2010–2019
අධ්‍යාත්මික හැකියාව
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අධ්‍යාත්මික හැකියාව

උන්වහන්සෙගේ ඇදහිලිවන්ත අනුගාමිකයන් ලෙස, ඔබ වෙනුවෙන්ම සාදන ලද උන්වහන්සෙගේ අණපනත් සමග දිගින් දිගටම පෞද්ගලික එළිදරව් සහ දිව්‍යඥානය ඔබට ලබාගත හැක.

මම මේ ගිම්හානයෙදී තරුණ කාන්තා කඳවුරකින් පිටව යනවිට තරුණ කාන්තාවක් මට සටහනක් දුන්නා. එහි, ඇය අසා තිබුණා, “දෙවියන්වහන්සේ මට යමක් පැවසීමට උත්සහ කරන බව මම කොහොමද දැනගන්නේ?” මම ඇයගේ ප්‍රශ්නයට ගොඩක් කැමතියි. අපගේ ආත්මයන් අපගේ ස්වර්ගීය නිවස සමග සම්බන්ධතාවක් අපේක්ශා කරනවා. අපව අවශ්‍යයි සහ ප්‍රයොජන්වත් යයි හැඟීමට අවශ්‍යයි. නමුත් ඇතැම් විට අපි අපගේ සිතුවිලි සහ ආත්මයණන්ගේ මෘදු හැඟීම් අතර වෙනස වටහාගැනීමට කරදර වෙනවා. පුරාණ සහ නූතන දිවැසිවරු, මෙසේ උගන්වා තිබෙනවා “යම් දෙයක් යහපත කිරීමට ආරාධනා කර පොළඹවන්නේ නම්, එය පැමිණෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගෙන්.” 1

සභාපති රසල් එම්. නෙල්සන් සරල, බලවත් ආරාධනයක් කර තිබෙනවා: “මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, එළිදරව් ලබාගැනීම පිණිස ඔබගේ අධ්‍යාත්මික හැකියාවන් වර්ධනය කරගන්නා ලෙසට මම ඔබෙන් ආයාචනා කර සිටිනවා. … ශුද්ධාත්මයාණන්ගේ දීමනාව භුක්තිවිඳීමට සහ ආත්මයාණන්ගේ හඬ නිතරම සහ පැහදිලිව ඇසීමට ඒ සඳහා අවශ්‍ය වන ආත්මික කාර්ය‍යන් කිරීමට තෝරාගන්න.”2

මේ උදෑසන මගේ අපෙක්ෂාව වන්නේ එළිදරව් ලබාගැනීම සඳහා ඔබගේ ආත්මික හැකියාවන් වර්ධනය කරගත හැකි ආකාර හතරක් පිලිබඳව මගේ හදවතින්ම කතාකිරීමටයි.

1. දෙවියන්වහන්සෙගේ හඬ ඇසීමට කාලය සහ ඉඩ නිර්මාණය කරගැනීම පිළිබඳව චේතනාන්විත වන්න.

දෙවියන්වහන්සෙගේ හඬට ළංවීමට විශේෂයෙන්ම මොර්මොන්ගේ පොත තුලින්, දිනපතාම ඔබ ඔබේ තෝරාගැනීමේ කැමැත්ත භාවිතා කර කාලය වෙන්කරන්නේ නම්, කාලයාගේ ඇවෑමෙන්, උන්වහන්සෙගේ හඬ ඔබට වඩාත් පැහැදිළි සහ වඩාත් හුරු වේවි.

ඊට හාත්පසින්ම වෙනස් ලෙස, ලෝකය, අපගේ නිවාස සහ අපගේ ජීවිත පුරවන අවධානය වෙනතකට යොමුකරන දේ සහ ශබ්දයන් උන්වහන්සෙගේ හඬ ඇසීම අපට තවදුරටත් අසීරු කරවයි. ශුද්ධාත්මයාණන්වහන්සේගේ මෘදු පෙලඹවීම් වලට අප ඉඩ නොතබන තරමට මෙම අවධානය වෙනතකට යොමුකරන දෑ අපගේ මනස සහ හදවත අල්ලාගත හැක.

