2010–2019
පියාණන්වවහන්සේ දුන් නාමය සියලු දෙනාම ලබාගත යුතුයි
ඔක්තෝම්බර් 2018


පියාණන්වහන්සේ දුන් නාමය සියලු දෙනාම ලබාගත යුතුයි

ස්වාමින්වහන්සේගේ නාමයට ඒකිත්වයක් සහ අත්‍යවශ්‍ය බලයක් තියෙනව. එම නාමයෙන් පමණයි ගැලවීමට පුළුවන් වන්නේ.

සති කිහිපයකට පෙර, අට හැවිරිදි දරුවන් කිහිපදෙනෙකුගේ බෞතීස්ම මෙහෙයකට මම සහභාගී වුණෙමි. ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචිය ඉගෙනීම ආරම්භ කළේ ඔවුන්ගේ දෙමාපියන් හා ගුරුවරුන්ගෙනි. උන්වහන්සේ තුල ඔවුන්ගේ ඇදහිල්ලේ බීජය වර්ධනය වීම ආරම්භ වී ඇත. දැන් ඔවුන්ට උන්වහන්සේව අනුගමනය කිරිමට වතුර බෞතීස්මය ලැබ උන්වහන්සේගේ නැවත පිහිටු වු සභාවේ සාමාජිකයන් වීමට අවශ්‍යව ඇත. ඔවුන්ගේ අපේක්ෂාව දෙස බලා සිටින විට, ඔවුන්ගේ බෞතීස්ම ගිවිසුමේ එක් වැදගත් අංගයක් ඔවුන්ට කෙතරම් වැටහුණා ද යන්න මම කල්පනා කළෙමි: ඔවුන් තුලට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ගැනීමට ඇති කැපවීම පිළිබදව.

ආරම්භයේ සිටම, අප සදහා උන්වහන්සේගේ සැලැස්මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ ප්‍රකටත්වය දෙවියන් වහන්සේ නැවත නැවත ප්‍රකාශ කර ඇති සේක. දේව දූතයෙක් අපේ පළමු පියා වන, ආදම්ට උගන්වා ඇත: “නුඹ කරන සියල්ල නුඹ ඉටු කරනුයේ පුත්‍රයාණන් වහන්සේගේ නාමයෙනි, තවද නුඹ පසුතැවී සදාකාලිකව පුත්‍රයාණන් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට අමතන්නහි”1

මෝර්මොන්ගේ ග්‍රන්ථයේ අනාගතවක්තෘ බෙන්ජමින් රජු ඔහුගේ ජනයාට ඉගැන්වූවේය, “මනුෂ්‍ය දරුවන්ට ගැලවීම පැමිණිය හැකි වන වෙනත් මාර්ගයක් හෝ ක්‍රමයක් ලබා දී නොමැත්තේය.”2

උන්වහන්සේගේ අනාගතවක්තෘ ජෝසප් ස්මිත් හරහා ස්වාමීන් වහන්සේ මේ සත්‍ය නැවත ප්‍රකාශ කල සේක: “බලන්න, යේසුස් ක්‍රිස්තුස් යන්න පියාණන් වහන්සේගෙන් දුන් නාමයයි. තවද මනුෂ්‍යයා ගැලවිය හැකි වෙනත් කිසිදු නාමයක් නැත.”3

අපගේ දවස්වල, සභාපති ඩිලින් එච්. ඕක්ස් පැවසුවා “යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ නාමය තුල ඇදහිල්ල ක්‍රියා කරවන අය... උන්වහන්සේ හා පොරොන්දුවකට ඇතුලත් වී... යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවිට හිමිකම් කියන්නේය.”4

