ප්‍රධාන සම්මන්ත්‍රණය
උන්වහන්සේ මෙන් වීම
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


උන්වහන්සේ මෙන් වීම

උන්වහන්සේ හා සමාන වීමේදී අපි සැමට ඉදිරියට යා හැක්කේ ගැලවුම්කරුවාණන්ගේ දිව්‍ය උපකාරයෙන් පමණයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය හා දේවසේවය පිළිබඳව පරෙස්සමින් ඉගෙනගන්නා සිසුවෙකුට පවා, “මා මෙන්” 1 වීමට වූ ගැලවුම්කරුවාණන්ගේ අවවාදය බිය උපදවන සුළු මෙන්ම අත්කරගත නොහැකි බවක් පෙනෙන්නට පුලුවන්. සමහරවිට ඔබත් මා මෙන් වෙන්න ඇති—ඔබගේ වැරදි සහ දෝශ සියල්ල ගැනම හොඳින් දන්නා නිසා, ඉහළට නැගුමක් නොමැති සුළු වර්ධනයකින් යුත් මාවතක ගමන් කිරීම ඔබට මානසිකව වඩාත් සුවපහසු විය හැකියි. අවම වශයෙන් බලපෑමක් ඇති ගමන් මාර්ගය අපි පහසුවෙන් තෝරාගෙන, “නිසැකවම, මෙම ඉගැන්වීම යථාර්ථවාදී නොවන අතර අතිශයෝක්තියෙන් යුක්තය” ලෙස අපි සාධාරණීකරණය කරනවා, එවිට අවශ්‍ය වෙනස සඳහා අපි දහනය කරන්නේ අඩු කැලරි ප්‍රමාණයක්.

නමුත් අපගේ ලෞකික තත්වය තුළ “[උන්වහන්සේ] මෙන් වීම” සංකේතාත්මක නොවේ නම්? එය යම්තාක් දුරකට, මේ ජීවිතයේ අත්කරගත හැකි දෙයක්නම් සහ, ඇත්තවශයෙන්ම, උන්වහන්සේ සමඟ නැවත සිටීම අත්‍යවශ්‍ය කරුණක් නම්? “මා මෙන්” යනුවෙන් ගැලවුම්කරුවාණන් අදහස් කරන්නේ හරියටම එම අරුතම නම්? එසේ නම් කුමක්ද? අපිට අපගේ ස්වභාවය වෙනස් කිරීම සඳහා උන්වහන්සේගේ ආශ්චර්යමත් බලය අපගේ ජීවිතයට ආරාධනා කිරීම සඳහා කුමන මට්ටමේ උත්සාහයක් දීමට අපි කැමතිද?

වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ ඉගැන්වූවා: “යේසුස්වහන්සේ විසින් උන්වහන්සේ හා සමාන වන ලෙස අපිට අණ කර ඇති ආකාරය ගැන මෙනෙහි කරද්දී, අපගේ වර්තමාන තත්වය අපි අනිවාර්යයෙන්ම දුෂ්ටයන් නොවන බවත්, ඒ වෙනුවට, අපි එතරම් හෘදයාංගම නොවන බවත් උන්වහන්සේගේ කාරණා කෙරෙහි වැඩි උනන්දුවක් නොදක්වන බවත් අපිට දකින්නට පුලුවන්—ඒ තමයි අපගේ හේතුව! අපි උන්වහන්සේව ප්‍රශංසා කළත් උන්වහන්සේව අනුකරණය කරන්නේ කලාතුරකින්.” 2 තරුණ දේවගැතිවරයෙකු වන, චාල්ස් එම්. ෂෙල්ඩන්, මේ හා සමාන හැඟීම් ප්‍රකාශ කළේ මෙසේයි: “අපගේ ක්‍රිස්තියානිකම කුරුසියක් තරම් රළු හා බර දෙයක් ගැනීමට වඩා එහි පහසුව සහ සැනසීමට ප්‍රිය කරයි.” 3

