ප්‍රධාන සම්මන්ත්‍රණය
විඳදරාගැනීමේ බලය
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


විඳදරාගැනීමේ බලය

අපව පවත්වාගෙන යාමට සහ—උන්වහන්සේගේ බලයට ප්‍රවේශ වීමට අපට ඉඩදීමට අපගේ අභ්‍යන්තර ප්‍රාණය පුරවන ඇදහිල්ල සහ දෙවියන්වහන්සේගේ වචනය පමණක් ප්‍රමාණවත් වෙනවා.

අපගේ ආදරණීය අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන්ගේ ඉගැන්වීම් සමාලෝචනය කිරීමේදී, ඔහු බොහෝ කතාවන් වල නිතර භාවිතා කර ඇති වචනයක් මට හමුවුණා. ඒ වචනය තමයි බලය.

ප්‍රේරිතවරයෙකු ලෙස පත්වීමෙන් පසු පැවති පළමු ප්‍රධාන සම්මන්ත්‍රණයේදී සභාපති නෙල්සන් බලය ගැන කතා කළා. 1 ඔහු වසර ගණනාවක් තිස්සේ බලය ගැන දිගටම උගන්වා තිබෙනවා. සභාපති නෙල්සන් අපගේ අනාගතවක්තෘවරයා ලෙස අප විසින් ස්ථිර කර ඇති දින පටන්, ඔහු බලයේ මූලධර්මය—විශේෂයෙන්, දෙවියන්වහන්සේගේ බලය—සහ අපට එයට ප්‍රවේශ විය හැකි ආකාරය ගැන උගන්වා තිබෙනවා. අප අන් අයට දේවසේවය කරන විට අපට දෙවියන්වහන්සේගේ බලය ලබාගත හැකි ආකාරය, 2 පසුතැවීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය සහ උන්වහන්සේගේ වන්දිගෙවීම අපගේ ජීවිත වලට ආරාධනා කරන්නේ කෙසේද, 3 සහ පූජකත්වය—දෙවියන්වහන්සේගේ බලය හා අධිකාරය—ගිවිසුම් ඇතිකරගන්නා සහ පවත්වන සියල්ලන්ට ආශිර්වාද කරන්නේ කෙසේද යන්න ඔහු උගන්වා තිබෙනවා. 4 දේවමාළිගාවේ සිටින සියල්ලන්ට දෙවියන්වහන්සේගේ බලය ගලාඑන්නේ ඔවුන්ගේ ගිවිසුම් රකින විට බව සභාපති නෙල්සන් සාක්ෂි දී තිබෙනවා. 5

2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී සභාපති නෙල්සන් දුන් අභියෝගයක් නිසා විශේෂයෙන් මට පෙළඹවීමක් දැනුණා. ඔහු අපිට මෙසේ උපදෙස් දුන්නා “ඔබ බලයෙන් සැරසී ඇති—එසේත් නැතිනම් ඔබ බලයෙන් සැරසීමට ඇති, එම බලය සහ දැනුම පිළිබඳව වැඩිදුර දැනගැනීමට අධ්‍යයනය කර යාච්ඤා කරන්න.” 6

මෙම අභියෝගයට ප්‍රතිචාරයක් වශයෙන්, මා බලයෙන් සැරසී ඇති හෝ—මා තවමත් බලයෙන් සැරසීමට ඇති බලය සහ දැනුම පිළිබඳව ප්‍රයෝජනවත් කරුණු කිහිපයක් පිළිබඳව මා විසින් අධ්‍යයනය කර යාච්ඤා කර තිබෙනවා.

අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශ වීම සඳහා අප කළ යුතු දේ තේරුම්ගැනීම පහසු නැත, නමුත් එය අපගේ මනසෙහි අධ්‍යයනය කර ශුද්ධාත්මයාණන්වහන්සේ අපව දැනුවත් කරන ලෙස ඉල්ලා යාච්ඤා කිරීමෙන් එය කළ හැකි බව මට පෙනීගියා. 7 වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් විසින් දෙවියන්වහන්සේගේ බලය යනු කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අර්ථදැක්වීමක් ඉදිරිපත් කළා: එය “අපට තනිවම කළ හැකි ප්‍රමාණයට වඩා කළ හැකි බලයයි.” 8

