ප්‍රධාන සම්මන්ත්‍රණය
“එවිට මම දුර්වල දේවල් ශක්තිමත් වීමට පමුණුවන්නෙමි”
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


“එවිට මම දුර්වල දේවල් ශක්තිමත් වීමට පමුණුවන්නෙමි”

අප නිහතමානී වන විට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට, ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව සහ උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීමේ පරිත්‍යාගය අපට වෙනස් වීමට හැකියාව ලබාදෙනවා.

සභාපති තෝමස් එස්. මොන්සන් වරක් බන්ධනාගාර නියාමක ක්ලින්ටන් ඩෆීගේ කතාව බෙදාගත්තා. “1940 ගණන්වල සහ 1950 ගණන්වල [බන්ධනාගාර නියාමක ඩෆී] ඔහුගේ සිරගෙදර සිටි මිනිසුන් පුනරුත්ථාපනය කිරීමට ගත් උත්සාහයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වුණා. එක් විවේචකයෙක් පැවසුවේ, ‘දිවියන් ඔවුන්ගේ ලප වෙනස් නොකරන බව ඔබ දැනගත යුතුයි!’

“බන්ධනාගා නියාමක ඩෆී පිළිතුරු දුන්නේ, ‘මම දිවියන් සමඟ වැඩ නොකරන බව ඔබ දැනගත යුතුයි. මම වැඩ කරන්නේ මනුෂ්‍යයින් සමඟ, මනුෂ්‍යයින් දිනපතා වෙනස් වෙනවා.’’1

සාතන්ගේ ලොකුම බොරුව තමයි පිරිමින්ට සහ කාන්තාවන්ට වෙනස් විය නොහැකි බව. අපට සරලව වෙනස් විය නොහැකි බව—හෝ ඊටත් වඩා නරක ලෙස අප වෙනස් නොවිය යුතු බව—ලෝකය පවසන, මෙම අසත්‍යය විවිධ ආකාර වලින් කියමින් නැවත නැවතත් ප්‍රකාශ කරනු ලැබෙනවා. අපගේ තත්වයන් අපව නිර්වචනය කරන බව අපට උගන්වා තිබෙනවා. අපි “ඇත්තවශයෙන්ම අප කවුරුන්ද යන්න ගැන සතුටු විය යුතුයි,” “අපගේ සැබෑ අපටම අපි අව්‍යාජ විය යුතුය” යනුවෙන් ලෝකය පවසනවා.

අපිට වෙනස් වෙන්න පුළුවන්

සත්‍යවන්ත වීම ඇත්තෙන්ම හොඳ දෙයක් වන නිසා, දෙවියන්වහන්සේගේ පුතුන් සහ දූවරුන් ලෙස උන්වහන්සේ හා සමාන වීමට දිව්‍යමය ස්වභාවයකින් සහ ඉරණමකින් අප අපගේ සැබෑ, සත්‍ය ස්වරූපයට, සත්‍යවන්ත විය යුතුයි.2 අපගේ පරමාර්ථය මෙම දිව්‍යමය ස්වභාවයට සහ ඉරණමට සත්‍යවන්ත වීම නම්, අප සියල්ලන්ම වෙනස් විය යුතුයි. වෙනස් වීම සඳහා ශුද්ධලියවිලිමය පදය පසුතැවීමයි. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ උගන්වනවා, “බොහෝදෙනා පසුතැවිලිවීම ගැන හිතන්නේ දඬුවමක් විදියට—බොහෝ දරුණු අවස්ථා වලදී හැර මගහැරිය යුතු දෙයක් බවට. … ‘පසුතැවිලි වන්න’ කියා යේසුස්වහන්සේ ඔබෙන් සහ මගෙන් ඉල්ලා සිටින විට, උන්වහන්සේ අපට ආරාධනා කරන්නේ වෙනස් වීමටයි.”3

දෙවියන්වහන්සේගේ කොන්දේසි

පරිගණක මෘදුකාංග සංවර්ධකයින් පරිගණකයට කළ යුතු දේ පැවසීමට කොන්දේසි සහිත ප්‍රකාශ භාවිතා කරනවා. මේවා සමහර විට if-then (එසේනම්-එවිට) ප්‍රකාශ ලෙසද හැඳින්වෙනවා. හරියට, x සත්‍ය නම්, y කරන්න වගේ.