ඇත්තවශයෙන්ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පියාණන් සේ වූවාක් මෙන්, සියල්ලන්ටම උන්වහන්සේ හා සමාන වීමට නියම කර තිබෙනවා. 4 අපි දියුණු වන විට, අපි වඩාත් සම්පූර්ණ, නිමවූ සහ පූර්ණ ලෙස වර්ධනය වෙනවා. 5 එවැනි ඉගැන්වීම් පදනම් වී ඇත්තේ එක් නිකායක මූලධර්ම මත නොව සෘජුවම ස්වාමින්වහන්සේ විසින්මයි. ජීවිත ජීවත් විය යුත්තේ, සන්නිවේදනය කළ යුත්තේ, සහ සබඳතා ගොඩනැගිය යුත්තේ මෙම දෘෂ්ඨි කෝණයෙනුයි. ඇත්තවශයෙන්ම, බිඳුණු සබඳතා වල හෝ බිඳුණු සමාජයක තුවාල සුවකිරීමට, අපි සෑම කෙනෙකුටම සාමයේ කුමාරයා වඩාත් හොඳින් අනුකරණය කිරීමට වඩා වෙනත් ක්‍රමයක් නෑ. 6

යේසුස් ක්‍රිස්තුවහන්සේගේ ගුණාංග ලබාගැනීමෙන් උන්වහන්සේ මෙන් වීමට, කල්පනාකාරීව, පරීක්ෂාකාරීව සහ අභිප්‍රායකින් යුත් ලුහුබැඳීමක් ආරම්භ කරන්නේ කෙසේද කියා අපි සලකා බලමු.

අධිෂ්ඨාන කර කැපවන්න

මීට වසර කිහිපයකට පෙර, මමත් මගේ බිරිඳත් ජපානයේ උසම කන්ද වන ෆූජි කන්ද පාමුල සිටගෙන සිටියා. අපි නැගීම ආරම්භ කරන විට කඳු මුදුන දෙස බලා අපිට එහි යා හැකිදැයි අපි කල්පනා කළා.

රූපය
ෆූජි කන්ද

අපි ඉදිරියට යත්ම, තෙහෙට්ටුව, මාංශපේෂී වල වේදනාව, මුදුනටම යාමේදී ඇතිවන බලපෑම් දැනෙන්නට පටන්ගත්තා. මානසිකව, අපිට ඊළඟ පියවර කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම වැදගත් වුණා. “මට ඉක්මනින්ම ඉහළට යා නොහැකි වන්නට පුළුවන් නමුත් මට මේ දැන්ම ඊළඟ පියවර තැබිය හැකියි” යනුවෙන් අපි පැවසුවා. කාලයාගේ ඇවෑමෙන්, එම දුෂ්කර කර්තව්‍යය, අවසානයේදී පියවරෙන් පියවර ළඟාකරගත හැකි වුණා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට ඇති මෙම මාවතේ පළමු පියවර වන්නේ එසේ කිරීමට ඇති කැමැත්තයි. උන්වහන්සේ හා සමාන විය යුතු බවට අවවාදය තේරුම්ගැනීම යහපත්, නමුත් එම අවබෝධය ස්වාභාවික මිනිසාගෙන් ඔබ්බට වරකට එක් පියවරක් ලෙස අපිව පරිවර්තනය කිරීමට ඇති ආශාව සමඟ සම්බන්ධ විය යුතුයි. 7 කැමැත්ත වර්ධනය කරගැනීමට නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කවුදැයි අපි දැනගත යුතුයි. උන්වහන්සේගේ චරිතයෙන් යමක් අපි දැනසිටිය යුතු අතර, 8 ශුද්ධලියවිලි වල, නමස්කාර මෙහෙයන් සහ වෙනත් ශුද්ධ ස්ථාන වල උන්වහන්සේගේ ගුණාංග ගැන සොයා බැලිය යුතුයි. අපි උන්වහන්සේ පිළිබඳ වැඩි වැඩියෙන් දැනගැනීමට පටන්ගන්නා විට, උන්වහන්සේගේ ගුණාංග අන් අය තුළ පිළිබිඹු වන බව අපිට පෙනෙනවා. මෙය අපගේ අභිමතය පරිදි අපිව ධෛර්යමත් කරනවා, මන්ද අන් අයට යම් ප්‍රමාණයකින් උන්වහන්සේගේ ගුණාංග ලබාගත හැකි නම් අපිටද එසේ කළ හැකියි.

