ප්‍රධාන සම්මන්ත්‍රණය
ඇදහිල්ලෙන් ඉදිරියට යන්න
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඇදහිල්ලෙන් ඉදිරියට යන්න

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම, අපට කුමන බාධක පැමිණියද අධෛර්යමත් වීම් ජය ගැනීමට අපට උපකාර කරනවා.

ප්‍රේරිතවරයෙකු වූ වැඩිහිටි ජෝර්ජ් ඒ. ස්මිත්ට ඉතා දුෂ්කර අවස්ථාවක ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගෙන් මේ ආකාරයට උපදෙස් ලැබුණා: “ඔහු මට පැවසුවේ කුමන දුෂ්කරතා මා වට කළත් කිසිවිටෙක අධෛර්යමත් නොවිය යුතු බවයි. මා නෝවා ස්කොටියාවේ පහතම වළේ ගිලී ඇත්නම් නැතිනම් සියලු පාෂාණ කඳු මා මත ගොඩගැසී තිබ්බත්, මම අධෛර්යයට පත් නොවී රැඳී සිටිය යුතුයි, ඇදහිල්ලෙන්, හොඳ ධෛර්යයක් ඇති කර ගත යුතුයි, ඒවගේම මම අන්තිමට ඒ හැමදේකම මුදුනට නැගිය යුතුයි.”1

දුක් විඳිමින් සිටින කෙනෙකුට ජෝසෆ් අනාගතවක්තෘවරයාට එසේ කියන්නට පුළුවන් වුණේ කොහොමද? මොකද ඒක ඇත්ත කියලා එයා දැනගෙන හිටියා. ඔහු ඒ අනුව ජීවත් වුණා. ජෝසෆ් ඔහුගේ ජීවිතයේ නැවත නැවතත් දරුණු දුෂ්කරතාවලට මුහුණ දුන්නා. කෙසේ වෙතත්, ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නංවමින්, දිගටම ඉදිරියට යද්දී, ඔහුට ජයගත නොහැකි ලෙස පෙනෙන බාධක පවා ජය ගත්තා.2

අපි බලාපොරොත්තු සුන්වීම්, වේදනාකාරී අත්දැකීම්, අපේම දුර්වලතා හෝ වෙනත් අභියෝගවලට මුහුණ දෙන විට අධෛර්යයට පත් වීමට ඉඩ නොතබන්නැයි කියූ ජෝසෆ්ගේ ආයාචනය අද මම අලුත් කිරීමට කැමතියි.

මම අධෛර්යමත් වීම් ගැන කියන විට, මම කතා කරන්නේ විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වන සායනික අවපීඩනය, කාංසාව ආබාධ හෝ වෙනත් රෝගාබාධ නිසා ඇතිවන වඩාත් දුර්වල අභියෝග ගැන නොවේ.2 මම කතා කරන්නේ ජීවිතයේ උච්චාවචනයන් සමඟ එන අපි ඉස්සර කතා කරපු අධෛර්යමත් වීම ගැන.

කුමක් වුවද ඇදහිල්ලෙන්—ඉදිරියට යන මගේ වීරයන්ගෙන් මම දේවානුභාවය ලබනවා.4 මොර්මොන්ගේ පොතේ අපි ලාබන්ගේ සේවකයා වූ සෝරාම් ගැන කියවනවා. නෙපි පිත්තල තහඩු ලබා ගත් විට, නෙපි සහ ඔහුගේ සහෝදරයන් පසුපස පැමිණ, පාළුකරයට යාමට හෝ සමහරවිට ඔහුගේ ජීවිතය අහිමි කර ගැනීමේ තෝරාගැනීම් වලින් එකක් කිරීමට සෝරාම්ට සිදු වුණා.

