ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 43


43 වන කොටස

1831 පෙබරවාරි, කර්ට්ලන්ඩ්, ඔහායෝ හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් දෙනු ලැබූ එළිදරව්වකි. මෙම කාලයේදී සභාවේ සමහර සාමාජිකයෝ එළිදරව්කරුවන් ලෙස බොරුවට ඉදිරිපත් වන මිනිසුන් නිසා බාධා වී සිටියහ. අනාගතවක්තෘවරයා ස්වාමින්වහන්සේගෙන් විමසනු ලදුව තවද සභාවේ වැඩිහිටියන්ට කතා කළ මෙම සන්නිවේදනය ලැබීය. පළමුවන කොටසෙහි සභාවේ පාලනය සම්බන්ධ කාරණා වේ; පසු කොටසෙහි පොළොවේ ජාතීන්ට වැඩිහිටියන් දිය යුතු අනතුරු හැඟවීම් ඇතුළත් වේ.

1–7, එළිදරව් සහ ආඥාවන් පැමිණෙන්නේ පත්කරනු ලැබූවන්ගෙන් පමණි; 8–14, ශුද්ධවන්තයින්ව පරිශුද්ධ කරනු ලබන්නේ ස්වාමින්වහන්සේ ඉදිරියේ සම්පූර්ණව ශුද්ධවන්තව ක්‍රියාකිරීමෙනි; 15–22, වැඩිහිටියන්ව පෙරට යවනු ලබන්නේ පසුතැවිල්ලට මොරගැසීමට සහ ස්වාමින්වහන්සේගේ මහත් දවස උදෙසා මනුෂ්‍යන්ව සූදානම් කිරීමටය; 23–28, ස්වාමින්වහන්සේ ස්වකීය හඬින් සහ සොබාදහමේ බලවේගයන් තුළින් මනුෂ්‍යයන්ව අමතයි; 29–35, සහස්‍රය සහ සාතන්ව බැඳ තැබීම පැමිණෙනු ඇත.

1 අහෝ උවමනාවෙන් සවන්දෙන්න, මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා, තවද මම නුඹලා හට කතා කරන එම වචනයන්ට කන්දෙන්න.

2 මක්නිසාද බලන්න, සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් මාගේ හස්තයෙන් නුඹලා හට ආඥාවන් සහ එළිදරව් වීම් ලබාගැනීමට මම පත්කර ඇති ඔහු තුළින්, නුඹලා මාගේ සභාව වෙතට නීතියක් සඳහා ආඥාවක් ලබා ඇත්තෙහුය.

3 තවද මෙය නුඹලා සත්‍යයෙන්ම දැනගන්නෙහුය—ඔහු මා තුළ පවතින්නේ නම්, එනම් ඔහුව මරණයෙන් පසු ගන්නා තුරු, නුඹලා හට ආඥාවන් සහ එළිදරව් වීම් ලබාගැනීමට මම වෙනත් අයෙකු පත්කර නොමැත්තෙමි.

4 එහෙත් සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් ඔහු තුළින් හැර මෙම දීමනාව වෙතට වෙන කිසිවෙකුත් පත්කරනු නොලබන්නේය; මක්නිසාද එය ඔහුගෙන් ගනු ලැබුවහොත් ඔහුගේ ස්ථානයට වෙනත් අයෙකු පත්කි‍රීමට හැර ඔහුට බලයක් නොවන්නේය.

5 තවද මෙය නුඹ හට නීතියක් වන්නේය, එනම් නුඹලා ඉදිරියට එළිදරව් වීම් සහ ආඥාවන් ලෙස පැමිණෙන එම කිසියම් ඉගැන්වීමක් නුඹලා පිළිනොගන්නෙහුය.

6 තවද මම මෙය නුඹලා හට දෙනු ලබන්නේ එනම් නුඹලා නොරැවටෙන පිණිසය, එනම් ඒවා මාගෙන් නොවන බව නුඹලා දැනගන්නා පිණිසය.

