සම්මන්ත්‍රණය සඳහා මගේ සූදානම මගේ පුද්ගලික ඉතිහාසයේ වැදගත් ස්ථානයක් බව දැනගන්නට ලැබීමෙන් මම නිහතමානී වුණා. මට මගේ හදවතේ වෙනස්කම් දැනුණා. මට අලුත් කෘතඥතාවක් දැනුණා. දැනට ක්‍රියාත්මක වන නැවත පිහිටුවීමේ සැමරුමට සහභාගී වීමට ආරාධනා ලැබීමේ අපේක්ෂාව ගැන මට ප්‍රීතියක් දැනුණා.

පරිස්සමින් සූදානම් වීමෙන්, වඩා ප්‍රීතිවීමෙන්, වඩා සුභවාදීව සහ ස්වාමින්වහන්සේට අවශ්‍ය ඕනෑම හැකියාවක් තුළ සේවය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින නිසා අන් අයටත් එලෙස හැඟෙන බව මම සිතනවා.

අප ගෞරව කරන ශ්‍රේෂ්ඨ සිදුවීම් පිළිබඳ අනාවැකි පළකළ අවසාන කාලපරිච්ඡේදයේ ආරම්භයයි, එහිදී ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ නාමය දරන අයව උන්වහන්සේ ලබාගැනීමට, තම සභාව සහ උන්වහන්සේගේ සෙනගව සූදානම් කරනවා. උන්වහන්සේගේ පැමිණීම සඳහා අප සූදානම් වීමේ කොටසක් ලෙස, මේ ලෝකයේ ඉතිහාසයේ දැක නැති කිසිම දෙයක් වැනි ආත්මික අභියෝග සහ අවස්ථා නැගෙන විට, උන්වහන්සේ අප සෑම කෙනෙකුම ඔසවා තබනවා.

1840 සැප්තැම්බර් මාසයේ, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා සහ පළමු සභාපතිත්වයේ සිටි ඔහුගේ උපදේශකයින් පහත සඳහන් දේ ප්‍රකාශ කළා: “මේ අන්තිම දවස්වල ස්වාමින්වහන්සේගේ කාර්යය, අති විශාල එකක් වන අතර මනුෂ්‍යයන්ට තේරුම්ගත නොහැකි තරම්ය. එහි තේජස විස්තර කළ නොහැකි තරම් වන අතර එහි උතුම්කම දරාගත නොහැකියි. අතීතයේ සිට සෑම පරම්පරාවක් හරහාම වර්තමානය දක්වා ලෝකය මැවීමේ සිට අනාගතවක්තෘවරුන්ගේ හා ධර්මිෂ්ඨ මිනිසුන්ගේ අභ්‍යන්තරය සජීවිකරණය කළ තේමාව එයයි, ක්‍රිස්තුස් වන යේසුස්වහන්සේ තුළ ඇති සියල්ල ස්වර්ගයේ හෝ පොළොවේ වේවා, උන්වහන්සේ තුළ එක්රැස් වන විටත්, ලෝකය ආරම්භවූ දා සිට සියලු ශුද්ධ අනාගතවක්තෘවරුන් පැවසූ පරිදි සියල්ල නැවත පිහිටවූ විටත්; එය සැබවින්ම පූර්ණත්වයේ කාල පරිච්ඡේදයයි, මක්නිසාද එය තුළ පියවරුන්ට දුන් පොරොන්දු මහිමාන්විතව ඉටුවන අතර මහෝත්තමයාණන්ගේ බලයේ ප්‍රකාශයන් ශ්‍රේෂ්ඨ, මහිමාන්විත හා උත්කෘෂ්ඨ වනු ඇත.”