මොනතරම් තේරීමක්ද! සෝරාම්ගේ පළමු නැඹුරුව වූයේ පළා යාම, නමුත් නෙපි ඔහුව අල්ලාගෙන ඔහු ඔවුන් සමඟ ගියහොත්, ඔහු නිදහස් වී ඔවුන්ගේ පවුලේ අය සමඟ ඔහුට ස්ථානයක් ලැබෙන බව දිවුරුම් දුන්නා. සෝරාම් ධෛර්යය ගෙන ඔවුන් සමඟ ගියා.5

සෝරාම් ඔහුගේ නව ජීවිතයේදී බොහෝ දුක් පීඩාවලට මුහුණ දුන් නමුත් ඔහු ඇදහිල්ලෙන් ඉදිරියට ගියා. සෝරාම් ඔහුගේ අතීතයට ඇලී සිටි බවක් හෝ දෙවියන්වහන්සේ හෝ අනෙක් අය කෙරෙහි අමනාපයක් ඇති කර ගත් බවට අපට කිසිඳු ඇඟවීමක් නෑ.6 ඔහු අනාගතවක්තෘවරයෙකු වූ නෙපිගේ සැබෑ මිතුරෙකු වූ අතර, ඔහු සහ ඔහුගේ වංශය පොරොන්දු වූ දේශයේ නිදහසේ සහ සමෘද්ධිමත් බවින් වාසය කළා. සෝරාම්ගේ මාවතේ විශාල බාධාවක් වූ දෙය අවසානයේ පොහොසත් ආශිර්වාද දක්වා ඔහුට මගපෙන්වුවා, එසේ වුණේ ඔහුගේ විශ්වාසවන්තකම සහ ඇදහිල්ලෙන් දිගටම ගමන් කිරීමට ඇති කැමැත්ත නිසයි.7

මෑතකදී ධෛර්ය සම්පන්න සහෝදරියක් ඇය දුෂ්කරතාවන්ට මුහුණ දුන් ආකාරය ගැන පවසද්දී මම ඇයට සවන් දුන්නා.8 ඇයට යම් යම් අභියෝගවලට මුහුණ දීමට සිදු වූ අතර, එක් ඉරිදා දිනක ඇය සහන සමිතියේ වාඩි වී, ඇයගේ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස්, චිත්‍රයෙන් පරිපූර්ණ ජීවිතයක් ගත කරන බව ඇය සිතූ ගුරුවරියකට ඇය සවන් දෙමින් සිටියා. ඇය වෙහෙසට පත්ව අධෛර්යමත් වී සිටියා. ඇය එයට නොගැලපෙන බව හෝ අයිති නැති බව ඇයට හැඟී ගිය නිසා ඇය නැඟිට පිටත්ව ගියේ නැවත කිසි දිනෙක සභාවට නොපැමිණීමට සැලසුම් කරමිනුයි. ඇගේ මෝටර් රථය වෙත ඇවිද යමින් සිටියදී, ඇයට පැහැදිලි හැඟීමක් දැනුණා: “සභාවට ගොස් සක්‍රමේන්තු රැස්වීමේ කථිකයාට සවන් දෙන්න.” ඇය එම පෙළඹවීම ප්‍රශ්න කළ නමුත් එය නැවතත් තදින් දැනුණු නිසා ඇය එම රැස්වීමට ගියා.

ඒ පණිවිඩය ඇයට අවශ්‍ය දේම වුණා. ඇයට ආත්මයාණන්ව දැනුණා. ස්වාමින්වහන්සේට අවශ්‍ය වූයේ ඇය උන්වහන්සේ සමඟ සිටිනවාට, උන්වහන්සේගේ ගෝලයෙකු වෙනවාට, සහ සභාවට යනවාට බව ඇය දැන සිටියා.

ඇය ස්තූතිවන්ත වුණේ කුමක් සඳහාද කියලා ඔබ දන්නවාද? ඒ ඇය අත්හැරියේ නැති නිසා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඇය දිගටම ගමන් කළා, එය ඇයව අමාරු දේවල් කරන්න පෙළඹුවත්, ඇය ඉදිරියට යන විට ඇයට සහ ඇගේ පවුලේ අයට බහුල ලෙස ආශිර්වාද ලැබුණා.

