2010–2019
නොකඩවා යාච්ඤාව තුල සෝදිසියෙන් සිටින්න
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


නොකඩවා යාච්ඤාව තුල සෝදිසියෙන් සිටින්න (ඇල්මා 34:39; මොරෝනි 6:4; ලූක් 21:36)

උදාසීනත්වයට හා අනියම්භාවයට එරෙහිව කටයුතු කිරීම සඳහා නිරන්තර විමසිල්ලෙන් සිටීම අවශ්‍යයි.

අපි එකට ප්‍රීති වී නමස්කාර කරන විට ඔබ හා මා වෙනුවෙන් ශුද්ධාත්මයාණන්ගේ උපකාරය ඉල්ලා මම උනන්දුවෙන් යාච්ඤා කරනවා.

1976 අප්‍රියෙල් මාසයේදී වැඩිහිටි බොයිඩ් කේ. පැකර් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී සභාවේ තරුණයින්ට විශේෂයෙන් කථා කළා. “අධ්‍යාත්මික කිඹුලන්” යන ඔහුගේ සම්භාව්‍ය පණිවුඩයේ ඔහු අප්‍රිකාවේ පැවරුමකදී හොඳින් සැඟවුණු කිඹුලන් සැකයකින් තොරව සිටිනා ගොදුරුවන්නන් දඩයම් කිරීමට බලාසිටින අයුරු විස්තර කළා. ඉන්පසු ඔහු කිඹුලන්ව සාතන්ට සමාන කළා. ඔහු නොදැනුවත් යෞවනයන්ට පාපයේ මාරාන්තික ස්වභාවය සඟවා ගොදුරු කරගන්නවා.

වැඩිහිටි පැකර් එම කතාව දෙන විට මට වයස අවුරුදු 23 ක් වූ අතර සුසාන් සහ මම අපේ පළමු දරුවාගේ උපත දින කිහිපයකින් අපේක්ෂා කරමින් සිටියා. පාපයෙන් වැළකී සිටීම පිළිබඳ ඔහුගේ පණිවිඩයේ අන්තර්ගතය සහ වැදගත් අධ්‍යාත්මික පාඩමක් ඉගැන්වීම සඳහා සතුන්ගේ සාමාන්‍ය හැසිරීම ඔහු භාවිතා කළ ආකාරය පිළිබඳව අප පුදුමයට පත්වුණා.

සුසාන් සහ මම ද බොහෝ පැවරුම් සඳහා අප්‍රිකාවට ගොස් තිබෙනවා. ඒ මහාද්වීපයේ වෙසෙන අපූරු සතුන් දැකීමට අපට අවස්ථා ලැබී තිබෙනවා. අපගේ ජීවිත තුළ වැඩිහිටි පැකර්ගේ කතාවේ බලපෑම සිහිපත් කරමින්, අප්‍රිකානු වන ජීවීන්ගේ හැසිරීම් වලින් පාඩම් නිරීක්ෂණය කිරීමට සහ ඉගෙනගැනීමට අපි උත්සාහ කර තිබෙනවා.

සුසාන් සහ මම නැරඹූ තම ගොදුර දඩයම් කරන චීටාවන් දෙදෙනෙකුගේ ආකාරය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියේ දෛනික ජීවිතයට අප නිරීක්ෂණය කළ කරුණු කිහිපයක් විස්තර කරන්නට මම කැමතියි

චීටාවන් සහ ටෝපි සතුන්

චීටා යනු පෘථිවියේ වේගවත්ම ගොඩබිම සතුන් වන අතර පැයට සැතපුම් 75 (පැයට කි.මී. 120) දක්වා වේගයෙන් දිව යනවා. මෙම සුන්දර සතුන්ට තත්පර තුනකට අඩු කාලයකදී පැයට සැතපුම් 68 (පැයට කි.මී. 109) තරම් වේගයෙන් ධාවනය පටන් ගන්නට පුළුවන්. චීටා යනු විලෝපිකයන් වන අතර ඔවුන් ගොදුරට රිංගා ලුහුබැඳ ගොස් පහරදීමට කෙටි දුරක් ගමන් කරනවා.

