2010–2019
එන්න, මා අනුගමනය කරන්න - ස්වාමින්වහන්සේගේ ප්‍රති උපායමාර්ග හා ක්‍රියාකාරී සැලැස්ම
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


එන්න, මා අනුගමනය කරන්න - ස්වාමින්වහන්සේගේ ප්‍රති උපායමාර්ග හා ක්‍රියාකාරී සැලැස්ම

ස්වාමින්වහන්සේ තම සෙනඟව විරුද්ධවාදියාගේ ප්‍රහාරයන්ට එරෙහිව සූදානම් කරයි. එන්න, මා අනුගමනය කරන්න - ස්වාමින්වහන්සේගේ ප්‍රති උපායමාර්ග හා ක්‍රියාකාරී සැලැස්මයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ මෙම ශ්‍රේෂ්ට සම්මන්ත්‍රණයට එකට එක්වීම ගැන අපි ප්‍රීතිවෙනවා. ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ හා ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම් තුළින් ස්වාමින්වහන්සේගේ මනස හා කැමැත්ත ලැබීම ආශිර්වාදයක්. සභාපති රසල් එම්. නෙල්සන් යනු ස්වාමින්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයායි. අද දින ඔහුගේ ආනුභාව ලත් උපදෙස් හා මගපෙන්වීම ගැන අපි කෙතරම් නම් කෘතඥ වනවාද.

කලින් බෙදාගත් අයට මම මගේ සාක්ෂිය එක්කරනවා. අපගේ සදාකාල පියාණන් වන දෙවියන්වහන්සේ පිළිබඳව මම සාක්ෂි දරනවා. උන්වහන්සේ ජීවත් වන අතර අපට ආදරය කරන අතර අප දෙස බලා සිටී. උන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම මෙම මරණීය ජීවිතයේ ආශිර්වාද සඳහා සහ අවසානයේදී උන්වහන්සේ වෙත නැවත පැමිණීම සඳහා අවස්ථාව සපයනවා.

මම තවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරනවා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයායි. උන්වහන්සේ අපව මරණයෙන් ගලවාගත් අතර, අප උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබා පසුතැවිලි වන විට උන්වහන්සේ අපව පාපයෙන් මුදවා ගන්නවා. අප වෙනුවෙන් උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීමේ පරිත්‍යාගය අමරණීයභාවය හා සදාකාල ජීවනයේ ආශිර්වාද ගෙන එනවා. “තම දිව්‍යමය පුත්‍රයාණන්ගේ අසමසම ත්‍යාගය ගැන දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා” (“The Living Christ: The Testimony of the Apostles,” Liahona, May 2017, inside front cover).

ලොව පුරා සිටින සාන්තුවරයන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවමාළිගාවල උන්වහන්සේට නමස්කාර කිරීමට ආශිර්වාද ලැබී තිබෙනවා එම එක් දේවමාළිගාවක් දැනට කැනඩාවේ විනිපෙග් හි ඉදිවෙමින් පවතිනවා. මගේ බිරිඳ ඈන් මරීට සහ මට මේ වසරේ අගෝස්තු මාසයේදී ඉදිකිරීම් භූමිය නැරඹීමට අවස්ථාව ලැබුණා. දේවමාළිගාව අලංකාර ලෙස නිර්මාණය කර ඇති අතර එය නිමවූ විට එය විශිෂ්ට වනු සැකයක් නෑ. කෙසේවෙතත්, ශක්තිමත් හා ස්ථිර පදනමක් නොමැතිව ඔබට විනිපෙග්හි හෝ වෙනත් තැනක විශ්මයජනක දේවමාළිගාවක් තිබිය නොහැකියි.

විනිපෙග් හි කැටි දියවන චක්‍රය සහ පුළුල් පාංශු තත්වයන් නිසා දේවමාළිගා අත්තිවාරම සකස් කිරීම අභියෝගයක් වුණා. එබැවින් මෙම දේවමාළිගාවේ අත්තිවාරම කොන්ක්‍රීට් අතුරා ඇති වානේ ගොඩවල් 70 කින් සමන්විත වියයුතු බව තීරණය වුණා. මෙම ගොඩවල් දිග අඩි 60 ක් (18m) සහ විෂ්කම්භය අඟල් 12 සිට 20 (30cm - 50cm) දක්වා වෙනවා. මතුපිටින් අඩි 50 (15m) ක් පමණ පහළින් පතුල් ගලට වැටෙන තුරු ඒවා පොළවට තල්ලු කරනු ලැබ තිබෙනවා. මේ ආකාරයට ගොඩවල් 70ක් සුන්දර විනිපෙග් දේවමාළිගාව ඉදිකිරීම සඳහා ස්ථිර පදනමක් සපයනවා.

