2010–2019
අපගේ කුරුසය ඔසවාගන්න
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ කුරුසය ඔසවාගන්න

ඔබේ කුරුසයන් ඔබ වෙතට ගෙන ගැලවුම්කරුවාණන් අනුගමනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ ස්වාමින්වහන්සේගේ මාවතේ ඇදහිල්ලෙන් සිටීම මිස ලෞකික පුරුදු වල යෙදීම නොවේ.

ආදරණීය සහෝදර සහෝදරියනි, මේ පසුගිය දින දෙක තුළ අපගේ නායකයින්ගෙන් අපූරු ඉගැන්වීම් අපට ලැබී තියෙනවා. මෙම පෙළඹවීම් හා කාලෝචිත ඉගැන්වීම් අපගේ ජීවිත තුළ ක්‍රියාවට නැංවීමට අප උත්සාහ කරන්නේ නම්, ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ කරුණාව තුලින්, අප එකිනෙකාට අපගේ කුරුසය උසුලාගෙන අපගේ බර සැහැල්ලු කිරීමට උපකාර කරනු ඇති බවට මම ඔබට සාක්ෂි දෙනවා.1

පිලිප්පි සිසේරිය අසල සිටියදී, ජෙරුසලමේ සිටින වැඩිමහල්ලන්, ප්‍රධාන පූජකයන් සහ ලියන්නන් අතින් තමාට සිදුවන්නේ කුමක්ද කියා ගැළවුම්කාරයාණන් තම ගෝලයන්ට හෙළි කළා. උන්වහන්සේගේ මරණය හා මහිමාන්විත නැවත නැගිටීම ගැන උන්වහන්සේ ඔවුන්ට විශේෂයෙන් ඉගැන්නුවා.2 එම අවස්ථාවේදී, උන්වහන්සේගේ ගෝලයෝ මිහිපිට උන්වහන්සේගේ දිව්‍ය මෙහෙවර සම්පූර්ණයෙන් තේරුම්ගත්තේ නෑ. ගැලවුම්කරුවාණන් පැවසූ දේ ඇසූ පේදුරු උන්වහන්සේව පසෙකට ගෙන තරවටු කරමින්, “ස්වාමිනි, එය ඔබ කෙරෙන් දුරුවේවා. ඔබට කිසිකලකත් එසේ සිද්ධ නොවන්නේයයි” කීවේය.3

යටහත්පහත්කම සහ දුක් වේදනා උන්වහන්සේගේ කැපවීමට ඇතුළත් බව උන්වහන්සේගේ ගෝලයන්ට තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහා ගැළවුම්කරුවාණන් මෙසේ ප්‍රකාශ කළා:

“යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.

“මක්නිසාද යමෙක් තමාගේ ජීවිතය ගළවාගන්ට කැමතිවේද, ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට ඒක සම්බවන්නේය.

“යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද?”4

මෙම ප්‍රකාශය තුළින් ගැලවුම්කරුවාණන් අවධාරණය කළේ උන්වහන්සේව අනුගමනය කිරීමට කැමති සියල්ලන්ම උන්වහන්සේ කළාක් මෙන් - තමන්වම ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ ආශාවන්, රුචිය සහ ආශාවන් පාලනය කරමින්, සෑම දෙයක්ම පරිත්‍යාග කරමින්, අවශ්‍ය නම් ජීවිතය පවා කැප කරමින්, පියාණන්ගේ කැමැත්තට සම්පූර්ණයෙන්ම යටත් විය යුතු බවයි.5 ඇත්තවශයෙන්ම මෙය ආත්මයක ගැලවීම සඳහා ගෙවිය යුතු මිලයි. ස්වාමීන්වහන්සේගේ කැපවීම සහ භක්තිය සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද යන්න වඩාත් හොඳින් තේරුම්ගැනීමට යේසුස්වහන්සේ තම ගෝලයන්ට උපකාර කිරීම සඳහා කුරුසියක සංකේතය උන්වහන්සේ හිතාමතාම හා රූපකයක් ලෙස භාවිතා කළා. කුරුසියක ප්‍රතිරූපය උන්වහන්සේගේ ගෝලයන් හා රෝම අධිරාජ්‍යයේ වැසියන් අතර ප්‍රකට විය. මක්නිසාද යත්, කුරුසියේ ඇණ ගසනු ලැබූ වින්දිතයන්ට තමන්ගේ කුරුසය හෝ හරස් කදම්භය ප්‍රසිද්ධියේ රැගෙන යාමට රෝමවරුන්ට බල කළ බැවිනි.6

