ප්‍රධාන සම්මන්ත්‍රණය
ධර්මිෂ්ඨකම හා සමගිය තුළ බැඳී ඇති හදවත්
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ධර්මිෂ්ඨකම හා සමගිය තුළ බැඳී ඇති හදවත්

අපගේ සභා ඉතිහාසයේ අවුරුදු 200 ක මේ උච්චතම අවස්ථාවෙහිදී, ධර්මිෂ්ඨව ජීවත් වීමටත් වෙන කවරදාටත් වඩා එක්සත් වීමටත් අපි කැපවෙමු.

ධර්මිෂ්ඨකම සහ සමගිය ඉතාමත්ම වැදගත්. 1 මිනිසුන් දෙවියන්වහන්සේට මුළු හදවතින්ම ප්‍රේම කරමින් ධර්මිෂ්ඨ ලෙස උන්වහන්සේ හා සමාන වීමට උත්සාහ කරන විට, සමාජය තුළ ආරවුල් හා මතභේද අඩු වෙනවා. එහි සමගිය වැඩි වෙනවා. මම කැමති මෙය නිදර්ශනය කරන සත්‍ය කතාවක් තිබෙනවා.

අපගේ ඇදහිල්ලට අයත් නොවන තරුණයෙකු ලෙස, ජෙනරාල් තෝමස් එල්. කේන් ශුද්ධවන්තයන්ට නාවූ වෙත පලා යාමට අවශ්‍ය වූ විට, ශුද්ධවන්තයන්ට උදව් කොට ආරක්ෂා කළා. ඔහු වසර ගණනාවක් සභාව වෙනුවෙන් කතා කරන්නෙකු ලෙස පෙනී සිටියා. 2

1872 දී ජෙනරාල් කේන්, ඔහුගේ දක්ෂ බිරිඳ එලිසබෙත් වුඩ් කේන් සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා පෙන්සිල්වේනියාවේ පිහිටි ඔවුන්ගේ නිවසේ සිට සෝල්ට් ලේක් නගරය දක්වා ගමන් කළා. ඔවුන් බ්‍රිගම් යන්ග් සහ ඔහුගේ සගයන් සමඟ දකුණින් යූටාහි ශාන්ත ජෝර්ජ් වෙත ගමන් කළා. එලිසබෙත් තම පළමු යූටා සංචාරයට පැමිණියේ කාන්තාවන් වෙනුවෙන් වූ විශේෂ කොන්දේසි සහිතවයි. ඇය ඉගෙනගත් සමහර දේවල් ගැන ඇය පුදුමයට පත්වුණා. නිදසුනක් වශයෙන්, කාන්තාවකට ජීවිකාව උපයාගත හැකි ඕනෑම වෘත්තියක් යූටාහි ඔවුන්ට විවෘත බව ඇය සොයාගත්තා. 3 සභාවේ සාමාජිකයන් ස්වදේශික ඇමරිකානුවන් සම්බන්ධයෙන් කාරුණික හා අවබෝධයෙන් කටයුතු කරන බව ඇය සොයාගත්තා. 4

සංචාරය අතරතුර ඔවුන් ෆිල්මෝර් හි තෝමස් ආර්. සහ මැටිල්ඩා රොබිසන් කිංගේ නිවසේ නැවතී සිටියා. 5

මැටිල්ඩා සභාපති යන්ග් සහ ඔහුගේ පිරිස සඳහා ආහාර වේලක් පිළියෙළ කරමින් සිටියදී ඇමරිකානු ඉන්දියානුවන් පස්දෙනෙකු කාමරයට පැමිණි බව එලිසබෙත් ලියා තිබෙනවා. ආරාධනා නොකළද, ඔවුන් එම පිරිස හා එක්වීමට අපේක්ෂා කරන බව පැහැදිලිව පෙනුනා. කිං සහෝදරිය ඔවුන්ට “ඔවුන්ගේම භාෂාවෙන්” කතා කළා. ඔවුන්ගේ මුහුණු වල ප්‍රසන්න පෙනුමකින් යුතුව ඔවුන් ඔවුන්ගේ බ්ලැන්කට් සමඟ වාඩි වී සිටියා. එලිසබෙත් කිංගේ දරුවෙකුගෙන් මෙහෙම ඇසුවා, “ඔබේ මව ඒ මිනිසුන්ට කීවේ කුමක්ද?”

