ප්‍රධාන සම්මන්ත්‍රණය
ස්වාමින්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටීම
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්වාමින්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටීම

අප වෙනුවෙන් උන්වහන්සේගේ හස්තය එළිදරව් වනවා අපට පෙනෙන තෙක්, යම්කිසි දුක් වේදනා ඊට ඇතුළත් වුවද, ඇදහිල්ල යන්නෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේව යහපත් කාල වලදී හා අයහපත් කාල වලදී විශ්වාස කිරීමයි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ආදරණීය අනාගතවක්තෘ සභාපති රසල් එම්. නෙල්සන්ගේ අවසාන ප්‍රකාශයන් ඇසීමට—අප සැවොම—මම ඊටත් වඩා ඉතා උනන්දුවෙන් ඉන්නවා. මෙය පුදුමාකාර සම්මන්ත්‍රණයක් වුණා, නමුත් COVID-19 අපගේ සාම්ප්‍රදායික කටයුතු වෙනස් කළ දෙවන අවස්ථාව මෙයයි. මෙම බෝවන රෝගයෙන් අප බොහෝ වෙහෙසට පත්ව සිටින අතර, අප ඒ ගැන බොහෝ කරදර වෙනවා මෙන් අපට දැනෙනවා. ඒවගේම පෙනෙන විදිහට, මගේ සමහර සහෝදරයන් කිහිපදෙනෙක් දැනටමත් එම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා. ඕනෑම ආකාරයකින් පීඩාවට පත්වූවන් වෙනුවෙන්, විශේෂයෙන් ආදරණීයයන් අහිමි වූ ඕනෑම අයෙකු වෙනුවෙන් අපි නිරන්තරයෙන් යාච්ඤා කරන බව කරුණාකර දැනගන්න. මෙය ඕනෑවටත් වඩා වැඩි, ඉතා වැඩි කාලයක් තිස්සේ සිදුවෙමින් ඇති බවට හැමදෙනාම එකඟ වෙනවා.

අපට ඇතිවන දුෂ්කරතා වලින් මිදීමට අපි කොපමන කාලයක් බලා සිටිනවාද? අපි බලා සිටිමින් සිටියදී සහ උපකාර පැමිණීම එතරම් මන්දගාමී බවක් පෙනෙන්නට තිබියදී පුද්ගලික පරීක්ෂාවන් විඳදරාගැනීම ගැන කුමක් කිව හැකිද? බර අපට දැරිය හැකි ප්‍රමාණයට වඩා වැඩි යැයි පෙනෙන විට ඇති වන ප්‍රමාදය ඇයි?

එවැනි ප්‍රශ්න අසන අතරම, අප උත්සාහ කළහොත්, එම ස්ථානයෙන් වාර්තා වන සීතලම ශීත සෘතුවේදී අඳුරු සිරගෙදර සිරකුටියක සිට තවත් කෙනෙකුගේ හඬ අසන්නට අපට පුළුවන්.

“අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ කොතනද?” ලිබර්ටි බන්ධනාගාරයේ ගැඹුරේ සිට අපට අසන්නට ලැබෙනවා. “ඔබවහන්සෙගේ රහසිගත ස්ථානයේ සැඟවෙන කුඩාරම කොතනද? ඔබවහන්සේගේ හස්තය කෙතරම් දුරට නැවතී තිබේද?” 1 කොපමන කාලයක්ද, අහෝ ස්වාමිනි, කොපමන කාලයක්ද?

ඉතින්, ශෝකය අප කෙරෙහි දරා සිටින විට හෝ අපගේ හදවතේ කැක්කුමක් දිගින් දිගටම පවතින විට එවැනි ප්‍රශ්න අසන පළමුවැන්නා හෝ අවසාන තැනැත්තා අප නොවේ. මම දැන් කතා කරන්නේ වසංගත හෝ බන්ධනාගාර ගැන නොව ඔබ, ඔබේ පවුලේ අය සහ එවැනි ඕනෑම අභියෝගයකට මුහුණදෙන ඔබේ අසල්වැසියන් ගැනයි. මම කතා කරන්නේ විවාහ වීමට කැමති සහ විවාහ නොවූ, හෝ තම සම්බන්ධය තවත් ටිකක් සෙලෙස්ටියල් වූවා නම් යැයි සිතන විවාහ වී සිටින බොහෝ දෙනාගේ ආශාව ගැනයි. මා කතා කරන්නේ බරපතල වෛද්‍ය තත්වයක් නිසා අනවශ්‍ය පෙනුමක් සමඟ කටයුතු කරන්නට වූ අය—සමහරවිට සුවකළ නොහැකි එකක්—හෝ ප්‍රතිකර්මයක් නොමැති ජානමය දෝෂයක් සමඟ ජීවිත කාලය පුරාම සටනට මුහුණදෙන අය ගැනයි. මම කතා කරන්නේ, චිත්තවේගීය හා මානසික සෞඛ්‍ය අභියෝග සමඟ දුක් විඳින බොහෝ දෙනාගේ ආත්ම මත, සහ ඔවුන් සමඟ දුක් විඳින හා ආදරය කරන අයගේ හදවත් මත, දැඩි බරක් දරමින් ඒවා සමඟ අඛණ්ඩව අරගල කිරීම ගැනයි. මම කතා කරන්නේ ගැලවුම්කරුවාණන් අපට කිසිදා අමතක නොකරන ලෙස පැවසූ, දුප්පතුන් ගැනයි, ඒ වගේම ඔහු හෝ ඇය යාවි යැයි බලාපොරොත්තුවෙන් ඔබ යාච්ඤා කළාට වඩා වෙනස් මාර්ගයක් තෝරාගත්, කුමන වයසේ හෝ දරුවෙකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින ඔබ ගැනයි.

