ප්‍රධාන සම්මන්ත්‍රණය
වඩාත්ම වැදගත් දේ කරන්න
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


වඩාත්ම වැදගත් දේ කරන්න

අප අපගේ ජීවිත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත කේන්ද්‍රගත කරන විට, අපට අධ්‍යාත්මික ශක්තිය, තෘප්තිය, සහ ප්‍රීතිය සමඟ ආශිර්වාද ලැබෙනවා.

ලඟදි, එක් ආදරණීය මිතුරියකට ඇගේ කොට්ටාශයේ සිටින කාන්තාවක් බැලීමට හැඟීමක් ඇතිවුණා. ඇය ඇයව නොදන්නා නිසා—එය තේරුමක් නැති නිසා ඇය එම පෙළඹවීම ඉවත් කරගත්තා. නමුත් ඒ සිතුවිල්ල දිගින් දිගටම ඇය වෙත පැමිණි නිසා, ඇය ඒ පෙළඹවීම මත ක්‍රියා කිරීමට තීරණය කළා. පැමිණීමට නියමිත බැහැදැකීම නිසා ඇයට දැනටමත් අපහසුතාවයක් දැනී ඇති නිසා, එම සහෝදරිය වෙත යමක් රැගෙන යාම ඇගේ කනස්සල්ලට සහනයක් වනු ඇතැයි ඇය තීරණය කළා. නිසැකවම ඇයට හිස් අතින් යාමට නොහැකි වුණා! ඒ නිසා ඇය අයිස්ක්‍රීම් එකක් මිලට ගත් අතර, ඇය අමුතු බැහැදකීමක් වේ යැයි කනස්සල්ලට පත්වූ දෙය ආරම්භ කිරීමට ඇය ගියා.

ඇය එම කාන්තාවගේ දොරට තට්ටු කර ටික වේලාවකින් එම සහෝදරිය පිළිතුරු දුන්නා. මගේ මිතුරිය දුඹුරු කඩදාසි බෑගයක තිබූ අයිස්ක්‍රීම් එක ඇයට දුන් අතර සංවාදය ආරම්භ වුණා. එම බැහැදැකීම අවශ්‍ය වූයේ මන්දැයි මගේ මිතුරියට වැටහෙන්නට වැඩි වේලාවක් ගත වුණේ නෑ. ඔවුන් ඉදිරිපස ආලින්දයේ එකට වාඩි වී සිටින විට, ඒ කාන්තාව තමා මුහුණදෙන අභියෝග රාශියක් හෙළිකළා. උණුසුම් ගිම්හාන කාලගුණය තුළ පැයක් කතා කිරීමෙන් පසු, දුඹුරු කඩදාසි බෑගය හරහා අයිස්ක්‍රීම් දිය වී යන බව මගේ මිතුරිය දුටුවා.

“ඔබේ අයිස්ක්‍රීම් එක දියවීම ගැන මට කණගාටුයි!” ඇය කෑගැසුවා.

කාන්තාව මිහිරි ලෙස මෙසේ පිළිතුරු දුන්නා, “ඒකට කමක් නෑ! මට කිරි සහිත ආහාර අගුණයි!”

ස්වාමින්වහන්සේ සිහිනයකින් අනාගතවක්තෘ ලෙහිට මෙසේ පැවසුවා, “ලෙහි නුඹ කර ඇති දේවල් නිසා නුඹ ආශිර්වාද ලද්දෙහිය.”1

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීමට බලාපොරොත්තු වීමට හෝ විශ්වාස කිරීමට වඩා වැඩි යමක් ඇතුළත් වෙනවා. එය උත්සාහය, චලනය, සහ කැපවීම බලාපොරෝත්තු වෙනවා. අපි “ඇහුම්කන් දෙන්නන් පමණක් නොවේ, වචනය ක්‍රියාවට නංවන්නන්” වීමට යමක් කිරීමට අවශ්‍ය වෙනවා.2

දියවුණු අයිස්ක්‍රීම් කාරණය සම්බන්ධයෙන්, වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද? අයිස්ක්‍රීම් එකද? නැත්නම් සරලවම මගේ මිතුරිය යමක් කිරීමද?

ඉතා අවංක ප්‍රශ්නයක් ඇසූ ආදරණීය තරුණ කාන්තාවක් සමඟ මට මිහිරි අත්දැකීමක් තිබෙනවා: “ක්‍රේවන් සහෝදරිය, සභාවේ ඕනෑම දෙයක් සත්‍ය බව ඔබ දන්නේ කොහොමද? මොකද මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ.”

පිළිතුරක් දීමට හදිස්සි වීමට පෙර, මම මුලින්ම ඇයගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා. “ඔබේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යානය ගැන මට කියන්න.”

