ප්‍රධාන සම්මන්ත්‍රණය
ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය උසස් ලෙස ලද
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය උසස් ලෙස ලද

ස්වාමින්වහන්සේ අප දෙස බලා, අපට ආශිර්වාද කරන බැවින්, පීඩා සහ බලාපොරොත්තු සුන්වීම් ස්වාමින්වහන්සේගේ සෝදිසියෙන් යුත් ඇස වෙනස් කරන්නේ නෑ.

මීට වසරකට පෙර, එක් දිනයක ජපානයේදී, සභාපති ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල් ආසියාවට පැමිණෙන බවත්, ජපානයේ සියලුම සාමාජිකයන් සහ ධර්මදූතයින්ට අනාගතවක්තෘවරයාට සවන්දීමට ප්‍රාදේශීය සම්මන්ත්‍රණයක් සඳහා ආරාධනා ලැබ ඇති බවත් දැනගැනීම, අමාමි ඔෂිමා හි කුඩා ශාඛාවක සේවය කරන තරුණ ධර්මදූතවරුන් ලෙස, මටත් මගේ සහකරුටත් සතුටක් වුණා. ශාඛා සාමාජිකයින් සමඟ, මගේ සහකරුවා සහ මම ඉතා උනන්දුවෙන් මෙම සම්මන්ත්‍රණය සඳහා සැලසුම් සකස් කිරීමට පටන්ගත්තා, නැගෙනහිර චීන මුහුද හරහා ජපානයේ ප්‍රධාන භූමිය දක්වා පැය 12 ක බෝට්ටු ගමනකින් පසුව, ටෝකියෝවට පැය 15 ක දුම්රිය ගමනක් අවශ්‍ය වෙනවා. කෙසේවෙතත්, එය එසේ නොවීම කනගාටුවට කරුණක්. දුර සහ වේලාව නිසා, මගේ සහකරුට සහ මට ටෝකියෝහි පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගී වීමට නොහැකි වනු ඇති බවට අපගේ ධර්මදූත සභාපතිවරයාගෙන් අපට පණිවිඩයක් ලැබුණා.

රූපය
වැඩිහිටි ස්ටීවන්සන් සහ ඔහුගේ ධර්මදූත සහකරු

අපේ කුඩා ශාඛාවේ සාමාජිකයන් ටෝකියෝ බලා පිටත්වන අතර, අපි නැවතී සිටියා. ඊළඟ දින කිහිපයේ නිහඬ හා හිස් බවක් පෙනෙන්නට තිබුණා. ජපානයේ පසු-දවස්වල ශුද්ධවන්තයින් සහ ධර්මදූතයින් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වන අතරතුර, අපි එම කුඩා සභාවේ තනිවම සක්‍රමේන්තු රැස්වීමක් පැවැත්වූවා.

රූපය
ආසියා ප්‍රාදේශීය සම්මන්ත්‍රණය

සභාපති කිම්බල් ටෝකියෝ හි දේවමාළිගාව නිවේදනය කළ බව වාර්තා කරමින් දින කිහිපයකට පසු ශාඛා සාමාජිකයින් සම්මන්ත්‍රණයෙන් ආපසු පැමිණෙන විට මම සතුටින් සවන්දුන් අතර මගේ පෞද්ගලික බලාපොරොත්තු සුන්වීම තීව්‍ර වුනා. ඔවුන්ගේ සිහිනයේ ඉටුවීම බෙදාහදාගන්නා විට ඔවුහු මහත් ප්‍රීතියෙන් ඉපිල ගියා. දේවමාළිගාවේ නිවේදනය ඇසූ විට සාමාජිකයින්ට සහ ධර්මදූතයින්ට ඔවුන්ගේ ප්‍රීතිය පාලනය කරගැනීමට නොහැකි වූ අතර එය ඉබේම අත්පුඩි ගැසීමක් බවට පත්වූ හැටි ඔවුන් විස්තර කළා.

