2010–2019
ඊශ්‍රායලය එක්රැස් කරන්නට සහෝදරියන්ගේ දායකත්වය
ඔක්තෝම්බර් 2018


ඊශ්‍රායලය එක්රැස් කරන්නට සහෝදරියන්ගේ දායකත්වය

සභාවේ සහෝදරියනි, මම ඔබට දිවැසිවර ආයාචනයක් ඉදිරිපත් කර සිටිනවා, විසිරී සිටින ඊශ්‍රායලය එක් කර අනාගතය හැඩගැස්වීමට උදව් කරන ලෙස.

මගේ දයාබර සහ වටිනා සහෝදරියනි, ඔබ හා සමග සිටීමට හැකිවීම හරිම අපුරුයි. ඒ කොහොම වුනත් ඔබ පිළිබඳව සහ ඔබට ඇති උත්තරීතර හැකියාවන් පිළිබඳව මට සිතෙන ආකාරය මෑත කාලීන අත්දැකීමක් තුලින් ඔබට ඉඟියක් දේවි.

දකුණු ආමරිකාවේ, දවසක් මම සභාවකට කතා කරමින් සිටියා, මගේ මාතෘකාව ගැන මම ගොඩාක් උද්දාමයට පත්වුනා, ප්‍රධානම අවස්ථාවකදී මම මෙහෙම කිව්වා, “දරුවන් 10 දෙනෙකුගේ මවක් ලෙස, මට එය ඔබට එය කියන්න පුළුවන්...” එහෙම කියලා මම මගේ පණිවිඩය බෙදාගැනීම සම්පුර්ණ කළා.

මවක් කියන වචනය කිව්වා කියලා මට තේරුනේ නෑ. මගේ පරිවර්තකයා, මම එය වැරදියට කිව්වා කියලා හිතාගෙන, මවක් කියන වචනේ පියෙක් කියලා වෙනස් කළා, ඉතින් ඒ සභාව කවදාවත් දැනගත්තේ නෑ මම මාව මවක් ලෙස හඳුන්වපු බවට. නමුත් මගේ බිරිඳ වෙන්ඩිට ඒක ඇහුනා, ඇය මගේ ලිස්සා යාම ගැන සතුටු උනා.

ඒ අවස්ථාවේදී, මවක් කරනවා මෙන් - ලෝකයේ වෙනසක් කරන්නට මගේ හදවතේ ගැඹුරින්ම නැගුනු උවමනාව - මගේ හදවතේ ඉස්මතු උනා. අවුරුදු ගණනාවක් පුරාවටම, මම වෛද්‍යවරයෙකු වීමට තෝරාගත්තේ ඇයි කියලා මගෙන් අහපු ප්‍රශ්ණයට, මගේ පිළිතුර හැමදාමත් එක වගෙයි: “මොකද මට මවක් වෙන්න තෝරාගන්න පුළුවන්කමක් නැහැ.”

මව, කියන වචනය මම භාවිතා කරද්දී, කරුණාකරලා මතක තියාගන්න මම කතා කරන්නේ දරුවෙකුට උපත ලබාදුන් හෝ දරුවෙකු අරන් හදාගත් කාන්තාවන් ගැන විතරක් නෙවෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ ස්වර්ගීය පියාණන්ගේ සියලුම වැඩිමහල් දියණියන් ගැන. සෑම කාන්තාවක්ම ඇයගේ සදාකාලික දිව්‍යමය දෛවයෙන්ම යහපත් මවක්.

ඉතින් අද රාත්‍රියේදී, දරුවන් 10 දෙනෙකුගේ - දියණියන් නවයක් සහ එක පුතෙකුගේ පියා වශයෙන් - සහ සභාවේ සභාපති වශයෙන්, මට ඔබ ගැන - ඔබ කව්ද සහ ඔබ කළ හැකි සියලුම යහපත් දේ ගැන කෙතරම් ගැඹුරින් දැනෙනවාද කියලා ඔබට දැනේවා කියා මම යාච්ඤා කරනවා. ධර්මිෂ්ට කාන්තාවකට කල හැකිදේ කිසිවෙකුටත් කරන්නට බැහැ. මවකගේ ආනුභාවය කිසිවෙකුටත් වෙනම දෙන්නට බැහැ.