අපි අපි ගැන අවංක නම්, ගැලවුම්කරුවාණන්ගේ අපේක්ෂිත චරිතය 10 හා සැසඳීමේදී අපි සිටින ස්ථානය අතර දුරක් ඇති බව අපි තුළ ඇති ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය 9 කොඳුරයි. උන්වහන්සේ හා සමාන වීමේදී ඉදිරියට යාමට නම් අපි තුළ එවැනි අවංකකම අත්‍යවශ්‍ය වෙනවා. ඇත්තවශයෙන්ම, අවංකකම උන්වහන්සේගේ එක් ලක්ෂණයක්.

රූපය
විනෝදජනක කැඩපත් විකෘති කිරීම

දැන්, අපි අතරින් නිර්භීත අය විශ්වාසවන්ත පවුලේ සාමාජිකයෙකු, කලත්‍රයෙකු, මිතුරෙකු හෝ අධ්‍යාත්මික නායකයෙකුගෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග තුළින් අපිට අවශ්‍ය ගුණාංගය කුමක්ද කියා විමසීමට සලකා බලා—ලැබෙන ප්‍රතිචාරයට සූදානමින් සිටිය හැකියි! සමහරවිට අපි විකෘති විනෝදජනක කැඩපත් තුලින් අපිව දකින විට එය අපි සැබවින්ම සිටින ආකාරයට වඩා අපිව වඩා වටකුරු හෝ වඩා කෙට්ටු බව පෙන්වනවා.

විශ්වාසදායක මිතුරන් හා පවුලේ අය අපිව වඩාත් නිවැරදිව දැකීමට අපිට උදව් කළ හැකි නමුත්, ඔවුන් පවා, වඩාත් ආදරණීය සහ උපකාරී වීමේදී, දේවල් අසම්පූර්ණ ලෙස දැකිය හැකියි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්ගෙන් අපව අවශ්‍ය වන්නේ කුමක් සඳහාද සහ අපගේ උත්සාහයන් අවධානය යොමුකළ යුත්තේ කුමක් කෙරෙහිද යන්න විමසීම අත්‍යවශ්‍ය වෙනවා. උන්වහන්සේට අපි ගැන පරිපූර්ණ දැක්මක් ඇති අතර අපගේ දුර්වලකම ආදරයෙන් අපිට පෙන්වා දෙනවා. 11 ස්වල්පයක් නම් කරනවානම්, ඔබට වඩා ඉවසීම, නිහතමානිකම, ප්‍රේමය, ආදරය, බලාපොරොත්තුව, කඩිසරකම හෝ කීකරුකම අවශ්‍ය බව සමහරවිට ඔබ ඉගෙනගනියි. 12

මෑත කාලයකදී, සභාවේ ආදරණීය නායකයෙකු විසින් මා තුල යම් ගුණංගයක් වර්ධනය කල යුතු බවට ඉතා සෘජු යෝජනාවක් කළ විට, ආත්මිකව වර්ධනය වීමේ අත්දැකීමක් මට ලබුණා. ඔහු ඕනෑම වරදක් ආදරයෙන් කපා දැම්මා. එදින රාත්‍රියේ මම මේ අත්දැකීම මගේ බිරිඳ සමඟ බෙදාගත්තා. ඔහුගේ යෝජනාවට ඇයද එකඟ වූවත්, ඇය දයානුකම්පිත ප්‍රේමයකින් කටයුතු කළා. ඔවුන්ගේ අවවාද ප්‍රේමණීය ස්වර්ගික පියෙකුගෙන් බව ශුද්ධාත්මයාණන් මට තහවුරු කළා.

