2010–2019
ආදරණීය දියණියන්
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ආදරණීය දියණියන්

තරුණ කාන්තා සමිතියේ අප කරන සෑම දෙයකම හදවත වන්නේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි නොසැලෙන අදහිල්ලක් ලබාගැනීමට ඔබට උපකාර කිරීමයි.

මගේ ආදරණීය සහෝදරියනි, ඔබ සමග සිටීමට ලැබීම සතුටක්. ආත්මය වර්ධනය කරන සහ ප්‍රීතිදායක එළිදරවු පිටාර ගැලීමකට අප සාක්ශිකරුවන් වෙමු.

අප ආරම්භ කරනවාත් සමග, මම ඔබව මිතුරන් කිහිපදෙනෙකුට හඳුන්වාදෙන්න කැමතියි; ඔවුන් හැකියාවන්, චාරිත්‍ර, මෙන්ම පුද්ගලික සහ පවුල් වාතවරණයන් තුල අද්විතීය තරුණ කාන්තාවන්. ඔබ සෑමදෙනෙකු මෙන්ම, ඔවුන් සෑම කෙනෙකුමත් මගේ හදවත බැඳගත්තා.

රූපය
බෙලා

මුලින්ම, බෙලාව හඳුනාගන්න. ඇය අයිස්ලන්තයේ ඇගේ ශාඛාවේ එකම තරුණ කාන්තාව ලෙස ශක්තිමත්ව නැගීසිටිනවා.

රූපය
ජොසෆින්

හඳුනාගන්න මෝර්මොන්ගේ පොත දිනපතාම කියවීමට නැවත වතාවක් පොරොන්දු වු අප්‍රිකාවෙන් ශ්‍රද්ධාවන්ත ජොසෆින්. ඇය සරල ඇදහිලිවන්ත ක්‍රියාවෙන් පැමිණෙන බලය සහ ආශිර්වාද අනාවරණය කරගනිමින් සිටී.

රූපය
ඈශ්ටින්

අවසාන ලෙස හඳුනාගන්න ඈශ්ටින්, පිළිකාවක් සමග අවුරුදු හයක සටනකට පසු අභාවප්‍රාප්ත වු සුවිශේශී තරුණියක්. යේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ වන්දිගෙවීම පිළිබඳ ඇගේ ශක්තිමත් සාක්ශිය මගේ හදවතේ තවමත් දෝංකාර දෙනවා.

ඔබ සියලුදෙනාම අපුර්ව තරුණ කාන්තාවන්. ඔබ සියලුදෙනාම ඔබගේම තලෙන්ත සහ අත්දැකීම් අතින් අද්විතීය වන අතර, එසේ වුවත් බොහොම වැදගත් සහ සදාකාලික ආකාරයෙන් එක සමානයි.

ඔබලා ඇත්ත වශයෙන්ම ස්වර්ගික දෙමාපියන්ගේ ආත්මික දිණනියන්, ඒ වගේම කිසිම දෙයකට ඔවුන්ගේ ආදරයෙන් සහ ගැලවුම්කරුවානන්ගේ ආදරයෙන් ඔබව වෙන්කළ නොහැකියි.1 ඔබ උන්වහන්සේට ලඟාවන විට, ඉතාම කුඩා අඩිය ඉදිරියට තබන විටදී පවා, යේසුස් ක්‍රිස්තුස් වන අපගේ ගැලවුම්කරුවාණන්ගේ ඇදහිලිවන්ත අනුගාමිකයන් ලෙස ඔබගේ ආත්මයට කිඳාබහින සදාතනික සමාදානය ඔබ සොයාගන්නවා ඇත.

සභාපති රසල් එම්. නෙල්සන් මගෙන් ඉල්ලා සිටියා, “ඔබගේ උතුම්වු පෞද්ගලික හැකියාවන් දියුණු කරගැනීමට”2 සහ ඔබගේ ධර්මිෂ්ට බලපෑම් වර්ධනය කරගැනීමට ඔබට උදවු විය හැකි දේවානුභාවයෙන් කරන ලද වෙනස්කම් කිහිපයක් බෙදාගන්නා ලෙස. මම අද රාත්‍රියේ වෙනස් කෙරු අංශ හතරක් පිළිබන්දව අමතන්නම්.