“මම ශුද්ධලියවිලි කියවන්නේ නැහැ” කියා ඇය පිළිතුරු දුන්නා.

මම ඇහුවා, “ඔබේ පවුල සමඟ? ඔබ එකට එකතුවෙලා එන්න, මා අනුගමනය කරන්න ඉගෙනගන්නවාද?”

ඇය “නැහැ” කිව්වා.

මම ඇගේ යාච්ඤා ගැන ඇහුවා: “ඔබ යාච්ඤා කරන විට ඔබට හැඟෙන්නේ කුමක්ද?”

ඇගේ පිළිතුර වුණේ: “මම යාච්ඤා කරන්නේ නැහැ.”

ඇයට මම දුන් ප්‍රතිචාරය සරලයි: “ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම්, ඔබට යමක් කිරීමට සිදුවෙනවා.”

අපට ඉගෙනගැනීමට හෝ දැනගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් සමඟ එය සත්‍යයි නේද? යාච්ඤා කිරීම, අධ්‍යයනය කිරීම, අන් අයට සේවය කිරීම, සහ ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම වැනි; යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස මම මගේ අලුත් මිතුරියට ආරාධනා කළා. කිසිවක් නොකරන අතරතුර හැරීම සිදුවෙන්නේ නෑ. එය පැමිණෙන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින් අප විමසීමෙන්, සෙවීමෙන්, සහ තට්ටු කිරීමෙන් දැනගැනීමට චේතනාන්විත උත්සාහයක් ගන්නා විටයි. එය පැමිණෙන්නේ ක්‍රියා කිරීම තුළිනුයි.3

දහම සහ ගිවිසුම් තුළ, “එය වැදගත් නොවන්නේය”4 යනුවෙන්, ස්වාමින්වහන්සේ ඉඳහිට පවසනවා. සමහර දේවල් වැදගත් නොවේ නම් හෝ අඩු වැදගත්කමක් තිබේ නම්, වඩාත්ම වැදගත් දේවල් තිබිය යුතු බව කල්පනා කරන්නට මාව යොමුවුණා. යමක් කිරීමට හෝ ඕනෑම දෙයක් කිරීමට අප ගන්නා උත්සාහයේදී, “වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?” කියා අපට අපෙන්ම අසාගත හැකියි.

වෙළඳ ප්‍රචාරකයින් බොහෝ විට “අත්‍යවශ්‍ය” හෝ “තිබිය යුතුම” වැනි උද්යෝග පාඨ භාවිතා කරන්නේ ඔවුන් විකුණන භාණ්ඩය අපගේ සතුට හෝ යහපැවැත්ම සඳහා අවශ්‍ය යැයි විශ්වාස කිරීමට අපව ආකර්ෂණය කරගැනීමේ අපේක්ෂාවෙනුයි. නමුත් ඔවුන් විකුණන දේ ඇත්තෙන්ම අත්‍යවශ්‍යද? ඇත්තෙන්ම අපට එය තිබිය යුතුමද? එය ඇත්තෙන්ම වැදගත්ද?

සලකාබැලීම සඳහා අදහස් කීපයක් මෙන්න: වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

  • අපගේ සමාජ මාධ්‍ය පළ කිරීම් වලට “ලයික්” කීයක් ලැබෙනවාද කියාද? එසේත් නැතිනම් අපගේ ස්වර්ගික පියාණන් විසින් අපට කොතරම් ප්‍රේම කරනවාද, අගය කරනවාද කියාද?

  • ඇඳුම් වල අලුත්ම ප්‍රවණතාවය ඇඳීමද? එසේත් නැතිනම් විනීතව අඳිමින් සහ පළඳිමින් අපගේ ශරීරයට ගරු කිරීමද?

  • අන්තර්ජාල සෙවුමකින් පිළිතුරු සෙවීමද? එසේත් නැතිනම් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන දෙවියන්වහන්සේගෙන් පිළිතුරු ලැබීමද?

  • තවත් අවශ්‍ය වීමද? එසේත් නැතිනම් අපට දුන් දෙයින් සෑහීමට පත්වීමද?

සභාපති රසල් එම්. නෙල්සන් මෙලෙස උගන්වනවා:

“ශුද්ධාත්මයාණන්වහන්සේව ඔබගේ සහකරුවා ලෙස තබාගෙන, අපගේ සමාජයට පහර දී ඇති කීර්තිමත් සංස්කෘතිය තුළින් ඔබට නිවැරදිව දකින්න පුළුවන්. පෙර පරම්පරාවන් වූ ආකාරයට වඩා ඔබට බුද්ධිමත් විය හැකියි. …

සෙසු ලෝකය සඳහා ප්‍රමිතියක් සකසන්න!”5

කල්පවතින ප්‍රීතිය සඳහා සැබවින්ම අත්‍යවශ්‍ය දේ කෙරෙහි අවධානය යොමුකිරීමට උත්සාහය අවශ්‍ය වෙනවා. අපගේ සදාකාලික සාරධර්ම අස්ථානගත කර, වැදගත් නොවන දේවල් සඳහා වටිනා කාලය, දක්ෂතා, හෝ ආත්මික ශක්තිය අපතේ යැවීමට හැර අන් කිසිවකට සාතන් කැමති වෙන්නේ නෑ. වඩාත්ම වැදගත් දේ කිරීමෙන් අපගේ අවධානය වෙනතකට යොමුකරන දේවල් ගැන යාච්ඤාවෙන් සලකා බලන ලෙස මම අප සෑම කෙනෙකුටම ආරාධනා කරනවා.

