2010–2019
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති නොසැලෙන කැපවීම
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති නොසැලෙන කැපවීම

අපගේ පැරණි මාර්ග මුළුමනින්ම අත්හැර දමා ක්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවිතයක් ආරම්භ කිරීමට දෙවියන්වහන්සේ අපට ආරාධනා කරයි.

පසුගිය අප්‍රියෙල් මාසයේදී කිංෂසා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කොංගෝ දේවමාළිගාව කැපකිරීමේ වරප්‍රසාදය මට ලැබුණා.1 ඔවුන්ගේ භූමියේ දේවමාළිගාවක් කැපකිරීම දකින්නට ලැබීමෙන් මටත් කොන්ගොලීස් වැසියන්ටත් දැණුනු ප්‍රීතිය වචනbවලින් ප්‍රකාශ කරන්නට බැරි තරම්.

රූපය
කොන්ගෝ දියඇල්ලේ පින්තූරයක්

කිංෂසා දේවමාළිගාවට ඇතුළු වන පුද්ගලයින්ට කොංගෝ දිය ඇල්ල නමින් මුල් චිත්‍රයක් පෙනෙනවා.2 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලට නැංගුරම් ලා ගැනීමටත් අපගේ ස්වර්ගික පියාණන්ගේ සැලැස්මේ ගිවිසුම් මාවත අනුගමනය කිරීමටත් ඇති නොසැලෙන කැපවීම දේවමාළිගාවට යන අයට එය අද්විතීය ලෙස මතක් කරදෙයි. චිත්‍රයේ නිරූපණය කර ඇති දිය ඇලි මනසට යොමුකරන්නේ කොංගෝවේ ක්‍රිස්තියානි ආගමට මුල්වරට හැරුණු අය අතර සියවසකට පමණ පෙර පැවති පුරුද්දකටයි.

රූපය
න්සොන්ගෝ දියඇල්ලේ පින්තූරයක්

ඔවුන්ගේ හැරීමට පෙර, අජීවී, මිථ්‍යාදෘෂ්ටික වස්තූන් වන්දනාමාන කළ අතර, එම භාණ්ඩ වලට අද්භූත බලයන් ඇතැයි ඔවුන් විශ්වාස කළා.3 හැරීමෙන් පසු බොහෝ දෙනෙක් කොංගෝ ගඟ අසබඩ පිහිටි සොන්ගෝ දිය ඇල්ල වැනි එක් දිය ඇල්ලකට වන්දනා චාරිකාවක නිරත වුණා.4 දෙවියන්ට සහ වෙනත් අයට සංකේතයක් ලෙස තිබූ එම හැරුණු අයගේ පිළිම වස්තු දියඇල්ලට විසි කළේ ඔවුන් සිය පැරණි සම්ප්‍රදායන් බැහැර කරමින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති නව ඇදහිල්ල පිළිගන්නා බව පෙන්වීමටයි. ඔවුන් හිතාමතාම තම වස්තූන් සන්සුන්, නොගැඹුරු ජලයට විසි කළේ නෑ; එම භාණ්ඩ සොයාගත නොහැකි වන තරමට, ඔවුන් ඒවා දැවැන්ත දිය ඇල්ලක ගිලෙන ජලයට විසි කළා. මෙම ක්‍රියාවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි නොසැලෙන කැපවීමක නව සංකේතයක්.

වෙනත් ස්ථාන වල සහ කාල වල මිනිසුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඔවුන්ගේ කැපවීම ඒ හා සමාන ආකාරයකින් පෙන්නුම් කළා.5 ඇන්ටි-නෙපි-ලිහායි ලෙස හැඳින්වෙන මෝර්මොන්වරුන්ගේ පොතේ පුද්ගලයින් “ඔවුන්ගේ කැරැල්ලේ ආයුධ බිම තබා” ඒවා “පොළොවේ ගැඹුරට” තැන්පත් කර “දෙවියන්වහන්සේට සාක්ෂියක් ලෙස… ඔවුන් නැවත කිසි දිනෙක [ආයුධ] භාවිතා නොකරන බවට” සාක්ෂි දුන්නා.6 එසේ කිරීමෙන්, ඔවුන් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරන බවට පොරොන්දු වූ අතර කිසි විටෙකත් ඔවුන්ගේ කැපවීමෙන් ඉවතට ගියේ නෑ. ඔහුගේ ක්‍රියාව “ස්වාමින්වහන්සේ වෙතට හැරීමේ” ආරම්භය වූ අතර කිසි විටෙකත් පහව යන්නේ නෑ.7