මෙම අභියෝගාත්මක කාල වලදී අපට උපකාර කිරීමට දෙවියන්වහන්සේගේ බලය ලබාගැනීම සඳහා අපගේ හදවත සහ අපගේ ආත්මය පවා දෙවියන්වහන්සේගේ වචනයෙන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ පදනමෙන් පුරවාගැනීම ඉතා වැදගත්. දෙවියන්වහන්සේගේ වචනය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල අපගේ හදවත් තුළට නොයන්නේ නම්, අපගේ සාක්ෂි සහ ඇදහිල්ල අසාර්ථක වියහැකි අතර, දෙවියන්වහන්සේ අපට දීමට කැමති බලයට අපට ප්‍රවේශය අහිමි විය හැකියි. මතුපිට ඇදහිල්ල ප්‍රමාණවත් වන්නේ නෑ. අපව පවත්වාගෙන යාමට සහ—උන්වහන්සේගේ බලයට ප්‍රවේශ වීමට අපට ඉඩදීමට අපගේ අභ්‍යන්තර ප්‍රාණය පුරවන ඇදහිල්ල සහ දෙවියන්වහන්සේගේ වචනය පමණක් ප්‍රමාණවත් වෙනවා.

ජොන්සන් සහෝදරිය සහ මම අපේ දරුවන් ඇතිදැඩි කරමින් සිටියදී, අපි ඔවුන් එකිනෙකාට සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙනගැනීමට උනන්දු කළා. නමුත් අපි අපේ දරුවන්ට සංගීත පාඩම් ඉගෙනගැනීමට ඉඩදෙන්නේ ඔවුන් තම කාර්යභාරය ඉටුකර දිනපතා ඔවුන්ගේ උපකරණ පුහුණු වුවහොත් පමණයි. එක් සෙනසුරාදා දිනක, අපේ දියණිය වන ජැලින් මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට උනන්දු වූ නමුත් ඇය තවමත් පියානෝව පුහුණු වී තිබුණේ නෑ. ඇය විනාඩි 30 ක් පුහුණුවීමට කැපවී සිටින බව දැනගෙන, වෙලාව සැකසීමට අදහස් කළේ, අවශ්‍ය ප්‍රමාණයට වඩා විනාඩියක්වත් පුහුණුවීමට ඇයට අවශ්‍ය නැති බැවිනුයි.

පියානෝව වෙත යන අතරමගදී මයික්‍රෝවේව් උඳුන අසල ඇවිද යද්දී ඇය විරාමයක් තබා බොත්තම් කිහිපයක් තල්ලු කළා. නමුත් කාලය සැකසීම වෙනුවට ඇය විනාඩි 30 ක් උයන්නට මයික්‍රෝවේව් උඳුන සකසා ආරම්භය තල්ලු කළා. මිනිත්තු 20 ක පමණ පුහුණුවකින් පසු ඇය කොපමන කාලයක් ඉතිරිව ඇත්දැයි පරීක්ෂා කර බැලීමට නැවත කුස්සියට ගිය අතර මයික්‍රෝවේව් උඳුන ගිනිගෙන ඇති බව සොයාගත්තා.

පසුව ඇය මම වත්තේ වැඩ කරමින් සිටි පිටිපස්සට දිව ගොස් නිවස ගිනිගෙන ඇති බවට කෑගැසුවා. මම ඉක්මනින්ම ගෙට දිවගිය අතර, ඇත්තවශයෙන්ම, ගිනිදැල් වලින් යුත් මයික්‍රෝවේව් උඳුන මට හමුවුණා.

අපේ නිවස පිළිස්සීමෙන් බේරාගැනීමේ උත්සාහයක් වශයෙන්, මම මයික්‍රෝවේව් උඳුන වෙත ළඟාවී, එය ගලවා, විදුලි රැහැන භාවිතා කර, දැවෙන මයික්‍රෝවේව් උඳුන කවුන්ටරයෙන් ඉවතට එසෙව්වා. වීරයා වීමටත්, දවස මෙන්ම අපේ නිවසත් ඉතිරි කරගැනීමට බලාපොරොත්තුවෙන්, මම මගේ ශරීරයෙන් එය ඈත්කර තැබීම සඳහා විදුලි රැහැනකින් ගිනි දැල්වෙන මයික්‍රෝවේව් උඳුන කරකවමින්, පිටිපස්සට ගිහින් එය නැවතත් වටේට කරකවන ගමන්ම වත්තට විසිකළා. එහිදී අපට දැවෙන ගිනිදැල් හෝස් එකකින් නිවා දැමීමට හැකි වුණා.