අපේ දෙවිපියාණන් වහන්සේට උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය, යේසුස් ක්‍රිස්තුස්, නාම රාශියක් අතරින් එකක් නොවන බවට නිසැකවම පැහැදිලි කිරීමට අවශ්‍යවන සේක. ගැලවුම්කරුවාණන්ගේ නාමය අනන්‍යය හා අත්‍යවශ්‍ය බලයක් දරයි. ගැලවීමට හැකි කරවන එකම නාමය එයයි. සෑම කාල වකවානුවකදී එම සත්‍යය විශේෂ කොට දැක්වීමෙන්, අපේ දයාබර පියාණන් වහන්සේ කරා නැවත පැමිණෙන මාර්ගයක් ඇති බවට උන්වහන්සේගේ දරුවන් සියලු දෙනාට ස්ථීර කරන සේක. නමුත් ස්ථීර මාර්ගයක් පැවතීමෙන් අපේ ආපසු යාම තහවුරු වී ඇති බව අඳහස් නොවේ. අපි ක්‍රියා කිරිම අවශ්‍ය වෙන බව දෙවියන්වහන්සේ පවසනවා. “තවද, සෑම පුරුෂයකු [හා කාන්තාවක්ම] පියාණන් වහන්සේගෙන් දෙන ලද නාමය ඔවුන්මතගතයුතුයි.”5

මුදවාගැනීමේ බලය තුලට යා හැක්කේ ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පමනි, “දෙවියන් වහන්සේ ඉදිරියේ අපි නිහතමානී විය යුතුය... සහ බිදුනු හදවත් තැළුණු ආත්මයක් සමඟ ඉදිරියට පැමිණ... සහයේසුස් වහන්සේගේ නාමය අප මතට ගැනීමට කැමැත්ත ඇතිව”සහ සුදුසුකමින්, හරියට මාගේ පුංචි අට හැවිරිදි මිතුරන් මෙන් “බෞතීස්මය හරහා උන්වහන්සේගේ සභාවට පිලිගනු ලබයි.”6

අවංකව ගැලවුම්කරුවාණන්ගේ නාමය ඔවුන් තුලට ගැනීමට කැමති සියලුදෙනා අනිවාර්යෙන්ම සුදුසු විය යුතුයි බෞතිස්මයේ වත්පිලිවෙත් ලැබිමට හා භෞතිකව දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් වීමට ඔවුන්ගේ තීරණවල.7. නමුත් බෞතීස්මය ආරම්භයක් පමණි.

ගන්නයනු අක්‍රිය වචනයක් නොවේ. එය අර්ථ බොහෝමයක් ඇති ක්‍රියා පදයකි.8ඒ විදිහට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය අප තුලට ගැනීමේ අපේ කැපවීමට ක්‍රියාවන් අවශ්‍යවන අතර එයට පැතිකඩ බොහෝමයක් ඇත.

උදාහරණයකට, ගන්නයන වචනයේ එක් අර්ථයක් නම් අනුභව කිරීම හෝ ශරීරය තුලට යමක් ගැනීමයි,හරියට යමක් පානයකරනවවගේ. ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගැනීමෙන්, උන්වහන්සේගේ ඉගැන්වීම්, උන්වහන්සේගේ ගුණාංග, සහ අවසානයේදී උන්වහන්සේගේ ප්‍රේමය, අපගේ කොටසක් වන ලෙසට අප පැවැත්ම තුලට ගැඹුරු ලෙස අන්තර්ගත කිරීමට අපි කැප වෙමු. “තරුණ වැඩිහිටියන් කරා සභපති රසල් එම්. නෙල්සන්ගේ ආරාධනාවේ වැදගත්කම නම් “යාඥාශීලීව හා උනන්දුවෙන් [ගැලවුම්කරුවාණන් වහන්සේගේ] විවිධ තනතුරු හා නාමයන් [ඔවුන්]” සදහා පෞද්ගලිකවකුමන අර්ථයක් ඇද්දැයි [සොයා] තේරුම් ගැනීමට]9එයින් ශුද්ධ ලියවිලි තුල ක්‍රිස්තුස් වහන්සේගේ වචනයන්, විශේෂයෙන්ම මෝර්මොන්ගේ ග්‍රන්ථය, මත යැපීම ගැන අපේ අනාගතවක්තෘගේ බලවත් ඉගැන්වීම්වලට ඇතුලාන්ත දැක්වීම හා ගැඹුරක් ලබා දෙයි.10

ගන්නයන වචනයේ දෙවන තේරුමක් නම් යම් පුද්ගලයෙකු කිසියම් කාර්යභාරයක පිළිගැනීම හෝ අදහසක හෝ ප්‍රතිපත්තියක සත්‍ය බව වැළඳ ගැනීමයි. අප ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගන්නා විට, උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් ලෙසත් සහ අපගේ ජීවිත සඳහා මාර්ගෝපදේශයක් ලෙස උන්වහන්ගේ ඉගැන්වීම් අපි වැලඳ ගනිමු. අපිගන්නාසෑම අර්ථාත්මික තීරණයක්ම, උන්වහන්සේගේ ශූභාරංචිය සත්‍යබව සළකා අපගේ මුළු හඳවතින්ම, ශක්තියෙන්ම, මනසින්ම, හා බලයෙන්ම එයට කීකරුව ජිවත් වෙමු.

