ප්‍රධාන සම්මන්ත්‍රණය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහනයයි
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහනයයි

අවශ්‍යතා ඇති අයට ලෞකික සහ අධ්‍යාත්මික සහනය සැලසීමටත්—ඒ වගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේම සහනය සොයාගන්නා ක්‍රියාවලියේදී අපට ගැලවුම්කරුවාණන් සමඟ එකතු වීමටත් පුළුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සහ උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් ගැන ඔවුන් අසා ඇති දේ කෙරෙහි බලාපොරොත්තුවෙන්, අංශභාගය සහිත මිනිසෙකුගේ භාරකරුවන් ඔහුව යේසුස්වහන්සේ වෙත ගෙන ආවා. ඔවුන් ඔහුව එතැනට ගෙන ඒමට ක්‍රමයක් ගැන අලුතින්ම හිතුවා—ඔවුන් වහලය ගලවා එම මිනිසාව ඔහුගේ ඇඳ සමඟම, යේසුස්වහන්සේ උගන්වමින් සිටි ස්ථානයට පහත් කළා. “යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, [අංශභාග මිනිසාට] පුත්‍රය, නුඹේ පව් කමාකරනලදැයි”1 කිව්වා. ඉන්පසු “නැගිට නුඹේ යහන රැගෙන ගෙදර පලයන්නැයි”2 කිව්වා. එම අංශභාග රෝගියා නැඟිට වහාම තම ඇඳ රැගෙන “දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්”3 ඔහුගේ නිවසට ගියා.

අංශභාග රෝගියෙකුට රැකවරණය දුන් එම මිතුරන් ගැන අප තව දන්නේ මොනවාද? ගැලවුම්කරුවාණන් ඔවුන්ගේ ඇදහිල්ල හඳුනාගත් බව අපි දන්නවා. ගැලවුම්කරුවාණන්ව දැකීමෙන් හා උන්වහන්සේට සවන්දීමෙන් සහ උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳ සාක්ෂිකරුවන් වූ ඔවුහු “විස්මයට පත්ව,” “දෙවියන්වහන්සේව මහිමයට පත් කළා.”4

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් වේදනාවෙන් සහ නිදන්ගත රෝගවල ආබාධිත ප්‍රතිවිපාකවලින් අවශ්‍ය වූ ශාරීරික සහනය වන—ඒ බලාපොරොත්තු වූ සුවය සපයා තිබුණා. සැලකිය යුතු කරුණක් තමයි, මේ මිනිසාව පාපයෙන් පවිත්‍ර කිරීම සඳහා ගැලවුම්කරුවාණන් ඒ අවශ්‍ය ආත්මික සහනය ද ලබා දුන්නා.

ඒවගේම ඒ මිතුරන්—අවශ්‍යතා ඇති කෙනෙකුව රැකබලා ගැනීමට දැරූ ඒ උත්සහයේදී, ඔවුන් සහනය සඳහා වූ මූලාශ්‍රය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සොයාගත්තා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහනය බව මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, අපට පාපයේ බරින් සහ ප්‍රතිවිපාකවලින් නිදහස් විය හැකි අතර අපගේ දුර්වලතාවලට උපකාර ලබාගන්න පුළුවන්.

අපි දෙවියන්වහන්සේට ප්‍රේම කරන නිසාත්, උන්වහන්සේට සේවය කිරීමට ගිවිසුම් ඇති කර ගෙන ඇති නිසාත්, අවශ්‍යතා ඇති අයට ලෞකික සහ අධ්‍යාත්මික සහනය සැලසීමටත්—ඒ වගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේම සහනය සොයාගන්නා ක්‍රියාවලියේදී අපට ගැලවුම්කරුවාණන් සමඟ එකතු වීමටත් පුළුවන්.5