ඔවුන් තවදුරටත් මෙසේ කියා සිටියා: “ඉදිරියට ගොස් රාජ්‍යයේ අභිවෘද්ධිය උදෙසා අපගේ ශක්තීන් එක්සත් කිරීමටත්, පූජකත්වය ඒවායේ පූර්ණත්වයෙන් හා මහිමයෙන් ස්ථාපිත කිරීමටත් අපට විධානයක් ඇති බව දැනේ. අන්තිම දවස්වල ඉටුකළ යුතු කාර්යයන් අපරිමාණ ලෙස වැදගත් දේවලින් එකක්ය, අනාගතවක්තෘ [දානියෙල්] විසින් විස්තර කරන ලද එම තේජස හා මහිමාන්විතභාවය සමග එය පෙරළීමට [දානියෙල් 2: 34-35, 44-45 බලන්න], සාන්තුවරයන්ගේ ශක්තිය, කුසලතාව, දක්ෂතාවය සහ හැකියාව ක්‍රියාත්මක කිරීමට කැඳවනු ලැබෙයි; එබඳු විශාලත්වයෙන් හා උත්කර්ෂවත් ලෙස එම කාර්යයන් ඉටුකිරීමට, එහි ප්‍රතිඵලයක් ලෙස සාන්තුවරයන්ගේ ඒකාග්‍රතාවය අවශ්‍ය වේ.”2

දිගහැරෙන නැවත පිහිටුවීමේදී අප විසින් කරනු ලබන දේ සහ අප එය කරන්නේ කවදාද යන්න පිළිබඳ බොහෝ විශේෂතා තවමත් අනාවරණය වී නෑ. ස්වාමින්වහන්සේ අප ඉදිරියේ තබා ඇති කාර්යයේ යම් යම් පළල හා ගැඹුර එම මුල් කාලයේදී පවා පළමු සභාපතිත්වය දැනසිටියා. සිදුවනු ඇතැයි අප දන්නා දේ සඳහා උදාහරණ කිහිපයක් මෙන්න:

ස්වාමින්වහන්සේ සිය සාන්තුවරයන් තුළින් සිය ශුභාරංචිය “සියලු ජාතීන්ට, නෑදෑයින්ට, භාෂාවන්ට හා ජනයාට” ලබාදෙනු ඇත.3 බලය හා වැඩිවන ඇදහිල්ලෙන් දේවසේවයේ නියුතු “මිනිසුන්ගේ ධීවරයන්”4 වන පුද්ගලයන් මෙන්ම—තාක්‍ෂණය හා ප්‍රාතිහාර්යයන් අඛණ්ඩව ඒවායේ කාර්යය ඉටුකරනු ඇත.

වැඩිවන ගැටුම් මධ්‍යයේ අපි ජනතාවක් ලෙස වඩාත් එක්සත් වනු ඇත. ශුභාරංචි ආලෝකයෙන් පිරුණු කණ්ඩායම් සහ පවුල්වල අධ්‍යාත්මික ශක්තියෙන් අප එක්රැස් වනු ඇත.

නොඇදහිලිකාර ලෝකය පවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව හඳුනාගෙන ඒ මත දෙවියන්වහන්සේගේ බලය අවබෝධ කරගනු ඇත. විශ්වාසවන්ත හා නිර්භීත ගෝලයන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී නිර්භීතව, නිහතමානීව හා විවෘතව ක්‍රිස්තුස්වහන්සේගේ නාමය භාරගනු ඇත.

එසේනම්, ඉන්පසු අප සෑමකෙනෙකුම මෙතරම් විශාලත්වයෙන් හා උදාරත්වයෙන් යුත් මෙම කාර්යයට සහභාගී වන්නේ කෙසේද? සභාපති නෙල්සන් අධ්‍යාත්මික ශක්තියෙන් වර්ධනය වන ආකාරය අපට උගන්වා තිබෙනවා. යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව අපගේ වර්ධනය වන ඇදහිල්ල නිසා අපි පසුතැවීම ප්‍රීතිමත් අවස්ථාවක් ලෙස සලකන විට, ස්වර්ගික පියාණන්වහන්සේ අපගේ සෑම යාච්ඤාවකටම සවන්දෙන බව අප තේරුම්ගෙන විශ්වාස කරන විට, අප ආඥා වලට කීකරු වීමට හා ඒ අනුව ජීවත්වීමට උත්සාහ කරන විට, අඛණ්ඩ එළිදරව් ලැබීමට අපි අපගේ ශක්තිය තුළ වර්ධනය වෙනවා. ශුද්ධාත්මයාණන්ට අපගේ නිරන්තර සහකරු විය හැකියි. අප අවට ලෝකය අඳුරු වන විටත් ආලෝකයේ හැඟීමක් අප සමග රැඳෙනු ඇත.