පිරිමින්ට හැමවිටම ස්වර්ගික පියාණන්ගේ සහ ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය අනෙක් අයට සන්නිවේදනය කරන්න පුළුවන්. නමුත් කාන්තාවන්ට ඒ සඳහා තියනවා විශේෂ දීමනාවක් - ඒක දිව්‍යමය උරුමයක්. ඔබට තියෙනවා කෙනෙකුගේ අවශ්‍යතාවයන් - සහ ඔහුට හෝ ඇයට ඒ අවශ්‍ය මොහොත දැනෙන හැකියාවක්. ඔබට පුළුවන් කෙනෙකුට ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යම මොහොතේ ලඟාවෙන්න, සනසවන්න, උගන්වන්න, සහ ශක්තිමත් කරන්න.

කාන්තාවන් පිරිමින්ට වඩා වෙනස් ලෙස දේවල් දකිනවා, සහ අපිට ඔබේ දෘෂ්ටිකෝණය කෙතරම් නම් අවශ්‍යද! ඔබේ ස්වහාවය පළමුව, අනෙක් අය ගැන සිතන්නට, ඕනෑම ක්‍රියාවකින් අනෙක් අය කෙරෙහි ඇතිවන බලපෑම ගැන සලකා බලන්නට ඔබව පොළඹවනවා.

සභාපති අයිරින් ප්‍රකාශ කල පරිදි, “වැටීම” කියලා අපි හඳුන්වන - ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම අයගේ දුර දක්නා නුවණින් දැක ක්‍රියාකිරීම අපේ උතුම් ඒවා වූ මවගේ හැකියාවයි. ඇයගේ නුවණක්කාර තෝරාගැනීම සහ ආදම්ගේ උපකාරී තීරණය දෙවියන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ඉදිරියටම ගෙනගියා. අපි හැම කෙනෙක්ටම මේ ලෝකයට එන්නට, ශරීරයක් ලබාගන්නට, සහ අප පෙර ලෝකයේදී කලාක් මෙන්ම, දැන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමග නැගී සිටීමට තෝරාගත් බව ඔප්පු කරන්නට ඔවුන් අපට පුළුවන්කම ලබාදුන්නා.

මගේ දයාබර සහෝදරියනි, ඔබට තියනවා විශේෂ ආත්මික ත්‍යාග සහ ප්‍රවණතාවන්. මේ රාත්‍රියේදී මම ඔබෙන් අයදිනවා, මගේ හදවතේ මුළු බලාපොරොත්තුවෙන්ම, ඔබේ ආත්මීය ත්‍යාග තේරුම් ගැනීමට - පෝෂණය කරගැනීමට, භාවිතා කිරීමට සහ ඔබට කෙදිනකවත් නොතිබූ තරම් ඒවා ව්‍යාප්ත කරගැනීමට ඔබට හැකිවේවායි මම යාච්ඤා කරනවා. එසේ කරන විට ඔබ ලෝකය වෙනස් කරයි.

කාන්තාවන් ලෙස, ඔබ අන් අය ප්‍රබෝධමත් කරන අතරම අනුකරණය කරන්නට හැකි තරමේ තත්වයන් ඇති කරනවා. අපගේ පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයේ ප්‍රකාශ කල විශාල වැදගත් ප්‍රකාශන දෙකක් පිලිබඳ වටපිටාව ගැන බිඳක් මම ඔබට කියන්නම්. ඔබ, මගේ දයාබර සහෝදරියනි, ඒ හැම එකකටම යතුරයි.