අවසානයෙන්,ගන්නයන වචනයෙන් නාමයක් හෝ සමඟ තමාව හේතුවෙන් පෙළගැස්වීම අර්ථ දැක්විය හැක. අප බොහෝ දෙනාට රැකියාවේ දී වගකීමක්ගැනීම හෝ හේතුවක් හෝ වෙනසක් ගැනීමගැන අත්දැකීම් ඇත. අපි අප මතට ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ගන්නා විට, අපි අප මතට සැබෑ අනුගාමිකයකුගේ වගකීම් ගනිමු. අපි [උන්වහන්සේගේ] හේතුව වෙනුවෙන් හඬ නගමු. එමෙන්ම අපි “සියලු කාලයන්හිද, සියලු දේවල් තුලෙහි ද, තවද [අපි] සිටින්නාවු සියලු ස්ථානයන්හි.11.... දෙවියන්වහන්සේට සාක්ෂියක්ව නැගී සිටිමු” සභාපති නෙල්සන් “වයස 12 ත් 18ත් අතර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සිටිනසෑමතරුණ කාන්තාවකටම හා සෑමතරුණ පුරුෂයකුටම ඊශ්‍රායලය එක්රැස් කිරීමට ස්වාමීන් වහන්සේගේ තරුණ බලකායට බැඳීම”ට කැඳවා ඇත.12 එසේම ගැලවුම්කරුවාණන් වහන්සේම හෙළි කළ උන්වහන්සේගේ නැවත ස්ථාපිත කළ සභාවේ නාමය ප්‍රකාශ කිරීමේ දිවැසිවරමය කැඳවීම ගැනීමට අපි සැවොම කෘතඥ වෙමු: ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පසු දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව.13

ගැලවුම්කරුවාණන් වහන්සේගේ නාමය අප මතට ගැනීමේ ක්‍රියාවලියේදී ක්‍රිස්තුස් වහන්සේගේ කාරණාව හා උන්වහන්සේගේ සභාව එකම සහ සමාන බව අපි දනිමු. ඒවා වෙන් කළ නොහැක. ඒ හා සමානව, ගැලවුම්කරුවාණන් වහන්සේ වෙත අපේ පුද්ගලික අනුගාමීකත්වය හා උන්වහන්සේගේ සභාවේ ක්‍රියාකාරී සමාජිකත්වය ද වෙන් කළ නොහැක. එකක් සඳහා අපේ කැපවීමේ අපි පසුබට වුවහොත්, එනෙක සඳහා අපේ කැපවීම අනිවාර්යයෙන් අඩුවේ. රාත්‍රීය දිවා කාලයට පසුව එනවා මෙන් ස්ථිරයි.

සමහරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ගැනිමට කාරුණාවට එක් වීමට අකමැති වන්නේ එය අතවශ්‍ය ලෙස පටු, සීමා කරවන හා හිර කරවන දෙයක් බව ඔවුන් සලකන බැවිනි. සැබැවින්ම, ක්‍රිස්තුස් වහන්සේගේ නාමය අප මතට ගැනීමෙන් නිදහස් වන අතර විශාල වෙයි. ගැලවුම්කරුවාණන් තුළ වූ ඇඳහිල්ලෙන් අප දෙවියන්වහන්සේගේ සැලැස්ම පිළිගත් විට ඇති වූ කැමැත්ත අවදි කරයි. එම කැමැත්ත අප හඳවත් තුළ ජීවයෙන් සිටීමත් සමඟ, අපට අපේ දිව්‍යමය ත්‍යාග හා හැකියාවල සැබෑ අරමුණ සොයා ගැනීමට, උන්වහන්සේගේ බලවත් කරවන ප්‍රේමය අත් විඳීමට, හා අනුන්ගේ සැප දුක කෙරෙහි අපේ සැලකිල්ල වර්ධනය වීමට හැකි වේවි. අපි ගැලවුම්කරුවාණන් වහන්සේගේ නාමය අප මතට ගන්නා විට, අපි සැබවින්ම සියලු යහපත් දේ ග්‍රහණය කර උන්වහන්සේ මෙන් වන්නෙමු.14