රූපය
සභාපති කිම්බල් ටෝකියෝ හි දේවමාළිගාවක් නිවේදනය කරමින්

වසර ගණනාවක් ගතවී ඇතත්, එම ඓතිහාසික රැස්වීම මගහැරීම නිසා මට දැනුණු බලාපොරොත්තු සුන්වීම මට තවමත් මතකයි.

ලොව පුරා COVID-19 වසංගතය විසින් ගෙන එන ලද, ගැඹුරු බලාපොරොත්තු සුන්වීම් සහ දුක් වේදනා වලට අන් අය මුහුණදෙන ආකාරය, තරුණ ධර්මදූතයෙකු ලෙස මට දැණුනු හැඟීමටත් වඩා විශාල හා ගැඹුරු බව, මෑත මාස වලදී මෙම අත්දැකීම ගැන සිහිකරද්දී මම කල්පනා කළා.

වසංගතය වේගවත් වන විට, “සභාව සහ එහි සාමාජිකයන් යහපත් පුරවැසියන් හා හොඳ අසල්වැසියන් වීමට ඇති අපගේ කැපවීම විශ්වාසවන්තව ප්‍රදර්ශනය කරනු බවත්” 1 “බොහෝ පරිස්සම් සහගතව භාවිතා කරනු ඇති” 2 බවත්, මෙම වසර මුලදී පළමු සභාපතිත්වය පොරොන්දු වුණා. ඒ වුනත්, ලොව පුරා සභා රැස්වීම් අත්හිටුවීම, සභාවේ ධර්මදූත බලකායෙන් අඩකට වඩා ඔවුන්ගේ මව් ජාතීන් වෙත නැවත පැමිණීම, සහ සභාව පුරා ඇති සියලුම දේවමාළිගා වසා දැමීම අප අත්වින්දා. දේවමාළිගා මුද්‍රා තැබීම ඇතුළු ජීවන නියෝග සඳහා ඔබ දහස් ගණනක් දේවමාළිගාවට ඇතුළුවීමට සූදානම් වෙමින් සිටියා. ඔබෙන් සමහරෙක් ධර්මදූතයින් ලෙස ඔබේ සේවය කලින් අවසන් කර හෝ තාවකාලිකව නිදහස් කර සහ නැවත පත්කර තිබෙනවා.

රූපය
COVID මධ්‍යයේ ආපසු එන ධර්මදූතයින්

මෙම කාලය තුළ, රජයේ සහ අධ්‍යාපන නායකයින් පාසල් වසා දැමූ අතර—එමඟින් උපාධි වෙනස් වූ අතර ක්‍රීඩා සමාජීය, සංස්කෘතිමය සහ අධ්‍යාපනික සිදුවීම් සහ ක්‍රියාකාරකම් අවලංගු කිරීමට බල කෙරුණා. ඔබගෙන් බොහෝදෙනෙක් සහභාගී නොවූ සිදුවීම්, අසා නැති ප්‍රසංග සහ ක්‍රීඩා නොකළ ක්‍රීඩා සඳහා සූදානම් වුනා.

ඊටත් වඩා කණගාටුදායක වන්නේ මේ කාලය තුළ ආදරණීයයන් අහිමි වූ පවුල් පිළිබඳ සිතුවිලියි; බොහෝදෙනෙකුට ඔවුන් බලාපොරොත්තු වූ පරිදි අවමංගල්‍ය හෝ වෙනත් සියුම් රැස්වීම් පැවැත්වීමට නොහැකි වුණා.

කෙටියෙන් කිවහොත්, ඔබගෙන් බොහෝදෙනෙක් හදවත බිඳින සුළු බලාපොරොත්තු සුන්වීම, ශෝකය සහ අධෛර්යමත් කිරීම සමඟ කටයුතු කර තිබෙනවා. දේවල් බිඳී ඇති බවක් පෙනෙන්නට ඇතිවිට අප සුවවන්නේ, විඳදරාගන්නේ සහ ඉදිරියට යන්නේ කෙසේද?

