2010–2019
ඔබේ මහා වික්‍රමය
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබේ මහා වික්‍රමය

අපගේ සැපපහසුකම් සහ රක්ෂිත බව පසෙකට දමා අනුගාමිකයන් වීමේ ගමනට උන්වහන්සේ සමග එක්වන ලෙස ගැලවුම්කරුවාණන් සෑම දිනකම අපට ආරාධනා කරනවා.

හොබිට්ස් වල

මීට වසර ගණනාවකට පෙර ලියන ලද ආදරණීය දරුවන්ගේ මනඃකල්පිත නවකතාවක් ඇරඹෙන්නේ “භූමියේ වූ සිදුරක කුරුමිනිසෙක් වාසය කළා” යන වාක්‍යයෙනුයි.1

වික්‍රමයක් සහ විශාල ත්‍යාගයක් පිළිබඳ පොරොන්දුව කෙරෙහි අරුම පුදුම අවස්ථාවක් - වඩාත් සාමාන්‍ය සහ වැදගත් නොවූ කුරු මිනිසෙක්ට ලබාදීම බිබ්ලෝ බැගින්ස්ගේ කථාවයි.

ගැටලුව වන්නේ බොහෝ ආත්ම-ගෞරවනීය කුරු මිනිසුන්ට වික්‍රමාන්විතයන් සමග කිසිම සම්බන්ධයක් නැති වීමයි. ඔවුන්ගේ ජීවිතයේ සියළු දේම සැනසිල්ලයි. ඔවුන්ට ලැබුණු විට දිනකට ආහාර වේල් හයක් අනුභව කිරීම, ඔවුන්ගේ දවස් තම ගෙවත්තේ ගතකිරීම, අමුත්තන් සමග කතා හුවමාරු කරගැනීම, ගායනය, සංගීත භාණ්ඩ වාදනය කිරීම සහ ජීවිතයේ සරල ප්‍රීති ප්‍රමෝදයට පත්වීම ඔවුන් ප්‍රියකළා.

කොහොම වුණත්, බිල්බෝට මහා වික්‍රමාන්විත අපේක්ෂාවක් ඉදිරිපත් කළ විට, ඔහුගේ හදවතේ ගැඹුරින් යම් දෙයක් මතුවුණා. ගමන අභියෝගයක් වනු ඇති බව ඔහු මුල සිටම තේරුම්ගත්තා. ඒ වගේම භයානක වන බවත්. ඔහු නැවත නොපැමිණීමේ හැකියාවක් පවා තිබුණා.

එහෙත්, එම වික්‍රමය සඳහා වූ ඇමතුම ඔහුගේ හදවතේ ගැඹුරටම ගිහින් තිබුණා. ඉතින්, මෙම සාමාන්‍ය කුරු මිනිසා සැනසීම අත්හැරලා, ඔහුව “එතැන සිට සහ නැවතත් එතැනටත්” යන මහා වික්‍රමයට ඇතුලත් වීමට පාරට බැස්සා.2

ඔබේ වික්‍රමය

සමහර විට මෙම කථාව අප බොහෝ දෙනා සමග අනුනාද වීමට එක් හේතුවක් වන්නේ එය අපගේ කතාවද විය හැකි බැවින්.

බොහෝ, බොහෝ කලකට පෙර, අප ඉපදීමටත් පෙර, කාලයත් සමඟ අඳුරු වී මතකය වළාකුලින් පිරි යුගයක, අපටත් වික්‍රමාන්විත ගමනක් යන්නට ආරාධනාවක් ලැබුණා. එය යෝජනා කළේ අපගේ ස්වර්ගික පියාණන් වන දෙවියන්වහන්සේ විසින්. මෙම වික්‍රමය පිළිගැනීම යන්නෙන් අදහස් කරන්නේ උන්වහන්සේගේ සමග සිටීමේ සැනසිල්ල හා සුරක්ෂිතභාවය අත්හැරීමයි. එයින් අදහස් කරන්නේ නොදන්නා අන්තරායන්ගෙන් හා අත්හදා බැලීම්වලින් පිරුණු ගමනක් සඳහා පොළොවට පැමිණීමයි.