අපගේ ආදරණීය අනාගතවක්තෘවරයා, සභාපති රසල් එම්. නෙල්සන්, ලෝකය ජයගෙන සහනය සොයා ගැනීමට අපට ආරාධනා කළා.6 උන්වහන්සේ “සැබෑ සහනය” නිර්වචනය කළේ “සහනය සහ සාමය” ලෙසයි. සභාපති නෙල්සන් මෙසේ පැවසුවා, “ගැලවුම්කරුවාණන්, උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළින් අප සෑම කෙනෙකුවම දුර්වලකමෙන්, වැරදිවලින් සහ පාපයෙන් මුදවාගත් නිසාත්, ඔබ මෙතෙක් විඳි සෑම වේදනාවක්ම, කනස්සල්ලක්ම සහ බරක්ම උන්වහන්සේත් අත්විඳ ඇති නිසාත්, ඔබ සැබවින්ම පසුතැවිලි වී උන්වහන්සේගේ උපකාරය පතන විට, මෙම වර්තමාන අවිනිශ්චිත ලෝකයට ඉහළින් නැගී සිටින්නට ඔබට පුළුවන් වෙනවා.”7 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ලබා දෙන සහනය එයයි!

අප සෑම කෙනෙකුම සංකේතාත්මක ගමන් මල්ලක් අපේ පිටේ දරාගෙන ඉන්නවා. එය ඔබේ හිස මත සමතුලිත කූඩයක් හෝ මල්ලක් හෝ රෙදිවලින් ඔතා ඔබේ උරහිස මත තබා ඇති දේවල් මිටියක් වෙන්න පුළුවන්. නමුත් අපගේ චින්තනය සඳහා, අපි එය පිටේ එල්ලා ඇති ගමන් මල්ලක් ලෙස හඳුන්වමු.

වැටුණු ලෝකයක ජීවත්වීමේ බර අප දරන්නේ මෙම සංකේතාත්මක ගමන් මල්ල තුළයි. අපේ බර එම ගමන් මල්ලේ ඇති ගල් වගේ. සාමාන්‍යයෙන් එම ගල් වර්ග තුනක් තිබෙනවා:

  • පාපය නිසා අපේම ක්‍රියාවල වල ගල්.

  • අන් අයගේ දුර්වල තීරණ, නොමනා හැසිරීම සහ අකාරුණික බව නිසා අපගේ පිටෙහි ඔසවාගෙන යන ගල්.

  • ඒ වගේම අපි වැටුණු තත්වයක ඉන්න නිසා අපි ඔසවාගෙන යන ගල්. මේවාට රෝග, වේදනාව, නිදන්ගත රෝග, ශෝකය, බලාපොරොත්තු සුන්වීම, තනිකම සහ ස්වාභාවික විපත් වල බලපෑම් වැනි ගල් ද ඇතුළත් වෙනවා.

අපගේ ලෞකික බර, එනම් අපි අපේ පිටෙහි දරාගෙන යන මේ ගල් වල බර දැනිය යුතු නැති බව මම ප්‍රීතියෙන් ප්‍රකාශ කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපගේ බර සැහැල්ලු කරන්න පුළුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපගේ බර දරන්න පුළුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට පාපයේ බරින් නිදහස් වීමට මාර්ගයක් සපයනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි අපේ සහනය.

උන්වහන්සේ මෙහෙම කිව්වා:

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි [ඒ තමයි සහනය සහ සාමය].

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; මක්නිසාද මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින්: නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය.

“මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”8

වියගහ පහසු බවිනුත් බර සැහැල්ලු බවිනුත් අදහස් කරන්නේ අපි ගැලවුම්කරුවාණන් සමඟ එම වියගහ දරන බවයි, ඒ කියන්නෙ අපි අපගේ බර ඔහු සමඟ බෙදා ගන්නවා, අපි උන්වහන්සේට අපගේ බර එසවීමට ඉඩ දෙනවා. එනම්, දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධතාවයකට ඇතුල් වීම සහ එම ගිවිසුම තබා ගැනීම, සභාපති නෙල්සන් පැහැදිලි කළා වගේ, “ජීවිතයේ සෑම දෙයක්ම පහසු කරනවා.” ඔහු මේසේ කිව්වා, “නමුත් ගැලවුම්කරුවාණන් සමඟ ඔබව වියගහකින් සම්බන්ධ කරගැනීම යන්නෙන් අදහස් වන්නේ ඔබට උන්වහන්සේගේ ශක්තියට සහ මිදීමේ බලයට ප්‍රවේශය ඇති බවයි.”9

