ප්‍රධාන සම්මන්ත්‍රණය
හැඟීම් ඒකාබද්ධ කිරීමෙන් අපි දෙවියන්වහන්සේ සමඟ බලය ලබාගන්නෙමු
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


හැඟීම් ඒකාබද්ධ කිරීමෙන් අපි දෙවියන්වහන්සේ සමඟ බලය ලබාගන්නෙමු

අප හැඟීම් වලින් ඒකත්වයක් වීමට උත්සාහ කරන විට, අපගේ උත්සාහයන් වඩාත් සම්පූර්ණ කිරීමට දෙවියන්වහන්සේගේ බලය අපි ඉල්ලා සිටිනවා.

ගෝර්ඩන් ගෙදර දොරේ වැඩ නිම කළහොත් ඇය කේක් එකක් සාදාදෙන බව ඔහුගේ මව ඔහුට කිව්වා. ඒ ඔහු ආසම කරන කෑමක් ඔහුට විතරක්ම. ගෝර්ඩන් එම වැඩ කටයුතු කරගෙන යාම සඳහා ගිය අතර, ඔහුගේ මව එම කේක් එක හදන්නට පටන්ගත්තා. ඔහුගේ වැඩිමහල් සහෝදරිය කැතී මිතුරෙකු සමඟ නිවසට පැමිණියා. එම කේක් එක දුටු ඇය, ඇයට සහ ඇගේ මිතුරාට කේක් එකෙන් කෑල්ලක් ලබාගත හැකිදැයි විමසුවා.

“බෑ,” ගෝර්ඩන් කිව්වා, “ඒක මගේ කේක් එක. අම්මා ඒක බේක් කළේ මට, මට ඒක ලබාගන්න දේවල් කරන්න වුණා.”

කැතී ඇගේ කුඩා සහෝදරයාට සැරවුණා. ඔහු හරිම ආත්මාර්ථකාමී හා අශිෂ්ටයි. ඔහු මේ සියල්ලම ඔහුටම තබාගන්නේ කොහොමද?

පැය කිහිපයකට පසු කැතී තම මිතුරා ගෙදර ගෙනයාම සඳහා මෝටර් රථයේ දොර විවර කළ විට, අසුනේ අත්පිස්නා දෙකක් හොඳින් නවා, ගෑරුප්පු දෙකක් ඒ මත තබා, ලොකු කේක් කැබලි දෙකක් පිඟන් මත තබා තිබුණා. කැතී, ගෝර්ඩන්ගේ අවමංගල්‍ය උත්සවයේදී මෙම කතාව පැවසුවේ ඔහු සැමවිටම වෙනස් වීමට හා හැමවෙලාවකම අනෙක් අය යමක් ලබන්නට නොසුදුසු වුනත් ඔවුන්ට කරුණාව පෙන්වන්නට කැමති වූ ආකාරය පෙන්වීමටයි.

1842 දී ශුද්ධවන්තයින් නාවූ දේවමාළිගාව ඉදිකිරීමට මහන්සි වෙමින් සිටියා. මාර්තු මාසයේ සහන සමිතිය ආරම්භ කිරීමෙන් පසුව, ජෝසෆ් අනාගතවක්තෘවරයා බොහෝවිට ඔවුන්ගේ රැස්වීම් වලට පැමිණියේ ඔවුන් දේවමාළිගාවේ ඉතා ඉක්මණින් සිදුකරන පූජනීය, එක්සත් ගිවිසුම් සඳහා ඔවුන්ව සූදානම් කිරීමටයි.

ජුනි 9 වන දින අනාගතවක්තෘවරයා “ඔහු දයාව දේශනා කිරීමට යන බව පැවසුවා[.] යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ දේවදූතයින් විසින් අපගේ කුඩා දේවල් ගැන පවා විරුද්ධ වෙනවා නම්, අපි කොයි වගේ විය යුතුයිද? අපි දයානුකම්පිත වී කුඩා දේවල් නොසලකා හැරිය යුතුයි.” සභාපති ස්මිත් තවදුරටත් මෙහෙම කිව්වා, “එහි පූර්ණ සම්බන්ධතාවයක් නොමැතිවීම මට කණගාටුවට කරුණක්—එක් සාමාජිකයෙකුට දැනෙන දේ සියල්ලන්ටම දැනේ නම්—හැඟීම් ඒකාබද්ධ කිරීමෙන් අපි දෙවියන්වහන්සේ සමඟ බලය ලබාගන්නෙමු.” 1

