ප්‍රධාන සම්මන්ත්‍රණය
සාමයෙන්, නිශ්චල වෙන්න
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සාමයෙන්, නිශ්චල වෙන්න

අප වටා සුළං දරුණු ලෙස හමන විටත්, රළ පහරින් අපේ බලාපොරොත්තු ගිලෙන බවට තර්ජනය කරන විටත් සාමය හා සන්සුන් භාවය දැනෙන්නේ කෙසේද යන්න ගැලවුම්කරුවාණන් අපට උගන්වනවා.

අපේ දරුවන් කුඩා අවදියේ අපේ පවුල ලස්සන විලක දවස් කිහිපයක් ගතකළා. දිනක හවස්වරුවේ සමහර ළමයින් ඉහළ සිට වතුරට පනින්නට පෙර ජීවිතාරක්ෂක කබා පැළඳ සිටියා. අපගේ බාල දියණිය ඇගේ සහෝදර සහෝදරියන් හොඳින් නිරීක්ෂණය කරමින් පැකිලීමකින් බලා සිටියා. ඇයට ඇති සියලුම ධෛර්‍යය එක් කරගනිමින් එක් අතකින් නාසය තදින් වසා ඇය වතුරට පැන්නා. ඇය වහාම වතුරෙන් ඉස්මතු වූ අතර භීතියකින් යුත් කටහඬකින්, කෑ ගසමින් මෙසේ කීවා,“මට උදව් කරන්න! මට උදව් කරන්න!”

දැන්, ඇය සිටියේ කිසිඳු මාරාන්තික අනතුරකින් තොරව වන අතර, ඇගේ ජීවිතාරක්ෂක කබාය එහි කාර්යය කරමින් සිටි අතර ඇය ආරක්ෂිතව පාවෙමින් සිටියා. සුළු පරිශ්‍රමයකින් පවා මදක් පහත්වී අපට ඇයව තට්ටුව මතට ඇදීමට හැකියාව තිබුණා. එහෙත් ඇගේ දෘෂ්ටිකෝණයෙන් ඇයට උපකාර අවශ්‍ය වුණා. සමහරවිට එය වතුරේ සිසිල් බව නිසා හෝ ඇය තවමත් මෙම අත්දැකීමට අලුත් නිසා විය හැකියි. කෙසේවෙතත්, ඇය නැවත තට්ටුවට නැගුණා, එවිට අපි ඇයව වියළි තුවායකින් ඔතා ඇගේ නිර්භීතකම ගැන ඇයට ප්‍රශංසා කළා.

අපි මහලු හෝ තරුණ වුවත්, විපතට පත්වූ මොහොතක, අපගෙන් බොහෝදෙනෙකු “මට උදව් කරන්න!” “මාව බේරගන්න!” හෝ “කරුණාකර මාගේ යාච්ඤාවට පිළිතුරු දෙන්න!” වැනි හදිසි වචන පවසනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙලොව දේවසේවයේදී උන්වහන්සේගේ ගෝලයන් සමඟද එවැනි සිදුවීමක් සිදුවුණා. මාර්ක් හි අපි මෙසේ කියවනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “නැවතත් මුහුද අද්දර උගන්වන්නට පටන්ගත් සේක: එකල ඉතා මහත් සමූහයක් උන්වහන්සේ වෙතට රැස්වූහ.” 1 සමූහය ඉතා මහත්වූ නිසා යේසුස්වහන්සේ “ඔරුවකට නැගී” 2 එහි තට්ටුවේ සිට කතා කළා. දවස මුළුල්ලේම සමූහයා මුහුද ලඟ ගොඩ හිඳින විට උන්වහන්සේ උපමා මඟින් ඉගැන්වූවා.

“එසේම … එදා [සවස්] වූ කල,” උන්වහන්සේ ගෝලයන්ට කතා කොට, “අපි එගොඩට යමුයි කිව්වා. ඔවුහු සමූහයා පිටත්කර හැරි පසු,” 3 ඔවුහු වෙරළෙන් පිටත් වී ගලීල මුහුද හරහා යමින් සිටියා. යේසුස්වහන්සේ ඔරුවේ අවරේ ස්ථානයක් සොයාගත් පසු එහි වැතිරී ඉක්මනින් නින්දට ගියා. ඉක්මනින්ම “එහි සැඩ සුළං සහිත කුණාටුවක් හමා, ඔරුව පිරෙන [තරමට] ඒ තුලට රැළ ගැසුවා” 4

යේසුස්වහන්සේගේ ගෝලයන් බොහෝදෙනෙක් පළපුරුදු ධීවරයන් වූ අතර කුණාටුවකදී බෝට්ටුවක් හැසිරවිය යුතු ආකාරය දැන සිටියා. ඔවුහු උන්වහන්සේගේ සැබවින්ම—විශ්වාසවන්ත, උන්වහන්සේගේ—ආදරණීය ගෝලයෝයි. යේසුස්වහන්සේව අනුගමනය කිරීම සඳහා ඔවුන් රැකියාවන්, පෞද්ගලික අවශ්‍යතා සහ පවුලේ අයව අතහැර දමා තිබුණා. ඔවුන් බෝට්ටුවේ සිටීමෙන් උන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල පැහැදිලි වුණා. දැන් ඔවුන්ගේ බෝට්ටුව තිබුණේ කුණාටුවක් මධ්‍යයේ සහ ගිලීමට ආසන්නවයි.

