ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබගේ ආදිපීතෘ ආශිර්වාදය—ස්වර්ගීය පියාණන්වහන්සේගේ ආනුභාව ලත් මගපෙන්වීම
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබගේ ආදිපීතෘ ආශිර්වාදය—ස්වර්ගීය පියාණන්වහන්සේගේ ආනුභාව ලත් මගපෙන්වීම

මගේ ආදිපීතෘ ආශිර්වාදය මට මගේ සැබෑ සදාකාලික අනන්‍යතාවය—මම ඇත්තටම කවුද සහ මට විය හැක්කේ කවුරුන්ද යන්න තේරුම් ගැනීමට මට උපකාර කළා.

මම හැදී වැඩුණේ තම දරුවන්ට ආදරය කළ සහ ශුභාරංචිය ඇදහිලිවන්ත ලෙස අපට ඉගැන්වූ අපූරු දෙමාපියන් සමඟ. කණගාටුවට කරුණක් තමයි, මගේ ආදරණීය දෙමාපියන් වසර ගණනාවක් ඔවුන්ගේ විවාහය තුළ අරගල කළා. ඔවුන් කවදා හෝ දික්කසාද වීමට ඉඩ ඇති බවත් මගේ සහෝදර සහෝදරියන් සහ මට ජීවත් විය යුත්තේ කුමන මාපියන් සමඟද යන්න තෝරා ගැනීමට අවශ්‍ය විය හැකි බවත් පවසන විට මම ප්‍රාථමිකයේ දරුවෙක්. එහි ප්‍රතිඵලයක් ලෙස, වසර ගණනාවක්, මම සැලකිය යුතු කාංසා තත්වයක් අත්විඳිමින් සිටියා; කෙසේ වෙතත්, මගේ ස්වර්ගික පියාණන්ගෙන් ලැබුණු තෑග්ගක් අවසානයේ මා වෙනුවෙන් සියල්ල වෙනස් කළා —ඒ මගේ ආදිපීතෘ ආශිර්වාදය.

වයස අවුරුදු 11 දී, මගේ දෙමාපියන්ගේ සම්බන්ධය ගැන වැඩි වැඩියෙන් කනස්සල්ලට පත් වූ මම, මගේ ආදිපීතෘ ආශිර්වාදය ගැන දැඩි ලෙස අපේක්ෂා කළා. මගේ ස්වර්ගික පියාණන්වහන්සේ මාව හොඳින් දන්නා බවත් මගේ තත්වයන් ගැන නිශ්චිතවම දැන සිටි බවත් මම දැන සිටියා. ඒවගේම මට උන්වහන්සේගෙන් මගපෙන්වීම් ලැබෙන බවත් මම දැන සිටියා. මගේ 12 වැනි උපන්දිනය අවසන් වූ වහාම මට මගේ ආදිපීතෘ ආශිර්වාදය ලැබුණා. ඒ අඩ-සියවසකටත් වැඩි කාලයකට පෙර වූ සිදුවීමක්, නමුත් මට ඒ පූජනීය අත්දැකීමේ විස්තර හොඳින් මතකයි.

කෘතඥපූර්වකව, සභාවේ ප්‍රධාන අත්පොතෙහි ආදිපීතෘ ආශිර්වාද පිළිබඳව අපට ලබා දී ඇති ආනුභාව ලත් මගපෙන්වීම් තිබෙනවා:

“සෑම සුදුසු, බව්තීස්ම වූ සාමාජිකයෙකුටම, ස්වර්ගීය පියාණන්වහන්සේගේ ආනුභාවලත් මගපෙන්වීම් සපයන ආදිපීතෘ ආශිර්වාදයක් ලැබීමට හිමිකම් ඇත.”

සාමාජිකයෙකු “එම ආශිර්වාදයේ වැදගත්කම සහ පූජනීය ස්වභාවය තේරුම් ගැනීමට” සහ “ශුභාරංචියේ මූලික මූලධර්මය අවබෝධ කර ගැනීමට තරම් පරිණත විය යුතුය.”