අප ස්වර්ගයේ සහ පොළොවේ දෙවියන්වහන්සේ දෙස බලා, ශුද්ධාත්මයාණන්ගේ දේවානුභාවයන් අනුගමනය කරමින්,9 ඇදහිල්ලෙන් ඉදිරියටම ගියොත්, අධෛර්යමත් වීම් සහ අප මුහුණ දෙන ඕනෑම බාධකයක් ජයගැනීමට උන්වහන්සේ අපට උදව් කරනවා.

ස්තූතිවන්ත වන්නට, අප දුර්වල වූ විට හෝ අපට යමක් කළ නොහැකි වූ විට, අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට ස්වාමින්වහන්සේට පුළුවන්. උන්වහන්සේට පුළුවන් අපට පුළුවන්කම තියනවට වඩා අපේ හැකියාව වැඩි කරන්න. මම එය අත්විඳලා තියනවා. මීට වසර 20 කට වඩා කලින්, අනපේක්ෂිත ලෙස මාව ප්‍රාදේශීය හැත්තෑවරයෙකු ලෙස කැඳෙව්වා, එතකොට මම ඒකට මදි කියලා මට හිතුනා. මගේ පුහුණු පැවරුම්වලින් පසුව, මගේ පළමු ස්ටේක සම්මන්ත්‍රණයේ මුලසුන දැරීමට මට සිදු වුණා.10 ස්ටේක සභාපතිවරයා සහ මම එහි සෑම විස්තරයක්ම ඉතා සූක්ෂම ලෙස සැලසුම් කළා. සම්මන්ත්‍රණයට ටික වේලාවකට කලින්, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ එවකට වැඩබලන සභාපති වූ සභාපති බොයිඩ් කේ. පැකර් මට කතා කර ඔහුට මා සමඟ එන්න පුළුවන්ද කියලා ඇහුවා. මම පුදුමයට පත්වුණා, ඒවගේම ඇත්ත වශයෙන්ම, මම ඒකට එකඟ වුණා. ඔහු මුලසුන දරන නිසා ඔහු කැමති මෙම දේවල් කොහොම වෙනවටද කියලා මම ඇහුවා. අපි සැලසුම් අවලංගු කර ආත්මයාණන්ව අනුගමනය කිරීමට සූදානම් වෙමු කියා ඔහු යෝජනා කළා. වාසනාවකට මෙන්, මට තවමත් අධ්‍යයනය කිරීමට, යාච්ඤා කිරීමට සහ සූදානම් වීමට දින 10ක් තිබුණා.

විවෘත න්‍යාය පත්‍රයක් සහිතව, නායක රැස්වීම ආරම්භ වීමට මිනිත්තු 20 කට පෙර අපි දේශනා වේදිකාව මත හිටියා. මම ස්ටේක සභාපතිවරයා දෙසට නැමී මෙහෙම කිව්වා, “මේක හරි අපූරු ස්ටේකයක්.”

සභාපති පැකර් මට මෘදු ලෙස වැලමිටෙන් කතා කර කිව්වෙ “කතා කරන්න එපා” කියලයි.

මම කතා කිරීම නැවැත්තුවා, ඔහුගේ ප්‍රධාන සම්මන්ත්‍රණ කතාවක් වුණු “ගෞරවය දැක්වීම එළිදරව් සඳහා ආරාධනා කරයි”11 කියන කතාව මගේ මතකයට නැගුණා. සභාපති පැකර් ශුද්ධලියවිලි පද සටහන් කරගන්නා ආකාරය මම නිරීක්ෂණය කළා. ඔහුට මෙම රැස්වීම සඳහා දේවානුභාවය ලැබෙන බව ආත්මයාණන් මට තහවුරු කළා. මගේ ඉගෙනීමේ අත්දැකීම එතනින් පටන් ගත්තා.

සභාපති පැකර් පළමු මිනිත්තු 15 දී කථා කළ අතර ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම යටතේ සියලුම රැස්වීම් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළා.12 ඉන්පසු ඔහු මෙහෙම කිව්වා, “අපි දැන් වැඩිහිටි කුක්ට සවන් දෙමු.”

