2010–2019
උන්වහන්සේ වෙනුවෙන්
ඔක්තෝම්බර් 2018


උන්වහන්සේ වෙනුවෙන්

කවුද සහ ඇයි කියා දැනගෙන අන් අයට සේවය කිරිම අපට උදවු වෙනව ප්‍රේමයේ උච්චතම ප්‍රකාශය දෙවියන්වහන්සේට භක්තියයි කියල දැනගන්නට.

මෙම ඓතිහාසික රාත්‍රියේදි, මම මගෙ ආදරය හා අගය කිරිම පුදකර සිටිනව ඔබ හැම කෙනෙක්ටම, මගේ ආදර සහෝදරියනී. අපගේ වයස, ස්ථානය, නැතිනම් තත්වය කුමක් වුවත්, අද රාත්‍රියේදි අපි එකතු වෙලා ඉන්නේ එකමුතුකමින්, ශක්තියෙන්, අරමුනක් ඇතුව, සහ අපේ ස්වර්ගික පියාණන්ගේ, අපේ ගැලවුම්කරුවාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ අපගේ ජීවමාන දිවැසිවරයා, සභාපති රසල් එම්. නෙල්සන්ගේ ආදරය සහ මගපෙන්වීම පිලිබඳ සාක්ෂියත් ඇතිවය.

තරුණ යුවලක් විදිහට, මගේ ස්වාමිපුරුශයාත් මාවත් අපගේ සභානායකයා විසින් කැදවනු ලැබුව අවුරුදු කිපයක් සභාවට නොපැමිණි පවුලක් බැහැදැක සේවය කිරිමට. අපි එම කැඳවීම ඉතා කැමැත්තෙන් භාරගෙන දින කිපයකට පසුව ඔවුන්ගේ නිවසට ගියා. ඔවුන් සභාවේ කිසි කෙනෙකු දැකිමට අකමැති බව අපට ඉක්මනින් තේරුම් ගියා.

ඉතින් අපේ ඊලග බැහැදැකීමේදි, අපි ඔවුන් වෙතට ගියා කුකීස් පිඟානක් සමග, චොක්ලට් චිප්ස්වත් ඔවුන්ගේ හදවත මෘදු කරයි යන විශ්වාසයත් සමග. ඔවුන් එසේ වුනේ නෑ. එම යුවළ අපට කතා කෙරුවේ දොරේ තිරයත් පිටුපස සිටයි, අපව පිලිනොගන්නා බව එය තවදුරටත් අපට පැහැදිලි කර දුන්නා. නමුත් අපි ගෙදර යන අතරවාරයේ සිතුවා, අපි ඔවුන්ට කුකීස් වෙනුවට රයිස් ක්‍රිස්පිස් ලබා දුන්නා නම් තරමක නියත සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකියාව තිබූ බව.

අපගේ ආත්මික දෘෂ්ටිය නොමැතිකම අපව අතිශයින්ම අසාර්ථක කළා. ප්‍රතික්ෂේප කිරීම කිසි විටෙකත් පහසු නොවේ. කාලය ගතවෙද්දි අපි අපෙන්ම අහන්න පටන්ගත්තා, “ඇයි අපි මෙය කරන්නේ? අපගේ අරමුණ කුමක්ද?”

වැඩිහිටි කාල් බී. කුක් මෙසේ අදහස් දැක්වුවා: “සභාව තුල සේවය කිරිම... අභියෝගාත්මක විය හැකියි, අපව කැඳවනවානම් බය ගන්වන දෙයක් කිරීමට, අපි සේවය කිරීම තුලින් වෙහෙසට පත්වෙන දෙයක් කිරීමට, නැතහොත් අපව කැඳවනවානම් අපට පලමුවෙන් ආකර්ශනය නොවන යම්කිසි දෙයක් කරන්න.”1 අපට වඩා වැඩි ඉදිරි දර්ශනයක් සහිත කෙනෙකුගෙන් මඟ පෙන්වීමක් අවශ්‍ය බව අපි තීරණය කළ විට වැඩිහිටි කුක්ගේ වචනවල තියෙන සත්‍යතාව අපි අත්දැක්කා.