“ජීවිතයේ බොහෝ වැදගත් තීරණ තවමත් ඉදිරියෙන් තිබෙන තරමට සාමාජිකයා ප්‍රමාණවත් තරම් තරුණ විය යුතුය. … “පූජකවර නායකයින් සාමාජිකයෙකුට ආදිපීතෘ ආශිර්වාදයක් ලබා ගැනීමට අවම වයසක් ස්ථාපිත නොකළ යුතුය. …

“සෑම ආදිපීතෘ ආශිර්වාදයක්ම පූජනීයයි, රහස්‍යයි සහ පුද්ගලිකයි. …

“ආදිපීතෘ ආශිර්වාදයක් ලබන පුද්ගලයෙකු එහි වචන වැදගත් කොට සලකා, ඒවා මෙනෙහි කර, මේ ජීවිතයේදී සහ සදාකාලික වශයෙන් පොරොන්දු වූ ආශිර්වාදයන් ලැබීමට සුදුසු ලෙස ජීවත් විය යුතුය.”1

අපගේ ආදරණීය සභාපති රසල් එම්. නෙල්සන් ආදිපීතෘ ආශිර්වාදයක වැදගත්කම ගැන නැවත නැවතත් උගන්වා තිබෙනවා,2 ඒවා තමයි, එය සෑම ලබන්නෙකුටම “ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් වෙත ආපස්සට දිවෙන පරම්පරාව පිළිබඳ ප්‍රකාශයක්” ලබා දෙන බව3 සහ එය “ඔබට පුද්ගලික ශුද්ධලියවිල්ලක් වන බව.”4

බොහෝ හේතු නිසා මම කුඩා කාලයේදී මගේ ආදිපීතෘ ආශිර්වාදය මට බොහෝ සේ වැදගත් වුණා. පළමුව, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුළින්, මගේ ආදිපීතෘ ආශිර්වාදය මට මගේ සැබෑ සදාකාලික අනන්‍යතාවය—මම ඇත්තටම කවුද සහ මට විය හැක්කේ කවුරුන්ද යන්න තේරුම් ගැනීමට මට උපකාර කළා. සභාපති නෙල්සන් උගන්වා ඇති පරිදි, මා “දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක්,” “ගිවිසුමේ දරුවෙක්,” සහ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙක්,” බව දැනගැනීමට එය මට උපකාර වුණා.”5 මගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ මගේ ගැලවුම්කරුවාණන් විසින් මාව දන්නා බව සහ ආදරය කරන ලද බවත් උන්වහන්සේලා මගේ ජීවිතයට පෞද්ගලිකව සම්බන්ධ වී ඇති බවත් මම දැන සිටියා. මෙය උන්වහන්සේලාට සමීප වීමටත් උන්වහන්සේලා කෙරෙහි මගේ ඇදහිල්ල හා විශ්වාසය වැඩි කරගැනීමටත් මට උපකාර වුණා.

තරුණ වියේදී සභාවට බැඳුණු හිතවත් මිතුරෙකු මෙසේ බෙදාගත්තා: “ආදිපීතෘ මගේ හිස මත අත් තබා මගේ නම පැවසූ විට, සෑම දෙයක්ම වෙනස් වුණා, … ඒ මොහොතේ පමණක් නොව මගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහාම ඒ වෙනස සිදු වුණා. ඔහු කතා කළ බලයෙන්—මාව සමීපයෙන්ම හා ගැඹුරින් හඳුනන බව මට වහාම දැණුනා. ඔහු කතා කළ වචන මගේ මුළු ආත්මයටම කා වැදුණා. ස්වර්ගීය පියාණන්වහන්සේ මාව ඇතුළාන්තයෙන් සහ පිටතින් දන්නා බව මම දැන සිටියා.”

මම ඇත්තටම කවුද කියා දැනගැනීම දෙවියන්වහන්සේ මගෙන් බලාපොරොත්තු වූ දේ තේරුම් ගැනීමට සහ එය ඉටුකිරීමට ආශාවක් ඇතිකර ගැනීමට මට උපකාර කළා.6

මෙය මා ඇති කරගත් ගිවිසුම් සහ දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුමේ පොරොන්දු වූ ආශිර්වාද අධ්‍යයනය කිරීමට මට මගපෙන්වුවා.7 එය මට සදාකාලික ඉදිරිදර්ශනයක් ලබා දුන් අතර එය මගේ ගිවිසුම් වඩාත් පූර්ණ ලෙස තබා ගැනීමට මා තුළ පෙලඹීමක් ඇති කළා.

මම මගේ ආදිපීතෘ ආශිර්වාදය නිතර අධ්‍යයනය කළා, බොහෝ විට දිනපතා අධ්‍යයනය කළා, එය මට ඒ වගේම යෞවනයෙකු විදිහට ශුද්ධාත්මයාණන්ගේ සැනසිලිදායක, මගපෙන්වන බලපෑම දැනීමට උපකාර කළ අතර එමනිසා මම ආත්මයාණන්ගේ ඉල්ලීම් අනුගමනය කරන විට මගේ කාංසාව අඩු කරගැනීමට එය උපකාර වුණා. මෙය ආලෝකය, සත්‍යය සහ ශුද්ධාත්මයාණන්ට ක්‍රියාකාරීව ආරාධනා කිරීමට; මගේ ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට සහ දිනපතා යාච්ඤා කිරීමට; දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාගේ සහ ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීම් වඩාත් උනන්දුවෙන් අධ්‍යයනය කර අනුගමනය කිරීමට උත්සාහ කිරීමට මගේ ආශාව වැඩි කළා. මගේ ආදිපීතෘ ආශිර්වාදය ස්වර්ගික පියාණන්ගේ කැමැත්තට තව තවත් අවනත වීමට ආශාවක් මා තුළ ඇති කළා, ඒ වගේම එම අවධානය මට මගේම පුද්ගලික තත්වයන් තිබියදී පවා එම ප්‍රීතිය අත්විඳීමට උපකාර වුණා.8