එය පහසු නොවන බව අපි දැනසිටියා.

නමුත් භෞතික ශරීරයක් ඇතුළුව වටිනා නිධානයන් ලබාගන්නා බවත්, මැරෙන සුළු ජීවිතයේ දැඩි ප්‍රීතිය හා දුක අත්විඳින බවත් අපි දැනසිටියා. අපි උත්සාහ කිරීමට, සෙවීමට හා අරගල කිරීමට ඉගෙනගනී. අපි දෙවියන්වහන්සේ හා අප ගැන සත්‍යයන් සොයාගනී.

ඇත්තවශයෙන්ම, අපි මගදී බොහෝ වැරදි කරන බවත් අපි දැනගෙන හිටියා. නමුත් අපට පොරොන්දුවක්ද තිබුණා: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මහත් පරිත්‍යාගය නිසා, අපගේ වැරදි වලින් අපව පවිත්‍ර කර, අපගේ ආත්මයන්ද පවිත්‍ර කර, පිරිපහදුර කර, යම් දවසක, නැවත නැගිටුවනු ලැබ, අපිට අපි ආදරය කරන අය සමග නැවත එක්විය හැකියි.

දෙවියන්වහන්සේ අපට කොතරම් ප්‍රේම කරනවාද කියා අපි ඉගෙනගත්තා. උන්වහන්සේ අපට ජීවිතය දුන් අතර උන්වහන්සේට අවශ්‍ය වන්නේ අපි සාර්ථක වීමයි. එමනිසා, උන්වහන්සේ අප වෙනුවෙන් ගැළවුම්කරුවෙකු සූදානම් කළා. “කෙසේවෙතත්, ස්වර්ගයේ සිටින අපගේ පියාණන් මෙසේ කී සේක, “ඔබව ඔබ වෙනුවෙන්ම තෝරාගනු ඇත, මන්ද එය ඔබට දෙනු ලැබේ.”3

අපගේ ආත්මික සහෝදර සහෝදරියන් විශාල සංඛ්‍යාවක් ඊට එරෙහිව තීරණය කළ බැවින්, දෙවියන්වහන්සේගේ දරුවන්ව ලෞකික වික්‍රමයේ කනස්සල්ලට හා භීතියට පත් කළ දුක්ඛිත සහ ත්‍රාසජනක කොටස් අනිවාර්යයෙන්ම තිබෙන්නටම ඇති.4

තෝරාගැනීමේ නිදහසෙහි ත්‍යාගය සහ බලය නිසා, අපට ඉගෙනගත හැකි දේ හා සදාකාලිකව බවට පත්විය හැකි දේ නිසා එම අවදානම වටී යැයි අපි තීරණය කළා.5

ඉතින්, දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ගේ පොරොන්දු සහ බලය කෙරෙහි විශ්වාසය තබා අපි එම අභියෝගය භාරගත්තා.

මම එසේ කළා.

ඒවගේම ඔබත් කළා.

අපගේ පළමු තත්වයේ ආරක්ෂාව අතහැර දමා “එතැන සිට සහ නැවතත් එතැනටත්” යන අපේම මහා වික්‍රමාන්විත ගමන යාමට අපි එකඟවුණා.

වික්‍රමය සඳහා කැඳවීම

ඒ වුණත්, මේ ලෞකික ජීවිතයට අපගේ අවධානය වෙනතකට යොමුකිරීමේ ක්‍රමයක් තියෙනවා නේද? අපේ විශාල ගවේෂණය පිළිබඳ දෘෂ්ටිය නැතිවී, වර්ධනයට සහ ප්‍රගතියට වඩා සැනසිල්ලට වැඩි කැමැත්තක් දක්වන්නට අපි පෙළඹෙනවා.