පසු-දවස්වල ශුද්ධවන්තයන් වශයෙන්, අපි අපේ ජීවිතවල ඒ හා සමාන ශක්තිමත් සහ ස්ථිර පදනමක් සොයනවා - එය අපගේ ලෞකික ගමන හරහා ආපසු අපගේ ස්වර්ගීය නිවස කරා යන්නට අවශ්‍ය අධ්‍යාත්මික පදනමයි. එම අත්තිවාරම ස්ථාපිත වී ඇත්තේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට අප හැරීමෙහි පතුල්ගල මතයි.

මොර්මොන්ගේ පොතේ හිලමන්ගේ ඉගැන්වීම අපි සිහිපත් කරමු: “තවද දැන් මාගේ පුත්‍රයෙනි, සිහිකරන්න, සිහිකරන්න, එනම් නුඹලා නුඹලාගේ අත්තිවාරම ගොඩනැගිය යුත්තේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයා වූ ක්‍රිස්තුස්වහන්සේ වූ අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය මතය; එනම් යක්ෂයා ඔහුගේ බලවත් කුණාටුවන්, එසේය, සුළි සුළඟින් ඊතලයන් පමුණුවන විට, එසේය, … දුක්ඛිතකමේ ආගාධයට සහ අනන්ත වේදනාවට පහතට ඇදගෙන යාමට එයට නුඹලා මත බලයක් නොවන්නේය, මක්නිසාද නුඹලා ගොඩනගා තිබෙන්නාවූ එම පර්වතය හෙයිනි, එය ස්ථීර අත්තිවාරමක්ය, එම අත්තිවාරම මත මනුශ්‍යයා ගොඩනගන්නේ නම් ඔහු නොවැටෙන්නෝය.” (හිලමන් 5:12).

ස්තූතිවන්ත වන්නට, අප ජීවත් වන්නේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් අපට උගන්වන කාලයකයි. ඔවුන්ගේ උපදෙස් අනුගමනය කිරීමෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිර පදනමක් ඇති කරගැනීමට අපට උපකාරී වෙනවා.

වසරකට පෙර, 2018 ඔක්තෝබර් මාසයේ පැවති ප්‍රධාන සම්මන්ත්‍රණයේ ආරම්භක කථාවේදී සභාපති රසල් එම්. නෙල්සන් පැහැදිලි කළ පරිදි සහ අනතුරු ඇඟවූ පරිදි “සභාවේ දිගුකාලීන අරමුණ වන්නේ, අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ වන්දිගෙවීමන් කෙරෙහි තම ඇදහිල්ල වර්ධනය කිරීම සඳහා සියළුම සාමාජිකයින්ට උදව් කිරීමයි. දෙවියන්වහන්සේ සමග, ඔවුන්ගේ පවුල් ශක්තිමත් කිරීම සහ මුද්‍රා කිරීමයි.” අද මෙම සංකීර්ණ ලෝකයේ, මෙය පහසු නෑ.. සතුරා ඇදහිල්ලට සහ අපට සහ අපගේ පවුල් වලට වැඩිවන වේගයකින් පහර දීම වැඩි කරයි. අධ්‍යාත්මිකව ජීවත් වීමට අපට ප්‍රතිවිරෝධතා සහ ක්‍රියාකාරී සැලසුම් අවශ්‍යයි” (“Opening Remarks,” Liahona, Nov. 2018, 7; emphasis added).