මගේ ශුභාරංචිය දේශනා කරන්න හි 6 වන පරිච්ඡේදයේ ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග පිළිබඳ ක්‍රියාකාරකම් අවංකව සම්පූර්ණ කිරීමද ප්‍රයෝජනවත් විය හැකියි. 13

ඔබ අවංක තක්සේරුවක් කර කන්ද තරණය කිරීම ආරම්භ කිරීමට අධිෂ්ඨාන කළ පසු, ඔබ පසුතැවිලි විය යුතුයි. සභාපති රසල් එම්. නෙල්සන් ආදරයෙන් මෙසේ ඉගැන්වූවා: “අපි පසුතැවිලි වීමට තෝරාගත් විට, අපි වෙනස් වීමට තෝරාගනිමු! අපගේ හොඳම පිටපත වීමට අපිව වෙනස් කරන්නට අපි ගැලවුම්කරුවාණන්ට ඉඩදෙනවා. ආත්මිකව වර්ධනය වීමට සහ—උන්වහන්සේගේ මිදීම තුල වූ ප්‍රීතිය ලබාගැනීමට අපි තෝරාගන්නවා. පසුතැවීමට අපි තෝරාගත් විට, අපි තව තවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට තෝරාගන්නවා.” 14

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට නම් අපගේ හදවත් හා මනස වෙනස් කිරීම අවශ්‍යයි, ඇත්තවශයෙන්ම අපගේ චරිතයම වෙනස් කළ යුතුයි, එසේ කළ හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ කරුණාවෙන් පමණයි. 15

හඳුනාගෙන ක්‍රියා කරන්න

දැන් ඔබ වෙනස් වීමට හා පසුතැවිලි වීමට යාච්ඥා කිරීමෙන් මගපෙන්වීම් ලබා අධිෂ්ඨාන කළ පසු, අවංකව මෙනෙහි කිරීමෙන් සහ සමහරවිට අන් අය සමඟ උපදේශනය කිරීමෙන්, තියුණු ලෙස ඔබගේ අවධානයට යොමුවන ගුණාංගයක් තෝරාගැනීමට අවශ්‍ය වෙයි. අර්ථවත් වෑයමක් දැරීමට ඔබ කැපවිය යුතුයි. මෙම ගුණාංග ලෙහෙසියෙන් සහ ඉක්මනින් පැමිණෙන්නේ නෑ, නමුත් වෑයම් දරන අතරතුර උන්වහන්සේගේ කරුණාව තුළින් ඒවා වඩ වඩාත් වර්ධනය වෙනවා.

ක්‍රිස්තුස්වහන්සේ මෙන් ගුණාංග අපිට හා අපි අවට සිටින අයට ආශිර්වාද කිරීම සඳහා ප්‍රේමණීය ස්වර්ගික පියෙකුගෙන් ලද ත්‍යාගයන්. ඒ අනුව, මෙම ගුණාංග ලබාගැනීමට අපි දරන උත්සාහයට උන්වහන්සේගේ දිව්‍ය උපකාරය සඳහා හෘදයාංගම ආයාචනා අවශ්‍ය වෙනවා. අන් අයට වඩා හොඳින් සේවය කිරීම සඳහා අපි මෙම දීමනා සොයන්නේ නම්, අපගේ උත්සහයේදී උන්වහන්සේ අපිට ආශිර්වාද කරනවා. ආත්මාර්ථකාමී ලෙස දෙවියන්වහන්සේගෙන් තෑග්ගක් ලුහුබැඳීම බලාපොරොත්තු සුන්වීමෙන් හා කලකිරීමෙන් අවසන් වෙයි.