මොකක්ද වැරැද්ද වෙලා තියෙන්නේ? මයික්‍රෝවේව් උඳුනකට එහි ශක්තිය අවශෝෂණය කරගැනීමට යමක් අවශ්‍ය වන අතර, ශක්තිය අවශෝෂණය කරගැනීමට ඇතුළත කිසිවක් නොමැති විට, උඳුන විසින්ම ශක්තිය අවශෝෂණය කර, උණුසුම් වන අතර, ගින්නට හසුවිය හැකි අතර, ගිනිදැල් සහ අළු ගොඩක විනාශ වෙන්නට පුලුවන්. 9 අපේ මුළු මයික්‍රෝවේව් උඳුනම ගිනිගෙන දැවී ගියේ ඇතුළත කිසිවක් නැති නිසායි.

ඒ හා සමානව, සතුරා විසින් අපව විනාශ කිරීමට නිසැකවම එවන ගිනිමය දාරාවන් අවශෝෂණය කර ජයගැනීමට ඇදහිල්ල හා දෙවියන්වහන්සේගේ වචනය ඔවුන්ගේ හදවතේ ගැඹුරේම ඇති අයට හැකියාව ලැබෙනවා. 10 එසේ නොවුවහොත්, අපගේ ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ඒත්තුගැන්වීමට නොනැසී පැවතිය නොහැකි වන අතර හිස් මයික්‍රෝවේව් උඳුන මෙන් අපටද අනතුරක් විය හැකියි.

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි හා උන්වහන්සේගේ වන්දිගෙවීම ඇදහිල්ල සමඟ, දෙවියන්වහන්සේගේ වචනය මාගේ ප්‍රාණය තුළ ගැඹුරින් තිබීම, සතුරා සහ ඔහු මා වෙතට විසිකරන ඕනෑම දෙයක් ජයගැනීම සඳහා දෙවියන්වහන්සේගේ බලය ලබාගැනීමට මට ඉඩ සලසන බව මම ඉගෙනගත්තා. අපි අභියෝගයන්ට මුහුණදෙන විට, පාවුල් විසින් උගන්වන ලද ස්වාමින්වහන්සේගේ පොරොන්දුව මත අපට විශ්වාසය තැබිය හැකියි: “මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.” 11

කුඩා කල ගැලවුම්කරුවාණන් “වර්ධනය වී, ආත්මයෙන් ශක්තිමත්ව, ප්‍රඥාවෙන් පිරී සිටියේය: තවද දෙවියන්වහන්සේගේ දයාව උන්වහන්සේ කෙරෙහි වූ බව” අපි දන්නවා. 12 උන්වහන්සේ වයසින් වැඩෙත්ම, “යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණු බව” අපි දන්නවා. 13 උන්වහන්සේගේ දේවසේවය ආරම්භ වන විට, උන්වහන්සේට සවන්දුන් අය “උන්වහන්සේගේ වචනය බලයෙන් යුක්තවූ බැවින් උන්වහන්සේගේ ඉගැන්වීමට ඔව්හු විස්මිතවූ බවත්” අපි දන්නවා. 14

සූදානම් වීම තුළින්, ගැලවුම්කරුවාණන් බලයෙන් වැඩුණු අතර සාතන්ගේ සියලු පරීක්ෂාවන්ට එරෙහි වීමට උන්වහන්සේට හැකිවුණා. 15 අපි ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කරමින් දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමෙන් සහ අපගේ ඇදහිල්ල ගැඹුරු කිරීමෙන් සූදානම් වනවිට, පරීක්ෂාවන්ට එරෙහි වීමට දෙවියන්වහන්සේගේ බලයද අපට ලබාගත හැකියි.

දේවමාළිගාවට නිතිපතා පැමිණීම කළ නොහැකි සීමිත රැස්වීම් පවතින මේ කාලය තුළ, අපි දේවමාළිගා ගිවිසුම් ඇතිකර තබාගෙන සිටින විට අප වෙත පැමිණෙන දෙවියන්වහන්සේගේ බලය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට සහ ඉගෙනගැනීමට මම එය කාරණයක් කරගත්තා. කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ කැපවීමේ යාච්ඤාවේ පොරොන්දු වූ පරිදි, අපි දේවමාළිගාවෙන් පිටවන්නේ දෙවියන්වහන්සේගේ බලයත් සමග සන්නද්ධ වීමෙනුයි. 16 දේවමාළිගාවේ ගිවිසුම් ඇතිකරගන්නා අයට දෙවියන්වහන්සේ දෙන බලය සමඟ කල්ඉකුත්වීමේ දිනයක් හෝ, වසංගතයක් තුළ එම බලයට ප්‍රවේශ වීමට සීමාවක් පනවා නෑ. උන්වහන්සේගේ බලය අපගේ ජීවිත තුළ හීනවන්නේ අපි අපගේ ගිවිසුම් පවත්වාගැනීමට අපොහොසත් වුවහොත් සහ උන්වහන්සේගේ බලය ලැබීමට අඛණ්ඩව සුදුසුකම් ලැබීමට අපට ඉඩ සලසන අයුරින් ජීවත් නොවන්නේ නම් පමණයි.

