2010–2019
උන්වහන්සෙගේ නාමයට ගරු කිරීම
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


උන්වහන්සෙගේ නාමයට ගරු කිරීම

ගිවිසුම් අනන්‍යතාවය සහ අයිතිය සමග, අපව යේසුස් ක්‍රිස්තුස් යන නාමයෙන් හැඳින්වේ.

දෙමාපියන් වශයෙන් දරුවෙකුගේ උපත බලාපොරොත්තුවෙන් සිටින විට ඔවුන්ගේ අලුත උපන් දරුවාට නමක් තෝරාගැනීමේ වගකීම ඔවුන්ට ඇත. සමහර විට ඔබ ඉපදුන විට, ඔබේ පවුල තුල පරම්පරා ගණනාවක් තිස්සේ සම්මත වු නමක් ඔබට ලබෙන්නට ඇත. එහෙමත් නැතිනම් ඔබට ලැබුනු නම ඔබ ඉපදුන පලාතේ හෝ අවුරුද්දේ ප්‍රසිද්ධ නමක් වන්නට ඇත.

දිවැසිවර හිලමන් සහ ඔහුගේ බිරිඳ නෙපි සහ ලෙහි යන ඔවුන්ගේ ළදරු පුතුන්ට අර්ථවත් පවුල් නම් ලබාදුන්නා. පසුව හිලමන් ඔහුගේ පුත්‍රයන්ට මෙසේ පැවසුවා:

“අපගේ පළමු පියවරුන්ගේ නම් මම නුඹලාහට දී ඇත්තෙමි … නුඹලාගේ නම් සිහිකරන විට ඔවුන්ව සිහිකිරීමටය; තවද නුඹලා ඔවුන්ව සිහි කරන විට නුඹලා ඔවුන්ගේ ක්‍රියාවන් සිහිකිරීමටය … එය කියවු දේ, සහ ලියු දේ දැනගැනීමටය, තවද එසේම ඒවා යහපත් විය.”

“එසේ හෙයින්, මාගේ පුත්‍රයෙනි, එනම් එය යහපත් යුතුවු දේ කලයුතු යැයි මම සිතමි.”1

නෙපිගේ සහ ලෙහිගේ නම් ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ යහපත් ක්‍රියා මතකතබා ගැනීමට සහ යහපත් දේ කිරීමටද ඔවුන්ව දිරිමත් කිරීමට උදවු විය.

සහොදරියනි, අප කොහේ ජීවත් වුවත්, කුමණ භාශාව කතාකලත් නැතහොත් වයස අවුරුදු 8 ක් හෝ 108 ක් වුවත්, මෙම අරමුණු ඇති විශේෂ නමක් අපි සියල්ලන්ම බෙදාගන්නවා.

“මක්නිසාද [අප] බොහෝමයක් මෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බෞතිස්ම කරනු ලැබු සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳගත්තෝය … එසේ හෙයින් [අප] සියල්ලන් ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටී.”2

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සාමාජිකයින් ලෙස, “බෞතිස්ම වත්පිලිවෙත මඟින්, ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප තුලට ගැනීමට අප මුලුමනින්ම පොරොන්දු වුනා.”3 මෙම ගිවිසුම තුලින්, අපි පොරොන්දු වෙනවා සෑමවිටම උන්වහන්සේව මතක තබාගැනීමටත්, උන්වහන්සේගේ අනපණත් වලට කීකරු වීමටත්, සහ අන් අයට සේවය කිරීමටත්. මෙම ගිවිසුමට කීකරු වීමට අපගේ ඇති කැමත්ත අප සක්‍රමේන්තුවට සහභාගී වීමෙන් සෑම ඉරුදිනකම අලුත්වෙනවා ඒ වගේම “ජීවනයේ අලුත්කමින් ගමන්කිරීමේ” ආශිර්වාදය තුල නැවත වරක් ප්‍රීති වෙනවා.4

