2010–2019
ප්‍රතිසන්ධාන දේවසේවය
ඔක්තෝම්බර් 2018


දේවසේවය ප්‍රතිසන්ධානය

මේ ලෝකයෙහි සාමය ඇති කිරීමේ අමාරු කාර්යයේ දී උන්වහන්සේ සමඟ වැඩ කිරීමටත්, උන් වහන්සේගේ දයා‍වේ ක්‍රියාකරුවන් ‍වෙන ලෙසත් යේසුස් වහන්සේ අපෙන් ඉල්ලනව.

පසුගිය අප්‍රේල් මාසයේ, සභාපති රසල් එම්. නෙල්සන්, ‍ශ්‍රේෂ්ඨතම ආඥාව වන දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම හා එකිනෙකාට‍ ප්‍රේම කිරීමේ ආඥාව රැකිමට එක් මාර්ගයක් ලෙස දේවසේව සංකල්පය හඳුන්වා දෙන ලදි.1මේ සම්බන්ධව අපේ අනාගතවක්තෘවරයා අනුගමනය කිරිමට ඔබ ආරම්භ කළ ශ්‍රේෂ්ඨ කාර්යයන් දිගටම කරගෙන යමු, තව බොහෝ උපදෙස් සඳහා රැඳී නොසිටින්න. තටාකයට පැන අවශ්‍යතා ඇති අය සදහා ඉදිරියට පීන්න. පසුපස ආරෙට පීනනවද නැත්නම් සුනඛයකු වගේ පීනනවද කියා සිතමින් ක්‍රියා නොකර ඉන්න එපා. අපිට ඉගැන්නූ මූලික මූලධර්ම අනුගමනය කරනවා නම්, පූජකත්ව යතුරු සමග නොනවත්වා රැඳී සිටිනාවානම්, සහ අපට මඟ පෙන්වීම ලබා ගැනීම සඳහා ශුද්ධාත්මයාණන් වහන්සේව සොයනාවානම, අපට අසමත් විය නොහැක.

අද උදෑසන මම කතාකරන්න කැමතියි පැවරුමකින් තොරව, දින දර්ශනයේ හමුවකට දින වෙකරගැනීමකින් තොරව, ස්වර්ගයට මිස වාර්තා කිරීමට අවශ්‍ය නොවන, වඩා පෞද්ගලික ආකාරයෙන් දේවසේවය කිරිම ගැන. මට එය පිළිබදව එක සරල උදාහරණයක් බෙදාගන්න ඉඩ දෙන්න.

ග්‍රෑන්ට් මොරල් ‍බො‍වෙන් ඉතා වෙහෙස මහන්සි වුනා, කැපවූ සැමි‍යෙක් සහ පි‍යෙක්, ගොවිතැ‍නෙන් ජිවත් වූ බොහෝ අය මෙන්, අර්තාපල් බෝග වගාව පහත වැටුනු පසු ආර්ථිකයේ පසුබෑමකට මුහුනපෑවේය. ඔහු සහ ඔහුගේ බිරිඳ, ‍නොර්මා, වෙනත් රැකියාවක් වෙත ‍යොමු වුනා, ඔවුන් අවසානයේදී වෙනත් නගරයකට ගියා, ඔවුන්ගේ ආර්ථික පසුබෑම නැවත නැඟිටුවීමට කටයුතු කළා. කෙසේ වුවද, නරක අවාසනාවන්ත සිදුවීමක් හේතුවෙන්, සහෝදර ‍බො‍වෙන් දැඩි ලෙස වේදනාවට පත් වුනා, දේවමාළිගා සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු සම්පූර්ණව දස‍යෙන් කොටස ‍ගෙවන සාමාජිකයෙක්ද යන්න ඔහුගේ ප්‍රකාශනය පිළිබද සභානායකයා සැක පලකළා.

එම පුද්ගලයන් ‍දෙදෙනා‍ගෙන් එදින වඩාත් නිවැරදිව තොරතුරු තිබුනේ කා ලගද කියා මා දන්නේ නැත. නමුත් මම දන්නවා බොවෙන් සහෝදරිය ඇගේ සම්මුඛ පරීක්ෂණයෙන් එළියට පැමිණියේ ඇගේ දේව මාලිගාව අවසර පත්‍රය අලුත් කරගෙන, නමුත් සහෝදර බොවෙන් කෝපයකින් පිටව ගියේ ඔහුව අවුරුදු 15 ක් සභාවෙන් ඉවත් කර තබමින්.

