ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබගේ සතුරන්ට ප්‍රේම කරන්න
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබගේ සතුරන්ට ප්‍රේම කරන්න

අප සියල්ලන්ම දෙවියන්වහන්සේගේ දරුවන් බව දැනගැනීමෙන් අන් අයගේ වටිනාකම පිළිබඳ දර්ශනයක් සහ අගතියට වඩා ඉහළට නැගීමට ඇති හැකියාව අපට ලැබෙනවා.

ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් සදාකාලයටයි එමෙන්ම දෙවියන්වහන්සේගේ සියලු දරුවන් සඳහායි. මෙම පණිවිඩයේදී මම එක්සත් ජනපදයෙන් උදාහරණ කිහිපයක් දෙන්නම්, නමුත් මම උගන්වන මූලධර්ම සෑම තැනකම අදාළ වෙනවා.

අප ජීවත් වන්නේ දේශපාලන සබඳතා හා ප්‍රතිපත්ති තුළ කෝපයෙන් හා වෛරයෙන් පිරි කාලයකයි. මෙම ගිම්හානයේදී සමහරු සාමකාමී විරෝධතා වලින් ඔබ්බට ගොස් විනාශකාරී හැසිරීම් වල නිරත වූ විට අපට එය දැනුණා. වර්තමාන රජයේ කාර්යාල සඳහා වන සමහර ව්‍යාපාර වලදී අපට එය දැනෙනවා. අවාසනාවකට මෙන්, මේවායින් සමහරක් අපගේ සභාවේ රැස්වීම් වල දේශපාලන ප්‍රකාශ සහ අකාරුණික යොමුකිරීම් දක්වාද විහිදී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් තුළ යෝජිත අපේක්ෂකයින් සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපට සැමවිටම වෙනස්කම් තිබෙන්නට පුලුවන්. කෙසේවෙතත්, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, බොහෝ පසුබිම් වල දේශපාලන තේරීම් විවාදයට ලක්වන විට හෝ හෙළාදකින විට, ඒ සම්බන්ධ කෝපය හා වෛරය, අප විසින් අත්හැරිය යුතුයි.

රූපය
කන්ද උඩ දේශනාව

මෙන්න අපගේ ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් වලින් එකක්, එය හොඳින් දන්නා නමුත් කලාතුරකින් ක්‍රියාත්මක වෙන එකක්:

“තාගේ අසල්වාසියාට ප්‍රේම කරව, තාගේ සතුරාට වෛර කරවයි කී බව නුඹලා අසා තිබේ.

“නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා, නුඹලාට ශාප කරන්නන්ට ආශිර්වාද කරපල්ලා, නුඹලාට විරුද්ධ වෙමින් නුඹලාව භාවිතා කරන්නන් හා නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරපල්ලා” (මතෙව් 5:43–44). 1

පරම්පරා ගණනාවක් තිස්සේ, යුදෙව්වන්ට ඔවුන්ගේ සතුරන්ට වෛර කිරීමට උගන්වා තිබූ අතර, ඔවුන් එවකට රෝම ආධිපත්‍යය හා කෲරත්වය යටතේ දුක් විඳිමින් සිටියා. එහෙත්, යේසුස්වහන්සේ ඔවුන්ට ඉගැන්නුවේ “ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න,” “විරෝධතාව ඇතිව භාවිතා කරන්නන්ට යහපත කරන්න!” ලෙසයි.

රූපය
යේසුස්වහන්සේ අමෙරිකාවේ උගන්වමින්

පුද්ගලික හා දේශපාලන සබඳතා සඳහා ඒවා කෙතරම් විප්ලවීය ඉගැන්වීම්ද! නමුත් අපගේ ගැලවුම්කරුවාණන් තවමත් අණ කරන්නේ එයයි. මොර්මොන්ගේ පොතේ අපි මෙහෙම කියවනවා, “මක්නිසාද සැබවක්, සැබවක්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් විවාදයේ ආත්මය ඇත්තා මා කෙරෙන් නොවන්නේය, එහෙත් යක්ෂයාගෙන් වන්නේය, ඔහු විවාදයේ පියාය, තවද ඔහු එකෙක් අනෙකා සමග කෝපයෙන් විවාද වීමට මනුෂ්‍යයන්ගේ හදවත් කළඹවන්නේය” (3 නෙපි 11:29).