තවදුරටත්, අප පෞද්ගලිකව බලා සිටින මෙම දීර්ඝ ලැයිස්තුවෙන් පවා, සාමූහිකව අප මුහුණදෙන විශාල ආර්ථික, දේශපාලන හා සමාජ අවශ්‍යතා විසඳීමට උත්සාහ නොකරන බව මම සඳහන් කරන්න කැමතියි. අපගේ පුද්ගලික කාරණා පිළිබඳව අවධානය යොමුකරන ලෙසම, මෙම අමිහිරි පොදු ප්‍රශ්ණ ගැනත් අපගේ අවධානය යොමුවීම ගැන ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ පැහැදිලිවම අපේක්ෂා කරනවා, නමුත් අපගේ ජීවිත තුළ අපගේ හොඳම අධ්‍යාත්මික වෑයම සහ උනන්දුවෙන්, ආයාචනා කරන යාච්ඤා පවා විශාල ගෝලීය කාරණා හෝ කුඩා පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් වේවා, අප ආශා කළ ජයග්‍රහණ ලබානොදෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා අපගේ සමහර යාච්ඤා සඳහා වැඩ කරමින් පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින අතරතුර, සමහරවිට ඒ අවස්ථාවේ හෝ අපට අවශ්‍ය ආකාරයට නොවී වුවත්, ඒවා ඇසෙන අතර ඒවාට පිළිතුරු ලැබෙනු ඇති බවට මම ඔබට මගේ ප්‍රේරිත පොරොන්දුව ඉදිරිපත් කරනවා. නමුත් ඒවාට සෑමවිටම පිළිතුරු සපයනු ලබන්නේ සර්වඥාන හා සදාකාලික දයානුකම්පිත දෙමාපියෙකු ඒවාට පිළිතුරු දිය යුතු වේලාවට සහ ආකාරයටයි. මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, දිව්‍යමය පුද්ගලයෙකුට කළයුතු සියල්ලටම වඩා තම දරුවන්ගේ සතුට හා අවසාන උත්කෘෂ්ටභාවය කෙරෙහි, කිසිවිටෙකත් නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නොමැති 2 තැනැන්වහන්සේ සැලකිලිමත් වන බව කරුණාකර තේරුම්ගන්න. උන්වහන්සේ නිර්මල ප්‍රේමයයි, තේජාන්විත පුද්ගලාරෝපණයයි, එමෙන්ම උන්වහන්සේගේ නම කරුණාවන්ත පියාණන්වහන්සේයි.

ඔබ මෙසේ කිව හැකියි, “හොඳයි, එය එසේනම්, උන්වහන්සේගේ ප්‍රේමය හා දයාව අපගේ පුද්ගලික රතු මුහුදෙන් වෙන්වී වියළි බිමක අපගේ කරදර මැදින් ගමන් කිරීමට අපට ඉඩදිය යුතු නොවේද? 21 වන සියවසේ අපගේ සියලු කරදරකාරී රැහැයියන්ව උදුරාගැනීමට උන්වහන්සේ විසින් 21 වන සියවසේ මුහුදු ලිහිණියන්ව කොහේ සිට හෝ එවිය යුතු නොවේද?”

