2010–2019
අපගේ ආත්මයන්ට අපගේ ශරීර පාලනය කිරීමට ඉඩදීම
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ ආත්මයන්ට අපගේ ශරීර පාලනය කිරීමට ඉඩදීම

මේ ජීවිතයේ අපට ඉගෙනගත හැකි වැදගත්ම දෙය නම් අපගේ සදාකාලික අධ්‍යාත්මික ස්වභාවය අවධාරණය කරන්නේ කෙසේද සහ අපගේ නපුරු ආශාවන් පාලනය කරන්නේ කෙසේද යන්නයි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, පසුගිය අවුරුද්දේ ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය ලඟාවන විට, 1918 ඔක්තෝම්බර් 3 වන දින සභාපති ජෝසෆ් එෆ්. ස්මිත්ට ලබාදුන් ආත්ම ලෝකයේ දර්ශනයේ 100 වන සංවත්සරය ඉස්මතු කිරීම සඳහා මම මගේ සම්මන්ත්‍රණ කතාව සූදානම් කළා.

පරිවර්තනය සඳහා මගේ කතාව ඉදිරිපත් කර දින කිහිපයකට පසු, මගේ ආදරණීය සදාකාලික සහකාරිය වන බාබරා ඇගේ ලෞකික කාලය සම්පූර්ණ කර ආත්ම ලෝකයට පිවිසියා.

දින සති බවට පත්වී, පසුව මාස බවට පත්වී දැන් බාබරා නැතිවී වසරක් ගතවී ඇති හෙයින්, මෙම ශුද්ධලියවිලි පාඨය වඩාත් අගය කොට මම සලකනවා: “මිය යන අයගේ වියෝව ගැන ඔබ හඬා වැලපෙන තරමටම, ඔබ ප්‍රේමයෙන් එකට ජීවත් වන්න.”1 අවුරුදු 67 ක් තිස්සේ “ආදරයෙන් එකට ජීවත් වීමට” බාබරාටයි මටයි ආශිර්වාද ලැබුණා. නමුත් අප ආදරය කරන අයගේ “නැතිවීම ගැන හඬා වැලපීම” යන්නෙහි තේරුම මම ඇත්තටම ඉගෙනගත්තා. අනේ, මම ඇයට ආදරය කරන හා මට ඇයව මතක් වෙන හැටි!

අපෙන් බොහෝ දෙනෙක් ඔවුන් නැති වන තුරු අන් අය අප වෙනුවෙන් කරන දේ සම්පූර්ණයෙන් අගය කිරීමට අපොහොසත් වේ යැයි මම සිතනවා. බාබරා නිතරම කාර්යබහුල බව මම දැන සිටියද, ඇයගේ පවුලේ සාමාජිකයින්ගේ, සභාවේ සහ ප්‍රජා ඉල්ලීම් මට තේරුණේ නෑ. අපේ පවුලේ ක්‍රියාකාරිත්වය පවත්වා ගෙන ගිය වසර ගණනාවක් පුරා දහස් වාරයක් නැවත නැවත සිදුවුණු දෛනිකව කැපවූ උත්සාහයන් තිබුණා. මේ සියල්ලෙන්ම, අපේ පවුලේ කිසිවෙකු ඇයගේ කටහඬ ඉතා හයියෙන් හෝ අකාරුණික වචනයක් පැවසීම අසා නෑ.

පසුගිය වසරේ මතකයන් ගංවතුරක් මෙන් මාව සෝදාගෙන ගියා. දරුවන් හත් දෙනෙකුගේ මව වීමට ඇය ගත් ශාරීරික ඉල්ලීම ගැන මම සිතුවා. ගෘහ සේවිකාවක් වීම ඇයට මෙතෙක් අවශ්‍ය වූ එකම වෘත්තිය වූ අතර ඇය සෑම අංශයකින්ම සම්පූර්ණ වෘත්තිකයෙක් වුණා.

බොහෝ විට, අපේ දරුවන් සහ මා ගැන ඇය සොයාබලන්නේ කෙසේද යන්න මම පුදුම වුණා. කෑම පිළියෙල කිරීම සැබවින්ම අමාරු කාර්යයක් වූ අතර, සෑම සතියකම අපේ පවුල විසින් ජනනය කරන රෙදි සෝදන කඳුකරය කිරීම, සපත්තු තබාගැනීම සහ ප්‍රමාණයේ ඇඳුම් පැළඳුම් ළමයින් වැනි ක්‍රියාකාරකම් ගැනත් සඳහන් කරන්න ඕනෙ. අපට වැදගත් වූ වෙනත් කාරණා රාශියක් පිළිබඳව අපි සියල්ලෝම ඇය දෙසට හැරුණා. ඒවා අපට වැදගත් වූ නිසා ඒවා ඇයටද වැදගත් වුණා. වචනයෙන් කියනවා නම්, භාර්යාවක් ලෙස, මවක් ලෙස, මිතුරෙකු ලෙස, අසල්වැසියෙකු ලෙස හා දෙවියන්වහන්සේගේ දියණියක ලෙස ඇය විශිෂ්ටයි.

