ප්‍රධාන සම්මන්ත්‍රණය
එහි ආහාර තිබුණේය
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


එහි පාන් තිබුණේය

අපි ලෞකිකව සූදානම් වීමට උත්සාහ කරන විට, අපට වැඩි විශ්වාසයකින් යුතුව ජීවිතයේ පරීක්ෂාවන්ට මුහුණදිය හැකියි.

වර්තමාන වසංගතය නිසා ඇතිවූ සංචාරක සීමාවන්ට පෙර, මම ජාත්‍යන්තර පැවරුමකින් ආපසු ගෙදර යමින් සිටියා, සැලසුම් කිරීමේ දෝශයක් නිසා, ගුවන්යානා මාරුවීම යෙදී තිබුනේ ඉරිදා දිනක. ප්‍රාදේශීය සක්‍රමේන්තු රැස්වීමකට සහභාගී වීමට මට ගුවන් ගමන් අතර කාලය තිබුණා, එහිදී මටත් කෙටි පණිවිඩයක් බෙදාගැනීමට හැකිවුණා. එම රැස්වීමෙන් පසුව, උද්යෝගිමත් උපස්ථායකයකවරයෙක් මා වෙත පැමිණ, මම සභාපති නෙල්සන්ව දන්නවාද සහ, ඔහුට අතට අත දෙන්නට මට කවදා හෝ අවස්ථාවක් තිබුනේ දැයි විමසුවා. මම ඔහුව හඳුනන බවත්, මම ඔහු සමග අතට අත දී ඇති බවත්, මුලසුන දරන සභානායකත්වයේ සාමාජිකයෙකු ලෙස, සෑම සතියකම කීපවරක් සභාපති නෙල්සන් සහ ඔහුගේ උපදේශකයින් හමුවීමට මට අවස්ථාව ලැබුණු බවත් මම පිළිතුරු දුන්නා.

මේ තරුණ උපස්ථායකයා පුටුවක වාඩිවී දෑත් අහසට විසිකර, “මෙය මගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම දිනයයි!” කියා කෑගැසුවා. සහෝදර සහෝදරියනි, මම දෑත් අහසට විසිකර කෑගසන්නේ නැති වෙන්න පුලුවන්, නමුත් ජීවමාන අනාගතවක්තෘවරයෙකු වෙනුවෙන් සහ විශේෂයෙන් මේ අභියෝගාත්මක කාල වලදී අනාගතවක්තෘවරුන්ගෙන්, අනාගතය දකින්නන්ගෙන් සහ එළිදරව් කරන්නන්ගෙන් අපට ලැබෙන මගපෙන්වීම ගැන මම සදාකාලිකවම කෘතඥ වෙනවා.

මෙම ලෞකික අත්දැකීමේ කොටසක් ලෙස පැමිණෙනු ඇතැයි උන්වහන්සේ දන්නා විපත් හා පීඩා වලට එරෙහිව අධ්‍යාත්මිකව හා ලෞකිකව සූදානම් වීමට ස්වාමින්වහන්සේ සිය ජනතාවට උපකාර කිරීම සඳහා ආරම්භයේ සිටම, මගපෙන්වීම ලබාදී තිබෙනවා. මෙම විපත් පෞද්ගලික හෝ සාමාන්‍ය ස්වභාවයක් විය හැකි නමුත්, ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම මගින් අපි උන්වහන්සේගේ උපදෙස් වලට අවනත වී ක්‍රියා කරන තාක් දුරට ආරක්ෂාව සහ සහය ලබාදෙනවා. ඊජිප්තුවේ යෝසෙප් ගැනත් පාරාවෝගේ සිහිනය පිළිබඳ ඔහුගේ ආනුභාව ලත් අර්ථකථනය ගැනත් අපට දැනගත හැකි උත්පත්ති පොතෙන් අපූරු උදාහරණයක් සපයනවා.