බොහෝ අවස්ථා වලදී දෙවියන්වහන්සේ උන්වහන්සේව එළිදරව් කරනු ලබන්නේ “පුද්ගලයන් හට පෞද්ගලිකව, ඔවුන්ගේ කුටිය තුල, කාන්තාරයේ හෝ කෙත්වල, සහ සාමාන්‍යයෙන් ශබ්දයකින් හෝ කැලඹීමකින් තොරව බව”3 සභාපති ජොසෆ් ස්මිත් ඉගැන්වුවා.

සාතන්ට අවශ්‍ය වන්නේ එම නිහඬ ස්ථාන වලින් අපව ඈත්කිරීමෙන් දෙවියන්වහන්සේගෙන් අපව වෙන්කිරීමටයි. දෙවියන්වහන්සේ නිශ්චල කුඩා හඬකින් කතාකරන්නේ නම්, උන්වහන්සේට සවන් දීමට ඔබ සහ මම සමීප විය යුතුයි. පොඩ්ඩක් සිතා බලන්න අපි වයිෆයි වලට සම්බන්ධ වෙලා සිටිනවා වාගේ ස්වර්ගය සමග සම්බන්ධ වෙලා සිටිනවානම් මොනවාවා වේවිද කියලා. දිනපතාම දෙවියන්වහන්සෙගේ හඬට ඇහුම්කන්දීමට වේලාවක් සහ ස්ථානයක් තෝරාගන්න. ඒ වගේම මක්නිසාද බොහෝ දේ ඒ මත රඳාපවතින නිසා, මෙම උතුම් පත්වීම සම්පූර්ණ එකඟත්වයකින් තබාගන්න!

ප්‍රමාද වීමකින් තොරව ක්‍රියා කරන්න.

ඔබට පෙළඹ්වීම් ලැබුණු විට සහ පසුව අභිප්‍රායකින් ක්‍රියා කල විට, ස්වාමින්වහන්සේට ඔබව භාවිතා කල හැකියි. ඔබ වැඩියෙන් ක්‍රියා කරන විට, ශුද්ධාත්මයාණන්ගේ හඬ වඩ වඩාත් හුරුපුරුදු වේවි. ඔබට දෙවියන්වහන්සෙගේ මගපෙන්වීම් මෙන්ම උන්වහන්සේ “උන්වහන්සෙගේ මනස සහ කැමැත්ත එළිදරව් කිරීමට කැමති බව”4 වැඩි වැඩියෙන් හඳුනාගැනීමට හැකි වේවි. ඔබ පරක්කු කල විට, ඔබට සමහර විට පෙළඹවීම් අමතකවී හෝ දෙවියන්වහන්සේ වෙනුවෙන් තව කෙනෙකුට උදවු කිරීමට ඇති අවස්ථාව අහිමි වේවි.

ඔබගේ පණිවිඩය දෙවියන්වහන්සේගෙන් ලබාගන්න.

දෙවියන්වහන්සේ පිළිතුරු දීමට උනන්දු වන යාච්ඤාව වන්නේ උදවු අවශ්‍ය කෙනෙකු වෙත මගපෙන්වීමට අප කරන ආයාචනයයි. උන්වහන්සේ වෙනුවෙන් අපට උදවු කල හැකි කෙනෙකු පිළිබඳව දෙවියන්වහන්සේගෙන් ඇසීමෙන් එළිදරව් වීම් සොයන්න කියා සභාපති අයිරින් අපට උගන්වා තිබෙනවා. “ඔබ එවැනි ප්‍රශණ ඇසුවොත්, ශුද්ධාත්මයාණන්වහන්සේ පමිණෙනු ඇති අතර අනිත් මිනිසුන් වෙනුවෙන් ඔබට කලහැකි දේවල් පිළිබඳව ඔබට දැනෙනු ඇත. ඔබ ගොස් මෙවැනි දේවල් කරන විට, ඔබ ස්වාමින්වහන්සේගේ සමුහයෙහි වන අතර, ඔබ ස්වමින්වහන්සේගේ සමුහයේ සිටින විට, ශුද්ධාත්මයාණන්ගේ දීමනාවට සුදුසුකම් ලබයි.” 5

ඔබට යාච්ඤා කර පණිවිඩයක් සඳහා ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැක. ඔබ එසේ කල විට, උන්වහන්සේට ඔබගේ සාමාන්‍ය හැකියාවන් උන්වහන්සෙගේ අපූරු කාර්‍යයන් කර ගැනීමට භාවිතා කල හැකිය.