කුණාටුව අතරතුර ඔරුව පාවෙමින් තිබීමට ඔවුන් කොපමන කාලයක් සටන් කළාදැයි අපි දන්නේ නෑ, එහෙත්, ඔවුන් උන්වහන්සේව අවදි කර මඳක් භීතියෙන් මෙසේ කිව්වා:

“ආචාරිනී, අප විනාශ වන බව ඔබ සලකන්නේ නැද්ද?” 5

“ස්වාමීනි, අප ගැලවුව මැනව: අපි විනාශ වෙමු.” 6

ඔවුන් ඔහුව හැඳින්වූයේ “ස්වාමිනී,” එලෙසම උන්වහන්සේ එසේයි. තවද උන්වහන්සේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය, ස්වර්ගයෙහිද, පොළොවෙහිද පියාණෝය, ආරම්භයේ පටන් සියළු දේවල මැවුම්කරුවාණෝය.” 7

රූපය
සාමයෙන්, නිශ්චල වෙන්න

යේසුස්වහන්සේ ඔරුවේ සිටි තැන සිට නැගිට සුළඟට තරවටු කරමින් කෝපාවිෂ්ට මුහුදට කතා කොට, “සාමයෙන්, නිශ්චල වෙන්න යැයි කී සේක. එවිට සුළග [නැවතී], මහත් නිශ්චලයක් විය.” 8 සැමවිටම ගුරුවරයාණන් වූ යේසුස්වහන්සේ තම ගෝලයන්ට සරල නමුත් ප්‍රේමණීය ප්‍රශ්න දෙකකින් ඉගැන්වුවා. උන්වහන්සේ මෙසේ ඇසුවා:

“නුඹලා භයව සිටින්නේ මන්ද?” 9

“නුඹලාගේ ඇදහිල්ල කොහෙද?” 10

පරීක්ෂාවකදී හෝ, කරදරයකදී, පීඩාවකදී මෙසේ ඇසීමේ මනුෂ්‍ය ස්වභාවයක් ඇත, “ස්වාමිනී අප විනාශ වන බව ඔබ සලකන්නේ නැද්ද” මා ගලවාගන්න.” ජෝසෆ් ස්මිත් පවා භයානක බන්ධනාගාරයකක සිට මෙලෙස ආයාචනා කළා, “අහෝ දෙවියනි, ඔබ කොහෙද? ඔබේ සැඟවුණු ස්ථානය ආවරණය කරන මණ්ඩපය කොහේද?” 11

නිසැකවම, ලෝකයේ ගැලවුම්කරුවාණන් අපගේ ලෞකික සීමාවන් තේරුම්ගන්නවා, මක්නිසාදයත්, අප වටා සුළං දරුණු ලෙස හමන විටත්, රළ පහරින් අපේ බලාපොරොත්තු ගිලෙන බවට තර්ජනය කරන විටත් පවා සාමය හා සන්සුන් භාවය දැනෙන්නේ කෙසේද යන්න උන්වහන්සේ අපට උගන්වනවා.

ඔප්පු කළ ඇදහිල්ල, ළමයින්ට සමාන ඇදහිල්ලක්, හෝ ඇදහිල්ලේ කුඩාම අංශය පවා 12 ඇති අයට, යේසුස්වහන්සේ මෙසේ කියමින් ආරාධනා කළා: “මා වෙතට එන්න.” 13 “මාගේ නාමය කෙරෙහි විශ්වාස කරන්න.” 14 “මාගෙන් ඉගෙනගන්න, එමෙන්ම මාගේ වචන වලට ඇහුම්කන්දෙන්න.” 15 උන්වහන්සේ මෘදු ලෙස මෙසේ ආඥා කරනවා, “මාගේ නාමයෙන් බෞතිස්ම සහ පසුතැවිලි වන්න,” 16 “මම නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න,” 17 තවද “මා නිතර සිහි කරන්න.” 18 යේසුස්වහන්සේ මෙලෙස පැහැදිලි කරමින් සහතික කරනවා: “මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස, මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ: නමුත් ධෛර්යවන්ත වන්න; මම ලෝකය ජයගත්තෙමි.” 19