“එවිට යෝසෙප් පාරාවෝට කථා කොට, … දෙවියන්වහන්සේ තමන් කරන්ට යන දෙය පාරාවෝට ප්‍රකාශ කළ සේක. …

“බලන්න, මුළු මිසර දේශයෙහි ඉතා සාරවූ අවුරුදු සතක් පැමිණෙයි:

“තවද ඉන්පසු සාගත අවුරුදු සතක් පැමිණෙන්නේය; එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය.” 1

පාරාවෝ යෝසෙප්ට ඇහුම්කන්දෙමින්, දෙවියන්වහන්සේ සිහිනයකින් ඔහුට පෙන්වූ දෙයට ප්‍රතිචාර දැක්වූ අතර, ඉදිරියේදී සිදුවීමට ඇති සිදුවීමට සූදානම් වීමට සූදානම් වුණා. ශුද්ධලියවිලි පසුව මෙසේ වාර්තා කරනවා:

“තවද සාරවත්වූ සත් අවුරුද්දෙහි පොළොවෙන් අතිශයින්ම ඵල හටගත්තේය.

“ඔහු ඒ සත් අවුරුද්දේ මිසර දේශයෙහි තිබුණාවූ ආහාර සියල්ල රැස්කොට ඒවා නුවරවල තැබුවේය. …

“යෝසෙප් ධාන්‍ය මුහුදේ වැලි මෙන් රාශි වශයෙන්, ගණන් නොකර හරින තරමට රැස්කෙළේය; මක්නිසාද ඒවා ගණන්කළ නොහැකි විය.” 2

සාරවූ අවුරුදු හත ගෙවීගිය පසු, “යෝසෙප් කී ලෙස සාගත අවුරුදු සත පැමිණෙන්ට පටන්ගත්තේය. සියලු දේශවල සාගතය විය; නුමුත් මිසර දේශය මුළුල්ලෙහි ආහාර තිබුණේය.” 3

“පැමිණෙන්නට ඇති” 4 විපත් වලට එරෙහිව අප සූදානම් වීමේ අවශ්‍යතාවය අවබෝධ කරගත් අනාගතවක්තෘවරුන් විසින් අද අපට මගපෙන්වීම ලැබීමටත්, ඔවුන්ගේ උපදෙස් පිළිපැදීමට උත්සාහ කිරීමේදී අපට ඇතිවිය හැකි සීමාවන් හෝ අවහිර කිරීම් හඳුනාගන්නට ලැබීමටත් අපි අද ආශිර්වාද ලබා තිබෙනවා.

COVID-19 හි බලපෑමට මෙන්ම, විනාශකාරී ස්වාභාවික විපත් වලට, සෑම මහද්වීපයකම ජනවාර්ගික, සහ සමාජීය හා ආගමික සීමාවන් ඉක්මවා යන පුද්ගලයා කවුද යන්න අදාළ නැති බවට පැහැදිලියි. ශරීර සෞඛ්‍ය සහ නීතිමය අභියෝග නිසා සේවා විරාම මගින් වැඩ කිරීමේ අවස්ථාවට බලපා ඇති නිසා, රැකියා අහිමි වී තිබෙනවා, ඒවගේම ආදායම් අඩුවී තිබෙනවා.

බලපෑමට ලක්වූ සැමට, අපි ඔබගේ තත්වය පිළිබඳ අවබෝධය සහ සැලකිල්ල ප්‍රකාශ කරන අතරම, හොඳ දවස් ඉදිරියෙන් ඇති බවට ස්ථිර විශ්වාසයක් ප්‍රකාශ කරනවා. සූදානම් වීමේ මූලධර්මය ඔබ අදාළ කරගන්නා විට ඔබගේ ජීවිත නැවත යථා තත්වයට ගැනීමට උදව් කළ හැකි සහ ස්වාධීනත්ව මාවතේ ඔබව තැබිය හැකි මෙවලම් සහ සම්පත් වලට ප්‍රවේශයක් ඇති, තම සභාවේ ලෞකික අවශ්‍යතා ඇති සාමාජිකයින්ට ගැන සොයන සභානායකවරුන් සහ ශාඛා සභාපතිවරුන්ගෙන් ඔබ ආශිර්වාද ලබා තිබෙනවා.