මම දේශනා පුවරුවට යන අතරමගදී, ඔහුට අවශ්‍ය මම කොපමණ වේලාවක් කතා කරනවාටද ඒවගේම මම කතා කළ යුතු මාතෘකාවක් තියනවද කියලා මම ඔහුගෙන් ඇහුවා. ඔහු මෙහෙම කිව්වා, “විනාඩි 15 ක් ගත කර ඔබට දේවානුභාවය දැනෙන පරිදි කතාව කරන්න.” මම විනාඩි 14ක් විතර අරගෙන මගේ හිතේ තියෙන හැමදේම බෙදාගත්තා.

සභාපති පැකර් නැවතත් සිටගෙන තවත් විනාඩි 15ක් කතා කළා. ඔහු මේ ශුද්ධලියවිල්ල බෙදාගත්තා:

“මම නුඹලාගේ හදවත් වලට දමන්නාවූ සිතිවිලි කතාකරන්න, තවද නුඹලාව මනුෂ්‍යයන් ඉදිරියේ ව්‍යාකූල කරනු නොලබන්නේය;

“මක්නිසාද එය එසේය, එම අවස්ථාව තුළදීම, නුඹලා කුමක් කිවයුතු දැයි … නුඹලාට දෙනු ලබන්නේය.”13

ඉන්පසු ඔහු මෙහෙම කිව්වා, “අපි දැන් වැඩිහිටි කුක්ට සවන් දෙමු.”

මම පුදුමයට පත්වුණා. එක රැස්වීමකදී මට දෙපාරක් කතා කරන්න තියෙන පුළුවන්කම ගැන මම කවදාවත් හිතලා තිබුණේ නෑ. මගේ හිතේ මට කියන්න දෙයක් තිබුණේ නෑ. දැඩි ලෙස යාච්ඤා කරමින් සහ උපකාරය සඳහා ස්වාමින්වහන්සේ මත රඳා සිටිමින්, කෙසේ හෝ, මම සිතුවිල්ලකින්, ශුද්ධලියවිලි පදයකින් ආශිර්වාද ලැබූ අතර, තවත් විනාඩි 15 ක් කතා කිරීමට මට හැකි වුණා. මම සම්පූර්ණයෙන්ම වෙහෙසට පත්ව වාඩි වුණා.

සභාපති පැකර් නැවතත් ආත්මයාණන්ව අනුගමනය කිරීම ගැන සහ අප කතා කළ යුත්තේ “මනුෂ්‍ය ප්‍රඥාව කරණකොටගෙන උගන්වන ලද වචනවලින් නොව එහෙත් ආත්මික දේ සමඟ සමානකර බලමින්”14 බවට වූ පාවුල්ගේ ඉගැන්වීම් බෙදාගනිමින් විනාඩි 15 ක් කතා කළා. ඔබට සිතාගත හැකි පරිදි, “අපි දැන් වැඩිහිටි කුක්ට සවන් දෙමු” යනුවෙන් තුන්වන වරටත් පැවසීමට ඔහු පැහැදුණු විට මම පුදුමයට පත්වුණා.

මම හිටියෙ හිස් වෙලා. මට කියන්න කිසිවක් තිබුණේ නෑ. වැඩි ඇදහිල්ලක් ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇති බව මම දැන සිටියා. මම හෙමින් හෙමින් දේශනා පුවරුව ළඟට ගියේ දෙවියන්වහන්සේගෙන් උදව් ඉල්ලමින්. මම මයික්‍රෆෝනයට නැඟී යද්දී, කෙසේ හෝ තවත් විනාඩි 15ක පණිවිඩයක් දීමට ස්වාමින්වහන්සේ ආශ්චර්යමත් ලෙස මට ආශිර්වාද කළා.15

අවසානයේදී රැස්වීම අවසන් වූ නමුත් වැඩිහිටි සැසිය තවත් පැයකින් ආරම්භ වන බව මට ඉක්මනින් වැටහුණා. අනේ එපා! සෝරාම්ට වගේම මටත් අවංකවම අවශ්‍ය වුණේ දුවන්න, නමුත් නෙපි ඔහුව අල්ලා ගත්තා වගේ, සභාපති පැකර් මාව අල්ලාගන්න බව මම දැනගෙන හිටියා. වැඩිහිටි රැස්වීමත් එම රටාවම අනුගමනය කළා. මම තව තුන් වතාවක් කතා කළා. ඊළඟ දවසේ ප්‍රධාන සැසිවාරයේදී මම එක් වරක් කතා කළා.