පළමුව, දේවසේවය. දෙවසේවයේ අති උතුම්ම උදාහරණය අපගේ ගැලවුම්කරු යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. සාමාන්‍යයෙන්, පිරිමින්ට වඩා කාන්තාවන් ඒ උදාහරණයට හැමදාමත් ආසන්නව සිටියා. ඔබ සත්‍ය ලෙසම දේවසේවය කරන විට, තවත් කෙනෙකුට ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය අත්විඳීමට උදව් වීමට ඔබ ඔබගේ සිතුවිලි අනුගමනය කරනවා. දේවසේවය කිරීමට කැමැත්ත ධර්මිෂ්ට කාන්තාවන්ට උරුමයි. “කාට උදව් කරන්නට ඔබවහන්සේ මාව පොළඹවන්නේ ද?” ලෙස යාච්ඤා කරන කාන්තාවන්ව මම දන්නවා.

අන් අය ගැන සලකා බැලීමේ උතුම් සහ ශුද්ධවූ ක්‍රමය ගැන 2018 අප්‍රියෙල් නිවේදනයට පෙර, සමහර පිරිමින්ගේ කැමැත්ත වුයේ ඔවුන්ගේ නිවාස බහදැකීමේ පැවරුම ඉදිරියෙන් හරි ලකුණ දමා අනෙක් ක්‍රියාකාරකමට යාමයි.

නමුත් ඔබ බැහැදැක උගන්වන සහෝදරියකට උපකාරයක් අවශ්‍ය විට, ඔබ එවෙලේම සහ මාසය පුරාවටත් ක්‍රියාකලා. ඒ නිසා, දේවසේවය සඳහා මාරුවීමට අපට ඉගැන්වුයේ ඔබ බැහැදැකීම් කල ආකාරයයි.

දෙවනුව, පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, අපි මෙල්කිසදෙක් ගණපුර්ණ නැවත ප්‍රතිව්‍යුහගත කළා. සභාවේ පිරිමින්ට ඔවුන්ගේ වගකීම් වලදී ඵලදායී වන්නට උදව් කිරීම ගැන අපි පොරබදින අවස්ථාවේදී, අපි ඉතා සීරුවෙන් සහන සමිතියේ උදාහරණය පිලිබඳ සැලකිලිමත් උනා.

සහන සමිතියේදී, එක් එක් වයස් මට්ටම් සහ තත්ත්ව වල කාන්තාවන් එකට මුණගැහෙනවා. ජිවිතයේ එක් එක් දශක අනන්‍ය වූ අභියෝග ගෙනෙනවා, සහ නමුත්, ඔබ, සතියෙන් සතියට, එකට එකතුව, වර්ධනය වී සහ සුභාරංචිය එකට එකතුවී උගන්වා, ලෝකයේ සත්‍ය වූ වෙනසක් අති කරනවා.

දැන්, ඔබේ උදාහරණයෙන් පසු, මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් වැඩිහිටි ගනපුර්ණයේ සාමාජිකයන්. මේ පිරිමින් වයස අවු 18 සිට 98 (සමහර විට වැඩි), එක පූජකවරයක් සහ සභා අත්දැකීම් සමානව දරන අය. මේ සහෝදරයන්ට දැන් පුළුවන් ශක්තිමත් සහෝදර බැඳීමක් ඇතිකරගෙන, අන් අයට පලදායී ලෙස ආශිර්වාද කරන්නට.

ඔබට මතකද පසුගිය ජූනි මාසයේ, සභාවේ තරුණ පිරිසට මමත් නෙල්සන් සහෝදරියත් කතා කළා. තිරය දෙපසම සිටින ඊශ්‍රායලය එකතු කරන්නට ස්වාමින්වහන්සේගේ තරුණ සේනාවට එකතු වන ලෙස අපි ඔවුන්ට ආරාධනා කළා. මේ එක කිරීම තමයි “ශ්‍රේෂ්ටතම අභියෝගය, ශ්‍රේෂ්ටතම කාරණය, සහ මේ පොලව තුල ශ්‍රේෂ්ටතම ක්‍රියාව.”!1

එය කාන්තාවන් අනිවාර්යෙන්ම අවශ්‍ය කාරණයක්, මොකද කාන්තාවන් අනාගතය සකසනවා. ඉතින් මේ රාත්‍රියේදී මම සභාවේ කාන්තාවන් වන ඔබට දිවැසිවර ආයාචනයක් ඉදිරිපත් කරනවා, ඊශ්‍රායලය එකතු කරන්නට උදව් වෙමින් අනාගතය සකසන්නට සහය වන ලෙස.

