2010–2019
ගිවිසුමට අයත්
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ගිවිසුමට අයත්

දෙවියන්වහන්සේට අයිතිවීම සහ උන්වහන්සේගේ ගිවිසුම් මාවතේ එකිනෙකා සමග ගමන්කිරීම යනු ගිවිසුමට අයත්වීමේ ආශිර්වාද ලැබීමයි.

ආදරණීය සහෝදර සහෝදරියනි, මේ ප්‍රාථමික දරුවෙකු යාච්ඤා කිරීමට ඉගෙනීම ගැන කතාවක්. “A අකුර වෙනුවන්, B අකුර වෙනුවෙන්, … G අකුර වෙනුවෙන් ඔබට ස්තූතියි.” මේ දරුවාගේ යාච්ඤාව තවත් ඉදිරියට යනවා, “X, Y, Z අකුරු වෙනුවෙන් ස්තූතියි. ආදරණීය පියාණනී, 1 වෙනි ඉලක්කමට, 2 වන ඉලක්කමට ඔබට ස්තූතියි.” ප්‍රාථමික ගුරුවරයා කනස්සල්ලට පත්වුනත් ඥාණවන්තව බලාසිටියා. මේ දරුවා කියනවා, “5 වෙනි ඉලක්කමටත්, 6 වෙනි ඉලක්කමටත් - ඒවගේම මගේ ප්‍රාථමික ගුරුවරයා වෙනුවෙනුත් ස්තූතියි. මගේ යාච්ඤාව ඉවර කරන්නට මට ඉඩදුන් එකම පුද්ගලයා ඇයයි. ”

ස්වර්ගික පියාණන්වහන්සේට සෑම දරුවෙකුගේම යාච්ඤා අසනවා. අසීමිත ප්‍රේමයෙන්, ගිවිසුමට අයිති වෙන්නටත් සහ විශ්වාස කරන්නටත් උන්වහන්සේ අපට ආරාධනා කරනවා.

මේ ලෝකය මිරිඟුවෙන්, මායාවෙන්, අතින් සිදුවන ව්‍යාජ දේවලින් පිරිලා. බොහෝ දේ තාවකාලිකව හා මතුපිටින් පෙනෙනවා. වෙස් මුහුණු, මවාපෑම, සමූහයාගෙන් ලැබෙන රුචි අරුචිකම් පසෙකට දැමූ විට, අපි නොඉවසිල්ලෙන් සිටින ආගන්තුක සත්කාරය, ආධ්‍යාත්මික සම්බන්ධතාවය හෝ ලෞකික ආත්මාර්ථකාමීත්වය පසුපස හඹායෑමට වඩා වැඩි යමක් අපි අපේක්ෂා කරනවා. ස්තූතිවන්නට, එම කාරණයට පිළිතුරු දීමට ක්‍රමයක් තිබෙනවා.

ගිවිසුමක් මගින් දෙවියන්වහන්සේට සහ අප අවට සිටින අයට ප්‍රේම කරන්නැයි දෙවියන්වහන්සේගේ මහත් අණ පණත් වලට අප පැමිණෙන විට, අප එසේ කරන්නේ ආගන්තුකයෙකු හෝ අමුත්තෙකු ලෙස නොව, නිවසේ සිටින උන්වහන්සේගේ දරුවා ලෙසයි.1 වයස්ගත පරස්පර විරෝධය තවමත් සත්‍යයක්. ගිවිසුමට අයත් අපගේ ලෞකික ආත්මය අහිමිවීමේදී, අපගේ හොඳම නිදහස්, ජීවමාන, සත්‍ය - සදාකාලික පුද්ගලයා2 බවට පත්වෙනවා, ඒවගේම අපේ වඩාත් වැදගත් බැඳීම් නිර්වචනය වෙනවා. ගිවිසුමට අයත් වනවා යනු දෙවියන්වහන්සේට සහ එකිනෙකාට බැරෑරුම් පොරොන්දු ඉටුකිරීම හා පූජනීය ආඥා තුළින් දේව භක්තියේ බලය අපගේ ජීවිත තුළ ප්‍රකාශ වන ලෙස ආරාධනා කිරීමයි.3 අපගේ සියල්ලම තුල ගිවිසුමක් ඇති කර ගත් විට, අප සිටිනවාට වඩා වර්ධනය විය හැකියි. ගිවිසුමට අයත්වීම අපට ස්ථානයක්, කථාවක්, පත්වීමට හැකියාවක් ලබාදෙයි. එය ජීවිතය සහ ගැලවීම කරා ඇදහිල්ල නිශ්පාදනය කරනවා.4