ගැලවුම්කරුවාණන් නැවත නැගිටීමෙන් පසුව උන්වහන්සේ ගැන ලියා ඇති සියල්ල7 සහ එතැන් සිට ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට ඔවුන්ගේ මනස විවෘත වුණා.8

එවැනිම වූ ආකාරයකට, අපගේ කුරුසයන් අප උසුලාගෙන උන් වහන්සේව අනුගමනය කිරීමේ අදාළත්වය වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා සහෝදර සහෝදරියන් වන අප සියලු දෙනාටම අපගේ මනස හා හදවත් විවෘත කළ යුතුය. තම කුරුසිය තමන් වෙතට ගැනීමට කැමති අය සියලු අභක්තිකකම සහ සෑම ලෞකික ආශාවක්ම ප්‍රතික්ෂේප කර උන්වහන්සේගේ අණ පණත් පිළිපදින අයුරින් ක්‍රියා කරමින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ප්‍රේම කරන බව අපි ශුද්ධලියවිලි තුළින් ඉගෙනගන්නවා.9

අපගේ ආත්මයන්ගේ දුර්වලතාවයන්, හෝ උන්වහන්සේගේ ඉගැන්වීම් වලට විරුද්ධ වන සමාජ පීඩනය සහ ලෞකික දර්ශන වැනි පීඩා හමුවේ පවා දෙවියන්වහන්සේගේ කැමැත්තට පටහැනි සියල්ල ඉවත දැමීමටත්, උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීමටත්, අපෙන් ඉල්ලා සිටින සියල්ල පූජා කිරීමටත් අපගේ අධිෂ්ටානය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචි මාවතේ විඳදරාගැනීමට උපකාරී වෙනවා.

නිදසුනක් වශයෙන්, තවමත් සදාකාලික සහකාරියක් සොයාගෙන නැති සහ තනිකම සහ බලාපොරොත්තු රහිත බවක් දැනෙන අය සඳහා හෝ දික්කසාද වී අතහැර දමා ගොස් අමතක වී ඇති බවක් දැනෙන අය සඳහා, ඔබගේ කුරුසයන් ඔබ අතට ගෙන ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය පිළිගෙන අනුගමනය කරන ස්වාමින්වහන්සේගේ මාවතේ ඇදහිල්ලෙන් ඉදිරියට යමින්, අභිමානවත් රටාවක් පවත්වා ගනිමින් සහ අවසානයේදී දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ කරුණාව පිළිබඳ අපගේ බලාපොරොත්තු නැතිකර දමන ලෞකික පුරුදු වල නොයෙදෙමින්, සිටින ඔබට මම සහතික වෙනවා.

