ප්‍රධාන සම්මන්ත්‍රණය
පූජකත්වය යෞවනයන්ට ආශිර්වාද කරන ආකාරය
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


පූජකත්වය යෞවනයන්ට ආශිර්වාද කරන ආකාරය

දේවදූතයන් මෙන් දේවසේවය කිරීමටත්, පොළොවේ සෑම මහද්වීපයකම ශුභාරංචිය දේශනා කිරීමටත්, ප්‍රාණයන්ට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කිරීමටත් අපට අවස්ථාව ලබාදී තිබෙනවා.

සහෝදර සහෝදරියනි, මෙම ඓතිහාසික සන්ධ්‍යාවේදී පූජකත්වයේ පරිශුද්ධ ත්‍යාගය සහ මෙම කාලපරිච්ඡේදයේදී තරුණයින්ට ආශිර්වාද කිරීමට එහි ඇති පුදුමාකාර බලය පිළිබඳව ඔබ සමග කථා කිරීමට ලැබීම ගැන මම සැබවින්ම කෘතඥ වෙනවා. මාගේ අඩුපාඩුකම් නොතකා සත්‍යය ඉගැන්වීමට ආත්මයාණන්වහන්සේ මට උපකාර කරනු ඇතැයි මම යාච්ඤා කරනවා.

පළමු සභාපතිත්වය ආරෝනික පූජකත්වය දරන්නන්ට මතක්කරදී ඇත්තේ මෙසේයි “ඔබ ජීවත්වන්නේ විශාල අවස්ථාවන් හා අභියෝගයන්ගෙන් යුත් දවසකයි, පූජකත්වය නැවත පිහිටවූ දිනයකයි. ආරෝනික පූජකත්වයේ වත්පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට ඔබට බලය තිබෙනවා. ඔබ එම අධිකාරිය යාච්ඤාපූර්වකව හා සුදුසු ලෙස ක්‍රියාත්මක කරන විට, ඔබ අවට සිටින අයගේ ජීවිත වලට ඔබ බොහෝ සෙයින් ආශිර්වාද කරනු ඇත.”1 සභාවේ තරුණයන් වශයෙන්, අප “දෙවියන්වහන්සේගේ ආදරණීය [පුතුන්] බවත්, [අපට] කිරීමට වැඩක් ඇති බවත්”2 එමෙන්ම “මිනිසාගේ ජීවිතය සඳහා අමරණීයභාවය හා සදාකාලිකත්වය ගෙන ඒම සඳහා සඳහා උන්වහන්සේගේ කාර්යයට අපි සහාය වන බවත් අපට මතක්කර දෙනු ලැබෙනවා” (මෝසෙස් 1:39).

ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචියේ වත්පිළිවෙත් සහ ගිවිසුම් ඒවා ලැබීමට සුදුසු අයට ක්‍රියාත්මක කිරීමේ බලය පූජකත්වයයි. මෙම පූජකත්ව වත්පිළිවෙත් සහ හා පූජනීය ගිවිසුම් තුලින්, අපගේ දිව්‍යමය ඉරණම සාක්ෂාත් කරගැනීමට උපකාරී වන, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමෙහි පූර්ණ ආශිර්වාද ලැබෙනවා.

ජෝසෆ් ස්මිත් යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම සඳහා දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබූ තරුණයෙකි, ඒ සඳහා ඔහුට පූජකත්වය ලබාදුන් අතර සියලුම මනුෂ්‍ය වර්ගයා ආශිර්වාද කිරීමට ඔහු එය භාවිතා කළා. දහම සහ ගිවිසුමේ 135 හි, මෙම කාලපරිච්ඡේදයේ ජෝසෆ් විසින් යෞවනයන්ට ලබාදී ඇති බොහෝ ආශිර්වාද ජෝන් ටේලර් ආලෝකයට ගෙන එනවා. අපි මෙසේ කියවමු: “ජෝසෆ් ස්මිත්… මෙලොව මිනිසුන්ගේ ගැලවීම උදෙසා, යේසුස්වහන්සේ කළ දේ හැරුණු විට, මෙහි ජීවත්වූ කිසිඳු මනුෂ්‍යයෙකුටත් වඩා තවත් බොහෝ දේ කර ඇත. … ඔහු මෝර්මොන්ගේ පොත පෙරට පැමිණවීය… ; සදාකාලික ශුභාරංචියේ සම්පූර්ණත්වය, පොළොවේ කොනවල් සතර වෙතට යවන ලද්දේය; මෙම දහම සහ ගිවිසුම් පොතේ සමන්විතවූ එළිදරව් සහ ආඥාවන්ද වෙනත් බොහෝ ප්‍රඥාවන්ත ලේඛන සහ උපදෙස් මනුෂ්‍යයන්ගේ දරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා පෙරට ගෙනෙන ලද්දේය; බොහෝ පසු-දවස්වල ශුද්ධවන්තයන් දහස් ගණනක් රැස්කරමින්, තවද මරාදැමිය නොහැකි කීර්තියක් සහ නාමයක් තබායන ලද්දේය (දහම සහ ගිවිසුම 135:3).