අවශ්‍ය එක් ගුණාංගයක් කෙරෙහි ගැඹුරින් අවධානය යොමුකිරීමෙන්, ඔබ එම ගුණාංගය ලබාගැනීමේදී ප්‍රගතියක් ලබන විට, ඔබට අනෙක් ගුණාංගද ලැබීමට පටන්ගනී. ප්‍රේමය කෙරෙහි ගැඹුරින් අවධානය යොමුකරන කෙනෙකුට ආදරය හා නිහතමානිකම වැඩි කළ හැකිද? කීකරුකම කෙරෙහි අවධානය යොමුකරන කෙනෙකුට උනන්දුව හා බලාපොරොත්තුවක් ලබාගත හැකිද? එක් ගුණාංගයක් ලබාගැනීම සඳහා ඔබ කළ කැපීපෙනෙන උත්සහය වරායේ සියලුම බෝට්ටු ඉහළට ඔසවන වඩදිය බාදිය බවට පත්වෙයි.

සටහන් කර ස්ථීර කරන්න

මම උන්වහන්සේ හා සමාන වීමට උත්සාහ කිරීමේදී, මගේ අත්දැකීම් සහ මම ඉගෙනගන්නා දේ සටහන් කිරීමට මට වැදගත්. උන්වහන්සේගේ එක් ගුණාංගයක් මගේ මනසෙහි ගැඹුරින් තබා අධ්‍යයනය කරන විට, උන්වහන්සේගේ ඉගැන්වීම්, උන්වහන්සේගේ දේවසේවය සහ උන්වහන්සේගේ ගෝලයන් තුළ මෙම ගුණාංගයේ උදාහරණ මම දකින විට ශුද්ධලියවිලි පද අලුත් ඒවා ලෙස මට පෙනෙනවා. මගේ දෑස් ද අන් අය තුළ ඇති මෙම ගුණාංගය හඳුනාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. සභාව තුළ මෙන්ම සභාවේ නොවන උන්වහන්සේව අනුකරණය කරන ගුණාංග ඇති අපූරු පුද්ගලයන් මම නිරීක්ෂණය කර තිබෙනවා. උන්වහන්සේගේ ප්‍රේමණීය කරුණාව තුළින් එම ගුණාංග හුදු මනුෂ්‍යයන් තුළ විදහා දැක්විය හැකි ආකාරය පිළිබඳ ඒවා ප්‍රබල උදාහරණයි.

සැබෑ ප්‍රගතිය දැකීම සඳහා, ඔබ අඛණ්ඩ උත්සාහයක් දැරිය යුතුයි. කන්දකට නැගීමට පෙර සූදානම් වීම මෙන්ම නැගීමේදී විඳදරාගැනීම සහ නොපසුබට උත්සාහය අවශ්‍ය වනවා මෙන්ම, මෙම ගමනටද සැබෑ උත්සාහයක් හා කැපකිරීමක් අවශ්‍ය වෙනවා. අපගේ ස්වාමියාණන් මෙන් වීමට අපි උත්සාහ කරන, සැබෑ ක්‍රිස්තියානිකම සඳහා සෑමවිටම අපගේ උපරිම උත්සාහයන් අවශ්‍ය වෙනවා. 16

දැන් අනතුරු ඇඟවීමේ වචනයක් කෙටියෙන්. උන්වහන්සේ හා සමාන වීමට ඇති ආඥාවෙන් ඔබ වරදකාරී, නුසුදුසු හෝ ආදරය නොකරන කෙනෙකු බවට පත්කිරීම අදහස් කරන්නේ නෑ. අපගේ සමස්ත මනුෂ්‍ය අත්දැකීම වන්නේ ප්‍රගතිය, උත්සාහ කිරීම, අසමත් වීම සහ සාර්ථක වීමයි. මගේ බිරිඳ සහ මම දෑස් වසාගෙන අරුම පුදුම ලෙස කඳු මුදුනට ගමන් කිරීමට කොතරම් ප්‍රාර්ථනා කළත්, ජීවිතය යනු එය නොවේ.