සභාපති නෙල්සන්ගේ පණිවුඩයට පසුව, ප්‍රේරිතයින් දොළොස්දෙනාගේ ගණපූර්ණයෙහි වැඩිහිටි ක්වින්ටින් එල්. කුක් විසින් එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා සම්පත හඳුන්වාදෙන ලදි. ඔහුගේ ප්‍රකාශයට පහත සඳහන් ප්‍රකාශ ඇතුළත් වුණා:

  • “නව නිවාස අධ්‍යයනය එන්න, මා අනුගමනය කරන්න සම්පත… සැලසුම් කර ඇත්තේ නිවසේ සුභාරංචිය ඉගෙනගැනීමට සාමාජිකයින්ට උපකාර කිරීම සඳහාය.”

  • “මෙම සම්පත සභාවේ සෑම පුද්ගලයෙකුටම සහ පවුලකටම වේ” [Come, Follow Me—For Individuals and Families (2019), vi].”

  • “අපගේ අරමුණ වන්නේ සභාවේ සහ නිවසේ අත්දැකීම් ඇදහිල්ල හා අධ්‍යාත්මය බෙහෙවින් වැඩි කරන අතර ස්වර්ගික පියාණන් හා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට අපගේ හැරීම ගැඹුරු කිරීමයි.” (“Deep and Lasting Conversion to Heavenly Father and the Lord Jesus Christ,” Liahona, Nov. 2018, 9–10.)

මෙම වසරේ ජනවාරි සිට ලොව පුරා සිටින සාන්තුවරයන් නව ගිවිසුම, එන්න මා අනුගමනය කරන්න සම්පත අපගේ මගපෙන්වීම ලෙස ගෙන හැදෑරීමට පටන් ගත්තා. සතිපතා කාලසටහනක් සමග, එන්න, මා අනුගමනය කරන්න අපට ශුද්ධලියවිලි, සුභාරංචියේ ඉගැන්වීම් සහ අනාගතවක්තෘවරුන්ගේ හා ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමට උපකාරී වෙනවා. එය අප සැමට පුදුමාකාර සම්පතක්.

ලෝක ව්‍යාප්ත ශුද්ධලියවිලි අධ්‍යයන ප්‍රයත්නයෙන් මාස නවයකට පසු, අප දකින්නේ කුමක්ද? ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා භක්තියෙන් සෑම තැනකම පසුකාලීන සාන්තුවරයන් වර්ධනය වන ආකාරය අපට පෙනෙනවා. අපගේ ගැලවුම්කරුවාණන්ගේ වචන අධ්‍යයනය කිරීම සඳහා පුද්ගලයන් සහ පවුල් සතිය පුරා කාලය වෙන්කරන බව අපට පෙනෙනවා. අපි ශුද්ධලියවිලි අධ්‍යනය නිවසේදී කර සභාවේදී අදහස් බෙදාගන්නා නිසා අපගේ ඉරිදා පන්ති වල සුභාරංචි ඉගැන්වීම වැඩිදියුණු වන ආකාරය අපි දකිනවා. ශුද්ධලියවිලි පාඨ කියවීමේ සිට ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම දක්වා ගැඹුරින් අධ්‍යයනය කිරීම කරා අප ගොස් ඇති හෙයින් විශාල පවුලේ ප්‍රීතිය හා එකමුතුකමක් අපට පෙනෙනවා

පසුකාලීන සාන්තුවරයන් බොහෝ දෙනෙකු සමග එන්න, මා අනුගමනය කරන්න පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් මුලින් ඇසීම මට භාග්‍යයක් වී තිබෙනවා. ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රකාශකිරීම නිසා මගේ සිත ප්‍රීතියෙන් පිරීයනවා. ලෝකයේ විවිධ පැති වල, සභාවේ විවිධ සාමාජිකයන්ගෙන් මා අසා ඇති අදහස් කිහිපයක් මෙන්න:

  • පියෙක් මෙලෙස බෙදාගත්තා, “මට මගේ දරුවන්ට ගැළවුම්කාරයාණන් ගැන සාක්ෂි දීමට අවස්ථාවක් ලැබෙන බැවින් මම එන්න, මා අනුගමනය කරන්න රසවිඳිනවා.”

  • තවත් නිවසක දරුවෙක් පැවසුවේ: “මගේ දෙමව්පියන් ඔවුන්ගේ සාක්ෂි දරනවා සවන්දීමට මෙය අවස්ථාවක්.”