ඉතින්, බොහෝම අවංක යාච්ඤාව හා අධ්‍යයන‍යෙන් පසුව, අපේ සේවයේ ඇයි කියන ප්‍රශ්නෙට අපට පිලිතුරක් ලැබුනා. අපේ තේරුම්ගැනීම වෙනස් වුනා, හදවත වෙනස් වුනා, ඇත්ත වශයෙන්ම එළිදැක්වු අත්දැකිමක්.2 අපි ශුද්ධලියවිලි තුලින් මගපෙන්වීම් සොයන විට, ඉතා අර්ථවත් ලෙස හා පහසුවෙන් කොහොමද අන් අයට සේවය කරනනේ යන ක්‍රියාවලිය ස්වාමින්වහන්සේ අපට ඉගැන්නුවා. අපගේ හදවත සහ පිලිගැන්වීම වෙනස්වීමට අපි කියවපු වගන්තිය මෙන්න: “නු‌‌ඹෙ මුළු හෘදයෙන්ද, නු‌‌ඹෙ මුළු ආත්මයෙන්ද, නු‌‌ඹෙ මුළු ශක්තියෙන්ද, නු‌‌ඹෙ මුළු බුද්ධියෙන්ද, නු‌‌ඹෙ දෙවි වු ස්වාමින්වහන්සේට ප්‍රේම කරව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නු‌‌ඹ ඔහුට සේවය කරව.”3 මෙම වගන්තිය හුරුපුරුදු වුවත්, එය නව හා වැදගත් ආකාරයකින් අපට කථා කළා.

මෙම පවුලට සේවය කිරීමට සහ සභානායකයාට සේවය කිරීමට අප අවංකවම උත්සාහ කළ බව අපි වටහාගත්තා, නමුත් අපි අප තුලින්ම අසාගත යුතුව තුබුණා අපි ඇත්තටම සේවය කරන්නේ ස්වාමින්වහන්සේට තිබෙන ආදරය නිසාද කියලා. බෙන්ජමින් රජතුමා මෙහි වෙනස පිලිබදව පැහැදිලි කළා ඔහු ප්‍රකාශ කළා, “බලව, මම නුඹලාට කියන්නේ එනම් මක්නිසාද මම මාගේ දවස් නුඹලාගේ සේවය සඳහා ගතකල බව නුඹලාට කී හෙයිනි, මම පාරට්ටු කරගැනීමට ආශා නොවන්නෙමි, මම දෙවියන්වහන්සේගේ සේවයේ පමණක් යෙදී ඇත්තෙමි.”4

ඉතින් බෙන්ජමින් රජතුමා ඇත්තටම කාටද සේවය කලේ? ස්වර්ගික පියානණ්ට සහ ගැලවුම්කරුවාන්ට. කාටද සහ ඇයි කියා දැනගෙන අන් අයට සේවය කිරිම තුලින් ප්‍රේමයේ උච්චතම ප්‍රකාශය දෙවියන්වහන්සේට ඇති භක්තියයි කියල අපට තේරුම් ගන්න උදවු වෙනව.

අපේ අවධානය ක්‍රමයෙන් වෙනස් වෙනකොට, ඒවගේම අපේ යාච්ඥා වෙනස්වුනා. ස්වාමින්වහන්සේ තුල ආදරයෙන් එම පවුල බැහැදැකිමට අපි බලාගෙන සිටියා.5 අපි ඔහු වෙනුවෙන් එය කළා. උන්වහන්සේ අරගලය තවදුරටත් අරගලයක් කළේ නැහැ. මාස ගණනාවක්ම ඔවුන්ගේ දොරටුව අසල සිටගෙන සිටීමෙන් පසු, එම පවුල අපව නිවාස තුලට ගන්න පටන්ගත්තා. අවසාන වශයෙන්, අපි එකතු වෙලා නිරන්තර යාච්ඥා සහ සුභාරංචි සාකච්ඡා පැවැත්තුවා. දිගුකාලීන මිත්‍රත්වයක් වර්ධනය උනා. උන්වහන්සේගේ දරුවන්ට ආදරය කිරිම තුලින් අපි උන්වහනසේට ආදරය සහ වන්දනාමාන කලා.