දසයෙන් කොටස ගැන කවුරුන් හරි හෝ වැරදි වුනත්, මොරල් සහ බිෂොප්වරයා ගැලවුම්කරුවාගේ නියෝගය වන “ඔබේ විරුද්ධකාරයා සමග ඉක්මනින් එකඟ වියයුතුයි”2යන්නද පාවුළු තුමාගේ උපදේශයද වන “ඔබේ උදහසට හිරු උදා නොකරන්න”3යන්න අමතක කර ඇති බව පෙනෙන්නට තිබුනා. ඇත්තටම ඔවුන් එකඟ නොවූනිසාත් සහෝදර බොවන්ගේ කෝපය නිසාත් දින, පසුව සති, පසුව අවුරුදු ගණනාවකදී හිරු පහතට බැසගියේ,පුරාණ රෝමවරුන්ගේ ඉතාමත් ප්‍රඥාවන්ත කියමනක් වන “කෝප, නොවී නොසිටි‍‍යෙ නම්, එය නිතරම උසි ගසන ලද තුවාලවලට වඩා බොහෝ සෙයින් [විනාශකාරීය].”4යන කියමන සතයක් කරමිනි. එහෙත් සංහිඳියාව පිළිබඳ ආශ්චර්ය අපට සැම විටම ලබා ගත හැකිය,ඒ වගේම ඔහුගේ පවුලට සහ සභාවට ඇති ආදරය නිසා ඔහු අවංක වීමට දැනගෙන සිටියා. මොරෙල් බොවෙන් සභාවේ ක්‍රියාකාරකම් සදහ නැවත පැමිණියා. එය සිදුවූයේ කෙසේදැයි කෙටියෙන් කියන්නම්.

සහෝදර බොවෙන්ගේ පුත් බැරැඩ් අපේ හොඳ මිතුරෙක් වගේම දකුණු අයිඩහෝහි සේවය කරන කැපවුනු ප්‍රදේශිය හැත්තෑවරයෙකි. එම සිද්ධිය වූ කාලයේදි බැරැඩ්ට වයස අවුරුදු 11 යි. අවුරුදු 15 ක් තිස්සේ ඔහු දැක්කා පියාගේ ආගමික කැපවීමට ඇති පිරිහීම,සහ කෝපයෙන් හා වැරදි වැටහීම්වලින් වැපුරූ දරුණු අස්වැන්න නෙළීමේ සාක්ෂියක්ද වුනා. යමක් කල යුතුව තිබුණා. එබැවින්, 1977 දී ස්තුති පිදීමේ නිවාඩුව එළඹුණ විට, බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ 26 හැවිරිදි ශිෂ්‍යයෙක් වන බැරැඩ්; ඔහුගේ බිරිද, වැ‍ලෙරි; සහ කුඩා පුත්, මයික්, මෝටර් රථයකට නැගී නරක කාලගුණයත් සමග කෙසේ හෝ, බිල්ලිග්ස්, මොන්ටානා බලා රිය දාවනය කළා. වෙස්ට් යෙලෝස්ටන් අසල හිමකන්දක ඇදහැලීම පවා මේ තුන්දෙනා දේව සේවය කිරිම සදහා සහෝදර බොවෙන් (වැඩිහිටි) හමුවීමට යාම වලක්වන්න බැරිවුනා .

පැමිණි විට, බැරැඩ් සහ ඔහුගේ සොහොයුරිය වන පෑම් තම පියා සමඟ පුද්ගලිකව කතාකිරීමට මොහොතක් ඉල්ලා සිටියා. “ඔයා හොද තාත්තා කෙනෙක් වුනා,” බැරැඩ් යම් හැගීමක් සමඟ පටන් ගත්තා, “සහ අප සැමවිටම ඔබ අපට කොපමණ ආදරය කරනවාද කියා දැන සිටියා. නමුත් යමක් වැරදියි, සහ එය දිගු කාලයක් තිස්සේ පවතිනව. ඒ ඔබ වරක් වේදනාවට පත් වු නිසා, මේ මුළු පවුලම අවුරුදු ගණනාවක් වේදනාවෙන් ඉන්නව. අපි බෙදිලා, සහ අපව එකතුකළ හැකි එකම තැනැත්තා ඔබයි. කරුණාකරල, මේ සියලු කාලයට පසු, ඔබ බිෂොප්වරයා සමඟ සිදුවූ එම අවාසනාවන්ත සිදුවීම ඔබගේ හදවතින් සොයාගෙන අහක් කරගෙන, නැවත වරක් මෙම පවුල සුභආරංචිය තුළට ගෙන ඒමට ඔබට හැකිද, ඔබ වරක් කළා මෙන්?”