නෙපි අනාගතවක්තෘවරයා කුඩා තහඩු කැටයම් කිරීමට පටන්ගත්තේ ඔහු වැඩුණු මිනිසෙකු ලෙස සිටියදීයි. ඔහු තම ජීවිතය හා දේවසේවය දෙස ආපසු හැරී බලන විට, මොර්මොන්ගේ පොතේ මුල් පදයේම වැදගත් පිළිබිඹුවක් ඔහු විසින් ඉදිරිපත් කරනවා. මෙම පදය අපගේ කාලය තුළ සලකා බැලිය යුතු වැදගත් මූලධර්මයක් විදහා දක්වනවා. ඔහුගේ හුරුපුරුදු වචන අනුගමනය කරමින්, “මම, නෙපි, යහපත් දෙමාපියන්ගෙන් උපත ලැබ … ,” ඔහු මෙසේ ලියනවා, “තවද මාගේ දවස් වලදී බොහෝ පීඩාවන් දැක ඇත, එසේවුවත් ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය උසස් ලෙස මාගේ සියලු දවස් වල ලදිමි.” 3

මොර්මොන්ගේ පොතෙහි ශිෂ්‍යයන් වශයෙන්, නෙපි සඳහන් කරන බොහෝ දුක් පීඩා අපට හුරු පුරුදුයි. එහෙත්, ඔහුගේ කාලය තුළ ඔහු විඳින පීඩා පිළිගැනීමෙන් පසුව, නෙපි ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය උසස් ලෙස ඔහුගේ සියලු දවස් වලදී ලැබීම ඔහුගේ ශුභාරංචි දෘෂ්ඨිකෝණයෙන් ලබාදෙනවා. ස්වාමින්වහන්සේ අප දෙස බලා, අපට ආශිර්වාද කරන බැවින්, පීඩා සහ බලාපොරොත්තු සුන්වීම් කාලය ස්වාමින්වහන්සේගේ සෝදිසියෙන් යුත් ඇස වෙනස් කරන්නේ නෑ.

රූපය
අන්තර්ජාලය හරහා ධර්මදූත රැස්වීම්
රූපය
වැඩිහිටි ස්ටීවන්සන් සහ එම සහෝදරිය සමග අන්තර්ජාලය හරහා ධර්මදූත රැස්වීමක්
රූපය
වැඩිහිටි ස්ටීවන්සන් සහ එම සහෝදරිය සමග අන්තර්ජාලය හරහා ධර්මදූත රැස්වීමක්

ලීසා සහ මම මෑතකදී ඕස්ට්‍රේලියාවේ ධර්මදූතයින් 600 ක් පමණ අන්තර්ජාලය හරහා මුණගැසුණා, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් COVID-19 හා සම්බන්ධ යම් යම් සිරකිරීම් හෝ සීමාවන් යටතේ සිටි අතර බොහෝදෙනෙක් ඔවුන්ගේ මහල් නිවාස වල සේවය කරමින් සිටිනවා. එකට එක්ව අලුත් ගිවිසුමේ, මොර්මොන්ගේ පොතෙහි, සහ දහම සහ ගිවිසුම් හි විපත්තියේදී ශ්‍රේෂ්ඨත්වය ලඟාකරගැනීමට ස්වාමින්වහන්සේ ආශිර්වාද කළ පුද්ගලයන් ගැන අපි සලකා බැලුවා. ඔවුන්ගේ සිරවීම් හා සීමා කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට කළ නොහැකි දේට වඩා ස්වාමින්වහන්සේගේ උපකාරයෙන් ඔවුන්ට කළ හැකිවූ දේ අනුව සියල්ල නිර්වචනය කරනු ලැබුවා.