උපතෙදී අපට ලබාදුන් නාමය අපගේ පුද්ගලික අනන්‍යතාවය පිළිබිඹු කරන අතර අපගේ ලෞකික පවුල තුල අයිතියක් අපට ලබා දේ. කෙසේවෙතත්, බෞතිස්මයෙදී අප “නැවත ඉපදුණ” විට අප කවුරුන්ද යන්න පිළිබඳව අපගේ අවබෝධය විශාල විය. “තවද දැන් නුඹලා විසින් කලාවු ගිවිසුම නිසා නුඹලා ක්‍රිස්තුස්වහන්සෙගේ දරුවන් යයි නම්කරනු ලබන්නෙහුය, … මක්නිසාද බලන්න, … උන්වහන්සේ නුඹලාව ආත්මිකව ඉපදවු සේක; මක්නිසාද නුඹලාගේ හදවත වෙනස්වුයේ උන්වහන්සෙගේ නාමය කෙරෙහි ඇති අදහිල්ල හෙයින්; එහෙයින්, නුඹලා උන්වහන්සේගෙන් ඉපිද සිටින්නහුය.”5

මේ අනුව, ගිවිසුම් අනන්‍යතාවය සහ අයිතිය සමග, අපව යේසුස් ක්‍රිස්තුස් යන නාමයෙන් හැඳින්වේ. තවද “මනුශ්‍ය දරුවන්ට ගැළවීම පැමිණිය හැකි වන එහි වෙන නාමයක්, වෙනත් මාර්ගයක් හෝ ක්‍රමයක් ලබාදී නොමැත්තේය, එය සිදුවන්නේ ස්වාමිවු සර්වබලධාරීවු ක්‍රිස්තුස්වහන්සෙගේ නාමය තුළින් සහ සමග පමණි.”6

යේසුස්ගේ නාමය උන්වහන්සෙගේ උපතට බොහෝ කලකට පෙර සිට දැනසිටියහ. බෙන්ජමින් රජු හට, දේවදුතයෙකු කතා කරමින් කියා සිටියේ, “තවද උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය, දෙවියන්වහන්සෙගේ පුත්‍රයාණෝ යයි නම්කරනු ලබන සේක, … තවද උන්වහන්සෙගේ මව මරියා යයි නම්කරනු ලබන්නේය.”7 “මිදවීමේ ප්‍රේමයේ”8 උන්වහන්සෙගේ කාර්‍යයන්ද ආදම් සහ ඒවගේ දවස්වල සිට වර්තමානය දක්වා සුභාරාංචිය මිහිපිට ඇති සෑම අවස්ථාවකම දෙවියන්වහන්සෙගේ දරුවන්ට දන්වා ඇත, එසේකලේ “ඔවුන්ගේ පවුවලට පවුකමාව ලබාගැනීමට කුමන උල්පත දෙස රැදීමට ද,” යන්න ඔවුන්ට දැනගත හකි වන පිණිසය.9

පසුගිය වසරේ සභාපති රසල් එම්. නෙල්සන් සහෝදරියන් හට අනාවැකිමය ආයාචනයක් ඉදිරිපත් කලේ “විසිරුණු ඊශ්‍රායෙලය එක් රැස් කිරීමට උපකාර කිරීමෙන් අනාගතය හැඩගස්වන්න” යනුවෙනි. ඔහු අපට ආරාධනා කලා මොර්මොන්ගේ පොත කියවා “ගැලවුම්කරුවාණන් ගැන කියවෙන හෝ යොමුකරන සෑම වගන්තියක්ම ලකුණු කරන ලෙස.” “අපගේ පවුල සහ මිතුරන් සමග ක්‍රිස්තුස්වහන්සේ ගැන කථාකිරීම, ක්‍රිස්තුස්වහන්සේ ගැන ප්‍රීති වීම, සහ ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කිරීම ඕනෑකමින් කිරීමට” ඔහු අපෙන් ඉල්ලා සිටියා. සමහරවිට ඔබ දැනටමත් “ඔබ සහ ඔවුන් ගැලවුම්කරුවාණන් වෙතට ලංවී … ඔහුගේ පොරොන්දුවේ ඵලයන් හඳුනා ගැනීමට ආරම්භ කර ඇති වන්නට පුලුවන. … සහ වෙනස්කම්ද, එසේම ප්‍රාතිහාර්යන්ද පවා සිදුවීමට පටන් ගන්නට පුළුවන.”10