දිව්‍යමය ගිවිසුම් දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ ප්‍රේමයේ උල්පතක් බවට පත්වන අතර එමගින් එකිනෙකාගෙන් සහ එකිනෙකාට ප්‍රේමය උපදවයි. අපගේ ස්වර්ගික පියාණන් වන දෙවියන්වහන්සේ අපි අපිට ආදරය කරනවාට වඩා හෝ අපි අපිව දන්නවාට වඩා අපිව දනී සහ ප්‍රේම කරයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ පුද්ගලික වෙනස (පසුතැවීම); දයාව, කරුණාව, සමාව ලබාදෙයි. ලෞකික ජීවිතයේදී අප අත්විඳින වේදනාව, තනිකම, අයුක්තිය සඳහා මෙයින් සැනසීමක් ලබාදෙයි. දෙවියන්වහන්සේ ලෙස, අපගේ ස්වර්ගික පියාණන්ට අවශ්‍ය වන්නේ දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ටතම ත්‍යාගය වන උන්වහන්සේගේ ප්‍රීතිය හා සදාකාල ජීවනය අපට ලැබීමයි.5

අපේ දෙවියන්වහන්සේ ගිවිසුමේ දෙවියන් කෙනෙක්. උන්වහන්සේගේ ස්වභාවය අනුව, උන්වහන්සේ “ගිවිසුම් තබාගෙන දයාව පෙන්වයි.”6 උන්වහන්සේගේ ගිවිසුම් විඳදරාගන්නේ “කාලය පවතින තාක් කල්, නැතහොත් පොළොව පවතිනු තාක්, නැතහොත් ගැළවීම සඳහා එහි මුහුණෙහි එක් මිනිසෙක් සිටින තාක් කල්ය.”7 අප සිටින්නේ පැවැත්මේ අවිනිශ්චිතතාවයේ හා සැකයේ සැරිසැරීමට නොවෙයි, නමුත් “මරණයේ රැහැන්වලට වඩා ශක්තිමත්” ආදරණීය ගිවිසුම් සබඳතාවල ප්‍රීතිවීමටයි.8

දෙවියන්වහන්සේගේ වත්පිළිවෙත් සහ ගිවිසුම් ඒවායේ අවශ්‍යතාවයට අනුව විශ්වීය වන අතර අවස්ථාව අනුව ඒකාකාරී වේ. දෙවියන්වහන්සේගේ සාධාරණත්වය තුළ, සෑම ස්ථානයකම සහ වයසක සිටින සෑම පුද්ගලයෙකුටම ගැලවීමේ වත්පිළිවෙත් ලැබිය හැකිය. ලබාදී ඇති වත්පිළිවෙත් පිළිගන්නට තෝරාගැනීම සඳහා පුද්ගලයන්ට - තෝරාගැනීමේ නිදහස අදාළ වෙනවා. දෙවියන්වහන්සේගේ වත්පිළිවෙත් උන්වහන්සේගේ ගිවිසුම් මාවතේ මාර්ගෝපදේශ සපයනවා. තම දරුවන්ව නිවෙසට ගෙන ඒමේ දෙවියන්වහන්සේගේ සැලැස්ම අපි හඳුන්වන්නේ මිදීමේ සැලැස්ම, ගැලවීමේ සැලැස්ම, ප්‍රීතියේ සැලැස්ම ලෙසයි. මිදීම, ගැළවීම, සෙලෙස්ටියල් සන්තෝෂය ලැබිය හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “මෙම පරිපූර්ණ වන්දිගෙවීම” කළ නිසායි.9

දෙවියන්වහන්සේට අයිතිවීම සහ උන්වහන්සේගේ ගිවිසුම් මාවතේ එකිනෙකා සමග ගමන්කිරීම යනු ගිවිසුමට අයත්වීමේ ආශිර්වාද ලැබීමයි.