ඒ කුඩා වාක්‍යය මට අකුණු සැරක් මෙන් වැදුණා. හැඟීම් ඒකාබද්ධ කිරීමෙන් අපි දෙවියන්වහන්සේ සමඟ බලය ලබාගන්නවා. මේ ලෝකය මට එය අවශ්‍ය වූ ලෙස නෑ. මට බලපෑමක් ඇතිකිරීමට හා වඩා හොඳ කිරීමට අවශ්‍ය බොහෝ දේ තිබෙනවා. ඇත්තෙන්ම අවංකවම, මා බලාපොරොත්තු වන දෙයට විශාල විරුද්ධත්වයක් ඇති අතර, සමහරවිට මට බලයක් නැති බවක් දැනෙනවා. මෑතකදී, මම මගෙන්ම සොයාගැනීමේ අරමුණින් ප්‍රශ්න අසමින් සිටියා: මා අවට සිටින අයව මම වඩා හොඳින් තේරුම්ගන්නේ කෙසේද? සියල්ලන්ම එකිනෙකාගෙන් වෙනස් වූ විට මම එම “ඒකාබද්ධ හැඟීම” ඇතිකරන්නේ කෙසේද? මා අන් අය සමඟ තවත් ටිකක් එක්සත් වී සිටින්නේ නම් මට දෙවියන්වහන්සේගෙන් ලබාගත හැකි බලය කුමක්ද? මගේම ප්‍රාණය-සෙවීමේදී, මට යෝජනා තුනක් හමුවුණා. සමහරවිට ඒවා ඔබටත් උදව් කරයි.

දයාව ඇතිකරගන්න

යාකොබ් 2:17 මෙහෙම කියනවා, “නුඹලාගේ [සහෝදරයන් සහ සහෝදරියන්ව] නුඹලා හා සමානවම සිතන්න, තවද සියල්ලන් සමග සමීප වන්න, තවද ඔවුන්ද නුඹලා මෙන් පොහොසත් වන පිණිස නුඹලාගේ වස්තුව බෙදාගන්න.” ධනය යන වචනය වෙනුවට දයාව ආදේශ කරමු—ඔවුන් ඔබට මෙන් පොහොසත් වන පිණිස නුඹලාගේ දයාව බෙදාගන්න.

අපි බොහෝවිට ධනය ගැන සිතන්නේ ආහාර හෝ මුදල් සම්බන්ධයෙන්, නමුත් සමහරවිට අප සැමට දේවසේවයේදී වැඩිපුර අවශ්‍ය වන්නේ දයාවයි.

මගේ සහන සමිතියේ සභාපති මෑතකදී මෙසේ පැවසුවා: “මම ඔබට පොරොන්දු වන දෙය නම්… මම ඔබේ නම සුරක්ෂිතව තබාගන්නවා. … ඔබේ උපරිමයෙන් ඔබ කවුරුන්දැයි මම ඔබව දකිනවා. … මම ඔබ ගැන කිසිවිටෙකත් අකාරුණික දෙයක් හෝ, ඔබව ඔසවා තබන්නේ නැති දෙයක් කියන්නේ නැහැ. මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මා වෙනුවෙන් ඒ දේම කරන්න කියායි, මන්ද මම අවංකවම, ඔබව කණස්සල්ලට පත්කරයි යන භීතියට පත්ව සිටිනවා.”

ජෝසෆ් ස්මිත් 1842 ජුනි මාසයේ සහෝදරියන්ට ඒ ගැන මෙසේ පැවසුවා:

“පුද්ගලයන් මට අවම කරුණාව හා ආදරය ප්‍රකාශ කරන විට, අහෝ, එයට මගේ මනසට වඩා ඉහළින් ඇති බලය කුමක්ද. …

“… අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වෙත අප ළං වන තරමටම, විනාශ වන ආත්මයන් කෙරෙහි අනුකම්පාවෙන් බැලීමට අපි වැඩි වැඩියෙන් පෙළඹෙමු—[අපට දැනෙන්නේ] ඔවුන්ව අපගේ උරහිස මත තබාගෙන, ඔවුන්ගේ පව් අපගේ පිටුපසට විසි කරන්නටය. [මගේ කතාව] මේ සියලුම සමාජය වෙතටයි—දෙවියන්වහන්සේට ඔබ කෙරෙහි දයාව තිබීම ඔබට අවශ්‍ය නම්, එකිනෙකා කෙරෙහි දයාව තබාගන්න.” 2