අප විශාල සමුහයක් මැද සිටියත් හෝ අපගේ ක්‍රියාවන් දෙවියන්වහන්සේ හැර වෙන කිසිවෙකු නොදන්න හුදකලා ස්ථානයක සිටියත් - ගැලවුම්කරුවාණන් සෑම විටම මතක තබාගැනීමට ඇති අපගේ පොරොන්දුව සත්‍ය සහ ධර්මිශ්ඨකම වෙනුවෙන් නැගීසිටීමට අවශ්‍ය ශක්තිය ලබාදේ. උන්වහන්සේව සහ අප දරාසිටින උන්වහන්සේගේ නාමය මතක තබාගත් විට, අපගේ ආත්මගරුත්වය විනාශවන හෝ උඩගු විනිශ්චයන් සඳහා අපට අවස්තාවක් නොලැබෙනු අත. ගැලවුම්කරුවාණන් වෙත අපගේ දෑස් යොමුකරන විට, දෙවියන්වහන්සෙගේ ආදරණීය දරුවෙකු බවත් - අප සැබවින්ම කවුරුන්ද යන්න අපට දැකගත හැකි වේ.

අපගේ ගිවිසුම් මතක තබාගැනීම ලොකයේ කරදර නිහඬ කරවමින්, ස්වයං සැකය ධෛර්යය බවට හරවන අතර, පරීක්ශා කාල වලදී බලාපොරොත්තුවක් ලබා දේ.

ඒ වගේම ගිවිසුම් ගත මාර්ගය දිගේ අපගේ දියුණුවේදී පැකිලී වැටෙන විට, අප මතක තබාගත යුතු වන්නේ උන්වහන්සෙගේ නම සහ අප වෙත ඇති උන්වහන්සේගේ ආදරණීය - කරුණාව පමණි. “මක්නිසාද, උන්වහන්සේට සියලු බලය , සියලු ප්‍රඥාව, තවද සියලු තේරුම්ගැනීම ඇත්තේය: උන්වහන්සේ සියල්ල වටහාගන්නා සේක, පසුතැවිලිවෙමින් උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන්නන්ටද … උන්වහන්සේ කරුණාවන්ත තැනැන්වහන්සේය.”11 සැබැවින්ම, බිඳුනු හදවතකින් සහ පසුතැවෙන ආත්මයකින්, “යහපත් දේ කර යහපත් වීමට උත්සහ කරන” සියල්ලන්ටම යේසුස්ගේ නාමයට වඩා මිහිරි වු තවත් හඬක් නැත.12

සභාපති රසල් එම්.නෙල්සන් මෙලෙස ඉගැන්වීය: “ඔබට නිහඬ සහ සහ සැපපහසු ක්‍රිස්තියානුවෙකු විය හැකි දවස ගෙවී ගොස් ඇත. ඔබගේ ආගම ඉරිදා සභාව වෙනුවෙන් පෙනීසිටීම පමණක් නොවේ. එය ඉරිදා උදෑසන සිට සෙනසුරාදා රාත්‍රිය තෙක් සැබෑ ශ්‍රාවකයෙකු ලෙස පෙනීසිටීමයි. … ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ අර්ධකාලීන ශ්‍රාවකයෙකු වැනි දෙයක් නොමැත.”13

අප මතට ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැනීමට ඇති කැමැත්ත විධිමත් වචන හුවමාරුවකට වඩා වැඩි දෙයකි. එය නිශ්ක්‍රීය පොරොන්දුවක් හෝ සංස්කෘතික උපක්‍රමයක් නොවේ. එය අප විසින් පැළඳ සිටින චාරිත්‍රයක් හෝ නාම හැඳුනුම් සංඛේතයක් නොවේ. එය අපි නිකම්ම රාක්කයක් මත තබන හෝ බිත්තියක එල්ලන කියමනක් නොවේ. උන්වහන්සේ පළඳින “නාමයකි”14 එය අපගේ හදවත් වල ලියා ඇත සහ “[අපගේ] මුහුණෙහි කොටා ඇත.”15

ගැළවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය අපගේ සිතුවිලි, ක්‍රියාවන් සහ අන් අය සමග ක්‍රියා කිරීමේදී සෑමවිටම, මතකතබාගත යුතුය. උන්වහන්සේ මතකතබාගන්නේ අපගේ නම් පමනක් නොවේ, නමුත් උන්වහන්සේ අපවද මතකතබා ගනී. ගැලවුම්කරුවාණන් මෙලෙස ඉගැන්වූවා:

“මක්නිසාද කිරිබොන තමාගේ දරුවෙකු අමතක කිරීමට ස්ත්‍රීයකට හැකිද, ඇයගේ කුසයේ පුත්‍රයාට අනුකම්පාව නොදැක්විය හැකිද? එසේය, ඔවුනට අමතක වීමට පුළුවන, එහෙත් අහෝ ඉශ්‍රායෙලය මම නුඹව අමතක නොකරන්නෙමි.