ඔබට හිතන්න පුවවන්ද පසුගිය කාලෙක ඔබ උපකාරක් අවශ්‍ය කෙනෙකුට උපකාර කිරීමට ප්‍රේමණීය ලෙස ලංවුන විට, ඔබේ ප්‍රයත්නය නොපෙනී ගියේද නැතහොත් ඇතැම්විට අවතක්සේරු වුනාද හෝ අනවශ්‍යයැයි හැඟී ගියේද? ඒ මොහොතේදී, ඔබගේ සේවාවෙහි වටිනාකම ඔබ ප්‍රශ්න කළාද? එසේ නම්, ඔබේ සැකය හා ඔබේ සිත රිදවීම් වලට බෙන්ජමින් රජුගේ වදන් ප්‍රතිස්ථාපනය කර ගන්න: “ඔබ ඔබගේ දෙවියන්වහන්සේගේ සේවයෙහි පමණක් යෙදි සිටින්නේය.”6

අමනාපය ගොඩනගනවාට වඩා, සේවය තුලින්, අපිට පුළුවන් ගොඩනගාගන්න, ස්වර්ගික පියාණන් සමග වඩාත් සම්පූර්ණ වු සම්බන්ධතාවයක්. උන්වහන්සේ කෙරෙහි අපේ ආදරය හා භක්තිය, පිළිගැනීම හෝ අගය කිරීම වලක්වා ඒ වෙනුවට උන්වහන්සේගේ ප්‍රේමය අප තුලින් ගලා යන්නට සලස්වනවා.

සමහර වෙලාවට, සේවය කිරීමට මුලින්ම අපට වගකීම් හෝ යුතුකමක් ලැබිය හැකිය, එම සේවය තුලින් වුවත් පුළුවන් අප තුල ඇති ඉහල යමක් වෙත යොමු කරන්න, එතුලින් “ වඩා විශිෂ්ට ආකාරයකින්” සේවය කිරිමට අපව යොමු කරාවි. 7සභාපති නෙල්සන්ගේ ආරධනාවේ තිබුණා වගේ “අලුත් ආකාරයේ, රැක බලාගැනීම හා අන් අය වෙනුවෙන් දේව සේවය කිරීම සදහා ශුද්ධ ක්‍රියාවලියක්.”8

දෙවියන්වහන්සේ අප වෙනුවෙන් කළ සියල්ල කෙරෙහි අපි අවධානය යොමු කරන විට, අපේ සේවය හදවතින්ම ස්තුතිපූර්වකව ගලා ඒවි. අපේ සේවය තුලින් අපව වර්ණනාවට ලක්කිරීම ගැන අඩුවෙන් අවධානය යොමු කරන විට, ඒ වෙනුවට අපි ප්‍රධාන වශයෙන් දෙවියන්වහන්සේව අපේ සේවය තුල පලමුකොට තබාවි.9

සභාපති එම්. රසල් බැලර්ඩ් පැවසුවා, “ අපි දෙවියන්වහන්සේට හා ක්‍රිස්තුස්වහන්සේට අපේ මුළු හදවතින්මද, ආත්මයෙන්ද, සහ බුද්ධියෙන් ආදරය කරන විට පමණයි අපගේ අසල්වැසියන් සමඟ කරුණාව හා සේවය යන ක්‍රියා තුළින් මෙම ප්‍රේම බෙදා ගැනීමට අපට හැකිවන්නේ.10

දස පනතේ පළමුවෙනි ආඥාව මෙම දිව්‍යම ප්‍රඥාව නැවත අවධාරණය කරනව: මා වනාහි නුඹේ දෙවි වු ස්වාමින්වහන්සේය....... මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව,”11 මෙම අණපනත තිබෙන ස්ථානය අපට තේරුම්ගන්න උදව් වෙනව අපි පලමු ස්ථානය උන්වහන්සේව තියෙනවානම්, අනිත් හැමදෙයක්ම අවසානයේ නියමිත ස්ථානයට වැටෙන බව----- අනිත් අය සඳහා අපේ සේවය පවා. අපේ පරිස්සමින් ගන්නා තීරණවල ප්‍රමුඛ ස්ථානය උන්වහන්සේ ගන්නා විට, අපගේ ක්‍රියාවන් අපගේ යහපතට සහ අන් අයගේ යහපත සදහාද ආශීර්වාද කිරීමටද උන්වහන්සේට හැකියාව තියෙනව.

