ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීතිය සොයාගැනීම
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීතිය සොයාගැනීම

මේ ජීවිතයේ ප්‍රීතිය සොයාගත හැකි හොඳම ක්‍රමය නම් අන් අයට උපකාර කිරීම සඳහා ක්‍රිස්තුස්වහන්සේ හා එක්වීමයි.

ස්වාමින්වහන්සේ අපගේ ආරෝනික පූජක යෞවනයන්ගෙන් සෑමදෙයක්ම කරන ලෙස ඉල්ලා නොසිටින නමුත් උන්වහන්සේ ඉල්ලන දෙය බිය උපදවන සුළුයි.

මීට වසර කිහිපයකට පෙර, අපේ පුංචි පවුල මේ වැටී ඇති ලෝකයේ බොහෝ පවුල් මුහුණදෙන දෙයක් හරහා ගමන් කළා. අපේ බාල පුතා ටැනර් ක්‍රිස්ටියන් ලුන්ඩ්ට පිළිකාවක් වැළඳුණා. අවුරුදු නවයක් වයසැති දරුවන් මෙන්ම, ඔහුත් අපූරු ප්‍රාණයක්. ඔහු හාස්‍යජනක ලෙස දඟකාර වූ අතර, ඒ සමඟම, ඉස්තරම් ලෙස ආධ්‍යාත්මිකව දැනුවත්ව සිටියා. දඟකාර බාලයෙක් වෙගේම දේවදූතයෙක්, දඟයි ඒ වගේම හොඳයි. ඔහු කුඩා වූ අතර සෑම දිනකම ඔහුගේ ඉහළ උද්යෝගිමත් හැසිරීම සමඟ අපව විස්මයට පත්කරමින් සිටියදී, ඔහු වැඩිවියට පත්වූ පසු දිවැසිවරයෙක් වේදැයි නැතිනම් බැංකු මංකොල්ලකරුවෙකු වේදැයි අපි කල්පනා කළා. කෙසේවෙතත්, ඔහු ලෝකය මත සලකුණක් තබන බව පෙනෙන්නට තිබුණා.

පසුව ඔහු දැඩි ලෙස රෝගාතුර වුණා. ඊළඟ වසර තුන තුළ, නවීන වෛද්‍ය විද්‍යාව මගින් ඇට මිදුළු බද්ධ කිරීම් දෙකක් ඇතුළුව වීරෝදාර ක්‍රියාමාර්ග ගන්නා ලද අතර එහිදී ඔහුට නියුමෝනියාව වැළඳුනු අතර ඔහුව සති 10 ක් සිහිසුන්ව හුස්ම ලබාදෙන යන්ත්‍රයක තැබිය යුතු වුණා. ආශ්චර්යමත් ලෙස ඔහු ටික කාලයකට සුවය ලැබූ නමුත්, පසුව ඔහුගේ පිළිකාව නැවත පැමිණියා.

ඔහු මිය යාමට ටික වේලාවකට පෙර, ටැනර්ගේ රෝගය ඔහුගේ ඇටකටු ආක්‍රමණය කර තිබූ අතර ශක්තිමත් වේදනා නාශක සමඟ පවා ඔහුට වේදනාවක් ගෙන ආවා. ඔහු ඇඳෙන් නැගිට්ටේ නැති තරම්. එක් ඉරිදා උදෑසනක, ඔහුගේ පවුලේ අය සභාවට යාමට පෙර ඔහුව පරීක්ෂා කර බැලීමට ඔහුගේ මව කැලීන් ඔහුගේ කාමරයට පැමිණියා. ඔහු කෙසේ හෝ ඇඳ පැළඳගෙන, කමිසයේ බොත්තම් දැමීම සමග වේදනාවෙන් සටන් කරමින්, ඔහුගේ ඇඳේ අද්දර වාඩි වී සිටිනු දුටු ඇය පුදුමයට පත්වුණා. කැලීන් ඔහු ලඟින් වාඩිවුණා. “ටැනර්, ඔයාට විශ්වාසද සභාවට යන්නට තරම් ඔයා ශක්තිමත් කියලා?” ඇය ඇසුවා. සමහරවිට ඔයා ගෙදර නැවතිලා විවේක ගත යුතුයි.”

ඔහු බිම බලාගෙන සිටියා. ඔහු උපස්ථායකවරයෙක්. ඔහුට ගණපූරණයක් තිබුණා. ඒ වගේම ඔහුට පැවරුමක් තිබුණා.