7 මක්නිසාද සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා විසින් ලැබුවා වූ සහ එම මා විසින් පත්කරන ලද ඔහු තුළින් ලැබෙන එම එළිදරව් වීම් ඉගැන්වීම සඳහා, තවද මා විසින් නියම කරනු ලැබූ ඔහු එම දොරටුව තුළින් පැමිණ මා විසින් නුඹලාට කලින් පැවසූ ලෙස නියම වනු ලබන්නේය.

8 තවද දැන්, බලන්න, මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි, එනම් නුඹලා කෙසේ ක්‍රියා කරන්නේද සහ මාගේ සභාවට කෙසේ මගපෙන්වන්නේ දැයි දැනගන්නා පිණිසත්, මා විසින් දෙනු ලැබූ, මාගේ නීති සහ ආඥාවන් හි කරුණු මත කෙසේ ක්‍රියාකරන්නේ දැයි දැනගන්නා පිණිසත්, එනම් නුඹලා එක්රැස් වූ විට උපදෙස් දෙමින් නුඹලා එකිනෙකාව වර්ධනය කරගත යුතු වන්නේය.

9 තවද මෙසේ නුඹලා මාගේ සභාවේ නීතිය තුළ උපදේශයන් ලබන්නෙහුය, තවද නුඹලා ලැබූ එම දේ මගින් පරිශුද්ධ වන්නෙහුය, තවද නුඹලා මා ඉදිරියේ ශුද්ධවන්තව ක්‍රියා කිරීමට නුඹලාවම බැඳ තබාගන්නෙහුය—

10 එනම් එපමණකින් නුඹලා මෙය කරන තරමටම, නුඹලා ලබාගත් එම රාජ්‍යයට මහිමය එකතු කරනු ලබන්නේය. නුඹලා එය නොකරන තරමටම, එනම් නුඹලා ලබාගත් එම දෙය වුවත්, එය ගනු ලබන්නේය.

11 නුඹලා අතරෙහි ඇති එම අයුතුකම පිටතට දමන්න; මා ඉදිරියේ නුඹලාව පරිශුද්ධ කරගන්න;

12 තවද නුඹලාගේ ආශාව රාජ්‍යයේ මහිමයන් නම්, මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ පත්කොට, තවද ඔහුව මා ඉදිරියේ ඇදහිල්ලේ යාච්ඤාව මගින් ඔසවන්න.

13 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලා රාජ්‍යයේ අභිරහස් සඳහා ආශා වන්නේ නම්, ඔහු උදෙසා ආහාර සහ වස්ත්‍රද, මම ඔහු හට ආඥා කර ඇති එම කාර්යය ඉටුකිරීමට ඔහුට අවශ්‍යය කුමනාකාර දෙයක් වුවත් සපයන්න;

14 තවද නුඹලා එය නොකරන්නේ නම් ඔහුව ලබාගත් අය සමඟ ඔහු සිටිනු ඇත, එනම් මම මා වෙතට පවිත්‍ර වූ ජනතාවක් මා ඉදිරියේ රඳවා ගන්නා පිණිසය.

15 තවද මම පවසන්නෙමි, මා විසින් පත්කරන ලද, මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා උවමනාවෙන් සවන්දෙන්න: නුඹලාව ඉදිරියට යවා ඇත්තේ ඉගෙනගැනීමට නොව, එහෙත් මාගේ ආත්මයේ බලයෙන් මම නුඹලාගේ දෑතට දෙනු ලැබූ එම දේවල් මනුෂ්‍ය දරුවන් හට ඉගැන්වීමටය;

16 තවද ඉහළින් නුඹලාට උගන්වනු ඇත. නුඹලාව පරිශුද්ධ කරගන්න, තවද බලය සහිතව නුඹලාව බලයෙන් සරසනු ඇත එනම් මා කතා කළ ලෙස වුවත් නුඹලා දෙනු ලබන පිණිසය.