ස්වාමීන්වහන්සේ මෙසේ උපදෙස් දුන් සේක, “සෑම සිතුවිල්ලකදිම මා දෙස බලන්න.”12 සහ සෑම සතියකම අපි ඒ වෙනුවෙන් නිකම්ම පොරොන්දුවක් ඇතිකරගෙන තියෙනව ----- “හැමතිස්සෙම උන්වහන්සේව මතක තබාගන්න.”13 අප කරන සෑම දෙයකටම එවැනි දේවභක්තික අවධානයක් ගත හැකිද? අපහසු කාර්යයකදි වුවද අපට අපගේ ප්‍රේමය හා භක්තිය උන්වහන්සේට පෙන්නුම් කිරීමට පුළුවන්ද? මම විශ්වාස කරනව එය පුළුවන් කියා.

අපගේ කාර්ය ලැයිස්තුවේ එක් එක් අයිතමය උනවහන්සේ මහිමයට පත් කිරිමට සකස් කරගත හැක. සෑම කාර්යයක්ම අපට උන්වහන්සේට සේවය කිරීමේ ඇති වරප්‍රසාදයක් සහ අවස්ථාවක් ලෙස අපට දැකගන්න පුළුවන්ද, අපි එහි අවසාන මොහොතක සිටියත්, රාජකාරියක සිටියත්, නැතිනම් අපිරිසිදු ඩයිපර්ස් එක්ක සිටියත්.?

අමොන් පැවසු විදිහට “ඔව්, මම කිසිවක් නොවන බව මම දනිමි, මගේ ශක්තියට මම දුර්වලයි, එබැවින් මා ගැන පුරසාරම් දෙන්නේ නැත, එහෙත් මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි, උන්වහන්සේගේ ශක්තියෙන් මට සියල්ල කළ හැකිය.”14

අපේ දෙවිපියාණන්ට සේවය කිරීමට අපේ ජීවිතය තුළ ප්‍රධානතම ප්‍රමුඛත්වය දුන්විට අපිට අපිව අමතක වෙන්න පුළුවන් නමුත් නියමිත කාලයට අප අපව සොයාගනු ඇත.15

ගැලවුම්කරුවාණන් මෙම මූලධර්මය සරලව හා සෘජු ලෙස උගන්වනු ලැබීය: “එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියානණ්වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බැබලේවා.”16

ඉන්දියාවේ කල්කටාහි අනාථාගාරයක බිත්තියේ තිබී සොයාගත් ප්‍රඥාවේ වචන කිහිපයක් මම ඔබ සමග බෙදාගන්නම්: “ඔබ කාරුණිකයි නම්, මිනිස්සු ඔබට ආත්මාර්ථකාමී, අවංක අභිප්‍රායන් ගැන චෝදනා කරයි. කෙසේ වෙතත් කරුණාවන්ත වන්න. ඔබ වසර ගනනාවක් ගොඩනඟාගත් දේ, කෙනෙකුට එක රැයකින් විනාශ කල හැක. කෙසේ වුවත් ගොඩනගන්න. අද ඔබ කරන යහපත් දේ, මිනිස්සුන්ට හෙට බොහෝ විට අමතක වනු ඇත. කෙසේ නමුත් යහපත කරන්න. ඔබට ඇති හොඳම දේ ලෝකයට දෙන්න, එය කිසි විටෙකත් ප්‍රමාණවත් නොවනු ඇත. ඔබ කෙසේ හෝ ලබා ගත් හොඳම දේ ලෝකයට දෙන්න. ඔබ දකීවි අවසාන විශ්ලේෂණයෙන්, කෙසේ වෙතත්, එය ඔබ හා ඔබගේ දෙවියන් අතර වේ ...”17