අපගේ සතුරන්ට හා අපගේ විරුද්ධකාරයින්ට ආදරය කිරීම පහසු නෑ. “අපගෙන් බොහෝ දෙනෙක් ආදරය හා සමාව දීමේ අවධිය කරා ළඟාවී නැත” යැයි සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි මෙසේ එක් කරමින් තවදුරටත් පැවසුවා, “අපට ඇති හැකියාවට වඩා විශාල ස්වයං විනයක් ඒ සඳහා අවශ්‍ය වෙනවා.” 2 නමුත් එය අත්‍යවශ්‍ය විය යුතුයි, මන්ද එය “නුඹගේ දෙවි වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්න” සහ “නුඹට මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන ගැලවුම්කරුවාණන්ගේ ශ්‍රේෂ්ඨ ආඥා දෙකේ කොටසක් (මතෙව් 22:37, 39). එය කළ හැකියි, මක්නිසාද උන්වහන්සේ ඉගැන්වූයේ මෙලෙසයි, “ඉල්ලන්න, එවිට එය ඔබට දෙනු ලැබේ; සොයන්න, එවිට ඔබ සොයාගනු ඇත” (මතෙව් 7:7). 3

මිනිසාගේ නීති වලට අප යටත් වන ලෝකයක මෙම දිව්‍ය ආඥා පවත්වන්නේ කෙසේද? වාසනාවකට මෙන්, මිනිසා විසින් සාදන ලද නීති වල ප්‍රායෝගිකත්වය සමඟ උන්වහන්සේගේ සදාකාලික නීති සමතුලිත කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ගැලවුම්කරුවාණන්ගේම උදාහරණය අපට තිබෙනවා. යුදෙව්වන් රෝමයට බදු ගෙවිය යුතුද යන ප්‍රශ්නය සමඟ සතුරන් උන්වහන්සේව උගුලට හසුකරගැනීමට උත්සාහ කළ විට, උන්වහන්සේ ඔවුන්ගේ කාසි වල සීසර්ගේ රූපය පෙන්වා මෙසේ ප්‍රකාශ කළා, “එබැවින් සීසර්ගේ දේ සීසර්ට දෙන්න, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේට දෙන්න” (ලූක් 20:25). 4

රූපය
සීසර්ට දෙන්න

ඉතින්, අපි විසින් සිවිල් අධිකාරිත්වය යටතේ සාමකාමීව ජීවත් වීමට මිනිසුන්ගේ නීති අනුගමනය කළ යුතුයි මෙන්ම (සීසර්ට ලබාදීම), අපගේ සදාකාලික ගමනාන්තය කරා ගමන් කිරීම සඳහා දෙවියන්වහන්සේගේ නීති අනුගමනය කිරීමද කළ යුතුයි. නමුත් අපි මෙය කරන්නේ කෙසේද—විශේෂයෙන්ම අපගේ විරුද්ධවාදීන්ට සහ අපගේ සතුරන්ට ආදරය කිරීමට අප ඉගෙනගන්නේ කෙසේද?

ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීමක් වන “කෝපයෙන් පොරබදන්න එපා” යන්න හොඳ පළමු පියවරක්. යක්ෂයා යනු විවාදයේ පියා වන අතර, කෝපයෙන් පොරබැදීමට මිනිසුන්ව පරික්ෂාවට ලක්කරන්නේ ඔහුයි. ඔහු පුද්ගලයන් සහ කණ්ඩායම් අතර සතුරුකම හා වෛරී සම්බන්ධතා ප්‍රවර්ධනය කරනවා. කෝපය “සාතන්ගේ මෙවලම” බව සභාපති තෝමස් එස්. මොන්සන් ඉගැන්වූවා, මක්නිසාදයත් “කෝප වීම යනු සාතන්ගේ බලපෑමට යටත් වීමයි. කිසිවෙකුට අපව කෝප කළ නොහැකියි. එය අපේ තෝරාගැනීමක්.” 5 කෝපය යනු වෛරයට හා බෙදීමට මාර්ගයයි. අප එකඟ නොවන අය කෙරෙහි කෝපයෙන් සහ සතුරුකමෙන් වැළකී සිටින විට අපි අපගේ විරුද්ධවාදීන්ට ආදරය කිරීමට යොමුවෙනවා. අප ඔවුන්ගෙන් ඉගෙනගැනීමට පවා කැමති නම් එයද උපකාරී වෙනවා.

අන් අයට ආදරය කිරීමේ බලය වර්ධනය කරගත හැකි වෙනත් ක්‍රම බොහොමයක් අතර බොහෝ කලකට පෙර සංගීතයක සරලව එය විස්තර කර තිබෙනවා. අපි වෙනස් සංස්කෘතියක පුද්ගලයන් තේරුම්ගැනීමට හා ඒවාට සම්බන්ධ වීමට උත්සාහ කරන විට, අපි ඔවුන්ව දැන හඳුනාගැනීමට උත්සාහ කළ යුතුයි. අසංඛ්‍යාත තත්වයන් තුළ, පෞද්ගලික සම්බන්ධතා අවබෝධය සහ අන්‍යෝන්‍ය ගෞරවය ඇති කරන විට ආගන්තුකයන්ගේ සැකය හෝ සතුරුකම මිත්‍රත්වයට හෝ ප්‍රේමයට පවා මගපාදනවා. 6

අපගේ විරුද්ධවාදීන්ට සහ අපගේ සතුරන්ට ආදරය කිරීමට ඉගෙනගැනීමට ඊටත් වඩා විශාල උපකාරයක් වන්නේ ප්‍රේමයේ බලය සෙවීමට තේරුම්ගැනීමයි. මෙන්න මේ ගැන බොහෝ අනාවැකිමය ඉගැන්වීම් තුනක්.

ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා මෙසේ ඉගැන්වූවා “එය ප්‍රේමය විසින් ප්‍රේමය උපදවන බව කාලෝචිත කියමනකි. අපි ප්‍රේමය වගුරුවමු—සියලු මනුෂ්‍ය වර්ගයාට අපගේ කරුණාව පෙන්වමු.” 7

සභාපති හොවාර්ඩ් ඩබ්ලිව්. හන්ටර් ඉගැන්වූයේ මෙසේයි: “සෑම තැනකම සිටින ස්ත්‍රීන් හා පුරුෂයන් විසින්, කරුණාවන්ත වූ, යටහත් වූ සහ හික්මීමෙන් යුත් වූ, ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමය ක්‍රියාවට නංවන්නේ නම්, අප ජීවත් වන ලෝකයට බොහෝ ප්‍රයෝජන ලැබෙනු ඇත. එය ඊර්ෂ්‍යාවකින් හෝ ආඩම්බරයකින් තොරවයි. … එය ආපසු කිසිවක් සොයන්නේ නැත. … එයට ජාතිවාදයට, වෛරයට හෝ ප්‍රචණ්ඩත්වයට තැනක් නැත. … ආගමික විශ්වාසයන්, වර්ගය, ජාතිකත්වය, මූල්‍ය තත්ත්වය, අධ්‍යාපනය හෝ සංස්කෘතිය නොසලකා විවිධ පුද්ගලයන්ට ක්‍රිස්තියානි ප්‍රේමයෙන් එකට ජීවත්වීමට එය දිරිගන්වයි.” 8

සභාපති රසල් එම්. නෙල්සන් අපෙන් මෙසේ ඉල්ලා සිටියා “මුළු මිනිස් පවුලම වැලඳගැනීම සඳහා අපගේ ආදර කවය පුළුල් කරන්න.” 9