මෙය විශේෂයෙන් සහන සමිතියට වූ උපදෙසක්. අපි එකිනෙකා විනිශ්චය නොකරමු, නැතහොත් අපගේ වචන සපා කෑමට ඉඩනොදෙමු. අපි එකිනෙකාගේ නම් සුරක්ෂිතව තබා දයාවේ ත්‍යාගය ලබාදෙමු. 3

ඔබේ බෝට්ටුව පද්දන්න

1936 දී, වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ අප්‍රසිද්ධ ඔරු පැදීමේ කණ්ඩායමක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ජර්මනියට ගියා. එය මහා කණස්සල්ලක ගැඹුරේ තිබුණා. මොවුන් කම්කරු පංතියේ පිරිමි ළමයින් වූ අතර, කුඩා පතල් හා දැව නගර විසින්, බර්ලිනයට යාමට හැකිවන පරිදි මුදල් ටිකක් ඔවුන්ට පරිත්‍යාග කර තිබුණා. තරඟයේ සෑම අංශයක්ම ඔවුන්ට එරෙහිව ගොඩගැසී ඇති බවක් පෙනෙන්නට තිබුණත්, තරඟයේදී යම් දෙයක් සිදුවුණා. බෝට්ටු පැදීමේ ලෝකයේ ඔවුන් එය හඳුන්වන්නේ “පැද්දීම” ලෙසයි. බෝට්ටුවේ පිරිමි ළමයින් යන පොත පදනම් කරගෙන ලියවී ඇති මෙම විස්තරයට සවන්දෙන්න:

සාක්ෂාත් කරගැනීමට අපහසු සහ නිර්වචනය කිරීමට අපහසු සමහරවිට සිදුවන දෙයක් එහි තිබුණා. එය “පැද්දීම” ලෙස හැඳින්වූවා. එය සිදුවන්නේ සියල්ලන්ම එකමුතු ලෙස බෝට්ටුව පැදීමේදී පමණයි, එක ක්‍රියාවක්වත් ඒ එකමුතුවෙන් අහකට යන්න බෑ.

පදින්නන් ඔවුන්ගේ දරුණු ස්වාධීනත්වය තුළ රජවිය යුතු අතර ඒ සමඟම ඔවුන්ගේ තනි හැකියාවන් අනුව කටයුතු කළ යුතුයි. තරඟ ක්ලෝන මගින් දිනාගන්නේ නෑ. හොඳ පිරිසක් යනු හොඳ සම්මිශ්‍රණයක්—එනම්, යමෙකු පෙරමුණට නායකත්වය දීම, යමෙකු යමක් සංචිතයේ තබාගැනීම, යමෙකු සටනට සටන්කිරීම, යමෙකු සාමය ඇති කිරීම එයට ඇතුළත්. කිසිම පදින්නෙකු තවත් කෙනෙකුට වඩා වටින්නේ නැත, සියල්ලන්ම බෝට්ටුවේ වත්කම්, නමුත් ඔවුන් හොඳින් බෝට්ටුව පැදීමට නම්, සෑමකෙනෙකුම අනෙක් අයගේ අවශ්‍යතා හා හැකියාවන් අනුව හැඩගැසිය යුතුයි—කෙටි දෑත් ඇති පුද්ගලයා මඳක් ඇතට, සහ දිගු දෑත් ඇති පුද්ගලයා ටිකක් ලඟටත් ඇදිය යුතුයි.

අවාසි වෙනුවට වෙනස්කම් වාසි වෙත හැරවිය හැකියි. බෝට්ටුව තනිවම ගමන් කරනවා සේ දැනෙන්නේ එවිට පමණයි. වේදනාව මුළුමනින්ම ප්‍රීතියට මගපාදන්නේ එවිට පමණයි. හොඳ “පැද්දීමක්” හරියට කවියක් මෙන් දැනෙනවා.

ඉහළ බාධක වලට එරෙහිව, මෙම කණ්ඩායම පරිපූර්ණ පැද්දීම සොයාගෙන ජයග්‍රහණය කළා. ඔලිම්පික් රන් පදක්කම ප්‍රීතිමත් එකක් වූ නමුත්, එදින සෑම පදින්නෙකුම අත්විඳින ලද එකමුතුකම ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන් සමඟ රැඳී සිටින ශුද්ධ අවස්ථාවක්.