සමලිංගික ආකර්ෂණයක් අත්විඳින සහ අධෛර්යයට හා අසරණභාවයට පත්වන අයටද මෙම මූලධර්ම අදාළ වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය තවදුරටත් ඔබ වෙනුවෙන් නොවන බව ඔබගෙන් සමහරෙකුට හැඟෙන්නට ඇත. පියාණන් වන දෙවියන්වහන්සේ තුළත්, උන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම තුළත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළත්, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය තුළත්, උන්වහන්සේලාගේ ප්‍රේමණීය අණ පණත් පිළිපැදීම තුළත් සෑමවිටම බලාපොරොත්තුවක් ඇති බව ප්‍රකාශ කරමින් මේ අවස්ථාවේ ඔබ සනසවන්නට මම කැමතියි. අපි අණ පණත් පිළිපැදීමට ස්ථීර හා නිශ්චල නම්10 සහ සැමවිටම යහපත් ක්‍රියා වලින් පිරී තිබේ නම් අපව උන්වහන්සේ ඉදිරියෙහි ගෙනවිත් සදාකාල ගැළවීම ලබාගැනීම පිණිස, උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍ඥාව, බලය, යුක්තිය සහ දයාව තුළින් ස්වාමින්වහන්සේ අපව උන්වහන්සේ තුළ මුද්‍රා තබනු ඇත.11

බරපතළ පව් කර ඇති අයට, මෙම ආරාධනය පිළිගැනීම යන්නෙන් අදහස් කරන්නේ, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වී, සභාවේ සුදුසු නායකයන් සමග උපදෙස් ලබාගෙන සහ පසුතැවිලි වී ඔබේ පව් අත්හැරීමයි. මෙම ක්‍රියාවලිය නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය, මත්පැන් සහ කාමුක දර්ශන ඇතුළු ඇබ්බැහිවීම් වලට එරෙහිව සටන් කරන සැමට ආශිර්වාද කරනු ඇත. මෙම පියවර ගැනීමෙන් ඔබව ගැලවුම්කරුවාණන් ආසන්නයට ගෙන එනු ඇත, අවසානයේදී උන්වහන්සේට ඔබව වරදින්, ශෝකයෙන් සහ අධ්‍යාත්මික හා ශාරීරික වහල්භාවයෙන් නිදහස් කළ හැකිය. අමතරව, ඔබේ පවුලේ අය, මිතුරන් සහ දක්ෂ වෛද්‍ය සහ උපදේශන වෘත්තිකයන්ගේ සහාය ලබාගැනීමටද ඔබ කැමති විය හැකියි.

කරුණාකර පසුකාලීන අසාර්ථකත්වයන්ගෙන් පසු සහ පව් අත්හැරීමට හා ඇබ්බැහි වීමෙන් මිදීමට ඔබ අසමත් යැයි සිතමින් කිසිවිටෙකත් උත්සාහය අත්හරින්නට එපා. උත්සාහකිරීම නවත්වා පසුව දුර්වලකම හා පාපය දිගටම කරගෙන යන්නට ඔබට නොහැකිය! ගැළවුම්කාරයාණන් විසින් උගන්වන ලද පරිදි අභ්‍යන්තර යාත්‍රාව පිරිසිදු කිරීමේ ආශාව ඔබේ ක්‍රියාවන් තුළින් විදහාදක්වමින් ඔබේ උපරිමය කිරීමට සැමවිටම උත්සාහ කරන්න.12 සමහරවිට ඇතැම් අභියෝගයන්ට විසඳුම් ලැබෙන්නේ මාස ගණනක් සහ මාස ගණනාවක අඛණ්ඩ උත්සාහයෙන් පසුවයි. මෝර්මොන්ගේ පොතෙහි ඇති පොරොන්දුව වන “අපට කරුණාව තුලින් ගැලවීම ලැබෙන්නේ, අපට කළ හැකි සියල්ලට පසුවය”13 යන්න මේ අවස්ථාවේදී අප සැමට අදාළ වේ. ගැලවුම්කරුවාණන්ගේ වරප්‍රසාදය අපට කළ හැකි සියල්ලට “පසු” කිරීමට පමණක් සීමානොවන බව කරුණාවෙන් මතක තබාගන්න. අප අපගේම උත්සාහයන් වියදම් කරන කාලයට පෙර, කාලය තුළ සහ පසුව අපට උන්වහන්සේගේ කරුණාව ලැබිය හැකියි.14

අපගේ අභියෝග ජයගැනීමට අප නිරන්තරයෙන් උත්සාහ කරන විට, සුවය ලැබීමට හා ප්‍රාතිහාර්යයන් සිදුවීමට ඇදහිල්ලේ ත්‍යාගයෙන් දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන බව මම සාක්ෂි දෙනවා.15 අපට අප වෙනුවෙන් කළ නොහැකි දේ උන්වහන්සේ අප වෙනුවෙන් කරනු ඇත.

