2010–2019
ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ලේ ස්ථාවරව සහ ස්ථීරව සිටීම
ඔක්තෝම්බර් 2018


ක්‍රිස්තු තුමන් තුළ ඇදහීමේ ස්ථාවරව හා ස්ථීරව සිටීම

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම නොපසුබටව ස්ථීර කිරීමට නම් කෙනෙකුගේ හදවතට හා ආත්මයට,ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය කා වැදීම අවශ්‍යය.

පරණ ගිවිසුම් ඉතිහාසයේ අපි කියවා තිබෙනවා, සාර්ථක කාලවලදී, ඊශ්‍රායලයේ දරුවන් යෙහෝවා තුමන් සමග ඔවුන්ගේ ගිවිසුමට ගෞරවය කරමින්, උන්වහන්සේට වන්දනා කරනවා, සහ අනෙකුත් වෙලාවට එම ගිවිසුම නොතකා පිළිම හෝ බාලීම් වන්දනා කරනවා.1

උතුරු ඊශ්‍රායෙල් ආහබ් රජුගේ පාලන කාලය, ඇදහිල්ලෙන් ඇද වැටුණු එක් කාල සීමාවකි. සියලු ඊශ්‍රායෙල් ජනයා මෙන්ම බාල් දිවැසිවරුන් සහ පූජකවරුන්ද කාමල් කන්දට රැස් කරන ලෙස දිවැසිවර එලයිජා වරක් ආහබ් රජුට කීවේය. ජනයා රැස් වූ පසු එලයිජා ඔවුනට මෙසේ කීය, “කොපමණ කලක්, මත දෙකක් මැද සිටින්නද? [වෙනත් වචනින් කියනවා නම් “නුඹලා තීරණයක් අරන් නිම කරන්නේ කවදාටද?”] ස්වාමින්වහන්සේ දෙවියන් නම්, උන්වහන්සේව අනුගමනය කරන්න: නමුත් බාල් දෙවියන් නම්, එසේනම් ඔහුව අනුගමනය කරන්න. එවිට මිනිසුන් ඔහුට කිසිදු පිළිතුරක් දුන්නේ නැත.”2 එලයිජා සහ බාල් ගේ දිවැසිවරු වසු පැටියෙකු කපා, තමන්ගේ දර සෑය මත තබා ගින්දර නොදමා සිට,3 නුඹලා “නුඹලාගේ දෙවියන්ට කතා කරපල්ලා මම මගේ ස්වාමින්ගේ නාමය අමතන්නම්: ගින්දරෙන් පිලිතුරු දෙන දෙවියන්, දෙවියන් වේවා” යැයි එලයිජා යෝජනා කලේය. සියලු මිනිසුන් ඔහුට පිළිතුරු දෙමින්, “හොඳින් කතා කළේ” යැයි කීවෝය.4

බාල් පූජකවරු පැය ගනන් කෑගසමින්, පවත්නා නැති දෙවි කෙනෙකුගෙන් ගින්දර පහතට එවන ලෙස ඉල්ලා සිටියහ. නමුත්, “කටහඩක්වත්, යමෙකුගේ පිළිතුරක් හෝ කාගෙවත් තැකීමක්වත් තිබුනේ නැත.”5 එලයිජාගේ වාරය පැමිනි විට, ඔහු ස්වාමින්ගේ කැඩුණු බිදුණු අල්තාරය අලුත්වැඩියා කර, දර සහ පිදුම එය මත තබා, වරක් නොව, තුන්වරක් එය මත ජලය වත්කරවීය. ඔහුට හෝ වෙන කිසිම මනුෂ්‍ය බලවේගයකට එය පත්තු කිරීමට බැරි තත්වයක තිබුණි.

“සැන්දෑවේ පිදුම ඔප්පු කරන වේලාවේ, එලයිජා දිවැසිවරයා පැමිණ මෙසේ කීය, ආබ්‍රහම්ගේ, ඉසාක්ගේ සහ ඊශ්‍රායලයේ ස්වාමිවූ දෙවිතුමනි, ඊශ්‍රායලයේ දෙවිතුමන් ඔබ තුමන් බවද, මා ඔබගේ සේවකයා බවද සහ මා මේ සියල්ල කළේ ඔබතුමන්ගේ වචනය මත බව, අද දවසේ පෙන්නුම් කල මැනව. …

“එවිට ස්වාමීන්ගේ ගින්දර වැටී, පිදුම සහ ලී දර, ගල්, දූවිලි ක්ෂය කර, අගලක් වූ දියද ගිල දැමීය.

