2010–2019
ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න

අපේ එකම සැනසීම වෙන්නෙ ස්වාමින්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ දරුවන් කෙරෙහි උන්වහන්සේගේ ප්‍රේමය විශ්වාස කිරීමයි.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, කලකට පෙර මට ලැබුණු ලිපියක් මගේ කතාවේ මාතෘකාව හඳුන්වා දෙනවා. සදාකාලික සහකාරිය මියගිය මිනිසෙකු සමග දේවමාළිගා විවාහයක් පිළිබඳ මෙම ලේඛිකාව කල්පනා කරමින් සිටියා. ඇය දෙවන බිරිඳක් බවට පත්වෙනවා. ඇය මෙම ප්‍රශ්නය ඇසුවා: ඊළඟ ජීවිතයේදී ඇයට තමාගේම නිවසක් ලබා ගත හැකිද, නැත්නම් ඇගේ සැමියා සහ ඔහුගේ පළමු බිරිඳ සමග ජීවත්වීමට ඇයට සිදු වෙනවාද? ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න කියලා මම ඇයට කිව්වා.

වටිනා සහායකයකුගෙන් මා අසා ඇති අත්දැකීමක් ඔහුගේ අවසරය සමග මම බෙදාගන්නම්. ඔහුගේ ආදරණීය බිරිඳ සහ ඔහුගේ දරුවන්ගේ මවගේ මරණයෙන් පසු එක් පියෙක් නැවත විවාහ වුණා. සමහර වැඩිහිටි දරුවන් නැවත විවාහයට එකහෙළාම විරුද්ධ වූ අතර සභාවේ ගෞරවනීය නායකයෙකු වූ කිට්ටු ඥාතියෙකුගේ උපදෙස් පැතුවා. ආත්මික ලෝකයේ හෝ අවසාන විනිශ්චයෙන් පසු මහිමයේ රාජධානි තුල ඇති බැඳීම් වලට යොමුවූ ඔවුන්ගේ විරුද්ධ වීමට හේතු ඇසීමෙන් පස්සෙ, මෙම නායකයා කිව්වා: “ඔබ කනස්සළු වන්නේ වැරදි දෙයක් ගැනයි. ඔබ කනස්සළු විය යුත්තේ ඔබට ඒ ස්ථාන වලට යන්නට පුළුවන් වෙයිද කියලා. ඒ ගැන අවධානය යොමු කරන්න. ඔබ එහි ගියහොත්, ඒ සියල්ල ඔබට සිතාගන්නටත් බැරි තරම් පුදුමාකාර වෙයි.”

එය මොනතරම් සැනසිලිදායක ඉගැන්වීමක්ද! ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න!

අපි මැරුණට පස්සෙ සහ නැවත නැගිටුවීමට කලින් අපි වාසය කරන ආත්මික ලෝකය පිළිබඳ ප්‍රශ්න වලින් අන් අය කරදරයට පත්වෙනවා කියලා මට ලැබිලා තියන ලිපි වලින්, මම දන්නවා. සමහරු උපකල්පනය කරන්නේ මේ මරණීය ජීවිතේ අපි අත්විඳින බොහෝ තාවකාලික තත්වයන් සහ ගැටළු ආත්මික ලෝකයේදීත් දිගටම තියෙනවා කියලයි. ආත්මික ලෝකයේ තත්වයන් ගැන අප ඇත්තටම දන්නේ මොනවද? මෙම විෂය පිළිබඳ BYU ආගම් මහාචාර්යවරයෙකුගේ ලිපියක එය නිවැරදිව තිබුණා කියලා මම විශ්වාස කරනවා: “සම්මත කෘතිවලින් ආත්මික ලෝකය ගැන අප දන්නේ කුමක්දැයි අප අපෙන්ම විමසන විට, පිළිතුර වන්නේ ‘අප බොහෝ විට සිතන විදිය නොවේ”’ යන්නයි.1