මීට අමතරව, ඔබට නුසුදුසු යැයි හැඟෙන දෙයක් සඳහා කටුක, කෝපාවිෂ්ට, අමනාප වූ හෝ ශෝකයට බැඳී සිටින අයට, තමාගේ කුරුසියක් ගෙන ගැළවුම්කරුවාණන් අනුගමනය කිරීම යනු, උන්වහන්සේට මෙම මානසිකත්වයෙන් අපව නිදහස් කර සාමය සොයාගැනීමට අපට උපකාර කළ හැකි වනු පිණිස මෙම හැඟීම් පසෙකට දමා ස්වාමින්වහන්සේ වෙතට හැරීමයි. අවාසනාවකට වගේ, අපේ සෘණාත්මක හැඟීම් සහ චිත්තවේගයන් තදින් අල්ලාගෙන සිටින්නේ නම්, අපේ ජීවිත තුළ ස්වාමින්වහන්සේගේ ආත්මයේ බලපෑමෙන් තොරව අප ජීවත් වන බවක් අපට සොයාගන්නට පුළුවන් වෙයි. අපට අනුන් ගැන පසුතැවිලි විය නොහැකිය, නමුත් අපට හානියක් කළ අය ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් - අපට ඔවුන්ට සමාව දිය හැකියි.16

එනම්, අපගේ නව හදවත් ගල් හදවත් වෙනුවට ආදේශ කිරීමට අපට උපකාර කිරීමට අපගේ ගැලවුම්කරුවාණන්ට ආරාධනා කිරීමෙන් - මෙම තත්වයන්ගෙන් ගැලවීමට මාර්ගයක් ඇති බව ශුද්ධලියවිලි උගන්වයි.17 මෙය සිදුවීමට නම්, අපගේ දුර්වලකම් සමඟ ස්වාමින්වහන්සේ වෙතට පැමිණ,18 විශේෂයෙන් සෑම ඉරිදාවකම අපි සක්‍රමේන්තුව ලබාගන්නා පූජනීය මොහොතේදී, උන්වහන්සේගේ උපකාරය හා සමාව අයැදිය යුතුය.19 අපි උන්වහන්සේගේ උපකාරය පතමු, අපගේ තුවාල සුවවීමට පටන්ගැනීම සඳහා අපට රිදවූ අයට සමාවදීමෙන් වැදගත් හා දුෂ්කර පියවරක් තෝරාගනිමු. ඔබ එසේ කිරීමෙන් ඔබගේ රාත්‍රීන් ස්වාමින්වහන්සේ සමග සමාදානයෙන් සිටින මනසින් ලැබෙන සහනයෙන් පිරී යනු ඇති බවත් මම ඔබට පොරොන්දු වෙනවා.

1839 දී ලිබර්ටි බන්ධනාගාරයේ සිටියදී, ජෝසෆ් ස්මිත් දිවැසිවරයා සභාවේ සාමාජිකයන්ට මෙම සියළු ප්‍රතිවිපාක සහ තත්වයන් තුළ අදාළ වන අනාවැකි අඩංගු ලිපියක් ලිව්වා. ඔහු මෙහෙම ලිව්වා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය උදෙසා ධෛර්යසම්පන්නව විඳදරාගත් සියලුදෙනා සඳහා සියළුම සිංහාසන, අධිරාජ්‍යයන්, අධිපතීන් සහ බලතල හෙළිදරව් කොට නියම කරනු ලැබෙයි.”20 එමනිසා, මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ගැළවුම්කරුවාණන්ගේ නාමය භාරගෙන, උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා අවසානය දක්වා නොපසුබටව කටයුතු කරන අය ගැලවීම21 ලබන අතර දෙවියන්වහන්සේ සමග සදාකාලික සතුටින් වාසය කරනු ඇත.22