රූපය
ක්‍රේග් සහෝදරියගේ සීයා වන ෆ්‍රිට්ස් ලන්ඩ්ග්‍රන්

මගේ සීයා, ෆ්‍රිට්ස් ජල්මාර් ලන්ඩ්ග්‍රෙන්, ඔහුට අවුරුදු 19ක්ව තිබියදී ස්වීඩනයේ සිට සංක්‍රමණය වුනා. ඔහු ඇමෙරිකාවට පැමිණියේ, තනියම, සූට්කේසයක් සහ වසර හයක විධිමත් පාසල් අධ්‍යාපනයක් සමග පමනි. කිසිඳු ඉංග්‍රීසි වචනයක්වත් කතකල නොහැකි වු ඔහු, ඔරිගොන් වෙත පැමිණ ගස්කපන්නෙකු ලෙස සේවය කල අතර, මගේ ආච්චී සහ මගේ මව සමග සභාවට සම්භන්ධ වුනා. ඔහු කිසිදිනෙක කොට්ඨාශයක මුලසුන දැරුවේ නැහැ, නමුත් ඇදහිලිවන්ත නිවාස බැහැදකින්නෙකු ලෙස, ඔහු සභාවේ ක්‍රියාකාරකම් වලට වෙනස් පවුල් 50 කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙනාවා. ඔහු එය කලේ කොහොමඳ?

සීයාගේ මරණින් පසු, මම ඔහුගේ කඩදාසි බහාලු පෙට්ටිය පිරික්සමින් සිටියදී සීයාගේ ආදරය නිසා නැවත සභාවට පැමිණි පුද්ගලයෙකු විසින් ලියූ ලියුමක් සම්භවුනා. එම ලිපියේ කියැවුණේ, “මම විශ්වාස කරන ආකාරයට, සහෝදර ෆ්‍රිට්ගේ රහස නම්, ඔහු සෑම විටම ස්වාර්ගයේ පියාණන්වහන්සේගේ පණිවිඩ කටයුතු වල යෙදී සිටීමයි”

එම ලිපිය ලැබුණේ සහොදර වේන් සිමෝනිස්ගෙන්. සීයා ඔහුව බැහැදැක ඔහුගේ පවුලේ සෑම සාමාජිකයෙකුවම දැන කියා ගත්තා. කාලයාගේ ඇවෑමෙන්, ඔවුන්ව අවශ්‍යයි කියා සීයා ඔවුන්ට පැවසුවා, පසුව ඔවුන්ව සභාවට සහභාගී වීමට ආරාධනා කලා. නමුත් එම ඉරිදා, සහොදර සිමොනිස් අවදි වූයේ උභතෝකෝටික ප්‍රශ්නයක් සමගයි - ඔහු ඔහුගේ නිවසේ වහලය සාදා අවසන් කර නොතිවූ අතර එම සතිය තුල වර්ශාව බලාපොරොත්තු වුණා. ඔහු පල්ලියට ගොස්, සීයාගේ අතට අත දී, නැවත ගෙදර ගොස් වහලයේ වැඩ අවසන් කරන්න ඔහු තීරණය කලා. ඔහුගෙ පවුලේ අයට ඔහු නොමැතිව සක්‍රමේන්තු රැස්වීමට සහභාගී විය හැකියි.

ඔහුට වහලය උඩට, කෙනෙකු ඉනිමග දිගේ නගිනවා මෙන් ඇසෙන තාක්කල් ඔහුගේ සැලැස්ම හොඳින් වැඩ කලා. ඔහුගෙ වචන වලින් කියනවානම්: “මම උඩ බැලු විට … ඉනිමගේ ඉහලින්ම හිටගෙන සිටියේ සහොදර ෆ්‍රිට්ස්. ඔහු මට එම ලොකු හිනහව දුන්නා. මුලින්ම, මම අපහසුතාවයට පත්වුනා පසුව මට දැනුනේ මම හරියට ඉස්කෝලේ මඟහැරපු කුඩා දරුවෙක් වගේ. ඊට පස්සේ … මට තරහ ගියා. [නමුත් සහෝදර ෆ්‍රිට්ස්] ඔහුගේ කබාය ගලවා එය ඉනිමගේ එල්ලුවා. ඔහු ඔහුගේ සුදු කමිසයේ අත් ඉහලට රෝල් කරන ගමන්, මා දෙසට හැරී කිවුවා, ‘සහෝදර සිමොනිස්, ඔබට තවත් මිටියක් තිබෙනවද? ඔබට මේ වැඩේ ගොඩක් වැදගත් වෙන්න ඇති නැතිනම් ඔබ ඔබේ පවුල දමා එන්නේ නෑ, ඉතින් ඒක ඒ තරමටම වැදගත් නම්, මට අවශ්‍යයි ඔබට උදවු කරන්න.’ මම ඔහුගේ දෑස් දෙස බැලු විට, මම දැක්කේ කරුණාව සහ ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ආදරයක් පමණි. මගේ කේන්තිය පහව ගියා. … එම ඉරිදා මම මගේ උපකරණ බිම තබා මගේ හොඳ යහලුවාගේ පසුපසින් ඉනිමගෙන් පහලට සහ නැවතත් පල්ලියට ගියා.