ස්වාමින්වහන්සේ ක්‍රියාත්මක වන්නේත් කොන්දේසි හරහායි: ඇදහිල්ලේ කොන්දේසි, ධර්මිෂ්ඨකමේ කොන්දේසි, පසුතැවිලි වීමේ කොන්දේසි. දෙවියන්වහන්සේගේ කොන්දේසි සහිත ප්‍රකාශ සඳහා උදාහරණ බොහොමයක් තිබෙනවා:

“නුඹලා මාගේ ආඥාවන් පවත්වමින් අවසානය දක්වා දරාගන්නේ නම් [එවිට] නුඹලා සදාකාල ජීවනය උරුම කරගන්නෙහුය, එම දීමනාව දෙවියන්වහන්සේගේ සියලු දීමනා වලින් ශ්‍රේෂ්ඨතම දීමනාව වන්නේය.”4

නැතහොත් “නුඹලා අවංක හදවතකින් යුතුව, සැබෑ අරමුණකින්, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ඇතිව අසන්නේ නම්, [එවිට] උන්වහන්සේ නුඹලා හට ශුද්ධාත්මයාණන්ගේ බලය මගින් එහි සත්‍ය ප්‍රකාශ කරන සේක.”5

දෙවියන්වහන්සේගේ ප්‍රේමය පවා, අසීමිත හා පරිපූර්ණ වුවද, කොන්දේසි වලට යටත් වෙනවා.6 උදාහරණයක් ලෙස:

“මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම් සේ පවතින්නේද, එසේම ඔබ සැමත් මාගේ ආඥා රක්ෂාකරවු නම් [එවිට] මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.”7

වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් ඔහු මෙසේ ඉගැන්වූ විට මෙම ශුභාරංචි සත්‍යය තවදුරටත් පැහැදිලි කළා: “‘ගැලවුම්කරුවාණන් මා මෙන්ම මට ප්‍රේම කරයි’ යැයි සමහරුන් පවසන්නේ නැත, එය නිසැකවම සත්‍යයකි. නමුත් අප මේ සිටින ආකාරයට උන්වහන්සේට අප කිසි කෙනෙකුව උන්වහන්සේගේ රාජධානියට ගන්නට බැහැ, ‘මක්නිසාද කිසිඳු අපවිත්‍ර දෙයකට එහි වාසය කළ නොහැකියි, හෝ උන්වහන්සේගේ අභිමුඛයෙහි සිටිය නොහැකියි’ [මෝසෙස් 6:57]. අපේ පව් මුලින්ම විසඳා තිබිය යුතුයි.”8

දුර්වල දේවල් ශක්තිමත් විය හැකිය

අපට වෙනස් වීමට උපකාර කිරීමට දෙවියන්වහන්සේගේ බලය ලැබීමේ ආශිර්වාදයද කොන්දේසි සහිතයි. මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘ මොරෝනි හරහා කතා කරමින් ගැලවුම්කරුවාණන් මෙසේ ඉගැන්වූවා: “මනුෂ්‍යයින් මා වෙතට පැමිණෙන්නේ නම් මම ඔවුන් හට ඔවුන්ගේ දුර්වලකම පෙන්වන්නෙමි. මම මනුෂ්‍යයින්ට දුර්වලකම දෙන්නේ ඒ කරණකොටගෙන ඔවුන්ව යටහත් කිරීමටය: තවද මා ඉදිරියේ ඔවුන්වම යටහත් කරගන්නා සියලුම මනුෂ්‍යයින්ට මාගේ අනුග්‍රහය සෑහෙන්නේය; මක්නිසාද ඔවුන්වම මා ඉදිරියේ යටහත් කරගෙන, මා තුළ ඇදහිල්ල ඇත්නම්, එවිට මම දුර්වල දේවල් ඔවුන්හට ශක්තිමත් වීමට පමුණුවන්නෙමි.”9

