2010–2019
ගැලවුම්කරුවාණන්ගේ ස්පර්ශය
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ගැලවුම්කරුවාණන්ගේ ස්පර්ශය

අපි උන්වහන්සේ වෙතට පැමිණෙන විට, දෙවියන්වහන්සේ අපගේ ගැලවීමට පැමිණෙනු ඇත, එය අපව සුව කිරීමට හෝ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට වුවද විය හැක.

දළ වශයෙන් අවුරුදු 2000 පමණ ඉහතදී, ආශිර්වාද ලද්දවුන් පිළිබඳව සහ අනෙකුත් සුභාරංචි මුලධර්ම උගන්වා ගැළවුම්කරුවාණන්වහන්සේ කන්දෙන් බිමට පැමිණියා. උන්වහන්සේ ගමන් කරන විට, ලාදුරු රෝගියෙක් උන්වහන්සේ ලඟට ආවා. එම මිනිසා තම පීඩාවෙන් මිදීමට, ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි දනගසමින්, නමස්කාර සහ ගෞරව කලා. ඔහුගේ ආයාචනය බොහෝම සරළයි: “ස්වාමිනි, ඔබ කැමති සේක්නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැයි කීවා”

එවිට ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ දෑත්දිගු කර, මෙසේ පැවසීය, මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්න.”1

අපේ ගැළවුම්කරුවානන්ට සෑමවිටම අපට ආශිර්වාද කිරීමට අවශ්‍ය බව මෙහිදී අපි ඉගෙනගන්නවා. සමහර ආශිර්වාද ඉතා ඉක්මනින් ලැබෙනවා, අනෙකුත් ආශිර්වාද සඳහා කාලය ගතවෙනවා, ඒ වගේම සමහර ආශිර්වාද මෙම ජීවිතයෙන් පසුවත් ලැබෙනවා, නමුත් ආශිර්වාද නියම කාලයේදී ලැබෙනවා.

ලාදුරු රෝගියා මෙන්, උන්වහන්සෙගේ කැමැත්ත පිළිගැනීමෙන් සහ අපට ආශිර්වාද කිරීමට උන්වහන්සේට අවශ්‍ය බව දැනගැනීමෙන් අපට මෙම ජීවිතයේදී ශක්තිය සහ සැනසිල්ල ලබාගත හැකියි. ඕනෑම අභියෝගයකට මුහුණ දීමට, පරීක්ෂාවන්ගෙන් ජයගැනීමට, සහ අපගේ අමාරු වාතාවරණයන් තේරුම් ගෙන සහ විඳදරාගැනීමට අපට ශක්තිය සොයාගත හැකියි. ඇත්තවශයෙන්ම, උන්වහන්සේගේ ජීවිතයෙ එක් ඉතාම දරුණු මොහොතකදී, “ඔබගේ කමැත්ත වේවා” යයි තම පියාට පැවසු විට, ගැලවුම්කරුවාණන්ගේ විඳදරාගනීමේ ශක්තිය ගැඹුරු විය. 2

ලාදුරු රෝගියා තම ඉල්ලීම මවා පෑමක් ලෙස හෝ බලෙන් ඉල්ලා සිටියේ නැත. ඔහුගේ වචන තුලින් ඉහළ බලාපොරොත්තු සහිත නිහතමානී ආකල්පයත් සමග ගැලවුම්කරුවාණන්ගේ කැමැත්ත ඉටුවේවා යන අවංක අපේක්ශාවක්ද පිළිඹිබු විය. අප ක්‍රිස්තුස්වහන්සේ තුලට පැමිණිය යුත්තේ කුමණ ආකල්පයයෙන්ද යන්න මෙය උදාහරණයකි. අපට ක්‍රිස්තුස්වහන්සේ තුලට පැමිණෙන්නට හැකිවන්නේ, උන්වහන්සේගේ කැමැත්ත දැනුත් සෑම විටමත් අපගේ මේ ලොකේ ජීවිතය සහ සදාකාලික ජීවිතය සඳහා හොඳම දේ වනු ඇත යන ස්ථීරත්වය සමගය. අපට නොමැති සදාකාලික දෘශ්ඨිකෝනයක් උන්වහන්සේට ඇත. අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණිය යුත්තේ උන්වහන්සේගේ මෙන්, අපගේ කැමැත්ත පියාණන්ගේ කැමැත්තට යටත්විය යුතුය යන අවංක අපේක්ශාවත් සමගය.3 මෙය අපව සදාකාලික ජීවිතයට සුදානම් කරයි.