පාවුල් සහ සීලස්, ඇතුල් සිරගෙදර සිරගතව සිටියදී, යාච්ඤා කිරීම, ගායනා කිරීම, ඉගැන්වීම, සාක්ෂි දීම—සහ සිරගෙදර බව්තීස්ම වීම ගැන පවා අපට කියවන්නට පුලුවන්. 4

රෝමයේ පාවුල්ව නැවත වසර දෙකක කාලයක් නිවාස අඩස්සියේ තබා ඇති අතර, එම කාලය තුළ ඔහු දිගින් දිගටම “දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂිදෙමින්, හා පහදා දෙමින්,” 5 “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කාරණා ඉගැන්නුවේය.” 6

කරදර කර හා සිරගත කළ, හිලමන්ගේ පුතුන් වන නෙපිගේ සහ ලෙහිගේ වටා ස්වාමින්වහන්සේගේ ගින්දරින් වටවූ ස්වාමින්වහන්සේගේ “පරිපූර්ණ මෘදු නිශ්ශබ්දතාවයේ හඬ නිසා … එය [ඔවුන්ව අල්ලාගත් අයගේ] ප්‍රාණයේ ඇතුලාන්තයට වුවත් බැස්සේය.” 7

අම්මොනියා හි, ඇල්මා සහ ඇමුලෙක්ව, ඔවුන්ව සමච්චලයට ලක්කළත්, ආහාර, ජලය හෝ ඇඳුම් නොමැතිව බැඳ දමා හා සිරගතව සිටියත්, බොහෝ අය “විශ්වාස කර … එමෙන්ම පසුතැවිලි වීමටද ශුද්ධලියවිලි සෙවීමටද පටන්ගත් බව” 8 සොයාගත්හ. 9

රූපය
ජෝසෆ් ස්මිත් ලිබර්ටි බන්ධනාගාරයේ

අන්තිමේදී ජෝසෆ් ස්මිත්ට, ලිබර්ටි බන්ධනාගාරයේ රැඳී සිටියදී අතහැර දමා ගොස් ඇති බවක් සහ පිටුවහල් කර ඇති බවක් දැනුණු විට, “මේ දේවල්… ඔබේ යහපත උදෙසා වනු ඇත” 10 සහ “දෙවියන්වහන්සේ සදහටම ඔබ සමඟ සිටිනු ඇත” යන ස්වාමින්වහන්සේගේ වචන ඇසුනා. 11

ඔවුන් සෑම කෙනෙකුම නෙපි දන්නා දේ තේරුම්ගත්තා: ඔවුන්ගේ කාලය තුළ ඔවුන් බොහෝ දුක් පීඩා දුටුවද, ඔවුන් ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය උසස් ලෙස ලද අයයි.

පසුගිය මාස කිහිපය තුළ අප මුහුණදුන් අභියෝගාත්මක කාල වලදී ස්වාමින්වහන්සේගේ බොහෝ ප්‍රසාදය ලත් අය ආකාරයට අපට තනි සාමාජිකයන් වශයෙන් සහ සභාවක් වශයෙන් ඒ හා සමාන බවක් දැකිය හැකියි. මා මෙම උදාහරණ උපුටා දක්වන විට, වසංගතයක් පිළිබඳ ඉඟියක් ඉදිරිපත් කිරීමට පෙර අපව සකස් කර අපගේ අභියෝගයට මුහුණදීමට අපට හැකියාව ලබාදුන් අපගේ ජීවමාන අනාගතවක්තෘවරයාගේ දර්ශනය පිළිබඳ ඔබේ සාක්ෂිය ශක්තිමත් කිරීමටද ඒවාට ඉඩදෙන්න.

පළමුව නිවාස කේන්ද්‍රගත වීම සහ සභාවේ සහාය.