ස්වාමින්වහන්සේ මෙහි අපට උගන්වන දේ දෙස සමීපව බලන විට, උන්වහන්සේ මුලින්ම පවසන්නේ උන්වහන්සේ පිරිමින්ට සහ කාන්තාවන්ට දුර්වලකම ලබාදෙන බව අපට පේනවා, එය ඒකවචනයක්, එය වැටුණු හෝ ලෞකික ජීවීන් ලෙස අපගේ ලෞකික අත්දැකීමේ කොටසක්. ආදම්ගේ වැටීම නිසා අපි ස්වභාවික පිරිමින් සහ ගැහැනුන් බවට පත්වී සිටිනවා. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් අපට අපගේ දුර්වලකම හෝ අපගේ වැටුණු ස්වභාවයන් ජයගන්න පුළුවන්.

එවිට උන්වහන්සේ පවසන්නේ උන්වහන්සේගේ කරුණාව ප්‍රමාණවත් බවත්, අප අපවම යටපත් කරගෙන උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබාගන්නවා නම්, එවිට උන්වහන්සේ “දුර්වල දේවල් [බහු වචනයෙන්] [අපට] ශක්තිමත් වීමට පමුණුවන” බවයි. වෙනත් වචන වලින් කිවහොත්, අප මුලින්ම අපගේ වැටුණු ස්වභාවයන්, අපගේ දුර්වලකම් වෙනස් කරගන්නවා නම්, එවිට අපගේ හැසිරීම්, අපගේ දුර්වලතා වෙනස් කිරීමට අපට හැකියාව ලැබෙනවා.

වෙනස්වීම සඳහා ඇති අවශ්‍යතා

ස්වාමින්වහන්සේගේ රටාවට අනුව වෙනස් වීම සඳහා ඇති අවශ්‍යතා සමාලෝචනය කරමු:

පළමුව, අප අපව යටහත්පහත් කරගත යුතුයි. වෙනස්වීම සඳහා ස්වාමින්වහන්සේගේ කොන්දේසිය වන්නේ යටහත්පහත්කමයි. “මා ඉදිරියේ ඔවුන් ඔවුන්වම යටපත් කරගන්නේ නම්,”10 ලෙස උන්වහන්සේ පැවසුවා. යටහත්පහත්කමේ විරුද්ධ දෙය තමයි උඩඟුකම. උඩඟුකම පවතින්නේ අප වඩා හොඳින් දන්නා බව සිතන විටයි—දෙවියන්වහන්සේ සිතන හෝ දැනෙන දෙයට වඩා අප සිතන හෝ දැනෙන දෙය ප්‍රමුඛත්වය ගන්නා විටයි.

බෙන්යමින් රජතුමා මෙසේ ඉගැන්වුවා, “ස්වාභාවික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ සතුරෙකි, තවද ස්වභාවික මනුෂ්‍යයා පසෙක දමා සහ ස්වාමින් වූ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ශුද්ධවන්තයෙකු බවට පැමිණ, තවද දරුවෙකු මෙන් වී, අවනත, නිහතමානී සහ යටහත් වුනොත් මිස සදාකාලයෙන් සදාකාලයට සතුරෙක් වනු ඇත.”11

වෙනස් වීමට නම්, අප ස්වභාවික මිනිසාව පසෙක දමා නිහතමානී හා යටහත් පහත් විය යුතුයි. ජීවමාන අනාගතවක්තෘවරයෙකු අනුගමනය කිරීමට තරම් අප නිහතමානී විය යුතුයි. දේවමාළිගා ගිවිසුම් ඇතිකරගැනීමට හා තබාගැනීමට තරම් නිහතමානී විය යුතුයි. දිනපතා පසුතැවිලි වීමට තරම් නිහතමානී විය යුතුයි. වෙනස්වීමට උවමනා වීමට, “[අපගේ] හදවත් දෙවියන්වහන්සේට භාරදීමට”12 අප නිහතමානී විය යුතුයි.