කුණාටුවෙන් ගසාගෙන යන ඔරුවේ සිටි යේසුස්වහන්සේගේ ගෝලයන්, රළ ඔවුන්ගේ ඔරුවේ තට්ටුවට කඩාවැටෙන ආකාරය සහ ජලය පිටතට දැමීමේ අවශ්‍යතාවය මත කෙතරම් කාර්‍යබහුලවී සිටියාද කියා මට සිතාගත හැකියි. ඔවුන් රුවල් හසුරුවන ආකාරය සහ ඔවුන්ගේ කුඩා යාත්‍රාව යම් තරමකට හෝ පාලනය කරගැනීමට උත්සාහ කරන ආකාරය මට සිතාගත හැකියි. ඔවුන්ගේ අවධානය යොමුවූයේ මේ මොහොතේ දිවි ගලවාගැනීම සඳහා වන අතර, උපකාරය සඳහා ඔවුන් කළ ඉල්ලීම හදිසියේම අවංක වුණා.

අපේ කාලයේදීද අපෙන් බොහෝදෙනෙක් මෙයට වඩා වෙනස් වන්නේ නෑ. ලොවපුරා සහ අපේ ජාතීන් අතර, ප්‍රජාවන් සහ පවුල් වල මෑත සිදුවීම් අනපේක්ෂිත පරීක්ෂාවන්ට අපව පොළඹවා තිබෙනවා. නොසන්සුන් කාල වලදී අපගේ ඇදහිල්ල අපගේ විඳදරාගැනීමේ සහ අවබෝධයේ සීමාවන් පසුකර විහිදී යනවා. භීතියේ රළ අපව වෙනතකට යොමුකළ හැකි අතර, මේ අනුව දෙවියන්වහන්සේගේ යහපත්කම අපට අමතක වී අපගේ ඉදිරිදර්ශනය කෙටිකාලීනව අවධානයෙන් බැහැර වෙනවා. එහෙත් අපගේ ගමනේ මෙම රළු ඇදීම් තුළ අපගේ ඇදහිල්ල අත්හදා බැලිය හැකි නමුත් එය ශක්තිමත් කරන්නටද පුලුවන්.

අපගේ තත්වයන් කුමක් වුවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ගොඩනගාගැනීමට සහ වැඩි කිරීමට අපට හිතාමතාම උත්සාහ කළ හැකියි. අප දෙවියන්වහන්සේගේ දරුවන් බවත් උන්වහන්සේ අපට ප්‍රේම කරන බවත් මතකතබා ගන්නා විට එය ශක්තිමත් වෙනවා. අපි දෙවියන්වහන්සේගේ වචනය බලාපොරොත්තුවෙන් හා කඩිසරව අත්හදා බලමින්, ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට අපගේ උපරිම උත්සාහය දරන විට අපගේ ඇදහිල්ල වර්ධනය වෙනවා. සැකකිරීමට වඩා විශ්වාස කිරීමෙන්, විනිශ්චය කිරීමට වඩා සමාව දීමෙන්, කැරලිගැසීමට වඩා පසුතැවිලි වීමෙන් අපගේ විශ්වාසය වැඩි වෙනවා. ශුද්ධ වූ මෙසියස්වහන්සේගේ ගුණාංග සහ දයාව හා කරුණාව මත අපි ඉවසිලිවන්තව විශ්වාසය තබන විට අපගේ ඇදහිල්ල පිරිසිඳු වෙනවා. 20

වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ පැවසුවා, “ඇදහිල්ල පරිපූර්ණ දැනුමක් නොවන අතර, එය දෙවියන්වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ඇති කරනවා!” 21 කැලඹිලි සහිත කාල වලදී පවා, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තද මෙන්ම ඔරොත්තු දීමේ හැකියාවද ඇති වෙනවා. වැදගත් නොවන අවධානය වෙනතකට යොමුකිරීමට එය අපට උපකාරී වෙනවා. ගිවිසුම් මාවතේ දිගටම ගමන් කිරීමට එය අපව දිරිමත් කරනවා. ඇදහිල්ල අපව අධෛර්ය අතරින් ඉදිරියට ගෙනයන අතර අධිෂ්ඨාන සහගත කෙලින් උරහිස් වලින් අනාගතයට මුහුණදීමට අපට ඉඩසලසනවා. පුත්‍රයාණන්ගේ නාමයෙන් පියාණන්වහන්සේට යාච්ඤා කරන විට ගැලවීම සහ සහනය ඉල්ලා සිටීමට එය අපව පොළඹවනවා. යාච්ඤා කරන ආයාචනා වලට පිළිතුරු නොලැබෙන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ නිරන්තර ඇදහිල්ල ඉවසීම, නිහතමානිකම සහ “ඔබගේ කැමැත්ත ඉෂ්ඨ වේවා” 22 යන වචන ගෞරවාන්විතව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති කරනවා.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූවා:

“අපගේ බියට අපගේ ඇදහිල්ල ඉවත්කිරීමට ඉඩදිය යුතු නෑ. අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමෙන් අපට එම බිය සමඟ සටන් කළ හැකියි.

