2010–2019
සාක්ශිකරුවන්, ආරෝනික පූජකත්ව ඝණපූර්ණ, සහ තරුණ කාන්තා පන්ති
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සාක්ශිකරුවන්, ආරෝනික පූජකත්ව ඝණපූර්ණ, සහ තරුණ කාන්තා පන්ති

අපි දැන් නිවේදනය කරන්නට යන වෙනස්කම් තුලින් තරුණ පිරිමින්ට සහ තරුණ කාන්තාවන්ට ඔවුන්ගේ උතුම් පෞද්ගලික හැකියාවන් වර්ධනය කර ගැනීමට උදවු වීම බලාපොරොත්තු වේ.

ආදරණීය සහෝදර සහෝදරියනි, නැවත වතාවක් ඔබ සමඟ ප්‍රධාන සම්මන්ත්‍රණයේ සිටීමට ලැබීම භාග්‍යයක්. මෙම සතියේ මුල, සභාවේ සාමාජිකයන් හට බෞතිස්මය සහ මුද්‍රා තැබීමේ වත්පිලිවෙත් වලට සාක්ශිකරුවන් ලෙස සේවය කල යුත්තේ කවුරුන්ද යන ප්‍රතිපත්තියේ වෙනස්කම් පිළිබඳව නිවේදනය කරනු ලැබුවා. එම කරුණු තුන ඉස්මතු කිරීමට මම කැමතියි.

  1. මියගිය තැනැත්තෙකු වෙනුවෙන් කරන නියෝජිත බෞතිස්මය සඳහා සාක්ශිකරුවන් ලෙස සිටීමට සීමාසහිතව භාවිත කල හැකි නිර්දේශයක් ද ඇතුලුව වර්තමාන දේවමාළිගා නිර්දේශයක් උසුලන ඕනෑම කෙනෙකුට හැකිය.

  2. වර්තමාන දේවමාළිගා නිර්දේශයක් ඇති ඕනෑම එන්ඩවුඩ් සාමාජිකයෙකු හට ජීවත්වන හෝ නියෝජිත මුද්‍රා තැබීමේ සාක්ෂිකරුවෙකු ලෙස සේවය කළ හැකිය.

  3. සභාවේ බෞතිස්ම වී සිටින ඕනෑම සාමාජිකයෙකු හට ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ බෞතිස්මය සඳහා සාක්ශිකරුවෙකු ලෙස සේවය කල හැක. මෙම වෙනස දේවමාළිගාවෙන් පිටත සියලුම බෞතිස්මයන් සඳහා අදාළ වෙනවා.

මෙම ප්‍රතිපත්ති වෙනස්වීම් කාර්‍යපටිපාටික වේ. මෙම මූලික දහම සහ ගිවිසුම් නොවෙනස්ව පවතී. සියලුම වත්පිළිවෙත් වලදී ඒවා සමානවම කාර්යක්ෂම වේ. මෙම වෙනස්කම් එම අදාළ වත්පිලිවෙත් සඳහා පවුලේ සහභාගීත්වය බෙහෙවින් වැඩිකල යුතුය.

මෙම මොහොතේදී තරුණ තරුණියන්ට සහ ඔවුන්ගේ නායකයන්ට අදාළ වෙනස්කම් හඳුන්වාදීම පිළිබඳවද ඔබ සමඟ කතාකිරීමට මට අවශ්‍යයි.

අද ලෝකයේ ශ්‍රෙෂ්ඨතම හේතුව වන-ඊශ්‍රායෙලය එක් රැස්කිරීම සඳහා ස්වාමින්වහන්සේගේ තරුණ බලඇණියට ඇතුලත් වන්නට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ තරුණ තරුණියන්ට මම ආරාධනා කල බවට ඔබට මතක තියේවි.1 මම අපගේ තරුණ තරුණියන්ට මෙම ආරාධනාව භාවිතා කලේ අන් අයට ලඟාවීමට සහ ඔවුන් අදහන දේ ඒත්තු ගැන්වෙන ආකාරයකින් බෙදාගැනීමට ඔවුන්ට අසාමාන්‍යය ලෙස සහජ දක්ශතාවයක් තිබෙන බැවිනි. එක්රැස්කිරීමේ අභිප්‍රාය ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සහ එහි ජනතාව සුදානම් කිරීමට උපකාර කිරීමේ අත්‍යවශ්‍ය අංගයකි.

සෑම කොට්ඨාශයකම, ස්වාමින්වහන්සේගේ තරුණ බලසේනාව මෙහෙයවන්නේ, දෙවියන්වහන්සේගේ කැපවුන සේවකයෙකු වන සභානායකවරයෙකු විසිනි. ඔහුගේ පළමු සහ ප්‍රධාන වගකීම වන්නේ ඔහුගේ කොට්ඨාශයේ තරුණ පිරිමින් සහ තරුණ කාන්තාවන් රැකබලා ගැනීමයි. සභානායක සහ ඔහුගේ උපදේශකයන් විසින් කොට්ඨාශයේ ආරෝනික පූජකත්ව ඝණපූර්ණයේ සහ තරුණ කන්තා පන්තිවල කාර්‍යයන් මෙහෙයවයි.

අපි දැන් නිවේදනය කරන්නට යන වෙනස්කම් තුලින් තරුණ පිරිමින්ට සහ තරුණ කාන්තාවන්ට ඔවුන්ගේ උතුම් පෞද්ගලික හැකියාවන් වර්ධනය කර ගැනීමට උදවු වීම බලාපොරොත්තු වේ. අපට අරෝනික පූජකත්ව ඝණපූර්ණ සහ තරුණ කාන්තා පන්ති ශක්තිමත් කරමින් නැගී එන පරපුරට සේවය කරන සභානායකවරුන්ට සහ අනෙකුත් වැඩිහිටි නායකයන්ට සහාය වීමට අවශ්‍යයි.

වැඩිහිටි කුවින්ටින් එල්. කුක් දැන් තරුණ පිරිමින් සඳහා අදාළ වෙනස්කම් සාකච්ඡා කරනු ඇත. ඒ වගේම අද රාත්‍රියේ, ප්‍රධාන කාන්තා සැසිවාරයේදී තරුණ කාන්තා ප්‍රධාන සභාපති, සහෝදරී බොනී එච්. කොර්ඩන් විසින්, තරුණ කාන්තාවන් සඳහා අදාළ වෙනස්කම් සාකච්ඡා කරනු ඇත.

අපගේ තරුණ තරුණියන් ශක්තිමත් කිරීම සඳහා වන මෙම උත්සහයන් අනුමත කිරීමෙහි ලා පළමු සභාපතිත්වය සහ දොළොස්දෙනා එක්සත්ව සිටි. අපි ඔවුන්ට කෙතරම් ආදරය කරනවාද ඒවගෙම යාච්ඤා කරනවාද! ඔවුන් තමයි “ඊශ්‍රායෙලයේ බලාපොරොත්තුව, සයොනයේ හමුදාව, පොරොන්දු වු දවසේ දරුවන්.”2 අපගේ යෞවනයන් කෙරෙහි අපගේ පූර්ණ විශ්වාසය සහ ඔවුන් කෙරෙහි අපගේ කෘතඥතාව අපි පළ කරන්නෙමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. See Russell M. Nelson, “Hope of Israel” (worldwide devotional for youth, June 3, 2018), HopeofIsrael.ChurchofJesusChrist.org.

  2. “Hope of Israel,” Hymns, no. 259.