ඔබට පටන් ගත හැක්කේ කොහෙන්ද?

මම ඔබට ආරාධනයන් හතරක් ඉදිරිපත් කරනවා:

පළමුව, ඔබට සෘණාත්මක සහ අපවිත්‍ර සිතුවිලි ඔබේ මනසට ගෙනෙන මාධ්‍ය සහ සමාජ ජාලා වලින් දින 10 ක් බැහැරව උපවාසයක සිටීමකට සහභාගී වන ලෙස මම ඔබට ආරාධනා කර සිටිනවා. ඔබගේ උපවාසයේදී ඔබ බැහැර කල යුතු දේ දැනගැනීමට යාච්ඤා කරන්න. ඔබගේ දින 10- උපවාසය ඔබව පුදුම කරාවි. ඔබගේ ආත්මය තුවාල කරන ලෝකයේ දේවල් වලින් නිවාඩුවක් ගත්විට ඔබ දැක්කේ කුමක්ද? ඔබට දැන් ඔබේ කාලය සහ බලය පාවිච්චි කිරීමට ඇති උවමනාව ගැන යම් වෙනසක් තියනවාද? ඔබගේ ප්‍රමුඛතා කුඩා ප්‍රමාණයකින් හෝ වෙනස් වී තියනවාද? ඔබට දැනෙන එක් එක් හැඟීම සටහන් කර තබා ගන්නා ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

දෙවනුව, දැන් සහ මේ වර්ෂයේ අවසානය අතරතුර මෝර්මන් පොත කියවන ලෙස මම ඔබව දිරිගන්වනවා. ඔබේ ජිවිතයේ පරිපාලනය කරගන්නට ඔබ වෙර දරන හැමදේ අතරින් එය කල නොහැකි බව සිතුනත්, ඔබගේ මුළු හදවතින්ම මෙම ආරාධනය පිළිගත්තොත්, එය කරන්නට ස්වාමින්වහන්සේ ඔබට මාර්ගයකට උපකාර කරාවි. සහ, ඔබ යාච්ඤාශිලිව අධ්‍යනය කරන විට, මම පොරොන්දු වෙනවා ස්වර්ගය ඔබ වෙත විවෘත වේවි. මහත් ආනුභාවයකින් සහ අනාවැකි සමග ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරනු ඇත.

ඔබ කියවන විට, ගැලවුම්කරුවාණන් ගැන හෝ පිලිබඳ ඇති සෑම වැකියක්ම සලකුණු කරන ලෙස මම ඔබව දිරිගන්වනවා. ඊටපසු, ක්‍රිස්තුස්වහන්සේ ගැන කතාකරන්නට, ක්‍රිස්තුස්වහන්සේ තුල ප්‍රශංසා කරන්නට සහ ඔබගේ පවුල සහ මිතුරන් සමග ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කරන්නට චේතනාවක් ඇති කරගන්න. මේ ක්‍රියාවලිය තුල ඔබත් ඔවුනුත් ගැලවුම්කරුවාණන් දෙසට තවත් ලං වේවි.2 වෙනස්කම්, සහ ප්‍රාතිහාර්ය සිදුවෙන්නට පටන් ගනීවි.