යහපත වර්ධනය වන තරමට නරක ඉවත් කරන්න

යාකොබ් 5 හි ඇති උත්කෘෂ්ට උපමාවේ, මිදිවත්තේ ස්වාමියා හොඳ භූමියක හොඳ ගසක් රෝපණය කළ නමුත් කාලයත් සමඟ එය දූෂිත වී වල් ඵල දැරුවා. මිදිවත්තේ ස්වාමියා අට වතාවක් මෙසේ පැවසුවා: “මේ ගස නැතිවීම මට ශෝකයක්.”

සේවකයා මිදිවත්තේ ස්වාමියාට මෙසේ කිව්වා: “[ගස] තව ටිකක් ඉතුරු කරන්න. එවිට ස්වාමියා මෙසේ පැවසුවා: එසේය, මම එය තව ටිකක් ඉතිරි කරන්නෙමි.” 5

අපේම කුඩා මිදිවතු වල හාරා හොඳ ඵල සොයාගැනීමට උත්සාහ කරන අප සැමට අදාළ කළ හැකි උපදෙස් ඉන්පසු ලබාදෙනවා: “යහපත් ඒවා වර්ධනය වන විට ඒ අනුව නරක ඉවත් කළ යුතුය.” 6

එක්සත්කම මායාවක් මෙන් සිදුවන්නේ නෑ; ඒ සඳහා ක්‍රියාවන් අවශ්‍යයි. එය අවුල් සහගතයි, සමහරවිට සැප පහසු නෑ, ඒ වගේම හොඳ දේ වර්ධනය විය හැකි තරම් වේගයෙන් අයහපත අපි ඉවත් කරන විට එය ක්‍රමයෙන් සිදුවෙනවා.

සමගිය ඇතිකිරීමට අප ගන්නා උත්සාහයන්හි අපි කිසිවිටෙකත් තනිවෙලා නෑ. යාකොබ් 5 තවදුරටත් මෙහෙම කියනවා, “සේවකයෝ ඔවුන්ගේ ශක්තියෙන් වෙහෙස වීමට ගියෝය; තවද මිදිවත්තේ ස්වාමියාද ඔවුන් සමග එසේම වෙහෙසවිය.” 7

කිසිවිටෙකත් සිදුනොවිය යුතු දේවල් සිදුවෙමින්, අප සෑම කෙනෙකුටම ගැඹුරින් වේදනාකාරී අත්දැකීම් ලැබෙනු ඇත. අප සෑම කෙනෙකුම විවිධ කාල වලදී, අප දරන ඵල දූෂණය කිරීමට උඩඟුකමට හා උදාරකමට ඉඩදෙනු ඇත. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියලුම දේවල් වලදී අපගේ ගැලවුම්කරුවාණන්ය. උන්වහන්සේගේ බලය ඉතා පහළට ළඟාවන අතර අප උන්වහන්සේට හඬගසන විට එය විශ්වාසදායක ලෙස අපට ලබාදෙයි. අපගේ පාපයන් හා අසාර්ථකත්වයන් සඳහා අපි සියල්ලෝම දයාව ඉල්ලා සිටිනවා. උන්වහන්සේ නොමිලයේම එය ලබාදෙනවා. උන්වහන්සේ අපෙන් අසන්නේ අපට එකිනෙකාට එම දයාව හා අවබෝධය ලබාදිය හැකිද යන්නයි.

යේසුස්වහන්සේ එය මෙසේ පැවසුවා: “ඒකත්වයක් වන්න; තවද නුඹලා ඒකත්වයක් නොවන්නේ නම්, නුඹලා මාගෙන් නොවන්නෝය.” 8 නමුත් අපි ඒකත්වයක් වන්නේ නම්—අපට අපගේ කේක් කැබැල්ලක් ඉතිරි කරගැනීමට හෝ අපගේ පෞද්ගලික කුසලතාවන්ට සරිලන සේ බෝට්ටුව පරිපූර්ණ එකමුතුව ඇතිව පැද්දීමට හැකි නම්—එවිට අපි උන්වහන්සේගෙයි. යහපත වර්ධනය වන තරමට අයහපත ඉවත් කිරීමට උන්වහන්සේ උදව් කරයි.