දැන් ඇය ගොස් ඇත, මක්නිසාද, පෙර දින දහවල් ඇය දුටු බව මතක තබාගැනීමටවත් ඇල්සයිමර් ඇයට ඉඩනොදෙන බැවින්, නැවත් නැවතත් - මම ඇය සමග ඇයගේ ප්‍රියතම සංගීතයන් ඇයගේ අතින් අල්ලාගෙන, ඇය ලඟින් වාඩිවී පසුගිය මාසවල මම කාර්යාලයේ සිට ගෙදර ආ විට ගත කළ කාලය ගැන මම සතුටු වෙනවා. එම විශේෂ අත්-අල්ලා ගතකල මතකයන් දැන් මට ඉතා, ඉතා වටිනවා.

සහෝදර සහෝදරියනි, කරුණාකර ඔබේ පවුලේ සාමාජිකයින්ගේ දෑස් දෙස ආදරයෙන් බැලීමට ලැබෙන අවස්ථාවක් අතපසු කරන්න එපා. දරුවනි දෙමාපියනි, එකිනෙකා වෙත ළඟාවී ඔබේ ආදරය හා අගයකිරීම් ප්‍රකාශ කරන්න. එවැනි වැදගත් සන්නිවේදනයක් සඳහා කාලය ගෙවී ගොස් ඇති බව දැනගැනීමට මා මෙන් ඔබත් සමහරවිට එක් දිනක අවදි විය හැකිය. කෘතඥතාව, හොඳ මතකයන්, සේවය සහ බොහෝ ආදරයෙන් හදවත පුරවාගෙන සෑම දිනකම ජීවත් වන්න.

මෙම පසුගිය වසර තුළ, අපගේ ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම ගැන මා කවදාටත් සිතුවාට වඩා ඕනෑකමින් කල්පනා කරා. තම පුත් කොරියන්ටන්ට ඉගැන්වීමේදී ඇල්මා එය හැඳින්වූයේ “ප්‍රීතියේ මහා සැලැස්ම” ලෙසයි.2

එම සැලැස්ම සලකා බැලීමේදී මගේ මතකයට දැන් එන වචනය “නැවත එක්වීම” යන්නයි. එය ස්වර්ගයේ සිටින අපගේ ආදරණීය පියාණන් විසින් නිර්මාණය කරන ලද සැලැස්මක් වන අතර, එහි කේන්ද්‍රය තුළ පවුල් නැවත එක්වීමේ ශ්‍රේෂ්ට හා මහිමාන්විත හැකියාව තිබෙනවා, එනම්, ස්වාමිපුරුෂයන් හා භාර්යාවන්, දෙමාපියන් සහ දරුවන්, දෙවියන්වහන්සේගේ ගෘහයේ පරම්පරාවෙන් පරම්පරාවට නැවත එක්වීමයි.

මම නැවත බාබරා සමග සිටින බවට එම සිතුවිල්ල මට සැනසීමක් ගෙන දෙන අතරම සහතිකයක්ද ලබාදෙනවා. ඇගේ ශාරීරිකව ඇගේ ජීවිතයේ අවසානය දක්වා දුක් වින්දා වුවද ඇගේ ආත්මය ශක්තිමත්, උතුම් හා නිර්මලයි. එවිට දවස පැමිණෙන විට ඇයට “දෙවියන්වහන්සේගේ ප්‍රසන්න ආසනය”3 ඉදිරිපිට සිටගෙන සිටීමට හැකි වන පිණිස, ඇය සෑම දෙයකටම සූදානම්ව සිටියා. නමුත් මෙන්න මම දින දෙකකින්, වයස අවුරුදු 91 යි, මම තවමත් කල්පනා කරමින් සිටින්නේ, “මම සූදානම්ද? නැවත වරක් ඇගේ අත අල්ලා ගැනීමට මට කළ යුතු සියල්ල මම කරනවාද? ”

ජීවිතයේ වඩාත්ම සරල, මූලික නිශ්චිතභාවය මෙයයි: අප සියල්ලන්ම මිය යනවා. අපි මහලුව හෝ තරුණව, පහසුව හෝ දැඩිව, ධනවත්ව හෝ අසරණව, ආදරණීයව හෝ තනිකමින් මිය ගියත් කිසිවෙකු මරණයෙන් බේරෙන්නේ නෑ.