අපගේ සතුරන්ට ආදරය කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ අපගේ විවිධ රටවල නීති රීති පිළිපැදීමෙන් සීසර් වෙත ලබාදීමට යොමුවීමයි. යේසුස්වහන්සේගේ ඉගැන්වීම් විප්ලවීය වුවත්, උන්වහන්සේ විප්ලවය හෝ නීති කඩකිරීම ඉගැන්වූවේ නැත. උන්වහන්සේ වඩා හොඳ ක්‍රමයක් ඉගැන්වූවා. නූතන එළිදරව් එලෙසම උගන්වනවා:

“දේශයේ නීති කිසිදු මනුෂ්‍යයෙකු විසින් කඩ නොකෙරේවා, මක්නිසාද දෙවියන්වහන්සේගේ නීතිය පවත්වන්නාට දේශයේ නීති කැඩීමට අවශ්‍ය නොවන්නේය.

“එසේහෙයින්, බලය ඇත්තන්ට යටත්වන්න” (දහම සහ ගිවිසුම් 58:21–22).

මුල් ශුද්ධවන්තයින් මිසුරි හි නිලධාරීන්ගෙන් දැඩි පීඩා විඳි පසු ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා විසින් ලියන ලද අපගේ ඇදහිල්ල පිළිබඳ ලිපිය මෙසේ ප්‍රකාශ කරනවා, “රජවරුන්ට, ජනාධිපතිවරුන්ට, පාලකයන්ට සහ මහේස්ත්‍රාත්වරුන්ට යටත් වීම, ගෞරව කිරීම නීතිය පවත්වා ගැනීම පිළිබඳ අපි විශ්වාස කරන්නෙමු” (ඇදහිල්ලේ කරුණු 1:12).

මෙයින් අදහස් කරන්නේ නීතියේ බලයෙන් කරන සියල්ල සමඟ අප එකඟ වන බව නොවෙයි. එහි අර්ථය වන්නේ අප වත්මන් නීතියට අවනත වන අතර එය වෙනස් කිරීම සඳහා සාමකාමී ක්‍රම භාවිතා කිරීමයි. මැතිවරණ ප්‍රතිඵල අපි සාමකාමීව පිළිගන්නා බවද එයින් අදහස් වෙනවා. ප්‍රතිඵලය ගැන කලකිරී සිටින අය තර්ජනය කරන ප්‍රචණ්ඩත්වයට අපි සහභාගී වන්නේ නෑ. 10 ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සෑමවිටම ඊළඟ මැතිවරණය තෙක් සාමකාමීව සිටීමට අපට අවස්ථාව හා යුතුකමක් තිබෙනවා.

අපගේ සතුරන්ට ආදරය කිරීමට වූ ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම පදනම් වී ඇත්තේ සියලු මනුෂ්‍යයන්, දෙවියන්වහන්සේගේ ආදරණීය දරුවන් වන බව මතයි. මෑතකාලීන බොහෝ අමෙරිකානු නගර වල පැවති විරෝධතා වලදී එම සදාකාලික මූලධර්මය සහ නීතියේ මූලික මූලධර්ම අත්හදා බලනු ලැබුවා.

