ප්‍රධාන සම්මන්ත්‍රණය
හැරීම තුළ මෝර්මොන්ගේ පොතෙහි ඇති බලය
2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


හැරීම තුළ මෝර්මොන්ගේ පොතෙහි ඇති බලය

මෝර්මොන්ගේ පොත අපට ආත්මික පෝශණයක් ලබාදෙනවා, ක්‍රියාකිරීමට සැලැස්මක් නියම කරනවා, සහ ශුධාත්මයාණන්වහන්සේ සමග අපව සම්බන්ධ කරනවා.

මෑත කාලීන ශාරීරික පරීක්ෂණ වාර්තාවක් සමාලෝචනය කිරීමෙන් පසුව, ජීවන රටාවේ යම් යම් වෙනස්කම් කිරීමට මට අවශ්‍ය බව මම දැනගත්තා. මට උපකාර කිරීම සඳහා, මාගේ වෛද්‍යවරයා විසින් මම අනුගමනය කිරීමට තෝරාගතහොත්, නීරෝගී පුද්ගලයෙකු බවටමා වෙනස්කළ හැකි, පෝෂණ හා ව්‍යායාම සැලැස්මක් නියම කළා.

අපි සෑමකෙනෙකුම ආත්මික පරීක්ශණයක් සිදුකළහොත්, අපිට අපි ගැන කුමක් ඉගෙනගැනීමට හැකිවෙයිද? අපගේ අධ්‍යාත්මික වෛද්‍යවරයා විසින් කුමන වෙනස්කමක් නියම කරයිද? අප අපිට අවශ්‍ය පුද්ගලයා වීමට නම්, කිරීමට අවශ්‍ය දේ දැනගැනීම සහ දන්නා දේ කිරීම අත්‍යවශ්‍යයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රධාන වෛද්‍යවරයායි. 1 උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, උන්වහන්සේ අපගේ තුවාල බඳින සේක, උන්වහන්සේ අපගේ දුර්වලකම් තමන්වහන්සේ මතට ගන්නා සේක, සහ උන්වහන්සේ අපගේ බිඳුණු සිත් සුවකරන සේක.2 උන්වහන්සේගේ මහිමය තුළින්, අපගේ දුර්වල දේවල් ශක්තිමත් වන්නේය.3 උන්වහන්සේ ගැන ඉගෙනගැනීමෙන්, උන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දීමෙන්, සහ උන්වහන්සේගේ ආත්මය තුළ නිහතමානීව ගමන් කිරීමෙන්5 උන්වහන්සේව අනුගමනය කරන මෙන් උන්වහන්සේ අපට ආරධනා කරනවා.4 අපව පරිවර්තනය කරන සහ අපව වෙනස්කර සදාකාලික සතුට ගෙන ඒමේ,7 මෙම ජීවිත කාලය පුරාම ඇති හැරීමේ ක්‍රියාවලියේදී, උන්වහන්සේ අපට උපකාර කරන බව පොරොන්දු වී තිබෙනවා.6

හැරීමේදී බලවත් මෙවලමක් ලෙස අධාර කිරීමට ගැළවුම්කරුවාණන් අපට මොර්මොන්ගේ පොත ලබාදී තිබෙනවා. මෝර්මොන්ගේ පොත අපට ආත්මික පෝශණයක් ලබාදෙනවා, ක්‍රියාකිරීමට සැලැස්මක් නියම කරනවා, සහ ශුධාත්මයාණන්වහන්සේ සමග අපව සම්බන්ධ කරනවා. අප වෙත ලියා ඇති පරිදි,8 එහි, සරල ලෙස දෙවියන්වහන්සේගේ වචනය අඩංගු වන අතර9 අපට අපගේ අනන්‍යතාව, අරමුණ, සහ ඉරණම ගැන කියනවා.10 බයිබලය සමග, මෝර්මොන් පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ශි දරන අතර11 සත්‍ය දැනගෙන උන්වහන්සේ මෙන් වන්නේ කෙසේද කියා උගන්වනවා.