මීට වසර කිහිපයකට පෙර සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි මේ පිළිබඳව විශේෂයෙන් අර්ථවත් යමක් කිව්වා: “සහතිකය කෙතරම් මිහිරිද, මරණයේ නිශ්චිතභාවය සහ කාලය ගෙවී ගියද අප නිවැරදිව විවාහ වී නිවැරදිව ජීවත් වුවහොත් අපගේ සම්බන්ධතාවය දිගටම පවතිනු ඇතැයි යන දැනුමෙන් ලැබෙන සාමය කෙතරම් සැනසිලිදායකද?”4

මම නිසැකවම හරිකෙනා සමග විවාහ වී සිටියා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නමුත් සභාපති හින්ක්ලි පවසන පරිදි එය ප්‍රමාණවත් වෙන්නෙ නෑ. මමත් නිවැරදිව ජීවත් විය යුතුයි.5

විශේෂයෙන් උන්වහන්සේගේ දරුවන් සඳහා වූ උන්වහන්සේගේ සැලැස්ම ගැන ඕනෑම හඬකට දෙවියන්වහන්සේ පිළිබඳ ඇත්තම සත්‍යයන් හෝ ව්‍යාජ සංකල්ප ප්‍රකාශ කළ හැකි සමාජ මාධ්‍ය සඳහා ඔබ වැඩි කාලයක් ගතකරන්නේ නම්, අද, “නිවැරදිව ජීවත්වීම” ඉතා ව්‍යාකූල සංකල්පයක් විය හැකියි. ස්තුතිවන්ත විය යුතු කරුණක් නම්, සභාවේ සාමාජිකයින්ට අප මියයන විට වඩාත් හොඳින් සූදානම් වන පිණිස ජීවත් විය යුතු ආකාරය දැනගැනීමටත් සදාකාලික සැබෑ සුභාරංචි මූලධර්ම ඇත.

මා ඉපදීමට මාස කිහිපයකට පෙර, මගේ ප්‍රේරිත සීයා වන වැඩිහිටි මෙල්වින් ජේ. බැලර්ඩ්, නිවැරදිව ජීවත්වීම යන්නෙන් අදහස් කරන දෙයෙහි සාරය බොහෝ දෙනෙකුට ග්‍රහණය කරදෙන කතාවක් ලබාදුන්නා. “ආත්මය සඳහා අරගලය” යන මාතෘකාවෙන් යුත් ඔහුගේ කතාව අපගේ භෞතික ශරීර සහ අපගේ සදාකාලික ආත්මයන් අතර අඛණ්ඩව සිදුවන සටන කෙරෙහි අවධානය යොමුකළා.

ඔහු කිව්වා, ඕනෑම පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට ඇති ලොකුම ගැටුම වනුයේ… තමාම සමගයි, සාතන් (අපගේ ආත්මයන්ගේ සතුරා) “රාගය, රුචිය, මාංශයේ අභිලාෂයන්” තුළින් අපට පහරදෙනවා.6 “එබැවින් මූලික සටන අපගේ දිව්‍යමය හා අධ්‍යාත්මික ස්වභාවය සහ ලෞකික ස්වාභාවික මිනිසා අතර වෙනවා.” සහෝදර සහෝදරියනි, මතකතබාගන්න, “ඔබට සියල්ල උගන්වන”7 ශුද්ධාත්මයාණන්ගේ බලපෑමෙන් අපට අධ්‍යාත්මික උපකාර ලබාගත හැකියි. පූජකත්වයේ බලය හා ආශිර්වාදය තුළින් උපකාර ලැබිය හැකිය.

දැන් මම අහනවා, “මේ සටන ඔබ එකිනෙකා සමග යන්නේ කෙසේද?”