මැටිල්ඩාගේ පුතාගේ පිළිතුර වුනේ “ඇය කිව්වා, මෙම ආගන්තුකයන් මුලින්ම පැමිණියා, ඒ වගේම මම කෑම පිළියෙල කළේ ඔවුන් සඳහා ප්‍රමාණවත් ලෙසයි, නමුත් ඔබේ ආහාරය දැන් ගින්දර මත පිසින ගමන් තිබෙන්නෙ, එය සූදානම් වූ වහාම මම ඔබට කතා කරන්නම්.”’

එලිසබෙත් මෙහෙම ඇසුවා, “ඇය ඇත්තටම එසේ කරයිද, නැතිනම් මුළුතැන්ගෙයි දොර ළඟදි ඉතිරි වූ දේ දෙයිද?” 6

මැටිල්ඩාගේ පුතා පිළිතුරු දුන්නා, “අම්මා ඔබට සේවය කරන ආකාරයටම ඔවුන්ට සේවය කර ඇගේ මේසයේ ඔවුන්ට ස්ථානයක් ලබාදෙනවා.”

ඒවගේම ඇය එසේ කළ අතර, “ඔවුන් පරිපූර්ණ ලෙස අනුභව කළා.” මෙම සත්කාර කරන්නිය ඇගේ මතය අනුව සියයට සියයක් ඉහළ ගිය බව එලිසබෙත් පැහැදිලි කළා. 7 බාහිර ලක්ෂණ වලින් වෙනස් වුවද, මිනිසුන්ට අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව සලකන විට සමගිය වැඩි වෙනවා.

නායකයන් වශයෙන්, අතීතයේදී සියලු සබඳතා පරිපූර්ණ වූ බවත්, සියලු හැසිරීම් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන බවත්, හෝ සියලු තීරණ යුක්ති සහගත බවටත් මායාවකට අපි යටත් වී නෑ. කෙසේවෙතත්, අප සියල්ලන්ම ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ගේ දරුවන් වන බව අපගේ ඇදහිල්ල උගන්වනවා, ඒ වගේම උන්වහන්සේටත්, අපගේ ගැලවුම්කරුවාණන් වන උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේටත් අපි නමස්කාර කරනවා. අපගේ හදවත් හා මනස ධර්මිෂ්ඨකමින් හා එකමුතුකමින් බැඳී තිබීම, සහ අපි උන්වහන්සේලා සමඟ එක්වීම අපගේ ආශාවයි. 8

ධර්මිෂ්ඨකම යනු පුළුල් විස්තීර්ණ යෙදුමක්, නමුත් නිසැකවම දෙවියන්වහන්සේගේ ආඥා අනුව ජීවත්වීම එයට ඇතුළත් වෙනවා. 9 ගිවිසුම් මාවත අයත් වන පරිශුද්ධ නියෝග වලට ඒවා අපව සුදුසු කරවන අතර අපගේ ජීවිත වලට ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම දෙමින් අපට ආශිර්වාද කරනවා. 10

අපි සෑම කෙනෙක්ටම මේ මොහොතේ අපගේ ජීවිත වල සෑම ආශිර්වාදයක්ම තිබීම මත ධර්මිෂ්ඨ වීම රඳා පවතින්නේ නෑ. අප විවාහ වී හෝ දරුවන් සමඟ ආශිර්වාද කර හෝ වෙනත් අපේක්ෂිත ආශිර්වාද ලබා නොතිබිය හැකියි. නමුත් ඇදහිලිවන්ත ධර්මිෂ්ඨයන් “දෙවියන්වහන්සේ සමඟ කිසි කලෙක නොනවතින සතුටක වාසය කරන” බව ස්වාමින්වහන්සේ පොරොන්දු වී තිබෙනවා. 11

සමගිය යන වචනයද පුළුල් විස්තීර්ණ යෙදුමකි, නමුත් නිසැකවම එය දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීම යන පළමු හා දෙවන ශ්‍රේෂ්ඨ ආඥා නිරූපණය කරනවා. 12 හදවත් හා මනස එකට බැඳී ඇති සයොනයේ ජනතාව පිළිබඳ එහි දැක්වෙනවා. 13

ශුද්ධ වූ ශුද්ධලියවිලි වෙතින් වන අසමානකම් හා පාඩම් මගේ පණිවිඩයේ සන්ධර්භයයි.

පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රථම වරට පෙනී සිට 1820 දී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම ආරම්භ කර වසර 200 ක් ගතවී තිබෙනවා. ගැලවුම්කරුවාණන් පුරාණ අමෙරිකාවේ පෙනී සිට උන්වහන්සේගේ සභාව පිහිටුවීමෙන් පසු එවැනිම අවුරුදු 200 ක කාල පරිච්ඡේදයක් මොර්මොන්ගේ පොතේ 4 නෙපි හි සඳහන් වෙනවා.