දිවැසිවර පොරොන්දු

අප තවමත් අපට සිටිය යුතු තැන නොසිටින අතර, එමෙන්ම අප දැන් සිටින්නේ අප ඉදිරියේදී සිටින තැන නොවේ. අප තුළ සහ අප අයත් වන කණ්ඩායම් තුළ අප බලාපොරොත්තු වන වෙනස ක්‍රියාකාරීත්වයෙන් පැමිණීම අවම වනු ඇති අතර එකිනෙකා තේරුම්ගැනීමට සෑම දිනකම ක්‍රියාශීලීව උත්සාහ කිරීමෙන් වැඩි වශයෙන් පැමිණෙන බව මම විශ්වාස කරනවා. ඒ ඇයි? මක්නිසාදයත් අපි “එක හදවතකින් හා එක මනසින්”—ජීවත් වන සයොනය ගොඩනගන නිසයි. 9

ගිවිසුම් කාන්තාවන් වශයෙන් අපට පුළුල් බලපෑමක් තිබෙනවා. එදිනෙදා අවස්ථාවන්හිදී අප මිතුරෙකු සමඟ පාඩම් කරන විට, ළමයින්ව නිදාකරවන විට, බස් රථයේ ආසනයේ සිටින සගයෙකු සමඟ කතා කරන විට, සගයකු සමඟ ඉදිරිපත් කිරීමක් සූදානම් කරන විට එම බලපෑම අදාළ වෙනවා. අගතිය ඉවත් කර සමගිය ගොඩනැගීමට අපට බලය තිබෙනවා.

සහන සමිතිය සහ තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති හුදෙක් පන්ති නොවේ. එකිනෙකට වෙනස් කාන්තාවන් සියලුදෙනාම එකතුවී අපගේ පැද්දීම සොයාගන්නා තෙක් එකම බෝට්ටුවකට නැගී බෝට්ටුව පැදීමෙන් අමතක නොවන අත්දැකීම් ලබාගත හැකියි. මම මෙම ආරාධනය ඉදිරිපත් කරනවා: ලෝකය යහපත සඳහා වෙනස් කරන සාමූහික බලවේගයක කොටසක් වන්න. දේවසේවය කිරීමට අපගේ ගිවිසුම් පැවරුම වන්නේ, පහළට එල්ලා වැටෙන දෑත් ඔසවා තැබීම, අරගල කරන මිනිසුන්ව අපේ පිටේ හෝ අත්වල තබාගෙන ඔවුන්ව රැගෙන යාමයි. කුමක් කළ යුතු දැයි දැනගැනීම එතරම් සංකීර්ණ නොවේ, නමුත් එය බොහෝවිට අපගේ ආත්මාර්ථකාමී උවමනාවන්ට පටහැනි වන අතර අප ඒ සඳහා උත්සාහ කළ යුතුයි. මෙම සභාවේ කාන්තාවන්ට සමාජය වෙනස් කිරීමට අසීමිත හැකියාවක් තිබෙනවා. අප හැඟීම් වලින් ඒකත්වයක් වීමට උත්සාහ කරන විට, අපගේ උත්සාහයන් සම්පූර්ණ කිරීමට දෙවියන්වහන්සේගේ බලය අපි ඉල්ලා සිටින බවට, මට පූර්ණ අධ්‍යාත්මික විශ්වාසයක් තිබෙනවා.

සභාව 1978 දී පූජකත්වය පිළිබඳ එළිදරව්ව සමරන විට, සභාපති රසල් එම්. නෙල්සන් ප්‍රබල අනාවැකිමය ආශිර්වාදයක් ලබාදුන්නා: “මගේ යාච්ඤාව හා ආශිර්වාදය, අපට අගතියේ ඕනෑම බරක් ජයගෙන දෙවියන්වහන්සේ හා—එකිනෙකා සමඟ—පරිපූර්ණ සාමයෙන් හා සමගියෙන් අවංකව ගමන් කරන ලෙසට සවන්දෙන සියල්ලන් මතම මම තබනවා.” 10

මෙම අනාවැකිමය ආශිර්වාදය ලබාගෙන ලෝකයේ එක්සත්කම වැඩි කිරීම සඳහා අපගේ පුද්ගලික හා සාමූහික උත්සාහයන් භාවිතා කරමු. ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නිහතමානී, කාලානුරූපී යාච්ඤාවේ වචන වලින් මම මගේ සාක්ෂිය තබනවා: “ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤා කරමි.” 11 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.