කෙසේවෙතත්, උසස් හා උතුම් අරමුණක් සඳහා කුසගින්නෙන් පෙළෙන, ප්‍රතික්ෂේප කළ නොහැකි, යමක් අපේ හදවත් තුළ ගැඹුරින් තියෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියට හා සභාවට මිනිසුන් ඇදී යාමට මෙම සාගින්න එක් හේතුවක්. නැවත පිහිටුවන ලද සුභාරංචිය, අර්ථයෙන් ගත් කල, අප බොහෝ කලකට පෙර පිළිගත් වික්‍රමාන්විත කැඳවීම අලුත් කිරීමක්. අපගේ සැපපහසුකම් සහ රක්ෂිත බව පසෙකට දමා අනුගාමිකයන් වීමේ ගමනට උන්වහන්සේ සමග එක්වන ලෙස ගැලවුම්කරුවාණන් සෑම දිනකම අපට ආරාධනා කරනවා.

මෙම මාර්ගයේ බොහෝ නැමීම් තියෙනවා. එහි කඳු, නිම්න සහ මාරුවීම් තියෙනවා. රූපකාත්මක මකුළුවන්, ට්‍රෝලර් සහ මකරෙකු හෝ දෙදෙනෙකු පවා එහි සිටිය හැකියි. නමුත් ඔබ මෙම මාවතේ රැඳී සිටිමින් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, අවසානයේදී ඔබේ මහිමාන්විත ඉරණමට සහ නැවත ඔබගේ ස්වර්ගීය නිවසට යන මාර්ගය ඔබ සොයාගනු ඇත.

ඉතින් ඔබ ආරම්භ කරන්නේ කොහොමද?

එය තරමක් සරලයි.

ඔබේ හදවත දෙවියන්වහන්සේ වෙතට ඔසවන්න

පළමුව, ඔබේ හදවත දෙවියන්වහන්සේ වෙතට ඔසවන්නට ඔබ තෝරාගත යුතුයි. උන්වහන්සේව සොයාගැනීමට සෑම දිනකම උත්සාහ කරන්න. උන්වහන්සේට ප්‍රේම කිරීමට ඉගෙනගන්න. ඊටපස්සෙ උන්වහන්සේගේ ඉගැන්වීම් ඉගෙනගන්නට, තේරුම්ගන්නට හා අනුගමනය කරන්නට සහ දෙවියන්වහන්සේගේ ආඥා තැබීමට ඉගෙනගන්නට එම ප්‍රේමය ඔබව පොළඹවයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ සුභාරංචිය දරුවෙකුටත් තේරුම් ගතහැකි ලෙස පැහැදිලිව හා සරල ආකාරයකින් අපට ලබාදී ඇත. කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියට ජීවිතයේ වඩාත්ම සංකීර්ණ ප්‍රශ්න වලට පිළිතුරු ඇති අතර, ජීවිත කාලය පුරාම අධ්‍යයනය කිරීමෙන් හා මෙනෙහි කිරීමෙන් පවා අපට කුඩාම කොටස් වටහා ගත නොහැකි එතරම් ගැඹුරක් හා සංකීර්ණත්වයක් ඇති දේද තියෙනවා.

ඔබේ හැකියාව ගැන ඔබ සැක කරන නිසාවෙන් ඔබ මෙම වික්‍රමයට පසුබටවන්නේ නම්, අනුගාමිකයන් වීම යනු පරිපූර්ණ ලෙස දේවල් කිරීම නොවන බව මතක තබාගන්න; එය හිතාමතාම දේවල් කිරීමයි. ඔබේ හැකියාවන්ට වඩා ඔබ සැබවින්ම කවුරුන්දැයි පෙන්වන්නේ ඔබේ තේරීම්.6

ඔබ අසමත් වූ විට පවා, ඔබට අත් නොහැරීමට තෝරාගත හැකියි, ඒ වෙනුවට ඔබේ ධෛර්යය සොයාගන්න, ඉදිරියම ඇදෙන්න, නැගී සිටින්න. ගමනේ මහා පරීක්ෂණය එයයි.