ඇත්තටම, අපේ ශරීර මියගියාට පස්සෙ අපි ආත්මික ලෝකයේ ආත්මයන් විදියට දිගටම ජීවත් වෙනවා කියලා ශුද්ධලියවිලි වලින් අපි දන්නවා. මේ ආත්මික ලෝකය ජීවිත කාලය තුළ “ධර්මිෂ්ට” නැත්නම් “යුක්ති සහගත” අය සහ දුෂ්ටයන් අතරින් බෙදී තියනවා කියලා ශුද්ධලියවිල්ලේ උගන්වනවා. සමහර විශ්වාසවන්ත ආත්මයන් දුෂ්ටව උන්නු නැතිනම් කැරලිකාරව උන්නු අයට සුභාරංචිය උගන්වන ආකාරයත් ඒවා විස්තර කරනවා (බලන්න 1 පේතෘස් 3:19; දහම සහ ගිවිසුම 138:19–20, 29, 32, 37). වැදගත්ම දේ තමයි, වර්තමාන හෙළිදරව්වෙන් හෙළිවෙන්නේ ගැලවීමේ කාර්යය ආත්මික ලෝකය තුළ ඉදිරියට යන ආකාරයයි (දහම සහ ගිවිසුම 138:30-34, 58 බලන්න), ඒ වගේම ලෞකික ජීවිතේදී අපේ පසුතැවීම කල් දමන්නට එපා කියලා අපෙන් ඉල්ලා සිටියත් (ඇල්මා 13:27 බලන්න) , එහි යම් පසුතැවිල්ලක් ඇතිවෙන්නට පුළුවන් කියලා අපිට උගන්වලා තියෙනවා (දහම සහ ගිවිසුම 138:58 බලන්න).

ආත්මික ලෝකයේ ගැළවීමේ කාර්යයට ඇතුළත් වෙන්නේ ශුද්ධලියවිල්ලේ “වහල්භාවය” විදියට නිතර විස්තර කර ඇති දේවලින් ආත්මයන් නිදහස් කිරීමයි. ආත්ම ලෝකයේ සිටින සියල්ලන්ම ඉන්නේ යම් ආකාරයක බැඳීමක් යටතේයි. සභාපති ජෝසෆ් එෆ්. ස්මිත්ගේ මහා හෙළිදරව්ව, දහම සහ ගිවිසුමේ 138 වන වගන්තියේ සඳහන් කර ඇති පරිදි, සාමයේ තත්වයෙන් ඇති ධර්මිෂ්ට මළවුන් (දහම සහ ගිවිසුම 138:22) නැවත නැගිටීම අපේක්ෂාවෙන් සිටි විට (බලන්න දහම සහ ගිවිසුම 138:16), “ඔවුන්ගේ ශරීර වල ඔවුන්ගේ ආත්මයන් දිගු කලක් නොපැවතීම වහල්භාවයක් ලෙස සලකනු ලැබීය” (දහම සහ ගිවිසුම 138:50).

දුෂ්ටයින් අතිරේක වහල්භාවයකින් පීඩා වින්දා. එහෙම වුනේ පසුතැවිලි නොවූ පව් නිසා, අපෝස්තුළුවර පේදුරු කියන විදියට ආත්මික“සිරගෙය” විදියට එය හැඳින්වුණා (1 පේතෘස් 3:19; තවත් බලන්න දහම සහ ගිවිසුම 138:42). මෙම ආත්මයන් “බැඳී ඇති” හෝ “වහලුන්” විදියට විස්තර කරනවා (දහම සහ ගිවිසුම 138:31, 42), එසේත් නැතිනම් නැවත නැගිටීම සහ විනිශ්චය එනකන් බලාගෙන “අඬමින්, හැපෙමින් හා දත්මිටි කමින්” “පිටත අන්ධකාරයට” පහ කරනු ලැබූ අය ලෙස හඳුන්වනවා (ඇල්මා 40:13–14).