රූපය
සහෝදර සෝ පෝලෝ

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියට හඳුන්වාදෙන විට සහෝදර සෝ පෝලෝ හට වයස අවුරුදු 58කි. මට ඔහුව මුණගැසෙන විට ඔහු අවුරුදු කිහිපයක්ම ශාඛා සභාපතිවරයෙකු ලෙස සේවය කර තිබූ නමුත්, මෝර්මොන්ගේ පොත ඔහුට උරුම බුරුම භාශාවෙන් නොතිබීම හේතුවන් එය කිසිදිනෙක ඔහු කියවා නැති බව මම දැනගත්තා. මෝර්මොන්ගේ පොත නොකියවා එය සත්‍ය බව දැනගත්තේ කෙසේද කියා මම ඇසූ විට, Book of Mormon Stories යන පින්තූර පොත සෑම දිනකම එහි රූප සටහන් දෙස බලමින්, ඉංග්‍රීසි වචන පරිවර්තනය කිරීමට ශබ්කෝදශයක් භාවිතා කරමින්, සහ ඔහු ඉගෙනගත් දේ පිළිබඳව සැලකිලිමත් සටහන් ගනිමින් අධ්‍යනය කළ බව ඔහු පිළිතුරු දුන්නා. ඔහු තවදුරටත් මෙසේ පැහැදිලි කළා, “මම අධ්‍යනය කළ සෑම මොහොතකම, මම ඉගෙනගත් දේ ගැන මම යාච්ඤා කළා, ඒ වගේම මට සාමය සහ සතුට දැනුනා, මගෙ මනස පැහැදිලි වුනා, සහ මගෙ හදවත මෘදු වුනා. මට දැනුණා ශුද්ධාත්මයාණන්වහන්සේ එය සත්‍ය බවට මට සාක්ශි දරනවා. මෝර්මොන්ගේ පොත දෙවියන්වහන්සේගේ වචනය බව මම දන්නවා.”

සහෝදර සෝ පෝලෝ මෙන්, අපගේ වාතාවරණය අනුව අප සෑම කෙනෙකුටම මෝර්මොන්ගේ පොත අධ්‍යනය කිරීමට පුළුවන්. එහි ඉගැන්වීම් අපගේ හදවත් තුළ විශ්වාස කිරීමට සහ මෙනෙහි කිරීමට කැමැත්තක් ඇති විට, එම ඉගැන්වීම් සත්‍ය දැයි අපට ඇදහිල්ලෙන් යුතුව දෙවියන්වහන්සේගෙන් ඇසිය හැකියි.12 දැනගැනීමට සහ සැබෑ ඕනෑකමකින් ක්‍රියාකිරීමට අපට ඇත්තේ අවංක කැමැත්තක් නම්, උන්වහන්සේ ශුද්ධාත්මයාණන් මගින් අපගේ හදවත් වලට පිළිතුරු ලබාදෙනවා. තවද ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය මගින්, අපට සත්‍ය සම්බන්ධ සියලු දේවල් දැනගත හැකියි.13 අප මෝර්මොන්ගේ පොත පිළිබඳව දිව්‍යමය සාක්ශියක් ලබාගත් විට, එම බලය තුළින්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැළවුම්කාරයාණන් බවත්, ජෝසෆ් ස්මිත් උන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු බවත්, එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව උන්වහන්සේගේ නැවත පිහිටුවනු ලැබූ සභාව බවත් අපට දැනගත හැකියි.14

තරුණයෙකු ලෙස මාගේ ධර්මදූත මෙහෙය ආරම්භයේදී, මම ඕස්ට්‍රේලියාව වෙත යන ගුවන් යානයකට ගොඩවුනා. බොහෝ තනිකමක්, කනස්සල්ලක්, සහ ප්‍රමාණවත් නොවන බවක් හැඟුන නමුත් සේවය කිරීමට කැපවී සිටි නිසා, මම විශ්වාස කළ දේ සත්‍ය බව සහතික කරගැනීමට මට දැඩි ලෙස අවශ්‍ය වුනා. මම අවංකවම යාච්ඤා කර මාගේ ශුද්ධලියවිලි කියවන්නට වුනා, නමුත් ගුවන් ගමන ඉදිරියට යත්ම මගේ ස්වයං සැකය උත්සන්න වූ අතර මගේ ශාරීරික තත්වය පිරිහී ගියා. පැය කිහිපයක්ම අරගල කිරීමෙන් පසුව, ගුවන් සේවකයෙක් ආසන අතර ප්‍රවේශයෙන් ඇවිද යමින් මාගේ ආසනය අසළ නතර වුනා. මම කියවමින් සිටි මෝර්මොන්ගේ පොත ඔහු මගේ අතින් ගත්තා. ඔහු කවරය දෙස බලා, “එය විශිශ්ඨ පොතක්!” කියා පොත නැවත මට භාරදී නැවතත් ඇවිදගෙන ගියා. මට නැවතත් ඔහුව දැකගත හැකි වූයේ නැහැ.