“ස්වාමින්වහන්සේ වෙතට හැරීම” යන්නෙන් අදහස් කරන්නේ, පැරණි විශ්වාස පද්ධතියක් විසින් නියම කරන ලද එක් ක්‍රියාමාර්ගයක් අතහැර සහ ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි ඇදහිල්ල මත පදනම් වූ නව ක්‍රියාමාර්ගයක් ලඟා කරගැනීමයි. මෙම වෙනස සුභාරංචි ඉගැන්වීම් බුද්ධිමය වශයෙන් පිළිගැනීමට වඩා වැඩි දෙයකි. එය අපගේ අනන්‍යතාවය හැඩගස්වයි, ජීවිතයේ අරුත පිළිබඳ අපගේ අවබෝධය පරිවර්තනය කරයි, සහ දෙවියන්වහන්සේට නොවෙනස්ව විශ්වාසවන්තභාවයට මගපාදයි. ගැළවුම්කරුවාණන්ට නැංගුරම් ලා ගිවිසුම් මාර්ගය අනුගමනය කිරීමට විරුද්ධ වන පුද්ගලික ආශාවන් මැකී ගොස්, ඒ වෙනුවට ස්වර්ගික පියාණන්ගේ කැමැත්තට යටත් වීමේ අධිශ්ටානයකින් යුක්ත වෙයි.

ස්වාමින්වහන්සේ වෙතට හැරීම ආරම්භ වන්නේ දෙවියන්වහන්සේ කෙරෙහි නොසැලෙන කැපවීමකින් වන අතර එම කැපවීම අප කවුරුන්ද යන්න කොටසක් බවට පත්වෙයි. එවැනි කැපවීමක් අභ්‍යන්තරකරණය කිරීම ජීවිත කාලය පුරාම සිදුවන ක්‍රියාවලියක් වන අතර ඉවසීම සහ අඛණ්ඩ පසුතැවිල්ල ඒ සඳහා අවශ්‍ය වෙයි. අවසානයේදී, මෙම කැපවීම අප කවුරුන්ද යන්න, අපගේ ආත්මීය හැඟීම තුළට කාවැදී ඇති අතර අපගේ ජීවිත තුළ සදාකාලිකවම පවතී. වෙන කුමක් ගැන සිතුවත් අපගේ නම අපට කිසිදා අමතක නොවනවා සේම, අපගේ හදවත් තුළ කාවැදී ඇති කැපවීමක් අපට කිසිදා අමතක නොවේ.8

අපගේ පැරණි මාර්ග මුළුමනින්ම අත්හැර දමා ක්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවිතයක් ආරම්භ කිරීමට දෙවියන්වහන්සේ අපට ආරාධනා කරයි. මෙය සිදුවන්නේ ඇදහිල්ල ඇති අයගේ සාක්ෂි වලට ඇහුම්කන්දීමට පටන් ගැනීමෙන් අප ගැළවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ල වර්ධනය කරගැනීමෙනි.9 ඉන්පසුව, අප උන්වහන්සේට වඩාත් තදින් නැංගුරම් ලා ඇති ආකාරයට ක්‍රියා කරන විට ඇදහිල්ල ගැඹුරු වේ.10