දරුණු නිශ්ශබ්දතාවක් විය. ඉන්පසු සහෝදර බෝවෙන් මේ දෙදෙනා දෙස බැලූවා, ඔවුන් ඔහුගේ ඇටකටුවේ ඇටකටුයි හා ඔහුගේ මාංසයේ මාංසයයි,5ඔහු ඉතා නිහඬව කීවේ, “ඔව්. ඔව් මම කරන්නම්.”

සතුටින් නමුත් බලාපොරොත්තු නොවූ පිළිතුරක් නිසා පුදුම වී, බැරැඩ් බොවන් සහ ඔහුගේ පවුලේ අය ඔවුන්ගේ ස්වාමිපුරුෂයා හා පියා වර්තමාන බිෂොප්වරයා වෙත ගොස් ප්‍රතිසන්ධානය වු ආත්මයත් සමග ඔහුගේ ජීවිතයේ හරි දේ කිරීම දෙස බලා සිටියා. මෙම නිර්භීත නමුත් සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත බැහැදැකිමට පූර්ණ ප්‍රතිචාරයක් වශයෙන්, සහෝදර බොවෙන්ට නැවත පැමිණෙන ලෙස නැවත නැවත ආරාධනා කර තිබුණු, එම බිෂොප්වරයා, මොරෙල්ව ඔහුගේ අත දිගු කොට වැලඳ ගත්තේය, එය දිගු වැලඳ ගැනීමක් වුනා.

මෙම කාරණයෙන් සති කිහිපයක් පසු—සහෝදර බොවෙන් නැවතත් සම්පූර්ණයෙන්ම සභාවේ ක්‍රියාකාරකම්වල නිරත වූ අතර දේවමාළිගාවට නැවත යාමට ඔහුව සූදානම් කරගත්තා. ඉතා ඉක්මනින් ඔහු කැදවීමක් භාරගත්තා අරගලවලට මුහුණ දි ඇති සමාජිකයින් 25 දෙනෙකුගෙන් යුත් කුඩා ශාඛාවක සභාපති වු ඔහු පසුව එය 100 කට වඩා වැඩි සාමාජික සංඛාවක් සිටින දියුණු සභාවක් බවටත් පත් කලා. මේ සියල්ල සිදු වූයේ මීට සියවස් භාගයකට පමණ පෙරය, නමුත් තමාගෙ පියාට පුතෙකුගේ සහ දියණියගේ දේව සේවයේ ආයාචනාව සහ සමාව දීමට සහ අන් අයගේ අසම්පූර්ණකම් නොසලකා ඉදිරියට යාමට එම පියාගේ තිබු කැමැත්ත නිසා, බොවෙන් පවුල වෙත— තවමත් —ආශීර්වාද පැමිණෙනව සහ සදහටම ආශීර්වාද පැමිණේවි.

සහෝදර සහෝදරියනි, යේසුස්වහන්සේ අපිට කිව්වා “ප්‍රේමයෙන් එකට ජීවත්වෙන්න”6“ඔබ අතර මතභේද නෙමැතිව.”7“තර්ක විතර්ක ආත්මයක් ඇති තැනැත්තා මාගේ නොවේ, “උන්වහන්සේ නෙපිවරුන්ට අනතුරු ඇඟවූවා.8ඇත්ත වශයෙන්ම, බොහෝ දුරකට, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපේ ඇති සම්බන්ධතාවය තීරණය වන්නේ - නැතිනම් අවමවශයෙන් බලපාන්නේ-අපි එකිනෙකා කෙරෙහි ඇති සම්බන්ධතාවය මතයි.

“ඔබ ... මා වෙත පැමිණීමට අදහස් කරනනේ නම්” උන්වහන්සේ කියන සේක, “නුඹේ සහෝදරයා නුඹට විරුද්ධ ව ඇති බව මතක තබාගන්න—

“ඔබේ සහෝදරයා වෙත යන්න, සහපලමුව [ඔහුව] එකග කරවා ගන්න ඉන්පසු මුළු හදවතින්ම මා වෙතට පැමිණෙන්න මම ඔබව පිළිගන්නෙමි.”9