“මම අද සක්‍රමේන්තුව බෙදාදිය යුතුයි.”

“හොඳයි, වෙන කෙනෙකුට ඔබ වෙනුවෙන් එය කළ හැකි බව මට විශ්වාසයි.”

ඔහු මෙහෙම කිව්වා, “ඔව්, නමුත්… මම සක්‍රමේන්තුව බෙදද්දි මම දකිනවා මිනිස්සු මං දිහා බලන්නෙ කොහොමද කියලා. මං හිතන්නෙ ඔවුන්ට ඒක උදව්වක්.”

ඒ නිසා කැලීන් ඔහුගේ කමිසය බොත්තම් දමා ටයි පටිය ගැට ගසන්නට උපකාර කර, ඔවුන් සභාවට ගියා. පැහැදිලිවම, වැදගත් දෙයක් සිදුවෙමින් තිබුණා.

මම කලින් රැස්වීමක ඉඳන් සභාවට ආවා ඊටපස්සෙ ටැනර් උපස්ථායකවරුන්ගේ පේළියේ වාඩි වී සිටිනු දැක පුදුමයට පත්වුණා. ඔහු එහි සිටියේ ඇයිද යන්න සහ ඔහු පැවසූ දේ කැලීන් නිහඬව මට කීවා “එය මිනිසුන්ට උදව්වක් වෙයි.”

ඉන්පස්සෙ උපස්ථායකයන් සක්‍රමේන්තු මේසයට පිවිසෙන විට මම බලා සිටියා. පූජකයන් පාන් තැටි ඔවුන්ට ලබාදෙද්දි ඔහු තවත් උපස්ථායකයෙකුට මෘදු ලෙස හේත්තු වී හිටියා. ඊටපස්සෙ ටැනර් තමාව පත්කළ ස්ථානයට මාරු වී, සක්‍රමේන්තුව ඉදිරිපත් කරන විට, ස්ථාවරව සිටීමට බංකු පේළියේ කෙළවර අල්ලා ගත්තා.

සභාවේ සෑම ඇසක්ම ඔහු දෙස බලා සිටින බව පෙනෙන්නට තිබුනේ, ඔහුගේ සරල කොටස කරන විට ඔහුගේ මෙම අරගලය නිසයි. කෙසේ හෝ ඔහු තනිවම, එක් පේළියක සිට අනෙක් පේළියට යන විට—උපස්ථායකයන් කරන ආකාරයට ගැලවුම්කරුවාණන්ව නියෝජනය කරමින් ටැනර් නිහඬ දේශනයක් ප්‍රකාශ කළා—ඔහුගේ මුඩු හිස දහඩියෙන් තෙතමනය වී තිබුණා. වරක් ඔහුගේ අවිනිශ්චිත උපස්ථායක ශරීරය මඳක් තැලී, කැඩී හා ඉරී තිබුණා, එහෙත් ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ සංකේත අපගේ ජීවිත තුළට ගෙනයාමෙන් සේවය කිරීමට කැමැත්තෙන් දුක් වින්දා.

ඔහු උපස්ථායකයෙකු වීම ගැන සිතූ ආකාරය දැකීමෙන් අපට වෙනස් ආකාරයකින් සිතීමට හැකි වුණා—එනම්, සක්‍රමේන්තුව, ගැලවුම්කරුවාණන් ගැන, සහ උපස්ථායකයන්, ගුරුවරුන් සහ පූජකයන් ගැන.

සේවය කිරීමට ඇති කුඩා කැඳවීමකට එදින උදේ ඔහුට එතරම් නිර්භීතව ප්‍රතිචාර දැක්වීමට ඔහුව පෙලඹවූ ප්‍රාතිහාර්යය ගැන සහ, අපේ නැගී එන තරුණ තරුණියන් සියලුදෙනාට දෙවියන්වහන්සේගේ බලඇණියට සහ ගැලවීමේ හා උසස් කිරීමේ කාර්යයට සම්බන්ධ වන්නට බඳවා ගැනීම සඳහා අනාගතවක්තෘවරයෙකුගේ ආරාධනයට ප්‍රතිචාර දැක්වීමට ඔවුන් පෙළඹවීම ගැන ඔවුන්ගේ නිර්භීතව ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව හා ශක්තිය ගැන මම පුදුම වෙනවා.