ඉතින් ඇයි අපි අපේ ගල් බෙදාගන්නෙ නැත්තෙ? තරඟය නිමා කරන්නට වෙනත් ක්‍රීඩකයෙකු එන්නට බලා සිටියදීත්, විඩාපත් වූ බේස්බෝල් ක්‍රීඩකයා එම ස්ථානයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? තවත් ක්‍රීඩකයෙක් මට උපකාර කිරීමට සූදානම්ව සිටියදී මගේ ස්ථානය තනිවම ආරක්ෂා කරගැනීමට මම උත්සහ කරන්නේ ඇයි?

සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වුවා,“සුවකිරීමට, සමාවදීමට, පිරිසිඳු කිරීමට, ශක්තිමත් කිරීමට, පූජනීය කිරීමට, සහ කැපකිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විවෘත දෑත් සමඟ බලා සිටිනවා.”10

ඉතින් අපි අපේ ගල් තනිවම රැගෙන යාමට බල කර ඉල්ලා සිටින්නේ ඇයි?

එය ඔබ එක් එක්කෙනාට සලකා බැලීම සඳහා පුද්ගලික ප්‍රශ්නයක්.

මට නම්, එය පැරණි කාලයේ සිටම මිනිසුන්ව පෙළඹවූ ආඩම්බර කමයි. මම කියනවා, “මට මේක පුළුවන්.” “ප්‍රශ්නයක් නෑ, මම ඒක කරන්නම්.” මම දෙවියන්වහන්සේගෙන් සැඟවෙනවාට, උන්වහන්සේගෙන් ඈතට දිව යනවාට, ඒවගේම එය තනිව කරගෙන යනවාට කැමති වන්නේ ඒ මහා රැවටිලිකාරයා යි.

සහෝදර සහෝදරියනි, මට එයට තනිවම කරගෙන යන්න බැහැ, ඒවගේම මට එහෙම කරන්න අවශ්‍යත් නෑ, මම එහෙම කරන්නෙත් නෑ. දෙවියන්වහන්සේ සමඟ මා ඇති කරගත් ගිවිසුම් තුළින් මාගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බැඳී සිටීමට තෝරාගැනීමෙන්, “මාව ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන මට සියල්ල කළ හැකි වෙනවා.”11

ගිවිසුම් රකින්නන් ගැලවුම්කරුවාණන්ගේ සහනය සමඟ ආශිර්වාද ලබනවා.

මොර්මොන්ගේ පොතේ මෙම උදාහරණය සලකා බලන්න: ඇල්මාගේ ජනයා “මත වැඩ තබමින්, … ඔවුන් මත වැඩ පරීක්ෂකවරුන්ව පත් කර”12 ඔවුන්ව පීඩාවට පත්කළා. හඬ නඟා යාච්ඤා කිරීම තහනම් වී තිබූ ඔවුන් “ඔවුන්ගේ හදවත් [දෙවියන්වහන්සේට] වැගිරෙව්වා; තවද උන්වහන්සේ ඔවුන්ගේ හදවත් වල සිතුවිලි දැන [සිටියා].”13

ඒවගේම “එනම් ස්වාමින්වහන්සේගේ හඬ ඔවුන් වෙත ඔවුන්ගේ පීඩාවෙහිදී පැමිණ මෙසේ [කිව්වා]: නුඹලාගේ හිස් ඔසවන්න, තවද යහපත් සැනසිල්ලෙන් සිටින්න, මක්නිසාද මා හට නුඹලා කළා වූ ගිවිසුම් මම දනිමි; තවද මම මාගේ ජනතාව සමඟ ගිවිසුම් තබා තවද ඔවුන්ව වහල්භාවයෙන් මුදවන්නෙමි.