වසර දෙකකට පෙර, සභාපති නෙල්සන් මෙසේ කිව්වා: “පසු-දවස්වල ශුද්ධවන්තයන් වශයෙන්, නිවසේදී සිදුවන දෙයෙහි උපකාරය සමග අපගේ රැස්වීම් ශාලා වල සිදුවන දෙයක් ලෙස ‘සභාව’ ගැන සිතීමට අපි පුරුදු වී සිටිමු. අපට මෙම රටාවට ගැලපීමක් අවශ්‍යයි. … අපගේ… ගොඩනැගිලි තුළ සිදුවන දේවල සහය ඇතිව, නිවස කේන්ද්‍ර කොටගත් සභාවක්.” 12 එය මොන තරම් අනාවැකිමය වෙනස් කිරීමක්ද! රැස්වීම් ශාලා තාවකාලිකව වසා දැමීමත් සමඟ නිවසේදී ශුභාරංචිය ඉගෙනීම ක්‍රියාවට නංවා තිබෙනවා. ලෝකය සාමාන්‍ය තත්වයට පත්වීමට පටන්ගෙන අප නැවත සභාවන් කරා යද්දී, වසංගතය තුළ වර්ධනය වූ අපගේ නිවාස කේන්ද්‍රීය ශුභාරංචි අධ්‍යයන හා ඉගෙනුම් රටා රඳවාගැනීමට අපට අවශ්‍ය වෙයි.

ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය උසස් ලෙස ලැබීමේ දෙවන උදාහරණයක් වන්නේ, උසස් සහ ශුද්ධ වූ ආකාරයකට දේවසේවය කිරීම පිළිබඳ එළිදරව්වයි.

රූපය
දේවසේවය

2018 දී සභාපති නෙල්සන් දේවසේවය හඳුන්වාදුන්නේ “අපි එකිනෙකා ගැන සැලකිලිමත් වන ආකාරයක්” ලෙසයි. 12 මෙම වසංගතය අපගේ දේවසේවා කුසලතා වර්ධනය කරගැනීමට බොහෝ අවස්ථාවන් හඳුන්වා දී තිබෙනවා. දේවසේවයේ යෙදෙන සහෝදර සහෝදරියන්, තරුණ කාන්තාවන් හා තරුණ පිරිමින්, සහ තවත් අය හමුවීම්, කතාබහ, අංගන රැකවරණය, ආහාරපාන, තාක්‍ෂණය හරහා පණිවුඩ සහ අවශ්‍යතා ඇති අයට ආශිර්වාද කිරීම සඳහා සක්‍රමේන්තු නියෝගය ලබාදීමට කටයුතු කර තිබෙනවා. වසංගත සමයේදී සභාව විසින්ම පෙර නොවූ විරූ පරිදි ආහාර බැංකු, නිවාස නොමැති අයට නිවාස, සහ සංක්‍රමණික ආධාරක මධ්‍යස්ථාන සහ ලෝකයේ බරපතල සාගින්න තත්වයන් ඇති ප්‍රදේශ වලට භාණ්ඩ බෙදාහැරීම වෙත යොමුකරන ලද ව්‍යාපෘති සමඟ දේවසේවා කටයුතු කරනවා. සෞඛ්‍ය සේවකයින් සඳහා මුහුණු ආවරණ මිලියන ගණනක් සෑදීමේ අභියෝගයට සහන සමිතියේ සහෝදරියන් සහ ඔවුන්ගේ පවුල් ප්‍රතිචාර දැක්වූවා.

රූපය
මානුෂීය ව්‍යාපෘති
රූපය
මුහුණු ආවරණ සැකසීම

විපත්තියේදී ආශිර්වාද ලැබීම පිළිබඳ අවසාන උදාහරණය නම්, දේවමාළිගාවේ නියෝගයන් වල නැවත පැමිණීම ගැන උසස් ප්‍රීතියක් සොයාගැනීමයි.