නෙපි 4 හි අප කියවන ඓතිහාසික වාර්තාව විස්තර කරන්නේ ඊර්ෂ්‍යාව, ආරවුල්, කැලඹීම්, බොරු කීම, මිනීමැරුම් හෝ කිසිම ආකාරයක කාමුක බවක් නැති ජනතාවක් ගැනයි. මෙම ධර්මිෂ්ඨකම පිළිබඳ එම වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා, “සත්‍යයෙන්ම එහි දෙවියන්වහන්සේගේ හස්තයෙන් මවනු ලැබුවාවූ සියලුම ජනතාව අතර වෙනත් ප්‍රීතිමත් ජනතාවක් සිටිය නොහැකිය.” 14

සමගිය සම්බන්ධයෙන්, 4 නෙපි හි මෙසේ කියනවා, “තවද එය මෙසේ සිදුවිය, එනම් දෙවියන්වහන්සේගේ ප්‍රේමය ජනතාවගේ හදවත් තුල තිබුණු හෙයින් එහි දේශයේ විවාදයක් නොවීය.” 15

අවාසනාවකට මෙන්, අයුක්තිය හා බෙදීම මගින් ධර්මිෂ්ඨකම හා සමගිය විනාශ කළ “දෙසිය එක් වන වසර” 16 තුළ ආරම්භ වූ නාට්‍යාකාර වෙනසක් ගැන නෙපි 4 පසුව විස්තර කරනවා. එවකට සිදුවූ ඉතා පටු සිතුවිලි වල ගැඹුර පසුව කෙතරම් නපුරුද යත්, අවසානයේදී ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයා වූ මොර්මොන් තම පුත් මොරෝනිට විලාප තබනවා:

“එහෙත් අහෝ මාගේ පුත්‍රය, ඔවුන්ගේ ප්‍රමෝධය ඉතා බලවත් පිළිකුල්කම මත වන, ජනතාව මේ ආකාර වන්නේ කෙසේද—

“දෙවියන්වහන්සේ උන්වහන්සේගේ හස්තය අපගේ විනිශ්චයට විරුද්ධව වලක්වා ගැනීම අපට බලාපොරොත්තු විය හැකිවන්නේ කෙසේද?” 17

මෙම කාලපරිච්ඡේදයේදී, අප ජීවත් වන්නේ විශේෂ කාලයක වුවද, නෙපි 4 හි විස්තර කර ඇති ධර්මිෂ්ඨකම හා සමගිය මගින් ලෝකය ආශිර්වාද ලබා නැත. ඇත්තවශයෙන්ම, අප ජීවත්වන්නේ විශේෂයෙන් ශක්තිමත් බෙදීම් සහිත මොහොතකයි. කෙසේවෙතත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිගත් මිලියන සංඛ්‍යාත පිරිසක් ධර්මිෂ්ඨකම හා සමගිය ළඟා කරගැනීමට කැපවී සිටිනවා. අපට වඩා හොඳින් කළ හැකි බව අපි කවුරුත් දන්නවා, ඒ මේ දවසේ අපගේ අභියෝගයයි. සමස්තයක් ලෙස සමාජය ඔසවා ආශිර්වාද කිරීමට අපට බලවේගයක් විය හැකියි. අපගේ සභා ඉතිහාසයේ අවුරුදු 200 ක මේ උච්චතම අවස්ථාවෙහිදී, ස්වාමින්වහන්සේගේ සභාවේ සාමාජිකයන් වශයෙන් ධර්මිෂ්ඨව ජීවත් වීමටත් වෙන කවරදාටත් වඩා එක්සත් වීමටත් අපි කැපවෙමු. “වඩා ශිෂ්ට සම්පන්න, වාර්ගික හා ජනවාර්ගික සමගිය සහ අන්‍යෝන්‍ය ගෞරවය විදහා දක්වන ලෙස” සභාපති රසල් එම්. නෙල්සන් අපෙන් ඉල්ලා තිබෙනවා. 18 මෙයින් අදහස් කරන්නේ එකිනෙකාට සහ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ සෑම කෙනෙකුවම සහෝදර සහෝදරියන් ලෙස පිළිගැනීම සහ සැබවින්ම සයොනයේ ජනතාවක් බවට පත්වීමයි.