“තවද මම එසේම නුඹලාගේ උරහිස් මත තැබුවා වූ බර අඩු කරන්නෙමි, එනම් නුඹලාට ඒවා නුඹලාගේ පිට මත තිබෙනවා දැනෙන්නේ නැත.”14

තවද ඔවුන්ගේ බර “සැහැල්ලු [වුණා],” එමෙන්ම “ස්වාමින්වහන්සේ ඔවුන්ව එනම් ඔවුන්ගේ බර දැරීමට ලෙහෙසි වීමට ශක්තිමත් [කළා], තවද ඔවුහු ප්‍රීතිමත්ව සහ ඉවසිල්ලෙන් ස්වාමින්වහන්සේගේ සියලු කැමැත්තට යටත් [වුණා].”15

එම ගිවිසුම් රකින අයට සැනසිල්ලේ ස්වරූපයෙන් සහන, වැඩි ඉවසීම සහ ප්‍රීතිමත් බව, ඔවුන්ගේ බරෙහි පහසුව, ඔවුන්ට සැහැල්ලුවක් දැනීම සහ අවසානයේ මුදවාගැනීම ලැබුණා.16

දැන් අපි අපේම පිටේ ඇති බර ගමන් මල්ල වෙත ආපසු යමු.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් පසුතැවීම, පාපයේ ගල් වල බරින් අපව නිදහස් කරනවා. ඒවගේම මෙම අතිවිශිෂ්ට තෑග්ග මගින්, දෙවියන්වහන්සේගේ දයාවේ යුක්තිය පිළිබඳ බර සහ වෙනත් ආකාරයකින් ජයගත නොහැකි ඉල්ලීම් වලින් අපව නිදහස් කරනවා.17

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා අපට සමාව දීමේ ශක්තිය ලබාගැනීමට හැකි වන අතර, අන්‍යයන්ගේ අයුතු ලෙස සැලකීම් නිසා අප උසුලන බර පසෙකින් තැබීමට එය අපට ඉඩ සලසා දෙනවා.18

එසේනම් දුකට හා වේදනාවට ලක්වන ලෞකික ශරීර සහිත වැටුණු ලෝකයක ජීවත්වීමේ බරින් ගැලවුම්කරුවාණන් අපව නිදහස් කරන්නේ කොහොමද?

බොහෝ විට, උන්වහන්සේ අප හරහා එවැනි සහනයක් ඇති කරනවා! උන්වහන්සේගේ සභාවේ ගිවිසුම් ගත සාමාජිකයන් ලෙස, අපි “වැලපෙන අය සමඟ වැලපීමට” සහ “සැනසීම අවශ්‍ය අයව සැනසීමට” පොරොන්දු වෙනවා. අපි “දෙවියන්වහන්සේගේ රැලට පැමිණ” සිටින නිසාත්, “උන්වහන්සේගේ සෙනඟ ලෙස හඳුන්වනු ලබන” නිසාත්, අපි “එකිනෙකාගේ බර සැහැල්ලු වන පිණිස ඒවා උසුලාගැනීමට කැමැත්තෙන් සිටිනවා.”20

අපගේ ගිවිසුම් ආශිර්වාදය තමයි දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ලෞකික සහ අධ්‍යාත්මික සහන සැලසීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් වීම. අපි උන්වහන්සේ සහන සලසන ප්‍රණාලයක්.21

එමනිසා, අංශභාග රෝගය ඇති මිනිසාගේ මිතුරන් මෙන්, අපි “දුර්වල අයට උපකාර කරනවා, පහතට වැටී ඇති දෑත් ඔසවනවා, දුර්වල දණහිස් සවිමත් කරනවා.”22 අපි “ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය සම්පූර්ණ කරන පිණීස එකිනෙකාගේ බර උසුලනවා.”23 අප එසේ කරන විට, අපි උන්වහන්සේව දැන හඳුනා ගෙන, උන්වහන්සේ මෙන් වී, උන්වහන්සේගේ සහනය සොයා ගන්නවා.24

කෙතරම් සහනයක් ද?