ජෝසෆ් ස්මිත් එවැනි අධ්‍යාත්මික ශක්තියක් තුළ වර්ධනය වන ආකාරය පිළිබඳ උදාහරණයක්. දෙවියන්වහන්සේගෙන් එළිදරව් ලැබීම සඳහා යතුර ඇදහිල්ලෙන් යාච්ඤා කිරීම බව ඔහු අපට පෙන්වාදුන්නා. පියාණන් වන දෙවියන්වහන්සේ ඔහුගේ යාච්ඤා වලට පිළිතුරු දෙන බව විශ්වාස කරමින් ඔහු ඇදහිල්ලෙන් යාච්ඤා කළා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලින් පමණක් තමා කළ පාපයන් නිසා තමාට දැනුණු වරදින් නිදහස් විය හැකි බව විශ්වාස කරමින්, ඔහු ඇදහිල්ලෙන් යාච්ඤා කළා. එම සමාව ලබාගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ සභාව සොයාගත යුතු යැයි විශ්වාස කරමින් ඔහු ඇදහිල්ලෙන් යාච්ඤා කළා.

ජෝසෆ් ස්මිත් සිය අනාවැකිමය සේවය පුරාම අඛණ්ඩ එළිදරව් ලබාගැනීම සඳහා ඇදහිල්ලේ යාච්ඤා භාවිතා කළා. අද අප මුහුණදෙන අභියෝග වලට සහ තවමත් පැමිණීමට ඇති අභියෝගයන්ට අප මුහුණදෙන විට, අපද එම රටාව අනුගමනය කිරීමට පුහුණු විය යුතුයි. සභාපති බ්‍රිගම් යන්ග් මෙහෙම කිව්වා, සෑම හුස්මක්ම උන්වහන්සේගේ සෙනගට මගපෙන්වීමට දෙවියන්වහන්සේට සැබවින්ම යාච්ඤාවක් වනවා හැරෙන්නට වෙන කිසිම ආකාරයක් පසු-දවස්වල ශුද්ධවන්තයන් වෙනුවන් මම දන්නේ නෑ.5

සක්‍රමේන්තු යාච්ඤාවෙන් ලැබෙන මෙම වචන අපගේ එදිනෙදා ජීවිතය පිළිබඳ විස්තරයක් ලබාදෙයි: “සැමවිටම උන්වහන්සේව සිහිකරන්න.” “උන්වහන්සේ” යනුවෙන් හඳුන්වන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේවයි. ඊළඟ වචන, “එමෙන්ම උන්වහන්සේගේ ආඥා තබන්න,” යන්න අපට උන්වහන්සේව සිහිකරන්න යන්නෙහි අදහස යෝජනා කරනවා.6 අප සැමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත්කරන විට, නිහඬ යාච්ඤාවෙන් මෙසේ ඇසිය හැකියි “උන්වහන්සේ මා කුමක් කරනවාට කැමතිද?”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් කරන ලද එවැනි යාච්ඤාවක්, මෙම අන්තිම කාලපරිච්ඡේදයට හේතු වුණා. එය දිගින් දිගටම දිගහැරීමේදී අප සෑමකෙනෙකුම ඉටුකරන කොටසෙහි හදවතේ පවතියි. එවැනි යාච්ඤා වලට අපූරු උදාහරණ, ඔබට තිබෙනවා මෙන්ම, මාද සොයාගෙන තිබෙනවා.

පළමුවැන්නා ජෝසෆ් ස්මිත්. තමා කුමක් කරනවාට ස්වාමින්වහන්සේ කැමතිදැයි, ඔහු දරුවෙකුගේ වැනි ඇදහිල්ලකින් ඇසුවා. උන්වහන්සේගේ පිළිතුර ලෝක ඉතිහාසය වෙනස් කළා.

මට වැදගත් පාඩමක් ලැබෙන්නේ යාච්ඤා කිරීමට දණගැසූ විට සාතන්ගේ ප්‍රහාරයට ජෝසෆ් දැක්වූ ප්‍රතිචාරයෙන්.