ඔබ පරිපූර්ණ නොවන බවත් සමහර අවස්ථාවලදී ඔබ අසමත් වන බවත් දෙවියන්වහන්සේ දන්නවා. ඔබ ජයග්‍රහණය කරන කාලයට වඩා ඔබ අරගල කරන විට දෙවියන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා.

ආදරණීය දෙමව්පියෙකු මෙන්, උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ හිතාමතාම උත්සාහ කිරීමයි. අනුගාමිකත්වය යනු පියානෝව වාදනය කිරීමට ඉගෙනගැනීම හා සමාන දෙයක්. සමහරවිට ඔබට මුලදී කළ හැක්කේ “චොප්ස්ටික්ස්” යන්තම් හඳුනාගත හැකි පමනේ වාදනයක්. නමුත් ඔබ දිගටම පුහුණුවීම් කරන්නේ නම්, යම් දවසක පුදුමාකාර සොනාටා, රැප්සෝඩි සහ ප්‍රසංග සඳහා මගපාදයි.

දැන්, මේ ජීවිත කාලය තුළ එම දිනය නොපැමිණිය හැකි නමුත් එය පැමිණෙනවා. දෙවියන්වහන්සේ ඉල්ලන්නේ ඔබ දැනුවත්වම දිගටම උත්සාහ කිරීමයි.

අනෙක් අය කරා ප්‍රේමයෙන් ලඟාවන්න

ඔබ තෝරාගෙන ඇති මෙම මාර්ගය ගැන සිත්ගන්නාසුළු, පරස්පර විරෝධී දෙයක් තිබෙනවා: ඔබගේ සුභාරංචි වික්‍රමයේ දියුණුව සඳහා ඔබට ඇති එකම ක්‍රමය වන්නේ අන් අයටද දියුණුව කරා යාමට උපකාර කිරීමයි.

අන්‍යයන්ට උපකාර කිරීම යනු අනුගාමිකයන් වීම සඳහා මාවතයි. ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය, දයානුකම්පාව සහ සේවය අපව අනුගාමිකයන් ලෙස ශෝධනය කරයි.

දුප්පතුන්ට සහ අගහිඟකම් ඇති අයට උපකාර කිරීමට, විපතට පත්වූවන් වෙත ළඟාවීමට ඔබ ගන්නා උත්සාහයන් තුළින්, ඔබේම චරිතය පවිත්‍ර කර ව්‍යාජ එකක් නොවන බවට පත් කර ඇත, ඔබේ ආත්මය විශාල වී ඇත, ඔබ ටිකක් උසින් ගමන් කරනවා ඇත.

නමුත් මෙම ආදරය ආපසු ගෙවීමේ අපේක්ෂාවන් සමග පැමිණිය නොහැකියි. එය පිළිගැනීම, ප්‍රශංසාව හෝ අනුග්‍රහය අපේක්ෂා කරන ආකාරයේ සේවාවක් විය නොහැකියි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් දෙවියන්වහන්සේටත්ටත් උන්වහන්සේගේ දරුවන්ටත් ප්‍රේම කරයි. අපගේ බලාපොරොත්තු සුන් කරන, අපට අකමැති අයට අපි ආදරෙයි. සමච්චල් කරන, අපයෝජනය කරන, අපට රිදවීමට උත්සාහ කරන අය පවා අපි ආදරෙයි.

ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමයෙන් ඔබේ හදවත් පුරවන විට, කෝපයට, විනිශ්චයට හා ලැජ්ජාවට ඉඩක් නැත. ඔබ දෙවියන්වහන්සේගේ අණ පණත් පවත්වන්නේ ඔබ උන්වහන්සේට ප්‍රේම කරන බැවින්. මෙම ක්‍රියාවලියේදී, ඔබ ඔබේ සිතුවිලි හා ක්‍රියාවන් තුළ සෙමෙන් සෙමෙන් ක්‍රිස්තුස්වහන්සේ මෙන් පත්වෙයි.7 එමනිසා මීට වඩා විශාල විය හැකි වික්‍රමය කුමක්ද?