ජෝසෆ් කළාක් මෙන් ඵලදායී ලෙස සේවය කිරීමට නම්, ස්වාමින්වහන්සේගේ පූජකත්ව බලය භාවිතා කිරීමට අප සුදුසුකම් ලැබිය යුතුයි. මෝර්මොන්ගේ පොත පරිවර්තනය කරන අතරතුර, ජෝසෆ් සහ ඔලිවර් කවුඩ්රි බව්තීස්ම වීමට කැමති වූ නමුත්, ඔවුන්ට නිසි බලයක් තිබුණේ නෑ. 1829 මැයි 15 වන දින ඔවුන් යාච්ඤාවෙන් දණ ගසා සිටින විට යොහාන් බව්තීස්ත පැමිණ, ඔවුන්ට ආරොනික පූජකත්ව යතුරු සහ අධිකාරය ලබාදෙමින්, මෙසේ කිව්වා, “මෙසියස්වහන්සේගේ නාමයෙන්, මාගේ සෙසු සේවකයන් වන ඔබ මත මම ආරොන්ගේ පූජකත්වය පිරිනමමි, එහි දේවදූතයන්ට මගින් දේවසේවය, පසුතැවිල්ල පිළිබඳ ශුභාරංචිය සහ පව් සමාව සඳහා ගිලී බව්තීස්ම වීම සඳහා යතුරු ඇතුළත්ය” (දහම සහ ගිවිසුම 13).

දේවදූතයන් මෙන් දේවසේවය කිරීමටත්, පොළොවේ සෑම මහද්වීපයකම ශුභාරංචිය දේශනා කිරීමටත්, ප්‍රාණයන්ට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කිරීමටත් අපට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙම සේවාව අපව යොහාන් බව්තීස්ත, මොරෝනි, ජෝසෆ් ස්මිත්, සභාපති රසල් එම්. නෙල්සන් සහ ස්වාමින්වහන්සේගේ අනෙකුත් කඩිසර සේවකයින් සමග ඒකාබද්ධ ශ්‍රමයට යොමුකරනවා.

උන්වහන්සේගේ පූජකත්වය තුළ සහ, සමග අප කරන සේවය, ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් නිරවද්‍යතාවයෙන් යුතුව අනුගමනය කිරීමට හා ජීවත්වීමට කැපවී සිටින අයව එක් කරනවා, යෞවනයේ අභියෝගයන්ට අප මුහුණදෙන විට එය දුෂ්කර බව මම පෞද්ගලිකව දන්නවා. නමුත් උන්වහන්සේගේ කාර්යය ඉටුකිරීමට ස්වාමින්වහන්සේගේ මෙම සෙසු සේවකයන් සමග එක්වීම, සතුරාගේ පරීක්ෂාවන්ට හා රැවටීම් වලට එරෙහිව අපව ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. තමන් ගැන සැකයක් ඇති සියල්ලන්ට ඔබට ආලෝකයේ ආලෝකයක් විය හැකියි. ඔබ තුල ඇති ආලෝකය ඉතා දීප්තිමත් වන අතර ඔබ සමග කටයුතු කරන සෑමකෙනෙකුම ඔබ හා සමග සිටීම තුල ආශිර්වාද ලබයි. අපගේ අධ්‍යාත්මික සගයන් සිටින බව පිලිගැනීම ඇතැම් විට දුෂ්කර වියහැකි නමුත්, මම ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමට වැඩ කළ හැකි, විශ්වාසවන්ත පූජක ගණපූර්ණයක සාමාජිකයෙකු බව දැනගැනීම ගැන මම කෘතඥ වෙනවා.

අපගේ මිතුරන් හා පවුලේ අය සමග, ශුද්ධාත්මයාණන්වහන්සේත් අපගේ පක්ෂපාතී සහ විශ්වාසවන්ත සගයෙක්. නමුත් උන්වහන්සේගේ නිරන්තර මිත්‍රත්වයට ආරාධනා කිරීම සඳහා, උන්වහන්සේ පැමිණීමට කැමති අවස්ථාවන්හි සහ ස්ථාන වල අප ස්ථානගත විය යුතුයි. පවුලක් ලෙස දෛනික ශුද්ධලියවිලි අධ්‍යයන හා යාච්ඤා වලට සහභාගී වීමෙන් ඒවා වඩාත් ශුද්ධ ස්ථාන බවට පත්කිරීමට අප කටයුතු කරන අතරම, වඩාත් වැදගත් ලෙස, අපි පෞද්ගලිකව ශුද්ධලියවිලි අධ්‍යයනය කර තනිවම යාච්ඤා කරන විට මෙය අපේම නිවෙස් වලින් ආරම්භ විය හැකියි.