තරුණ කාන්තා තේමාව

පලමුව, තරුණ කාන්තා සමිතියේ අප කරන සෑම දෙයකම හදවත වන්නේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි නොසැලෙන අදහිල්ලක් ලබාගැනීමට 3 සහ දෙවියන්වහන්සේගේ දියණියක ලෙස ඔබගේ දිව්‍යමය අනන්‍යතාවය පිළිබඳ ස්ථීර දැනුමක් ලබාගැනීමට ඔබට උපකාර කිරීමයි.

අද රාත්‍රියෙදී, මම නිවේදනය කරන්න කැමතියි තරුණ කාන්තා තේමාවට කල සංශෝධනයක් පිළිබඳව. මම නව තේමාව කියන විට මෙම වචන වල සත්‍යතාව ශුද්ධාත්මයාණන් විසින් සාක්ශිදරනවා ඔබට දැනෙනු ඇතැයි කියා මම යාච්ඤා කරනවා:

මම දිව්‍යමය ස්වභාවයක් සහ සදාකාලික දෛවයක් ඇති, 5 ස්වර්ගීය දෙමාපියන්ගේ ආදරණීය දියණියක්.4

යේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ අනුගාමිකයෙකු ලෙස,6 මම උන්වහන්සේ මෙන් වීමට වෙරදරනවා.7 මම පෞද්ගලික එලිදරවු සොයනවා සහ ඒමත ක්‍රියා කරනවා8 මෙන්ම උන්වහන්සෙගේ ශුද්ධවු නාමයෙන් අන් අයට දේවසේවය කරනවා.9

මම දෙවියන්වහන්සෙගේ සාක්ශිකරුවෙකු ලෙස සෑම වේලාවකදීම, සෑම දෙයකදීම, සහ සෑම ස්ථානයකදීම ද නැගී සිටිනවා.10

මම උත්කර්ෂය සඳහා සුඳුසු වීමට උතසහ කරන විට,11 පසුතැවීමේ ත්‍යාගය මම ඉතා අගය කොට සලකනවා12 වගේම සෑම දිනකදීම වර්ධනය වන්නට උත්සහ කරනවා. 13 ඇදහිල්ල තුලින්,14 මම මගේ නිවස සහ පවුල ශක්තිමත් කරනවා,15 උතුම් ගිවිසුම් ඇතිකරගන්නවා සහ ඒවා පවත්වනවා,16 වගේම ශුද්ධවු දේවමාළිගාවේ වත්පිළිවෙත් 17 සහ ආශිර්වාද ලබාගන්නවා.18

“අපි” සිට “මම” වෙත මාරුවීම සැලකිල්ලට ගන්න. මෙම සත්‍යයන් පෞද්ගලිකවම ඔබට අදාල වේ. ඔබ ස්වර්ගික දෙමාපියන්ගේ ආදරණීය දියණියක්. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන අප ගැලවුම්කරුවාණන්ගේ ගිවිසුම්ගත අනුගාමිකයෙක්. මෙම වචන අධ්‍යනය කර මෙනෙහි කිරීමට මම ඔබට ආරාධනා කරනවා. මම දන්නවා ඔබ එසේ කරන විට, ඒවයෙහි සත්‍යතාවය පිළිබඳව සාක්ශියක් ඔබට ලබාගත හැකි බව. මෙම සත්‍යයන් තේරුම්ගැනීම ඔබ අභියෝග වලට මුහුණ දෙන ආකාරය වෙනස් කරයි. ඔබගේ අනන්‍යතාවය සහ අරමුණ දැනගැනීම, ඔබගේ කැමැත්ත ගැලවුම්කරුවාණන්ගේ කැමැත්ත සමග ගැළපීමට ඔබට උදවු වේ.

ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන විට සමාදානය සහ මඟපෙන්වීම ඔබගේ වේවි.

තරුණ කාන්තා පන්ති

දෙවන අංශයේ වෙනස්කම් තරුණ කාන්තා පන්ති වලට බලපායි. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් පවසනවා, “බොහෝ විට මිනිසුන්ට වඩාත් අවශ්‍ය වන්නේ අයත්වීම යන අභය භුමිය තුල ජීවිතයේ කුණාටු වලින් ආරක්ශා වීමයි.”19 අපගේ පන්ති ආදරයේ සහ අයත්වෙනවා යන හැඟීම ඇති, කුණාටු වලින් සුරක්ශිත ස්ථාන අභය භුමීන් විය යුතුයි. විශාල එකමුතුවක් ගොඩනැගීමේ, මිත්‍රකම් ශක්තිමත් කිරීමේ, සහ තරුණ කාන්තා සමිතිය තුල අයත්වෙනවා යන හැඟීම වර්ධනය කිරීමේ උත්සහයක් ලෙස, අපි පන්ති ව්‍යුහයට වෙනස්කම් කිහිපයක් කරනවා.