උපස්ථායකයෙකු සක්‍රමේන්තු තැටියක් අල්ලා ගන්නා සෑම අවස්ථාවකම, අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය, ගෙත්සෙමන, කල්වාරිය සහ සොහොන් උද්‍යානය පිළිබඳ පූජනීය කතාව අපට මතක් කරනවා. ගැලවුම්කරුවාණන් තම ප්‍රේරිතයන්ට “මා සිහිකිරීම පිණිස මෙය සිදුකරන්න” 1 කියා පැවසූ විට, උන්වහන්සේ යුග ගණනාවක් පුරා අප සෑම කෙනෙකුටම කතා කරමින් සිටියා. අනාගත උපස්ථායකවරුන්, ගුරුවරුන් සහ පූජකයන් වශයෙන් උන්වහන්සේගේ සලකුණු ඉදිරිපත් කර උන්වහන්සේගේ වන්දිගෙවීමේ ත්‍යාගය පිළිගැනීමට තම දරුවන්ට ආරාධනා කරන ආශ්චර්යය ගැන උන්වහන්සේ කතා කළා.

පූජනීය සක්‍රමෙන්තු සංකේත එම දීමනාව වෙතට අපව යොමුකරනවා. උන්වහන්සේ වරක් කැඩූ රොටි ගැනත්—අප ඉදිරියේ සිටින පූජකයන් විසින් දැන් කඩන පාන් ගැනත් අපි කල්පනා කර බලමු. ශුද්ධ වූ ද්‍රවයේ අර්ථය ගැන අපි සිතමු, එදා සහ දැන්, එම සක්‍රමේන්තු යාච්ඤාව තරුණ පූජකවරුන්ගේ මුවින් අපගේ හදවතට හා ස්වර්ගයට යන අතර, ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ බලයන් සමඟ අපව සම්බන්ධ කරන ගිවිසුම් අලුත් කරනවා. උපස්ථායකයෙකු විසින් ශුද්ධ වූ සලකුණු අප වෙත ගෙන යන විට, යේසුස්වහන්සේ සිටියා නම් ඔහු සිටගෙන සිටින තැන සිටගෙන, අපගේ බර සහ අපගේ වේදනාව ඉසිලීමට ඉදිරිපත් වන විට එහි තේරුම කුමක්දැයි අපට සිතා බැලිය හැකියි.

වාසනාවකට මෙන්, ගැලවුම්කරුවාණන්ට සේවය කිරීමේදී ප්‍රීතිය හා අරමුණ සොයාගැනීමට තරුණ තරුණියන්ට අසනීප වීමට අවශ්‍ය නෑ.

ධර්මදූතයින් මෙන් වර්ධනය වීමටත් එලෙස පත්වීමටත් අපි ධර්මදූතයින් කරන දේ කළ යුතු බව, වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් උගන්වා තිබෙනවා, “පේළියෙන් පේළියට, ආඥාවෙන් ආඥාවට, … [අපිට] ටිකින් ටික ගැලවුම්කරුවාණන් බලාපොරොත්තු වන … ධර්මදූතයා බවට පත්විය හැකියි.” 2

ඒ හා සමානව, අප “යේසුස්වහන්සේ හා සමාන වීමට” 3 කැමති නම්, අප කළ යුත්තේ යේසුස්වහන්සේ කරන දෙයයි, ඒවගේම පුදුම දනවන වාක්‍යයකින්, ස්වාමින්වහන්සේ තමා කරන දේ මෙසේ පැහැදිලි කරනවා: උන්වහන්සේ මෙහෙම කිව්වා, “තවද බලන්න, මනුෂ්‍යයාගේ අමරණීයත්වය සහ සදාකාල ජීවිතය ඉදිරියට ගෙන ඒම සඳහා—මේ මාගේ කාර්යය සහ මාගේ මහිමයයි.” 4

ගැලවුම්කරුවාණන්ගේ ධර්මදූතය සැමවිටම හා සදහටම උන්වහන්සේගේ පියාණන්ගේ දරුවන් ගලවා ගැනීමෙන් උන්වහන්සේට සේවය කිරීමයි.

ඒවගේම මේ ජීවිතයේ ප්‍රීතිය සොයාගත හැකි හොඳම ක්‍රමය නම් අන් අයට උපකාර කිරීම සඳහා ක්‍රිස්තුස්වහන්සේ හා එක්වීමයි.

ළමා හා යෞවන වැඩසටහනට ආභාෂය ලබා දුන් සරල සත්‍යය මෙයයි.