මගේ ආදිපීතෘ ආශිර්වාදය අධ්‍යයනය කරන සෑම අවස්ථාවකම මම අධ්‍යාත්මික ශක්තියක් ලැබුවා. මගේ දෙමාපියන් අවසානයේ දික්කසාද වූ විට, සභාපති තෝමස් එස්. මොන්සන් ඉගැන්වූ පරිදි, මගේ ආදිපීතෘ ආශිර්වාදය මට “වටිනා සහ මිල කළ නොහැකි පුද්ගලික නිධානයක්” මෙන්ම “පුද්ගලික ලියහෝනාවක්” බවට පත් වුණා.9

දැන්, කරුණාකර වරදවා වටහාගන්න එපා. මම පරිපූර්ණ වුනේ නැහැ. මගෙ අතින් විවිධාකාර වැරැදි සිදුවුණා. මම තවමත් එසේ කරන බව මගේ සදාකාලික සහකාරිය තහවුරු කරයි. නමුත් මගේ ආදිපීතෘ ආශිර්වාදය මට යම් දේවල් වඩා හොඳින් කිරීමට සහ වඩා හොඳ වීමට ආශාවක් ඇති කළා, තවමත් එහෙමයි.10 මගේ ආදිපීතෘ ආශිර්වාදය නිතර අධ්‍යයනය කිරීම නිසා පරීක්ෂාවන්ට යටත් නොවී සිටීමට මගේ අභිප්‍රාය වැඩි කළා. එය පසුතැවිලි වීමට ආශාවක් සහ ධෛර්යයක් ඇති කර ගැනීමට මට උපකාර වූ නිසා පසුතැවීම වැඩි වැඩියෙන් ප්‍රීතිමත් ක්‍රියාවලියක් බවට පත් වුණා.

මම තරුණ වියේදී සහ මගේ සාක්ෂිය වර්ධනය වෙමින් තිබියදී මගේ ආදිපීතෘ ආශිර්වාදය ලබා ගැනීම මට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් වුණා. ඒවගේම මම ඒ සඳහා සූදානම් බව පෙන්නුම් කිරීම මගේ දෙමාපියන් සහ මගේ සභානායකවරයා තේරුම්ගැනීම ගැන මම සදහටම කෘතඥ වෙනවා.

මට වයස අවුරුදු 12 දී, අද ලෝකයට වඩා එදා ලෝකය වඩා අඩු ව්‍යාකූල සහ වියවුල් බවකින් යුක්ත වුණා. අද දවස ගැන සභාපති නෙල්සන් අද විස්තර කර ඇත්තේ “ලෝක ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ කාලයක්” ලෙස සහ “පාපයෙන් සංතෘප්ත” සහ “ආත්මාර්තකාමී” ලෝකයක් ලෙසයි.11 වාසනාවකට අද අපේ තාරුණ්‍ය මට වයස අවුරුදු 12 දී සිටියාට වඩා බොහෝ පරිණතයි වගේම ඔවුන්ටත් තරුණ වියේදී තීරණාත්මක වැදගත් තීරණ ගැනීමට තිබෙනවා! ඇත්තටම ඔවුන් කවුද යන්න පිළිබඳවත්, දෙවියන්වහන්සේ ඔවුන්ට ආදරය කරන බව සහ ඔවුන් ගැන හොඳින් දන්නා බවත් ඔවුන් දැනගත යුතුයි.