අවුරුදු 100 කට වඩා පෙර සිට, තරුණ කාන්තාවන් පන්ති තුනකට බෙදන ලදී. වහාම ආරම්භ කිරීම පිණිස, තරුණ කාන්තා නායකයන්ට සහ සභා නායකවරුන්ට අපි ආරාධනා කරනවා යාච්ඤා පූර්වකව සෑම තරුණ කාන්තාවකගේම අවශ්‍යතාවන් සලකා බලා කොට්ඨාශයේ නියත තත්වයන් අනුසාරයෙන් ඔවුන්ව වයස අනුව සංවිධානය කිරීමට. මෙය කුමන ආකාරයට දිස්වේද යන්නට උදාහරණ කිහිපයක් මෙන්න.

  • ඔබට සිටින්නේ තරුණ කාන්තාවන් කිහිප දෙනෙක්නම්, සෑම කෙනෙකුම එකට රැස්වී එක් තරුණ කාන්තා පන්තියක් පැවැත්විය හැකියි.

  • සමහර විට ඔබට අවුරුදු දොළහේ තරුණ කාන්තාවන් විශාල ප්‍රමාණයක් සහ වැඩිමහල් තරුණ කාන්තාවන් කුඩා ප්‍රමාණයක් සිටිනවා විය හැකියි. එවන් විටක පන්ති දෙකක් තැබීමට ඔබට තීරණය කල හැකියි: අවුරුදු දොළහේ තරුණ කාන්තාවන් සහ අවුරුදු 13-18 දක්වා තරුණ කාන්තාවන් ලෙස.

  • නැතිනම් තරුණ කාන්තාවන් 60 පමණ සහභාගී වන විශාල කොට්ඨාශයක් ඔබට තිබේ නම්, ඔබට පන්ති හයක් තිබිය හැකියි, වර්ශයට අනුව සංවිධානය කර, සෑම වයස් කාණ්ඩයකටම එකක් ලෙස.

කුමන ආකාරයකට ඔබගේ පන්ති සංවිධානය කලද, තරුණ කාන්තාවන් වන ඔබ සමගිය ගොඩනැගීමෙහි ලා වැදගත් වේ. ඔබ අවට සිටින අයට ආලෝකයක් වන්න. ඔබ අන් අයගෙන් ලැබීමට බලාපොරොත්තු වන ආදරයේ සහ සැලකිල්ලේ ප්‍රභවය වන්න. ඔබගේ හදවතේ යාච්ඤාවක්ද සහිතව, දිගටම ලඟා වී යහපත සඳහා බලවේගය වන්න. ඔබ එසේ කරන විට, ඔබගේ ජීවිතය කරුණාවෙන් පිරෙනු ඇත. ඔබට අන් අය වෙනුවෙන් හොඳ හැඟීමක් ඇතිවන අතර ඔවුන්ගේ යහපත්කම නැවත දැකීමට පටන් ගනී.

තරුණ කාන්තා පන්ති නාමයන්

තුන්වෙනුව, මෙම නව පන්ති සන්විධානයත් සමග, සෑම පන්තියක්ම “තරුණ කාන්තාවන්” යන එක්සත් නාමයෙන් හැඳින්විය යුතුයි.20 අපි බීහයිව්, මය මේඩ්, ලෝරල් යන නම් ඉවත් කරනවා.

පන්ති සභාපතිත්ව ශක්තිමත් කිරීම

මම අමතන්න කැමති අවසාන අංශය වන්නේ පන්ති සභාපතිත්වයන්. තරුණ කාන්තා පන්ති කෙසේ සංවිධානය කර තිබුණත්, සෑම පන්තියකම පන්ති සභාපතිත්වයක් තිබිය යුතුයි!21 තරුණ වියේ නායකත්වය දීමට තරුණියන් කැඳවනු ලබන්නේ දිව්‍යමය සැලැස්මෙනි.