සියලුම ළමා හා යෞවන ක්‍රියාකාරකම් හා සියලු ළමා හා යෞවන ඉගැන්වීම් යනු ගැලවීමේ හා උසස් කිරීමේ උන්වහන්සේගේ කාර්යයේ උන්වහන්සේ සමග එකතු වන විට වඩ වඩාත් යේසුස්වහන්සේ හා සමාන වීමට යෞවනයන්ට උපකාර කිරීමයි.

ළමයින් සහ යෞවනය යනු සෑම ප්‍රාථමික දරුවෙකුටම හා යෞවනයෙකුටම ගෝලයෙකු ලෙස වර්ධනය වීමට සහ සන්තෝෂයේ මාර්ගය කෙබඳුද යන්න පිළිබඳව ඇදහිල්ලෙන් පිරි දර්ශනයක් ලබාගැනීමට උපකාරී වන මෙවලමක්. ගිවිසුම් මාවතේ දුම්රිය ස්ථාන සහ සංඥා ස්ථාන ගැන අපේක්ෂා කිරීමට හා ආශාවෙන් බලාසිටීමට ඔවුන්ට හැකි අතර, එහිදී ඔවුන් බව්තීස්ම වී ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය සමඟ සනාථ කරනු ඇති අතර ඉක්මනින් ගණපූරණයන් හා තරුණ කාන්තා පන්ති වලට අයත් වන අතර ක්‍රිස්තුස්වහන්සේට සමාන සේවා ක්‍රියා වලින් එහිදී ඔවුන්ට උපකාර කිරීමේ ප්‍රීතිය දැනෙයි. ඔවුන් විශාල හා කුඩා ඉලක්ක තබා, ඔවුන්ගේ ජීවිත වලට සමබරතාවයක් ගෙන එන අතර ගැලවුම්කරුවාණන් හා සමාන වන විට ඔවුන්ට ඒවා උපකාර කරයි. යෞවනයන්ගේ ශක්තිය සඳහා සම්මන්ත්‍රණ සහ සඟරා, මිතුරා සහ ශුභාරංචි ජීවන යෙදුම ඔවුන්ට ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබවින්ම ප්‍රීතිය සොයාගැනීමට උපකාරී වෙනවා. සීමිත භාවිතයෙන් යුත් දේවමාළිගා නිර්දේශයක් දැරීමේ ආශිර්වාද ඔවුන් අපේක්ෂා කරන අතර දේවමාළිගාවේ හා පවුල් ඉතිහාසයේ ආශිර්වාද කරා යන විට ශුද්ධාත්මයාණන්ගේ බලපෑමෙන් එලියාගේ ආත්මය දැනෙයි. ආදිපීතෘ ආශිර්වාද මගින් ඔවුන්ට මගපෙන්වීම ලැබෙයි. කාලයාගේ ඇවෑමෙන්, ඔවුන්ට දේවමාළිගා වලට ගොස් බලයෙන් සැරසීම ලබාගැනීමත්, ඔවුන් සදාකාලිකව සම්බන්ධ වී සිටින විට ප්‍රීතිය සොයාගැනීමත්, ඔවුන්ගේ පවුල් සමඟ පැමිණීමත් දකින්නට හැකිවෙනවා.

වසංගත හා විපත් වලට එරෙහිව, නව ළමා හා යෞවන වැඩපිළිවෙළ පිළිබඳ පූර්ණ පොරොන්දුව ගෙන ඒම තවමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා—එහෙත් එහි හදිසි අවශ්‍යතාවයක්ද පවතිනවා. ගැලවුම්කරුවාණන්ව දැනගැනීමට පෙර ලෝකය නිවැරදි වන තෙක් අපේ තරුණ තරුණියන්ට බලා සිටිය නොහැක. ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවයන් සහ උන්වහන්සේව තේරුම්ගන්නේ නම්, ඔවුන් නොගන්නා තීරණ, සමහරු දැන් ගන්නවා.

එබැවින් දෛවගත පුහුණුවක් සඳහා දෙවියන්වහන්සේගේ බලඇණි වෙතින් හදිසි ඇමතුම ලැබෙන්නේ “සියලු දෙනාම තට්ටුවට!” ලෙසයි.