දැන්, උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වන ලෙස ඇදහිල්ල වැඩි වුවහොත් එය සතුටක් විය හැකිය. එවිට සරල “අධ්‍යාත්මික” කිවිසුමක් අන් අය කෙරෙහි ඇදහිල්ලක් ඇති කරයි. නමුත් එය එසේ ක්‍රියා නොකරයි. ඇදහිල්ල වර්ධනය වන එකම ක්‍රමය පුද්ගලයෙකු ඇදහිල්ලෙන් ක්‍රියා කිරීමයි. මෙම ක්‍රියාවන් බොහෝ විට අන් අය විසින් කරන ලද ආරාධනා මගින් පොළඹවනු ලැබේ, නමුත් අපට වෙනත් කෙනෙකුගේ ඇදහිල්ල “වර්ධනය” කිරීමට හෝ අපගේම දෑ ශක්තිමත් කරගැනීම සඳහා අන් අය මත පමණක් රඳා සිටීමට නොහැකිය. අපගේ ඇදහිල්ල වර්ධනය වීමට නම්, යාච්ඤා කිරීම, ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම, සක්‍රමේන්තුවට සහභාගි වීම, අණ පණත් තැබීම සහ අන් අයට සේවය කිරීම වැනි ඇදහිල්ල ගොඩනැංවීමේ ක්‍රියාවන් තෝරාගත යුතුයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල වර්ධනය වන විට, උන්වහන්සේ සමග පොරොන්දු ඇතිකරගැනීමට දෙවියන්වහන්සේ අපට ආරාධනා කරයි. මෙම ගිවිසුම්, එවැනි පොරොන්දු දන්නා පරිදි, අපගේ පරිවර්තනයේ ප්‍රකාශනයන් වේ. ගිවිසුම් මගින් අධ්‍යාත්මික දියුණුව සඳහා ස්ථිර පදනමක් ද නිර්මාණය වේ. බෞතීස්ම වීමට අප තෝරාගන්නා විට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ11 යන නාමය අප මත ලබාගෙන උන්වහන්සේ සමග අපව හඳුනා ගැනීමට තෝරාගන්නෙමු. උන්වහන්සේ හා සමාන වීමටත්, උන්වහන්සේගේ ගුණාංග වර්ධනය කිරීමටත් අපි ප්‍රතිඥා දෙමු.

ගිවිසුම් අපව ගැලවුම්කරුවාණන් වෙතට නැංගුරම් ලා අපගේ ස්වර්ගීය නිවස කරා යන මාවත ඔස්සේ අපව තල්ලු කරයි. ගිවිසුම් වල බලය අපට බලවත්ව හදවතේ වෙනසක් පවත්වා ගැනීමටත්, ස්වාමින්වහන්සේ වෙත අපගේ පරිවර්තනය ගැඹුරු කිරීමටත්, අපගේ පෙනුමෙහි ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපය වඩාත් හොඳින් ලබාගැනීමටත් උපකාරී වෙනවා.12 නමුත් අපගේ ගිවිසුම් සඳහා අර්ධ හෘදයාංග කැපවීමකින් අපට කිසිවක් සහතික නොවේ.13 අපගේ පරණ ක්‍රම සන්සුන් ජලයට විසි කිරීමට හෝ අපේ කැරැල්ලේ ආයුධ වළලු පෙනෙන ලෙස භූමදාන කිරීමට අප පෙළඹවිය හැකිය. නමුත් අපගේ ගිවිසුම් කෙරෙහි දෙගිඩියාවෙන් බැඳී සිටීම ස්වර්ගික පියාණන්ගේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විශුද්ධ කිරීමේ බලයට දොර විවර නොකරනු ඇත.

රූපය
කිංෂසා දේවමාළිගාව

අපගේ ගිවිසුම් පවත්වාගැනීමට අපගේ කැපවීම කොන්දේසි සහිත නොවිය යුතුයි එසේත් නැතිනම් අපගේ ජීවිතයේ වෙනස්වන තත්වයන් සමග වෙනස් නොවිය යුතුයි. දෙවියන්වහන්සේට අපගේ ස්ථාවරය කිංෂසා දේවමාළිගාව අසල ගලා බසින විශ්වසනීය කොංගෝ ගඟ හා සමාන විය යුතුයි. ලෝකයේ බොහෝ ගංගා මෙන් නොව මෙම ගංගාව වසර පුරා නිරන්තරයෙන් ගලා යන අතර14 අත්ලාන්තික් සාගරයට තත්පරයට ජලය ගැලුම් මිලියන 11 ක් (ලීටර් මිලියන 41.5) වත් කරයි.