පන්ති සභාපතිත්ව වල භුමිකාව සහ අරමුණ ශක්තිමත් කර ඇති අතර වඩාත් පැහැදිලිව අර්ථ දක්වා ඇත. ගැලවීමේ කාර්‍යය මෙම වැදගත් වගකීම් වලින් එකකි, විශේෂයෙන්ම දේවසේවා අංශයෙන්, ධර්මදුත කාර්‍යයන්, සක්‍රීය කිරීම් සහ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්‍යයන්.22 ඔව්, මේ අපි ඊශ්‍රායල්ලය රැස්කරන ආකාරයයි23 - එය ස්වාමින්වහන්සේගේ යෞවන හමුදාවේ සාමාජිකයන් ලෙස තරුණ කාන්තාවන් සඳහා මහිමාන්විත කාර්යයකි.

ඔබ දන්නා පරිදි, සභාවේ සෑම අදියරකදීම, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ මිනිසුන් මෙහෙයවීම සඳහා නායකයන් කැඳවනවා. තරුණ කාන්තාවෙනි, පන්ති සභාපතිත්වයක සාමාජිකයෙකු වීම සමහර විට මෙම ආනුභාවලත් නායකත්ව රටාවට සහභාගී වීමේ ඔබේ පළමු අවස්ථාව විය හැක. වැඩිහිටි නායකයන්, පන්ති සභාපතිත්ව කැඳවීමට ප්‍රමුඛත්වයක් බවට පත්කර ඉන්පසු ඔවුන් සමග එක්ව, ඔවුන් සාර්ථක වන පිණිස දැනමුතුකම් සහ මඟපෙන්වීම් ලබාදෙන්න.24 පන්ති සභාපතිත්වයකට තිබෙන්නේ කුමන මට්ටමක නායකත්ව අත්දැකීම් වුවත්, ඔවුන් සිටිනා තැනින් පටන් ගෙන ඔවුන්ට නායකයන් ලෙස ආශිර්වාද ලැබිය හැකි කුසලතා සහ ආත්මවිශ්වාසය වර්ධනය කරගැනීමට ඔවුන්ට උදවු කරන්න. ඔවුන්ට සමග සමීපව සිටින්න, නමුත් පවරාගැනීම් නොකරන්න. ඔබ ඔවුන්ට මඟපෙන්වන විට ආත්මයාණන්වහන්සේ ඔබට මඟපෙන්වීම් ලබාදේ.

රූපය
ක්ලොවී

උපදේශකයන් ලෙස දෙමාපියන්ගේ සහ නායකයන්ගේ භුමිකාව විදහාපෑමට, මම ඔබට කතාවක් කියන්නම්. පන්ති සභාපතිනියක් ලෙස කටයුතු කිරීමට ක්ලොවී හට කැඳවීමක් ලැබුනා. ඇගේ ඥනාන්විත පූජකත්ව නායකයා ඇගේ සභාපතිත්වය සඳහා නම් දෙකක් නිර්දේශ කිරීමට අවශ්‍ය උදවු ස්වාමින්වහන්සෙගෙන් ලබාගැනීමට ඇයව ධෛර්‍යමත් කලා. ක්ලොවී යාච්ඤා කර ඇයගේ උපදේශකයන් ලෙස කාව නිර්දේශ කල යුතුද කියා දිව්‍යඥානය ඉතා ඉක්මනින් ලබාගත්තා. ඇය ලේකම් කෙනෙකු පිලිබඳව දිගටම මෙනෙහි කර යාච්ඤා කරමින් සිටියදී, ඇයව පුදුමයට පත්කරමින් ආත්මයාණන්වහන්සේ නොනවත්වාම ඇගේ අවධානය එක් තරුණ කාන්තාවක් වෙත ගෙන ගියා - ඇය සභාවට හෝ ක්‍රියාකාරකම් වලට කලාතුරකින් පැමිණෙන කෙනෙක්.