සාතන් සහ ඔහුගේ සේවකයන් අප යාච්ඤා නොකළ යුතු යැයි හැඟීමක් ඇතිකිරීමට උත්සාහ කරන බව මම අත්දැකීමෙන් දන්නවා. ඔහුව බැඳ තැබීමට උත්සාහ කළ බලයෙන් ඔහුව ගලවාගන්නා ලෙස ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේට තම සියලු බලය යොදා හඬගැසූ විට, සහනය සඳහා වූ ඔහුගේ යාච්ඤාවට පිළිතුරු ලැබුණු අතර ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පෙනීසිටියා.

නැවත පිහිටුවීමේ ආරම්භය වළක්වාලීමට සාතන් දැරූ උත්සාහය ඉතා දරුණු වූයේ ජෝසෆ්ගේ යාච්ඤාව ඉතා වැදගත් නිසායි. දැනට පවතින නැවත පිහිටුවීම සඳහා ඔබට සහ මට කළ යුතු කුඩා කොටස් තිබෙනවා. එහෙත් නැවත පිහිටුවීමේ සතුරා අපව යාච්ඤා කිරීමෙන් වලක්වන්නට උත්සහ කරයි. ජෝසෆ්ගේ ඇදහිල්ලේ උදාහරණය සහ ඔහුගේ අධිෂ්ඨානයට අපගේ ස්ථීර අරමුණ තුළ අපව ශක්තිමත් කළ හැකියි. මෙය, ජෝසෆ් අනාගතවක්තෘවරයා වෙනුවෙන් ස්වර්ගික පියාණන්ට ස්තුති කිරීම මගේ යාච්ඤා වලට ඇතුලු වීම සඳහා බොහෝ හේතු වලින් එකක්.

අඛණ්ඩ නැවත පිහිටුවීම සඳහා මගේ කාර්යභාරය ඉටුකිරීමට උත්සාහ කරන විට මෝර්මොන්ගේ පොතේ ඊනොස් මගේ ඇදහිල්ලේ යාච්ඤාවට තවත් ආදර්ශයක්. ඔබේ කොටස කුමක් වුවත්, ඔබට ඔහුවත් පුද්ගලික උපදේශකයෙකු ලෙස ගන්නට පුළුවන්.

ජෝසෆ් මෙන්, ඊනොස්ද ඇදහිල්ලෙන් යාච්ඤා කළා. ඔහු සිය අත්දැකීම් විස්තර කළේ මෙසේයි:

“තවද මාගේ ප්‍රාණය බඩගිනි විය; තවද මම මාගේ ගැලවුම්කරුවාණන් ඉදිරියේ දණින් වැටී, තවද මාගේ ස්වකීය ප්‍රාණය උදෙසා උන්වහන්සේට බලවත් යාච්ඤාවෙන්ද, ඉල්ලීම් වලින්ද මුළු දවස පුරාම උන්වහන්සේට මොරගැසුවෙමි; එසේය, තවද රාත්‍රිය පැමිණෙන තුරුද එය ස්වර්ගයට ලඟාවන තෙක් මම මොරගැසුවෙමි.

“තවද එහි මෙසේ කියමින් හඬක් මා වෙතට පැමිණියේය: ඊනොස් නුඹගේ පාපයන්ට නුඹට සමාව දී ඇත්තේය, තවද නුඹ ආශිර්වාද ලබන්නෙහිය.

“තවද මම ඊනොස් දෙවියන්වහන්සේ බොරු නොකියන බව දැනගත්තෙමි; එමනිසා මාගේ වරදකාරී හැඟීම පහව ගියේය.

“තවද මම කියමින්: ස්වාමිනී එය සිදුවන්නේ කෙසේද?