ගැලවුම්කරුවාණන් තම ගෝලයන්ට මෙලෙස විශ්වාසවන්තව සහ ස්ථීරව සිටීමට ආරාධනා කළා. උන්වහන්සේ මෙහෙම කිව්වා, “එබැවින් මා උගන්වන සහ අණ කරන දේ ඔබ කරන පිණිස මෙය ඔබේ සිත්වල තබාගන්න.”15 අපගේ ගිවිසුම් රකින්නට “නිරවුල්” අධිෂ්ඨානයක් තබාගැනීමෙන්, අපට සදාකාලික ප්‍රීතියේ දෙවියන්වහන්සේගේ පොරොන්දු සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගැනීමට ඉඩ සලසයි.16

බොහෝ විශ්වාසවන්ත පසුදවස් වල ශුද්ධවන්තයන් දෙවියන්වහන්සේ සමග ඇති කරගත් ගිවිසුම් පවත්වාගෙන යාමේදී “නිරවුල්” වී ඇති බවත් ඔවුන් සදහටම වෙනස් වී ඇති බවත් පෙන්නුම් කර තියෙනවා. සහෝදර බන්සා මුසියෝකෝ, බන්සා රෙජින් සහෝදරිය සහ සහෝදර එම්බුයි නකිටබුංගි වැනි පුද්ගලයින් තිදෙනෙකු ගැන මම ඔබට කියන්නම්.

රූපය
බන්සා පවුල

1977 දී බන්සා පවුල ජීවත් වූයේ දැන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හැඳින්වෙන සයිරේ රටේ කිංෂසා වලයි. ඔවුන්ගේ රෙපරමාදු පල්ලියේ ප්‍රජාව තුළ ඔවුන් ඉතා ගෞරවයට පාත්‍ර වී සිටියා. ඔවුන්ගේ දක්ෂතා නිසා ඔවුන්ගේ සභාව ඔවුන්ගේ තරුණ පවුලට ස්විට්සර්ලන්තයට ගොස් අධ්‍යාපනය සඳහා යාමට අවස්ථාව ලබාදී විශ්ව විද්‍යාල ශිෂ්‍යත්වයක් ලබාදුන්නා.

ජිනීවා නුවර බසයෙන් පාසැල් යන අතරතුර “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව” යන නමින් සහෝදර බන්සා නිතරම කුඩා රැස්වීම් ශාලාවක් දැක්කා. “මේ දවස් වල යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ශුද්ධවන්තයින් ඉන්නවද?” කියලා ඔහු පුදුම වුණා. ගොස් බලන්නට අවසානයේදී ඔහු තීරණය කළා.

බන්සා සහෝදරයා සහ සහෝදරියව එම ශාඛාවේදී උණුසුම් ලෙස පිළිගැනෙනු ලැබුවා. “දෙවියන්වහන්සේ සුළඟ මෙන් ආත්මයක් නම්, උන්වහන්සේගේ ස්වරූපයෙන් අප මැවිය හැක්කේ කෙසේද? වැනි දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව දිගින් දිගටම ඔවුන්ට තිබූ ප්‍රශ්ණ ඇසුවා. උන්වහන්සේ සිංහාසනයක ඉඳගන්නේ කොහොමද?” නැවත පිහිටුවන ලද මූලධර්ම කෙටි පාඩමකින් ධර්මදූතයින් පැහැදිලි කරන තෙක් ඔවුන්ට කිසි විටෙක සතුටුදායක පිළිතුරක් ලැබී තිබුණේ නෑ. ධර්මදූතයින් පිටත්ව ගියවිට, “අපි මේ අහගෙන හිටපු දේවල් ඇත්ත නේද?” කියා බන්සා පවුල එකිනෙකා දෙස බලමින් කිව්වා. ඔවුන් දිගටම සභාවට ආවා ඒ වගේම ධර්මදූතයින් හමුවුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ බෞතීස්ම වීමෙන් ප්‍රතිඵල ලැබෙන බව ඔවුන් දැන සිටියා. ඔවුන්ට ශිෂ්‍යත්ව අහිමි වනු ඇත, ඔවුන්ගේ වීසා බලපත්‍ර අවලංගු කරනු ඇත, ඔවුන්ට සහ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනාට ස්විට්සර්ලන්තයෙන් පිටවීමට අවශ්‍ය වනු ඇත. 1979 ඔක්තෝබර් මාසයේදී බෞතීස්ම වීමට ඔවුන් තෝරාගත්තා.