ඔබ ප්‍රමාණවත්, ඔබ ආදරය ලබනවා, නමුත් එයින් ඔබ තවම සම්පූර්ණ බව අදහස් වන්නේ නෑ. මේ ජීවිතයේ හා ඊළඟ ජීවිතයේ කළ යුතු කාර්‍යයන් තිබෙනවා. උන්වහන්සේ හා සමාන වීමේදී අපි සැමට ඉදිරියට යා හැක්කේ උන්වහන්සේගේ දිව්‍ය උපකාරයෙන් පමණයි.

“සියල්ල කලබලකාරී බවින් [පෙනෙන්නට තිබෙන]; සහ … සියලු මිනිසුන් තුළ භීතිය ඇති බව [පෙනෙන]” මෙම කාල වලදී, 17 එකම ඖෂධය, එකම පිළියම, සියලු මනුෂ්‍ය වර්ගයාගේ මිදුම්කරුවාණන් 19 , ලොකයේ ආලෝකය, 20 වන ගැලවුම්කරුවාණන් 18 මෙන් වීමට උත්සාහ කිරීම, සහ “මාර්ගය මමය” 21 කියා ප්‍රකාශ කළ තැනැන්වහන්සේව සෙවීමයි.

රූපය
මිදුම්කරුවාණන්

උන්වහන්සේගේ දිව්‍යමය උපකාරයෙන් හා ශක්තියෙන් උන්වහන්සේ මෙන් වීම පියවරෙන් පියවර ලඟාකරගත හැකි බව මම දන්නවා. එසේ නොවේ නම්, උන්වහන්සේ අපිට මෙම ආඥාව ලබාදෙන්නේ නෑ. 22 ඔබගෙන් බොහෝ දෙනෙකු තුළ උන්වහන්සේගේ ගුණාංග මා දකින බැවින්—මම මෙය දන්නවා. මම එසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. 3 නෙපි 27:27. මෙයට අදාළ ගැලවුම්කරුවාණන්ගේ අවවාද සඳහා, මතෙව් 5:48 බලන්න (“එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලාත් සම්පූර්ණව සිටපල්ලා); 1 යොහාන් 2:6 (“උන්වහන්සේ තුළ පවතිමියි කියන තැනැත්තා විසින් උන්වහන්සේ හසිරුණාක් මෙන් හැසිරිය යුතුයි); මොසායා 3:19 (“තවද ආදම්ගේ වැටීමේ සිට ස්වභාවික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ සතුරෙකි, තවද ස්වභාවික මනුෂ්‍යයා පසෙක දමා සහ ස්වාමි වූ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ශුද්ධවන්තයෙකු බවට පැමිණ, තවද දරුවෙකු මෙන් වී අවනත, නිහතමානී, යටහත්, ඉවසිලිවන්තව, ප්‍රේමයෙන් පූර්ණව දරුවෙකු ඔහුගේ පියාණන්ට කීකරුවන්නාක් මෙන් වුවත් ඔහු වෙතට ස්වාමින්වහන්සේ පැමිණවීමට සුදුසු යැයි සිතන සියළු දේ දරාගෙන ඔහු ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෙළඹවීමට අවනත වුනොත් මිස සදාකාලයෙන් සදාකාලයට සතුරෙකු වනු ඇත”); ඇල්මා 5:14 (“තවද දැන් බලන්න, මම නුඹලාගෙන් අසන්නෙමි, මාගේ සභාවේ සහෝදරයෙනි, නුඹලා ආත්මිකව දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින්නෙහුද? නුඹලාට උන්වහන්සේගේ ස්වරූපය නුඹලාගේ මුහුණේ ලබා ඇත්තහුද?”); 3 නෙපි 12:48 (“එසේහෙයින් මම සම්පූර්ණව සිටින්නාක් මෙන්ම නැතහොත් ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් මෙන් නුඹලාත් පරිපූර්ණව සිටිය යුතු වීම කැමැත්තෙමි”).