වර්තමාන පරිසරය තුළ, සමස්ත ආර්ථිකයන් මෙන්ම පුද්ගල ජීවිත විනාශ කර ඇති වසංගතයක් සමඟ, බොහෝදෙනා අරගල කරන යථාර්ථය නොසලකා හැර අනාගතය සඳහා ආහාර හා මුදල් සංචිතයක් ගොඩනගා ගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටීම, සානුකම්පිත ගැලවුම්කරුවෙකුට ගැලපෙන්නේ නෑ. කෙසේවෙතත්, එයින් අදහස් කරන්නේ අප සූදානම් වීමේ මූලධර්ම සදාකාලිකව නොසලකා හැරිය යුතු බව නොවේ—මෙම මූලධර්ම “ප්‍රඥාවෙන් හා පිළිවෙළින්” 5 යෙදිය යුතු බව බවයි, එවිට ඊජිප්තුවේ යෝසෙප් මෙන් “එහි ආහාර තිබුණේය” 6 කියා අපට අනාගතයේදී පැවසිය හැකියි.

අපට කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි යමක් අප විසින් කරනු ඇතැයි ස්වාමින්වහන්සේ අපේක්ෂා නොකරයි, නමුත් අපට කළ හැකි වේලාවට, අපට කළ හැකි දේ අප විසින් කරනු ඇතැයි උන්වහන්සේ අපේක්ෂා කරනවා. අපගේ අවසාන ප්‍රධාන සම්මන්ත්‍රණයේදී සභාපති නෙල්සන් අපට මතක්කර දුන් ලෙස, “ස්වාමින්වහන්සේ උත්සාහයට ප්‍රිය කරයි.” 7

රූපය
පුද්ගලික මූල්‍ය අත්පොත භාෂා වලින්

“මූලික වශයෙන් ආහාර හා ජලය සැපයීමෙන් හා ඉතුරුම් වලින් යම් මුදලක් තබාගැනීමෙන් ජීවිතයේ කරදර වලට සූදානම් වන ලෙස” සභාවේ නායකයන් බොහෝ විට පසු-දවස්වල ශුද්ධවන්තයින්ව දිරිගැන්වූවා. 8 ඒ අතරම, නිවාස ගබඩා සැපයුමක් සහ මූල්‍ය සංචිතයක් ඇති කිරීම සඳහා අප ගන්නා උත්සාහයන්හි “ඥානවන්ත” වීමට සහ “අන්තයට නොයන ලෙස” 9 අපව දිරිමත් කරනු ලැබෙනවා. 2017 දී ප්‍රකාශයට පත්කරන ලද සහ දැනට භාෂා 36 කින් සභාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි, ස්වාධීනත්වය සඳහා පුද්ගලික මූල්‍ය නම් වූ සම්පතක් ආරම්භ වන්නේ පළමු සභාපතිත්වයේ පණිවිඩයක් සමගයි, එහි මෙසේ සඳහන් වෙනවා:

“ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත, ‘මාගේ ශුද්ධවන්තයින් වෙනුවෙන් සැපයීම මාගේ අරමුණයි’ [දහම සහ ගිවිසුම් 104:15]. මෙය ස්වාමින්වහන්සේ විසින් තාවකාලික ආශිර්වාද ලබාදෙන බවත්, ස්වාධීනත්වයේ දොර විවර කරන බවත් පොරොන්දු වන එළිදරව්වකි. …

“… මෙම මූලධර්ම පිළිගැනීම හා ජීවත්වීම ස්වාමින්වහන්සේ විසින් පොරොන්දු වූ ලෞකික ආශිර්වාද ලබාගැනීමට වඩා හොඳින් සලස්වයි.