රූපය
සාමකාමී විරෝධතාව

එක් අන්තයක, එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය මගින් “සාමකාමීව රැස්වීමට හා දුක්ගැනවිලි විසඳීම සඳහා රජයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ජනතාවට ඇති අයිතිය” සහතික කරන බව සමහරු අමතක කර ඇති බව පෙනෙනවා. මහජනතාව දැනුවත් කිරීම සහ නීති වල අන්තර්ගතය හෝ පරිපාලනය තුළ සිදුවන අසාධාරණයන් කෙරෙහි අවධානය යොමුකිරීම සඳහා බලයලත් ක්‍රමය එයයි. එමෙන්ම එහි අසාධාරණයන්ද සිදුවී තිබෙනවා. පොදු ක්‍රියා වලදී සහ අපගේ පෞද්ගලික ආකල්ප වලදී අපට ජාතිවාදය හා ඒ හා සම්බන්ධ දුක්ගැනවිලි තිබෙනවා. ඒත්තු ගැන්වෙන පෞද්ගලික රචනාවක, වර්ණ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වූ ජාතික සංගමයේ (NAACP) පූජක තෙරේසා ඒ. අපට මතක් කරදී ඇත්තේ “ජාතිවාදය වර්ධනය වන්නේ වෛරය, හිංසනය, කුමන්ත්‍රණ, අක්‍රීයතාව, වෙනස්කම් සහ නිහඬතාවය මතය.” 11 පුරවැසියන් වශයෙන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් වශයෙන්, ජාතිවාදය මුලිනුපුටා දැමීමට උපකාර කිරීමට අප වඩා හොඳින් කළ යුතුයි.

රූපය
නීති විරෝධී කැරැල්ල

අනෙක් අන්තයේ, මෙම උද්ඝෝෂණ වලට සහභාගී වූවන් සහ ඔවුන් අනුගමනය කළ නීති විරෝධී ක්‍රියාවන් කළ ආධාරකරුවන්ගෙන් සුළු පිරිසක් විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කරන ලද විරෝධතා සාමකාමී විරෝධතා බව අමතක කර ඇති බව පෙනෙනවා. දේපළ විනාශ කිරීමට, අපකීර්තියට පත්කිරීමට හෝ සොරකම් කිරීමට හෝ රජයේ නීත්‍යානුකූල පොලිස් බලතල අඩපණ කිරීමට විරෝධතාකරුවන්ට අයිතියක් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ නීති වල විප්ලවයට හෝ අරාජිකත්වයට ආරාධනයක් නෑ. පොලීසිය, විරෝධතාකරුවන්, ආධාරකරුවන් සහ ප්‍රේක්ෂකයින් වන—අප සියලුදෙනා අපගේ අයිතිවාසිකම් වල සීමාවන් සහ පවත්නා නීතියේ සීමාවන් තුළ රැඳී සිටීම සඳහා අපගේ යුතුකම් වල වැදගත්කම තේරුම්ගත යුතුයි. ඒබ්‍රහම් ලින්කන් එය මේ ආකාරයට නිවැරදි ලෙස කිව්වා: “මැර නීතියෙන් පිළියම් යෙදීමට සුදුසු දුක්ගැනවිලි නොමැත.” 12 මැරයන් විසින් දුක්ගැනවිලි විසඳීම නීති විරෝධී මාර්ගයෙන් විසඳීමකි. එය අරාජිකත්වයයි, එය ඵලදායී පාලනය සහ විධිමත් පොලිසියක් නොමැති, සහ පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කරනවාට වඩා වලක්වන කොන්දේසියකි.

එක්සත් ජනපදයේ මෑතදී පැවති විරෝධතා බොහෝ දෙනෙකුව කම්පනයට පත්කිරීමට එක් හේතුවක් වූයේ වෙනත් ජාතීන්ගේ විවිධ ජනවර්ගයන් අතර ඇතිවී තිබෙන සතුරුකම් සහ නීති විරෝධී ක්‍රියා එක්සත් ජනපදය තුළ දැනිය යුතු නොවීමයි. මෑතකාලීන විරෝධතා වලදී වඩාත් දැකගත හැකි කළු අමෙරිකානුවන්ට එරෙහිව පමණක් නොවේ, නමුත් ලතින් ජාතිකයින්, ආසියානුවන් සහ වෙනත් කණ්ඩායම් වලට එරෙහිවද, ජාතිවාදය තුරන් කිරීමට මේ රට වඩා හොඳ විය යුතුයි. මෙම ජාතියේ, ජාතිවාදයේ ඉතිහාසය සතුටුදායක එකක් නොවන අතර අප මීට වඩා හොඳින් ක්‍රියාකළ යුතුයි.