මේ සම්මන්ත්‍රණයෙන් පස්සෙ, සභාපති පැකර් ආදරයෙන් මෙහෙම කිව්වා, “අපි එය නැවත වරක් කරමු.” මම සභාපති බොයිඩ් කේ. පැකර්ට ආදරය කරනවා, සහ මා ඉගෙන ගත් සියල්ලට අගය කරනවා.

මම ස්තූතිවන්ත වෙන්නෙ කුමක් සඳහාද කියා ඔබ දන්නවද? ඒ මම අත්හැරියේවත්—විරුද්ධ වුණේවත් නැති හින්දා. එම රැස්වීම්වලින් ගැලවීමට මම මගේ මංමුලා සහගත ආශාවට යටත් වුණා නම්, මගේ ඇදහිල්ල වැඩි කර ගැනීමටත්, මගේ ස්වර්ගීය පියාණන්වහන්සේගෙන් ප්‍රේමයේ සහ සහයෝගයේ පොහොසත් ප්‍රවාහයක් ලබා ගැනීමටත් ඇති අවස්ථාවක් මට මග හැරී යනවා. මම උන්වහන්සේගේ දයාව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ ආශ්චර්යමත් බලය සහ ශුද්ධාත්මයාණන්ගේ බලවත් බලපෑම පිළිබඳව ඉගෙන ගත්තා. මගේ දුර්වලකම තිබියදීත්,16 මට සේවය කළ හැකි බව මම ඉගෙන ගත්තා; ස්වාමින්වහන්සේ මා අසල සිටින විට, මම දිගටම ඇදහිල්ලෙන් ගියහොත් මට දායක වෙන්න පුළුවන්.

ජීවිතයේ අප මුහුණ දෙන අභියෝගවල ප්‍රමාණය, විෂය පථය සහ බැරෑරුම්කම කුමක් වුවත්, අප සියල්ලන්ටම නතර වීමට, පිටව යාමට, පැන යාමට හෝ සමහර විට අත්හැරීමට සිතෙන අවස්ථා තිබෙනවා. නමුත් අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම, අපට කුමන බාධක පැමිණියද අධෛර්යමත් වීම් ජය ගැනීමට අපට උපකාර කරනවා.

ගැලවුම්කරුවාණන් උන්වහන්සේට පැවරුණු කාර්යය අවසන් කළාක් මෙන්, අපට ලබා දී ඇති කාර්යය අවසන් කිරීමට අපට උපකාර කිරීමට උන්වහන්සේට බලය තිබෙනවා.17 ගිවිසුම් මාර්ගය කෙතරම් දුෂ්කර මාර්ගයක් බවට පත් වුවත්, එම මාර්ගයේ ඉදිරියට ගොස් අවසානයේ සදාකාල ජීවනය ලැබීමට අපට ආශිර්වාද ලබන්නට පුළුවන්.18

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ කියා තිබෙනවා, “දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයනි, නොසැලී සිටින්න, තව ස්වල්ප වේලාවක් රැඳී සිටින්න, එවිට ජීවිතයේ කුණාටුව පහව යනු ඇත, ඔබ සේවකයෙකු වන එම දෙවියන්වහන්සේ විසින් ඔබට විපාක ලබා දෙනු ඇත.”19 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. George A. Smith, in Teachings of Presidents of the Church: Joseph Smith (2011), 235.

  2. බලන්න Teachings: Joseph Smith, 227–36.