පළමුව, “නව ගිවිසුමේ මැදිහත්කරු” ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ගිවිසුමට අයත්වීමේ මධ්‍යස්ථාන හඳුන්වමු.10 අප “ක්‍රිස්තුස්වහන්සේ තුළ පවිත්‍ර කරනු ලැබූ විට… පියාණන්ගේ ගිවිසුම තුළ” අපගේ යහපත උදෙසා සියලු දේම එකට ක්‍රියා කරයි.11 සෑම යහපත් හා පොරොන්දු වූ ආශිර්වාදයක්ම අවසානය දක්වා විශ්වාසවන්තව සිටින අයට ලැබෙනවා. “දෙවියන්වහන්සේගේ අණ පණත් පිළිපදින අයගේ ප්‍රීතිමත් තත්වය” යනු “තාවකාලික හා අධ්‍යාත්මික යන සෑම දෙයකටම ආශීර්වාද ලැබීමයි” සහ “දෙවියන්වහන්සේ සමග කිසිදිනෙක නිමක් නැති සතුටක වාසය කිරීමයි.”12

අපගේ ගිවිසුම් වලට ගෞරව කරන විට, සමහර විට අප දේවදූතයන් සමග ඇසුරු කරන බව අපට හැඟෙන්නට පුළුවන්. තවද, අපි තිරයෙහි මේ පැත්තේ අපට ආදරය කරන සහ අපට ආශිර්වාද කරන අය සහ තිරයෙහි අනෙක් පැත්තෙන් අපට ආදරය කරන සහ ආශිර්වාද කරන අය - බවට පත්වෙයි.

ගිවිසුමට අයත්වීම රෝහල් කාමරයකදී එහි හොඳම තත්වයට පත්වන බව මෑතකදී ගොන්ග් සහෝදරිය සහ මම දැක්කා. තරුණ පියෙකුට වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය වී තිබුණා. ඔහුගේ පවුලේ අය හඬා වැලපුණා, නිරාහාරව සිටියා, ඔහුට වකුගඩුවක් ලැබෙන්නට කියා යාච්ඤා කළා. ජීවිතය බේරාගන්නට වකුගඩුවක් මේ වන විට ලැබී ඇති බවට ආරංචි වූ විට, ඔහුගේ බිරිඳ නිහඬව මෙහෙම කිව්වා, “අනෙක් පවුල හොඳින් යැයි මම විශ්වාස කරනවා.” ප්‍රේරිත පාවුල්ගේ වචන වලින් ගිවිසුමට බැඳී සිටීම යනු “ඔබත් මාත් අතර ඇති අන්‍යෝන්‍ය ඇදහිල්ල නිසා මා ඔබ සමග සැනසීමක් ලබන පිණිසය.”13

ජීවිතයේ ගමන් මගෙහි අපට දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල නැති විය හැකි නමුත් උන්වහන්සේ කිසිවිටෙකත් අප කෙරෙහි ඇදහිල්ල නැතිකර නොගනී. උන්වහන්සේගේ ආලින්දයේ ආලෝකය සෑමවිටම ක්‍රියාත්මකයි. උන්වහන්සේගේ මාවත සලකුණු කරන ගිවිසුම් වලට පැමිණීමට හෝ ආපසු යාමට උන්වහන්සේ අපට ආරාධනා කරනවා. අප “තව බොහෝ දුර බැහැර” සිටින විට පවා උන්වහන්සේ අපව වැළඳගැනීමට සූදානම්ව සිටිනවා.14 අපගේ අත්දැකීම්වල රටාවන්, චාප හෝ සම්බන්ධිත තිත් කෙරෙහි ඇදහිල්ලෙන් විමසා බලන විට, උන්වහන්සේගේ මුදු මොළොක් දයාව හා දිරිගැන්වීම, විශේෂයෙන් අපගේ පීඩා, දුක සහ අභියෝග මෙන්ම අපගේ ප්‍රීතිය තුලදී අපට දැකගත හැකියි. කෙසේ වෙතත් බොහෝවිට අපි පැකිලී හෝ වැටුණු විට, අප උන්වහන්සේ දෙසට දිගටම ගමන් කරන්නේ නම්, වරකට පියවරක් බැගින්, උන්වහන්සේ අපට උපකාර කරනවා.