මව්වරුනි පියවරුනි, ඔබේ පුතුන්ට ඔවුන් ලාංඡන සහ රඳවනයන් වැනි අඩු දේවල් ගැන කතා කර ඇති විට, ඔබ අතීතයේ උද්‍යෝගයෙන් සහයෝගය දැක්වූවාටත් වඩා ඔවුන්ට සහයෝගය දැක්විය යුතුයි. මව්වරුනි පියවරුනි, පූජකත්ව සහ තරුණ කාන්තා නායකයෙනි, ඔබේ යෞවනයන් අරගල කරන්නේ නම්, ළමා සහ යෞවනයන් ඔවුන්ව ගැලවුම්කරුවාණන් වෙත ගෙන ඒමට උදව් කරන අතර ගැලවුම්කරුවාණන් ඔවුන්ට සාමය ගෙන එනු ඇත. 5

ගණපූරණය සහ පංති සභාපතිත්ව, ඉහළට ගොස් ස්වාමින්වහන්සේගේ කාර්යයේ ඔබේ නියම ස්ථානය ගන්න.

සභානායකවරුනි, ඔබේ යතුරු ගණපූරණ සභාපතිවරුන්ගේ යතුරු සමඟ සම්බන්ධ කරන්න, ඔබේ ගණපූරණය—සහ ඔබේ කොට්ඨාශ එයින් සදහටම වෙනස් වේ.

එමෙන්ම නැගී එන පරම්පරාවේ ඔබට, දන්නා කෙනෙකු ලෙස, ඔබ දෙවියන්වහන්සේගේ ආදරණීය පුතුන් හා දූවරුන් බවත්, ඔබට කිරීමට උන්වහන්සේට කාර්යයක් ඇති බවටත් මම සාක්ෂි දරනවා

ඔබේ මුලු හදවතින්ම, බලයෙන්ම, මනසින්ම හා ශක්තියෙන් ඔබේ නැවතුම් පොළවල් වල මහිමයට ඔබ නැඟී සිටින විට, ඔබ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට පැමිණ, ඔබේ ගිවිසුම් තබාගෙන එමෙන්ම උන්වහන්සේගේ පූජකවරය ගැන විශ්වාසය තබාගෙන, අන් අයට ආශිර්වාද කිරීමට ඔබ වැඩ කරන විට, ඔබේම නිවෙස් වල සිට ආරම්භ කරන්න.

දෙගුණයක ශක්තියෙන්, මේ කාලය සඳහා සුදුසු ලෙස, සේවය කිරීමට, ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට, පසුතැවිලි වීමට හා එදිනෙදා වැඩිදියුණු කිරීමට, දේවමාළිගාවේ ආශිර්වාද ලැබීමට සුදුසුකම් ලැබීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළින් පමණක් ලැබෙන සදාකාලික ප්‍රීතිය ලැබීමටත් ඔබ උත්සාහ කරන ලෙස මම යාච්ඤා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයෙකු වීමෙන් ඔබ පත්වනවා යැයි ඔබට පොරොන්දු වී ඇති, ඒ උනන්දුවෙන් යුත් ධර්මදූතයෙකු, විශ්වාසවන්ත ස්වාමිපුරුෂයෙකු හෝ බිරිඳෙකු, ආදරණීය පියෙකු හෝ මවක් වීමට ඔබ සූදානම් වන ලෙස මම යාච්ඤා කරනවා.

ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණීමටත් උන්වහන්සේගේ වන්දිගෙවීමේ ආශිර්වාද ලබාගන්නටත් සියලුදෙනාටම ආරාධනා කිරීමෙන් ගැලවුම්කරුවාණන්ගේ ආපසු පැමිණීමට ඔබ සියල්ලන්ම ලෝකය සූදානම් කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ලූක් 22:19.

  2. David A. Bednar, “Becoming a Missionary,” Liahona, Nov. 2005, 46.

  3. “යේසුස්වහන්සේ මෙන් වීමට මම උත්සහ කරමි; මම උන්වහන්සේගේ මාර්ග අනුගමනය කරමි. මම කරන සහ කියන සෑම දේකදීම, උන්වහන්සේ කළ ආකාරයට ප්‍රේම කිරීමට මම උත්සහ කරමි.” (“I’m Trying to Be like Jesus,” Children’s Songbook, 78–79).

  4. මෝසෙස් 1:39

  5. යෞවනයන්ට වර්ධනය අත්විඳීමට එතරම් ධෛර්ය සම්පන්නව උදව් කළ අය වන කැපවූ දෙමාපියන්ට සහ නායකයින්ට මම පෞද්ගලිකවම අගය කිරීමක් ප්‍රකාශ කරනවා. නව ළමා හා යෞවන ප්‍රයත්නය පෙර පැවති සෑම ක්‍රියාකාරකමක් හා ජයග්‍රහණ වැඩසටහනකටම බොහෝ සෙයින් ණයගැති වන බව මම සඳහන් කරනවා.