අපේ ලොකු පුතාගේ තුන්වන ශ්‍රේණියේ ගුරුතුමිය “ඔබේ මොළයේ ප්‍රධානියා වෙන්න” කියා ඇගේ පන්තියට උගන්වා තිබුණා. එය ඔවුන් තම සිතුවිලි පාලනය කළ යුතු බවත්, එමගින් ඔවුන් කරන දේ පාලනය කළ හැකි බවත් ඇගේ කුඩා සිසුන්ට මතක්කරදීමක්. මම වැදගත්කම අඩු දේවල් දෙසට පාවෙන බව දැනුණාම “මගේ මොළයේ ප්‍රධානියා වෙන්න” කියා මම මටම මතක්කරනවා.

පසුකාලීනව පසුතැවිලි වීමට ගණනය කළ සැලැස්මක් ඇතිව ආඥාවන් නොසලකා හැරීම සභාවේ සමහර යෞවනයන් අතර ජනප්‍රිය වී ඇති බව උසස් පාසැල් සිසුවෙක් මෑතකදී මට පැවසුවා. “එය එක්තරා ආකාරයක ගෞරවනීය ලාංඡනයක්,” කියා මට කිව්වා. නිහතමානීව “සැබෑ චේතනාවෙන්”6 පසුතැවිලි වන අයට ස්වාමින්වහන්සේ දිගටම සමාව දෙන බව නිසැකයි. නමුත් ගැලවුම්කරුවාණන්ගේ දයානුකම්පිත වන්දිගෙවීම කිසිවිටෙක එවැනි සමච්චල් කරන ආකාරයකින් භාවිතා නොකළ යුතුයි. නැතිවූ බැටළුවාගේ උපමාව අපි දන්නවා. ඇත්තවශයෙන්ම, අයාලේ ගිය බැටළුවා සොයන්නට එඬේරෙක් අනික් බැටළුවන් 99 දෙනා හැරයයි. නමුත් ඒ 99 වීමට තෝරාගන්නා අය යහපත් එඬේරාණන්ට ගෙනෙන ප්‍රීතිය ඔබට සිතාගන්න පුළුවන්ද? එකට ඇලී සිටින සහ එකිනෙකාට තම ගිවිසුම් අනුව ජීවත් වීමට උදව් කරන අය ගැන? කීකරු වීම ජනප්‍රිය දෙය නම් ලෝකය හෝ ඔබේ පාසල හෝ ඔබේ රැකියාව හෝ ඔබේ නිවස කෙබඳු වේදැයි ඔබට සිතින් මවාගන්න පුළුවන්ද? ඒ ජීවිතය පරිපූර්ණ ලෙස කිරීම ගැන නොවේ—එය අප ස්වාමින්වහන්සේ සමඟ ඇතිකරගත් ගිවිසුම් අනුව ජීවත් වීමට අපගේ උපරිමය කරමින් ප්‍රීතිය සොයාගැනීම ගැනයි.

ලෝකය දෙවියන්වහන්සේ ගැන වැඩි සැකයන් ප්‍රකාශ කිරීමත්, ව්‍යාකූලත්වය සහ පීඩනය වැඩි වීමත් සමඟ, අපි අනාගතවක්තෘවරයාට සමීප විය යුතුම කාලය මෙයයි. ස්වාමින්වහන්සේගේ කටහඬ ලෙස, ඔහු අපෙන් ඉල්ලා සිටින, උපදෙස් දෙන, සහ ආයාචනා කරන දේ වඩාත් වැදගත් දේවල් බව අපට විශ්වාස කරන්න පුළුවන්.