අපගේ සෑම දෙයක්ම අඩංගු මූලධර්මය සමඟ, අපට එකමුතුකමේ ක්ෂේම භූමියක් විය හැකි අතර විවිධත්වය සැමරිය හැකියි. සමගිය හා විවිධත්වය එකිනෙකට වෙනස් වන්නේ නෑ. විවිධත්වයට ඇතුළත් වීමේ හා ගෞරව කිරීමේ වාතාවරණයක් අප විසින් පෝෂණය කරන විට අපට වැඩි එක්සත්කමක් ලබාගත හැකියි. මම සැන් ෆ්රැන්සිස්කෝ කැලිෆෝනියා ස්ටේකයේ සභාපතිත්වයේ සේවය කළ කාලය තුළ අපට ස්පාංඥ, ටොංගන්, සමෝවාන්, තගාලොග් සහ මැන්ඩරින් භාෂාව කතා කරන සභා තිබුණා. අපේ ඉංග්‍රීසි කතා කරන කොට්ටාශ බොහෝ වාර්ගික හා සංස්කෘතික පසුබිම් වලින් පැමිණි අයගෙන් සමන්විත වුණා. එහි ප්‍රේමය, ධර්මිෂ්ඨකම හා සමගිය තිබුණා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගේ සභාවේ කොට්ඨාශ සහ ශාඛා තීරණය කරනු ලබන්නේ භූගෝලීය හෝ භාෂාවෙන් 19 මිස ජාතියෙන් හෝ සංස්කෘතියෙන් නොවේ. සාමාජික වාර්තා වල ජාතිය සඳහන් වන්නේ නෑ.

ක්‍රිස්තුස්වහන්සේගේ උපතට ආසන්න වශයෙන් වසර 550 කට පෙර, මොර්මොන්ගේ පොතෙහි මුල් අවදියේදී, ස්වර්ගයේ පියාණන්වහන්සේගේ දරුවන් අතර ඇති සම්බන්ධය පිළිබඳ මූලික ආඥාව අපට උගන්වනවා. සියලුදෙනාම ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපැදිය යුතු අතර, සියලුදෙනාටම ස්වාමින්වහන්සේගේ යහපත්කමට හවුල් වීමට ආරාධනා ලැබ තිබෙනවා; “තවද උන්වහන්සේ වෙතට එන කිසිවෙක් උන්වහන්සේ එපා නොකරන සේක. කළු සහ සුදු, වහල්ලා හෝ නිදහස් තැනැත්තා, පිරිමියෙකු හෝ ගැහැණියෙකු, තවද උන්වහන්සේ මිත්‍යාදෘෂ්ඨිකයා මතක් කරන සේක; තවද සියල්ලෝම යුදෙව්වා සහ අන්‍ය ජාතිකයන් දෙවර්ගයම දෙවියන්වහන්සේට සමානය.” 20

සියලු ජාතීන් සහ වර්ණ දෙවියන්වහන්සේගේ දරුවන් බව ගැලවුම්කරුවාණන්ගේ දේවසේවය සහ පණිවිඩය නිරතුරුවම ප්‍රකාශ කර තිබෙනවා. අපි සියල්ලන්ම සහෝදර සහෝදරියන්. නැවත පිහිටුවීම සඳහා සත්කාරක රට වන එක්සත් ජනපදය, එක්සත් ජනපද ව්‍යවස්ථාව 21 සහ අසම්පූර්ණ මිනිසුන් විසින් ලියන ලද අදාළ ලියවිලි 22 සියලු මිනිසුන්ට ආශිර්වාද කිරීම සඳහා දෙවියන්වහන්සේ විසින් දේවානුභාවයෙන් ලද දේවල් බව අපගේ දහම තුළ අපි විශ්වාස කරනවා. අප දහම සහ ගිවිසුම් හි කියවන පරිදි, මෙම ලියවිලි “ස්ථාපිත කර ඇති අතර ඒවා සාධාරණව හා ශුද්ධ වූ මූලධර්මයන්ට අනුව, සියලු මාංශයන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සඳහා පවත්වා ගත යුතුයි.” 23 මෙම මූලධර්ම වලින් දෙකක් නම් තමාගේම පව් සඳහා තෝරාගැනීමේ නිදහස සහ වගවීමයි. ගැලවුම්කරුවාණන් මෙසේ කිව්වා:

“එසේහෙයින්, කිසියම් මනුෂ්‍යයෙකු එක් අයෙකු තව කෙනෙකුට බැඳීමක් තිබීම නොසුදුසු වන්නේය.