රූපය
එන්සෝ සහ ඔහුගේ සොයුරිය
රූපය
එන්සෝ සහ ඔහුගේ පවුල

මෙම වසර මුලදී, බව්තීස්ම වීමට ආරාධනය පිලිගැනීමෙන් සහ සෙලෙස්ටියල් රාජ්‍යයට ඇතුළුවීම සඳහා නියම කර ඇති එක් අවශ්‍යතාවක් සපුරාලමින් මගේ කුඩා සොහොයුරිය වන ඕසේන්ට ගිවිසුම් මාවතේ ඉදිරියට යාමට උපකාර කිරීමට මට සිත්ගන්නාසුළු නමුත් නිහතමානී අවස්ථාවක් ලැබුණා. මට එම වත්පිළිවෙත පනත ඉටුකිරීමේ වරප්‍රසාදය ලබාදීමට, මම පූජකවරයකු ලෙස පත්වන තුරු, ඇය බව්තීස්මය මාසයක් කල්දැමුවා, අපේ අනෙක් සහෝදරියන්ටත් පූජකත්වය යටතේ වැඩකරමින් සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටීමට වරප්‍රසාද ලැබුණා. අපි තටාකයේ විරුද්ධ පැති වල සිටගෙන ජලයට ඇතුළු වීමට සූදානම් වන විට, මගේම මෙන් වූ, ඇයගේ උද්දීපනය මා දුටුවා. ඇය නිවැරදි තීරණයක් ගන්නා බව දුටු මට, ඇය සමග එක්සත් බවක් දැනුනා. පූජකත්වය ක්‍රියාත්මක කිරීමට මට ලැබුණු මෙම අවස්ථාව නිසා මගේ ශුභාරංචි ජීවිතය තුළ වඩාත් පරිස්සම් සහ සාමාන්‍ය බව අඩුවීම තිබිය යුතු වුණා. සූදානම් වීම සඳහා, මගේ අම්මා, ආච්චි සහ සහෝදරියගේ සහය ඇතිව, මළවුන් වෙනුවෙන් බව්තීස්ම වීමට, මම ඒ සතියේ සෑමදිනකම දේවමාළිගාවට ගියා.

මෙම අත්දැකීම මට පූජකත්වය ගැනත් එය නිසි ලෙස ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැනත් බොහෝදේ කියා දුන්නා. “ගොස් කරන්න” යන නෙපිගේ ආදර්ශය අනුගමනය කළහොත් සියලු පූජකත්වය දරන්නන්ට මට දැනුණු දේම දැනෙන බව මම දන්නවා (බලන්න 1 නෙපි 3:7). අපට උදාසීනව වාඩිවී ස්වාමින්වහන්සේ අපව උතුම් කාර්යයට යොදාගනී යැයි අපේක්ෂා කළ නොහැකියි. අපගේ ආධාර අවශ්‍ය අය අපව සොයා එන තෙක් අපි බලා නොසිටිය යුතුයි; පූජකත්වය දරන්නන් වශයෙන් අපගේ යුතුකම වන්නේ ආදර්ශවත්වීම හා දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස පෙනීසිටීමයි. අපගේ සදාකාලික දියුණුවෙන් අපව වලක්වන තීරණ ගන්නේ නම්, අප දැන් වෙනස් විය යුතුයි. සරල සැප සම්පත් සෙවීමේ ලෞකික තත්වයක අපව තබාගැනීමට සාතන් උපරිම උත්සාහයක් ගනු ඇත. නමුත් අප උත්සාහය දරන්නේ නම්, අපට සහයෝගය දක්වන අය සොයාගෙන සෑම දිනකම පසුතැවිලි වුවහොත්, ලැබෙන ආශිර්වාද ඇදහිය නොහැකි වන අතර අපගේ ජීවිත අපි ගිවිසුම් මාවතේ ඉදිරියට යන විට සදහටම වෙනස්වන බව මම දන්නවා.

පූජකත්වයේ යතුරු උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ට පවරා ඇති මෙය, අපට මගපෙන්වීම සඳහා, විශේෂයෙන් මෙම අභියෝගාත්මක දින වලදී, උන්වහන්සේගේ නැවත පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට භාවිතා කරන, අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ සභාව බව මම දන්නවා.

ජෝසෆ් ස්මිත් නැවත පිහිටුවීමේ අනාගතවක්තෘවරයා බවත් සභාපති නෙල්සන් අද අපේ ජීවමාන අනාගතවක්තෘවරයා බවත් මම දන්නවා. මෙම ශ්‍රේෂ්ඨ පූජකත්වය දරන්නන්ගේ ජීවිත අධ්‍යයනය කර එමෙන්ම දිනපතාම අපව දියුණු කරගැනීමට උත්සාහ කරන ලෙස මම අප සැමට ආරාධනා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. The First Presidency, in Fulfilling My Duty to God (booklet, 2010), 5.

  2. Aaronic Priesthood quorum theme, in General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 10.1.2, ChurchofJesusChrist.org.