විවිධ කණ්ඩායම් වලට විවිධ කාලවලදී සිදු වුනත්, ආත්මික ලෝකයේ සිටින සියල්ලන්ටම නැවත නැගිටීම සහතික වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීමයි (1 කොරින්ති 15:22 බලන්න). ඒ නියමිත කාලය එනකල්, ආත්මික ලෝකයේ ක්‍රියාකාරකම් මූලිකවම සලකන්නේ ගැලවීමේ කාර්යය කියලා ශුද්ධලියවිලි අපිට කියනවා. තවත් ටිකක් හෙළිවෙනවා. නොපිළිගත් අයට, පසුතැවිලි නොවූ අයට සහ කැරලිකාර අයට සුභාරංචිය දේශනා කෙරෙනවා, එතකොට ඔවුන්ට ඔවුන්ගේ වහල්භාවයෙන් මිදෙන්නටත්, ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේ ඔවුන් වෙනුවෙන් ගබඩා කරන ලද ආශිර්වාද ලබාගන්නටත් පුළුවන් වෙනවා.

ධර්මිෂ්ට සහ හැරුණු ආත්මයන්ට අදාළ වන ආත්මික-ලෝක බැඳීම ඔවුන්ගේ අපේක්ෂාවයි - ඒවගේම සමහර විට ඔවුන් බෞතීස්ම වී ශුද්ධාත්මයාණන්ගේ ආශිර්වාද භුක්තිවිඳීමට හැකි වන විදියට පොළොවේ ඔවුන්ගේ නියෝජිත වත්පිළිවෙත් වල ක්‍රියාකාරිත්වය සඳහා පෙළඹවීමට පවා ඉඩ ලබාගැනීමට පුළුවන් (බලන්න දහම සහ ගිවිසුම 138:30–37, 57–58).2 සිරගෙදර සිටින ආත්මයන්ට සුභාරංචිය දේශනා කළ හැකි ධර්මිෂ්ටයන්ගේ සේනාවන් විශාල කරගැනීම සඳහා පූජකත්ව අධිකාරිය යටතේ ඉදිරියට යාමට මෙම ලෞකික නියෝජිත වත්පිළිවෙත් ඔවුන්ට බල කරයි.

මෙම මූලික කරුණු වලින් ඔබ්බට, අපේ ශුද්ධලියවිලි මාලාවේ මරණයෙන් පසු සහ අවසාන විනිශ්චයට පෙර තිබෙන ආත්මික ලෝකය ගැන තියෙන්නෙ ඉතා අල්පයක්.3 ඉතින් ආත්මික ලෝකය ගැන අපි තවත් දන්නේ මොනවාද? සභාවේ බොහෝ සාමාජිකයින්ට ආත්මික ලෝකයේ දේවල් ක්‍රියාත්මක වන ආකාරය හෝ සංවිධානය වී ඇති ආකාරය පිළිබඳව දැනුම්දීම සඳහා දර්ශන හෝ වෙනත් පෙළඹවීම් ලබාදී තියෙනවා, නමුත් මේ පෞද්ගලික අධ්‍යාත්මික අත්දැකීම් සභාවේ නිල දහමක් ලෙස තේරුම්ගැනීමට හෝ ඉගැන්වීමට ඇති දේවල් නොවේ. ඇත්තවශයෙන්ම, මරණයට ආසන්න අත්දැකීම් පිළිබඳ පොත් වැනි ප්‍රකාශිත මූලාශ්‍ර වල සාමාජිකයන් සහ වෙනත් අය විසින් කරපු බහුල අනුමාන කල්පනාවන් තියෙනවා.4

මේ සියල්ලම සම්බන්ධයෙන් ගත් කල, මීට පෙර පැවති මහා සම්මන්ත්‍රණ පණිවිඩවල වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් සහ වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන්ගේ ඥාණවන්ත අනතුරු ඇඟවීම් මතක තබාගැනීම වැදගත්. වැඩිමහල් ක්‍රිස්ටෝෆර්සන් මෙසේ ඉගැන්වූවා “සභාවේ නායකයෙක් අතීතයේ හෝ වර්තමානයේ කරන සෑම ප්‍රකාශයක්ම අනිවාර්යයෙන්ම දහමම නොවන බව මතක තබාගත යුතුයි. එක් නායකයෙකු විසින් එක් අවස්ථාවකදී කරන ලද ප්‍රකාශයක් බොහෝ වෙලාවට පෞද්ගලික, හොඳින් සලකනු ලබන මතයක් නියෝජනය කරන බව සභාව පොදුවේ වටහාගෙන තිබෙනවා.5