ගැලවුම්කරුවාණන් වහන්සේගේ නාමය අප මතට ගැනීම ගිවිසුම් කළ කැපවීමක් බව මතක තබා ගැනීම වැදගත්ය. එය අප භෞතීස්මයේ දී කරන ගිවිසුමෙන් ඇරඹෙයි. සභාපති නෙල්සන් ඉගැන්නුයේය, “උන්වහන්සේ සමඟ ගිවිසුම් සෑදීමෙන් ගැලවුම්කරුවාණන් වහන්සේව අනුගමනය කිරීමේ [අපේ] කැපවීමෙන් හා ඉන්පසු එම ගිවිසුම් තැබීමෙන් ලබා ගත හැකි වූ සියලු ආත්මික ආශිර්වාදයකට හා වරප්‍රසාදයකට දොර විවෘත කරාවි.” 15 භෞතීස්මය තුළින් ගැලවුම්කරුවාණන් වහන්සේගේ නාමය අප මතට ගැනීමේ එක් දිව්‍යමය වරප්‍රසාදයක් නම් ඉන් ගිවිසුම් කළ මාර්ගයේ ඊළඟ නියෝගය, අපේ තහවුරු කිරීම, කරා ප්‍රවේශයයි. මම එක් තරුණ ගැහැණු ළමයෙකුගෙන් ඇසු විට ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ගැනීමෙන් ඇයට අදහස වන්නේ කුමක් ද කියා ඇය සරලව පිළිතුරු දුන්නාය, “ඒ කියන්න මට ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබෙනවා.” ඇය නිවරදියි.

ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ ත්‍යාගය ලැබෙන්නේ භෞතීස්මයේ නියෝගය මඟින් අප ශුද්ධ වූ පසු තහවුරු කිරීම තුළිනි. මේ ත්‍යාගය නම් නිත්‍ය සහකරුවෙකු වශයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේම තබා ගැනීමට අයිතිය හා ඒ අවස්ථාවයි. අප උන්වහන්සේගේ නිසල සිහින් හඬට සවන් දෙන්නේ නම්, උන්වහන්සේ අප භෞතීස්මයේදී ඇතුළු වූ ගිවිසුම් කළ මාර්ගයේ අපව තබා ගන්නා සේක, ඉන් ඉවත්ව යාමට අපව පොළඹවන විට අපට අනතුරු අඟවන සේක, සහ අවශ්‍ය වන ලෙස පසුතැවී ආපසු හැරීමට අපව උනන්දු කරවන සේක. භෞතීස්මයෙන් පසු අපේ අරමුණ නම් ගිවිසුම් කළ මාර්ගය ඔස්සේ ඉදිරියට වර්ධනය වීමට හැකි වීමට ශුද්ධාත්මයාණන් වහන්සේව සෑම විටම අප සමඟ තබා ගැනීමටයි. ශුද්ධාත්මයාණන් වහන්සේට අප සමඟ සිටින හැක්කේ අපි අපේ ජීවිතයේ කෙතරම් පවිත්‍රව හා පවින් තොරව තබා ගන්නේද යන්න අනුවයි.