ඔබගේ කථාව බෙදාගන්න

මෙම ගමනේදී අප ප්‍රගුණ කිරීමට උත්සාහ කරන තුන්වන කාරණය නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප විසින්ම ගැනීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයින් යන්න ගැන ලැජ්ජා නොවීමයි.

අපි අපේ ඇදහිල්ල සඟවන්නේ නැහැ.

අපි එය භූමදාන නොකරමු.

ඊට පටහැනිව, අපි අන් අය සමඟ අපගේ ගමන සාමාන්‍ය හා ස්වාභාවික ආකාරවලින් කතා කරමු. මිතුරන් කරන්නේ එයයි - ඔවුන් ඔවුන්ට වැදගත් දේවල් ගැන කතා කරනවා. ඔවුන්ගේ හදවතට සමීප වන දේවල් සහ වෙනසක් ඇති කරන දේවල්.

ඔබ කරන්නේ එයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල සාන්තුවරයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු ලෙස ඔබ ඔබේ කථා සහ අත්දැකීම් පවසන්න.

සමහර විට ඔබේ කථා මිනිසුන් හිනස්සවයි. සමහරවිට ඒවා ඔවුන්ගේ දෙනෙතට කඳුලු ගෙනෙයි. සමහර විට ඒවා මිනිසුන්ට ඉවසීමෙන්, ඔරොත්තු දීමේ හැකියාවෙන් සහ ධෛර්යයෙන් තවත් පැයකින් තවත් දවසකින් දෙවියන්වහන්සේට මදක් සමීප වන්නට උපකාර කරනු ඇත.

ඔබේ අත්දැකීම් පෞද්ගලිකව, සමාජ මාධ්‍යවල, කණ්ඩායම් වශයෙන්, සෑම තැනකම බෙදාගන්න.

යේසුස්වහන්සේ තම ගෝලයන්ට පැවසූ අවසාන දෙය නම් ඔවුන් ලොව පුරා ගොස් නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේගේ කතාව බෙදාගත යුතු බවයි.8 අද අපිත් එම ශ්‍රේෂ්ට කටයුත්ත සතුටින් පිළිගනිමු.

අපට බෙදාගන්නට තිබෙන පණිවිඩය කොයිතරම් නම් මහිමාන්විතද: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා සෑම පුරුෂයෙකුටම, ස්ත්‍රියකට හා දරුවෙකුටම ඔවුන්ගේ ස්වර්ගීය නිවසට ආරක්ෂිතව ආපසු පැමිණ එහි තේජසින් හා ධර්මිෂ්ටකමින් වාසය කළ හැකිය!

බෙදාගැනීමට වටින තවත් හොඳ ආරංචි තිබෙනවා.

දෙවියන්වහන්සේ අපේ කාලයේ මිනිසෙකුට දර්ශනය වී තියෙනවා! අපට ජීවත් වන දිවැසිවරයෙකු සිටිනවා.

නැවත පිහිටුවන ලද සුභාරංචිය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව “විකිණීම” දෙවියන්වහන්සේට අවශ්‍ය නොවන බව මම ඔබට මතක් කර දෙනවා.

උන්වහන්සේ සරලවම අපේක්ෂා කරන්නේ ඔබ එය පඳුරක් යට සඟවා නොගැනීමයි.

මෙම සභාව ඔවුන් සඳහා නොවන බව මිනිසුන් තීරණය කරන්නේ නම්, එය ඔවුන්ගේ තීරණයයි.

එයින් අදහස් වන්නේ ඔබ අසමත් වූ බවක් නොවේ. ඔබ දිගටම ඔවුන්ට කාරුණිකව සැලකිය යුතුයි. ඔබ නැවත ඔවුන්ට ආරාධනා කිරීම එයින් ඉවත් වෙන්නේ නෑ.

සාමාන්‍ය සමාජ සම්බන්ධතා සහ සානුකම්පිත ධෛර්යසම්පන්න අනුගාමිකත්වය අතර වෙනස නම් - ආරාධනයයි!

දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ගේ ජීවිතයේ තත්වය කුමක් වුවත්, ඔවුන්ගේ ජාතිය හෝ ආගම කුමක් වුවත්, ඔවුන්ගේ ජීවිතයේ තීරණ නොසලකා අපි ඔවුන්ට ආදරය කරනවා.

අපගේ පැත්තෙන්, අපි මෙහෙම කියනවා, “පැමිණ, බලන්න! අනුගාමික මාවතේ ගමන් කිරීම ප්‍රයෝජනදායක සහ සක්‍රීයවන්නේ කෙසේද කියා ඔබම සොයාගන්න.”

“අපි ලෝකය වඩා හොඳ තැනක් කිරීමට උත්සාහ කරන විට, පැමිණ උදව් කරන්න” කියා අපි මිනිසුන්ට ආරාධනා කරමු.

එමෙන්ම අපි කියනවා, “පැමිණ නවතින්න! අපි ඔබේ සහෝදර සහෝදරියන්. අපි පරිපූර්ණ නෑ. අපි දෙවියන්වහන්සේව විශ්වාස කරනවා ඒ වගේම උන්වහන්සේගේ අණ පණත් රකිනවා.

“අප හා එක්වන්න, එවිට ඔබ අපව වඩා හොඳ කරනු ඇත. ඒවගේම, ඒ ක්රියාවලියේදී, ඔබත් වඩා හොඳ වනු ඇත. අපි මේ වික්‍රමය එකට ගනිමු.”

මා ආරම්භ කළ යුත්තේ කවදාද?

අපගේ මිතුරා බිල්බෝ බැගින්ස්ට ඔහු තුළ ත්‍රාසජනක කැළඹීමක් ඇති වූ විට, ඔහු හොඳ රාත්‍රී විවේකයක් ලබාගැනීමටත්, හෘදයාංගම උදෑසන ආහාරය භුක්ති විඳීමටත්, උදේ පාන්දරින්ම පළමු දේ ආරම්භ කිරීමටත් තීරණය කළා.

බිල්බෝ අවදි වූ විට, ඔහුගේ නිවස අවුල් ජාලයක් බව දුටු අතර, ඔහුගේ උදාර සැලසුමෙන් ඔහු බොහෝ දුරට ඈත්ව සිටියා.

නමුත් පසුව ඔහුගේ මිතුරා ගන්ඩල්ෆ් පැමිණ “ඔබ කවදාද එන්න හදන්නෙ” කියා ඇසුවා.9 තම මිතුරන් හමුවීමට බිල්බෝට කුමක් කළ යුතු දැයි තමා විසින්ම තීරණය කළ යුතුව තිබුණා.

ඉතින්, සාමාන්‍ය හා කැපීනොපෙනෙන සහ සාමාන්‍ය කුරු මිනිසෙකු වූ ඔහු තම ඉදිරිපස දොර වික්‍රමාන්විත මාවතට වෙත හැරිය විට ඔහුට ඔහුගේ තොප්පිය, ඇවිදින සැරයටිය සහ සාක්කුවේ අත් ලේන්සුව අමතක වුණා. ඔහු තම දෙවන උදෑසන ආහාරය පවා නිමකළේ නෑ

කෙසේවෙතත් අපටත් මෙහි පාඩමක් තිබෙනවා.

බොහෝ කලකට පෙර අපගේ ආදරණීය ස්වර්ගික පියාණන් අප වෙනුවෙන් පිළියෙළ කර ඇති දේ බෙදාහදාගැනීමේ මහත් වික්‍රමාන්විත ක්‍රියාවලියට සම්බන්ධ වීමට ඔබටත් මටත් දැනුනේ නම්, මම ඔබට සහතික වෙනවා, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් සහ අපගේ ගැළවුම්කාරයාණන් වන උන්වහන්සේගේ මාවතේ සහ අනුගාමිකත්වය අනුගමනය කළ යුතු දිනය අදයි.