සහෝදරියනි, එය හැම වෙලාවකම අපත් ස්වාමීන්වහන්සේත් අතර පමණයි. හරියට සභාපති ජේම්ස් ඊ. ෆවුස්ට් පැවසුව ආකාරයට: “ලෝකයේ ලොකුම අවශ්‍යතාව කුමක්ද?’ සෑම පුද්ගලයෙකුටම පුද්ගලික, නොකඩවා, දිනපතා, දිගටම ගැළවුම්කාරුවාණන් සමග සම්බන්ධතාවයක් පවත්වාගැනීම ලොව පුරා ඇති ලොකුම අවශ්‍යතාව නොවේ ද? එවන් සම්බන්ධතාවයක් අප තුළ ඇති දේවත්වය දුර්වල කළ හැකිද, අප අපගේ දෙවිපියාණන් සමග දිව්‍යමය සබඳතාවය දැන ගැනීම සහ අවබෝධ කර ගැනීමෙන් අපගේ ජීවිතයේ සිදුවන වෙනස වෙන කිසිවකින් කළ නොහැකි ය.”18

ඒ හා සමානව, ඇල්මා තම පුතාට පැහැදිලි කළා, ඔව්, ඔබගේ සෑම ක්‍රියාවක්ම උන්වහන්සේ වෙතට වේවා, ඔබ කොතැනකට ගියත් එය සමිඳාණන්වහන්සේ තුළ විය යුතුයි; “ඔව්, ඔබේ සියලු සිතුවිලි උන්වහන්සේට යොමු කළ යුතු ය; ඔව්, ඔබගේ හදවතේ ඇති කරදර සදහටම උන්වහන්සේ මත තබනු මැනවි.”19

සහ සභාපති රසල් එම්. නෙල්සන් එලෙසම අපට ඉගැන්වුවා, “අපි උන්වහන්සේන්ගේ ස්වේච්ඡා වන්දිගෙවීම තේරුම් ගත්විට, උන්වහන්සේට සේවය කිරීමට ඇති වරප්‍රසාදය හා ප්‍රශංසාත්මක හැඟීම උදෙසා අපගේ පැත්තෙන් කරනා කිසිදු වු කැපවීමක් වුවත් සම්පූර්ණයෙන්ම අඳුරු වී යනු ඇත.”20

සහෝදරියනි, මම එය සාක්ෂි දරනව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ වන්දිගෙවීම තුලින්, අපගෙන් සහ අප තුලින් වැඩකරනව, අන් අයට උදව් කිරිමට උන්වහන්සේ අප තුලින් වැඩකිරීම අරඹනවා, අපි ඔවුන්ට සේවය කරනවා, නමුත් අපි එය කරන්නේ උනවහන්සේට ආදරය සහ සේවය කිරිම තුලින්. අපි ශුද්ධ ලියවිලිවල විස්තර කර ඇති ආකාරයට පත්වෙනවා: “සෑම මිනිසෙක්ම [සහ කාන්තාවක්ම ] තම අසල්වැසියාගේ උනන්දුව දකිනු ඇත. මේ දේවල් කිරිම තුලින් දෙවියන්වහන්සේ මහිමයට පත් කරනු ඇත.”21

සමහර විට එම මුල්කාලයේම හා හොඳ චේතනාවෙන්, නමුත් තාමත් සම්පූර්ණ නැති උනත්, අපේ සභානායකයා දැනගන්න ඇති උන්වහන්සේගේ ආදරණීය දරුවන් වෙනුවෙන් සේවය කිරීමට, මගේ ස්වාමිපුරුශයා සහ මම ඉගෙනගත යුතුයි කියල. මම මගේ පුද්ගලික සහ ස්ථිර සාක්ෂිය දරනව දේවත්වය පිලිබදව සහ අපි උන්වහන්සේට සේවය කිරිමට යාමේදි පවා උන්වහනසේ අප සමග බෙදාගන්නා ආදරය පිලිබඳව. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පාරිශුද්ධ නාමයෙන්, ආමෙන්.