  3. මම අධෛර්යමත් වීම ගැන කතා කරන විට, සායනික මානසික අවපීඩනය, කාංසාව ආබාධ හෝ වෙනත් රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ට අවශ්‍ය එකම උත්සාහය “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් දිගටම ගමන් කිරීම” බව මම යෝජනා නොකරමි. මෙම මිතුරන්, පවුලේ සාමාජිකයන් සහ සවන් දෙන අනෙකුත් අය සඳහා, ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් කරුණාකර වෛද්‍ය, මනෝවිද්‍යාත්මක සහ අධ්‍යාත්මික ප්‍රතිකාර ලබා ගැනීමට අපගේ සභා නායකයින්ගේ උපදෙස් වලට ඇහුම්කන් දෙන ලෙස මම ප්‍රතිරාවය කරමි. මෙම අද්විතීය අභියෝග සමඟ පොරබදමින් සිටින ඔබ සෑම කෙනෙකුට කෙරෙහිම මගේ හදවත දිව යයි. අපි අවංකවම ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නෙමු.

  4. මගේ මෑතකාලීන වීරයන්ට අමතරව, ශුද්ධලියවිලිවල මගේ සමහර වීරයන් අතර කාලෙබ් (බලන්න ගණන් කථාව 14:6–9, 24), යෝබ් (බලන්න යෝබ් 19:25–26), සහ නෙපි (බලන්න 1 නෙපි 3:7) ඇතුළත් වේ.

  5. බලන්න 1 නෙපි 4:20, 30–35, 38.

  6. බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “කෝපයට පත් අසාධාරණය,” ලියහෝනා, මැයි 2021, 41–45.

  7. බලන්න 2 නෙපි 1:30–32. “[සෝරාම්ට] ටිකක් රළු හැසිරවීම් විඳදරාගැනීමට සිදු වුවද, ඔහු හසු වූ උගුල වූයේ දෙවියන්වහන්සේ ඔහුට ආශිර්වාද කිරීමට තීරණය කළ තත්වයයි. ඔහුට තම මව්බිම අත්හැරීමට සිදු වුවද, දෙවියන්වහන්සේ වඩා හොඳ එකක් ඔහු වෙනුවෙන් සූදානම් කරමින් සිටියේය” (David B. Paxman, “Zoram and I: Getting Our Stories Straight” [Brigham Young University devotional, July 27, 2010], 8, speeches.byu.edu).

  8. 2022 දෙසැම්බර් 11 වැනි දින රිවර්ඩේල් යූටා ස්ටේකයේ කොට්ඨාශයකදී මෙම සහෝදරියගේ සාක්ෂිය මට ඇසුණි. ඇය බෙදාගත් එම අත්දැකීම සිදු වී තිබුණේ ඇය මීට පෙර සිටි කොට්ඨාශයක ය.

  9. බලන්න දහම සහ ගිවිසුම් 11:12–13.

  10. මගේ පැවරුම 2001 නොවැම්බර් 3–4 දිනවල බෙන්සන් යූටා ස්ටේකයෙහි දී විය. ස්ටේක සභාපතිවරයා වූයේ සභාපති ජෙරී ටූම්ස් ය.

  11. බලන්න Boyd K. Packer, “Reverence Invites Revelation,” Ensign, Nov. 1991, 21–23.

  12. බලන්න දහම සහ ගිවිසුම් 46:2.

  13. දහම සහ ගිවිසුම් 100:5–6; තවත් බලන්න 7–8 පද.

  14. 1 කොරින්ති 2:13.

  15. සභාපති රසල් එම්. නෙල්සන් පවසා ඇත්තේ, “ඔබ මීට පෙර කර ඇති ඕනෑම දෙයකින් ඔබ්බට දෙයක් කිරීමට ඔබ අධ්‍යාත්මිකව උත්සහ කළ විට, [ගැලවුම්කරුවාණන්ගේ] බලය ඔබ තුළට ගලා එනු ඇත” (“Drawing the Power of Jesus Christ into Our Lives,” Liahona, May 2017, 42).

  16. බලන්න ඊතර් 12:27.

  17. බලන්න යොහාන් 17:4.

  18. බලන්න 2 නෙපි 31:20; මොසායා 2:41; ඇල්මා 36:3.

  19. Teachings: Joseph Smith, 235.