එවැනි ප්‍රශ්න වලට පිළිතුර නම් “ඔව්, දෙවියන්වහන්සේට ක්ෂණිකව ප්‍රාතිහාර්යයන් සැපයිය හැකියි, නමුත් අපගේ ලෞකික ගමනේ වේලාවන් හා සෘතු උන්වහන්සේගේ බවත් එමෙන්ම උන්වහන්සේට පමණක් ඒවා යොමුකිරීමට හැකි බව ඉක්මනින් හෝ පසුව අපි ඉගෙනගන්නවා.” උන්වහන්සේ විසින් අප සෑමකෙනෙකුටම ඇති එම දින දර්ශනය තනි තනිව පරිපාලනය කරනවා. බෙතෙස්ඩා සංචිතයට ඇතුළුවන තෙක් බලා සිටින සෑම දුර්වල මිනිසෙකුම ක්ෂණිකව සුවවූ අතර, 3 වෙනත් අයෙකු පොරොන්දු දේශයට ඇතුළුවීමට බලා සිටිමින් අවුරුදු 40 ක් කාන්තාරයේ ගතකරනවා. 4 ඔවුන්ගේ ඇදහිල්ල නිසා සෑම නෙපි සහ ලෙහිවරයෙකුවම ඔවුන් වටා ඇවිලෙන ගිනි ජාලාවකින් දිව්‍යමය ලෙස ආරක්ෂා වූ අතර, 5 ඔහුගේ ඇදහිල්ල නිසා ගිනිදැල් කණුවක පිච්චී ගිය අබිනඩායි අපිට ඉන්නවා. 6 ඒ වගේම, බාල් හි පූජකයන්ට විරුද්ධව සාක්ෂි දීමට ක්ෂණිකව අහසින් ගින්නක් කැඳවූ 7 එලියාම වසර ගණනාවක් වර්ෂාවක් නොතිබූ කාලපරිච්ඡේදයක් විඳදරාගෙන සහ යම් කලකට, කපුටන්ගේ නියපොත්තක ගෙන යා හැකි ඉතා කුඩා ආහාරපාන වලින් ආහාර ලැබූ බව අපට මතකයි. 8 මගේ තක්සේරුව අනුව, එය “ප්‍රීතිමත් ආහාර වේලක්” ලෙස අප හඳුන්වන කිසිවක් නොවිය හැකියි.

මෙයින් අදහස් කරන්නේ? කාරණය නම් අප වෙනුවෙන් උන්වහන්සේගේ හස්තය එළිදරව් වනවා අපට පෙනෙන තෙක්, යම්කිසි දුක් වේදනා ඊට ඇතුළත් වුවද, ඇදහිල්ල යන්නෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේව යහපත් කාල වලදී හා අයහපත් කාල වලදී විශ්වාස කිරීමයි. 9 ජීවිතයේ ඉහළම යහපත වන්නේ සියලු දුක් වේදනා වලින් වැළකී සිටීම, සහ කිසිවෙකු කිසිදෙයක් ගැන දුක් නොවිය යුතු බව විශ්වාස කරන අපගේ නූතන ලෝකයේ එය දුෂ්කර විය හැකියි. 10 නමුත් එම විශ්වාසය කිසිවිටෙකත් “ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණත්වයේ වර්ධනයට” අපව මෙහෙයවන්නේ නෑ. 11

ඔහු වරක් පැවසූ දෙයක් වෙනස් කිරීමට හා විශාල කිරීමට එඩිතරව කටයුතු කිරීම ගැන වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල්ගෙන් සමාව අයැදීමෙන්, මමත් යෝජනා කරන්නේ “කෙනෙකුගේ ජීවිතය… ඇදහිල්ලෙන් පිරුණු සහ ආතතියෙන් තොරවීම යන දෙයාකාරයම විය නොහැකියි.” අපි තවත් ලෙමනේඩ් වීදුරුවක් බොනවිට “ජීවිතය හරහා බොළඳ ලෙස ගමන් කිරීමට” මෙසේ කීම ක්‍රියා කරන්නේ නෑ, “ස්වාමිනි, ඔබවහන්සේගේ සියලු යහපත් ගුණාංග මට දෙන්න, නමුත් මට ශෝකය, සන්තාපය, වේදනාව හෝ විරුද්ධත්වය ලබානොදීමට වගබලාගනු මැනව. කරුණාකර කිසිවෙකුට මා අකමැති වීමට හෝ මාව පාවාදීමට ඉඩනොදෙන්න, ඒ සියල්ලටත් වඩා, ඔබ හෝ මා ආදරය කරන අය මාව අතහැර දමා ඇති බවක් මට දැනෙන්නට ඉඩනොදෙන්න. ඇත්තවශයෙන්ම, ස්වාමිනි, ඔබවහන්සේව දිව්‍යමය බවට පත්කළ සියලු අත්දැකීම් වලින් මාව ඈත්කිරීමට ප්‍රවේශම් වන්න. එමෙන්ම ඉන්පසු, අනෙක් සියල්ලන්ගේම රළු බෑවුම අවසන් වූ විට, කරුණාකර මට පැමිණ ඔබවහන්සේ සමඟ වාසය කිරීමට ඉඩදෙන්න, එහිදී මගේ සුවපහසු ක්‍රිස්තියානි දහමේ වලාකුළ මත පාවෙන විට අපගේ ශක්තීන් හා චරිත කෙතරම් සමානද යන්න ගැන පුරසාරම් දෙඩීමට මට හැකිවෙයි.” 12