දෙවනුව, අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබිය යුතුයි. නැවතත්, ගැලවුම්කරුවාණන්ගේ වචන වලින්: “ඔවුන්වම මා ඉදිරියෙහි යටහත් කරගෙන, මා කෙරෙහි ඇදහිල්ල ඇත්නම්,”13 අපගේ දුර්වලකම් ජයගැනීමට උන්වහන්සේ අපට බලය ලබාදෙනවා. යටහත්කම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සමඟ බැඳුණු විට, උන්වහන්සේගේ කරුණාවේ බලය සහ උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා ලබාගත හැකි ආශිර්වාද වල පූර්ණත්වය වෙත ප්‍රවේශ වීමට අපට ඉඩ සලසනවා.

සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වුවා “සැබෑ පසුතැවිල්ල ආරම්භ වන්නේ අපව පවිත්‍ර කිරීමට, සුව කිරීමට, හා ශක්තිමත් කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බලය ඇති බවට වූ ඇදහිල්ල සමඟයි. … අපගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේගේ බලය නිරාවරණය කරන්නේ අපගේ ඇදහිල්ලයි.”14

තෙවනුව, උන්වහන්සේගේ කරුණාව තුළින් දුර්වල දේවල් ශක්තිමත් කිරීමට උන්වහන්සේට පුළුවන්. අපි යටහත්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබාගන්නවා නම්, එවිට උන්වහන්සේගේ කරුණාව අපට වෙනස් වීමට හැකියාව ලබාදෙයි. වෙනත් වචන වලින් කිවහොත්, උන්වහන්සේ අපට වෙනස් වීමට බලය ලබාදෙයි. මෙය කළ හැක්කේ, උන්වහන්සේ මෙලෙස පවසන නිසායි, “මගේ කරුණාව සියලු මිනිසුන්ට සෑහෙන්නේය.”15 අප වෙනස් වීමට උත්සාහ කරන විට සියලු බාධක, සියලු අභියෝග, සහ සියලු දුර්වලතා ජයගැනීමට උන්වහන්සේගේ ශක්තිමත් කිරීම, කරුණාව අපට බලය ලබාදෙනවා.

අපේ ලොකුම දුර්වලතා අපේ ලොකුම ශක්තීන් බවට පත්වෙන්න පුළුවන්. අපට වෙනස් වී “නව ප්‍රාණීන්” විය හැකියි.16 දුර්වල දේවල් වචනානුසාරයෙන්ම “[අප] හට ශක්තිමත්”17 වෙන්න පුළුවන්.

ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ අසීමිත හා සදාකාලික වන්දිගෙවීම ක්‍රියාවට නැංවූයේ, එවිට අපට සැබවින්ම වෙනස් වීමට, පසුතැවිලි වීමට, සහ වඩා හොඳ වීමට පුළුවන් වෙන නිසයි. ඇත්තටම අපිට නැවත ඉපදෙන්න පුළුවන්. අපට පුරුදු, ඇබ්බැහිවීම් සහ “නපුර කිරීමට ඇති නැඹුරුව” පවා ජයගත හැකියි.18 ස්වර්ගයේ සිටින ආදරණීය පියෙකුගේ දූ පුතුන් ලෙස, වෙනස් වීමට අප තුළ බලය තිබෙනවා.