තායිලන්තයේ, ලාඕසයේ සහ මියන්මාරයේ මගේ ආදරණීය බිරිඳ සහ මම ධර්මදූත නායකයින් ලෙස සේවය කරමින් සිටියදී, දේවමාළිගාවේ පූජනීය ගිවිසුම් ඇතිකරගන්නා අයට ලැබෙන දෙවියන්වහන්සේගේ බලය අපි දුටුවා. දේවමාළිගා අනුග්‍රාහක ආධාර අරමුදල මගින් මෙම රටවල් තුනේ බොහෝ ශුද්ධවන්තයන්ට පෞද්ගලික කැපකිරීම් හා සූදානම තුළින් තමන්ට හැකි සෑමදෙයක්ම කළ පසු දේවමාළිගාවට පැමිණීමට හැකිවුණා. ලාඕසයේ සිට විශ්වාසවන්ත ශුද්ධවන්තයන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තායිලන්තයේ බැංකොක්හි ගුවන්තොටුපළකදී හොංකොං වෙත පියාසර කිරීම සඳහා බැංකොක්හි වෙනත් ගුවන්යානයකට මාරුවීමට ඔවුන්ට උදව් කිරීම මට මතකයි. අවසානයේදී ස්වාමින්වහන්සේගේ ගෘහයට යෑමට මෙම සාමාජිකයෝ මහත් උද්යෝගයකින් යුතුව සිටියා.

රූපය
ලාඕසයේ සාමාජිකයින්

මෙම යහපත් ශුද්ධවන්තයින් ආපසු පැමිණි අපට හමුවූ විට, ඔවුන්ගේ දේවමාළිගා බලයෙන් සැරසීම ලබාගැනීම සහ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් වලට එළඹීම නිසා ඇතිවූ ශුභාරංචියේ පරිණතභාවය හා ඒ හා බැඳුණු බලය පැහැදිලිව පෙනෙන්නට තිබුණා. මෙම ශුද්ධවන්තයින් දේවමාළිගාවෙන් පිටතට ගියේ “[උන්වහන්සේගේ] බලයෙන් සන්නද්ධ වීමෙනුයි”. 17 තමන්ට කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි යමක් කිරීමට ඇති මෙම බලය, තම මව් රටේ සභාවේ සාමාජිකත්වයට ඇති අභියෝග දරාගැනීමටත්, ලාඕසයේ ස්වාමින්වහන්සේගේ රාජ්‍යය දිගටම ගොඩනඟමින් සිටියදී “සත්‍යයේ, අතිශයින්ම ශ්‍රේෂ්ඨ හා මහිමාන්විත ආරංචියක්” 18 දරාගෙන ඉදිරියට යාමටත් ඔවුන්ට ශක්තිය ලබාදුන්නා.

අපට දේවමාළිගාවට සහභාගිවීමට නොහැකි වූ කාලය තුළ, අපගේ ජීවිත තුළ පැහැදිලි, වෙනස් නොවන දිශානතියක් ඇතිකිරීම සඳහා අප එකිනෙකා දේවමාළිගාවේ ඇතිකරගත් ගිවිසුම් මත විශ්වාසය තබා තිබෙනවාද? මෙම ගිවිසුම් පවත්වාගෙන යන්නේ නම්, අනාගතය පිළිබඳ දර්ශනයක් සහ අපේක්ෂාවන් සහ අපගේ විශ්වාසවන්තකම තුළින් ස්වාමින්වහන්සේ පොරොන්දු වූ සියල්ල ලැබීමට සුදුසුකම් ලැබීමේ පැහැදිලි අධිෂ්ඨානය අපට ලබාදෙනවා.

දෙවියන්වහන්සේ ඔබට දීමට කැමති බලය සෙවීමට මම ඔබට ආරාධනා කරනවා. අපි මේ බලය සොයනවිට, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය පිළිබඳ වැඩි අවබෝධයකින් අපට ආශිර්වාද ලැබෙනු ඇති බවට මම සාක්ෂි දරනවා.

ස්වර්ගික පියාණන්වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කරන නිසා උන්වහන්සේ තම ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපගේ ගැලවුම්කරුවාණන් හා මිදුම්කරුවාණන් ලෙස එව්වා. සියලු බලය ඇති යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මම සාක්ෂි දරනවා, 19 මම එසේ කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.