එය වේදනාකාරී, කරදරකාරී හෝ බර දෙයක් ඉවත් කිරීම හෝ සැහැල්ලු කිරීම හෝ එය විඳදරාගැනීමට ලැබෙන ශක්තියයි. එමගින් සඳහන් කරන්නේ වෙනත් කෙනෙකුගේ ස්ථානය ගන්නා පුද්ගලයෙකු ගැනයි. එය වරදක් නීත්‍යානුකූලව නිවැරදි කිරීමක්.25 ඇන්ග්ලෝ යන ප්‍රංශ වචනය පැමිණෙන්නේ පැරණි ප්‍රංශ, රිලවර් යන වචනයෙන් හෝ “උසස් කිරීමට” සහ ලතින් භාෂාවෙන් රිලවරේ හෝ “නැවත එසවීම” යන අදහසෙන්.26

සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි සහනය. උන්වහන්සේගේ ප්‍රේමණීය සහ අසීමිත වන්දිගෙවීම සම්පූර්ණ කර, තුන්වන දින මරණයෙන් නැවත නැගිටි බවත්, අපට මරණයෙන් නැවත නැගිටීමට, ගැලවීම ලැබීමට, සහ උත්කර්ෂවත් වීමට සහ උන්වහන්සේ මෙන් වීමට උන්වහන්සේ විවෘත දෑතින් නැගී සිටින බවට මම සාක්ෂි දරනවා. අපට උන්වහන්සේ ලබා දෙන සහනය සදාකාලිකයි.

එම පළමු පාස්කු උදෑසන දේවදූතයා විසින් බැහැදකින ලද කාන්තාවන් මෙන්, උන්වහන්සේ මරණයෙන් නැවත නැගිටි බවට වචනය ගෙන යාමට “මහත් ප්‍රීතියෙන්” සහ “ඉතා ඉක්මනින් යන්නට” මම කැමතියි.27 අපගේ ගැලවුම්කරුවාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ලූක් 5:20.

  2. මාර්ක් 2:11.

  3. ලූක් 5:25.

  4. ලූක් 5:26.

  5. බලන්න D. Todd Christofferson, “The First Commandment First” (Brigham Young University devotional, Mar. 22, 2022), 2, speeches.byu.edu: “Our love of God elevates our ability to love others more fully and perfectly because we in essence partner with God in the care of His children” (emphasis added).

  6. බලන්න Russell M. Nelson, “Overcome the World and Find Rest,” Liahona, Nov. 2022, 95–98.

  7. Russell M. Nelson, “Overcome the World and Find Rest,” 96.

  8. මතෙව් 11:28–30.

  9. Russell M. Nelson, “Overcome the World and Find Rest,” 97.

  10. රසල් එම්. නෙල්සන්, “අපට හොඳින් කළ හැකිය හොඳ විය හැකිය,” ලියහෝනා, මැයි 2019, 67.

  11. පිලිප්පි 4:13.

  12. මොසායා 24:9.

  13. මොසායා 24:12.

  14. මොසායා 24:13–14; අවධාරණය කර ඇත.

  15. මොසායා 24:15.

  16. බලන්න මොසායා 24:13–14.

  17. බලන්න ඇල්මා 34:14–16; තවද බලන්න මොසායා 15:8–9.

  18. බලන්න Russell M. Nelson, “Four Gifts That Jesus Christ Offers to You” (First Presidency Christmas devotional, Dec. 2, 2018), broadcasts.ChurchofJesusChrist.org: “ගැලවුම්කරුවාණන් ඔබට පිරිනමන දෙවන තෑග්ග නම් සමාව දීමට ඇති හැකියාවයි. උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළින්, ඔබට හිංසා කළ සහ ඔබට සිදු වූ කෘරත්වයේ වගකීම කිසිවිටෙකත් භාර නොගන්නා අයට ඔබට සමාව දෙන්නට පුළුවන්.

    “අවංකව හා නිහතමානීව ඔබේ සමාව ඉල්ලන කෙනෙකුට සමාව දීම සාමාන්‍යයෙන් පහසුයි. නමුත් ඔබට ඕනෑම ආකාරයකින් වැරදි ලෙස සැලකූ ඕනෑම කෙනෙකුට සමාව දීමට ගැලවුම්කරුවාණන් ඔබට හැකියාව ලබා දෙයි. එවිට ඔවුන්ගේ හානිකර ක්‍රියා වලට තවදුරටත් ඔබේ ආත්මය කළඹන්නට බැහැ.”

  19. මොසායා 18:9.