ඔවුන්ගේ බෞතීස්මයෙන් සති දෙකකට පස්සෙ බන්සා සහෝදරයා සහ සහෝදරිය ඔවුන්ගේ රටේ සභාවේ පළමු හා දෙවන සාමාජිකයන් ලෙස කිංෂසා වෙත ආපසු ගියා. ජිනීවා ශාඛාවේ සාමාජිකයන් ඔවුන් සමඟ සම්බන්ධතා දිගටම පැවැත්වූ අතර සභාවේ නායකයන් සමඟ සම්බන්ධ වීමට ඔවුන්ට උදව් කළා. දෙවියන්වහන්සේ සයිරේහි තම සභාව පිහිටුවන බවට පොරොන්දු වූ කාලය විශ්වාසවන්තව බලාසිටීමට තරම් බන්සා පවුල ධෛර්යමත් වුණා.

රූපය
වැඩිහිටි මියුබි

මේ අතර, සයිරේහි තවත් හුවමාරු සිසුවෙකු වන සහෝදර එම්බුයි බෙල්ජියමේ ඉගෙනුම ලබමින් සිටියා. ඔහු 1980 දී බ්‍රසල්ස් කොට්ටාශයේදී බෞතීස්ම වී තිබුණා. වැඩි කල් යන්නට පෙර ඔහු එංගලන්තයට පූර්ණ කාලීන ධර්මදූත සේවයක් ඉටු කළා. ඒ වගේම දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් කළා. සහෝදර එම්බුයි ඔහුගේ රටේ සභාවේ තුන්වන සාමාජිකයා ලෙස නැවත සයිරේ වෙත ආවා. දෙමව්පියන්ගේ අවසරය ඇතිව සභාවේ රැස්වීම් ඔහුගේ පවුලේ නිවසේදී පැවැත්වුණා. 1986 පෙබරවාරි මාසයේදී සභාව නිල වශයෙන් පිළිගැනීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ඒ සඳහා සයිරේ පුරවැසියන් තිදෙනෙකුගේ අත්සන් අවශ්‍ය වුණා. පෙත්සමට සතුටින් අත්සන් තැබූ තිදෙනා නම් සහෝදර බන්සා, බන්සා සහෝදරිය සහ සහෝදර එම්බුයි.