රූපය
එලිස් දූපත
රූපය
සංක්‍රමණිකයන්

එක්සත් ජනපදය සොයාගන්නා ලද්දේ විවිධ ජාතිකත්වයන් සහ විවිධ ජනවර්ග වල සංක්‍රමණිකයන් විසින්. එහි එක්සත් කිරීමේ අරමුණ වූයේ කිසියම් ආගමක් ස්ථාපිත කිරීම හෝ පැරණි රටවල විවිධ සංස්කෘතීන් හෝ ගෝත්‍රික පක්ෂපාතිත්වය නොනැසී පවත්වාගැනීම නොවෙයි. අපගේ ආරම්භක පරම්පරාව නව ව්‍යවස්ථාවක් හා නීති මගින් එක්සත් වීමට උත්සාහ කළා. අපගේ එකමුතු ලියකියවිලි හෝ ඒවායේ අර්ථයන් පිළිබඳ වර්තමාන අවබෝධය පරිපූර්ණ යැයි එයින් අදහස් කරන්නේ නෑ. එක්සත් ජනපදයේ පළමු සියවස් දෙකේ ඉතිහාසය පෙන්නුම් කළේ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, සහ විශේෂයෙන්, වහල්භාවයට පත්වූවන්ට නිදහසේ සියලු කොන්දේසි ඇති බව සහතික කිරීම සඳහා නීති ඇතුළුව, වහල්භාවය අහෝසි කිරීම වැනි බොහෝ ශෝධනයන් අවශ්‍ය බවයි.

යේල් විශ්ව විද්‍යාලයේ විද්වතුන් දෙදෙනෙක් මෑතකදී අපට මෙසේ මතක්කර දුන්නා:

“එහි සියලු අඩුපාඩුකම් නිසා, එක්සත් ජනපදය විවිධාකාර හා බෙදී ගිය සමාජයක් එක්සත් කිරීමට අද්විතීය ලෙස සන්නද්ධව සිටියි. …

“… එහි පුරවැසියන්ට ජාතික අනන්‍යතාවයක් සහ බහු සංස්කෘතිකවාදයක් අතරින් තෝරාගැනීමක් කරන්නට අවශ්‍ය නැත. අමෙරිකානුවන්ට ඒ දෙකම තිබිය හැකියි. නමුත් ප්‍රධාන දෙය නම් ව්‍යවස්ථාමය දේශපේ‍්‍රමයයි. අපගේ දෘෂ්ටිවාදාත්මක මතභේද නොසලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ඒ තුළින් අප එක්සත් විය යුතුයි.” 13

මීට වසර ගණනාවකට පෙර, බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයෙක් මේ මහා උපදේශය ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ විවාදයකදීයි. “අපට සදාකාලික සගයන් නැත එමෙන්ම අපට සදාකාලික සතුරන්ද නැත. අපගේ අවශ්‍යතා සදාකාලික හා නිරන්තර වන අතර, මෙම අවශ්‍යතා අනුගමනය කිරීම අපගේ යුතුකමයි.” 14

දේශපාලන කාරණා වලදී “සදාකාලික හා නිරන්තරා” අවශ්‍යතා අනුගමනය කිරීමට එය හොඳ ලෞකික හේතුවක්. ඊට අමතරව, ස්වාමින්වහන්සේගේ සභාවේ මූලධර්මය අපට මගපෙන්වීම සඳහා තවත් සදාකාලික උනන්දුවක් උගන්වනවා: ඒවානම් එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අපේ බොහෝ රටවල මූලික නීති වලට අනුබල දුන් අපගේ ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම්. තාවකාලික “මිත්‍රයන්” වෙනුවට ස්ථාපිත නීතියට පක්ෂපාතී වීම යනු අප විවිධත්වයේ එකමුතුවක් අපේක්ෂා කරන විට අපගේ විරුද්ධවාදීන්ට සහ සතුරන්ට ආදරය කිරීමට ඇති හොඳම ක්‍රමයයි.

