ප්‍රධාන සම්මන්ත්‍රණය
උන්වහන්සේ අප ඉදිරියෙන් යන සේක
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


උන්වහන්සේ අප ඉදිරියෙන් යන සේක

ස්වාමින්වහන්සේ සිය ශුභාරංචිය හා සභාව නැවත පිහිටුවීම සඳහා නායකත්වය ලබාදෙනවා. උන්වහන්සේ අනාගතය හොඳින් දන්නා සේක. උන්වහන්සේ ඔබට මෙම කාර්යයට ආරාධනා කරන සේක.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයට ඔබ සමග එක්වීමට ලැබීම ගැන මම කෘතඥ වෙනවා. මෙම අන්තිම කාලපරිච්ඡේදයේදී ස්වාමින්වහන්සේගේ සභාව නැවත පිහිටුවා ඇති ආකාරය ගැන මෙනෙහි කිරීමට ඔහු කළ ආරාධනයෙන් අප සහ අපගේ ආදරණීයයන් ආශිර්වාද ලබා තිබෙනවා, සභාපති රසල් එම්. නෙල්සන් පොරොන්දු වූයේ අපගේ අත්දැකීම් මතක සිටින එකක් පමණක් නොව අමතක නොවන එකක් වනු ඇති බවයි.

මගේ අත්දැකීම් මතක සිටින එකක් වුණා, ඔබේ අත්දැකීමත් එසේමයි කියා මට විශ්වාසයි. එය අමතක නොවන එකක්ද යන්න අප එක් එක්කෙනා මත රඳා පවතිනවා. මෙම සම්මන්ත්‍රණයට සූදානම් වීමේ අමතක නොවන අත්දැකීම මා හට පැවතිය යුතු ආකාරයකින් මාව වෙනස් කර ඇති බැවින් එය මට වැදගත්. මට පැහැදිලි කරන්න දෙන්න.

මගේ සූදානම මාව නැවත පිහිටුවීමේ සිදුවීමක වාර්තාවට ගෙනගියා. මම ඒ සිදුවීම ගැන බොහෝ වාරයක් කියවා තිබුනද, එය සෑමවිටම මට එයට නැවත පිහිටුවීමේ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් සම්බන්ධ වුණු වැදගත් රැස්වීමක වාර්තාවක් වුණා. නමුත් මේ වතාවේ, ස්වාමින්වහන්සේ සිය ගෝලයන් වන අපව, උන්වහන්සේගේ සභාව තුළ ගෙනයන ආකාරය මම ඒ විස්තරයෙන් දුටුවා. අතීතය, වර්තමානය සහ අනාගතය යන සියල්ල දන්නා—මැවුම්කරුවාණන් වන ලෝකයේ ගැළවුම්කරුවාණන් විසින් මනුෂ්‍යයන් මෙහෙයවනු ලැබීමේ තේරුම මම දුටුවා. උන්වහන්සේ කිසිදිනක බලනොකරන අතර, අපට පියවරෙන් පියවර උගන්වමින් අපට මගපෙන්වනවා.

මා විස්තර කරන රැස්වීම නැවත පිහිටුවීමේ වැදගත් අවස්ථාවක්. එය කර්ට්ලන්ඩ් දේවමාළිගාව කැපවී දින හතකට පසු, 1836 අප්‍රියෙල් 3 වන දින පැවති සබත් දින රැස්වීමක්. ජෝසෆ් ස්මිත් ලෝක ඉතිහාසයේ මෙම ශ්‍රේෂ්ඨ මොහොත සරල ආකාරයකින් විස්තර කළා. ඔහුගේ වාර්තාවෙන් වැඩි ප්‍රමාණයක් දහම සහ ගිවිසුමේ 110 වන කොටසේ සටහන් වෙනවා:

“දහවල් කාලයේදී මම එය මේ දිනවල පූජනීය මේසයේ සේවය කිරීම වරප්‍රසාදයක් වුණු අනෙක් සභාපතිවරුන්ට සභාවට දොළොස්දෙනාගෙන් ලැබුණු, ස්වාමින්වහන්සේගේ භෝජනය බෙදාහැරීමට උපකාර කළා. මගේ සහෝදරයන්ට මෙම සේවය කළ පසු, මම දේශනා කූඩුව වෙත ගියා, තිර ඉවත් කර තිබුණා, මම ඔලිවර් කව්ඩ්‍රි සමග හිස නමා, නිහඬව සහ ස්ථීරව යාච්ඤා කළා. යාච්ඤාවෙන් නැගිටීමෙන් පසු පහත දැක්වෙන දර්ශනය අප දෙදෙනාටම විවෘත වුණා.”1

“අපගේ මනස වෙතින් තිරය ඉවත්කරනු ලැබ ඇත, තවද අපගේ තේරුම්ගැනීමේ දැස් විවෘතකරනු ලැබුවේය.

“අප ස්වාමින්වහන්සේ අපගේ ඉදිරියෙන්, පූජාසනයේ මිටි පවුර මත නැගීසිටිනවා දුටිමු; කහ පාටට හුරු වර්ණයකින්, තවද උන්වහන්සේගේ පාද යටින් පිරිසිඳු රත්තරනින් කෙරුණු කැටයම්ය.

“උන්වහන්සේගේ දෑස් ගින්දර දළුමෙන්ය; උන්වහන්සේගේ හිසෙහි කොන්ඩය, පිරිසිඳු හිම මෙන් සුදුව තිබිනි; උන්වහන්සේගේ පෙනීම සූර්යයාගේ දීප්තියට වඩා බැබලින; තවද උන්වහන්සේගේ හඬ මහත්වූ ජලයන් ගලායන ශබ්දය මෙන් වූ, යෙහෝවාවහන්සේගේ හඬ, මෙසේ පැවසීය:

“මම පළමුවෙනියාද අන්තිමයාද වන්නෙමි; ජීවත්වන තැනැන්වහන්සේ මම වෙමි, මරණු ලැබූ තැනැන්වහන්සේ මමය; පියාණන්වහන්සේ සමග නුඹලාගේ නීතිවේදියා මමය.

“බලන්න, නුඹලාගේ පාපයන්ට සමාව දී ඇත්තෙමි; නුඹලා මා ඉදිරියේ පිරිසිඳුය; එසේහෙයින්, නුඹලාගේ හිස ඔසවා තවද ප්‍රීතිප්‍රමෝදිත වෙන්න.

“නුඹලාගේ සහෝදරයන්ගේ හදවත් ප්‍රීතිමෝදිත වීමට දෙන්න, තවද මාගේ සියළු ජනතාවගේ හදවත් ප්‍රීතිප්‍රමෝදිත වීමට දෙන්න, ඔවුන් ඔවුන්ගේ මහත් බලයෙන්, මාගේ නාමයට මෙම ගෘහය ගොඩනැගීය.

“මක්නිසාද බලන්න, මම මෙම ගෘහය පිලිගන්නෙමි, තවද මාගේ නාමය මෙහිය; තවද මම මාගේ ජනතාවට මෙම ගෘහයේදී මම කරුණාවෙන් ප්‍රකාශ වන්නෙමි.

“එසේය, මාගේ ජනතාව මාගේ ආඥාවන් තබමින්, තවද මෙම ශුද්ධ ගෘහය අපවිත්ර නොකරන්නෙ නම්, මම මාගේ සේවකයන් වෙතට පෙනීසිටින්නෙමි, තවද මාගේ ස්වකීය හඬින් ඔවුන් හට කථාකරන්නෙමි.

