ප්‍රධාන සම්මන්ත්‍රණය
සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 2019
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 2019

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභා‍වේ පළමු සභාපතිත්වය වෙත

දයාබර සහෝදරයිනි: එළිදරව් වල මග‍‍පෙන්වී‍මෙන්, දහම සහ ගිවිසුමේ 120 වන කොටසේ සඳහන් වන පරිදි, දස‍යෙන් ‍‍කොටස ‍‍‍බෙදාහැරි‍මේ මන්ත්‍රණ සභාව—පළමු සභාපතිත්වය, වැඩිහිටි ‍දො‍‍ළොස්දෙනා‍ගේ ගණපූර්ණය, සහ මුලසුන දරන සභානායකවරයාගෙන් සමන්විත වන අතර—ඔවුන්ට සභා අරමුදල් වියදම් අනුමත කිරිමට බලය ඇත. සභා ආයතන විසින් අරමුදල් වැය කරනු ලබන්නේ අනුමත අයවැය, ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි වලට අනුකූලවය.

සභා විගණනය, විශ්වාසනීය වෘත්තිකයින්ගෙන් සමන්විත වනවා මෙන්ම අනෙකුත් සියලුම සභා‍වේ දෙපාර්තමේන්තු වලින් ස්වාධීනව කටයුතු කරන අතර, ලැබුණු දායක මුදල්, සිදුකළ වියදම් හා සභාවේ වත්කම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක් ලබාදීම සඳහා විගණනය කිරීමට වගකීම දරයි.

කරන ලද විගණන මත පදනම්ව, සියලුම වැදගත් තොරතුරු වලට අනුව, 2019 වර්ෂය සඳහා ලැබුණු දායක මුදල්, සිදු කළ වියදම් සහ සභාවේ වත්කම්; සභාවේ අයවැයට, ප්‍රතිපත්ති වලට සහ ගිණුම්කරණ භාවිතයන්ට අනුකූලව, වාර්තා කර හා පරිපාලනය කර ඇති බව සභාවේ විගණනයේ අදහසයි. අයවැයක් තුළ ජීවත්වීම, ණය වලින් වැළකී සිටීම, සහ අවශ්‍යතා ඇති කාල පරිචේඡ්ද සඳහා ඉතිරි කිරීම යන සභාවේ සාමාජිකයන්ට උගන්වනු ලබන පිළිවෙත් සභාව විසින් ද අනුගමනය කරනු ලබයි.

ගෞරවනීය ලෙස ඉදිරිපත් කරන ලදි,

සභා විගණන දෙපාර්තමේන්තුව

‍කෙවින් ආර්. ජර්ගෙන්සන්

කළමනාකාර අධ්‍යක්ෂක