රූපය
වැඩිහිටි බෙඩ්නර් සහ එම සහෝදරිය විසින් නැරඹූ චීටාවන්

අප්‍රිකාවේ වඩාත් සුලභ හා පුළුල්ව පැතිර ඇති ඇන්ටිලොප්ස් වන ටෝපිස් සමූහයක් පසුපස හඹා යන චීටා දෙදෙනෙක් දෙස බලමින් සුසාන් සහ මම පැය දෙකකට ආසන්න කාලයක් ගත කළා. අප්‍රිකානු සැවානාහි උස වියළි තණකොළ රන්වන් දුඹුරු පැහැයෙන් යුක්ත වූ අතර විලෝපිකයන් ටෝපිස් කණ්ඩායමක් පසුපස හඹා යද්දී මුළුමනින්ම පාහේ විලෝපිකයන්ව වැසී ගියා. චීටන් යාර 100 ක් (මීටර 90 ක්) පමණ එකිනෙකාගෙන් ඈත සිටි නමුත් එකට වැඩ කළා.

එක් චීටෙක් තණකොළ මත හිඳගෙන නොසෙල්වී සිටි අතර, අනෙක් චීටා බිම අඩු වකුටුවී හා සෙමෙන් සැකයක් නොමැතිව ඔහේ සිටි ටෝපිස් සතුන්ට සමීප වුණා. එවිට කෙළින් වාඩිවී සිටි චීටා අනෙක් චීටා කෙළින් වාඩි වූ මොහොතේම තණකොළ තුළ අතුරුදහන් වුණා. පහත් වී ඉදිරියට ගමන් කරන එක් චීටාවෙකුගේ මෙම ප්‍රත්‍යාවර්ත රටාව පැවති අතර අනෙක් චීටා තණකොළ මත කෙළින් වාඩි වී දිගු කාලයක් සිටියා. උපාය මාර්ගයේ රහසිගත සියුම් භාවය අරමුණු කරගෙන ඇත්තේ ටෝපි සතුන්ගේ අවධානය වෙනතකට යොමුකර රවටා එමඟින් ඔවුන්ගේ අවධානය ළඟා වන අනතුරෙන් ඉවතට හරවා යැවීමයි. ඉවසිලිවන්තව හා ස්ථාවරව, චීටාවන් දෙදෙනා ඔවුන්ගේ ඊළඟ ආහාරය සුරක්ෂිත කරගැනීම සඳහා කණ්ඩායමක් ලෙස වැඩ කළා.

ටෝපි සතුන් විශාල කණ්ඩායම හා ළඟා වන චීටාවන් අතර සිටගෙන පැරණි හා ශක්තිමත් ටෝපි සතුන් කිහිපයක් ටර්මයිට් පස් කන්දක් මත සෙන්ඩිනල් ලෙස සිටගෙන සිටියා. කුඩා කඳු සහිත තෘණ බිමේ සිට මෙම ආරක්ෂක ටෝපි සතුන්ට අනතුරු ඇඟවීමේ සලකුණු නැරඹීමට හැකිවුණා.

හදිසියේම, චීටාවන් ඉතාමත් ලඟින්ම පෙනෙද්දී, මුළු ටෝපිස් කණ්ඩායමම හැරී පලා ගියා. සෙන්ඩිනල් ටෝපි සතුන් විශාල කණ්ඩායම සමඟ සන්නිවේදනය කරන්නේ කොහොමදැයි මම දන්නේ නෑ, නමුත් කෙසේ හෝ අනතුරු ඇඟවීමක් ලබාදුන් අතර, සියලු ටෝපි සතුන් ආරක්ෂිත ස්ථානයකට මාරුවුණා.

ඊළඟට චීටාවන් කළේ කුමක්ද? කිසිදු ප්‍රමාදයකින් තොරව, චීටාවන් දෙදෙනා ඔවුන්ගේ විකල්ප රටාව නැවත ආරම්භ කළේ එක් චීටාවෙක් පහත්වී ඉදිරියට ඇදෙන අතර අනෙක් චීටා තණකොළ මත කෙළින් වාඩි වී සිටියා. ලුහුබැඳීමේ රටාව දිගටම පැවතුණා. ඔවුන් නතර වූයේ නෑ. ඔවුන් ගිමන් හැරියේවත් විවේකයක් ගත්තේවත් නෑ. අවධානය වෙනතකට යොමුකිරීමේ හා හරවා යැවීමේ ඔවුන්ගේ උපාය අනුගමනය කිරීමේදී ඔවුන් නිර්දය වුණා. සුසාන් සහ මම බලා සිටියේ චීටා දුරින් අතුරුදහන් වන අතර සෑම විටම ටෝපි සතුන් කණ්ඩායමට වඩා සමීපව හා සමීපව ගමන් කරන බවයි.