“එසේය, වගුරුවනු ලබන්නාවූ ආශිර්වාදයන්හි, සහ මේ ගෘහයේදී මාගේ සේවකයින් බලයෙන් සැරසුණු බලයෙන් සැරසීමේ, ප්‍රතිඵලය නිසා, දහස් ගණනකගේ සහ දස දහස් ගණනකගේ හදවත් බොහෝ සෙයින් ප්‍රීතිවන්නෝය.

“තවද මෙම ගෘහයේ කීර්තිය පිටස්තර දේශයන්හි විසිරයන්නේය; තවද මාගේ ජනතාවගේ හිස්මත වගුරුවන ආශිර්වාදයන්හි ආරම්භය මෙය වන්නේය එසේම වන්නේය. ආමෙන්.

“මෙම දර්ශනය වැසුනු පසුව, නැවතත් ස්වර්ගය අපට විවෘත විය; තවද මෝසෙස් අප ඉදිරියේ පෙනීසිටියේය, තවද පොළොවේ සතර දිග්භාගයෙන් ඊශ්‍රායෙලය රැස්කරගැනීමේ, තවද උතුරු දේශය වෙතින් ගෝත්‍ර දසය මගපෙන්විමේ යතුරු අපට ඔප්පු කෙරින.

“මෙයින් පසුව, එලියාස් පෙනීසිටියේය, සහස්‍රයේ ආබ්‍රහම්ගේ ශුභාරංචිය ඔප්පුකරමින්, අපගෙන් පසු, අප සහ අපගේ වංශය සියළු පරම්පරාවන් ආශිර්වාදමත් වන බව කීවේය.

“මෙම දර්ශනය අවසන් වුණු පසු, වෙනත් මහත්වූ මහිමත්වූ දර්ශනයක් අප මත විවෘත විය; මරණය අත්නොවිඳ ස්වර්ගයට රැගත්, අනාගතවක්තෘ එලියා, අප ඉදිරියේ සිටිමින්; තවද මෙසේ කීවේය:

“බලන්න, ස්වාමින්වහන්සේ පැමිණීමට පෙර මහත්වූ භයංකාරීවූ දවසට පෙර [එලියා] පැමිණිය යුතු බව සාක්ෂි දැරූ—කාලය සම්පූර්ණත්වයට පැමිණ ඇත්තේය, එය මලාකිගේ මුඛයෙන් ප්‍රකාශවී ඇත—

“පියවරුන්ගේ හදවත් දරුවන් වෙතටද, තවද දරුවන්ගේ හදවත් පියවරුන් වෙතටද හැරවීමටය, එනම් සියළුම පොළොව සාපයකින් පහර නොලබන පිණිසය—

“එසේහෙයින්, මෙම සහස්‍රයේ යතුරු නුඹලාගේ හස්තයන් වලට ඔප්පුකරන්නෙමි; තවද මේ මගින් ස්වාමින්වහන්සේගේ මහත්වූ සහ භයංකාරවූ දවස අත ලඟ, එමෙන්ම දොර ලඟ බව නුඹ දැනගන්නා පිණිසය.”2

දැන්, මම එම වාර්තාව බොහෝ වාරයක් කියවා තිබෙනවා. එම වාර්තාව සත්‍ය බව ශුද්ධාත්මයාණන්වහන්සේ මට තහවුරු කර තිබුණා. නමුත් මෙම සම්මන්ත්‍රණය සඳහා අධ්‍යනය කර සූදානම් වන විට, ස්වාමින්වහන්සේගේ අනුගාමිකයන්ව උන්වහන්සේගේ වැඩ කටයුතු වලදී විස්තරාත්මකව මෙහෙයවීමට ස්වාමින්වහන්සේට ඇති බලය වඩාත් පැහැදිලිව මම දුටුවා.

කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී ඊශ්‍රායලය එක්රැස් කිරීමේ යතුරු මෝසෙස් ජෝසෆ්ට භාරදීමට අවුරුදු හතකට පෙර, ‘ඔවුන්ව පලවාහරිනු නොලබන පිණිස, ස්වාමින්වහන්සේගේ ගිවිසුම් දැනගන්නා පිණිස… ඊශ්‍රායෙල් වංශයේ ඉතිරි අයට පෙන්වීම’ එහි අරමුණ බව මොර්මොන්ගේ පොතේ මුල් පිටුවෙන් ජෝසෆ් දැනගත්තා. 1831 දී ස්වාමින්වහන්සේ ජෝසෆ්ට පැවසුවේ ඊශ්‍රායලය එක්රැස් කිරීම කර්ට්ලන්ඩ්හිදී ආරම්භ වන බවයි, ‘තවද එතැන්සිට [කර්ට්ලන්ඩ්], කවරෙකු සමග වුවත් සියළු ජනතාවන් අතරට මම පෙරට යන්නෙමි … ඊශ්රායෙල් ගලවනු ලබන්නෝය තවද මම ඔවුන්ට මගපෙන්වන්නෙමි.”’3

ඊශ්‍රායෙලය එක්රැස් කිරීම සඳහා ධර්මදූත සේවය අවශ්‍ය වුවද, අපගේ මුල් ධර්මදූතයින් කිහිපදෙනෙකු බවට පත්වූ දොළොස්දෙනාට ඉගැන්වීමට ස්වාමින්වහන්සේ සිය නායකයින්ට පෙළඹවිමක් ලබාදුන්නා, “මතක තබාගන්න, ඔබේ බලයෙන් සැරසීම ලැබෙන තුරු ඔබ වෙනත් ජාතීන්ට නොයා යුතුය.”4

අවම වශයෙන් හේතු දෙකක් නිසා ස්වාමින්වහන්සේගේ පියවරෙන් පියවර සැලැස්මට කර්ට්ලන්ඩ් දේවමාළිගාව වැදගත් වූ බව පෙනෙනවා: පළමුව, ඊශ්‍රායලය එක් රැස්කිරීමේ යතුරු නැවත පිහිටුවීම සඳහා දේවමාළිගාව අවසන් වන තුරු මෝසෙස් බලාසිටියා. එමෙන්ම දෙවනුව, සභාපති ජෝසෆ් ෆීල්ඩින් ස්මිත් ඉගැන්වූ ලෙස, “අවසාන වතාවට තම මිදිවත්ත කප්පාදු කරන්නට සූදානම් වීමට ප්‍රේරිතවරුන්ට බලයෙන් සැරසීම සඳහා අධිකාරිත්වයේ යතුරු හෙළි කිරීමට උන්වහන්සේට හැකිවන පරිදි, දේවමාළිගාවක් [කර්ට්ලන්ඩ් දේවමාළිගාව] ගොඩනගන ලෙස ස්වාමින්වහන්සේ සාන්තුවරයන්ට අණ කළා.”5 අද අප දන්නා පරිදි දේවමාළිගා බලයෙන් සැරසීම කර්ට්ලන්ඩ් දේවමාළිගාවෙහි ක්‍රියාත්මක කර නොතිබුණද, අනාවැකි ඉටුකිරීම සඳහා, සූදානම් කිරීමේ දේවමාළිගා වත්පිළිවෙත් එහි හඳුන්වාදීමට පටන්ගත් අතර, ධර්මදූත සේවය තුළින් මගපෙන්වනු ලැබූ මහා විශාල එක්රැස්වීමකට මගපෙන්වූ “ඉහළින් ලැබුණු බලය වන” පොරොන්දුවූ බලයෙන් සැරසීම සමග ධර්මදූතයන්ට කැඳවනු ලැබූ අය අධ්‍යාත්මික ප්‍රකාශනයන් පිටාරගැලීමත් සමග සන්නද්ධ වුණා.6

