ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 3


3 වන කොටස

1828 ජූලි මස, හාර්මනි, පෙන්සිල්වේනියා හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට දෙනු ලැබූ එළිදරව්වකි, මොර්මොන්ගේ පොතෙහි පළමු කොටසේ පරිවර්තනය කෙරුනු අත්පිටපතේ පිටු 116 නැතිවීම සම්බන්ධව වේ, එය ලෙහිගේ පොත ලෙස හැඳින්විණි. අනාගතවක්තෘවරයා මෙම පිටු ඔහුගේ භාරයෙන් පිටතට මොර්මොන්ගේ පොත පරිවර්තනයේදී කෙටි කාලයකට ලියන්නා ලෙස ක්‍රියා කළ මාටින් හැරිස්ට අකමැත්තෙන් අවසරය ලබාදුන්නේය. එම එළිදරව්ව දෙනු ලැබූයේ ඌරීම් සහ තුම්මීම් තුළිනි. (10 වන කොටස බලන්න.)

1–4, ස්වාමින්වහන්සේගේ ගමන් මග එක් සදාකාලික චක‍්‍රයකි; 5–15, ජෝසෆ් ස්මිත් පසුතැවිලි විය යුතුය, නැතහොත් පරිවර්තනයට ඇති දීමනාව නැතිවන්නේය; 16–20, ලෙහිගේ වංශය ගලවනු පිණිස මොර්මොන්ගේ පොත පෙරට පැමිණෙන්නේය.

1 මෙම ක්‍රියාවන්ද, මෙම සැලසුම්ද, එමෙන්ම දෙවියන්වහන්සේගේ අරමුණුද නිෂ්ඵල කළ නොහැක්කේය, එලෙසම එය ශුන්‍යත්වයට පැමිණවිය නොහැක්කේය.

2 මක්නිසාද දෙවියන්වහන්සේ වක්‍ර මාර්ග වල ගමන් නොකරන සේක, උන්වහන්සේ දකුණට හෝ වමට නොහැරෙන සේක, උන්වහන්සේ ප‍්‍රකාශ කරන ලද දෙයින් වෙනස් නොවන සේක, එසේහෙයින් උන්වහන්සේගේ මාර්ග ඍජු වේ, තවද උන්වහන්සේගේ ගමන් මග එක් සදාකාලික චක්‍රයක් වන්නේය.

3 මතකතබාගන්න, මතකතබාගන්න, නිෂ්ඵල කළ හැක්කේ දෙවියන්වහන්සේගේ ක්‍රියා නොව, මනුෂ්‍යයන්ගේ ක්‍රියාය;

4 මක්නිසාද මනුෂ්‍යයාට බොහෝ එළිදරව් ලැබුනත්, බොහෝ බලවත් ක්‍රියාවන් කිරීමට බලය ලැබුනත්, එහෙත් ඔහු ඔහුගේ ස්වකීය ශක්තිය පාරට්ටු කරමින්, දෙවියන්වහන්සේගේ උපදේශයන් ශුන්‍යත්වයට තබමින්, ඔහුගේ ස්වකීය සහ ලෞකික ආශාවන් අනුව යන්නේ නම්, ඔහු වැටී ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේගේ උදහසට පත්විය යුතු වන්නේය.

5 බලන්න, මෙම දේවල් නුඹට භාරදෙන ලද්දේය, එහෙත් නුඹගේ ආඥාවන් කෙතරම් දැඩිද; තවද එසේම නුඹලා ඒවා නොබිඳින්නේ නම්, නුඹලාට දෙන ලද එම පොරොන්දු මතකතබාගන්න.

6 තවද බලන්න, දෙවියන්වහන්සේගේ ආඥාවන් සහ නීති බිඳිමින් මනුෂ්‍යයන්ගේ පෙළඹවීම් අනුව නුඹ කෙතරම් ගොස් ඇතිද.

7 මක්නිසාද, බලන්න, මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ උපදේශයන් ශුන්‍යත්වයට දමමින්, උන්වහන්සේගේ වචන අඩු කොට සැලකුවත්, නුඹ දෙවියන්වහන්සේට වඩා මනුෂ්‍යන්ට බිය නොවිය යුතුය—

8 එසේවුවද නුඹ ඇදහිලිවන්තව සිටියේ නම්; තවද උන්වහන්සේ උන්වහන්සේගේ හස්තය දිගුකොට විරුද්ධකාරයාගේ සියලු ගිනිලන ඊතල වලට විරුද්ධව නුඹට උපකාර කිරීමට ඉඩ තිබින; තවද නුඹගේ සියලු අමාරු කාල වලදී උන්වහන්සේ නුඹ සමඟ සිටීමට ඉඩ තිබින.