පෙළඹවීම පිළිබඳව දැනුණු අස්ථීරත්වයත් සමග, ක්ලොවී ඇයගේ මව සමග කතා කල අතර, අපට හෙළිදරවු ලැබිය හැකි එක් ක්‍රමයක් වන්නේ අපට නැවත නැවත ඇතිවන සිතුවිලි බව ඇය පැහැදිලි කලා. නැවත ඇතිවු ආත්මවිශ්වාසයත් සමග, මෙම තරුණ කාන්තාව නිර්දේශ කලයුතු බව ක්ලොවී හට දැනුණා. සභාපති කැඳවීම ලබාදුන්විට, තරුණ කාන්තාව එය පිළිගත්තා. එම කැඳවීමට කැපකල පසු, මෙම සෞම්‍ය ලේකම් පැවසුවා, “ඔබ දන්නවාද, මට කවදාවත් දැනිලා නෑ මට ස්ථානයක් තිබෙනවා කියා හෝ කිසිම ස්ථානයකට මාව අවශ්‍යයි කියා. මම සුදුසුයි කියා මට දැනුනේ නෑ. නමුත් මෙම කැඳවීම සමග, මට හැඟෙනවා හරියට ස්වර්ගික පියාණන්වහන්සේට මා වෙනුවෙන් අරමුණක් සහ ස්ථානයක් ඇති බව. ක්ලොවී සහ ඇගේ මව රැස්වීමෙන් ඉවත්ව යන විට, ක්ලොවී අම්මා දෙසට හැරී කඳුලු පිරි දෑසින් ඇගේ මවට පැවසුවා, “එළිදරවු වීම් ඇත්තයි! එළිදරවු වීම් සැබවින්ම ක්‍රියාකරනවා!”

පන්ති සභාපතිවරුනි, දෙවියන්වහන්සේ විසින් ඔබව කැඳවා ඇති අතර උන්වහන්සේගේ දුවරුන් කණ්ඩායමක් මෙහෙයවීම සඳහා ඔබව විශ්වාස කර තිබෙනවා. “ස්වාමින්වහන්සේ ඔබව දන්නවා. … උන්වහන්සේ ඔබව තෝරාගත්තා.”25 ඔබව කැපකර ඇත්තේ පූජකත්ව බලය ඇති කෙනෙකු විසින්; මෙහි තේරුම වන්නේ ඔබ ඔබගේ කැඳවීමේ යුතුකම් ඉටුකරන විට, ඔබ පූජකත්ව බලය පාවිච්චි කරනවා යන්නයි. ඔබට කිරීමට වැදගත් කාර්‍යයක් තිබෙනවා ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් ලැබෙන පෙළඹවීම් වලට සංවේදී වී ඒ මත ක්‍රියා කරන්න. ඔබ එසේ කරන විට, ඔබ තනියම සේවය නොකරන නිසා, ඔබට ආත්මවිශ්වාසයෙන් සේවය කල හැකියි.

පන්ති සභාපතිවරුනි, අද දින වැඩිහිටි ක්වින්ටින් එල්. කුක් නිවේදනය කල නව කොට්ඨාශ තරුණ මන්ත්‍රණ සභාව සඳහා අපට ඔබගේ දැනුම, හඬ, සහ ශක්තිය අවශ්‍යවෙනවා. ඔබගේ සහෝදර සහෝදරියන්ගේ අවශ්‍යතා සපුරාලීමේ විසඳුමේ ඔබ අත්‍යවශ්‍ය අංගයක් වනවා.26

පන්ති සංවිධාන සහ නායකත්වයේ මෙම වෙනස්කම් කොට්ඨාශ සහ ශාඛා සුදානම් වු විගසම ආරම්භ වනවා නමුත් 2020 ජනවාරී 1 වන දින වන විට ක්‍රියාත්මක කල යුතුයි.

මගේ ආදරණීය සහෝදරියනි, මම සාක්ශි දරනවා මම අද දින කථාකෙරු මෙම වෙනස්කම් ස්වාමින්වහන්සෙගේ ආනුභවය ලත් මඟපෙන්වීම් බවට. අපි කාර්‍යශීලීව මෙම වෙනස්කම් ක්‍රියාත්මක කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට අපට ඇති අධිශ්ඨානය ශක්තිමත් කරගැනීමට සහ අන් අයට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට උදවු කිරීමට ඇති අපගේ අරමුණ කිසිදිනෙක අපට මතක නැති නොවේවා. මම සාක්ශි දරනවා මෙය උන්වහන්සේගේ සභාව බවට. උන්වහන්සේගේ උතුම් කාර්‍යයේ ඉතා වැදගත් කොටසක් වීමට අපට ඉඩදී ඇති නිසා මම බොහෝ සේ කෘතඥ වෙනවා.

මෙම වෙනස්කම් කිරීමට මඟපෙන්වු එම ආත්මයාණන්වහන්සේම ගිවිසුම්ගත මාර්ගයේ ඉදිරියට ඔබ යන විට ඔබට මඟපෙන්වන පිනිස මම යාච්ඤා කරනවා. මම මෙසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.