“තවද උන්වහන්සේ මාහට කියමින්: නුඹ කවරදාකවත් පෙර නොදුටු හෝ අසා නැති ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹේ ඇදහිල්ල නිසාය. තවද උන්වහන්සේ මාංශයෙන්, උන්වහන්සේගේ ප්‍රකාශ වීමට පෙර බොහෝ අවුරුදු ගණනක් පසුව යන්නේය; එමනිසා යන්න, නුඹගේ ඇදහිල්ල නුඹව සුවකළේය.”7

මේ වචන වලින් මෙම පාඩම මට ආශිර්වාද කර තිබෙනවා: “නුඹ කවරදාකවත් පෙර නොදුටු හෝ අසා නැති ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹේ ඇදහිල්ල නිසාය.”

ජෝසෆ්ට වනයට යන්නට සහ සාතන්ගේ බලයෙන් නිදහස් වන ලෙස යාච්ඤා කිරීමට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබුණා. ඔහු එවිට පියාණන්වහන්සේ හා පුත්‍රයාණන්වහන්සේව දැක තිබුනේ නෑ, නමුත් ඔහු තම සිතේ මුළු ශක්තියෙන් ඇදහිල්ලෙන් යාච්ඤා කළා.

ඊනොස්ගේ අත්දැකීමද මට එම වටිනා පාඩම උගන්වා තිබෙනවා. මම ඇදහිල්ලෙන් යාච්ඤා කරන විට, පියාණන්වහන්සේ සමග මාගේ උපදේශකයා ලෙස ගැලවුම්කරුවාණන් සිටින අතර මගේ යාච්ඤාව ස්වර්ගයට ළඟාවන බව මට හැඟෙනවා. පිළිතුරු පැමිණෙනවා. ආශිර්වාද ලැබෙනවා. දුෂ්කර කාල වලදී පවා සාමය හා ප්‍රීතිය තිබෙනවා.

දොළොස්දෙනාගේ ගණපූර්ණයෙහි නවතම සාමාජිකයා වශයෙන්, මම වැඩිහිටි ඩේවිඩ් බී. හයිට් සමග දණගසා යාච්ඤා කළ අයුරු, මට මතකයි. මම දැන් මුහුණදෙන අභියෝග සමගම, ඔහු එවිට මගේ වයසේ තරම් හිටියා. ඔහු යාච්ඤා කරන විට ඔහුගේ හඬ මට මතකයි. මම බැලීමට මගේ දෑස් විවර කළේ නෑ, නමුත් එය හරියට ඔහු සිනාසෙන්නාක් මෙන් මට ඇහුණා. ඔහු ස්වර්ගික පියාණන්වහන්සේ සමග ඔහුගේ හඬේ ප්‍රීතියෙන් කතා කළා.

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්” ලෙස ඔහු පැවසූ විට ඔහුගේ සතුට මගේ මනසේ ඇසෙනවා. ගැලවුම්කරුවාණන් ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කළ පණිවිඩය ඒ මොහොතේම සනාථ කරන බව වැඩිහිටි හයිට්ට දැනුණාක් මෙන් මට එය දැනුණා. එමෙන්ම එය සිනහවකින් ලබාගත් බව මට විශ්වාසයි.

පුදුමාකාර අඛණ්ඩ නැවත පිහිටුවීම සඳහා අපගේ වැදගත් දායකත්වය ලබාදීමට ඇති හැකියාව, අපගේ ගැලවුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහිත් අපගේ ආදරණීය පියාණන් ලෙස අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ කෙරෙහිත් අපගේ ඇදහිල්ල වර්ධනය වන විට වැඩිවෙනවා. අප ඇදහිල්ලෙන් යාච්ඤා කරන විට, ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කරන විට, අපි උන්වහන්සේගේ කාර්යයේ වැදගත් කොටසක් බවට පත්වෙයි. උන්වහන්සේ අප සෑම කෙනෙකුටම ආරාධනා කරන කාර්යය කිරීමෙන් අප සැමට ප්‍රීතිය ලැබේවායි මම යාච්ඤා කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත්වන බවට මම සාක්ෂි දරනවා. මෙය උන්වහන්සේගේ සභාව සහ මිහිපිට රාජධානියයි. ජෝසෆ් ස්මිත් යනු නැවත පිහිටුවීමේ අනාගතවක්තෘවරයායි. සභාපති රසල් එම්. නෙල්සන් අද පොළොවේ ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයායි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ පූජකත්වයේ යතුරු ඔහු දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.