සෑම දෙයක්ම පරිපූර්ණ ලෙස පෙළගැසෙන ඒ මොහොත එනතුරු අපට ජීවිත කාලයම ගත කළ හැකියි. දෙවියන්වහන්සේව සෙවීමට, අන් අයට දේවසේවය කිරීමට සහ අපගේ අත්දැකීම් අන් අය සමඟ බෙදාගැනීම සඳහා සම්පූර්ණයෙන්ම කැපවිය යුතු කාලය අදයි.

ඔබේ තොප්පිය, ඇවිදින සැරයටිය, අත් ලේන්සුව සහ අවුල් සහගත නිවස හැර එන්න.10

දැනටමත් එම මාවතේ ගමන් කරන අපිට, ධෛර්යය, දයානුකම්පාව දක්වමින්, විශ්වාසය තබා ඉදිරියටම යන්න!

මාර්ගය හැර ගිය අයට, කරුණාකර ආපසු එන්න, අප සමග නැවත එක්වන්න, අපව ශක්තිමත් කරන්න.

එසේම, තවම ආරම්භ කර නැති අයට, ප්‍රමාද වන්නේ ඇයි? මෙම ශ්‍රේෂ්ට අධ්‍යාත්මික ගමනේ අරුම පුදුම දේ අත්විඳීමට ඔබට අවශ්‍ය නම්, ඔබේම මහා වික්‍රමාන්විතයට පා තබන්න! ධර්මදූතයින් සමග කථා කරන්න. ඔබගේ පසු-දවස්වල ශුද්ධවන්තයින් වන මිතුරන් සමග කතාකරන්න. මෙම පුදුමාකාර කාර්යය සහ පුදුමය ගැන ඔවුන් සමග කතාකරන්න.11

මේ ආරම්භ කිරීමට කාලයයි!

එන්න, අප හා එක්වන්න!

ඔබේ ජීවිතයට වැඩි අර්ථයක්, උසස් අරමුණක්, ශක්තිමත් පවුල් බැඳීමක් සහ දෙවියන්වහන්සේ සමග සමීප සම්බන්ධතාවයක් තිබිය හැකි බව ඔබ සිතන්නේ නම්; කරුණාකර, අප හා එක්වන්න.

තමන් විසින්ම හොඳම අනුවාදයන් බවට පත්වීමට, අවශ්‍යතා ඇති අයට උදව් කිරීමට සහ මේ ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීමට කටයුතු කරන පුද්ගලයින්ගේ ප්‍රජාවක් ඔබ සොයන්නේ නම්, අප හා එක්වන්න!

මේ පුදුමාකාර, විශ්මිත හා වික්‍රමාන්විත ගමන කුමක් දැයි පැමිණ බලන්න.

මගදී ඔබ ඔබවම සොයාගනු ඇත.

ඔබ අර්ථයක් සොයාගනු ඇත.

ඔබ දෙවියන්වහන්සේව සොයාගනු ඇත.

ඔබේ ජීවිතයේ වඩාත්ම වික්‍රමාන්විත හා තේජාන්විත ගමන ඔබ සොයාගනු ඇත.

මේ දේවල් ගැන මම සාක්ෂි දරන්නේ අපගේ මිදුම්කරුවාණන් සහ ගැළවුම්කාරයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. J. R. R. Tolkien, The Hobbit or There and Back Again (Boston: Houghton Mifflin, 2001), 3.

  2. Subtitle of The Hobbit.

  3. මෝසෙස් 3:17

  4. See Job 38:4–7 (the sons of God shouted for joy); Isaiah 14:12–13 (“exalt my throne above the stars of God”); Revelation 12:7–11 (there was a war in heaven).