“තවද මෙම කාරණාව උදෙසාම මා ඔසවා ඇති ප්‍රඥාවන්ත මනුෂ්‍යයන්ගේ අත් වලින්, මෙම කාරණාව උදෙසා මෙම දේශයට මම ව්‍යවස්ථාවක් පිහිටුවා ඇත්තෙමි, තවද රුධිරය වැගිරිම මගින් මෙම දේශය මුදවා ඇත්තෙමි.” 24

මෙම එළිදරව්ව ලැබුනේ 1833 දී මිසුරි හි ශුද්ධවන්තයින් විශාල පීඩා විඳිමින් සිටියදීයි. දහම සහ ගිවිසුම් හි 101 වන කොටසේ ශීර්ෂයේ මෙසේ සඳහන් වෙනවා: “මැරයන් විසින් ඔවුන්ව ජැක්සන් ප්‍රාන්තයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් වලින් පලවා හැර ඇත. … සභාවේ [සාමාජිකයන්ට] එරෙහිව මරණ තර්ජන බොහෝ විය.” 25

මෙය කාරණා කිහිපයක ආතතියේ කාලයක් වුණා. බොහෝ මිසුරියානුවන් ස්වදේශික ඇමරිකානුවන්ව නිර්දය සතුරෙකු ලෙස සැලකූ අතර ඔවුන්ව භූමියෙන් ඉවත් කිරීමට අවශ්‍ය වී තිබුණා. මීට අමතරව, මිසුරි පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් වහල්කරුවන්ගේ හිමියන් වූ අතර වහල්භාවයට විරුද්ධ වූවන්ගේ තර්ජනයට ලක්වුණා.

ඊට වෙනස්ව, අපගේ දහම ස්වදේශික ඇමරිකානුවන්ට ගරු කළ අතර අපගේ ආශාව වූයේ ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගැන්වීමයි. වහල්භාවය සම්බන්ධයෙන්, කිසිම මිනිසෙකු තවත් කෙනෙකුට වහල්භාවයේ නොසිටිය යුතු බව අපගේ ශුද්ධලියවිලි පැහැදිලි කර තිබෙනවා. 26

අවසානයේදී, ශුද්ධවන්තයින්ව මිසුරි වෙතින් ප්‍රචණ්ඩ ලෙස පලවා හරින ලද අතර 27 පසුව බටහිරට යාමට බල කෙරුණා. 28 ශුද්ධවන්තයන් සමෘද්ධිමත් වූ අතර ධර්මිෂ්ඨකම, සමගිය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම තුළින් සාමය සොයාගත්තා.

යොහාන්ගේ සුවිශේෂයේ වාර්තා වී ඇති ගැලවුම්කරුවාණන්ගේ මැදිහත් යාච්ඤාව ගැන මම සතුටු වෙනවා. පියාණන්වහන්සේ උන්වහන්සේව එවූ බවත් එමෙන්ම ගැලවුම්කරුවාණන් වන උන්වහන්සේට කිරීමට එවූ කාර්යය සම්පූර්ණ කළ බවත්, ගැලවුම්කරුවාණන් එහිදී සඳහන් කළා. උන්වහන්සේ තම ගෝලයන් හා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අය වෙනුවෙන් යාච්ඤා කළා: “ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත්ය.” 29 ඒකත්වය යනු ක්‍රිස්තුස්වහන්සේව පාවාදීමට හා කුරුසියේ ඇණ ගැසීමට පෙර යාච්ඤා කළ දෙයයි.

දහම සහ ගිවිසුම් හි 38 වන කොටසේ සඳහන් කර ඇති, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමේ පළමු වර්ෂයෙන් පසු ස්වාමින්වහන්සේ යුද්ධ හා දුෂ්ටකම් ගැන කතා කරමින් මෙසේ ප්‍රකාශ කළා, “මම නුඹලා හට පවසන්නෙමි, ඒකත්වයක් වන්න; තවද නුඹලා ඒකත්වයක් නොවන්නේ නම්, නුඹලා මාගෙන් නොවන්නෝය. 30

අපගේ සභාවේ සංස්කෘතිය පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙන්. ප්‍රේරිත පාවුල් රෝමවරුන්ට ලියූ ලිපිය ගැඹුරුයි. 31 රෝමයේ මුල් සභාව යුදෙව්වන් හා අන්‍ය ජාතීන්ගෙන් සමන්විත වුණා. මෙම මුල් යුදෙව්වන්ට යුදෙව් සංස්කෘතියක් තිබූ අතර “ඔවුන්ගේ විමුක්තිය දිනාගෙන, වැඩි වී සමෘද්ධිමත් වීමට පටන්ගත්තා.” 32

රෝමයේ අන්‍ය ජාතිකයින්ට සැලකිය යුතු හෙලෙනිස්ටික් බලපෑමක් ඇති සංස්කෘතියක් තිබූ අතර, ඇතන්ස් සහ කොරින්තියේ අත්දැකීම් නිසා ප්‍රේරිත පාවුල් එය හොඳින් වටහාගෙන තිබුණා.