ඔහුගේ වචන මාගේ කන්වල දෝංකාර දෙන විට, පැහැදිලිවම මගේ හදවතට මෙසේ ඇසුනා සහ දැනුණා, “මම මෙහි සිටිනවා, ඒ වගේම මම දන්නවා ඔබ කොහේද කියා. ඔබේ උපරිමය කරන්න, මන්ද මම ඉතිරි දේ බලාගන්නෙමි.” පැසිපික් සාගරයට ඉහළ එම ගුවන් යානයේදී, මෝර්මොන්ගේ පොත පිළිබඳව මගේ අධ්‍යනය තුළින් සහ ආත්මයාණන්ගේ පෙළඹවීම තුළින් මම කවරෙක්ද යන්න මාගේ ගැළවුම්කාරයාණන් දැන සිටි බවට සහ ශුභාරංචිය සත්‍ය බවට මට පෞද්ගලික සාක්ෂියක් ලැබුණා.

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වූවා: “ශුභාරංචිය සත්‍ය බව දැනගැනීම සාක්ෂියක ඇති හරයයි. දිගින් දිගටම ශුභාරංචියට අවංකවීම හැරීමේ හරයයි.”15 හැරීමට නම් අපට “ඇහුම්කන් දෙන්නන් පමණක් නොවේ, වචනය ක්‍රියාවට නංවන්නන්” වීමටද අවශ්‍ය වෙනවා.16 අප වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ ක්‍රියාකාරී සැලැස්ම වන—ක්‍රිස්තුස්වහන්සේගේ දහම—ඉතා පැහැදිලි ලෙස මෝර්මොන්ගේ පොතෙහි උගන්වා තිබෙනවා.17 එහි ඇතුළත් වන්නේ:

  • පළමුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරමින්, උන්වහන්සේගේ ආඥා රකිමින්, සහ උන්වහන්සේ අපට උපකාර කරන බව දැනගැනීම තුළින් උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමයි.18

  • දෙවනුව, අපගේ අඩුලුහුඬුකම් වලට දිනපතා පසුතැවිලිවී උන්වහන්සේ අපට සමාව දෙන විට සතුට සහ සාමය අත්විඳීමයි.19 පසුතැවිලිවීම සඳහා අප අන් අයට සමාව දීමට අවශ්‍ය වන අතර20 එය අපට ඉදිරියට යාමට උපකාර වෙනවා. අපි හැකි තරම් පසුතැවිලි වන විට අපට සමාව දීමට ගැළවුම්කරුවාණන් පොරොන්දු වී තිබෙනවා.21

  • තුන්වෙනුව, බෞතිස්මය වැනි වත්පිළිවෙත් තුළින් දෙවියන්වහන්සේ සමග ගිවිසුම් ඇතිකරගැනීම සහ තබාගැනීමයි. මෙය අපව උන්වහන්සේ වෙතට යන ගිවිසුම් මාර්ගයේ තබනවා.22

  • සතරවෙනුව, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලබාගැනීමයි. මෙම දීමනාව අපව පවිත්‍ර කරන, සනසවන, සහ මගපෙන්වන කෙනෙකුගේ නිරන්තර මිත්‍රත්වයට ඉඩ ලබාදෙනවා.23

  • පස්වෙනුව, දිනපතාම ක්‍රිස්තුස්වහන්සේගේ වචනය භුක්තිවිඳින අතරතුර ස්ථීරත්වයෙන් ඉදිරියටම යමින් අවසානය දක්වා විඳදරාගැනීමයි.24 මෝර්මොන්ගේ පොතෙන් භුක්තිවිඳීමෙන් සහ එහි ඉගැන්වීම් තදින් අල්ලාගෙන සිටීමෙන්, පරීක්ෂාවන් ජයගෙන අපගේ ජීවිත කාලය පුරාම මගපෙන්වීම සහ ආරක්ෂාව ලබාගත හැකියි.25

ක්‍රිස්තුස්වහන්සේගේ දහම දිගින් දිගටම අපගේ ජීවිත වලට අදාළ කරගැනීමෙන්, වෙනස් වීමට බාධා කරන උවමනා නැතිකම සහ ක්‍රියාවෙන් වලක්වනු ඇතැයි යන බිය අපට ජයගත හැකියි. අපට පෞද්ගලික එළිදරව් ලැබෙනු ඇත, මක්නිසාද ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කළයුතු සියලු දේ නුඹලාට පෙන්වන සේක,” 26 එමෙන්ම “ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා කළයුතු සියල්ල නුඹලාට කියනු ලබන්නේය.”27

අවුරුදු 20ක් පුරාවටම, සහෝදර හුවං ජන්කොං මත්පැන්, දුම්වැටි සහ අත්හළ නොහැකි සූදුව සමග අරගළ කළා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ නැවත පිහිටුවනු ලැබූ ශුභාරංචියට හඳුන්වාදුන් විට, ඔහුගේ තරුණ පවුල වෙනුවෙන් වෙනස්වීමට සහෝදර හුවං කැමති වුනා. ඔහුගේ ලොකුම අභියෝගය වුනේ දුම් පානයයි. අධික ලෙස දුම් පානය කරන්නෙකු වූ ඔහු, බොහෝ වාරයක් එයින් ඉවත් වීමට කළ උත්සහයන් අසාර්ථක වී තිබුණා. එක් දිනක් මෝර්මොන්ගේ පොතේ මෙම වචන ඔහුගේ මනසට කා වැදුණා: “අවංක හදවතකින්, සැබෑ අරමුණකින්.”28 පෙර උත්සහයන් අසාර්ථක වුවත්, සමහරවිට ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපකාරයද සමග වෙනස්විය හැකි බව ඔහුට දැණුනා.