සභාපති ඩේවිඩ් ඕ. මැකේ මෙසේ කිව්වා: “මිනිසාගේ ලෞකික පැවැත්ම ඔහුගේ ශාරීරික ස්වභාවය සැනසීමට සහ තෘප්තියට දායක වන දේවල් කෙරෙහි ඔහුගේ උත්සාහයන්, ඔහුගේ මනස, ඔහුගේ ප්‍රාණය කෙරෙහි අවධානය යොමුකරන්නේද යන්න හෝ ඔහුගේ ජීවිතයේ අරමුණ ලෙස අධ්‍යාත්මික ගුණාංග අත්පත් කරගැනීම සිදු කරයිද යන්න පිළිබඳ පරීක්ෂණයකි.”8

අපගේ ලෞකික හා අපගේ අධ්‍යාත්මික ස්වභාවය අතර මෙම සටන අලුත් දෙයක් නොවේ. බෙන්ජමින් රජ තම සෙනඟට කළ අවසාන දේශනයේදී මෙසේ ඉගැන්වූවා, “තවද ආදම්ගේ වැටීමේ සිට ස්වභාවික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ සතුරෙකි, තවද ස්වභාවික මනුෂ්‍යයා පසෙක දමා සහ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින් ශුද්ධවන්තයෙකු බවට පැමිණ ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෙළඹවීමට අවනත වුනොත් මිස සදාකාලයෙන් සදාකාලයට සතුරෙකු වනු ඇත.9

ප්‍රේරිත පාවුල් මෙසේ ඉගැන්වූවා “මාංසය පසුපස සිටින අය මාංසයේ දේවල් සිතයි; නමුත් ආත්මයාණන්වහන්සේට පසුව සිටින අය සොයන්නේ ආත්මයාණන්ගේ දේවල්ය.

“මන්ද, මාංශිකව සිතීම මරණයයි, නමුත් ආත්මිකව සිතීම ජීවිතය හා සාමයයි ”10

මේ ජීවිතයේ අපට ඉගෙනගත හැකි වැදගත්ම දෙය නම් අපගේ සදාකාලික අධ්‍යාත්මික ස්වභාවය අවධාරණය කරන්නේ කෙසේද සහ අපගේ නපුරු ආශාවන් පාලනය කරන්නේ කෙසේද යන්න මට පැහැදිලිව පෙනෙනවා. මෙය එතරම් අපහසු නොවිය යුතුයි. ඒ හැමදේකටමත් පසුව, අපගේ භෞතික ශරීරයට වඩා බොහෝ කාලයක් තිස්සේ පවතින අපගේ ආත්මය, පෙර ආත්මයේදී නපුරට වඩා ධර්මිෂ්ටකම තෝරාගැනීමට දැනටමත් සමත් වී ඇත. මේ පොළොව බිහිවීමට පෙර, අපි ආත්ම ලෝකයේ ජීවත් වූයේ ස්වර්ගික දෙමව්පියන්ගේ පුතුන් හා දියණියන් ලෙසයි. ඔවුන් අපට ආදරය කළ අතර දැනුත් අපට දිගටම ආදරය කරනවා.

ඔව්, අපට කළ යුතුව තිබුණේ එම පූර්ව කාලීන ක්ෂේත්‍රය තුළ ජීවිතය වෙනස් කරන තීරණ සහ තේරීම් කිරීමටයි. මෙලොව මෙතෙක් ජීවත් වූ හෝ ජීවත් වන සෑම පුද්ගලයෙකුම අපගේ ගැලවීම සඳහා ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම පිළිගැනීමට තෝරාගැනීමට අත්‍යවශ්‍ය තීරණයක් ගත්තා. ඉතින් අපි හැමෝම පොළොවට ආවේ සාර්ථක අධ්‍යාත්මික ස්වභාවයක් සහ සදාකාලික ඉරණම පිළිබඳ ඔප්පු කළ වාර්තාවක් සමගයි.

ඒ ගැන මොහොතකට සිතන්න. ඔබ සහ මම ඇත්තටම සහ සදහටම සදාකාලික අධ්‍යාත්මික මූලයන් සහ අනාගතය අසීමිත හැකියාවන්ගෙන් පිරී ඉතිරී යන දෙවියන්වහන්සේගේ පුතෙකු හෝ දියණියක වෙයි. ඔබ - පළමුවෙන්ම, ප්‍රධානවම හා සැමවිටම - අධ්‍යාත්මික ජීවියෙකි. අපි අපගේ ලෞකික ස්වභාවය අපගේ අධ්‍යාත්මික ස්වභාවයට වඩා ඉදිරියෙන් තැබීමට තෝරාගත් විට, අප තෝරාගන්නේ අපගේ සැබෑ, සත්‍ය, අව්‍යාජ, අධ්‍යාත්මික ආත්මයට පටහැනි දෙයක්.