ඊශ්‍රායලයේ එක්රැස්වීමේ යතුරු ජෝසෆ් වෙත කැපකිරීමෙන් පසුව, දොළොස්දෙනාගේ සාමාජිකයින්ව ධර්මදූතයන් සඳහා පිටත්කර හැරීමට ස්වාමින්වහන්සේ අනාගතවක්තෘවරයාට ආනුභාවයක් ලබාදුන්නා. මම අධ්‍යනය කරන විට, මිනිසුන් විශ්වාස කිරීමට හා ඒවා පවත්වාගැනීමට සූදානම්ව සිටින ස්ථාන වලට දොළොස්දෙනාව ධර්මදූතයන් සඳහා යැවීමට ස්වාමින්වහන්සේ සවිස්තරාත්මකව සූදානම් කර ඇති බව, මට පැහැදිලි වුණා. කාලයාගේ ඇවෑමෙන්, දහස් ගණනක් ඔවුන් හරහා ස්වාමින්වහන්සේගේ නැවත පිහිටවූ සභාවට ගෙන එනු ලැබුවා.

අපගේ වාර්තා වලට අනුව, බ්‍රිතාන්‍ය දූපත් වෙත දොළොස්දෙනාගේ ධර්මදූත දෙක අතරතුරදී 7500 ත් 8000 ත් අතර බව්තීස්ම වූ බව ඇස්තමේන්තු කර තිබෙනවා. මෙය යුරෝපයේ ධර්මදූත සේවය සඳහා අඩිතාලම දැමුවා. 19 වන සියවස අවසන් වන විට 90,000 ක් පමණ ඇමරිකාවට එක්රැස්වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය දූපත් හා ස්කැන්ඩිනේවියාවෙන් පැමිණ තිබෙනවා.7 ස්වාමින්වහන්සේ ජෝසෆ්ට සහ ඔවුන්ගෙන් ඔබ්බට පෙනෙන අස්වැන්නක් ලබාගැනීම සඳහා වැඩට ගිය ඇදහිලිවන්ත ධර්මදූතයින්ට ආනුභාවය දී තිබෙනවා. නමුත් ස්වාමින්වහන්සේ, සිය පරිපූර්ණ දුරදක්නා නුවණින් හා සූදානමෙන් එය කළ හැකි දෙයක් බවට පත්කළා.

දහම සහ ගිවිසුමේ 110 වන කොටසෙන් පෙනෙන සරල හා කාව්‍යමය භාෂාව ඔබට මතකද:

“බලන්න, ස්වාමින්වහන්සේ පැමිණීමට පෙර මහත්වූ භයංකාරීවූ දවසට පෙර [එලියා] පැමිණිය යුතු බව සාක්ෂි දැරූ—කාලය සම්පූර්ණත්වයට පැමිණ ඇත්තේය, එය මලාකිගේ මුඛයෙන් ප්‍රකාශවී ඇත—

“පියවරුන්ගේ හදවත් දරුවන් වෙතටද, තවද දරුවන්ගේ හදවත් පියවරුන් වෙතටද හැරවීමටය, එනම් සියළුම පොළොව සාපයකින් පහර නොලබන පිණිසය—

“එසේහෙයින්, මෙම සහස්‍රයේ යතුරු නුඹලාගේ හස්තයන් වලට ඔප්පුකරන්නෙමි; තවද මේ මගින් ස්වාමින්වහන්සේගේ මහත්වූ සහ භයංකාරවූ දවස අත ලඟ, එමෙන්ම දොර ලඟ බව නුඹ දැනගන්නා පිණිසය.”8

ස්වාමින්වහන්සේ අනාගතය දෙස බොහෝ දුරට දුටු බවත්, අන්තිම දවස්වල උන්වහන්සේගේ අරමුණු ඉටුකරගැනීමට උන්වහන්සේ අපට උපකාර කරන බවටත් මම සාක්ෂි දෙනවා.