අප සියල්ලන්ම අපගේ ජීවිතයේ අහිතකර තත්වයන්ට මුහුණදෙන අතර එමඟින් අපට දුක, අසරණකම, බලාපොරොත්තු රහිත සහ සමහර විට දුර්වල බවක් දැනෙනවා. මෙම හැඟීම් වලින් සමහරක් ස්වාමින්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට අපව පොළඹවනවා, “මම මේ තත්වයන් අත්විඳින්නේ ඇයි?” හෝ “මගේ අපේක්ෂාවන් ඉටුනොවන්නේ ඇයි? ඇත්තෙන්ම, මම මගේ කුරුසිය උසුලාගෙන ගැළවුම්කාරයාණන් අනුගමනය කිරීමට හැකි සෑම දෙයක්ම කරනවා!”

මාගේ ආදරණීය මිත්‍රවරුනි, අපගේ කුරුසය අප මතට ගැනීමට, යටහත් පහත් වීම සහ දෙවියන්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව විශ්වාස කිරීම ඇතුළත් බව අප මතක තබාගත යුතුයි. උන්වහන්සේ අප එක් එක්කෙනා සහ අපගේ අවශ්‍යතා ගැන දන්නා බව අප පිළිගත යුතුය. ස්වාමින්වහන්සේගේ කාලය අපට වඩා වෙනස් බව පිළිගැනීමද අවශ්‍යයි. සමහර විට අපි ආශිර්වාදයක් බලාපොරොත්තු වන අතර එය ඉටුකිරීමට ස්වාමින්වහන්සේට කාල සීමාවක් නියමකරනවා. අපගේ ආශාවන්ට පිළිතුරු සැපයීම සඳහා අවසාන දිනයක් උන්වහන්සේ මත පැටවීමෙන් අපට උන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසවන්තභාවය නියමකරන්නට බැහැ. අප මෙය කරන විට, විශ්වාස කළ අය අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින්, ලාමන්වරයෙකු වූ සාමුවෙල් පැවසූ වචන ඉටුකිරීමට කාලය අවසාන බව කියමින් ඔවුන්ගේ සහෝදරයන් සහ සහෝදරියන් සමච්චලයට ලක්කළ පුරාණ කාලයේ සිටම සැක සහිත වූ නෙපිවරුන්ට අපි සමාන වෙයි.23 නිශ්චලව සිටිමින් උන්වහන්සේ දෙවියනවහන්සේ බව දැන, උන්වහස්නේ සියල්ල දන්නා බවත්, අප සෑම කෙනෙකුම දැන සිටින බවත් දැනගැනීමට තරම් අප ස්වාමින්වහන්සේව විශ්වාස කළ යුතුයි.24

රූපය
වැඩිහිටි සෝරෙස් කලමාසි සහෝදරියට දේවසේවය කරමින්

දුර්වල කරන ඇමියෝට්‍රොෆික් පාර්ශ්වීය ස්ක්ලෙරෝසිස් රෝගයෙන් පෙළෙන වැන්දඹු සහෝදරියක් වන ෆ්‍රැන්කා කලමාසිට සේවය කිරීමට මට මෑතකදී අවස්ථාව ලැබුණා. නැවත පිහිටවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට සම්බන්ධ වූ ඇගේ පවුලේ පළමු සාමාජිකාව සහෝදරී කලමාසි යි. ඇගේ ස්වාමිපුරුෂයා කෙදිනවත් බෞතීස්ම නොවී තිබුනත් ධර්මදූතයින් හමුවීමට ඔහු එකඟ වූ අතර බොහෝ විට සභාවේ රැස්වීම් වලට සහභාගි වුණා. මෙම තත්වයන් මධ්‍යයේ වුවත්, කලමාසි සහෝදරිය විශ්වාසවන්තව සිට ඇගේ දරුවන් සිව්දෙනා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය තුළ ඇති දැඩි කළා. ඇගේ ස්වාමිපුරුෂයා මියගොස් වසරකට පසු, කලමාසි සහෝදරිය තම දරුවන් දේවමාළිගාවට කැඳවාගෙන ගිය අතර, ඔවුන් පූජනීය වත්පිළිවෙත් වලට සහභාගී වූ අතර පවුලක් ලෙස එකට මුද්‍රා තබන ලදී. මෙම වත්පිළිවෙත් සම්බන්ධ පොරොන්දු ඇයට ජීවිතයේ ඉදිරියට ගෙන යාමට උපකාරවත් වූ බොහෝ බලාපොරොත්තු, ප්‍රීතිය හා සතුට ගෙන දුන්නා.

