ප්‍රධාන සම්මන්ත්‍රණය
සැමවිටම පිළිතුර යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


සැමවිටම පිළිතුර යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි

ඔබට කුමන ප්‍රශ්න හෝ ගැටලු තිබුණත්, පිළිතුර සෑම විටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් තුළ සොයාගන්න පුළුවන්.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මේ පසුගිය දින දෙක තුළ අපි ආධ්‍යාත්මිකව පෝෂණය වුණා. ගීතිකා කණ්ඩායමේ සංගීතය විශිෂ්ටයි. කතා කළ අය ස්වාමින්වහන්සේ කෙරෙහි මෙවලම් වී තිබෙනවා. ඔබ මෙම දේශනා කූඩුවෙන් ඉගැන්වෙන සත්‍යයන් මෙනෙහි කරන විට ඔබේ අධ්‍යයනයේදී ඔබට මගපෙන්වීමට ඔබ ශුද්ධාත්මයාණන් වහන්සේ සොයන ලෙස මම යාච්ඤා කරනවා. ඒවා සැබවින්ම එවා ඇත්තේ ස්වර්ගයෙන්.

අද සිට සතියකින් පාස්කු ඉරිදා පැමිණෙනවා. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් සඳහා වැදගත්ම ආගමික උත්සවයයි. අපි නත්තල සමරන්න ප්‍රධාන හේතුව තමයි පාස්කු උත්සවය. මෙම සතියේ එන්න, මා අනුගමනය කරන්න හි පාඩම තුළින් ඔබට, ගැලවුම්කරුවාණන්ගේ ජයග්‍රාහී යෙරුසෙලමට ඇතුළුවීම, උන්වහන්සේ දේවමාළිගාව පවිත්‍ර කිරීම, ගෙත්සෙමන උයනේ උන්වහන්සේගේ දුක් විඳීම, උන්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම, උන්වහන්සේගේ මහිමාන්විත මරණයෙන් නැවත නැගිටීම සහ පසුව උන්වහන්සේගේ අනුගාමිකයන්ට පෙනී සිටීම අධ්‍යයනය කිරීමට පෙළඹවීමක් ලැබෙයි.1

මෙම පූජනීය පද රසවිඳින්න සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ව2 අප වෙත එවීම ගැන ස්තුති කිරීමට ඔබට හැකි සෑම මාර්ගයක්ම සොයා ගන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා අපට පසුතැවිලි වී අපගේ පව්වලට සමාව ලබාගන්න පුළුවන්. උන්වහන්සේ නිසා අප සෑම කෙනෙකුම මරණයෙන් නැවත නැගිටිනවා.

3 නෙපි හි වාර්තා කර ඇති පරිදි, අමෙරිකාවේ නෙපිවරුන්ට ගැලවුම්කරුවාණන්ගේ පෙනී සිටීම පිළිබඳ වාර්තාව නැවත අධ්‍යයනය කිරීමට මම ඔබට ආරාධනා කරනවා. එම පෙනී සිටීමට වැඩි කලක් යන්නට මත්තෙන්, මෙම අයැදීමේ වචන ඇතුළුව, උන්වහන්සේගේ හඬ ජනතාව අතර ඇසුණා:

“මා නුඹලාව සුවකරන පිණිස, නුඹලා දැන් මා වෙතට හැරී නොඑන්නෝද, තවද නුඹලාගේ පාපයන්ට පසුතැවිලිව, තවද හැරී නොඑන්නෝද?

“… බලන්න, මගේ දයාවේ හස්තය ඔබ දෙසට දිගු කර ඇත, කවුරුන් පැමිණේ ද, මම ඔහුව පිළිගන්නෙමි.”3

ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අද ඔබටත් එම ආරාධනයම කරනවා. උන්වහන්සේට ඔබව සුව කිරීමට හැකි වන පරිදි උන්වහන්සේ වෙත පැමිණෙන ලෙස මම ඔබෙන් අයදිනවා! ඔබ පසුතැවිලි වන විට උන්වහන්සේ ඔබව පාපයෙන් සුව කරයි. උන්වහන්සේ ඔබව දුකෙන් සහ බියෙන් සුව කරයි. උන්වහන්සේ මේ ලෝකයේ තුවාලවලින් ඔබව සුව කරයි.

ඔබට කුමන ප්‍රශ්න හෝ ගැටලු තිබුණත්, පිළිතුර සෑම විටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් තුළ සොයාගන්න පුළුවන්. උන්වහන්සේගේ වන්දිගෙවීම, උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ දහම සහ සුව කිරීමේ සහ ප්‍රගතියේ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය ගැන තව දැනගන්න. උන්වහන්සේ වෙතට හැරෙන්න! උන්වහන්සේව අනුගමනය කරන්න!

අපි දේවමාළිගා හදන්නට හේතුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. ඒ සෑම එකක්ම උන්වහන්සේගේ ශුද්ධ වූ ගෘහයක්. දේවමාළිගාවේ ගිවිසුම් ඇති කරගැනීම සහ අත්‍යවශ්‍ය නියෝග ලබා ගැනීම මෙන්ම එහිදී උන්වහන්සේට සමීප වීමට උත්සාහ කිරීම, වෙනත් කිසිම ආකාරයක නමස්කාරයකට කළ නොහැකි ආකාරයෙන් ඔබේ ජීවිතයට ආශිර්වාද කරයි. මේ හේතුව නිසා, ලොව පුරා සිටින අපගේ සාමාජිකයින්ට දේවමාළිගාවේ ආශිර්වාදය වඩාත් ප්‍රවේශ විය හැකි එකක් බවට පත් කිරීමට අපි අපට හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා. පහත සඳහන් සෑම ස්ථානයකම නව දේවමාළිගාවක් ඉදිකිරීමට අපගේ සැලසුම් පිළිබඳව අද දින මම කෘතඥ වෙනවා:

  • රෙටල්හුලේලු, ග්වාතමාලාව

  • ඉක්විටෝස්, පේරු

  • තෙරේසිනා, බ්‍රසීලය

  • නටාල්, බ්‍රසීලය

  • තගුඒගරෝ නගරය, පිලිපීනය

  • ඉලොයිලෝ, පිලිපීනය

  • ජකර්තා, ඉන්දුනීසියාව

  • හැම්බර්ග්, ජර්මනිය

  • ලෙත්බ්‍රිජ්, ඇල්බර්ටා, කැනඩාව

  • සැන් හොසේ, කැලිෆෝනියාව

  • බේකර්ස්ෆීල්ඩ්, කැලිෆෝනියාව

  • ස්ප්‍රිංෆීල්ඩ්, මිසුරි

  • චාලට්, උතුරු කැරොලිනා

  • වින්චෙස්ටර්, වර්ජිනියා

  • හැරිස්බර්ග්, පෙන්සිල්වේනියා

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සභාවේ කටයුතු මෙහෙයවන බවට මම සාක්ෂි දරනවා. ප්‍රීතිය ලබාගැනීමට ඇති එකම මාර්ගය උන්වහන්සේව අනුගමනය කිරීම බව මම සාක්ෂි දරනවා. “ධර්මිෂ්ඨකමින් සහ මහත් තේජසින් දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධව”4 සිටින උන්වහන්සේගේ ගිවිසුම් රකින සෙනඟ මතට උන්වහන්සේගේ බලය පැමිණෙන බව මම දන්නවා. මාගේ ප්‍රේමයෙන් හා ආශිර්වාදයෙන් ඔබ සැමට මම එසේ සාක්ෂි දරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ නාමයෙන්, ආමෙන්.