දෙවනුව, මෝර්මොන්ගේ පොත අපට ඇති ගිවිසුමට අයත්වීම සඳහා පැහැදිලි සාක්ෂියක්. අළුත් ගිවිසුමක් ලෙස පුරෝකථනය කරන ලද දෙවියන්වහන්සේගේ දරුවන් එක්රැස් කිරීම සඳහා පොරොන්දු වූ මෙවලම මෝර්මොන්ගේ පොතයි.15 නිහඬව හෝ ශබ්ද නගමින්, අපි විසින්ම නැතිනම් අනෙක් අය සමග අපි මොර්මොන්ගේ පොත කියවන විට, “අවංක හදවතකින්, සත්‍ය වූ උවමනාවකින් සහ ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල ඇතිව” අපි දෙවියන්වහන්සේගෙන් අසනවා නම්, මොර්මොන්ගේ පොත සත්‍ය බවට රැකවරණයක් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුලින් ලැබෙනු ඇත.16 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් ලෙසත්, ජෝසෆ් ස්මිත් දිවැසිවරයා නැවත පිහිටුවීමේ අනාගතවක්තෘවරයා ලෙසත්, එමෙන්ම ස්වාමින්වහන්සේගේ සභාව - යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ලෙස, උන්වහන්සේගේම නමින් ඇති බවත් මෙම රැකවරණයට අයත්.17

“අනාගතවක්තෘවරුන්ගේ දරුවන්” වන ලෙහිගේ දරුවන් වන ඔබට පුරාණ සහ වර්තමාන ගිවිසුම් තුලින් මොර්මොන්ගේ පොත කථා කරයි.18 ඔබේ මුතුන්මිත්තන්ට, ඒ ඔවුන්ගේ පරම්පරාවෙන් පැවත එන ඔබ මෝර්මොන්ගේ පොතේ දූවිල්ලෙන් මෙන් එන හඬ හඳුනාගන්නා බවට ගිවිසුම් පොරොන්දුවක් ලැබුණා.19 ඔබ කියවන විට ඔබට දැනෙන එම හඬ ඔබ “ගිවිසුමේ දරුවන්”20 බව සහ යේසුස්වහන්සේ ඔබේ යහපත් එඬේරාණන් බවත් සාක්ෂි දරනවා.

මෝර්මොන්ගේ පොත අප සෑම කෙනෙකුටම, ඇල්මාගේ වචන වලින් ආරාධනා කරන්නේ මෙලෙසයි, “නුඹලා විසින් උන්වහන්සේට සේවය කිරීමටත්, තවද උන්වහන්සේගේ ආඥාවන් පැවැත්වීමටත් එනම් උන්වහන්සේ උන්වහන්සේගේ ආත්මය නුඹලා වෙතට බොහෝ අධික ලෙස වැගිරවීමටත්, නුඹලා උන්වහන්සේ සමග ගිවිසුමකට ඇතුළත්ව ඇත්තෙහිද,”21 එක් පුද්ගලයෙකු පවසන පරිදි, “කාලකණ්ණි වීම නැවැත්වීමට සහ සතුටින් සිටීම සතුටට කරුණක්” ලෙස අපට වෙනස් වීමට අවශ්‍ය වූ විට, අපිට මඟපෙන්වීම, උපකාරය සහ ශක්තිය සඳහා විවෘත වන්නට පුළුවන් වෙනවා. දෙවියන්වහන්සේ හා විශ්වාසවන්ත ඇදහිලිවන්ත ප්‍රජාවක් සමග ගිවිසුමක් ඇතිකරගැනීමට සහ අපට දැන් - ක්‍රිස්තුස්වහන්සේගේ දහමෙහි පොරොන්දු වූ ආශිර්වාද ලැබිය හැකියි.22