එදින රාත්‍රියේ සුසාන් සහ මම අප නිරීක්‍ෂණය කළ හා ඉගෙනගත් දේ පිළිබඳව අමතක නොවන සංවාදයක් පැවැත්වූවා. අපි මෙම අත්දැකීම අපගේ දරුවන් හා මුණුබුරන් සමඟ සාකච්ඡා කළ අතර වටිනා පාඩම් රාශියක් හඳුනාගත්තා. මම දැන් එම පාඩම් තුනක් විස්තර කරන්නම්.

පාඩම #1 - නපුරාගේ වෙස්වළාගැනීම් වලින් පරිස්සම් වන්න

මට නම්, චීටා යනු සිනිඳු, සිත් ඇදගන්නාසුළු හා ආකර්ශනීය ජීවීන්. චීටාගේ කහ-පැහැයේ සිට අළු-සුදු පැහැති කබාය කළු පැල්ලම් සහිත ලස්සන වෙස්වළා ගැනීමක් ලෙස ක්‍රියා කරන අතර අප්‍රිකානු තෘණ බිම්වල තම ගොදුරට ගොදුරු වන විට ක්ෂණයකින් නොපෙනී යනවා.

රූපය
චීටා භූ දර්ශනයේ වෙස්වළාගෙන සිටී

ඒ හා සමානව, අධ්‍යාත්මික වශයෙන් භයානක අදහස් සහ ක්‍රියාවන් නිතරම ආකර්ශනීය, ප්‍රියජනක හෝ ප්‍රසන්න වෙන්නට පුළුවන්. මේ අනුව, අපගේ සමකාලීන ලෝකයේ, හොඳ යැයි මවා පාමින් අයහපත් වංචා කිරීම් ගැන අප සෑම කෙනෙකුම පරෙස්සම් විය යුතුයි. යෙසායා අනතුරු ඇඟවූ ලෙස, “නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ, මිහිර වෙනුවට තිත්තත් තිත්ත වෙනුවට මිහිරත් තබන්නාවූ අයට දුක් වේ!”1

පරස්පර විරෝධී කාල පරිච්ඡේදයක් තුළ මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවය උල්ලංඝනය කිරීම අයිතියක් ලෙසත් අවුල්සහගත භාවය නිදහස ලෙසත් විස්තර කර ඇති අතර, නැවත පිහිටවූ මෙම පසුකාලයේ සුභාරංචි ආලෝකය අපේ ජීවිත තුළ ආලෝකයෙන් බැබලෙමින් සතුරාගේ අඳුරු රැවටීම් සහ අවධානය වෙනතකට යොමුකරන නිසා අප කොතරම් භාග්‍යවන්තද.

“මක්නිසාද නුවණ ඇති අය සත්‍යය පිළිගෙන ශුද්ධාත්මයාණන්වහන්සේව ඔවුන්ගේ මගපෙන්වීම සඳහා ගෙන රැවටී නැත - නියත වශයෙන්ම මම ඔබට කියමි, ඔවුන් කපා කොටා ගින්නෙහි හෙළනු නොලැබේ, නමුත් දවසේ පවතිනු ඇත.”2

පාඩම #2 - අවදියෙන් සහ කල්පනාවෙන් සිටින්න

ටෝපි සතෙක් සඳහා, නොසැලකිලිමත්කම හෝ කන් නොදෙන කෙටි මොහොතකට චීටා වෙතින් වේගවත් ප්‍රහාරයක් ආරාධනා කළ හැකියි. ඒ හා සමානව, අධ්‍යාත්මික උදාසීනත්වය සහ සාමාන්‍යභාවය අපව සතුරාගේ දියුණුවට ගොදුරු කරනවා. අධ්‍යාත්මික නොසැලකිලිමත්කම අපගේ ජීවිතවලට විශාල අනතුරක් සඳහා ආරාධනා කරනවා.