මේ හේතුව නිසා, ස්වාමීන් වහන්සේ තවත් මාර්ගයක් අපට සපයා දි තිබෙනවා අපගේ බෞතිස්මයේ ලද ප්‍රතිථලය අඛණ්ඩව අලුත් කර ගෙන පිරිසිදු විමට තවත් වත්පිවෙතක් මාර්ගයෙන්—එය තමා සක්‍රමේන්තුව. සෑම සතියකම අපිට පුළුවන් “සාක්ෂියක් වෙන්න...ඒක තමා [අපි] කැමත්තෙන්ම පුත්‍රයාණන්වහන්සේගේ නාමය [අප] තුලට ගැනිමට 16 නැවතත් අපේ ස්වාමීන්වහන්සේගේ මාංසය සහ රුධිරය සංකේතවත් කර—පාන් සහ වතුර— අපගේ දෑත් දිගු කර අතට ගැනීමෙන්සහ අපගේම ආත්මය තුලට එය ගැනීමෙන්. අනිත් අතින්, තවමත් ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ පිරිසිදු කිරිමේ කාර්යය නැවත කරනවා සහ ශුද්ධාත්මායාණන්වහන්සේගේ බලපෑම අඛණ්ඩව ලබාගැනිමට අපව සුදුසු කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පමණක් දැකිය හැකි අසීමිත දයාව පිළිබඳ සාක්ෂිය මෙය නොවේද? අපි උන්වහන්සේගේ නාමය අපතුලට ගන්නා සේම, උන්වහන්සේ අපගේ පව් සහ දුක් උන්වහන්සේතුලට ගන්නා සේක, සහ තවමත් උන්වහන්සේගේ “ දයාවේ දෑත් දිගුකර ඇත” 17උන්වහන්සේගේ ආදරයේ දෑතට අපව එකතු කර ගැනීමට.18

සක්‍රමේන්තුව යනු සෑම සතියකම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය අප තුලටගැනීමටසතිපතා මතක් කිරිමට ඇති ජීවමාන අඛණ්ඩ කැපවීමක්, එය බෞතීස්ම වූ දින පමණක් සිදු වන දෙයක් නොව.19 අපට නොනවත්වා හා නැවත නැවත ප්‍රීති විය හැකිය “ඒ ශුද්ධ වූ දිව්‍යමය පරිත්‍යාගය, මනුෂ්‍යයා අඩුවෙන් වටහාගෙන ඇත්තා වූ, අපගේ පව් කමා කරවා හා උන්වහන්සේගේ මාංශය හා රුධිරය අනුමෝදන් කිරීමට. 20” ඔවුන් මතට ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ගැනීමෙන් ලැබිය හැකි බලවත්, ආත්මික ආශිර්වාද වටහාගෙන ඇති විට දෙවියන් වහන්සේගේ දරුවන්ට, සැමවිටම ප්‍රීතිය හැඟීම හා ඔවුන්ගේ දෙවියන් සමඟ ගිවිසුමකට ඇතුළු වීම ඔවුන්ගේ ආශාව වීම පුදුමයක් නොව.21

අප මේ දිව්‍යමය නිර්මාණය ඇති ගිවිසුම් කළ මාර්ගය ඔස්සේ යන විට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය අප මතට ගැනීමේ අපේ කැපවීම හා උත්සාහය අපට ශක්තිය ලබා දේවි “[උන්වහන්සේගේ] නාමය සැමදා [අප]හදවත් තුළ ලියා තබා ගැනීමට.”22අපි දෙවියන් වහන්සේට හා අපේ අසල්වාසීන්ට ප්‍රේම කරන අතර ඔවුන්ට මෙහෙ කිරීමට ආශාවක් හැඟෙන්නේමු. අපි උන්වහන්සේගේ අණ පනත් රකින්නෙමු. අපි ඇදහිලිවන්තව ඉවසන විට, අපේ ස්වාභාවය හා චරිතය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී අපි තව තවත් උන්වහන්සේ මෙන් වන්නෙමු. අපේ ආශාවන් මත ක්‍රියා කිරීමට අපි දුර්වලව හා අසමත්ව සිටින විට, උන්වහන්සේගේ නාමය තුළින් පමණක් ලැබෙන ශක්තිය සඳහා අපි බැගෑපත්ව ඉල්ලන්නෙමු. එවිට උන්වහන්සේ අපගේ උපකාරයට පැමිණෙන්නා වූ සේක. එමෙන්ම අනාගත දිනක දී අපි උන්වහන්සේව දැක, උන්වහන්සේ සමඟ සිටින්නෙමු. එවිට අපි දැන ගනීවි අපි උන්වහන්සේ මෙන් වී ඇති බව, හා එමඟින් පියාණන් වහන්සේ වෙත නැවත යාමට සුදුසුකම් ලබා ඇත්තෙමු.