ඊළඟ සම්මන්ත්‍රණයේදී, වැඩිහිටි ඇන්ඩර්සන් මේ මූලධර්මය ඉගැන්වූවා: “දහමක් උගන්වනු ලබන්නේ පළමු සභාපතිත්වයේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ සියළුම සාමාජිකයින් 15 දෙනා විසින්ය. එය එක් කතාවක අපැහැදිලි ඡේදයක සැඟවී නැත.”6 අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් 15 දෙනා විසින් අත්සන් කරන ලද පවුල් ප්‍රකාශය එම මූලධර්මයේ අපූරු නිදර්ශනයකි.

පවුල් ප්‍රකාශනය තරම් විධිමත් දෙයකින් ඔබ්බට, සභාවේ සභාපතිවරුන්ගේ අනාවැකිමය ඉගැන්වීම්, වෙනත් අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් විසින් සනාථ කරනු ලැබීමද මෙයට නිදසුනකි. ආත්මික ලෝකයේ පවතින තත්වයන් සම්බන්ධයෙන්, ජෝසෆ් ස්මිත් දිවැසිවරයා තම දේවසේවය අවසන් වන විට ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් නිතර උගන්වනු ලැබූ ඉගැන්වීම් දෙකක් ලබා දුන්නා. ආත්මික ලෝකයන් වල ධර්මිශ්ට පවුල් සාමාජිකයින් එකට සිටින බව කින්ග් ෆොලට් දේශනාවේ ඔහුගේ ඉගැන්වීම් වලින් එකක්.7 ඔහුගේ ජීවිතයේ අවසාන වසරේ අවමංගල්‍ය උත්සවයකදී කළ මෙම ප්‍රකාශය තවත් එකක්: “…ආත්මික ලෝකයන් තුළ… ධර්මිෂ්ටයන්ගේ ආත්මයන් වඩා උසස් හා උත්කර්ෂවත් කාර්යයකට උසස් කරනු ලැබේ. ඔවුන් අපෙන් දුරස් නොවන අතර අපගේ සිතුවිලි, හැඟීම් සහ චලනයන් දැනගෙන තේරුම්ගෙන ඇති අතර බොහෝ විට ඒ ගැන වේදනා විඳිති.”8

ඉතින්, ආත්මයන් ජීවත් වන ස්ථානය ගැන මා කලින් සඳහන් කළ ප්‍රශ්නය ගැන කුමක් කියන්නට පුළුවන්ද? එම ප්‍රශ්නය ඔබට අමුතු හෝ සුළු දෙයක් ලෙස පෙනෙනවා නම්, ඔබේම ප්‍රශ්න බොහොමයක් ගැන සලකා බලන්න, එසේත් නැතිනම් අතීතයේදී වෙනත් අයෙකුගෙන් ඔබ අසා ඇති දෙයක් පදනම් කරගෙන පිළිතුරු දීමට ඔබ පෙළඹී ඇත්ද. ආත්මික ලෝකය පිළිබඳ සියලු ප්‍රශ්න සඳහා, මම පිළිතුරු දෙකක් යෝජනා කරනවා. පළවෙනියෙන්, දෙවියන්වහන්සේ තම දරුවන්ට ප්‍රේම කරන බවත්, අප සෑම කෙනෙකුටම හොඳම දේ කරන බවත් මතක තබාගන්න. දෙවෙනියෙන්, පිළිතුරු නොලැබූ ප්‍රශ්න රාශියකට මට බෙහෙවින් උදව් වූ, මෙම හුරුපුරුදු බයිබල් ඉගැන්වීම මතක තබාගන්න:

“ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න.

ඔබේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලා කරනවා ඇත” (හිතෝපදේශ 3:5–6).

ඒ හා සමානව, නෙපි සිය ශ්‍රේෂ්ට ගීතිකාව මෙම වචන වලින් අවසන් කළා: “ස්වාමීනි, මම ඔබ කෙරෙහි විශ්වාසය තැබුවෙමි, මම ඔබ කෙරෙහි සදහටම විශ්වාස කරන්නෙමි. මාංසයේ හස්තය කෙරෙහි මාගේ විශ්වාසය තබන්නේ නැත” (2 නෙපි 4:34).