අද උදෑසන නව ඉරිදා කාලසටහන සහ ගෘහාශ්‍රිත, සභා උපකාරී ක්‍රියාපටිපාටියක් පිලිබඳ නිවේදනයක් නිකුත් කළා. ඔබ, මගේ දයාබර සහෝදරියනි, මෙම අළුත්, සමබර, සහ සැලසුම් කල සුභාරංචි - ඉගැන්වීම් ප්‍රයත්නයේ සාර්ථකත්වයට යතුරු ඔබලායි. ඔබ ශුද්ධ ලියවිලි වලින් ඉගෙන ගන්නා දේ ඔබ ආදරය කරන්නන්ට උගන්වන්න. ඔවුන් පව් කිරීමේදී ගැලවුම්කරුවාණන්ගේ සුවකිරීමේ සහ පිරිසිඳු කිරීමේ බලය දෙසට හැරෙන ආකාරය ඔවුන්ට උගන්වන්න. සහ ඔවුන්ගේ ජිවිතයේ සෑම දිනකදීම උන්වහන්සේගේ ශක්තිමත් කිරීමේ බලය දෙසට ලංවෙන ආකාරය ඔවුන්ට උගන්වන්න.

තුන්වනුව, දේවමාලිගාවට නිතර සහභාගී වීමේ ක්‍රමයක් සාදා ගන්න. මේ සඳහා ඔබේ ජිවිතයෙන් තව යම් වැඩි පරිත්‍යාගයක් අවශ්‍ය වේවි. උන්වහන්සේගේ දේවමාලිගාවේදී ඔබට ලැබී ඇති උන්වහන්සේගේ පූජකත්ව බලයට ලඟා වෙන්නට ඔබ වැඩියෙන් දේවමාලිගාවට සහභාගී වීමේදී උන්වහන්සේ ඔබට උගන්වයි. දේවමාලිගාවක් ආසන්නයේ ජිවත් නොවන අය, මම ඔබට ආරාධනා කරනවා ශුද්ධ ලියවිලි වල සහ ජීවමාන දිවසිවරුන්ගේ වචන වලින් දේවමාලිගා ගැන යාච්ඤාශිලිව අධ්‍යනය කරන ලෙස. ඔබ කෙදිනවත් නැති තරම් දේවමාලිගා ගැන දැනගන්නට,තේරුම්ගන්නට, සහ දැනෙන්නට සොයන්න.

පසුගිය ජූනි, අපගේ ලොව පුරා තරුණ සම්මන්ත්‍රණයේදී, මම කතා කළා එක තරුණයෙක් ගැන ඔහුගේ දෙමව්පියන් ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය සාමාන්‍ය ජංගම දුරකතනයක් සමග මාරු කලවිට ඔහුගේ ජීවිතය වෙනස් වී තිබුනා. මේ තරුණයාගේ මව ඇදහිල්ලේ බිය නැති කාන්තාවක්. ධර්මදූත සේවයකින් ඔහුව ඈතට අදින තෝරාගැනීම් ඇය තම පුතාගෙන් දුටුවා. ඇයගේ පුතාට උදව් කරන්නේ කෙසේද යන්න දැනගැනීම පිණිස යදින්නට ඇය දේවමාලිගාවට ගියා. ඉන්පසු ඇයට ලැබුණු සෑම පෙළඹවීමකටම ඇය ක්‍රියාකලා.

ඇය මෙහෙම කිව්වා: “මට ආත්මයාණන් විසින් පෙළඹවීමක් ලැබුනා නිශ්චිත වේලාවන්වල නිශ්චිත දේවල් මගේ පුතාගේ දුරකථනය තුල පරික්ෂා කරන්න. මම දන්නේ නෑ මේ ස්මාර්ට් දුරකථන හසුරවන්නේ කොහොමද කියලා, නමුත් ශුද්ධාත්මයාණන් මම කවදාවත් පාවිච්චි කරලා නැති සමාජ ජාලා ඔස්සේ මාව මෙහෙයවූවා! මම දන්නවා තමන්ගේ දරුවන් ආරක්ෂා කරන්න මගපෙන්වීම හොයන දෙමව්පියන්ට ශුද්ධාත්මයාණන් උදව් කරනවා කියලා. [මුලින්ම] මගේ පුතා මාත් එක්ක තරහ ගිහින් හිටියේ. ... නමුත් දවස් තුනකට පස්සේ, ඔහු මට ස්තුති කළා! ඔහුට ඒ වෙනස දැනුනා.”