“ඔබේ දරුවන් සමඟ ආරම්භ කරන්න. … ඔබට දරුණු පීඩා ඇති වූවත් ඔබේ ඇදහිල්ල ඔවුන්ට දැනෙන්නට ඉඩහරින්න. ඔබගේ ඇදහිල්ල අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් වන ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි යොමුකරන්න. … සෑම වටිනා පිරිමි ළමයෙකුටම හෝ ගැහැණු ළමයෙකුටම ඔහු හෝ ඇය පරිශුද්ධ අරමුණක් හා විභවයක් ඇති උන්වහන්සේගේ ස්වරූපයෙන් මවන ලද දෙවියන්වහන්සේගේ දරුවෙකු බව උගන්වන්න. සෑම කෙනෙකුම ඉපදෙන්නේ අභියෝග ජයගැනීමට සහ ඇදහිල්ල වර්ධනය කරගැනීමටයි.” 23

අවුරුදු හතරක් වයසැති දරුවන් දෙදෙනෙක් “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද?” යන ප්‍රශ්නයට ඔවුන් පිළිතුරු දුන් විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල බෙදාගන්නා බව මට මෑතකදී අසන්නට ලැබුණා. පළමු දරුවා පැවසුවේ, “යේසුස්වහන්සේ මා වෙනුවෙන් දිවිපිදූ නිසා ඔහු මට ප්‍රේම කරන බව මම දන්නවා. උන්වහන්සේ වැඩිහිටියන්ටද ආදරය කරනවා.” දෙවන දරුවා පැවසුවේ, “මම දුකෙන් හෝ කෝපයෙන් සිටින විට උන්වහන්සේ මට උදව් කරනවා. මම ගිලෙන විටදී පවා උන්වහන්සේ මට උදව් කරනවා.”

යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “එසේහෙයින්, කවරෙකු වුවද පසුතැවිලි වී කුඩා ළදරුවෙකු මෙන් මා වෙතට පැමිණෙන්නේද, ඔහුව මම භාරගන්නෙමි, මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.” 24

“මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමකෙනෙකුම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” 25

මෑතකදී සභාපති නෙල්සන් මෙසේ පොරොන්දු වුණා “ගැලවුම්කරුවාණන්ගේ වචන ඇසීමට, උවමනාවෙන් සවන්දීමට සහ ඒවාට අවධානය දීමට අප නැවත සැබවින්ම ආරම්භ කරන විට “එම බිය අඩුවී ඇදහිල්ල වැඩි වනු ඇත.” 26

රූපය
යේසුස්වහන්සේ මුහුද නිසල කරමින්

සහෝදර සහෝදරියනි, අපගේ වර්තමාන අභියෝගාත්මක තත්වයන් අපගේ අවසාන සදාකාලික ගමනාන්තය නොවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගේ සභාවේ සාමාජිකයන් ලෙස අපි ගිවිසුමක් මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප වෙත ගෙන තිබෙනවා. උන්වහන්සේගේ මිදීමේ බලය කෙරෙහි විශ්වාසයක් සහ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ හා වටිනා පොරොන්දු කෙරෙහි බලාපොරොත්තුවක් අපට තිබෙනවා. මක්නිසාද අපගේ ස්වාමින් හා ගැලවුම්කරුවාණන් අපගේ කරදර, කනස්සල්ල සහ දුක ගැන හොඳින් දන්නා නිසා, ප්‍රීතිවීමට අපට ඕනෑ තරම් හේතු තිබෙනවා. යේසුස්වහන්සේ අතීතයේ සිටි සිය ගෝලයන් සමඟ සිටියාක් මෙන්, උන්වහන්සේ අපගේ ඔරුවේද සිටිනවා! ඔබත් මමත් විනාශ නොවන පිණිස උන්වහන්සේ සිය ජීවිතය දුන් බව මම සාක්ෂි දරනවා. අපි උන්වහන්සේව විශ්වාස කරමු, උන්වහන්සේගේ ආඥා වලට කීකරු වෙමු එමෙන්ම උන්වහන්සේ “සාමයෙන්, නිශ්චල වෙන්න”යැයි පවසන විට ඇදහිල්ලෙන් ඇහුම්කන්දෙමු. 27 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උතුම් හා ශුද්ධ වූ නාමයෙන් ආමෙන්.