  5. “ජෝසෆ් ස්මිත් දිවැසිවරයා තෝරාගැනීමේ නිදහස මෙසේ විස්තර කළේ, ‘ස්වර්ගය විසින් මිනිස් පවුලට ඉතා කරුණාවෙන් ලබා දී ඇති නිදහස් මනසේ ස්වාධීනත්වය, එහි හොඳම ත්‍යාගයන්ගෙන් එකක්’ ලෙසය [Teachings of the Prophet Joseph Smith, comp. Joseph Fielding Smith (1977), 49]. මෙම ‘මනසේ නිදහස් ස්වාධීනත්වය’ හෝ තෝරාගැනීමේ නිදහස යනු පුද්ගලයන්ට ‘තමන්ටම නියෝජිතයන්’ වීමට ඉඩ සලසන බලයයි (D&C 58:28). යහපත හා අයහපත හෝ වෙනස් හෝ හොඳ හෝ නරක අතර තෝරාගැනීමේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම මෙන්ම එම තේරීමේ ප්‍රතිවිපාක අත්විඳීමේ අවස්ථාවද එයට ඇතුළත් වේ. ස්වර්ගික පියාණන්වහන්සේ තම දරුවන්ට කොතරම් ප්‍රේම කරනවාද කිවහොත්, අප අපගේ පූර්ණ හැකියාවන් කරා ළඟාවීමට උන් වහන්සේට අවශ්‍යය. ප්‍රගතියක් ලැබීමට නම්, පුද්ගලයෙකුට ඔහු හෝ ඇය කැමති තේරීමක් කිරීමට සහජ හැකියාවක් තිබිය යුතුය. තම දරුවන් සඳහා වූ උන්වහන්සේගේ සැලැස්මට තෝරාගැනීමේ නිදහස කෙතරම් මූලිකද යත්, ‘දෙවියන්වහන්සේට පවා මිනිසුන්ව නිදහස් නොකර තමා හා සමාන කිරීමට නොහැකි විය’ [David O. McKay, “Whither Shall We Go? Or Life’s Supreme Decision,” Deseret News, June 8, 1935, 1]” (Byron R. Merrill, “Agency and Freedom in the Divine Plan,” in Roy A. Prete, ed., Window of Faith: Latter-day Saint Perspectives on World History [2005], 162).

  6. ඇගේ නවකතාව වන Harry Potter and the Chamber of Secrets,, හි කතෘ වන ජේ. කේ. රෝලින්ග් කුඩා හැරී පොටර්ටත් හොග්වර්ඩ්ස් ප්‍රධාන ගුරුවරයා එවැනිම දෙයක් කීම සඳහන් වෙනවා. එය අපටද අපූරු උපදෙසක් වේ. මම මීට පෙර පණිවුඩවල එය භාවිතා කර ඇති අතර එය නැවත කියවීම වටී යැයි සිතමි.

  7. “ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව” (1 යොහාන් 3:2; අවධාරණය කිරීම් ඇතුළත්).

    එවැනි පරිවර්තනයක් අපට තේරුම්ගැනීමට ඇති හැකියාවෙන් ඔබ්බට ගියද, “ආත්මයාණන්වහන්සේම අපගේ ආත්මයන් සමග මෙසේ සාක්ෂි දරයි, අප දෙවියන් වහන්සේගේ දරුවෝය:

    “දරුවන් නම්, උරුමක්කාරයෝ ය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝ සහ ක්‍රිස්තුස්වහන්සේ සමග හවුල් උරුමක්කාරයෝය; එසේ නම්, අපිත් ඔහු සමග දුක්විඳිනවා නම්, අපිත් එකට මහිමයට පත්වන්නෙමු.

    “මක්නිසාද යත්, මේ කාලයේ විඳින දුක් වේදනා අප තුළ එළිදරව් වන මහිමය සමඟ සැසඳීමට සුදුසු නොවන බව මම සිතමි” (රෝම 8:16–18; අවධාරණය කිරීම් ඇතුළත්).

  8. මතෙව් 28:16–20 බලන්න.

  9. Tolkien, The Hobbit, 33.

  10. ලූක් 9:59–62 බලන්න.

  11. See LeGrand Richards, A Marvelous Work and a Wonder, rev. ed. (1966).