  2. Neal A. Maxwell, Even as I Am (1982), 16.

  3. Charles M. Sheldon, In His Steps (1979), 185.

  4. දහම සහ ගිවිසුම් 93:12–17 බලන්න.

  5. බලන්න මතෙව් 5:48, footnote b.

  6. යෙසායා 9:6; 2 නෙපි 19:26 බලන්න.

  7. 1 කොරින්ති 2:14; මොසායා 3:19 බලන්න.

  8. බලන්න මතෙව් 7:23; 25:12; මොසායා 26:24; ශුද්ධලියවිලි සඳහා පාද සටහන් ද බලන්න; David A. Bednar, “If Ye Had Known Me,” Liahona, Nov. 2016, 102–5.

  9. දහම සහ ගිවිසුම් 93:2 බලන්න.

  10. මොරෝනි 7:12–19 බලන්න.

  11. ඊතර් 12:27 බලන්න.

  12. See Preach My Gospel: A Guide to Missionary Service, rev. ed. (2019), chapter 6, “How Do I Develop Christlike Attributes?” ගැලවුම්කරුවාණන්ගේ වෙනත් ගුණාංග පිළිබඳ සටහන් ශුද්ධලියවිලි අතර විසිරී පවතී. මොසායා 3:19; ඇල්මා 7:23; ඇදහිල්ලේ කරුණු 1:13 උදාහරණ කිහිපයක් වේ.

  13. See Preach My Gospel, 132.

  14. රසල් එම්. නෙල්සන්, “අපට හොඳින් කළ හැකිය හොඳ විය හැකිය,” ලියහෝනා, මැයි 2019, 67.

  15. See Bible Dictionary, “Grace”; Guide to the Scriptures, “Grace,” scriptures.ChurchofJesusChrist.org.

  16. බලන්න ශෙල්ඩන්, උන්වහන්සේගේ පියවර තුළ246: “ක්‍රිස්තියානුවෙකු වීම පිළිබඳ අපගේ අර්ථ දැක්වීම හුදෙක් නමස්කාරයේ වරප්‍රසාද භුක්තිවිඳීම නම්, අපිට කිසිදු වියදමක් නොමැතිව ත්‍යාගශීලී වීම නම්, ප්‍රසන්න මිතුරන් හා සුවපහසු දේවලින් වට වූ හොඳ, පහසු කාලයක් තිබීම නම්, ගෞරවනීය ලෙස ජීවත් වීම, සහ ඒ සමඟම දරාගැනීමට නොහැකි තරම් වේදනාවක් වූ බැවින් ලෝකයේ පාපය හා කරදර පිළිබඳ දැඩි ආතතියෙන් වැළකී සිටීම නම්—අපගේ ක්‍රිස්තියානිකමේ අර්ථ දැක්වීම මෙය නම්, නියත වශයෙන්ම නැතිවූ මනුෂ්‍යත්වයක් උදෙසා කෙඳිරිගාමින්, කඳුළින් හා වේදනාවෙන් කෑගැසූ, මහා රුධිර බිංදු දහඩිය ලෙස වැගිරූ, ‘මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මන්ද?’ කියා උස්වූ කුරුසිය මත කෑගැසූ, උන්වහන්සේගේ පියවර අනුගමනය කිරීමෙන් අපි බොහෝ ඈතින් සිටිමු”

  17. දහම සහ ගිවිසුම් 88:91.

  18. යෙසායා 43:3 බලන්න.

  19. යෝබ් 19:25 බලන්න.

  20. යොහාන් 8:12 බලන්න.

  21. යොහාන් 14:6.

  22. 1 නෙපි 3:7 බලන්න.