රූපය
එම්බුයි සහෝදරයා සහ බන්සා පවුල

මෙම ප්‍රබල සාමාජිකයන් සත්‍ය ඇසූ විට එය දැනගත්තා; ඔවුන් බෞතීස්මයේදී ගිවිසුමක් ඇති කරගත් අතර එය ඔවුන්ව ගැලවුම්කරුවාණන්ට නැංගුරම් ලෑමට හේතු වුණා. ඔවුන් නැවත ලබා නොගැනීමේ අදහසින්, ඔවුන්ගේ පැරණි ක්‍රම සංඥාවක් ලෙස දිය ඇල්ලකට විසිකර තිබෙනවා. එම ගිවිසුම් මාර්ගය කිසිවිටෙක පහසු වුනේ නෑ. දේශපාලන නොසන්සුන්තාව, සභාවේ නායකයන් සමග කලාතුරකින් සම්බන්ධතා පැවැත්වීම සහ සාන්තුවරයන්ගේ ප්‍රජාවක් ගොඩනැගීමට ආවේනික වූ අභියෝග අඩු කැපවීමකින් පෙළෙන පුද්ගලයන් වළක්වාලීමට ඉඩ තිබුණා. නමුත් බන්සා සහෝදරයා සහ සහෝදරිය සහ සහෝදර එම්බුයි ඔවුන්ගේ ඇදහිල්ලෙහි නොපසුබට උත්සාහයක් දැරුවා. සයිරේ සභාව නිල වශයෙන් පිළිගැනීමට තුඩු දුන් පෙත්සමට අත්සන් කිරීමෙන් වසර 33 කට පසුව කිංෂා දේවමාළිගාවේ කැපවීමට ඔවුන් පැමිණ සිටියා.

රූපය
බන්සා සහෝදරිය සහ සහෝදරයා

බන්සා පවුල අද මෙහි සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ සිටිනවා. ඔවුන් සමග ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන ජූනියර් සහ ෆිල් සහ ලේලිවරුන් වන ඇනී සහ යූයු ද සිටිනවා. 1986, ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන ජූනියර් සහ ෆිල් බන්සා, සයිරේ සභාවේ බෞතීස්ම වූ පළමු පුද්ගලයන් දෙදෙනායි. සහෝදර එම්බුයි සිය බිරිඳ මාගුයි සහ ඔවුන්ගේ දරුවන් පස්දෙනා සමඟ කිංෂාසා වෙතින් මෙම කටයුතු බලා සිටිනවා.

රූපය
මියුබි සහෝදරිය සහ සහෝදරයා

මෙම පුරෝගාමීන් ගිවිසුම්වල තේරුම සහ ප්‍රතිවිපාක “ඔවුන්ගේ දෙවිවූ ස්වාමින්වහන්සේගේ දැනුමට ඇවිදින් ඔවුන්ගේ මිදුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රීති වන්නට” ගෙන ආ නිසා තේරුම්ගත්තා.17

ඔවුන්ව අනුගමනය කළ කොංගොලීස් සාන්තුවරයන් සහ ලොව පුරා තවත් මිලියන ගණනක් මෙන් අපි ගැලවුම්කරුවාණන්ට නැංගුරම් ලා ඇදහිලිවන්තව සිටින්නේ කෙසේද? ඒ කෙසේද කියා ගැලවුම්කරුවාණන් අපට ඉගැන්නුවා. සෑම සතියකම අපි සක්‍රමේන්තුවට සහභාගි වී අපගේ ස්වර්ගික පියාණන් සමග ගිවිසුමක් ඇති කරගන්නවා. උන්වහන්සේගේ නාමය අප වෙත ගෙන, සැමවිටම උන්වහන්සේව සිහි කිරීමට හා උන් වහන්සේගේ අණ පණත් පිළිපැදීමට අපගේ කැමැත්ත ප්‍රතිඥා දෙමින් අපගේ අනන්‍යතාවය ගැලවුම්කරුවාණන් සමග සම්බන්ධ කිරීමට අපි පොරොන්දු වෙනවා.18 සෑම සතියකම මෙම ගිවිසුම් සඳහා හෘද සාක්ෂියට එකඟව සූදානම් වීම සහ අපව ගැලවුම්කරුවාණන් වෙත නැංගුරම් ලා, අපගේ කැපවීම අභ්‍යන්තරීකරණය කිරීමට19 උපකාරී වන අතර, ගිවිසුම් මාවතේ අපව බලවත් ලෙස ඉදිරියට ගෙන යනවා.