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ක්‍රිස්තියානි දහම සැනසිලිදායක නමුත්, බොහෝවිට එය සැපපහසු නොවේ. මෙතැන් සිට ශුද්ධවන්ත බව හා සතුට සඳහා මාවත දිගු හා සමහර විට ගල් සහිත වෙනවා. එහි ඇවිදීමට කාලය හා ස්ථාවරභාවය අවශ්‍ය වෙනවා. එහෙත්, ඇත්තවශයෙන්ම, එසේ කිරීමෙන් ලැබෙන විපාකය අතිමහත්. මොර්මොන්ගේ පොතේ ඇල්මා 32 වන පරිච්ඡේදයේ මෙම සත්‍යය පැහැදිලිව හා ඒත්තුගන්වන සුලු ලෙස උගන්වනවා. දෙවියන්වහන්සේගේ වචනය හුදු බීජයක් ලෙස අපගේ හදවත් තුළ රෝපණය කර, ජලය, වල්පැලෑටි ඉවත් කර, පෝෂණය හා ධෛර්යමත් කිරීමට අප සැලකිලිමත් වන්නේ නම්, එය අනාගතයේදී “ඒවා සෑම මිහිරි දෙයකටම වඩා මිහිරි,” ඵල දරන බවත්, එය පරිභෝජනය කිරීමෙන් කිසිදිනක පිපාසය හා කුසගින්න ඇති නොවන බවත් එහිදී මෙම උත්තම පූජකයා උගන්වනවා. 13

මෙම අපූරු පරිච්ඡේදයේ බොහෝ පාඩම් උගන්වනු ලැබුවද, ඒ සියල්ලටම කේන්ද්‍රීය වන්නේ බීජ පෝෂණය කළ යුතු ප්‍රත්‍යක්‍ෂය වන අතර එය පරිණත වනතෙක්, “ඇදහිල්ලේ ඇසින් එම ඵල බලමින්” අප [බලා] සිටිය යුතු බවයි. 14 ඇල්මා පැවසුවේ, අපේ ඵලදාව “ටිකින් ටික” පැමිණෙන බවයි. 15 දෙවියන්වහන්සේගේ වචනය අපගේ හදවත් තුළ පෝෂණය කිරීමේදී ඉතා උවමනාවෙන් හා ඉවසීමෙන් ඉල්ලා සිටීම තුන් වතාවක් පුනරාවර්තනය කිරීමෙන් ඔහු සිය විශිෂ්ට උපදෙස් අවසන් කිරීම පුදුමයක් නොවේ, ඔහු මෙසේ කියනවා “නුඹලා හට ගසෙන් ඵල ගෙනඑන තුරු” “දිගු දරාගැනීමෙන්” “බලාසිටින්න”. 16

COVID සහ පිළිකා, සැක සහ කලකිරීම්, මූල්‍යමය කරදර සහ පවුල් පරීක්ෂාවන්. මෙම බර ඉවත්කරන්නේ කවදාද? පිළිතුර වන්නේ “ටිකින් ටිකයි.” 17 එය කෙටි කාල පරිච්ඡේදයක් හෝ දීර්ඝ කාලයක් හෝ වේවා යන්න සැමවිටම අපට පැවසිය නොහැකියි, නමුත් දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තදින් අල්ලාගෙන සිටින අයට ආශිර්වාද ලැබෙයි. එම ප්‍රශ්නය බොහෝ කලකට පෙර ඉතා පෞද්ගලික උද්‍යානයක සහ යෙරුසලමේ ප්‍රසිද්ධ කන්දක් මත විසඳා තිබෙනවා.

අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා මෙම සම්මන්ත්‍රණය අවසාන කිරීම අප අසා සිටින අතර, රසල් නෙල්සන් සිය ජීවිත කාලය පුරාම නිරූපණය කර ඇති පරිදි, අපි මෙය මතකතබාගනිමු, “නුමුත් ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.” 18 “ටිකින් ටික”—ඉකමනින්ම හෝ පසුව—ඔබගේ දුකෙන් සහනයක් සහ ඔබේ ශෝකයෙන් නිදහස් වීමට බලාපොරොත්තු වන ඔබ සැමට එම ආශිර්වාද ලැබෙනු ඇතැයි මම යාච්ඤා කරනවා. දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ උන්වහන්සේගේ මහිමාන්විත ශුභාරංචිය නැවත පිහිටුවීම පිළිබඳව මම සාක්ෂි දරනවා එය, එක ආකාරයකට හෝ වෙනත් ආකාරයකට, අප ජීවිතයේදී මුහුණදෙන සෑම ගැටලුවකටම පිළිතුරයි. ගැලවීම ලබාදෙන්නාවූ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන්, ආමෙන්.