රූපය
විමසිලිමත් ටෝපීන්

iStock.com/Angelika

අවසාන කාලයේදී සාතන් දෙවියන්වහන්සේගේ දරුවන්ව සන්සුන් කර ලෞකික ආරක්ෂාව පිළිබඳ ව්‍යාජ හැඟීමකට ඇද දැමීමට උත්සාහ කරන ආකාරය නෙපි විස්තර කළා, “ඔවුන් මෙසේ කියමින්; සයොනයේ සියල්ල යහපත්ය, එසේය සයොනය සමෘධිමත් වන්නේය, සියලු දේ යහපත්ය - තවද මෙසේ යක්ෂයා ඔවුන්ගේ ප්‍රාණයන්ට වංචා කරන්නේය, තවද ඔවුන්ව සැළකිල්ලෙන් පහතට නිරය වෙතට ගෙනයන්නේය.”3

උදාසීනත්වයට හා අනියම්භාවයට එරෙහිව කටයුතු කිරීම සඳහා නිරන්තර විමසිල්ලෙන් සිටීම අවශ්‍යයි. සුපරීක්ෂාකාරී වීම යනු සිදුවිය හැකි අන්තරායන් හෝ දුෂ්කරතා පිළිබඳව ප්‍රවේශමෙන් විමසිල්ලෙන් සිටීමයි. සෝදිසියෙන් සිටීම යනු මුරකිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අවදියෙන් සිටීමයි. අධ්‍යාත්මිකව කථා කරන විට, අප අවදියෙන් සිටිය යුතු අතර ශුද්ධාත්මයාණන්ගේ ඉල්ලීම් සහ කුලුනු මත ස්වාමින්වහන්සේගේ මුරකරුවන්ගෙන් ලැබෙන සංඥා ගැන විමසිලිමත් විය යුතුයි.4

“එසේය, මම නුඹලාට අවවාද කරන්නෙමි … එනම් නුඹලා යාච්ඤාව වෙතට නිතර සැලකිල්ලෙන් සිටින්න, එනම් නුඹලා යක්ෂයාගේ පරීක්ෂා වලින් ඉවතට මගපෙන්වීම නොලබනු පිණිසය, … මක්නිසාද බලන්න, ඔහු යහපත් ප්‍රතිඵල නුඹට නොදෙන්නේය5

ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ සුභාරංචිය කෙරෙහි අපගේ ජීවිත වල අවධානය යොමුකිරීමෙන් ස්වාභාවික මිනිසා ආත්මිකව මඳක් හා කම්මැලි වීමට ඇති නැඹුරුව මඟහරවා ගත හැකියි. අපට දැකීමට ඇස් සහ ඇහුම්කන් දීමට කන් වලින් ආශිර්වාද කර ඇති හෙයින්,6 අප බැලීමට හෝ ඇහුම්කන් දිය යුතු යැයි සාමාන්‍යයෙන් නොසිතන විට හෝ කිසිවක් නොපෙනෙන හෝ ඇසෙන බව අප නොසිතන විට ශුද්ධාත්මයාණන්ට අපගේ ඇසීමේ හැකියාව වැඩි කළ හැකියි.

“එබැවින් ඔබ සූදානම් වන පිණිස බලා සිටින්න.”7

පාඩම #3 - සතුරාගේ අභිප්‍රාය තේරුම්ගන්න

චීටා යනු ස්වාභාවිකවම වෙනත් සතුන් ගොදුරු ලෙස ගන්නා විලෝපිකයෙකි. මුළු දවසම, සෑම දිනකම, චීටා යනු විලෝපිකයෙකි.

රූපය
චීටාවන් දඩයම් කරමින්

සාතන් යනු “ධර්මිෂ්ටකම හා දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට උත්සාහ කරන්නන්ගේ සතුරාය.”8 දවස පුරාම, සෑම දිනකම, ඔහුගේ එකම අභිප්‍රාය හා එකම අරමුණ දෙවියන්වහන්සේගේ පුතුන් හා දූවරුන් තමාට සමාන කාලකණ්ණි බවට පත් කිරීමයි.9