මම මීට වසර ගණනාවකට පෙර මුලසුන දරන සභානායකත්වයෙහි සේවය කරමින් සිටියදී, අප විසින් පවුල් සෙවුම ලෙස නම් කරන ලද නිර්මාණ හා සංවර්ධන කණ්ඩායම අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් මට බාරවී තිබුණා. මම එය “අධීක්ෂණය කළා” යැයි පවසනවාට වඩා එහි නිර්මාණය ගැන “බලාගත්තා” යැයි පැවසීමට මම ප්‍රවේශම් වෙනවා. බොහෝ අපූරු මිනිසුන් වෘත්තීන් අතහැර ස්වාමින්වහන්සේට අවශ්‍ය දේ ගොඩනැගීමට පැමිණියා.

පළමු සභාපතිත්වය මගින් වත්පිළිවෙත් වල නැවත නැවත කිරීම අඩු කිරීමේ ඉලක්කයක් තබා තිබුණා. ඔවුන්ගේ ප්‍රධානතම කාරණය වූයේ පුද්ගලයෙකුගේ වත්පිළිවෙත් දැනටමත් ක්‍රියාත්මක වී ඇත්දැයි දැනගැනීමට නොහැකි වීමයි. අවුරුදු ගණනාවක්—හෝ අවුරුදු ගණනක් වගේ පෙනෙන කාලයක්—පළමු සභාපතිත්වය “ඔබ එය ඉවර කරන්නේ කවදාද?” කියා මගෙන් ඇහුවා.

යාච්ඤාව, උනන්දුව සහ විශාල හැකියාවන් ඇති පුද්ගලයන්ගේ පෞද්ගලික පරිත්‍යාගය තුළින් එම කාර්යය ඉටුකරනු ලැබුවා. එය පියවරෙන් පියවර පැමිණියා. පළමු කාර්යය වූයේ පරිඝණක සමග පහසු නොවන අය සඳහා පවුල්සෙවුම පරිශීලක-හිතකාමී කිරීමයි. තවත් වෙනස්කම් සිදුවී ඇති අතර, ඒවා තවදුරටත් පැමිණෙන බව මම දන්නවා, මොකද, අප විසින් දේවානුභාවයෙන් එක් ගැටලුවක් විසඳීමට ඉදිරියට යන සෑම අවස්ථාවකම, අවම වශයෙන් සමානව වැදගත් නමුත් තවමත් දැක නැති දියුණුව සඳහා වැඩිදුර හෙළිදරව් කිරීම සඳහා අපි දොර විවර කරනවා. අද පවා, පවුල් සෙවුම ස්වාමින්වහන්සේගේ නැවත පිහිටුවීමේ කොටසක් සඳහා අවශ්‍ය වන දෙයක් බවට පත්වෙමින් තිබෙනවා—එය වත්පිළිවෙත් නැවත නැවත කිරීමෙන් වැළකීම සඳහා පමණක් නොවේ.

මිනිසුන්ට ඔවුන්ගේ හුරුපුරුදු හැඟීම් ලබාගැනීමට සහ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ආදරය කිරීමට සහ ඔවුන්ගේ දේවමාළිගාවේ වත්පිළිවෙත් සම්පූර්ණ කිරීමට උපකාර කිරීමට වැඩිදියුණු වීමට ස්වාමින්වහන්සේ අපට ඉඩ සලසනවා. දැන්, ස්වාමින්වහන්සේ නිසැකවම දැන සිටි පරිදි, යෞවනයන් ඔවුන්ගේ දෙමාපියන් සහ කොට්ටාශ සාමාජිකයින් සඳහා පරිඝණක උපදේශකයින් බවට පත්වෙමින් සිටිනවා. මෙම සේවයෙන් සියල්ලන්ම ඉමහත් ප්‍රීතියක් ලබාගෙන තිබෙනවා.