මෙම මූලධර්මයන් උනන්දුවෙන් අධ්‍යයනය කර සහ අදාළ කරගෙන ඒවා ඔබේ පවුලේ සාමාජිකයන්ට ඉගැන්වීමට අපි ඔබට ආරාධනා කරනවා. ඔබ එසේ කරන විට, ඔබේ ජීවිතයට ආශිර්වාද ලැබෙනු ඇත… [මන්ද] ඔබ ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේ ඔබට ආදරය කරන අතර කිසිවිටෙකත් ඔබව අත් නොහරිනු ඇත. උන්වහන්සේ ඔබව හඳුනන අතර ස්වාධීනත්වයේ අධ්‍යාත්මික හා තාවකාලික ආශිර්වාද ඔබට ලබාදීමට සූදානම්.” 10

මෙම සම්පතට අයවැයක් නිර්මාණය කිරීම හා ඒ අනුව ජීවත්වීම, දුෂ්කරතාවයන්ගෙන් ඔබේ පවුල ආරක්ෂා කිරීම, මූල්‍ය අර්බුදයක් කළමනාකරණය කිරීමල අනාගතය සඳහා ආයෝජනය කිරීම සහ තවත් බොහෝ දේ සඳහා කැපවූ පරිච්ඡේද ඇතුළත් වන අතර සභාවේ වෙබ් අඩවියේ හෝ ඔබේ ප්‍රාදේශීය නායකයින් හරහා සෑමකෙනෙකුටම මෙම පොත ලබාගත හැකියි.

සූදානම පිළිබඳ මූලධර්මය සලකා බැලීමේදී, පෙළඹවීම් සඳහා ඊජිප්තුවේ යෝසෙප් වෙත අපට ආපසු හැරී බැලිය හැකියි. සාරවත් වර්ශයන් තුල කැපකිරීමක් නොමැතිව, සිදුවන්නේ කුමක්ද යන්න දැනගැනීම පමණක්, “සාගත” වර්ශයන් හරහා ගෙන යාමට ප්‍රමාණවත් නොවනු ඇත. පාරාවෝගේ යටත්වැසියන්ට නිපදවිය හැකි සියල්ල පරිභෝජනය කරනවා වෙනුවට, සීමාවන් ස්ථාපිත කර, අනුගමනය කරන ලද අතර, ඔවුන්ගේ ක්ෂණික මෙන්ම ඔවුන්ගේ අනාගත අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් දේ සපයනු ලැබුවා. අභියෝගාත්මක කාලයන් පැමිණෙන බව දැනගැනීම පමණක් ප්‍රමාණවත් වුනේ නෑ. ඔවුන්ට ක්‍රියා කිරීමට සිදුවුණා, එමෙන්ම ඔවුන්ගේ එම උත්සාහය නිසා “එහි ආහාර තිබුණේය.” 11

මෙය වැදගත් ප්‍රශ්නයකට මගපාදනවා: “එබැවින්, කුමක්ද?” ආරම්භ කිරීමට හොඳ තැනක් නම්, සියල්ල ස්වාමින්වහන්සේට අධ්‍යාත්මික බව වටහාගැනීමයි, “කිසිම අවස්ථාවක” උන්වහන්සේ අපට “තාවකාලික නීතියක්” ලබාදී නෑ. 12 එසේනම්, සෑමදෙයක්ම, අප විසින් ගොඩනගාගත යුතු පදනම ලෙස අපගේ තාවකාලික සූදානම පවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමුවෙයි.

තාවකාලිකව සුදානම් වීම සහ ස්වාධීනව සිටීම යන්නෙන් අදහස් කරන්නේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව හෝ ක්‍රියා කිරීමේ බලයෙන් සහ අපගේම උත්සාහය තුළින්, අපට සහ අපගේ පවුල් වලට අවශ්‍ය ජීවිතයේ සියලු අධ්‍යාත්මික හා තාවකාලික අවශ්‍යතා ලබාගැනීමට අපට හැකි වේ” යන්නයි. 13

තාවකාලික සූදානම සඳහා අධ්‍යාත්මික පදනමේ අමතර අංග අතරට ඇතුළත් වන්නේ: “ප්‍රඥාවෙන් හා පිළිවෙළින්” 14 ක්‍රියා කිරීමයි, එයින් ඇඟවෙන්නේ කාලයාගේ ඇවෑමෙන් සහ එලෙසම ක්‍රමානුකූලව ආහාර ගබඩා කිරීම සහ ඉතිරිකිරීම් ක්‍රමයෙන් ගොඩනැගීම, “කුඩා හා සරල” 15 දේවල් වැළඳගැනීම, එනම් අපගේ කුඩා නමුත් නිරන්තර උත්සාහයන් ස්වාමින්වහන්සේ විසින් මහිමයට පත්කරනු ඇති බවට ඇදහිල්ල විදහා දැක්වීමයි.