පාවුල් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සවිස්තරාත්මකව ඉදිරිපත් කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ශුභාරංචියට පටහැනි යුදෙව් හා අන්‍ය ජාතික සංස්කෘතියේ 33 අදාළ කරුණු ඔහු විස්තර කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට අනුකූල නොවන ඔවුන්ගේ විශ්වාසයන්ගෙන් හා සංස්කෘතියෙන් සංස්කෘතික බාධාවන් අත්හරින ලෙස ඔහු සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. ආඥා පිළිපදින්නටත්, එමෙන්ම එකිනෙකාට ප්‍රේම කරන්නටත්, ධර්මිෂ්ඨකම ගැලවීමට මගපාදන බවට සහතික කිරීමටත්, පාවුල් යුදෙව්වන්ට හා අන්‍ය ජාතීන්ට අවවාද කරනවා. 34

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සංස්කෘතිය අන්‍ය ජාතික සංස්කෘතියක් හෝ යුදෙව් සංස්කෘතියක් නොවේ. එය තීරණය වන්නේ කෙනෙකුගේ සමේ වර්ණයෙන් හෝ යමෙකු ජීවත් වන ස්ථානයෙන් නොවේ. සුවිශේෂී සංස්කෘතීන් ගැන අප ප්‍රීති වන අතරම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට පටහැනි එම සංස්කෘතීන්හි අංගයන් අප අතහැර දැමිය යුතුයි. අපගේ සාමාජිකයින් සහ නව හැරී එන්නන් බොහෝ විට විවිධ වාර්ගික හා සංස්කෘතික පසුබිම් වලින් පැමිණෙනවා. විසිරී ඇති ඊශ්‍රායලය එක්රැස් කරන ලෙස සභාපති නෙල්සන්ගේ අවවාදය අප අනුගමනය කරන්නේ නම්, පාවුල්ගේ කාලයේ සිටි යුදෙව්වන් හා අන්‍ය ජාතිකයන් මෙන් අපද වෙනස් බව අපට පෙනී යයි. එලෙසම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති අපගේ ප්‍රේමය හා ඇදහිල්ල තුළ අපට එක්සත් විය හැකියි. රෝමවරුන්ට පාවුල් ලියූ ලිපිය මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සංස්කෘතිය හා දහම අප අනුගමනය කරන මූලධර්මය තහවුරු කරයි. එය අදටත් අපට ආදර්ශයක්. 35 දේවමාළිගාවේ නියෝග අපව විශේෂ ආකාර වලින් එක්සත් කරන අතර සදාකාලිකවම වැදගත් ආකාර වලින් ඒකත්වයක් වීමට අපට ඉඩ සලසනවා.

ලොව පුරා සිටින අපගේ පුරෝගාමී සාමාජිකයින්ට අපි ගෞරව කරන්නේ ඔවුන් පරිපූර්ණ වූ නිසා නොව, ඔවුන් දුෂ්කරතා ජයගෙන, කැපකිරීම් කරමින්, ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට කැමති වූ නිසා සහ, ඇදහිල්ල ගොඩනගාගැනීමටත් ගැලවුම්කරුවාණන් සමඟ එක් වීමටත් උත්සාහ කළ නිසයි. ගැලවුම්කරුවාණන් සමඟ ඔවුන්ගේ ඒකීයභාවය ඔවුන් එකිනෙකා සමඟ ඒකත්වයක් බවට පත්කර තිබෙනවා. මෙම මූලධර්මය අද ඔබටත් මටත් සත්‍ය වෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයින්ට කරන ලද පැහැදිලි කැඳවීම නම්, එකම හදවතකින් හා එකම මනසින් හා ධර්මිෂ්ඨකමින් වාසය කරන සයොන ජනතාවක් වීමට උත්සාහ කිරීමටයි. 36

මම සාක්ෂි දරන, අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සේවය කිරීම හා නමස්කාර කිරීම කෙරෙහි අපි ධර්මිෂ්ඨ හා එක්සත් වී පූර්ණ අවධානය යොමුකරන්නට හැකිවීම මාගේ යාච්ඤාවයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. දහම සහ ගිවිසුම් 38:27 බලන්න.