ස්වාමින්වහන්සෙ වෙතට පැමිණි ලාදුරු රෝගියාගේ ශාරීරික සහ මානසික වේදනාව සිතාගැනීමට අසීරුය. ලාදුරු රෝගය සමට සහ ස්නායු වලට බලපාන අතර එමඟින් විරුපණය සහ ආභාධිත වේ. ඊට අමතරව, එය විශාල සමාජ අපකීර්තියකට මගපාදනවා. ලාදුරු රෝගයෙන් පීඩා විඳින කෙනෙකුට තම ආදරණීයයන් අතහැර සමාජයෙන් හුදකලාව ජීවත්වීමට සිදුවෙනවා. ලාදුරු රෝගීන් කායික සහ අධ්‍යාත්මික වශයෙන් අපිරිසිඳු යයි සලකනවා. මෙම හේතුව නිසා, මොසෙස්ගේ නීතියට අනුව ලාදුරු රෝගීන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන, ගමන් කරනා විට “අපිරිසිදු” යයි හඬ නගා කියන්නට නියම වී තිබුණා.4 අසනීප සහ හෙළා දැමු ලාදුරු රෝගීන් අතහැර දමාගිය නිවෙස්වල සහ සොහොන්ගෙවල් වල වාසය කළා.5 ගැලවුම්කරුවාණන් වෙතට ලං වු ලාදුරු රෝගියා බිඳී ඇතැයි සිතීම දුශ්කර නොවේ.

අපගේම ක්‍රියාවන් නිසා හෝ අන්යගේ ක්‍රියාවන් නිසා, අපට පාලනය කල හැකි හෝ කල නොහැකි තත්වයන් නිසා සමහරවිට අපද එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් බිඳී යා හැක. එවැනි අවස්ථාවන් වල, අපට අපගේ කැමැත්ත උන්වහන්සේගේ දෑතට බාරකල හැක.

අවුරුදු කිහිපයකට ඉහතදී, මගේ හොඳම භාගය, මගේ හොඳම කොටස වන මගේ බිරිඳ වන සුල්මා, අපගේ එක් දරුවෙකුගේ විවාහයට පෙර දුෂ්කර ආරංචියක් ලැබුනා. ඇගේ පැරොටයිඩ් ග්‍රන්ථියේ ගෙඩියක් තිබු අතර එය වේගයෙන් වර්ධනය වෙමින් තිබුණා. ඇගේ මුහුණ ඉදිමෙන්නට පටන් ගත් අතර ඇය වහාම සියුම් සැත්කමකට භාජනය වුණා. බොහෝ සිතුවිලි ඇගේ මනස හරහා දිව ගොස් ඇගේ හදවතට බරක් වුණා. මෙම ගෙඩිය මාරාන්තිකද? ඇගේ ශරීරය යතාතත්වයට පත්වන්නේ කෙසේද? ඇගේ මුහුණ අංශභාගී තත්වයට පත්වෙයිද? වේදනාව කොතරම් අධික වෙයිද? ඇගේ මුහුණ ස්ථීරවම කැළැල් වේද? ඉවත්කල පසු ගෙඩිය නැවතත් මතුවේද? අපගේ පුතාගේ විවාහයට සහභාගී වීමට ඇයට හැකි වේද? ඇය ශල්‍යාගරයේ වැතිර සිටින විට, ඇයට බිඳුණු බවක් දැණුනා.

එම වැදගත් මොහොතේ, ආත්මයාණන්වහන්සේ ඇයට කෙඳිරුවා පියාණන්වහන්සෙගේ කැමැත්තට ඇය යටත් විය යුතු බව. එවිට ඇය තීරණය කලා ඇයගේ විශ්වාසය දෙවියන්වහන්සේ තුල තබන්නට. ප්‍රථිපලය කිමක් වුවත් උන්වහන්සෙගේ කැමැත්ත තමාට හොඳම දේ වනු ඇතැයි ඇයට තදින්ම දැනුනා. ඉක්මණින්ම ඇය ශල්‍ය නින්දට ගියා.