උන්වහන්සේගේ සියලු දරුවන්ට ආශිර්වාද කිරීම සඳහා පූජකවර අධිකාරිය සහ බලය නැවත පිහිටුවීම ගිවිසුමට අයත්වීම සඳහා තුන්වන කරුණයි. මෙම කාලපරිච්ජේදයේදී, යොහාන් බෞතීස්ත සහ ප්‍රේරිත පේතෘස්, යාකොබ් සහ යොහාන් දෙවියන්වහන්සේගේ මහිමාන්විත පණිවිඩකරුවන් ලෙස පැමිණියේ උන්වහන්සේගේ පූජකත්වය නැවත පිහිටුවීම සඳහායි.23 දෙවියන්වහන්සේගේ පූජකත්වය සහ උන්වහන්සේගේ වත්පිළිවෙත් මගින් පොළොවේ සබඳතා මිහිරි වන අතර එයට ස්වර්ගයේ ගිවිසුම් සබඳතා මුද්‍රා තැබිය හැකිය.24

වචනාර්ථයෙන් කිවහොත් ළදරුවෙකුගේ නම් දීමකින් සහ සොහොනක් කැපකිරීම දක්වා - පූජකත්වයට තොටිල්ලේ සිට සොහොන දක්වාම ආශිර්වාද කළ හැකියි. පූජකවර ආශිර්වාදය සුවකරයි, සනසයි, උපදෙස් ලබාදෙයි. එක් පියෙක් තම දරුවා සමග තරහින් සිටියා, ඒ තරහ පැවතුනේ සමාවදීමේ ප්‍රේමය නිසා ඒ පියා ඔහුගේ දරුවාට පූජකවර ආශිර්වාදයක් ලබදෙන තුරු පමණයි. ඇගේ පවුලේ සිටි එකම සභාවේ සාමාජිකයා, ආදරණීය තරුණියක් පෙළඹවීමෙන් ලද පූජකත්ව ආශිර්වාදයක් ලැබෙන තුරු දෙවියන්වහන්සේ ඇය කෙරෙහි දක්වන ප්‍රේමය ගැන අවිනිශ්චිතව සිටියා. ලොව පුරා, උතුම් ආදිපිතෲවරුන් පීතෘමූලික ආශිර්වාද ලබාදීමට ආධ්‍යාත්මික වශයෙන් සූදානම් වෙනවා. ආදිපීතෲවරයා ඔබේ හිස මත අත තබන විට, ඔහුට ඔබ කෙරෙහි දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනී එය පෙන්වනවා. ඔහු ඊශ්‍රායෙල් වංශයේ ඔබේ පෙළපත ප්‍රකාශ කරනවා. ඔහු ස්වාමින්වහන්සේගෙන් එන ආශිර්වාද දක්වනවා. සාමාන්‍යයෙන් කල්පනාකාරීව, එක් ආදිපීතෲවරයාගේ භාර්යාවක් මට කියා සිටියේ විශේෂයෙන් තම තාත්තා පීතෘමූලික ආශිර්වාද ලබාදෙන දිනවල ඇය සහ ඇගේ පවුලේ අය ආත්මයාණන්ට ආරාධනා කරන ආකාරයයි.