ආත්මික ලෝකයේ තත්වයන් ගැන අප සැවොම පෞද්ගලිකව කල්පනා කරනවා වෙන්නට පුළුවන්, නැත්නම් මෙවැනි හෝ වෙනත් පිළිතුරු නොලැබූ ප්‍රශ්න පවුලේ හෝ වෙනත් සමීප සැකසුම් තුළ සාකච්ඡා කරනවා වෙන්නට පුළුවන්. එහෙත් නිල දහමේ ප්‍රමිතීන්ට අනුකූල නොවන දේ නිල දහමක් ලෙස ඉගැන්වීමට හෝ භාවිතා කිරීමට අපි ඉඩ නොදී ඉමු. එසේ කිරීමෙන් ස්වාමින්ගේ වැඩ තවදුරටත් නොකරන අතර ස්වාමින්ගේ සැලැස්ම අප සෑම කෙනෙකුටම සපයන පුද්ගලික එළිදරව් වීම් තුළින් තමන්ගේ සුවපහසුව හෝ වැඩිදියුණු කිරීම අපේක්ෂා කිරීම පවා අධෛර්යමත් කළ හැකිය. පුද්ගලික ඉගැන්වීම් හෝ සමපේක්ෂන මත අධික ලෙස රඳාපැවතීම නිසා අපට ගිවිසුම් මාවතේ ඉදිරියටම යන්නට උදව් වන අපගේ තේරුම්ගැනීම සඳහා ඉගෙනීම සහ ප්‍රයත්න කෙරෙහි අවධානය යොමුකිරීමෙන් අපව පසෙකට ඇදී යන්නට පුළුවන්.

ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ හුරුපුරුදු හා සත්‍ය ඉගැන්වීමකි. මුල් සාන්තුවරයන් දරුණු පීඩා සහ දරාගත නොහැකි බාධක අත්විඳින විට ජෝසෆ් ස්මිත්ගේ ඉගැන්වීම එයයි.9 සභාවේ නිල දහම ලෙස තවමත් අනාවරණය වී නැති හෝ සම්මත කර නොගත් කාරණා වලදී ඉගෙනීමට අප දරන උත්සාහයන් හෝ සැනසිල්ල සොයාගැනීමට අප දරන උත්සාහයන් වලදී අපට භාවිතා කළ හැකි හොඳම මූලධර්මය එයයි.

ලෞකික සිදුවීම් හෝ වැරදි නිසා ඊළඟ ජීවිතයේ මුද්‍රා තැබීම් හෝ අපේක්ෂිත නැවත සකස් කිරීම් පිළිබඳ පිළිතුරු නොලැබුණු ප්‍රශ්න වලට එම මූලධර්මයම අදාළ වෙයි. අප නොදන්නා දේවල් බොහෝමයක් තියනවා අපේ එක්ම සැනසීම වෙන්නෙ ස්වාමින්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ දරුවන් කෙරෙහි උන්වහන්සේගේ ප්‍රේමය විශ්වාස කිරීමයි.

අවසාන වශයෙන්, ආත්මික ලෝකය ගැන අප දන්නා දෙය නම් පියාණන්ගේ සහ පුත්‍රයාණන්ගේ ගැලවීමේ කාර්යය එහි දිගටම පවතින බවයි. අපගේ ගැලවුම්කරුවාණන් වහලුන්ට නිදහස ප්‍රකාශ කිරීමේ කාර්යය ආරම්භ කළ සේක (බලන්න 1 පේතෘස් 3:18–19; 4:6; දහම සහ ගිවිසුම 138:6–11, 18–21, 28–37), එමෙන්ම සුදුසු සහ සුදුසුකම් ලත් පණිවිඩකරුවන් පිරිසිඳු වීම තවමත් අවශ්‍ය අය සඳහා පසුතැවිලි වීම ඇතුළු සුභාරංචිය දේශනා කිරීම දිගටම කරගෙන යන බැවින් එම කාර්යය දිගටම පවතී (දහම සහ ගිවිසුම 138:57). ඒ සියල්ලේම පරමාර්ථය සභාවේ නිල දහමෙහි විස්තර කර ඇති අතර එය නූතන එළිදරව්වෙන් දක්වා ඇත.

