ප්‍රධාන සම්මන්ත්‍රණය
හඳුන්වාදීමේ පණිවිඩය
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


හඳුන්වාදීමේ පණිවිඩය

මෙම විශේෂ සැසිවාරයේදී අපි දෙවියන්වහන්සේගේ දියණියන්ට ඔවුන්ගේ සහ ඔවුන්ගේ සංවිධාන වල මහත් ඕනෑකම් කෙරෙහි අවධානය යොමුකරමින් අපි ඔවුන්ට ගෞරව කරනවා.

මගේ ආදරණීය සහෝදරියනි, ප්‍රධාන සම්මන්ත්‍රණයේ මෙම විශේෂ කාන්තා සැසිවාරය ආරම්භ කිරීමේදී, පළමු සභාපතිත්වය වෙනුවෙන් මෙම හඳුන්වාදීමේ පණිවිඩය ලබාදීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.

අපගේ සෙනසුරාදා සැසිවාරයන් වලට විවිධ අරමුණු සහ විවිධ ශ්‍රාවකයන්ගේ ඉතිහාසයක් තිබෙනවා. අපේක්ෂා කළ හැකි අනාගතය සඳහා නව අරමුණක් සහ ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීමෙන් අද සන්ධ්‍යාවේ අපි ඒ ඉතිහාසයට තවත් දෙයක් එකතු කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වෙනස් වන්නේ නෑ. ශුභාරංචි දහම වෙනස් වන්නේ නෑ. අපගේ පුද්ගලික ගිවිසුම් වෙනස් වන්නේ නෑ. නමුත්, අපගේ පණිවිඩ සන්නිවේදනය කිරීම සඳහා අප පවත්වන රැස්වීම් වසර ගණනාවක් පුරා වෙනස් වෙමින් පවතින අතර ඉදිරි වසරවල් පුරාවටද ඒවා වෙනස් වීමට ඉඩ තිබෙනවා.

දැනට, මෙම සෙනසුරාදා සන්ධ්‍යා රැස්වීම ප්‍රධාන සම්මන්ත්‍රණයේ සැසිවාරයක් මිස කිසිඳු සංවිධානයක සැසිවාරයක් නොවේ. ප්‍රධාන සම්මන්ත්‍රණයේ අනෙකුත් සියලුම සැසිවාර මෙන්, සැලසුම් කිරීම, කථිකයන්, සහ සංගීතය පළමු සභාපතිත්වය විසින් නියම කෙරුණා.

මෙම සැසිවාරය මෙහෙයවන ලෙස අපි සහන සමිතියේ ප්‍රධාන සභාපතිනිය ජීන් බී. බින්ගම්ගෙන් ඉල්ලා සිටියා. අනාගත සෙනසුරාදා සන්ධ්‍යා සැසිවාර, පළමු සභාපතිත්වය විසින් නම් කරන ලද සහන සමිතියේ, තරුණ කාන්තාවන්ගේ, සහ ප්‍රාථමිකයේ ප්‍රධාන සභාපතිවරුන් වැනි සභාවේ අනෙකුත් සාමාන්‍ය නිලධාරීන්ගෙන් කෙනෙකු විසින් මෙහෙයවිය හැකියි.

අද රාත්‍රියේ ප්‍රධාන සම්මන්ත්‍රණයේ මෙම සෙනසුරාදා සන්ධ්‍යා සැසිවාරය පසුදවස් වල ශුද්ධවන්ත කාන්තාවන්ගේ මහත් ඕනෑකම් කෙරෙහි අවධානය යොමුකරනවා. මෙයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ සභාවේ මූලධර්ම, විශේෂයෙන් කාන්තාවන්ට අදාළ සභාවේ ප්‍රතිපත්ති, සහ සභාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඇතුළත් වන සංවිධාන වල ප්‍රධාන වගකීම් සහ කාර්යයන් ඇතුළත් වෙනවා. ප්‍රධාන සම්මන්ත්‍රණයේ සියලුම සැසිවාර මෙන් ලොව පුරා සියලුම ශ්‍රාවකයන් වෙත මෙම සැසිවාරය ඕනෑකමින් විකාශනය කළද, මෙම සැසිවාරය සඳහා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස ආරාධනා කරන ලද ශ්‍රාවකයින් අතර සිටින්නේ කාන්තාවන් සහ වයස අවුරුදු 12 සහ ඊට වැඩි ගැහැණු ළමයින්. සහභාගී වන සංවිධාන වල මුලසුන දරන පූජකවර නායකයින් කිහිපදෙනෙකුවද අපි ඇතුළත් කරගෙන තිබෙනවා.

අපි මෙතැන් පටන් මුලපුරන්නේ දැනට ලොව පුරා සිටින ස්වාමින්වහන්සේගේ සභාවේ නායකත්වයට සහ සාමාජිකත්වයට ලබාගත හැකි සන්නිවේදන සම්පත් වලට ප්‍රතිචාර දක්වමිනුයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ දහම සෑම කෙනෙක්ම සඳහායි, එබැවින් සෑම පුද්ගලයෙකුටම එය ප්‍රකාශ කිරීම අපගේ ප්‍රධාන චේතනාවයි. මෙම විශේෂ සැසිවාරයේදී අපි දෙවියන්වහන්සේගේ දියණියන්ට ඔවුන්ගේ සහ ඔවුන්ගේ සංවිධාන වල මහත් ඕනෑකම් කෙරෙහි අවධානය යොමුකරමින් අපි ඔවුන්ට ගෞරව කරනවා.

ක්ෂේත්‍රයේ නිශ්චිත ශ්‍රාවකයින් ඇමතීමෙන් සවිස්තරාත්මක පුහුණුවක් පැවැත්වීමේ හැකියාව සභාවේ නායකයින්ට දැන් විකාශන තාක්‍ෂණය ඔස්සේ ලැබීම ගැන අපි කෘතඥ වනවා. වර්තමානයේ සංචාරක අවස්ථා වැඩිවෙමින් පැවතීමද අපි සාදරයෙන් පිළිගන්නවා. ක්ෂේත්‍රය තුළ අවශ්‍ය නිතිපතා මුහුණට මුහුණ නායකත්ව පුහුණු පැවැත්වීමට සභාවේ නායකයින්ව යැවීමට එය අපට ඉඩ සලසා තිබෙනවා.

මේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යයයි. අපි උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් විසින් මෙහෙයවන ලද, උන්වහන්සේගේ සේවකයින්. මෙම සංවිධාන වල නායකයින්ට සහ මෙම සංවිධාන වල සහ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේදී ස්වාමින්වහන්සේට සේවය කරන ඇදහිලිවන්ත කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට අපගේ ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය අපි අයැද සිටිනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.