9 බලන්න, නුඹ ජෝසෆ් වේ, තවද නුඹව ස්වාමින්වහන්සේගේ සේවය කිරීමට තෝරාගෙන ඇත, එහෙත් වරද නිසා, නුඹ සැලකිලිමත් නොවන්නේ නම් නුඹ වැටෙනු ඇත.

10 එහෙත් සිහිකරන්න, දෙවියන්වහන්සේ කරුණාවන්තය; එසේහෙයින්, මා විසින් නුඹට දෙන ලද ආඥාවන්ට ප‍්‍රතිවිරුද්ධව නුඹ විසින් කරන ලද දේවලට පසුතැවෙන්න, තවද නුඹව තවමත් තෝරාගෙන ඇත්තේය, තවද නැවතත් සේවයට නුඹව කැඳවා ඇත්තේය;

11 නුඹ මෙය කරන්නේ නැතිනම්, නුඹව අතහැර දමා තවද අනෙකුත් මනුෂ්‍යයන් මෙන් වන්නේය, තවද තවත් දීමනා නොලැබෙනු ඇත.

12 තවද නුඹට දෙවියන්වහන්සේ විසින් පරිවර්තනය කිරීමට පෙනීමද බලයද දෙනු ලැබූ එය නුඹ වෙනකෙකුට දුන්පසු, එම ශුද්ධවන්ත වූ දේ දුෂ්ට මනුෂ්‍යයෙකුගේ අත් වලට නුඹ භාරදුන්නෙහිය.

13 දෙවියන්වහන්සේගේ උපදේශ නොසලකා හැරියාවූද, දෙවියන්වහන්සේ ඉදිරියේ කරන ලද වඩාත් ශුද්ධ වූ පොරොන්දු කඩකළා වූද, ඔහුගේ ස්වකීය විනිශ්චය සහ ඔහුගේ ස්වකීය පුරසාරම් ප‍්‍රඥාව මත ඔහු රඳාසිට ඇත.

14 තවද නුඹගේ වරප‍්‍ර‍්‍රසාද නුඹ කාලයකට නැතිකරගත් හේතුව නම් මෙයැයි—

15 මක්නිසාද පටන්ගැන්මේ පටන් පාගාදැමීමට යටත්වීමට පවා නුඹ නුඹගේ මගපෙන්වන්නාගේ උපදේශයන් ඉවසා සිටියෙහිය.

16 එසේවුවද, මාගේ ක්‍රියා ඉදිරියට යනු ඇත, මක්නිසාද එපමණකින් ගැලවුම්කරුවාණන් පිළිබඳ දැනුම ලෝකයාට පැමිණෙන තරමටම, යුදෙව්වන්ගේ සාක්ෂිය තුළින්, ඒ ආකාරයෙන්ම මාගේ ජනතාවට ගැලවුම්කරුවාණන් පිළිබඳ දැනුම පැමිණෙනු ඇත—

17 තවද ඔවුන්ගේ පියවරුන්ගේ සාක්ෂිය තුළින් නෙපිවරුන්ටද, යාකොබ්වරුන්ටද, යෝසෙප්වරුන්ටද, සෝරාම්වරුන්ටද එය පැමිණෙනු ඇත—

18 තවද ඔවුන්ගේ පියවරුන්ගේ අයුතුකම් නිසා අධර්මිෂ්ඨකමින් පිරිහී ගිය, එමෙන්ම ඔවුන්ගේ අයුතුකම් සහ ඔවුන්ගේ පිළිකුල්කම් නිසා, ඔවුන්ගේ සහෝදරයින් වන නෙපිවරුන්ව විනාශ කිරිමට ස්වාමින්වහන්සේ ඉඩදුන්, ලාමන්වරුන්, ලාමුවෙල්වරුන්, සහ ඉෂ්මයෙල්වරුන්ගේ දැනගැන්මට මෙම සාක්ෂිය පැමිණෙනු ඇත.

19 තවද මෙම කරුණ නිසාවටම මෙම තහඩු රැක්කෙමි, මෙම වාර්තාවන් එහි ඇතුළත්වන්නේය—එනම් ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ජනතාවට දුන් එම පොරොන්දු සම්පූර්ණවන පිණිසය;

20 තවද ලාමන්වරු ඔවුන්ගේ පියවරුන්ගේ දැනීමට පැමිණ, එනම් තවද ඔවුන් ස්වාමින්වහන්සේගේ පොරොන්දු දැන, තවද ඔවුන් ශුභාරංචිය විශ්වාස කරමින් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග මත රැඳෙමින්, උන්වහන්සේගේ නාමය තුළින් ඇදහිල්ලෙන් මහිමවත් වී, එනම් ඔවුන් ඔවුන්ගේ පසුතැවිල්ල තුළින් ගැලවීම ලබන පිණිසය. ආමෙන්.