ඇත්තටම අපි හැමෝටම පෙන්නන්න පුළුවන් අවසානයක් නොමැති පරණ කැළල් එකතුවක් දුක සහ වේදනාකාරී මතකයන් ඒක මේ මොහොතේ පවා කෙනෙකුගේ හදවත හෝ පවුල හෝ අසල්වැසියන්ගේ සාමය විනාශ කරනව ඇත. අපි ඒ වේදනාව ඇති කළා නම් හෝ නැතනම් එය ඇතිකිරීමට හේතු සාධකයක් වුනා නම්, එම තුවාල සුව කළ යුතුයි, එවිට ජීවිතය සම්පූර්ණ විය හැකිය දෙවියන් වහන්සේ එය අපේක්ෂා කළ පරිදි. හරියට ශීතකරණයේ ඇති ආහාර ඔබේ මුනුබුරු මිණිබිරියන් ඔබ වෙනුවෙන් පරිස්සමෙන් පරික්ෂා කරන්නාක් මෙන්, එම පැරණි දුක්ගැනවිලිවල කාලය ඉකුත් වී ඇත. කරුණාකර ඔබගේ වටිනා ආත්මයේ තව දුරටත් එයට ඉඩක් දෙන්න එපා. හරියට කුණාටුව වේදිකා නාට්‍යයේ,‍ප්‍රොස්පෙරෝ පසුතැවිලි වන ඇලොන්සෝට කිව්වා වගේ “බර නැතිවී ගොස් ඇති අපගේ මතකයන් අපි බරක් නොකර ගමු.”10

“සමාව ලබා දෙන්න; එවිට ඔබට සමාව දෙනුලැබේ,”9අලුත් ගිවිසුම කාලයේ ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වූයේය. අපේ කාලයේ දී: “ස්වාමින්වහන්සේ වන මම, සමාව දෙනු ලබන්නාට සමාව දෙන්නෙමි, එහෙත් නුඹලාගෙන් එය ඉල්ලා සිටිනුයේ සියලූ මිනිසුන්ට සමාව දිය යුතුය කියයි.”12කෙසේ වෙතත්, සැබැවින්ම වේදනා විඳිමින් සිටින ඕනෑම කෙනෙකු උන්වහන්සේ කල දේ සටහන් කරගැනීම වැදගත්, කියූ දේ නොවේ.උන්වහන්සේ කිව්වේ නෑ, “ඔබට තව කෙනෙකු අතින සිදු වූ අත්වැරදීම් අත්දැකීම්වලින් ලද නුඹේ සැබෑ වේදනාව හෝ සැබෑ ශෝකය විදින්න ඔබට අවසර නැත කියා.” නැතිනම් උන්වහන්සේ කිව්වේනෑ“සම්පූර්ණයෙන්ම සමාව දීමට නම්, ඔබ විෂ සහිත සම්බන්ධතාවයක් නැවත නැවත කිරීම හෝ අපවාදාත්මක විනාශකාරී තත්වයකට නැවත පැමිනිය යුතුයි කියා.” නමුත් කෙසේ වෙතත් පැමිණිය හැකි දරුණුතම වැරදි වලදී පවා, අපගේ වේදනාවෙන් නැඟී සිටිය හැක්කේ අප අපගේ පාද සත්‍යය සුව කිරීම මාර්ගය මත තැබු විටයි. “එම මාර්ගය නම්, “එන්න, මා අනුව එන්නැ” යි නාසරෙත්හි ජේසුස් වහන්සේ විසින් සමිපූර්ණ කළ සමාව දෙන තැනැත්තාගේ මාර්ගයි.”13

උන් වහන්සේගේ ගෝලයන් වීමට සහ උන්වහන්සේ කළාක්මෙන් කිරීමට උත්සහ කරන්න වැනි ආරාධනයකින්, යේසුස්වහන්සේ අපෙන් ඉල්ලනෙ උන් වහන්සේගේ දයාවේ ක්‍රියාකාරින් වෙන්න කියලයි,- පාවුල් කොරින්තිවරුන්ට14විස්තර කළා මෙන් “ප්‍රතිසන්ධාන සේවයේ,” “ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් පෙනීසිටින්නන්” වීමටයි. සෑම තුවාලයකම සුව කරන තැනැත්තා, සෑම වැරුද්දකටම හිමිකම් කියන පුද්ගලයා, වෙනත් ආකාරයකින් සොයාගත නොහැකි ලොවක සාමකාමී කටයුතුවල නියැලෙන අතිදුෂ්කර කාර්යයේ දී ඔහු සමග වැඩ කිරීමට අපෙන් ඉල්ලා සිටිනවා.