ජීවිත කාලය පුරාම ගෝලයෙකු වීමේ ක්‍රියාවලියක් සඳහා කැපවන ලෙස මම ඔබට ආරාධනා කරනවා. ගිවිසුම් ඇති කරගෙන තබාගන්න. ඔබේ පැරණි මාර්ග ගැඹුරු දිය ඇල්ලකට විසි කරන්න. ඔබේ කැරැල්ලේ ආයුධ කිසිම වළල්ලක් එළියට නොතබාගෙන සම්පූර්ණයෙන්ම වළලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා, විශ්වාසවන්තව ගෞරව දැක්වීමේ සැබෑ අභිප්‍රාය ඇතිව ගිවිසුම් ඇති කරගැනීම ඔබේ ජීවිතය සදහටම ආශිර්වාද කරයි. ඔබ සැමවිටම උන්වහන්සේව සිහිපත් කිරීමෙන්, උන්වහන්සේව අනුගමනය කිරීමෙන් සහ උන්වහන්සේට ප්‍රේම කිරීමෙන් ඔබ ගැලවුම්කරුවාණන් වගේ වෙයි. උන්වහන්සේ ස්ථිර පදනමක් බව මම සාක්ෂි දෙමි. උන්වහන්සේ විශ්වාසවන්තයි, උන්වහන්සේගේ පොරොන්දු ස්ථිරයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. සභාපති රසල් එම්. නෙල්සන් විසින් පවරා ඇති පරිදි මෙම කැපවීම 2019 අප්‍රේල් 14 වන ගොක්කොළ ඉරිදා සිදු විය.

  2. ඩේවිඩ් මයික්ල් නම් චිත්‍ර ශිල්පියා, කියුබු දිය ඇල්ලේ ඡායාරූප වලින් කොංගෝ දිය ඇල්ල පින්තාරු කළේය. කියුබු දිය ඇල්ල කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගිනිකොන දෙසින් ලුම්බුම්බාෂි සිට සැතපුම් 249 (කි.මී. 400) ක් පමණ උතුරින් පිහිටා ඇත.

  3. මෙම වස්තූන් කිකොන්ගෝ හි ඉන්කිසි ලෙසත් ප්‍රංශ බසින් ෆෙටිකස් ලෙසත් හැඳින්විණි. මෙම වචනය ඉංග්‍රීසි භාෂාවට “ආමුලේට්”, “තලිස්මන්” හෝ “ෆෙටිෂ්” ලෙස පරිවර්තනය කරයි.

  4. ඩේවිඩ් මීකල් නොසොන්ගෝ ඇල්ලෙහි ඡායාරූප වලින් නෝන්ගෝ දිය ඇල්ල පින්තාරු කළේය. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කිංෂාසා සිට සැතපුම් 81 (කිලෝමීටර් 130) ක් පමණ දුරින් නොසොන්ගෝ දිය ඇල්ල පිහිටා ඇත. මෙම දිය ඇල්ලේ ඇති ගංගාව නසාඩි ඉන්කිසි නොහොත් “ෆෙටිෂ් ගංගාව” ලෙස හැදින්විය. කෙටි විස්තරයේ විස්තර කර ඇති ක්‍රියාකාරකම් එම නමෙන් පිළිබිඹු වේ.

  5. ක්‍රි.ව. 1000 දී, අයිස්ලන්ත ගෝත්‍රිකයන්ගේ ප්‍රධානීන් ඔවුන්ගේ වාර්ෂික සති දෙකක ඇල්ටිං සඳහා රැස්විය. එය සෑමකෙනෙක්ව බැඳී ඇති නීති වලින් සමන්විත අවිධිමත් එක්රැස්වීමක්ය. කිතුදහමට හැරීම හෝ නොර්ස් දෙවිවරුන්ට දිගටම නමස්කාර කිරීම පිළිබඳව සෑම කෙනෙකුටම තීරණයක් ගන්නා ලෙස තෝර්ගීර් නම් මිනිසෙකුගෙන් ඉල්ලා සිටියේය. තම කූඩාරමේ දින තුනක් හුදෙකලා වීමෙන් පසු තෝර්ගීර් සිය තීරණය ප්‍රකාශයට පත් කළේය. ගෝත්‍රිකයන් ක්‍රිස්තියානි බවට පත්වනු ඇත. තෝර්ගීර් සිය ගමට ආපසු යමින් සිටියදී, ඔහු තම ආදරණීය නොර්ස්-දෙවියන්ගේ පිළිම රැගෙන ගොස් ගොඩෆොස් නොහොත් “දෙවිවරුන්ගේ දිය ඇල්ල” ලෙස හැඳින්වෙන දිය ඇල්ලකට දැමුවේය. මෙම ක්‍රියාවෙන් ඇඟවෙන්නේ තෝර්ජීර් ක්‍රිස්තියානි ආගමට සම්පූර්ණයෙන්ම හැරීමයි.