රූපය
කේට්ලින් පාමර් සහෝදරිය

මෙය කතාවක් සමඟ වඩාත් හොඳින් විස්තර කරන්නට පුලුවන්. පසුගිය අප්‍රියෙල් මාසයේ කේට්ලින් පාමර් සහෝදරියට ඇගේ ධර්මදූතය සඳහා කැඳවීමක් ලැබුණු විට ඇය ධර්මදූතවරියක් ලෙස කැඳවීමක් ලැබීම සතුටට කරුණක් වූ නමුත්, දේවමාළිගාවට ගොස් පූජනීය ගිවිසුම් ඇතිකරගැනීමට ලැබීමද ඒ හා සමානවම වැදගත් හා විශේෂත්වයක් වුණා. තමන්ගේ නියෝගයන් සැලසුම් කිරීමෙන් ටික කලකට පසු, ලොව පුරා වසංගතය හේතුවෙන් සියලුම දේවමාළිගා තාවකාලිකව වසා දමන බව නිවේදනය වුණා. මෙම හද කම්පා කරවන තොරතුරු ලැබීමෙන් පසු, ඇය ධර්මදූත පුහුණු මධ්‍යස්ථානය MTC වෙත සිය නිවසේ සිට අන්තර්ජාලය හරහා සහභාගී වන බව පසුව දැනගත්තා. මෙම බලාපොරොත්තු සුන්වීම් තිබියදීත්, කේට්ලින් අවධානය යොමුකළේ ඇගේ ආත්මය ඉහළ මට්ටමක තබාගැනීමටයි.

රූපය
කේට්ලින් පාමර් සහෝදරිය සහ නිවසේ MTC

අතරමැදි මාස වලදී, පාමර් සහෝදරිය කිසිවිටෙකත් දේවමාළිගාවට පැමිණීමේ බලාපොරොත්තුව නැතිකරගත්තේ නෑ. ඇය පිටත්ව යාමට පෙර දේවමාළිගා විවෘත කරන ලෙස ඇගේ පවුලේ අය නිරාහාරව යාච්ඤා කළා. කේට්ලින් බොහෝ විට MTC උදේ රැස්වීම් තම නිවසේදී ආරම්භ කරන්නේ මෙසේ කියමින්, “අපට ප්‍රාතිහාර්යයක් ලැබී දේවමාළිගා විවෘත වන දිනය අද වෙයිද?”

අගෝස්තු 10 වන දින, කේට්ලින්ට පිටත්වීමට තිබූ උදෑසන ගුවන්යානය යෙදී තිබුණු දිනයේම ජීවන නියෝගයන් සඳහා ඇයගේ දේවමාළිගාව නැවත විවෘත කරන බව පළමු සභාපතිත්වය නිවේදනය කළා. ඇයට දේවමාළිගාවට ගොස් ඉන්පසු ගුවන්යානය අල්ලා ගැනීමට හැකිවන්නේ නෑ. සාර්ථකත්වය පිළිබඳ එතරම් බලාපොරොත්තුවක් නොමැතිව, ඇගේ පවුලේ අය දේවමාළිගා සභාපති මයිකල් වෙලින්ගා අමතා ඔවුන් යාච්ඤා කරමින් සිටි ප්‍රාතිහාර්යය සාක්ෂාත් කරගත හැකි ක්‍රමයක් තිබේදැයි සොයා බැලුවා. ඔවුන්ගේ නිරාහාරයට හා යාච්ඤා වලට පිළිතුරු ලැබුණා!

රූපය
පාමර් පවුල දේවමාළිගාවේදී

ගුවන් යානය පිටත්වීමට පැය කිහිපයකට පෙර, අළුයම 2.00 ට, පාමර් සහෝදරිය සහ ඇගේ පවුලේ අය කඳුළු සලමින්, දේවමාළිගා දොරවල් අසලදී සිනහවෙන් සිටි දේවමාළිගාවේ සභාපති විසින් “සුබ උදෑසනක්, පාමර් පවුල යැයි පවසමින් පිලිගත්තා. දේවමාළිගාවට සාදරයෙන් පිළිගන්නවා!” ඇය තම බලයෙන් සැරසීම සම්පූර්ණ කළ පසු, ඊළඟ පවුල දේවමාළිගා දොරවල් අසල බලා සිටින බැවින් ඉක්මනින් මාරු වීමට ඔවුන්ව දිරිමත් කළා. ඇයගේ ධර්මදූත සේවයට පියාසර කිරීම සඳහා ඔවුන් නියමිත වේලාවට ගුවන්තොටුපළට කෙලින්ම ගියා.