එලියාගේ ආත්මය තරුණ සහ මහලු, දරුවන් සහ දෙමාපියන්, මුනුබුරු මිනිබිරියන් සහ ආච්චිලා සීයලාගේ හදවත් වෙනස් කරනවා. දේවමාළිගා විසින් බව්තීස්ම අවස්ථාවන් සහ වෙනත් පූජනීය වත්පිළිවෙත් ඉතා ඉක්මනින් සතුටින් සැලසුම් කරනවා. අපේ මුතුන් මිත්තන්ට සේවය කිරීමට ඇති ආශාව සහ දෙමාපියන් හා දරුවන් අතර ඇති බැඳීම වැඩිවෙමින් පවතිනවා.

ස්වාමින්වහන්සේ ඒ සියල්ල පැමිණෙන බව දුටුවා. උන්වහන්සේගේ සභාවේ වෙනත් වෙනස්කම් සිදුකර ඇති ආකාරයට පියවරෙන්-පියවර උන්වහන්සේ ඒ සඳහා සැලසුම් කළා. උන්වහන්සේ අමාරු දේවල් හොඳින් කරන්නට තෝරාගන්නා ඇදහිලිවන්ත මිනිසුන්ව හදා වඩාගෙන සහ සූදානම් කර තිබෙනවා. “පේළියෙන් පේළියට, නියෝගයෙන් නියෝගයට, මෙහි ටිකක් හා ටිකක්” ඉගෙනගැනීමට උන්වහන්සේ අපට උපකාර කිරීමේදී උන්වහන්සේ නිතරම ඉවසිලිවන්තව කටයුතු කර තිබෙනවා.9 උන්වහන්සේගේ අභිප්‍රායයන්ගේ වේලාව හා අනුපිළිවෙලෙහි උන්වහන්සේ ස්ථීරව සිටිනවා, එහෙත් පරිත්‍යාගය තුළින් බොහෝ විට අප කලින් නොදුටු ආශිර්වාද ගෙනදෙන බව උන්වහන්සේ සහතික කරනවා.

මෙම සම්මන්ත්‍රණයට සූදානම් වීම සඳහා කැපකිරීමක් කිරීමට මට ආරාධනා කිරීමට සභාපති නෙල්සන්ට ආභාෂය දුන් තැනැන්වහන්සේ වන—ස්වාමින්වහන්සේට මාගේ කෘතඥතාව පළකිරීමෙන් මම නවතිනවා. මා සූදානම් වන සෑම පැයකටම හා සෑම යාච්ඤාවකටම ආශිර්වාදයක් ලැබුණා.

ස්වාමින්වහන්සේ සිය ශුභාරංචිය සහ සභාව නැවත පිහිටුවීමට නායකත්වය දෙන බවට විශ්වාසයක් ඇති කරගන්නා ලෙස මෙම පණිවිඩය අසන හෝ මෙම වචන කියවන සැමට මම ආරාධනා කරනවා. උන්වහන්සේ අප ඉදිරියෙන් යන සේක. උන්වහන්සේ අනාගතය හොඳින් දන්නා සේක. උන්වහන්සේ ඔබට මෙම කාර්යයට ආරාධනා කරන සේක. උන්වහන්සේ එයට ඔබ හා එක්වන සේක. උන්වහන්සේ ඔබේ සේවය සඳහා සැලැස්මක් සකස්කර ඇති සේක. ඔබ පරිත්‍යාග කරන විටත්, උන්වහන්සේගේ පැමිණීමට සූදානම්ව සිටීමට අන් අයට උපකාර කරන විට ඔබට ප්‍රීතියක් දැනෙයි.

පියාණන් වන දෙවියන්වහන්සේ ජීවත් වන බව මම ඔබට සාක්ෂි දරනවා. යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයි. මෙය උන්වහන්සේගේ සභාවයි. උන්වහන්සේ ඔබව දනී සහ ප්‍රේම කරයි. උන්වහන්සේ ඔබට මගපෙන්වයි. උන්වහන්සේ ඔබට මාර්ගය සූදානම් කර තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.