අප සියල්ලන්ම දෙවියන්වහන්සේගේ දරුවන් බව දැනගැනීමෙන් අන් සියල්ලන්ගේම වටිනාකම පිළිබඳ දිව්‍ය දර්ශනයක් සහ අගතියට හා වර්ගවාදයට වඩා ඉහළට නැගීමට ඇති කැමැත්ත හා හැකියාව අපට ලැබෙනවා. මම මේ ජාතියේ විවිධ ස්ථාන වල වසර ගණනාවක් ජීවත් වී ඇති බැවින්, අපගේ ජාතියේ නීති වලට කීකරු වීමට හා වැඩිදියුණු කිරීමට සෙවීමටත්, අපගේ සතුරන්ට සහ අපගේ විරුද්ධවාදීන්ට ප්‍රේම කිරීමටත් හැකි බව ස්වාමින්වහන්සේ මට උගන්වා තිබෙනවා. එය පහසු නොවන නමුත් අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපකාරයෙන් එය කළ හැකියි. උන්වහන්සේ ප්‍රේම කිරීමට මෙම ආඥාව දුන් අතර, අප එයට කීකරු වීමට උත්සාහ කරන විට උන්වහන්සේගේ උපකාරය අපට පොරොන්දු වෙනවා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට උපකාර කරනු ඇති බවටත් අපිට ප්‍රේම කරන බවටත් මම සාක්ෂි දෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ලූක් 6:27–28, 30 ද බලන්න.

  2. Gordon B. Hinckley, “The Healing Power of Christ,” Ensign, Nov. 1988, 59; see also Teachings of Gordon B. Hinckley (1997), 230.

  3. දහම සහ ගිවිසුම් 6:5 ද බලන්න.

  4. මතෙව් 22:21; මාර්ක් 12:17 ද බලන්න.

  5. Thomas S. Monson, “School Thy Feelings, O My Brother,” Liahona, Nov. 2009, 68.

  6. See Becky and Bennett Borden, “Moving Closer: Loving as the Savior Did,” Ensign, Sept. 2020, 24–27.

  7. Joseph Smith, in History of the Church, 5:517. ඒ හා සමානව, මාටින් ලූතර් කිං කනිෂ්ඨ, ((1929-68) මෙසේ පැවසීය: “ප්‍රචණ්ඩත්වය සඳහා නැවත පැමිණීම ප්‍රචණ්ඩත්වය වැඩි කරයි, දැනටමත් තරු නොමැති රාත්‍රියකට ගැඹුරු අන්ධකාරයක් එක් කරයි. අන්ධකාරයට අන්ධකාරය දුරු කළ නොහැක: එය කළ හැක්කේ ආලෝකයට පමණි. වෛරයට වෛරය දුරු කළ නොහැක. එය කළ හැක්කේ ප්‍රේමයට පමණි” (Where Do We Go from Here: Chaos or Community? [2010], 64–65).

  8. Teachings of Presidents of the Church: Howard W. Hunter (2015), 263.

  9. Russell M. Nelson, “Blessed Are the Peacemakers,” Liahona, Nov. 2002, 41; see also Teachings of Russell M. Nelson (2018), 83.

  10. See “A House Divided,” Economist, Sept. 5, 2020, 17–20.

  11. Theresa A. Dear, “America’s Tipping Point: 7 Ways to Dismantle Racism,” Deseret News, June 7, 2020, A1.

  12. Abraham Lincoln, address at the Young Men’s Lyceum, Springfield, Illinois, Jan. 27, 1838, in John Bartlett, Bartlett’s Familiar Quotations, 18th ed. (2012), 444.

  13. Amy Chua and Jed Rubenfeld, “The Threat of Tribalism,” Atlantic, Oct. 2018, 81, theatlantic.com.

  14. Henry John Temple, Viscount Palmerston, remarks in the House of Commons, Mar. 1, 1848; in Bartlett, Bartlett’s Familiar Quotations, 392; emphasis added.