  6. ඇල්මා 23:13; 24:17–18.

  7. See Alma 23:6; David A. Bednar, “Converted unto the Lord,” Liahona, Nov. 2012, 106–9.

  8. බලන්න එසකියෙල් 11:19–20; 2 කොරින්ති 3:3.

  9. බලන්න රෝම 10:14, 17.

  10. See Preach My Gospel: A Guide to Missionary Service, rev. ed. (2018), 203.

  11. See Dallin H. Oaks, “Taking upon Us the Name of Jesus Christ,” Ensign, May 1985, 80–83.

  12. බලන්න ඇල්මා 5:12–14.

  13. බලන්න දහම සහ ගිවිසුම 82:10.

  14. කොංගෝ ගඟ ලෝකයේ ගැඹුරුම, දෙවන බලවත්ම හා නවවන දිගම ගංගාවයි. එය සමකයට දෙවරක් තරණය කරන බැවින්, ගඟේ අවම වශයෙන් එක් කොටසක් සෑම විටම වැසි සමයක පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිතිපතා ජලය ගලා යයි. එය සමකයට දෙවරක් තරණය කරන බැවින්, ගඟේ අවම වශයෙන් එක් කොටසක් සෑම විටම වැසි සමයක පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිතිපතා ජලය ගලා යයි (තත්පරයට කියුබික් මීටර 23,000-75,000 පරාසයකින්).

  15. Joseph Smith Translation, Luke 14:28 (in Luke 14:27, footnote b).

  16. See 2 Nephi 9:18; Russell M. Nelson, “Joy and Spiritual Survival,” Liahona, Nov. 2016, 81–84. සභාපති නෙල්සන් පැවසුවේ “ප්‍රීතිය ඇදහිලිවන්තයන්ට දෙන ත්‍යාගයක්” බවයි (page 84).

  17. ඇල්මා 37:9.

  18. දහම සහ ගිවිසුම 20:77 බලන්න. ඔහුගේ විධිමත් පණිවුඩය ආරම්භ කිරීමට පෙර, 2019 ජුනි මාසයේ පැවති ධර්මදූත නායකත්ව සම්මන්ත්‍රණයේදී, සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසීය, “අද මම ගිවිසුමක් ඇති කරගැනීම එම පණිවිඩයට වඩා වැදගත් යැයි මට සිතිවිල්ලක් ඇති විය. මම ගිවිසුමක් ඇති කරගත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය මා වෙත භාර ගැනීමට කැමැත්තෙන් සිටින බවත්, උන්වහන්සේගේ අණ පණත් වලට කීකරු වීමට මා කැමති බවත්ය. බව්තීස්මයේදී ඇති කරගත් ගිවිසුම් අලුත් කිරීම සඳහා අපි සක්‍රමේන්තුවට සහභාගි වන බව බොහෝ විට මට අසන්නට ලැබේ. එය සත්‍යයක් වුවත්, එය ඊට වඩා බොහෝ සෙයින් වැඩිය. මම නව ගිවිසුමක් ඇති කරගත්තෙමි. ඔබ නව ගිවිසුම් ඇති කරගෙන තිබේ. … දැන් ඒ වෙනුවට උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ අපට සැමවිටම උන්වහන්සේගේ ආත්මය අප සමඟ සිටින බවය. කෙතරම් නම් ආශිර්වාදයක්ද!

  19. බලන්න 3 නෙපි 18:12.