  2. සාමාජිකයන් වෙනුවෙන් තෝමස් කේන් කළ සේවය නිරතුරුවම නිරූපණය කර ඇත්තේ “කුරිරු හා සතුරු බහුතරයක් විසින් පීඩා විඳි ආගමික සුළුතරයකට සිදුවන අසාධාරණයන් දුටු තරුණ පරමාදර්ශවාදියෙකු විසින් පරාර්ථකාමී පරිත්‍යාගයක් ලෙසය” (introduction to Elizabeth Wood Kane, Twelve Mormon Homes Visited in Succession on a Journey through Utah to Arizona, ed. Everett L. Cooley [1974], viii).

  3. See Kane, Twelve Mormon Homes, 5.

  4. See Kane, Twelve Mormon Homes, 40.

  5. See Lowell C. (Ben) Bennion and Thomas R. Carter, “Touring Polygamous Utah with Elizabeth W. Kane, Winter 1872–1873,” BYU Studies, vol. 48, no. 4 (2009), 162.

  6. පෙනෙන විදිහට, එලිසබෙත් උපකල්පනය කළේ එකල බොහෝ ඇමරිකානුවන් ඇමරිකානු ඉන්දියානුවන්ට ඉතිරි වූ දේ ලබාදී ඔවුන්ගේ අනෙක් අමුත්තන්ට වඩා වෙනස් ලෙස සලකනු ඇති බවයි.

  7. See Kane, Twelve Mormon Homes, 64–65. ප්‍රධානීන් කිහිප දෙනෙකු ඇතුළු බොහෝ ස්වදේශික ඇමරිකානුවන් සභාවේ සාමාජිකයන් වීම සැලකිය යුතු කරුණකි. See also John Alton Peterson, Utah’s Black Hawk War (1998) 61; Scott R. Christensen, Sagwitch: Shoshone Chieftain, Mormon Elder, 1822–1887 (1999), 190–95.

  8. “මෙම කාලපරිච්ඡේදයේදී ධර්මිෂ්ඨ අය සියළුම ජාතීන් අතරින් පිටතට රැස්කරගනු ලබන්නේය, තවද සදාකාලික ප්‍රීතියක් සමගින් ගීතීකා ගයමින්, සයොනයට පැමිණෙන්නෝය” (දහම සහ ගිවිසුම් 45:71).

  9. දහම සහ ගිවිසුම් 105:3–5 බලන්න. දුප්පතුන් හා අගහිඟකම් ඇති අයට සැලකීම ධර්මිෂ්ඨකමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ශුද්ධලියවිලි වල දක්වා ඇත.

  10. ඇල්මා 36:30 බලන්න; 1 නෙපි 2:20; මොසායා 1:7 ද බලන්න. ඇල්මා 36:30 හි අවසාන කොටසෙහි මෙසේ සඳහන් වේ, “එනම් එපමණකින් නුඹලා දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නේ නොමැති නම්, නුඹලාව උන්වහන්සේගේ අභිමුඛයෙන් කපාදමනු ලබන්නේය. දැන් මෙය උන්වහන්සේගේ වචනයට අනුවය.”

  11. මොසායා 2:41 සභාපති ලොරෙන්සෝ ස්නෝ (1814–1901) මෙසේ ඉගැන්වීය: “විශ්වාසවන්ත ජීවිතයක් ගතකිරීමෙන් පසු මිය යන, ඔහුට හෝ ඇයට අවස්ථාවන් නොලැබුණු විට යම් යම් දේ කිරීමට අපොහොසත් වීම නිසා කිසිවක් අහිමි වන, කිසිඳු පසු-දවස්වල ශුද්ධවන්තයින් නැත. වෙනත් වචන වලින් කිවහොත්, යෞවනයෙකුට හෝ තරුණියකට විවාහ වීමට අවස්ථාවක් නොමැති නම් සහ ඔවුන් මිය යන තුරුම විශ්වාසවන්ත ජීවිත ගතකරන්නේ නම්, උසස් හා මහිමය ඔවුන්ට මෙම අවස්ථාව ඇතිව එය වැඩිදියුණු කරන ලද ඕනෑම පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට ලැබිය හැකි සියලු ආශිර්වාද ඔවුන්ටද ලැබේ. එය ස්ථිර සහ ධනාත්මකය” ( Teachings of Presidents of the Church: Lorenzo Snow [2012], 130). See also Richard G. Scott, “The Joy of Living the Great Plan of Happiness,” Ensign, Nov. 1996, 75.