17 නුඹලා උවමනාවෙන් සවන්දෙන්න, මක්නිසාද, බලන්න, ස්වාමින්වහන්සේගේ මහත් දවස අත ලඟ වන්නේය.

18 මක්නිසාද ස්වර්ගයෙන් පිටතට ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ හඬින් කතා කරන දවස පැමිණෙන්නේය; ස්වර්ගයන් සෙලවෙමින් තවද පොළොව වෙව්ලන්නේය, තවද දෙවියන්වහන්සේගේ හොරණෑවේ ශබ්දය දිගින් දිගටම සහ ශබ්ද නගමින් යන දෙකෙන්ම වන්නේය, තවද නිදන ජනතාවට මෙසේ කියන්නේය: ශුද්ධවන්තයන් වූ නුඹලා නැගිට ජීවත්වන්න; පව්කරුවන් වූ නුඹලා නැවතී මා නැවත හඬගසන තුරු තවද නිදාගනින්න.

19 එසේහෙයින් නුඹලා දුෂ්ටයන් අතර සම්භ නොවන පිණිස නුඹලාගේ ඉඟටිය බැඳගන්න.

20 නුඹලාගේ හඬ ඔසවන්න තවද එය වළක්වා නොගනින්න. ජාතීන් පසුතැවිල්ලට කැඳවන්න, මහළු සහ තරුණ දෙගොල්ලන්ම, වහල් සහ නිදහස් දෙගොල්ලන්ටම, මෙසේ කියන්න: ස්වාමින්වහන්සේගේ මහත් වූ දවසට නුඹලාව සූදානම් කරගනිල්ලා;

21 මක්නිසාද මනුෂ්‍යයෙකු වන මම, මාගේ හඬ ඔසවමින් තවද පසුතැවිලි වීමට නුඹලාව කැඳවන්නේ නම්, තවද නුඹලා මා හට වෛර කරන්නේ නම්, පසුතැවිලිවෙයල්ලා, තවද ස්වාමින්වහන්සේගේ මහත් වූ දවස උදෙසා සූදානම් වෙයල්ලා—යැයි පවසමින් ගිගුරුම් පොළොවේ අන්තයන්ගෙන් ඔවුන්ගේ හඬ නගමින්, ජීවත් වන්නාවූ සියල්ලන්ගේ කන් වලට කතා කරන දවස පැමිණෙන විට නුඹලා කුමක් කියන්නේද?

22 එසේය, තවද නැවතත්, අකුණු නැගෙනහිරෙන් බටහිරට පිටතට විහිදුවමින් ගමන් ගන්නා විට, තවද ජීවත් වන්නාවූ සියල්ලන් වෙතට ඔවුන්ගේ හඬින් හඬ නගමින්, නුඹලා පසුතැවිලිවෙයල්ලා, මක්නිසාද ස්වාමින්වහන්සේගේ මහත් දවස පැමිණ ඇත්තේය—යන වචන පවසනවා ඇසෙන සියල්ලන්ගේ කන් හිරි වැටීමට පමුණුවන විට?

23 තවද නැවතත්, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ හඬ ස්වර්ගයෙන් පිටතට, මෙසේ කියමින් හඬ නගන සේක: උවමනාවෙන් සවන්දෙන්න, අහෝ පොළොවේ ජාතීන් වූ නුඹලා, තවද නුඹලාව මැවූවා වූ දෙවියන්වහන්සේගේ වචනයන්ට සවන්දෙන්න.

24 අහෝ, පොළොවේ ජාතීන් වූ නුඹලා, කිකිළියක් ඇයගේ පැටවුන් ඇයගේ පියාපත් යටතට රැස්කරගන්නාක් මෙන් මම නුඹලාව කොපමණ වාරයක් එක්රැස් කරගත්තේද, එහෙත් නුඹලා රැස්වූයේ නැත!