  • මවක් මෙසේ පැවසුවා: “දෙවියන්වහන්සේට මුල් තැන දෙන්නේ කොහොමද කියලා අපිට පෙළඹවීමක් ලැබුණා. ‘අප සතුව නැත’ යැයි අප සිතූ කාලය බලාපොරොත්තුව, ප්‍රීතිය, සාමය සහ අප නොදැන සිටි ආකාරවලින් සාර්ථක විය හැකි බවින් [පිරී] තිබෙනවා.”

  • යුවළක් මෙසේ පැවසුවා: “අපි ශුද්ධලියවිලි කියවන්නේ මීට පෙර කියවා ඇති ආකාරයට වඩා වෙනස් ආකාරයකටයි. අපි මීට පෙර ඉගෙනගත් දෙයට වඩා බොහෝ දේ ඉගෙනගන්නවා. ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ අප දේවල් වෙනස් ලෙස දැකීමයි. ස්වාමින්වහන්සේ අපව සූදානම් කරනවා.”

  • මවක් මෙසේ පැවසුවා. “මම කැමතියි අපි එකම දේ එකට ඉගෙනගන්නවාට. මීට පෙර අපි ඒවා කියවමින් සිටියා. අද, අපි ඒවා ඉගෙනගනිමින් සිටිනවා.”

  • එක් සහෝදරියක් මෙම තීක්ෂ්ණ දෘෂ්ටිකෝණය බෙදාගත්තා. “මීට පෙර ඔබට පාඩමක් තිබුණා, ශුද්ධලියවිලි ඒ පාඩමට උදව් කළා. දැන් ඔබට ශුද්ධලියවිලි තියෙනවා, ඒ වගේම පාඩම ඒවට උදව් වෙනවා.”

  • තවත් සහෝදරියක් මෙසේ පැවසුවා: “මම එය නොකරන විට සහ එය කරන විට [සසඳන විට] මට වෙනසක් දැනෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් අපේ විශ්වාසයන් ගැනත් අන් අය සමග කතා කිරීම මට පහසු බව මම සොයාගත්තා.”

  • ආච්චි අම්මා කෙනෙක් මෙසේ පැවසුවා: “මම ඉරිදා දිනවල මගේ දරුවන්ට සහ මුණුබුරන්ට කතා කරනවා. අපි එන්න, මා අනුගමනය කරන්න තුලින් අදහස් බෙදාගන්නවා.”

  • එක් සහෝදරියක් මෙසේ පැවසුවා. “එන්න, මා අනුගමනය කරන්න තුලින් ගැලවුම්කරුවාණන් මට පෞද්ගලිකව දේවසේවය කරනවා වගේ දැනෙනවා. එය ස්වර්ගයෙන් ආනුභාව ලත් දෙයක්.”

  • පියෙක් අදහස් දක්වමින්, “අපි එන්න, මා අනුගමනය කරන්න භාවිතා කරන ව්ට අපි අපේ දොරවල්වල පැති සලකුණු සලකුණු කරමින්, අපගේ පවුල් විනාශකරුවාගේ බලපෑමෙන් ආරක්ෂා කරමින් සිටින ඊශ්‍රායෙලයේ දරුවන් හා සමානයි.”

සහෝදර සහෝදරියනි, එන්න, මා අනුගමනය කරන්න සමග ඔබ ගත් උත්සාහයන් ඔබේ ජීවිතයට ආශිර්වාද කරන ආකාරය ඇසීමත් ඔබව බැහැදකින්නට ලැබීමත් සතුටක්. ඔබගේ භක්තියට ස්තූතියි.

එන්න, මා අනුගමනය කරන්න සමග ශුද්ධලියවිලි අධ්‍යයනය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත හා උන්වහස්නේගේ සුභාරංචිය වෙත අපගේ හැරීම ශක්තිමත් කිරීමට මගපෙන්වීමක් ලෙස ක්‍රියාකරයි. අපි සරලව ඉරිදා සභාවේ පැයක අඩුව නිවසේදී තවත් පැයක් සමග මාරුකරගන්නවා නොවේ. සුභාරංචිය ඉගෙනගැනීම සතිය පුරා අඛණ්ඩ උත්සාහයකි. එක් සහෝදරියක් තීක්ෂ්ණ බුද්ධියෙන් බෙදාගත් පරිදි, “ඉලක්කය වන්නේ සභාව පැයක් කෙටි කිරීම නොවේ; සභාව දින හයක් දිගුකිරීමයි!”