ඇයගේ පුතාගේ හැසිරීම සහ විලාසය බොහෝ ලෙස වෙනස් වුණා. ඔහු ගෙදරට වඩා උපකාරී උනා, වැඩියෙන් සිනාසුනා සහ සභාවට වැඩියෙන් ලංවුනා. වෙලාවක දේවමාලිගාවේ බෞතිස්ම කරන්නෙක් ලෙස සේවය කිරීමට ඔහු ප්‍රිය කළා. සහ දැන් ඔහු ධර්මදූත සේවය සඳහා සූදානම් වෙනවා.

මගේ හතරවෙනි ආරාධනය, වයස හරි හැමකෙනෙක්ම සහන සමිතියට සම්පුර්ණ ලෙස සහභාගී වන්න. සහන සමිති අරමුණු ගැන ප්‍රකාශය අධ්‍යනය කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. එය හරිම දිරිගන්වන සුළුයි. ඔබගේ ජිවිතයේ අරමුණ සහිත ප්‍රකාශයක් ගොඩනගාගන්නට එය ඔබට උපකාරී වන්නටත් පුළුවන්. අවුරුදු 20 කට පමණ පෙර සහන සමිති ප්‍රකාශනයේ සත්‍ය අත්විඳින ලෙස බැගෑපත් ලෙස ඉල්ලා සිටිනවා.3 එම ප්‍රකාශනයේ රාමු කල පිටපතක් පළමු සභාපතිත්ව කාර්යාලයේ බිත්තියක එල්ලා තියෙනවා. එය කියවන හැම වෙලාවෙම මම ප්‍රීති වෙනවා. ඊශ්‍රායලය රැස් කරන්නට ඔබ ඔබගේ කොටස කරමින් සහය වන මේ හරි වෙලාවේ ඔබ කව්ද සහ ස්වාමින්වහන්සේ කැමති ඔබ කෙසේ වනවාටද යැයි එය පැහැදිලි කරනවා.

මගේ දයාබර සොහොයුරියනි, අපිට ඔබ අවශ්‍යයි! අපිට අවශ්‍යයි ඔබේ ශක්තිය, ඔබේ හැරීම, ඔබේ අවබෝධය, පෙරමුණ ගැනීමට ඇති ඔබේ හැකියාව, ඔබගේ ඥානය, සහ ඔබගේ හඬ.”4 සරලවම අපිට ඔබ නැතිව ඊශ්‍රායලය එක කරන්නට නොහැකියි.

මම ඔබලාට ආදරෙයි සහ ස්තුතිවන්ත වෙනවා සහ දැන් මම ඔබලාට ආශිර්වාද කරනවා මෙම අමාරු එමෙන්ම අත්‍යවශ්‍ය කාර්යයේදී ලෝකය පසෙක තබන්නට හැකිවන ලෙස. උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ගේ දෙවැනි පැමිණීමට මේ ලෝකය සුදානම් කරන්නට ස්වර්ගික පියාණන් අපෙන් බලාපොරොත්තු වන සියල්ල අපිට එක්ව කල හැකියි.

යේසුස් නම් ක්‍රිස්තුස්වහන්සේයි. මේ උන්වහන්සේගේ සභාවයි. මම මේ හැමදෙයක්ම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.

සටහන්

  1. Russell M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), HopeofIsrael.lds.org.

  2. බලන්න 2 නෙපි 25:26.

  3. These documents are available online. For the Relief Society purpose statement, see lds.org/callings/relief-society. For the Relief Society declaration, see Mary Ellen Smoot, “Rejoice, Daughters of Zion,” Liahona, Jan. 2000, 111–14.

  4. Russell M. Nelson, “A Plea to My Sisters,” Liahona, Nov. 2015, 96; emphasis added.