25 තවද සදාකාලික ගැලවීමක් සමඟින් නුඹලාව ගලවාගැනීම පිණිස, කොපමණ අවස්ථාවක් මාගේ සේවකයන්ගේ මුඛයෙන්ද, දේවසේවයේ දේවදූතයන් මගින්ද, මාගේම ස්වකීය හඬින්ද, ගිගුරුම් හඬ මගින්ද, අකුණු හඬ මගින්ද, කුණාටු හඬ මගින්ද, භූමිකම්පා සහ මහත් වූ හිම කුණාටු හඬ මගින්ද, සාගත සහ සියලු ආකාර වූ වසංගතයන්ගේ හඬ මගින්ද, මහත් වූ හොරණෑවක ශබ්දයක් මගින්ද, විනිශ්චයේ හඬ මගින්ද, සියලු දවස මුළුල්ලේ දයාවේ හඬ මගින්ද, මහිමයේ සහ ගෞරවයේ සහ සදාකාල ජීවනයේ පොහොසත්කම් හි හඬ මගින්ද, මම නුඹලා හට කතා කළේද, එහෙත් නුඹලා ගැලවීම නොලැබූවෙහුය!

26 බලන්න, මාගේ උදහසේ කෝපයේ කුසලානය පිරී තිබෙන දවස පැමිණ ඇත්තේය.

27 බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් මෙම වචන නුඹලාගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේගේය.

28 එසේහෙයින්, නුඹලා වෙහෙස වෙයල්ලා, මක්නිසාද පොළොවේ නිවෙසියන් හට අවසාන වරට හඬ ගසන කාලය උදෙසා—නුඹලා මාගේ මිදිවත්තේ අවසන් වරට වෙහෙස වෙයල්ලා.

29 මක්නිසාද මාගේ ස්වකීය නියමිත කාලයේදී පොළොවේ විනිශ්චයට මම පැමිණෙන්නෙමි, තවද මාගේ ජනතාව මුදවාගැනෙන අතර මා සමඟ පොළොව පාලනය කරන්නෝය.

30 මක්නිසාද, මාගේ සේවකයන්ගේ මුඛයෙන් මා කතා කරන ලද්දාවූ එම මහත් වූ සහස්‍රය, පැමිණෙන්නේය.

31 මක්නිසාද සාතන්ව බඳිනු ලබන්නේය, තවද නැවතත් ඔහු නිදහස් වූ විට ඔහු ස්වල්ප කාල පරිච්ඡේදයකට පමණක් පාලනය කරන්නේය, තවද එවිට පොළොවේ අවසානය පැමිණෙන්නේය.

32 තවද ධර්මිෂ්ඨව ජීවත්වන්නාවූ ඔහු ඇසිපිය ගසන ඇසිල්ලකින් වෙනස් වන්නේය, තවද පොළොව ගින්දර මගින් මෙන් පහව යන්නේය.

33 තවද දුෂ්ටයන් නොනිවෙන්නා වූ ගින්දර වෙතට යන්නෝය, තවද ඔවුන්ගේ අවසානය පොළොවේ වෙසෙන කිසිඳු මනුෂ්‍යයෙකු නොදන්නේය, ඔවුන් මා ඉදිරියේ විනිශ්චයට පැමිණෙන තුරු, කිසිවිටකත් දැන නොගන්නෝය.

34 මෙම වචනයන්ට නුඹලා උවමනාවෙන් සවන්දෙන්න. බලන්න, ලෝකයේ ගැලවුම්කාර වූ, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නෙමි. නුඹලාගේ හදවත් තුළ මෙම දේවල් රැස්කරගන්න, තවද නුඹලාගේ මනස මත සදාකාලයේ ගැඹුර රැඳීමට ඉඩදෙන්න.

35 සිහි ඇතිව සිටින්න. මාගේ සියලු ආඥාවන් පිළිපදින්න. එය එසේම වන්නේය. ආමෙන්.