කෙසේවෙතත්, මාංශ හා භූමික ආවේගයන් තීරණ ගැනීම සංකීර්ණ කරන බවට කිසිදු සැකයක් නෑ. පෙර ආත්මික ලෝකය හා මෙම ලෞකික ලෝකය අතර අමතක වීමේ තිරයකින් අපිට දෙවියන්වහන්සේ හා අපගේ අධ්‍යාත්මික ස්වභාවය සමග ඇති සම්බන්ධතාවය නැතිවී යා හැකි අතර අපගේ ලෞකික ස්වභාවය නිසා අපට දැන් අවශ්‍ය දේට ප්‍රමුඛතාවය දිය හැකියි. මාංශමය දේවලට වඩා ආත්මික දේවල් තෝරාගැනීමට ඉගෙනගැනීම මෙම පොළවේ අත්දැකීමේ ස්වර්ගික පියාගේ සැලැස්මේ කොටසක් වීමට ප්‍රධාන හේතුවක්. අපගේ ස්වාමීන් හා ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සඳහා දැඩි, ස්ථිර පදනමක් මත මෙම සැලැස්ම ගොඩනඟා ඇත්තේ එබැවිනි. එවිට මාංශයට යටත් වන විට අප කරන වැරදි ඇතුළු අපගේ පව් නිරන්තර පසුතැවිල්ලෙන් ජයගත හැකි වන අතර අධ්‍යාත්මික අවධානයෙන් ජීවත් විය හැකිය. ක්‍රිස්තුස් වහන්සේගේ අධ්‍යාත්මික දහමට අනුකූල වීම සඳහා අපගේ ශාරීරික රුචිය පාලනය කිරීමට දැන් කාලයයි. අප පසුතැවිලි වන දිනය කල් නොදැමිය යුත්තේ එබැවිනි.11

එබැවින් පසුතැවීම අපගේ ආත්ම සටනට අත්‍යවශ්‍ය ආයුධයක් බවට පත්වේ. පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයේදී සභාපති රසල් එම්. නෙල්සන් මෙම සටන ගැන සඳහන් කරමින් අපට මතක් කරදුන්නේ මෙහෙමයි “අපි පසුතැවිලි වීමට තෝරාගන්නා විට අපි වෙනස් වීමට තෝරාගනිමු! අපගේ හොඳම පිටපත වීමට අපව වෙනස් කරන්නට අපි ගැලවුම්කරුවාණන්ට ඉඩදෙනවා. ආත්මිකව වර්ධනය වීමට සහ - උන්වහන්සේගේ මිදීම තුල වූ ප්‍රීතිය වන, ප්‍රීතිය ලබාගැනීමට අපි තෝරාගන්නවා. පසුතැවීමට අපි තෝරාගත්විට, අපි තව තවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට තෝරාගන්නවා!12

සෑම රාත්‍රියකම, මම ස්වර්ගයේ සිටින මගේ පියා සමඟ යාච්ඤා කරමින් මගේ දවස සමාලෝචනය කරන විට, මම යම් වැරැද්දක් කර ඇත්නම් සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර හෙට දිනයේ වඩා හොඳ වීමට පොරොන්දු වෙනවා. මෙම නිතිපතා දෛනික පසුතැවිල්ල මා භාරව සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව මගේ ශරීරයට මතක්කර දීමට උපකාරී වන බව මම විශ්වාස කරනවා.

තවත් සම්පතක් නම්, අපගේ ස්වාමීන් හා ගැළවුම්කාරයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම හා පරිපූර්ණ ප්‍රේමය සිහිකිරීම සඳහා සක්‍රමේන්තුවෙහි හවුල් වීමෙන් අප සැමට ආත්මිකව නැවුම් වීමට ඇති අවස්ථාවයි.

සහෝදර සහෝදරියනි, මඳක් මන්දගාමී වී ඔබේ ලෞකික ස්වභාවය යටත් කරගැනීමටත්, ඔබේ දිව්‍යමය, අධ්‍යාත්මික ස්වභාවය සවිබල ගැන්වීමටත් ඔබ දැන් සිටින්නේ කොහේදැයි සිතා බැලීමට මම ඔබව දිරිමත් කරන්නෙමි. ඔබගේ ආදරණීයයන් සමඟ ප්‍රීතිමත් නැවත එක්වීමකට ඔබට ආත්ම ලෝකයට පිවිසිය හැකිය. ඒ සඳහා මම ස්වාමින්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන් සාක්ෂි දරමින් නිහතමානීව යාච්ඤා කරමි, ආමෙන්.