සීයා ඔහුගේ පණිවිඩය ලබාගත්තේ ස්වාමින්වහන්සේගෙන්, ඒ වගේම ඔහු නැතිවු බැටළුන් සොයා යා යුතු බව ඔහු දැන සිටියා. ඔවුන්ගේ අංශභාගී යහලුවා වහලයක් මතට ගෙන ගොස් යේසුස් වහන්සේගෙන් සුවය ලැබීම සඳහා එයින් පහලට බැස්සවු මිනිසුන් හතර දෙනා මෙන්, 6සීයාගේ පණිවිඩය ඔහුව වහලය මතට ගෙනගියා. අන් අයට උදවු කිරීමට උත්සහ කරන අයට ස්වාමින්වහන්සේ එළිදරව් ලබාදෙනවා.

අදහමින් විශ්වාස කරන්න

මෑතකදී, තම පණිවිඩය ස්වාමින්වහන්සේගෙන් ලබාගත් තවත් ශ්‍රේෂ්ට ධර්මදුතයෙකු පිළිබඳව මම ශුද්ධලියවිලි වල කියෙවුවා. ආරොන්ගේ සහෝදරයා ආමොන් ඔහුට ඉගැන්වීමට පැමිණියේ නැත්තේ ඇයි කියා සිතු ලාමන්වරුන්ගේ එම රජුට ආරොන් උගන්වමින් සිටියා. තවද ආරොන් රජුහට මෙසේ කිව්වා: බලන්න, ස්වාමින්වහන්සේගේ ආත්මය ඔහුව වෙනත් මාර්ගයකට කැඳවු සේක.7

ආත්මයාණන්වහන්සේ මගේ සිතට කතා කෙරුවා: අපි සෑමකෙනෙකුටම කිරීමට වෙනස් මෙහෙයක් තිබෙනවා, නමුත් වෙලාවකට ආත්මයාණන්වහන්සේ අපව “වෙනත් දෙසකට” කැඳවනවා. ගිවිසුම්-ඇතිකරන, ගිවිසුම්-තබාගන්නා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස දෙවියන්වහන්සෙගේ රාජ්‍යය ගොඩනැගීමට බොහෝ ආකාර තිබෙනවා. උන්වහන්සෙගේ ඇදහිලිවන්ත අනුගාමිකයන් ලෙස, ඔබ වෙනුවෙන්ම සාදන ලඳ උන්වහන්සෙගේ අණපනත් සමග දිගින් දිගටම පෞද්ගලික එළිදරව් සහ දිව්‍යඥානය ඔබට ලබාගත හැකියි. ඔබට මෙම ජීවිතයේදී ඉටු කිරීම සඳහා අද්විතීය මෙහෙයන් සහ භුමිකාවන් තිබෙනවා වගේම ඒවා ඉටුකිරීමට අද්විතීය මගපෙන්වීම් ලබා දෙනු ඇත.