පියාණන්ගේ ප්‍රීතිය පිළිබඳ සැලැස්ම සැලසුම් කර ඇත්තේ උන්වහන්සේගේ දරුවන්ට මගපෙන්වීම සැපයීම, සදාකාලික ප්‍රීතිය අත්විඳීමට ඔවුන්ට උපකාර කිරීම සහ නැවත නැඟිටුවනු ලැබූ, උසස් ශරීර සහිතව ඔවුන්ව ආරක්ෂිතව උන්වහන්සේ වෙතට ගෙන ඒම සඳහායි. යක්ෂයා දෙවියන්වහන්සේගේ පුතුන් හා දූවරුන් ව්‍යාකූලත්වයට හා අසතුටට පත් කිරීමටත් ඔවුන්ගේ සදාකාලික දියුණුවට බාධා කිරීමටත් වෙහෙසෙයි. පියාණන්ට වඩාත්ම වෛර කරන නපුරා පියාණන්ගේ සැලැස්මේ අංගයන්ට පහර දීමට නිර්දය ලෙස ක්‍රියා කරනවා.

සාතන්ට ශරීරයක් නොමැති අතර ඔහුගේ සදාකාලික දියුණුව නතර වී ඇත. ගං ඉවුරක ගලා යන ජලය වේල්ලකින් නතර වනවා සේම, සතුරාගේ භෞතික ශරීරයක් නොමැති නිසා සතුරාගේ සදාකාලික ප්‍රගතිය වළක්වනු ලැබ තිබෙනවා. ඔහුගේ කැරැල්ල නිසා ලුසිෆර් මස් හා ඇටකටු මණ්ඩපයක් හරහා ලබා ගත හැකි සියලු ලෞකික ආශිර්වාද හා අත්දැකීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ශාපලත් යන වචනයේ ප්‍රබල ශුද්ධලියවිලිමය අර්ථයන්ගෙන් එකක් පෙන්නුම් කරන්නේ ඔහුට ඉදිරියට යාමට හා අපගේ ස්වර්ගික පියාණන් මෙන් වීමට නොහැකි වීමයි.

භෞතික ශරීරයක් පියාණන්ගේ සතුට පිළිබඳ සැලැස්මට සහ අපගේ අධ්‍යාත්මික දියුණුවට කේන්ද්‍රීය වී ඇති නිසා, සාතන් උත්සාහ කරන්නේ අපගේ ශරීර අනිසි ලෙස භාවිතා කිරීමට අපව පොළඹවා ගැනීමෙන් අපගේ දියුණුව බිඳ දැමීමටයි. සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා ඇත්තේ අධ්‍යාත්මික ආරක්ෂාව අවසානයේ පවතින්නේ “ඔබ නොයා යුතු තැනට ගොස් ඔබ නොකළ යුතු දේ කිරීම සඳහා කිසි විටෙකත් පළමු පියවර නොගත යුතු බවයි.”… මිනිසුන් වශයෙන් අප සැමට අපගේ පැවැත්මට අවශ්‍ය [ශාරීරික] රුචි තිබෙනවා. ‘මෙම රුචිය ජීවිතයේ සදාකාලික පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඉතින්, සතුරා කරන්නේ කුමක්ද? … ඔහු අපේ රුචිය තුළින් අපට පහර දෙනවා. අප අනුභව නොකළ යුතු දේ අනුභව කිරීමටත්, අප පානය නොකළ යුතු දේ පානය කිරීමටත්, අප ආදරය නොකළ යුතු ආකාරයට ආදරය කිරීමටත් ඔහු අපව පොළඹවනවා!’”10

සදාකාලිකත්වයේ අවසාන උත්ප්‍රාසය නම්, ඔහුට භෞතික ශරීරයක් නොමැති නිසා හරියටම කාලකණ්ණි වන සතුරා, අපගේ ශරීර අනිසි ලෙස භාවිතා කිරීම තුළින් ඔහුගේ දුක්ඛිත තත්වයට හවුල් වීමට අපට ආරාධනා කර පොළඹවා ගැනීමයි. ශාරීරික හා අධ්‍යාත්මික විනාශයට අපව පොළඹවා ගැනීමට ඔහු දරන උත්සාහයේ මූලික ඉලක්කය වන්නේ ඔහු සතුව නැති හා භාවිතා කළ නොහැකි මෙවලමයි.