දැන්, අපගේ අනාගතවක්තෘ සභාපති නෙල්සන් 2018 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය ආරම්භ කරන විට දුන් අනතුරු ඇඟවීම නැවත සලකාබලන්න:

“සතුරා ඇදහිල්ලට සහ අපට සහ අපගේ පවුල් වලට වැඩිවන වේගයකින් පහර දීම වැඩි කරයි. අධ්‍යාත්මිකව ජීවත් වීමට අපට ප්‍රති උපායමාර්ග සහ ක්‍රියාකාරී සැලසුම් අවශ්‍යයි” (“ආරම්භක සටහන්,” 7).

ඉන්පසු (ආසන්න වශයෙන් පැය 29 කට පසු) ඉරිදා දහවල් ඔහු මෙම පොරොන්දුව සමග සම්මන්ත්‍රණය අවසන් කළා: “ඔබේ නිවස සුභාරංචි ඉගෙනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ඔබ උනන්දුවෙන් කටයුතු කරන විට… ඔබේ ජීවිතයේ සහ ඔබේ නිවසේ විරුද්ධවාදියාගේ බලපෑම අඩු වනු ඇත ” (“ආදර්ශමත් පසුදවස්වල ශුද්ධවන්තයින් වීම,” ලියහෝනා, නොවැ. 2018, 113).

සතුරාගේ ප්‍රහාර වැඩියෙන් වර්ධනය වන්නේ කෙසේද, ඒ සමගම සතුරාගේ බලපෑම සැබවින්ම අඩු වෙමින් පවතින්නේ කෙසේද? එය සිදුවිය හැකි අතර එය සභාව පුරා සිදුවෙමින් පවතී, මන්ද ස්වාමින්වහන්සේ තම සෙනඟව සතුරාගේ ප්‍රහාරයන්ට එරෙහිව සූදානම් කරයි. එඑන්න, මා අනුගමනය කරන්න - ස්වාමින්වහන්සේගේ ප්‍රති උපායමාර්ග හා ක්‍රියාකාරී සැලැස්මයි. සභාපති නෙල්සන් ඉගැන්වූ පරිදි, “නව නිවාස කේන්ද්‍රීය, සභාවේ සහාය ඇති ඒකාබද්ධ විෂය මාලාවට පවුල්වල බලය මුදාහැරීමේ හැකියාව ඇත.” කෙසේවෙතත්, ඒ සඳහා අපගේ උපරිම උත්සාහයන් අවශ්‍ය වනු ඇත; අප “අපගේ නිවස ඇදහිල්ලේ අභයභූමියක් බවට පරිවර්තනය කිරීම සඳහා හෘද සාක්ෂියට එකඟව හා ප්‍රවේශමෙන් අනුගමනය කළ යුතුය” (“Becoming Exemplary Latter-day Saints,” 113).

සභාපති නෙල්සන් පැවසූ පරිදි, “අපගේ පෞද්ගලික අධ්‍යාත්මික වර්ධනයට අප සෑම කෙනෙකුම වගකිව යුතුය.” (“ආරම්භක සටහන්,” 8).

එන්න, මා අනුගමනය කරන්න සම්පත සමග, ස්වාමින්වහන්සේ අපව සූදානම් කරන්නේ “අප දැන් මුහුණ දී සිටින අන්තරාදායක කාලයන් සඳහායි” (ක්වින්ටින් එල්. කුක්, “ගැඹුරු සහ කල්පවතින හැරීම,” 10). “ස්ථිර පදනමක්, මිනිසුන් ගොඩනඟන්නේ නම් ඔවුන්ට වැටිය නොහැකි අත්තිවාරමක්” (හිලමන් 5:12) ස්ථාපිත කිරීමට උන්වහන්සේ අපට උදව්කරමින් සිටී - එය ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහස්නේ වෙතට අප හැරී යාමේ පතුල් ගලෙහි ස්ථිරව නැංගුරම් ලා ඇති සාක්ෂියක පදනමයි.

ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමේදී අප දිනපතා ගන්නා උත්සාහයන් අපව ශක්තිමත් කර මෙම පොරොන්දු වූ ආශිර්වාද ලැබීමට සුදුස්සන් බවට පත් කරත්වා. මම යාච්ඤා කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.