“පසුතැවිලි වන මළවුන් දෙවියන්වහන්සේගේ ගෘහයේ වත්පිළිවෙත් වලට කීකරු වීමෙන් මුදවා ගනු ලැබෙනු ඇත,

“එමෙන්ම ඔවුන් කළ වැරදි වල දඬුවම ගෙවූ පසු, සහ පවිත්‍රව සෝදාගත් පසු, ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ප්‍රතිඵල ලැබෙනු ඇත. මක්නිසාද ඔවුන් ගැළවීමේ උරුමක්කාරයෝය” (දහම සහ ගිවිසුම 138:58–59).

අප සෑම කෙනෙකුගේම යුතුකම වන්නේ නැවත පිහිටුවන ලද සුභාරංචියේ දහම ඉගැන්වීම, අණ පණත් පිළිපැදීම, එකිනෙකාට ප්‍රේම කිරීම සහ උපකාර කිරීම සහ ශුද්ධවූ දේවමාළිගා වල ගැලවීමේ කාර්යය කිරීමයි.

මම මෙහි කියා තියෙන දේවල් වල සත්‍යතාව සහ ඉගැන්වූ සත්‍යයන් පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේදී මම සාක්ෂි දෙනවා. මේ සියල්ල කළ හැකිවන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසායි. නූතන එළිදරව්වෙන් අප දන්නා ලෙස, උන්වහන්සේ “පියාණන් මහිමයට පත් කරන සේක, එමෙන්ම උන්වහන්සේගේ දෑතේ සියලු ක්‍රියා ආරක්ෂා කරන සේක”(දහම සහ ගිවිසුම 76:43; අවධාරණය කිරීම් ඇතුළත්). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. “What’s on the Other Side? A Conversation with Brent L. Top on the Spirit World,” Religious Educator, vol. 14, no. 2 (2013), 48.

  2. See Teachings of the Prophet Joseph Smith, sel. Joseph Fielding Smith (1976), 309–10; Joseph Smith, “Journal, December 1842–June 1844; Book 2,” p. 246, The Joseph Smith Papers, josephsmithpapers.org.

  3. ජෝසෆ් ස්මිත්ට කරන ලද එළිදරව් බොහෝ විට ආත්මික ලෝකය ගැන මෙසේ උපුටා දක්වයි, “අප අතර පවතින එම සමාජවාදයම අප අතර එහිදීද පවතිනු ඇත” (දහම සහ ගිවිසුම 130:2). මෙය ආත්මික ලෝකයට වඩා මහිමාන්විත රාජ්‍යයක් විස්තර කළ හැකිය, මන්ද එය දිගටම මෙසේ පවසයි, “අප දැන් භුක්ති විඳින්නේ නැති මහිමය, එය සදාකාලික තේජස සමග බැඳී පවතිනු ඇත” (v. 2).

  4. For example, George G. Ritchie, Return from Tomorrow (1978) and Raymond Moody, Life after Life (1975).

  5. D. Todd Christofferson, “The Doctrine of Christ,” Liahona, May 2012, 88; see also Joseph F. Smith, Gospel Doctrine, 5th ed. (1939), 42. උදාහරණයක් සඳහා, පාවුලු අපෝස්තුළුවරයාගේ පෞද්ගලික ඉගැන්වීමක් දහම සහ ගිවිසුම 74:5 පැහැදිලි කිරීම බලන්න.

  6. Neil L. Andersen, “Trial of Your Faith,” Liahona, Nov. 2012, 41.

  7. See Teachings of Presidents of the Church: Joseph Smith (2007), 175.

  8. History of the Church, 6:52; included in Teachings of the Prophet Joseph Smith, 326; often quoted, as in Henry B. Eyring, To Draw Closer to God (1997), 122; see also Teachings of Presidents of the Church: Brigham Young (1997), chapter 38, “The Spirit World.”

  9. See Teachings: Joseph Smith, 231–33.