ප්‍රධාන සම්මන්ත්‍රණය
හෝසන්නා ඝෝෂාව
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


හෝසන්නා ඝෝෂාව

දැන්, මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපි ජෝසෆ් ස්මිත් පියාණන්වහන්සේව සහ පුත්‍රයාණන්වහන්සේව දැකීමේ පළමු දර්ශනය සමරන විට, හෝසන්නා ඝෝෂාවකට එකට සහභාගී වීමෙන් ප්‍රීතිවීම සුදුසු යැයි අපට හැඟුණා.

1836 මාර්තු 27 වන දින කර්ට්ලන්ඩ් දේවමාළිගාව කැපකිරීමේදී මෙම පූජනීය ඝෝෂාව මෙම කාලපරිච්ඡේදයේ ප්‍රථම වරට ලබාදී තිබෙනවා. එය දැන් එක් එක් දේවමාළිගා කැපකිරීමේදී ලබාදෙනු ලබනවා. ගැලවුම්කරුවාණන් යෙරුසලමට ජයග්‍රාහී ලෙස ඇතුළුවූ විට සමූහයා දැක්වූ ප්‍රතිචාරය සංකේතවත් කරමින් එය පියාණන්වහන්සේට සහ පුත්‍රයාණන්වහන්සේට කරන ලද පරිශුද්ධ උපහාරයක්. එනම්, අප නමස්කාර කරන හා ප්‍රශංසා කරන, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ මහිමයට පත්වූ දෙදෙනෙකු බව—එදින ශුද්ධවූ වනයේදී තරුණ ජෝසෆ්ගේ අත්දැකීමද එමගින් සනාථ කරනවා.

හෝසන්නා ඝෝෂාව ලබාදෙන ආකාරය මම දැන් නිරූපණය කරන්නම්. මා කරන විට, මෙම පූජනීය සැමරුමට අභිමානයෙන් හා ගෞරවයෙන් සලකන ලෙස මා මාධ්‍යයේ සිටින අපගේ සගයන්ට ආරාධනා කරනවා.

සහභාගී වන සෑම කෙනෙකුම පිරිසිඳු සුදු අත් ලේන්සුවක් ගෙන, එය කොනකින් අලාගෙන එකට එක්ව මෙසේ කියන අතරතුර එය වනන්න, “හෝසන්නා, හෝසන්නා, හෝසන්නා දෙවියන්වහන්සේට සහ බැටළු පැටවාණන්ට,” මෙය තුන් වතාවක් කීමෙන් පසු “ආමෙන්, ආමෙන්, සහ ආමෙන්,” කියන්න. ඔබට අත් ලේන්සුවක් නොමැති නම්, ඔබට සරලව ඔබේ අත වැනිය හැකියි.

සහෝදර සහෝදරියනි, හෝසන්නා ඝෝෂාවට නැගිට සිට සහභාගී වන ලෙස මම ඔබට දැන් ආරාධනා කරනවා, ඉන්පසු “හෝසන්නා තේමා ගීතය” සහ “The Spirit of God”1 ගීතිකාව ගායනා කරනු ලබනවා.

සංගීතය මෙහෙයවන්නාගේ සංඥාව මත කරුණාකර “The Spirit of God” ගායනා කිරීමට එක්වන්න.

හෝසන්නා, හෝසන්නා, හෝසන්නා දෙවියන්වහන්සේට සහ බැටළු පැටවාණන්ට.

හෝසන්නා, හෝසන්නා, හෝසන්නා දෙවියන්වහන්සේට සහ බැටළු පැටවාණන්ට.

හෝසන්නා, හෝසන්නා, හෝසන්නා දෙවියන්වහන්සේට සහ බැටළු පැටවාණන්ට.

ආමෙන්, ආමෙන්, සහ ආමෙන්.

සටහන්

  1. Hymns, no. 2.