අධ්‍යාත්මික පදනමක් ඇති විට, අපට තාවකාලික සූදානම, මූල්‍ය කළමනාකරණය සහ නිවාස ගබඩා කිරීම—යන වැදගත් අංග දෙක අපට සාර්ථකව යෙදිය හැකියි.

ඔබේ මූල්‍ය කළමනාකරණය කිරීමේ ප්‍රධාන මූලධර්ම අතර දසයෙන් කොටස සහ පරිත්‍යාගයන් ගෙවීම; ණය ඉවත් කිරීම සහ වළක්වා ගැනීම; අයවැය සකස් කිරීම සහ ඒ තුළ ජීවත් වීම; සහ අනාගතය සඳහා ඉතිරි කිරීම යන ඒවා ඇතුළත් වෙනවා.

නිවසේ ප්‍රධාන ගබඩා කිරීමේ මූලධර්ම අතර ආහාර ගබඩා කිරීම, ජලය ගබඩා කිරීම, පුද්ගල සහ පවුලේ අවශ්‍යතා මත පදනම් වූ අනෙකුත් අවශ්‍යතා ගබඩා කිරීම යන සියල්ලම ඇතුළත් … මෙයට හේතුව නම් “හොඳම ගබඩාව” 16 යනු නිවස වන අතර එය “අවශ්‍ය අවස්ථාවන්හිදී වඩාත් ප්‍රවේශ විය හැකි රක්ෂිතය” 17 බවට පත්වෙනවා.

අප අධ්‍යාත්මික මූලධර්ම වැළඳගෙන ස්වාමින්වහන්සේගෙන් අනුභාවය ලබාගන්නා විට, අප වෙනුවෙන්, තනි තනිව සහ පවුල් වශයෙන් ස්වාමින්වහන්සේගේ කැමැත්ත දැනගැනීමටත්, ලෞකික සූදානමේ වැදගත් මූලධර්ම වඩා හොඳින් අදාළ කරගන්නේ කෙසේද යන්න දැනගැනීමටත් අපට මගපෙන්වීම ලැබෙනවා. මේ සියල්ලේම වඩාත්ම වැදගත් පියවර තමයි පටන්ගැනීම.

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙලෙස පවසමින් මෙම මූලධර්මය ඉගැන්වූවා: “ක්‍රියාවට නැංවීම යනු ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමයි” සැබෑ ඇදහිල්ල ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේ මත යොමුවී ඇති අතර එය සැමවිටම ක්‍රියාවට යොමුකරවයි.” 18

සහෝදර සහෝදරියනි, වෙනස්වන ලෝකයක, අප අවිනිශ්චිතතාවයන්ට සූදානම් විය යුතුමයි. වඩා හොඳ දවස් ඉදිරියෙන් තිබුනත්, ලෞකිකත්වයේ තාවකාලික කඳු මුදුන් සහ නිම්න දිගටම පවතින බව අපි දන්නවා. අපි තාවකාලිකව සුදානම් වීමට උත්සාහ කරන විට, අපට ජීවිතයේ පරීක්ෂාවන්ට වැඩි විශ්වාසයකින්, හදවත්වල සාමයෙන් මුහුණදිය හැකි අතර, ඊජිප්තුවේ යෝසෙප් මෙන්, “එහි ආහාර තිබුණේය” කියා පීඩාකාරී අවස්ථාවන්හිදී පවා අපට පැවසිය හැකියි. 19 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.