මන්ද ගැලවුම්කරුවාණන් වහන්සේගේ පොරොන්දුව ස්ථිරය: “යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය මත විශ්වාසය කරන, සහ උන්වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේට වන්දනා කරන, සහ උන්වහන්සේගේ නාමය මත ඇඳහිල්ලෙන් අවසානය තුරු විඳ දරාගන්න.”23පුද්ගලයන් දෙවියන් වහන්සේගේ රාජධානිය තුළ බේරා ගනු ලබයි. ඔබ සමඟ, අමරණීයත්වය හා ඔසවා තැබීම පියාණන්වහන්සේ විසින් දී ඇති එක් නාමයක් හේතුවෙන් හැකි වී ඇති බව මම ප්‍රීතිමත් වෙමි. මම සාක්ෂි දරණ හා එම නාමයෙන් සාක්ෂි දරන්නේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙනි, ආමෙන්.

සටහන්

  1. මෝසෙස් 5:8.

  2. මොසායා 3:17.

  3. දහම සහ ගිවිසුම 18:23.

  4. ඩාලින් එච්. ඕක්ස්, “Taking upon Us the Name of Jesus Christ,” එන්සයින්, මැයි1985, 82.

  5. දහම සහ ගිවිසුම 18:24; අවධාරණය කර ඇත.

  6. දහම සහ ගිවිසුම 20:37; අවධාරණය කර ඇත.

  7. සභාපති ඩාලින් එච්. ඕක්ස් ඉගැන්නුවා: “අපි ස්වාමින්වහන්සේගේ නාමය අප තුලට ගැනිමේදි අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සමාජිකයින් වෙනවා. .... ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ විස්වාසවන්තයින් ලෙස, ක්‍රිස්තියානුවන් ලෙස, අපි සතුටින් සතුටින් උන්වහන්සේගේ නාමය අප තුලට ගන්නවා” (“ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප තුලට ගැනිම,” 80).

  8. The Merriam-Webster online dictionary lists 20 meanings of the transitive form of the verb take, which is the form in which the verb is used in the phrase “take upon us the name of Jesus Christ” (see merriam-webster.com/dictionary/take).

  9. Russell M. Nelson, “Prophets, Leadership, and Divine Law” (worldwide devotional for young adults, Jan. 8, 2017), broadcasts.lds.org.

  10. බලන්න රසල් එම්. නෙල්සන්, “මෝර්මන් ග්‍රන්ථය: එය නොමැතිව ඔබගේ ජීවිතය කුමක් වගේ වේවිද? ලියහෝනා, නොවැ. 2017, 60–63.

  11. මොසායා 18:9.

  12. රසල් එම්. නෙල්සන්, “Hope of Israel” (worldwide youth devotional, ජූන් 3, 2018), HopeofIsrael.lds.org.

  13. ස්වාමින්වහන්සේ ඥානය පිබිදුව උන්වහන්සේ විසින් එලිදරව් කල උන්වහන්සේගේ සභා නාමයේ වැදගත්කම ගැන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව. (රසල් එම්. නෙල්සන්, “සභාවේ නාමය” [නිල ප්‍රකාශය, අගෝ. 16, 2018], mormonnewsroom.org).

  14. බලන්න මොරෝනායි 7:19.

  15. රසල් එම්. නෙල්සන්, “As We Go Forward Together,” ලියහෝනා,අප්‍රේල්. 2018, 7.

  16. දහම සහ ගිවිසුම 20:77; අවධාරණය කර ඇත.

  17. 3 නෙපි 9:14; සහ ඇල්මා 5:33–34.

  18. බලන්න 2 නෙපි 1:15.

  19. “When we witness our willingness to take upon us the name of Jesus Christ, we are signifying our commitment to do all that we can to achieve eternal life in the kingdom of our Father. We are expressing our candidacy—our determination to strive for—exaltation in the celestial kingdom. …

    “… What we witness is not that we take upon us his name but that we are willing to do so. In this sense, our witness relates to some future event or status whose attainment is not self-assumed, but depends on the authority or initiative of the Savior himself” (Dallin H. Oaks, “Taking upon Us the Name of Jesus Christ,” 82, 83).

  20. “O God, the Eternal Father,” ගීතිකා, අංක. 175.

  21. බලන්න මොසායා 5; 6; 18; 3 නෙපි 19.

  22. මොසායා 5:12.

  23. දහම සහ ගිවිසුම 20:29.