නෙපි, යාරෙද්ගේ සහෝදරයා, සහ මොසෙස්ට පවා විශාල ජලය ප්‍රමාණයක් තරණය කිරීමට තිබිණි - එක් එක්කෙනා එය කලේ වෙනස් ආකාරය ආකාර වලින්. නෙපි “පුදුමාකාර ශිල්පීය ක්‍රම වලින් ලී වැඩ”8 කළා. යාරෙද්ගේ සහෝදරයා “පිඟානක් මෙන් තදින්”9 බැඳ තිබූ බාර්ජ් ඉදි කළා. ඒවගේම මෝසෙස් “මුහුද මැද වියළි බිමක ඇවිද ගියා.”10

සෑම කෙනෙකුටම ඔවුන් වෙනුවෙන්ම සෑදු පුද්ගලික උපදෙස් ලැබුණු අතර, සෑම කෙනෙකුම එය විශ්වාස කර ක්‍රියා කළා. ස්වාමින්වහන්සේ කීකරුවන්නන් පිළිබඳව කල්පනාවෙන් සිටින අතර නෙපිගේ වචන වලින්, “උන්වහන්සේ ආඥාකල දේ සම්පූර්ණ කරනු පිනිස මාර්ගයක් [අප වෙනුවෙන්] පිළියෙල කරන සේක”.11 මතක තබාගන්න නෙපි පැවසුවේ, “මාර්ගයක්” යනු - එම මාර්ගයනොවේ.

අප බලාපොරොත්තු වූවාට වඩා වෙනස් “මාර්ගයක්” උන්වහන්සේ සුදානම් කර ඇති නිසා ස්වාමින්වහන්සේගේ පෞද්ගලික උපදේශ අපි අතපසු කරනවා හෝ ඉවතලනවාද?

සම්පූර්ණ ඇඳුමක් සහිතව, වහලයක් මතට, ඉරිදා දවසක - මගේ සීයාව අසාමාන්‍ය තැනකට මෙහෙයවුවා. ඔබ බලාපොරොත්තු වුවාට වඩා වෙනස් ආකාරයකින් හෝ අන් අයට වඩා වෙනස් වුවත්, ඔබට මගපෙන්වීමට දෙවියන්වහන්සේව විශ්වාස කරන්න.

පසු-දවස්වල සාන්තුවරුන් විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුත් වන නමුත්, “දෙවියන්වහන්සේට සියලු දෙනාම එක හා සමානයි” - “කලු සහ සුදු, බැඳීම් සහිත සහ රහිත, ගැහැණු සහ පිරිමි,” විවාහක සහ අවිවාහක, දුප්පත් සහ පොහොසත්, තරුණ සහ මහළු, ජීවිත කාලය පුරාම සාමාජිකයින් සහ මෑත කාලයේදී සභාවට බැඳුණු සාමාජිකයින්.12 ඔබ කවුරුන් වුවත් ඔබ කුමක් සමග ගණුදෙනු කලත්, ස්වාමින්වහන්සේගේ මේසයට ඔබට ආරාධනා කරනු ලැබේ.13

පියාණන්ගේ කැමැත්ත සෙවීම සහ කිරීම ඔබගේ දෛනික ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත්වන විට, ඔබව වෙනස්වීමට සහ පසුතැවීමට මගපෙන්වයි.

දරුවන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් සභාවේ නව වැඩසටහන ගොඩනගා ඇත්තේ එළිදරව් සෙවීමට ඉගෙනගැනීම, ස්වාමින්වහන්සේ අපගෙන් කරගැනීමට ඇවශ්‍ය වන්නේ කුමක්ද කියා සොයාගැනීම, සහ පසුව එම උපදේශ අනුව ක්‍රියා කිරීම යන අත්තිවාරම මතය. අපි සෑම කෙනෙක්ම, වයස හෝ තත්වය නොසලකා සෙවීමට, ලබාගැනීමට, සහ ක්‍රියාකිරීමට උත්සහ කල හැකියි. අපගේ කාලය සඳහා නියම කර ඇති මෙම සදාකාලික රටාව ඔබ අනුගමනය කරන විට, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට - එනම් උන්වහන්සේගේ ආදරයට, උන්වහන්සේගේ ආලෝකයට, උන්වහන්සේගේ මගපෙන්වීම් වලට, උන්වහන්සේගේ සාමයට, සහ උන්වහන්සෙගේ සුවකිරීමේ සහ සක්‍රීය බලයට ලංවනු ඇත. උන්වහන්සෙගේ ශ්‍රේෂ්ට කාර්‍යයන් ඉෂ්ට කරගැනීමට උන්වහන්සෙගේ දෑතේ එදිනෙදා මෙවලමක් වීමට ඔබගේ අධ්‍යාත්මික හැකියාවන් එවිට ඔබට වර්ධනය කරගත හැක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.