පූර්ණකාලීන ධර්මදූතයන්, ඔවුන්ගේ ඇදහිල්ල ඔහුගේ ඇදහිල්ල සමග එක්කර යාච්ඤාවේ සහ දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යනය කිරීමේ අධි මාත්‍රාවන්ද සමග ප්‍රායෝගික මැදිහත්වීම් වල ක්‍රියාකාරී සැලැස්මක් සැපයුවා. අවංකව සහ සැබෑ අරමුණකින් යුතුව, සහෝදර හුවං විශ්වාසවන්ත අධිෂ්ඨානයකින් ක්‍රියාකරීමෙන්, ඔහු වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන මෝර්මොන්ගේ පොත අධ්‍යනය කිරීම වැනි නව පුරුදු කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ විට, නැතිකර ගැනීමට කැමති පුරුදු කෙරෙහි ඔහු අඩු අවධානයක් යොමුකරන බව සොයාගත්තා.

අවුරුදු 15කට පෙර ඔහුගේ අත්දැකීම මතක්කරමින්, ඔහු පැවසුවේ, “මම දුම් පානය කිරීම හරියටම නතර කළේ කවදාද කියලා මට මතක නැහැ, නමුත් ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේට මාගේ ජීවිතයට ආරාධනා කිරීම සඳහා මා විසින් කළ යුතු බව මා දන්නා දේවල් දිගටම කරගෙන යාමට මම දිනපතාම දැඩි උත්සහයක් ගත්විට, තවදුරටත් මම දුම්වැටි වලට ඇදී නොගිය අතර එදා පටන් අද වන තුරුද භාවිතා කළේ නැහැ. මෝර්මොන්ගේ පොතේ ඉගැන්වීම් අදාළ කරගැනීම තුළින්, සහෝදර හුවංගේ ජීවිතය වෙනස්වුනා, ඒ වගේම ඔහු වඩාත් හොඳ ස්වාමිපුරුෂයෙකු සහ පියෙක් වුනා.

රූපය
හුවං ජුන්කොන් සහ පවුල

සභාපති රසල් එම්. නෙල්සන් මෙලෙස පොරොන්දු වුනා: “ඔබ සෑම දිනකම, මෝර්මොන්ගේ පොත යාච්ඤාශීලීව අධ්‍යයනය කරන විට, ඔබ සෑම දිනකම—වඩා හොඳ තීරණ ගනු ඇත. ඔබ ඉගෙනගන්නා දේ ගැන මෙනෙහි කරන විට, ස්වර්ගයේ කවුළු විවෘත වී, ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සහ ඔබේ ජීවිතය සඳහා මගපෙන්වීම ඔබට ලැබෙනු ඇතැයි මම පොරොන්දු වෙනවා. ඔබ දිනපතා මෝර්මොන්ගේ පොතෙහි ගිලී සිටින විට, දවසේ නපුරට, කාමුක දර්ශන සහ වෙනත් මනස අවුල් කරන ඇබ්බැහි වීම් වැනි දේ වලට පවා එරෙහිව ඔබට ප්‍රතිශක්තීකරණය ලබාදිය හැකි බවට මම පොරොන්දු වෙනවා.”29

ආදරණීය මිතුරනි, මෝර්මොන්ගේ පොත දෙවියන්වහන්සේගේ වචනය වන අතර, අපි එය අධ්‍යනය කළවිට අපි උන්වහන්සේ වෙතට තවත් ළංවෙනවා.30 අපි එම වචන මත අත්හදාබැලීම් කළ විට, එහි සත්‍යතාව පිළිබඳව සාක්ශියක් අපට ලබාගත හැකියි.31 අපි දිගින් දිගටම එහි ඉගැන්වීම් අනුව ජීවත් වූ විට, “නපුර කිරීමට අපට තවදුරටත් කැමැත්තක් ඇති නොවනු ඇත.”32 අපගේ හදවත, මුහුණුවර, සහ ස්වභාවය වෙනස් වී33 තව තවත් ගැළවුම්කරුවාණන් මෙන් වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අපගේ ගැළවුම්කරුවාණන්, අපගේ මිදුම්කරුවාණන්, සහ මිතුරා බවට මම සාක්ශි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.