රූපය
පාමර් සහෝදරිය ගුවන්තොටුපළේදී

ලොව පුරා දේවමාළිගා නැවතත් අදියර වශයෙන් විවෘත වන විට, මාස කිහිපයක් තිස්සේ අපට මගහැරුණු දේවමාළිගා නියෝගයන් කලින් සිතුවාට වඩා පැණි රසයි වගේ පෙනෙනවා.

මා අවසන් කරන විට, කරුණාකර ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ දිරිගන්වන, උද්යෝගිමත්, නඟාසිටුවීමේ මෙම වචන වලට සවන්දෙන්න. ඔහුව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන අයගෙන් සැඟවී, නාවූ හි නිවසක තහනම් සහ සීමිත වී, පීඩාවන් හා හුදෙකලාව මැද ඔහු ඒවා ලියා ඇති බව කිසිවෙකු අනුමාන නොකරයි:

“දැන්, අපට ලැබී ඇති ශුභාරංචියේ අපට අසන්නට ලැබෙන්නේ කුමක්ද? ප්‍රීතියේ හඬක්! ස්වර්ගයෙන් එන දයාවේ හඬක්; පොළොවෙන් පිටවන සත්‍යයේ හඬක්; මළවුන්ට ශුභ ආරංචියක්; ජීවත්ව සිටින අයට සහ මළවුන්ට ප්‍රීතිමත් හඬක්; මහත් ප්‍රීතියක යහපත් ආරංචියක්. …

“… අපි මෙතරම් විශාල හේතුවක් කරා නොයමුද? පසුපසට නොව ඉදිරියට යන්න. ධෛර්යය ගන්න, … එමෙන්ම, ජයග්‍රහණය කරා යන්න! ඔබේ හදවත් වලට ප්‍රශංසා කිරීමටත්, එමෙන්ම බොහෝ සේ ප්‍රීති වීමටත් ඉඩදෙන්න. පොළොවට ගායනා කිරීමට ඉඩදෙන්න.” 14

සහෝදර සහෝදරියනි, අවලංගු වූ සිදුවීම්, මේ දුක, බලාපොරොත්තු සුන්වීම් සහ අප පසුකර යන අභියෝගාත්මක කාලයන් දෙසට ඇති තනිකමේ සහභාගී වීම් දෙස, එක් දිනක අපි ආපසු හැරී බලා, තෝරාගත් ආශිර්වාද වලින් සහ වැඩිවූ ඇදහිල්ලෙන් හා සාක්ෂි වලින් ඒවා යටපත් වී ඇති බව දකිනු ඇතැයි මම විශ්වාස කරනවා. මේ ජීවිතයේදී සහ ඉදිරි ජීවිතයේදී, ඔබේ දුක් පීඩා, ඔබේ අම්මොනිහා, ඔබේ ලිබර්ටි බන්ධනාගාරය, ඔබේ වාසිය සඳහා පරිශුද්ධ වනු ඇතැයි, මම විශ්වාස කරනවා. 15 නෙපි සමඟම, අපගේ දින වල සිදුවන දුක් පීඩා පිළිගන්නට හැකිවන අතර ඒ සමඟම අප ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය උසස් ලෙස ලද බව හඳුනාගන්නා ලෙස මම යාච්ඤා කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මගේ සාක්ෂිය සමඟ මම අවසන් කරනවා, උන්වහන්සේ දුක්විඳීමට අමුත්තෙකු නොවූ අතර උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීමේ කොටසක් ලෙස සියල්ලටම වඩා පහළට පැමිණුනා. 16 උන්වහන්සේ අපගේ දුක, වේදනාව සහ අපේක්ෂා භංගත්වය තේරුම්ගන්නවා. උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන්, අපගේ මිදුම්කරුවාණන්, අපගේ බලාපොරොත්තුව, සැනසීම සහ අපගේ බාරදෙන්නා. මම ඒ ගැන සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් ආමෙන්.