වෙනස් වීමේ උදාහරණ

වෙනස් වූ පිරිමින් සහ කාන්තාවන්ගේ උදාහරණ වලින් ශුද්ධලියවිලි පිරී තිබෙනවා.

මුල් ක්‍රිස්තියානි සභාවේ පරිසිවරයෙකු සහ ක්‍රියාකාරී පීඩා කරන්නෙකු වූ සාවුල්,19 ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වූ පාවුල් බවට පත්වුණා.

ඇල්මා යනු දුෂ්ට නෝවා රජුගේ මාළිගාවේ පූජකයෙක්. ඔහු අබිනාදිගේ වචන අසා, සම්පූර්ණයෙන් පසුතැවිලි වී, මොර්මොන්ගේ පොතේ ශ්‍රේෂ්ඨ ධර්මදූතවරුන්ගෙන් කෙනෙකු බවට පත්වුණා.

ඔහුගේ පුත් ඇල්මා සභාව විනාශ කිරීමට උත්සාහ කරමින් ඔහුගේ තරුණ කාලය ගතකළා. ඔහුට හදවතේ වෙනසක් ඇතිවී ඔහුගේම බලයෙන් බලවත් ධර්මදූතවරයෙකු බවට පත්වන තුරු ඔහු සිටියේ “පව්කාරයන් අතරින් ඉතාමත් නීච අය”20 අතරෙයි.

මෝසෙස්ව පාරාවෝගේ පවුලට හදා වඩා ගත් අතර ඊජිප්තු කුමාරයෙකු ලෙස සුඛෝපභෝගී ලෙස හැදී වැඩුණා. නමුත් ඔහු ඇත්තටම කවුදැයි වටහාගෙන ඔහුගේ දිව්‍යමය ඉරණම ගැන දැනගත් විට, ඔහු වෙනස් වී පැරණි ගිවිසුමේ ශ්‍රේෂ්ඨ නීති දෙන අනාගතවක්තෘවරයා බවට පත්වුණා.21

මගේ බිරිඳගේ සීයා, ජේම්ස් බී. කීසෝර්, ඔහුගේම බලවත් හදවත වෙනස් කිරීම ගැන නිතරම මාව පුදුම කළා.22 1906 දී සෝල්ට් ලේක් නිම්නයේ ඇදහිලිවන්ත පසුදවස් වල ශුද්ධවන්ත පුරෝගාමී මුතුන් මිත්තන්ගෙන් උපත ලැබූ ඔහුට තරුණ වියේදීම තම මව අහිමි වූ අතර ඔහුගේ තරුණ කාලය පුරාම අරගල කළා. ඔහුගේ නව යොවුන් විය සහ තරුණ වැඩිහිටි කාලය ගෙවී ගියේ සභාවෙන් ඈත්වයි; ඒ අතරතුර ඔහු නරක පුරුදු ගණනාවක් ඇතිකරගෙන තිබුණා. එසේ වුවද, ඔහුට ඇදහිලිවන්ත කාන්තාවක් මුණගැසී විවාහ වූ අතර ඔවුන් එක්ව දරුවන් පස්දෙනෙකු ඇතිදැඩි කළා.

1943 දී, මහා අවපාතයේ දුෂ්කර වසර වලින් පසුව සහ දෙවන ලෝක සංග්‍රාමයේදී, බඩ්, මිතුරන් සහ පවුලේ අය විසින් ඔහුව හැඳින්වූයේ එසේයි, යූටා හැර ගොස් රැකියාවක් සෙවීම සඳහා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් වෙත ගියා. නිවසින් බැහැරව සිටි මෙම කාලය තුළ, ඔහු ඔහුගේ සහෝදරිය සහ ඔවුන්ගේ කොට්ටාශයේ සභානායකවරයා ලෙස සේවය කරන ඇගේ සැමියා සමඟ ජීවත් වුණා.