සිදුවිය හැකි ප්‍රහාර සඳහා ඵලදායී ලෙස සූදානම් වීමට සතුරාගේ අභිප්‍රාය අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය වෙනවා.11 කපිතාන් මොරෝනි ලාමන්වරුන්ගේ අභිප්‍රාය දැනසිටි හෙයින්, ඔවුන් පැමිණෙන අවස්ථාවේ ඔවුන් හමුවීමට ඔහු සූදානම් වූ අතර ජයග්‍රහණය ලැබුවා.12 එම මූලධර්මය හා පොරොන්දුව අප සෑම කෙනෙකුටම අදාළ වෙනවා.

“ඔබ සූදානම් නම් ඔබ බිය වියයුතු නැත.

“එනම් නුඹ සතුරාගේ බලයෙන් බේරෙනු පිණිසය.”13

ආරාධනය පොරොන්දුව සහ සාක්ශිය

චීටා සහ ටෝපි සතුන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් වැදගත් පාඩම් ඉගෙනගත හැකි සේම, අප සෑම කෙනෙකුම එදිනෙදා ජීවිතයේ සරල සිදුවීම්වල ඇති පාඩම් සහ අනතුරු ඇඟවීම් සොයාබැලිය යුතුයි. ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ස්වර්ගීය මගපෙන්වීම සඳහා විවෘත මනසක් සහ හදවතක් අප සොයන විට, අපට ලැබිය හැකි ශ්‍රේෂ්ටතම උපදෙස් කිහිපයක් සහ අපව ආරක්ෂා කළ හැකි බලවත්ම අනතුරු ඇඟවීම් බොහෝමයක් අපගේ සාමාන්‍ය අත්දැකීම් වලින් ආරම්භ වෙනවා. බලවත් උපමා ශුද්ධලියවිල්ලෙහි මෙන්ම අපගේ දෛනික ජීවිතයේද අඩංගු වෙනවා.

සුසාන් සහ මම අප්‍රිකාවේ කළ ත්‍රාසජනක ක්‍රියාකාරකම් තුළින් හඳුනාගත හැකි පාඩම් තුනක් පමණක් මම ඉස්මතු කර තිබෙනවා. චීටා සහ ටෝපි සතුන් ගැන මෙම කථාංගය ගැන මෙනෙහි කිරීමට සහ ඔබට සහ ඔබේ පවුලේ අයට අමතර පාඩම් හඳුනා ගැනීමට මම ඔබට ආරාධනා කරනවා. ඔබගේ නිවස සුභාරංචි ඉගෙනීමේ හා ජීවත්වීමේ සැබෑ මධ්‍යස්ථානය බව කරුණාකර සැමවිටම මතක තබාගන්න.

මෙම ආරාධනයට ඔබ ඇදහිල්ලෙන් ප්‍රතිචාර දක්වන විට, දේවානුභාවයෙන් යුත් සිතුවිලි ඔබේ මතකයට එනු ඇත, අධ්‍යාත්මික හැඟීම් ඔබේ හදවතේ මහත් වනු ඇත, තවද කළ යුතු හෝ නොකඩවා කළ යුතු ක්‍රියා ඔබ හඳුනාගනු ඇත, එවිට ඔබට “දෙවියන්වහන්සේගේ මුළු යුද්ධායුධ කට්ටලයම ඔබ අතට ගන්න, එවිට ඔබට නපුරු දවසට ඔරොත්තු දීමේ හැකියාව ලැබෙනු ඇත.14

ඔබ සුපරීක්ෂාකාරීව හා නොකඩවා යාච්ඤාව දෙස බලාසිටින විට ඵලදායී සූදානමක හා අධ්‍යාත්මික රැකවරණය ඔබේ ජීවිතයට ගලා එනු ඇතැයි මම පොරොන්දු වෙනවා.

ගිවිසුම් මාවතේ ඉදිරියට යාම ආත්මික ආරක්ෂාව සපයන අතර අපගේ ජීවිත වලට සදාකාලික ප්‍රීතියට ආරාධනා කරන බව මම සාක්ෂි දෙනවා. නැවත නැගිටි හා ජීවමාන ගැළවුම්කාරයාණන් යහපත් හා අයහපත් කාල වලදී අපව පෝෂණය කර ශක්තිමත් කරන බව මම දන්නවා. මෙම සත්‍යයන් ගැන මම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ නාමයෙන් සාක්ෂි දරමි, ආමෙන්.