“බලව,මම නුඹව මාගේ දෑත්වල අල්ලේ කොටාගෙන ඇත.”16

සභාපති ජොර්ජ් ඇල්බර්ට් ස්මිත් මෙලෙස ඉගැන්වීය, “ඔබ දරා සිටින නාමයට ගරු කරන්න, මක්නිසාද යම්දවසක ඔබට ස්වර්ගයේ සිටින පියාණන්වහන්සේට … ඔබ [එම නම්] වලින් කළ දේ … වාර්ථාකිරීමේ වරප්‍රසාදය හා බැඳීම ලැබෙනු ඇත.”17

පරිස්සමින් තෝරාගත් නෙපි සහ ලෙහිගේ නම් මෙන්, අපි ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් බව අපට පැවසිය හැකිද? අපි කැමැත්තෙන්ම අප මතට රැගෙන තිබෙන යේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ නාමයට අප ගරු කරනවද? උන්වහන්සේගේ ආදරණීය - කරුණාවට සහ මිදීමේ බලයට අප “දේවසේවකයෙකු හා සාක්ශිකරුවෙකු”18 වන්නේද?

ටික දවසකට පෙර, මම මොර්මොන්ගේ පොතට සවන් දුන්නා. 2 නෙපි අවසාන පරිච්ඡේදයෙදී, මට ඇසුනා මීට පෙර කිසිදිනෙක මා එලෙස කියවා නැති දෙයක් නෙපි පවසනවා. ඔහුගේ මුළු වාර්ථව පුරාවටම, ඔහු “ගැළවුම්කරුවාණන්” ගැන, “ඉශ්‍රායෙලයේ ශුද්ධවු තැණැන්වහන්සේ” ගැන, “දෙවියන්ගේ බැටළු පැටවා” ගැන සහ “මෙසායා” ගැන උගන්වා සාක්ශි දුන්නා. නමුත් ඔහු ඔහුගේ වාර්ථාව අවසානයේදී, ඔහු මෙම වචන පවසනවා මට ඇසුනා: “මම පැහැඳිළි බවෙහි මහිම වෙමි; මම සත්‍යයෙහි මහිම වෙමි; මම මගේ යේසුස්වහන්සේ කෙරෙහි මහිම වෙමි; මක්නිසාදයත් උන්වහන්සේ මගේ ප්‍රාණය නිරයෙන් මුදවාගෙන ඇති සේක.”19 මට මෙම වචන ඇසුණු විට, මගේ හදවත ප්‍රීති වු අතර නැවත නැවතත් මට සවන් දීමට සිදුවුණා. මම එම වගන්තිය හඳුනාගෙන එයට ප්‍රතිචාර දැක්වුයේ හරියට මම මගේ නම හඳුනාගෙන එයට ප්‍රතිචාර දක්වනවා මෙනි.

ස්වාමින්වහන්සේ පවසා තිබෙනවා, “එසේය, මගේ නාමය දැරීමට කැමතිවු මෙම ජනතාව ආශිර්වාද ලද්දහුය, මක්නිසාද මාගේ නාමයෙන් ඔවුහු මාගේ නාමයෙන් නම්කරනු ලබන්නෝය, තවද ඔවුන් මගේ වන්නෝය.”20

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් ලෙස, උන්වහන්සෙගේ නාමයට ආදරය, කැපවීම සහ යහපත් ක්‍රියා තුලින්, “සන්තෝසයෙන් ක්‍රිස්තුස්වහන්සෙගේ නාමය [අප මතට ගනිමු]”21 උන්වහන්සේ “දෙවියන්වහන්සෙගේ බැටළු පැටවා, එසේය, සදාතන පියාණන්ගේ පුත්‍රයාණන්ම”22බවට මම සාක්ශි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.