මට ආදිපීතෘ ආශිර්වාදය ලබාගන්නට මාව පෙළඹුනු කාරණා හරහාම එය ලබාගැනීමේ ආශාව හැමෝටම ඇති වෙන්නෙ නෑ. නමුත් ඔවුන්ගේ ආදිපීතෘ ආශිර්වාදය තවමත් ලැබී නොමැති සාමාජිකයින් ඔවුන් සූදානම් දැයි දැන ගැනීමට යාච්ඤාපූර්වකව සොයනු ලැබේවා කියා මම යාච්ඤා කරනවා. ඔබ අධ්‍යාත්මිකව සූදානම් වන්නේ නම්, මගේ මෙන්ම ඔබේ අත්දැකීමද ඔබට පූජනීය වනු ඇතැයි මම පොරොන්දු වෙනවා. දැනටමත් ආදිපීතෘ ආශිර්වාදය ලබා ඇති අය එය අධ්‍යයනය කර එය අගය කරනු ඇතැයි මම යාච්ඤා කරනවා. මම කුඩා කාලයේදී, මගේ ආදිපීතෘ ආශිර්වාදය අගය කිරීම නිසා මම අධෛර්යමත් වූ අවස්ථාවල මට ධෛර්යයක් ලැබුණා, මම බියෙන් සිටින විට සැනසීම ලැබුණා, මම කනස්සල්ලෙන් සිටින විට සාමය ලබාදුන්නා, බලාපොරොත්තු සුන්වූ විට බලාපොරොත්තුව ලබාදුන්නා සහ මගේ ආත්මයට අවශ්‍ය වූ විට මට ප්‍රීතිය ලබාදුන්නා. මාගේ ආදිපීතෘ ආශිර්වාදය මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ මාගේ ගැලවුම්කරුවාණන් කෙරෙහි මාගේ ඇදහිල්ල සහ විශ්වාසය වැඩි කිරීමට උපකාරී වුණා. එය උන්වහන්සේලා කෙරෙහි ඇති මගේ ආදරයද වැඩි කළා—එය තවමත් එහෙමයි.12

ආදිපීතෘ ආශිර්වාද ස්වර්ගීය පියාණන්ගෙන් ආනුභාව ලත් මගපෙන්වීම් සපයන බවට මම සාක්ෂි දරනවා. අපව හඳුනන, අපට ප්‍රේම කරන සහ අපට ආශිර්වාද කිරීමට කැමැත්තෙන් සිටින ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ගේ සහ උන්වහන්සේගේ පුත්‍රයා වන, අපගේ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවමාන යථාර්ථය ගැන මම සාක්ෂි දරනවා. සභාපති රසල් එම්. නෙල්සන් අද මිහිපිට සිටින දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා බව ද මම නිසැකවම දන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 18.17, 18.17.1, ChurchofJesusChrist.org.

  2. බලන්න Russell M. Nelson, “Thanks for the Covenant” (Brigham Young University devotional, Nov. 22, 1988), speeches.byu.edu; “A More Excellent Hope” (Brigham Young University devotional, Jan. 8, 1995), speeches.byu.edu; “Identity, Priority, and Blessings” (Brigham Young University devotional, Sept. 10, 2000), speeches.byu.edu; “Roots and Branches,” Liahona, May 2004, 27–29; “Covenants,” Liahona, Nov. 2011, 86–89; “Youth of the Noble Birthright: What Will You Choose?” (Brigham Young University–Hawaii devotional, Sept. 6, 2013), broadcasts.ChurchofJesusChrist.org; “The Book of Mormon, the Gathering of Israel, and the Second Coming,” Ensign, July 2014, 26–31; Liahona, July 2014, 24–29; “දෙවියන්වහන්සේට දිනන්න ඉඩදෙන්න,” ලියහෝනා, නොවැ. 2020, 92–95; “සදාකාලික ගිවිසුම,” ලියහෝනාa, ඔක්. 2022, 1–6.

  3. Russell M. Nelson, “Covenants,” 88.

  4. Russell M. Nelson, “Thanks for the Covenant,” speeches.byu.edu.

  5. Russell M. Nelson, “Choices for Eternity” (worldwide devotional for young adults, May 12, 2022), ChurchofJesusChrist.org; emphasis added.

  6. See Russell M. Nelson, “Covenants,” 86–89.

  7. බලන්න උත්පත්ති 17:1–10; තවත් බලන්න Russell M. Nelson, “Children of the Covenant,” Ensign, May 1995, 32–34.

  8. බලන්න “Joy and Spiritual Survival,” Liahona, Nov. 2016, 81–84.

  9. Thomas S. Monson, “Your Patriarchal Blessing: A Liahona of Light,” Ensign, Nov. 1986, 65–66.

  10. බලන්න රසල් එම්. නෙල්සන්, “අපට හොඳින් කළ හැකිය එමෙන්ම හොඳ විය හැකිය,” ලියහෝනා, මැයි 2019, 67–69.

  11. රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන සහනය සොයා ගන්න,” ලියහෝනා, 2022 නොවැ., 95–96.

  12. Inspired by James E. Faust, “Priesthood Blessings,” Ensign, Nov. 1995, 62–64.