රූපය
කලමාසි පවුල දේවමාළිගාවේදී

රෝගයේ පළමු රෝග ලක්ෂණ පෙනෙන්නට පටන් ගත්විට, ඇගේ සභානායකවරයා ඇයට ආශිර්වාදයක් ලබාදුන්නා. එම අවස්ථාවේදී ඇය තම සභානායකවරයාට පැවසුවේ සුවවීමට ඇගේ ඇදහිල්ල පෙන්වමින් එලෙසම අවසානය දක්වා එම අසනීපය විඳගන්නටත්, ස්වාමින්වහන්සේගේ කැමැත්ත පිළිගැනීමට තමන් සූදානම් බවයි.

මගේ බැහැදැකීම අතරතුර, කලමාසි සහෝදරියගේ අත අල්ලාගෙන ඇගේ දෑස් දෙස බලන විට, දේවදූත දිලිසීමක් ඇගේ මුහුණෙන් ඉස්මතු වන බව මම දුටුවා - එය දෙවියන්වහන්සේගේ සැලැස්ම කෙරෙහි ඇය තුළ ඇති විශ්වාසය සහ පියාණන්ගේ ප්‍රේමය සහ ඇය සඳහා වූ සැලැස්ම පිළිබඳ බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තිය පිළිබිඹු වුණා.25 ඇය මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද, කුරුසය ඔසවාගැනීමෙන් ඇගේ ඇදහිල්ල අවසානය දක්වා විඳදරාගැනීමට ඇයගේ දැඩි අධිෂ්ටානය මට දැණුනා. මෙම සහෝදරියගේ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂියක්, ඇයගේ ඇදහිල්ල හා උන්වහස්නේ කෙරෙහි ඇති භක්තිය පිළිබඳ ප්‍රකාශයක්.

සහෝදර සහෝදරියනි, අපගේ කුරුසය ඔසවාගෙන ගැලවුම්කරුවාණන් අනුගමනය කිරීමට නම්, අපි උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කර උන්වහන්සේ හා සමාන වීමට26 උත්සාහ කළ යුතු බවත්, ජීවිතයේ තත්වයන්ට ඉවසිලිවන්තව මුහුණ දිය යුතු බවත්, ස්වාභාවික මිනිසාගේ රුචිය ප්‍රතික්ෂේප කර හෙළාදැකිය යුතු බවත්, ස්වාමින්වහන්සේ වෙනුවෙන් බලාසිටිය යුතු බවත් මම ඔබට සාක්ෂි දෙනවා. ගීතිකාකරු මෙසේ ලිව්වා:

“ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න.”27

“අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.”28

අපගේ ස්වාමියාගේ අඩිපාරේ යමින් අපගේ ජීවිතයේ අවසාන සුවකරන්නා වන උන්වහන්සේ දෙස බලාසිටීමෙන් අපගේ ආත්මයන්ට විවේකයක් ලබාදෙන අතර අපගේ බර පහසු සහ සැහැල්ලු වනු ඇතැයි මම ඔබට සාක්ෂි දෙනවා.29 මම එසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන් ආමෙන්.