  20. මොසායා 18:8.

  21. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ කාන්තා සංවිධානය වන සහන සමිතිය, 1842 මාර්තු 17 දින ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා විසින් “පූජකවරය සඳහා දිව්‍යමය වශයෙන් ස්ථාපිත අනුබද්ධයක්” ලෙස සංවිධානය කරන ලදි (Dallin H. Oaks, “The Keys and Authority of the Priesthood,” Liahona, May 2014, 51). නව සංවිධානය සඳහා නමක් තෝරාගැනීමේදී, හිතකාමී යන වචනය සලකා බැලූ නමුත් සහන යන වචනය කාන්තාවන්ගේ කැමැත්තට ලක් විය. සංවිධානයේ පළමු සභාපතිනිය එමා ස්මිත් සහ පසුව සහන සමිතියේ දෙවන සභාපතිනිය ලෙස කටයුතු කළ එහි ලේකම් එලිසා ආර්. ස්නෝ පැහැදිලි කළේ හිතකාමී යනු ජනප්‍රිය වචනයක් වන අතර එය එවකට පැවති ආයතන අතර ජනප්‍රිය වූ නමුත් එම ජනප්‍රිය දේ “අපගේ මාර්ගෝපදේශකයා නොවිය” යුතු බවයි. සහන යන වචනය ඔවුන්ගේ මෙහෙවර වඩාත් හොඳින් විස්තර කරන බව එමා පැහැදිලි කළාය. “අපි අසාමාන්‍ය දෙයක් කරන්න යනවා… අපි බලාපොරොත්තු වෙන්නේ අසාමාන්‍ය අවස්ථා සහ තද ඇමතුම්” (Emma Smith, in Nauvoo Relief Society Minute Book, Mar. 17, 1842, 12, josephsmithpapers.org). ඇත්ත වශයෙන්ම, සහන සමිතියේ ප්‍රයත්නය සෑම විටම ලෞකික හා අධ්‍යාත්මික සහන සැපයීමයි. ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්වූයේය, “මෙම සමිතිය ඇත්තේ දුප්පතුන්ට සහනය ලබා දීමට පමණක් නොව, ප්‍රාණයන් ගලවා ගැනීමටය” (in Nauvoo Relief Society Minute Book, June 9, 1842, 63, josephsmithpapers.org). එබැවින් සහන සමිතිය අඛණ්ඩව සහන ලබා දෙයි: “දිළිඳුකමට සහන, අසනීප සහන; සැකයේ සහනය, නොදැනුවත්කමේ සහනය—කාන්තාවගේ ප්‍රීතියට හා ප්‍රගතියට බාධා කරන සියල්ල සඳහා සහනය” (John A. Widtsoe, Evidences and Reconciliations, arr. G. Homer Durham, 3 vols. in 1 [1960], 308).

  22. දහම සහ ගිවිසුම් 81:5; තවත් බලන්න හෙබ්‍රෙව් 12:12.

  23. ගලාති 6:2.

  24. අලුතින් සංවිධානය කරන ලද සහන සමිතියේ මුල් රැස්වීම්වලින් එකක, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ මව වන ලුසී මැක් ස්මිත් පැවසුවේ, “අපි සියල්ලන්ම ස්වර්ගයේ හිඳ ගන්නා පිණිස, අපි එකිනෙකාට ආදරය කළ යුතුයි, එකිනෙකා කෙරෙහි අවධානය යොමු කළ යුතුයි, එකිනෙකාව සැනසිය යුතුයි සහ උපදෙස් ලබා ගත යුතුයි.” ඉතිහාසඥ ජෙනිෆර් රීඩර් මේ ගැන ලිවීය, “සහන සැපයීම සඳහා එක්සත් අරමුණක් තුළ, කාන්තාවන් ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් වූ අතර, එසේ කිරීමෙන්, ඔවුන් උන්වහන්සේගේ සහනය සොයා ගත්හ” (First: The Life and Faith of Emma Smith [2021], 130).

  25. බලන්න Merriam-Webster.com Dictionary, “relief.”

  26. බලන්න Dictionary.com, “relief.”

  27. බලන්න මතෙව් 28:1–8.