පසුව, ඇය ඇගේ දිනපොතේ කාව්‍යමය ලෙස මෙසේ ලිවුවා: “ශල්‍ය වෛද්‍යවරයාගේ මේසය මතදී මම ඔබ ඉදිරියේ හිස නමා ඔබගේ කැමැත්තට යටත්වෙමින් නින්දට වැටුනා. කිසිඳු නරක දෙයක් ඔබෙන් පැමිණිය නොහැකි බව දැන, මට ඔබ විශ්වාස කළ හැකි බව දැනසිටියා.”

ඇගේ කැමැත්ත පියාණන්ගේ කැමැත්තට යටත් කිරීමෙන් ඇය ශක්තිය සහ සැනසීම සොයාගත්තා. එම දවසේ, දෙවියන්වහන්සේ බොහෝ සේ ඇයට ආශිර්වාද කලා.

අපගේ තත්වය කුමක් වුවත්, ක්‍රිස්තුස්වහන්සේ තුලට පැමිණීමට අවශ්‍ය ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමෙන් අපට විශ්වාස කල හැකි දෙවිකෙනෙකු සොයාගත හැකියි. මගේ එක් දරුවෙකු වන ගාබ්‍රියෙල්, වරක් ලිවුවා මෙන්:

දිවැසිවරයාට අනුකුලව, දෙවියන්ගේ මුහුණ ඉරට වඩා ආලෝකමත්ය.

ඒ වගේම උන්වහන්සේගේ හිසකෙස් හිමවලට වඩා සුඳුය.

ඒ වගේම උන්වහන්සේගේ හඬ ගලා යන ගඟක් වැනිය.

ඒ වගෙම උන්වහන්සේ අසල මිනිසා කිසිවෙකුත් නොවේ. …

මම පවා කිසිවෙකුත් නොවන බව වටහාගත් විට මම පොඩිවී ගියා.

එවිට විශ්වාස කළ හැකි දෙවිකෙනෙකු වෙතට මම සෙමින් ගමන් කරනවා.

එවිට පමණක් මට විශ්වාසකල හැකි දෙවියන් සොයාගත හැකි වේ.6

අපට විශ්වාස කල හැකි දෙවිකෙනෙකු අපගේ බලපොරොත්තුව ශක්තිමත් කරනවා අපිට උන්වහන්සේ විශ්වාස කල හැකියි මන්ද උන්වහන්සේ අපට ප්‍රේම කරනවා සහ සෑම අවස්ථාවකදීම අපට හොඳම දේ දීමට උන්වහන්සේට අවශ්‍යයි.

ලාදුරු රෝගියා ඉදිරියට පැමිණියේ බලාපොරොත්තුවේ බලය නිසා. ලෝකය ඔහුට කිසිඳු පිළිතුරක් ලබා දුන්නෙ නැත, සැනසීම පවා ලබාදුන්නේ නැත. ඒ අනුව, ගැලවුම්කරුවාණන්ගේ සරල ස්පර්ශය වැළඳගැනීමක් මෙන් ඔහුගේ මුලු ආත්මයටම දැනෙන්නට ඇත. ගැළවුම්කරුවාණන්ගේ ස්පර්ශයේදී, විශේශයෙන්ම “මම කැමැතියි; පවිත්‍ර වන්න” යන වචන ඇසුන විට ලාදුරු රෝගියාට ඇතිවු කෘතඥ බවේ හැඟීම් අපට සිතාගත හැක.

කතන්දරයේ කියවෙනවා “එකෙනෙහිම ඔහු කුශ්ඨයෙන් පවිත්‍ර වු” බව.7

අපටත් ගැලවුම්කරුවාණන්ගේ ආදරනීය, සුවකිරීමේ දෑත් හැඟීමට පුළුවන්. අපට පවිත්‍ර වීමට උදවුකිරීමට උන්වහන්සේට අවශ්‍ය බව දැනගැනීමෙන් අපගේ ආත්ම වලට දැනෙන ප්‍රීතිය, බලාපොරොත්තුව සහ කෘතඥ බව කොපමණ විය හැකිද! අපි උන්වහන්සේ වෙතට පැමිණෙන විට, දෙවියන්වහන්සේ අපගේ ගැලවීමට පැමිණෙනු ඇත, එය අපව සුව කිරීමට හෝ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට වුවද විය හැක.