එය පහසු නොවිය හැකි වුවද, සෑමවිටම නිවැරදි දේ කිරීමට ක්‍රමයක් තිබෙනවා. පාසැලේදී මිතුරන් පිරිසක් සමඟ කතා කරමින් සිටියදී, එම සංවාදය සභාවේ ප්‍රමිතීන් විවේචනය කිරීම දෙසට හැරුණු විට තරුණියකට ඇයගේ හදවත කඩා වැටෙනවා මෙන් දැනුණා. ඇයට නිශ්ශබ්දව සිටිය නොහැකි බවත්—ඇය යමක් කළ යුතු බවත් ඇයට වැටහුණා. ගෞරවාන්විතව, ඇය ස්වර්ගීය පියාණන්ගේ ප්‍රේමය ගැනත්, උන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කිරීමට සහ ඔවුන්ව ආරක්ෂා කිරීමට උන්වහන්සේ ලබාදී ඇති ආඥාවන් ගැනත් කතා කළා. ඇයට කිසිවක් නොකර සිටීම වඩාත් පහසු වෙන්නට තිබුණා. නමුත් වඩාත්ම වැදගත් වූයේ කුමක්ද? ඒ පිරිස සමඟ ගැලපෙන එකද? නැතිනම් “සෑමවිටම සෑම දෙයෙහිම සහ සෑම ස්ථානයකම දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස නැගී සිටීමද”?7

නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව අපැහැදිලි භාවයෙන් පිටතට පැමිණීමට නම්, අපිත් එම අපැහැදිලි බවින් පිටතට පැමිණිය යුතුයි. ගිවිසුම් රකින කාන්තාවන් වශයෙන්, අපි ඉදිරියට පැමිණීමෙන් සහ නැගී සිටීමෙන් අපගේ ශුභාරංචි ආලෝකය ලොව පුරා බැබළවිය යුතුයි. අපි මෙය දෙවියන්වහන්සේගේ දියණියන් ලෙස—වයස අවුරුදු 11 සහ ඉන් ඔබ්බට, එක හා සමානවම වැඩ කරන කාන්තාවන් මිලියන 8.2 ක බලවේගයක් ලෙස එකට එකතු වී කරමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත් වීමට උත්සාහ කරමින්, අවශ්‍යතා ඇති අයව රැකබලා ගනිමින්, ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කරමින්, සහ සදාකාලිකව පවුල් එක්සත් කරමින්; අපි ගැලවීමේ සහ උත්කර්ෂයේ කාර්යයට සහභාගී වන විට අපි ඊශ්‍රායෙලය එක්රැස් කරමින් සිටිමු.8 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ක්‍රියාවේ ශුභාරංචිය සහ ප්‍රීතියේ ශුභාරංචියයි! වඩාත්ම වැදගත් දේ කිරීමට අපට ඇති හැකියාව අපි අවතක්සේරු නොකරමු. අපගේ දිව්‍යමය උරුමය අපට ධෛර්යය සහ විශ්වාසය ලබාදෙන්නේ, අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ අපට විය හැකි බව දන්නා සියල්ල කිරීමට සහ වීමටයි.

මෙම වසරේ යෞවන තේමාව හිතෝපදේශ 3:5–6:

“ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න.

“ඔබේ සියලු මාර්ග වලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලා කරනවා ඇත.”

ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමේ ප්‍රධාන අංගයක් වන්නේ, අපට සියලු පිළිතුරු නොමැති විට පවා උන්වහන්සේ අපට මගපෙන්වනු ඇතැයි විශ්වාස කරමින් ඉදිරියට යාමයි.

සහෝදරියනි, එය අයිස්ක්‍රීම් ගැන නොවේ. ඒ වගේම එය වැඩිපුර කිරීම ගැන නොවේ. එය වැදගත් දේ කිරීම ගැනයි. එය ක්‍රිස්තුස්වහන්සේගේ දහම අපගේ ජීවිත වලට අදාළ කරගනිමින්, අප උන්වහන්සේ මෙන් වීමට වෑයම් කිරීම ගැනයි.

ගිවිසුම් මාර්ගයෙහි ස්ථිරව සිටීමට අප වැඩි වැඩියෙන් ක්‍රියාකරන තරමට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ ඇදහිල්ල වර්ධනය වෙනවා. අපගේ ඇදහිල්ල වර්ධනය වන තරමට, අපි පසුතැවිලි වීමට වැඩි කැමැත්තක් දක්වනවා. අප පසුතැවිලි වන තරමට, දෙවියන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම් සබඳතාව තව තවත් ශක්තිමත් කරගන්නවා. එම ගිවිසුම් සම්බන්ධතාවය අපව දේවමාළිගාවට ලං කරනවා, මොකද අප අවසානය දක්වා විඳදරාගන්නා ආකාරය තමයි දේවමාළිගාවේ ගිවිසුම් පැවැත්වීම කියන්නේ.

අපි අපේ ජීවිත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත කේන්ද්‍රගත කරන විට, වඩාත්ම වැදගත් දේ කිරීමට අපට මගපෙන්වීම ලැබෙනවා. ඒවගේම අපි ආත්මික ශක්තිය, තෘප්තිය සමඟ, සහ ප්‍රීතිය සමඟ ආශිර්වාද ලබනවා! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.