අවසාන වශයෙන්, ගිවිසුමට ඇතුලත් වීමේ ආශිර්වාද ලැබෙන්නේ අප ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා අනුගමනය කර විවාහය ඇතුළුව දේවමාළිගා ගිවිසුම් අනුව ජීවත්වීම ගැන ප්‍රීති වන විටය. ගිවිසුම් විවාහය දිව්‍යමය හා සදාකාලික වන්නේ අප දිනපතාම අපගේ සහකරු හෝ පවුලේ අයගේ සතුට අපගේ සතුටට පෙර තෝරාගන්නා විටයි. “මම” “අපි” බවට පත්වන විට, අපි එක්ව වර්ධනය වෙනවා. අපි එකට වයසට යනවා, අපි එකට තරුණ වෙනවා. අපව අමතක කර ජීවිත කාලය පුරාම අපි එකිනෙකාට ආශිර්වාද කරන විට, අපගේ බලාපොරොත්තු හා ප්‍රීතිය පරිශුද්ධ වී, කාලය හා සදාකාලික වශයෙන් පවිත්‍රවී ඇති බව අපට පෙනෙනවා.

තත්වයන් වෙනස් වන අතර, අපට කළ හැකි හොඳම දේ අවංකවම උන්වහන්සේගේ උපකාරය ඉල්ලා සිටිමින් අපට හැකි සෑමදෙයක්ම කරන විට, ස්වාමින්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් උන්වහන්සේගේ කාලයේදී හා ආකාරයෙන් අපට මගපෙන්වනු ඇත.25 විවාහ ගිවිසුම් ඇතිවන්නේ ඒවා ඇති කරගන්නා අය අන්‍යෝන්‍ය වශයෙන් තෝරාගැනීමෙනි - එය දෙවියන්වහන්සේ පිළිබඳ මතක් කිරීමක් සහ තෝරාගැනීමේ නිදහස කෙරෙහි අපගේ ගෞරවය සහ අප අන්‍යෝන්‍ය වශයෙන් උන්වහන්සේගේ ආශිර්වාදයේ උපකාරය මතක් කිරීමකි.

අපගේ පවුල් පරම්පරා පුරා ගිවිසුමට අයත්වීමේ ඵලය අපේ නිවෙස්වල සහ හදවත් වල දැනේ. පුද්ගලික උදාහරණ සමග නිදර්ශනය කිරීමට කරුණාකර මට ඉඩදෙන්න.

ගොන්ග් සහෝදරි සහ මම විවාහය කෙරෙහි ආදරයෙන් බැඳීසිටින විට, තෝරාගැනීමේ නිදහස සහ තීරණ ගැන මම ඉගෙනගත්තා. යම් කාලයක් තිස්සේ අපි විවිධ මහාද්වීප දෙකක රටවල් දෙකක විද්‍යාලයක ඉගෙනගනිමින් සිටියා. ජාත්‍යන්තර සබඳතාවලින් මම ආචාර්ය උපාධියක් ලබා ඇති බව මට අවංකව පැවසිය හැක්කේ ඒ නිසයි.

“ස්වර්ගික පියාණෙනි, මම සූසන් සමග විවාහ විය යුතුද?” කියා මා ඇසූ විට. මට සාමයක් දැණුනා. නමුත් මම ඉතා උවමනාවෙන් යාච්ඤා කරන්නට ඉගෙන ගත්විට මම මෙහෙම කිව්වා “ස්වර්ගික පියාණෙනි, මම සූසන්ට ආදරෙයි, ඇයව විවාහ කර ගැනීමට මම කැමතියි. මට හැකි හොඳම ස්වාමිපුරුෂයා සහ පියා මම වනු ඇතැයි මම පොරොන්දු වෙනවා” - මා ක්‍රියා කර මගේ හොඳම තීරණ ගත් විට, ප්‍රබලම අධ්‍යාත්මික තහවුරු කිරීමක් ලැබුණා.