ඔහුගේ සොහොයුරියගේ සහ මස්සිනාගේ ආදරය හා බලපෑමෙන්, ඔහු සභාව කෙරෙහි ඔහුගේ උනන්දුව පුනර්ජීවනය කිරීමට පටන්ගත් අතර සෑම රාත්‍රියකම නින්දට යාමට පෙර මොර්මොන්ගේ පොත කියවීමට පටන්ගත්තා.

එක් රාත්‍රියක, ඔහු ඇල්මා 34 පරිච්ඡේදය කියවමින් සිටියදී, ඔහු පහත වචන කියවන විට ඔහුගේ හදවතට එය තදින් දැනුණා:

“එසේය, දැන් නුඹලා පෙරට පැමිණ තවද නුඹලාගේ හදවත් තවදුරටත් දැඩිකර නොගන්නේ නම් මම කැමැත්තෙමි. …

“මක්නිසාද බලන්න, මෙම ජීවිතය මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේව මුණගැසීමට සූදානම් වීමේ කාලයයි; එසේය, බලන්න මෙම ජීවිතය ඔවුන්ගේ වෙහෙසවීම් වල යෙදෙන්නට වූ මනුෂ්‍යයින්ගේ දවසය.”23

ඔහු මෙම පද කියවන විට, ඔහු තුළ බලවත් හැඟීමක් ඇති වූ අතර, ඔහු වෙනස් විය යුතු බවත්, පසුතැවිලි විය යුතු බවත්, ඔහු කළ යුතු දේත් දැනගත්තා. ඔහු තම ඇඳෙන් නැඟිට දණින් වැටී යාච්ඤා කිරීමට පටන්ගත්තා, ඔහුට සමාව දෙන ලෙසත් ඔහුගේ ජීවිතයේ වෙනස්කම් කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදෙන ලෙසත් ස්වාමින්වහන්සේගෙන් අයැද සිටියා. ඔහුගේ යාච්ඤාවට පිළිතුරු ලැබුණු අතර, එතැන් සිට ඔහු ආපසු හැරී බැලුවේ නෑ. බඩ් සභාවේ සේවය කිරීමට ගිය අතර ඔහුගේ ජීවිතයේ අවසානය දක්වාම ඇදහිලිවන්ත, කැපවූ පසුදවස් වල ශුද්ධවන්තයෙකු ලෙස සිටියා. ඔහු සෑම ආකාරයකින්ම වෙනස් වුණා. ඔහුගේ මනස, ඔහුගේ හදවත, ඔහුගේ ක්‍රියාවන්, ඔහුගේ පැවැත්ම වෙනස් වුණා.

සහෝදර සහෝදරියනි, අපගේ දිව්‍යමය ඉරණම සහ අරමුණ අවසාන වශයෙන් අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමයි. අපි මෙය කරන්නේ, අපි වෙනස් වන විට, හෝ පසුතැවිලි වන විටයි. අපි “[අපගේ] මුහුණුවරට [ගැලවුම්කරුවාණන්ගේ] රූපය” ලබනවා.24 අපි අලුත්, පිරිසිඳු, වෙනස් වෙනවා, සහ අපි සෑම දිනකම දිගටම එසේ වීම කරගෙන යනවා. සමහරවිට එය පියවර දෙකක් ඉදිරියට සහ එක් පියවරක් පසුපසට යන බවක් දැනෙන්නට පුළුවන්, නමුත් අපි නිහතමානීව ඇදහිල්ලෙන් ඉදිරියටම යනවා.

ඒවගේම අප නිහතමානීව හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට, ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව සහ උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීමේ පරිත්‍යාගය අපට වෙනස් වීමට හැකියාව ලබාදෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සැබවින්ම අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේගේ අනුග්‍රහය සැබවින්ම ප්‍රමාණවත්. “මාර්ගයද, සත්‍යයද, ජීවනයද”25 උන්වහන්සේ බව මම ප්‍රකාශ කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.