  12. බලන්න 1 යොහාන් 5:2.

  13. මොසායා 18:21; මෝසෙස් 7:18 ද බලන්න.

  14. 4 නෙපි 1:16.

  15. 4 නෙපි 1:15.

  16. 4 නෙපි 1:24.

  17. මොරෝනි 9:13–14.

  18. Russell M. Nelson, in “First Presidency and NAACP Leaders Call for Greater Civility, Racial Harmony,” May 17, 2018, newsroom.ChurchofJesusChrist.org; see also “President Nelson Remarks at Worldwide Priesthood Celebration,” June 1, 2018, newsroom.ChurchofJesusChrist.org.

  19. දහම සහ ගිවිසුම් හි 90:11 හි මෙසේ සඳහන් වේ, “සෑම මනුෂ්‍යයෙක්ම ශුභාරංචියේ සම්පූර්ණත්වය ඔහුගේ ස්වකීය භාෂාවෙන් අසන්නේය.” ඒ අනුව, භාෂාවන් සඳහා වූ සභාවන් සාමාන්‍යයෙන් අනුමත කරනු ලැබේ.

  20. 2 නෙපි 26:33

  21. එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව බලන්න.

  22. එක්සත් ජනපදයේ නිදහස් ප්‍රකාශනය බලන්න, (1776); Constitution of the United States, Amendments I–X (Bill of Rights), National Archives website, archives.gov/founding-docs.

  23. දහම සහ ගිවිසුම් 101:77; අවධාරණය කිරීම් සහිතයි.

  24. දහම සහ ගිවිසුම් 101:79-80.

  25. දහම සහ ගිවිසුම් 101, කොටස් ශීර්ෂය.

  26. See Saints: The Story of the Church of Jesus Christ in the Latter Days, vol. 1, The Standard of Truth, 1815–1846 (2018), 172–74; James B. Allen and Glen M. Leonard, The Story of the Latter-day Saints, 2nd ed. (1992), 93–94; Ronald W. Walker, “Seeking the ‘Remnant’: The Native American during the Joseph Smith Period,” Journal of Mormon History, vol. 19, no. 1 (Spring 1993), 14–16.

  27. See Saints, 1:359–83; William G. Hartley, “The Saints’ Forced Exodus from Missouri, 1839,” in Richard Neitzel Holzapfel and Kent P. Jackson, eds., Joseph Smith, the Prophet and Seer (2010), 347–89; Alexander L. Baugh, “The Mormons Must Be Treated as Enemies,” in Susan Easton Black and Andrew C. Skinner, eds., Joseph: Exploring the Life and Ministry of the Prophet (2005), 284–95.

  28. See Saints: The Story of the Church of Jesus Christ in the Latter Days, vol. 2, No Unhallowed Hand, 1846–1893 (2020), 3–68; Richard E. Bennett, We’ll Find the Place: The Mormon Exodus, 1846–1848 (1997); William W. Slaughter and Michael Landon, Trail of Hope: The Story of the Mormon Trail (1997).

  29. යොහාන් 17:21.

  30. දහම සහ ගිවිසුම් 38:27.

  31. මූලධර්ම ප්‍රකාශ කිරීමේදී රෝමවරුන්ට ලියන ලද ලිපිය පුළුල්ය. අලුත් ගිවිසුමේ වන්දිගෙවීම පිළිබඳ එකම සඳහන රෝම වල අඩංගු වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළින් විවිධ පුද්ගලයින් එක්සත් කිරීම සඳහා රෝමවරුන්ට ලියන ලද ලිපිය අගය කිරීමට මා පැමිණියේ විවිධ ජාතීන් හා විවිධ භාෂා වලින් කතා කරන විවිධ ජාතීන් හා සංස්කෘතීන්හි සාමාජිකයන් සමඟ ස්ටේක සභාපතිවරයෙකු ලෙස සේවය කළ අවස්ථාවේදීය.

  32. Frederic W. Farrar, The Life and Work of St. Paul (1898), 446.

  33. See Farrar, The Life and Work of St. Paul, 450.

  34. රෝම 13 බලන්න.

  35. See Dallin H. Oaks, “The Gospel Culture,” Liahona, Mar. 2012, 22–25; see also Richard G. Scott, “Removing Barriers to Happiness,” Ensign, May 1998, 85–87.

  36. මෝසෙස් 7:18 බලන්න.