ඉතින් ෆිලිප් බෲක්ස් ලියූ පරිදි: “ඔබ අවාසනාවන්ත වරදවා වටහාගැනීම් අවුරුද්දේන් අවුරුද්දට ගෙන යන කෙනෙක් නම්, කෙදිනක හෝ ඒවා පැහැදිලි කරන්න හිතාගෙන; ඔබට ඔබේ මනස හදාගත නොහැකි නිසා ඔබ ඔබේ වැඩකට නැති අඬදබර ජීවත් කරවනවාද, දැන් ඔබේ අභිමානය පූජා කිරීමටත්, ඒවා [සමතයකට]පත් කරවිය යුතු දිනයත් වේ; ඔබ වීථිවල සිටින මිනිසුන්ව මෝඩ ලෙස පසුකරගෙන යන කෙනෙක්ද, යම්කිසි කුඩා භේදයක් නිසා ඔවුන්ට කතා නොකරනවාද … ; ඔබ[කාගේ හෝ] කෙනෙකුගේ හදවත රිදවනවද අගය කිරීම හෝ අනුකම්පාවට වචනයක් නොකියා, ඔබ ලබා දීමට අදහස් කරන...එක දවසක,... ... වහාම යන්න, ඔබට කරන්නට තවත් අවස්ථාවක් නොලැබෙන දෙයක් කරන්න.”15

මගේ ආදරණීය සහෝදර සහෝදරියනී, සමාව දීම හා සමාව අයැදීම, පරණ හෝ නව, යේසුස් ක්‍රිස්තුස්වහන්ගේ වන්දිය මුදුන්පත් කිරීමේ ප්‍රසාදය උදෙසා කේනද්‍රිය වේ. අවසානයේදී එවැනි ආත්මික අලුත්වැඩියාවක් ලැබෙන්නේ අපේ දිව්‍යමය ගැලවුම්කරුවා වෙතින් බව මම සහතික කරමි.”උන්වහන්සේගේ සුව කිරිමේ රැකවරණය සමගින් උන්වහන්සේ අපට උපකාර කිරිම ‍වේගවත් ‍කරනව.16“අපි උන්වහන්සේට ස්තූති කරමු, සහ උන් වහන්සේ එවුවා වු අප‍ගේ ස්වර්ගීය පියාණන්ටත්, එම අළුත් කිරීම සහ පුනර්ජීවනයටත්, පැරණි ශෝක හා අතීත වැරදි වලින් තොර අනාගතයක්, හැකි පමණක් ‍නොව දැනටමත් මිලදී ගෙන ඇති සහ ‍වේදනාබර වියදමක් ‍ගෙවා ඇත සලකුණක් වශයෙන් බැටළු පැටවාගේ රුධිර‍‍යෙන් ඔහු එය වැගිරෙවූ සේක.

ලෝක ගැළවුම්කාරයානන් විසින් මට ලබා දි ඇති ප්‍රේරිතවරුන්ගේ අධිකාරි බලයෙන්, දෙවියන් වහන්සේ සහ එකිනෙකා සමඟ සමාදානය ඇති කිරීම සඳහා අපි නිහතමානීව හා ධෛර්ය සම්පන්නව සිටියොත්, සමාදානයෙන් ජීවත්වන බව මම සාක්ෂි දරමි. “එකිනෙකා සමඟ පොරබැදීම නවත්වන්න.”17පරණ තුවාල ගැන ඔබ දන්නවා නම්, අලුත්වැඩියා කරන්න ප්‍රේමයෙන් එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වන්න.

මගේ ආදරණීය මිතුරනී, අපේ ප්‍රතිසන්ධාන දේව සේවයේ මම අපෙන් ඉල්ලා සිටිනවා සාමදාන කරන්නෙකු වෙන්න කියා— සාමයට ආදරය කරන්න, සාමය සොයන්න, සාමය නිර්මාණය කරන්න, සාමය රැකගන්න. සමාදානයේ කුමාරයාගේ නාමයෙන් එම ආයාචනය කරන්නෙමි, අහිංසකත්වය සහ අසාධාරණය ගැන සියල්ල දන්නා, බොරු චෝදනා සම්බන්ධයෙන් "[ඔහුගේ] මිතුරන්ගේ නිවසේදී තුවාල ලැබු,”18නමුත් සමාව දීමට හා අමතක කිරීමට ශක්තිය— සොයාගත් සෑම මොහොතකම එසේම කරන, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන්, ආමෙන්.