කෙසේවෙතත්, අපගේ නොව - උන්වහන්සේගේ කැමැත්ත පිළිගැනීම - අපගේ තත්වයන් තෙරුම්ගැනීමට අපට උදවු වේ. දෙවියන්වහන්සේගෙන් කිසිඳු නරක දෙයක් පැමිණිය නොහැක. අපිට වඩාත් හොඳ කුමක්ද කියා උන්වහන්සේ දන්නවා. සමහර විට උන්වහන්සේ අපගේ කරදර එකවරම ඉවත්නොකරනු ඇත. උන්වහන්සේ හරියට ඇල්මා සහ ඔහුගේ මිනිසුන්ට කලාවගේ, සමහරවෙලාවට උන්වහන්සේ එම කරදර වල බර අඩුවෙන් දැනෙන්නට සලස්වනවා.8 අවසානයේදී, ගිවිසුම් නිසා, බර සැහැල්ලු කරනු ලැබීය, 9 එය සිදුවන්නේ මෙම ලොකයේදී හෝ ශුද්ධවු උත්ථානයේදීය.

උන්වහන්සේගේ කැමැත්ත වේවා යන අවංක අපේක්ශාවත් සමග අපගේ ගැලවුම්කරුවාණන්ගේ දිව්‍යමය ස්වභාවය පිලිබඳ තෙරුම්ගැනීම, පවිත්‍ර වීම සඳහා ලාදුරු රෝගියා පෙන්වු මෙන් ඇදහිල්ලක් වර්ධනය කරගැනීම සඳහා අපට උපකාරී වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආදරයේ දෙවිකෙනෙක්, බලාපොරොත්තුවේ දෙවිකෙනෙක්, සුවකිරීමේ දෙවිකෙනෙක්, පවිත්‍ර වීමට අපට උපකාර කිරීමට සහ ආශිර්වාද කිරීමට අවශ්‍යතාව ඇති දෙවිකෙනෙක්. අප පාපයට වැටෙන විට අපව ගලවා ගැනීම සඳහ මෙම ලෝකයට ඒමට ප්‍රතම උන්වහන්සේ ඉදිරිපත් වු විටදී උන්වහන්සේට අවශ්‍ය වුයේ එයයි. ගෙත්සෙමෙනී උයනේදී පාපයේ මිල ගෙවීමේ මහත් පීඩාව අතරතුර මනුශ්‍යාට තේරුම්ගත නොහැකි වේදනාවකට මුහුණ දුන් විටදීද උන්වහන්සේට අවශ්‍ය වුයේ එයයි. දැනුත් පියාණන් ඉදිරියේ අප වෙනුවෙන් ආයාචනා කරන විටදී උන්වහන්සේට අවශ්‍ය වන්නෙ එයයි.10 එනිසයි උන්වහන්සේගේ කටහඬ තවමත් මෙලෙස දෝංකාර දෙන්නේ: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි”11

උන්වහන්සේට අපව සුවකිරීමට සහ අපව ඔසවා තැබීමට හැකියි මන්ද එසේ කිරීමට උන්වහන්සේට පුළුවන්කම ඇති නිසා. සෑම දෙයකදීම අපට උදවු කිරීමට සහ අපව සුවකිරීමට මෙන්ම ආපව ඔසවා තැබීමට උන්වහන්සේගේ අභ්‍යන්තරයම දයාවෙන් පිරී යනු පිනිස උන්වහන්සේ ශරීරයේ සහ ආත්මයේ සියලුම වේදනාවන් උන්වහන්සේ මතට ගනුලැබුවා.12 අභිනාඩි උපුටා දක්වන යෙසායාගේ වචන, එය ලස්සනට සහ අනුකම්පාව දනෙන ලෙස ඉදිරිපත්කර තිබෙනවා.