දැන් අපගේ ගොන්ග් සහ ලින්ඩ්සේ පවුල් සෙවුම් පවුලේ ගස්, කතන්දර සහ ඡායාරූප පරම්පරාගත ගිවිසුමේ ජීවමාන අත්දැකීම් සොයාගැනීමට හා සම්බන්ධ වීමට අපට උපකාරී වෙනවා.26 අප සඳහා, ගෞරවනීය පූර්වගාමීන් ඇතුළත් වන්නේ:

රූපය
ඇලිස් බ්ලුවර් බැන්ගර්ටර්

එක් දිනක් තුළ විවාහ යෝජනා තුනක් ලැබූ මගේ මිත්තණිය වන ඇලිස් බ්ලුවර් බැන්ගර්ටර් පසුව තම ස්වාමිපුරුෂයාගෙන් ඉල්ලා සිටියේ ඇයට බටර් මිරිකීමට, ගෙතීමට හා එකවර කියවීමට හැකිවන ලෙස පැඩලයක් සවිකරන ලෙසයි.

රූපය
ලොයි කුයි චාර්

සීයා වන ලොයි කුයි චාර් හවායිහි බිග් අයිලන්ඩ් හි ලාවා පිට්ටනි තරණය කරන විට තම දරුවන් ඔහුගේ පිටේ සහ ඔහුගේ පවුලේ බඩු බාහිරාදිය බූරුවෙකු පිට ගෙනගියා. චාර් පවුලේ පරම්පරා වල කැපවීම සහ පරිත්‍යාග කිරීම් අද අපේ පවුලට ආශිර්වාද කරනවා.

රූපය
මේරි ඇලිස් පවෙල් ලින්ඩ්සේ

ග්‍රාම් මේරි ඇලිස් පවෙල් ලින්ඩ්සේට කුඩා දරුවන් පස්දෙනෙකු සිටි අතර ඇගේ සැමියා සහ වැඩිමහල් පුතා යන දෙදෙනාම දින කිහිපයකින් හදිසියේ මිය ගියහ. අවුරුදු 47 ක් වැන්දඹුවක් වූ ග්‍රාම් ප්‍රාදේශීය නායකයින්ගේ සහ සාමාජිකයන්ගේ තිරසාර ප්‍රේමයෙන් තම පවුල හදාවඩා ගත්තා. ඒ අවුරුදු ගණනාව තුළ උන්වහන්සේ ඇයට උදව් කරනවා නම් ඇය කිසිවිටෙකත් පැමිණිලි කරන්නේ නැති බව ග්‍රාම් ස්වාමින්වහන්සේට පොරොන්දු වුනා. ස්වාමින්වහන්සේ ඇයට උපකාර කළා. ඇය කෙදිනකවත් පැමිණිලි කලේ නෑ.

ආදරණීය සහෝදර සහෝදරියනි, ශුද්ධාත්මයාණන් විසින් සාක්ෂි දරන, යහපත් හා සදාකාලික සියල්ල කේන්ද්‍රගත වී ඇත්තේ අපගේ සදාකාල පියාණන් වන දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හා උන්වහන්සේගේ වන්දිගෙවීමේ ජීවමාන යථාර්ථයයි. අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නව ගිවිසුමේ මැදිහත්කරු වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දීම මෝර්මොන්ගේ පොතේ ගිවිසුම් අරමුණකි.27 දිවුරුම සහ ගිවිසුම මගින්, දෙවියන්වහන්සේගේ පූජකත්වය බලය නැවත පිහිටුවන ලද්දේ ගිවිසුම් විවාහය, පරම්පරාගත පවුල සහ පුද්ගල ආශිර්වාද ඇතුළුව දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ආශිර්වාද කිරීම සඳහායි.

අපගේ ගැලවුම්කරුවාණන් මෙසේ ප්‍රකාශ කළා, “ඇල්ෆා සහ ඔමේගා මමයි, ස්වාමීන් වන ක්‍රිස්තුස්;වහන්සේයි; ඔව්, මමත්, ලෝකයේ ආරම්භකයාත් අවසානයත් වෙමි, ලෝකයේ මිදුම්කරුවාණන් වෙමි ”28

ආරම්භයේ දී අප සමග, අපගේ සියලු ගිවිසුම්වල අවසානය දක්වා උන්වහන්සේ අප සමග සිටී. මම එසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.