ප්‍රධාන සම්මන්ත්‍රණය
සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 2022
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 2022

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභා‍වේ පළමු සභාපතිත්වය වෙත

දයාබර සහෝදරයිනි: එළිදරව් වල මග‍‍පෙන්වී‍මෙන්, දහම සහ ගිවිසුම් හි 120 වෙනි කොටසේ සඳහන් වන පරිදි, දස‍යෙන් ‍‍කොටස ‍‍‍බෙදාහැරී‍මේ මන්ත්‍රණ සභාව—පළමු සභාපතිත්වය, ප්‍රේරිතවරුන් ‍දො‍‍ළොස්දෙනා‍ගේ ගණපූරණය, සහ මුලසුන දරන සභානායකවරයාගෙන් සමන්විත වන අතර—ඔවුන්ට සභා අරමුදල් වියදම් අනුමත කිරිමට බලය ඇත. සභා ආයතන විසින් අරමුදල් වැය කරනු ලබන්නේ අනුමත අයවැය, ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි වලට අනුකූලවය.

සභා විගණනය, විශ්වාසනීය වෘත්තිකයින්ගෙන් සමන්විත වනවා මෙන්ම අනෙකුත් සියලුම සභා‍වේ දෙපාර්තමේන්තු වලින් ස්වාධීනව කටයුතු කරන අතර, ලැබුණු දායක මුදල්, සිදුකළ වියදම් හා සභාවේ වත්කම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක් ලබාදීම සඳහා විගණනය කිරීමට වගකීම දරයි.

කරන ලද විගණන මත පදනම්ව, සියලුම වැදගත් තොරතුරු වලට අනුව, 2022 වර්ශය සඳහා ලැබුණු දායක මුදල්, සිදුකළ වියදම් සහ සභාවේ වත්කම්; සභාවේ අයවැයට, ප්‍රතිපත්ති වලට සහ ගිණුම්කරණ භාවිතයන්ට අනුකූලව, වාර්තා කර හා පරිපාලනය කර ඇති බව සභාවේ විගණනයේ අදහසයි. අයවැයක් තුළ ජීවත්වීම, ණය වලින් වැළකී සිටීම, සහ අවශ්‍යතා ඇති කාල පරිචේඡ්ද සඳහා ඉතිරි කිරීම යන සභාවේ සාමාජිකයන්ට උගන්වනු ලබන පිළිවෙත් සභාව විසින් ද අනුගමනය කරනු ලබයි.

ගෞරවනීය ලෙස ඉදිරිපත් කරන ලද්දේ,

සභා විගණන දෙපාර්තමේන්තුව

ජෙරඩ් බී. ලාර්සන්

කළමනාකාර අධ්‍යක්ෂක