“සැබවින්ම උන්වහන්සේ දරාගත්තේ අපේ දුකය, දරාගත්තේ අපේ ශෝකයය. …

එහෙත් උන්වහන්සේ තුවාල ලැබුයේ අපගේ අපරාධ නිසාය, උන්වහන්සේ පොඩිකරනු ලැබුයේ අපගේ අයුතුකම් නිසාය; අපට සමාදානය ගෙනදෙන දඩුව්ම උන්වහන්සේ පිටට පැමිණුනේය; තවද උන්වහන්සේ පහර වලින් අපට සුවය ලැබී තිබේ.”13

මෙම කාව්‍යය තුල මෙම සංකල්පයම උගන්වනු ලැබේ:

“අහෝ නාසරෙත්හි වඩුවාණෙනි,

අතීතයේ පිරියම් කෙරු, මෙම බිඳුණු හදවත,

මරණයට ලංව බිඳී වැටී ඇති, මෙම ජීවිතය,

අහෝ වඩුවාණෙනි, ඔබට එය සුව කළ හැකිද?”

උන්වහන්සේගේ කාරුණික සහ සුදානම් හස්තයෙන්,

උන්වහන්සේගේම මධුර ජීවිතය වියන ලද වුවද

අපගේ බිඳුනු ජීවිත, ගොඩනැගෙන තුරුම

අලුත් නිමැවුමක් - “සෑම දෙයක්ම අලුත්”.

“හදවතේ සුනුවිසුණු වු [කොටස්],

අපේක්ශාව, අභිලාශය, බලාපොරොත්තුව සහ විශ්වාසය,

පරිපුර්ණ කොටසක් ලෙස ඔබ වාත්තු කලසේක,

අහෝ, නාසරෙත්හි වඩුවාණෙනි!”14

මොනම ආකාරයකින් හෝ ඔබට ඔබ පවිත්‍ර නොවේ යයි සිතේනම්, ඔබ බිඳීඇති ලෙස දැනේනම්, කරුණාකර මතක තබාගන්න ඔබට පවිත්‍ර විය හැක, ඔබව යහපත් විය හැක, ඒ උන්වහන්සේ ඔබට ප්‍රේම කරන නිසායි. උන්වහන්සේගෙන් කිසිඳු නරකක් පැමිණිය නොහැකි බව විශ්වාස කරන්න.

උන්වහන්සේ “සෑමදෙයකටම වඩා පහතට බැසු නිසා”, 15 අපගේ ජීවිතයේ බිඳී ඇති සෑම දෙයක්ම අලුත්වැඩියා කිරීමට ඉඩ සලසයි, එවිට අපට දෙවියන්වහසේ සමග සමාදාන විය හැකිය. උන්වහන්සේ කරුනුකොටගෙන සෑම දෙයක්ම සමාදාන වේ, පොළවේ ඇති දේවල් සහ ස්වර්ගයේ ඇති දේවල් යන දෙකේම, “උන්වහන්සේගේ කුරුසියේ රුධිරය තුලින් සාමය ඇති කලේය”.16

ගතයුතු සෑම පියවරක්ම ගෙන අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙමු. එසේ අපි කරන විට, අපගේ ආකල්පය, “ස්වාමිනී, ඔබ කැමති සේක්නම්, මා පවිත්‍ර කල හැකිය” යනුවෙන් පැවසිය හැකි කෙනෙකු ලෙස වේවා. අපි එසේ කල විට, අපට ස්වාමින්වහන්සේගේ සුවකිරීමේ ස්පර්ශය සමග “මම කැමැත්තෙමි; පවිත්‍ර වන්න” යන උන්වහන්සේගේ මිහිරි හඬේ දෝංකාරයද ලැබෙනු ඇත.

ගැලවුම්කරුවාණන්වහන්සේ අපට විශ්වාසකල හැකි දෙවිකෙනෙකි. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයි, අභිශෙක ලත් තැනැන්වහන්සේයි, උන්වහනේගේ ශුද්ධවු නාමයෙන් මම සාක්ශි දරන මෙසියස්වහන්සේයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පවා, ආමෙන්.