“සියලු මිනිසුන් මෙය දුටු විට, මුනින් වැටී මෙසේ කීහ. ස්වාමිනී ඔහුය දෙවිතුමන්; ස්වාමීනී ඔහුය දෙවිතුමන්.”6

අද, එලයිජා මෙසේ කියනු ඇත:

  • අපේ දෙවිතුමන් වූ අප ස්වර්ගීය පියාණන් වැඩ සිටියත්, එතුමන් වැඩනොසිටියත්, එතුමන් සිටිනා විට, එතුමන්ට වන්දනා කරව.

  • මනුෂ්‍යවර්ගයාගේ මිදුම්කරුවානන් වන නැවත නැගිටුනු ජේසුස් ක්‍රීස්තුස්වහන්සේ, දෙවිතුමන්ගේ පුත්‍රයානන් හෝ එතුමා එසේ නොවුනත්, එතුමන් එසේ නම්, උන්වහන්සේ අනුගමනය කරන්න.

  • මෝමන්ගේ පොත, දෙවිතුමන්ගේ වචනය වුවත් හෝ එසේ නොවුවත්, නමුත් එසේ නම්, එය ඉගෙන, නියෝගයන්ට බැදී, දෙවිතුමන් අසලට ලංවන්න.” 7

  • වෂී 1820 දී, ජෝසප් ස්මිත් පියානන් වහන්සේ සහ පුත්‍රයානන් වහන්සේ සමගින් කථා කලේය. හෝ එසේ නැතිවිය හැක. නමුත් එසේ වූයේ නම්, එලයිජා වන මා ඔහු වෙත ප්‍රධානය කළ මුද්‍රා තැබීමේ යතුර ඇතුලුව, දිවැස් සලුව අනුගමනය කරන්න.

බොහෝ මෑතකදී ප්‍රධාන සම්මන්ත්‍රණයක, සභාපති රසල් එම් නෙල්සන් මෙසේ ප්‍රකාශ කළේය: “සත්‍ය කුමක්දැයි කල්පනා කිරීමට නුඹට අවශ්‍ය නැත[මොරෝනි 10:5 බලන්න]. කවරෙකු විශ්වාස කරන්නදැයි නුඹට දැනගැනීමට අවශ්‍යතාවයක් නැත, ඔබේ පෞද්ගලික එළිදරව්ව තුළින් ඔබට මෝමන් පොත දෙවිතුමන්ගේ වචනය බවද, ජෝසේෆ් ස්මිත් සත්‍ය දිවැසිවරයෙකු බවද සහ මේ ස්වාමින්ගේ සභාව බවද, සාක්ෂි දැරිය හැකියි. අන් අය කියන කරන දේ කුමක් වුවත්, ඔබේ හදවත සහ සිත දරන සත්‍ය සාක්ෂිය, කාටවත් අහක් කල නොහැක.”8

දෙවිතුමන්ගේ ඥානය සොයන්නන්ට, එතුමන් “නොමසුරුව දෙන බව” යාකොබ් පොරොන්දු වුවත්9, ඔහු අනතුරු හැගවීය.

“දෙගෙඩියාවෙන් නැතිව, ඔහුට ඇදහීමෙන් ඉල්ලන්න දෙන්න. මන්ද දෙගෙඩියාවෙන් සිටින්නන් මුහුදේ එහාට මෙහාට විසිවෙන ජල පෙලක් මෙනි.

“ එම මිනිසාට ස්වාමින්ගෙන් කිසිදෙයක් නොලැබෙන බව සිතන්න.”

“දෙපිට කාට්ටු සිතක් ඇති මිනිසා සෑම පැත්තෙන්ම අස්ථීරය.”10

අප ගැලවුම්කරුවාණන්, ස්ථාවරයේ පරිපූර්ණ උදාහරණයයි, එතුමන් මෙසේ කී සේක, “පියාණන්වහන්සේ මා තනි කළේ නැත. මන්ද, මා නිතරම කරන්නේ එතුමන් ප්‍රිය කරන කාරනා නිසාය.”11 ශුද්ධ ලියවිලි වල සදහන්, ගැලවුම්කරුවානන් මෙන් ස්ථීරව සිටි ස්ත්‍රීන් සහ පුරුෂයින් ගැන: මේ විස්තර සලකා බලන්න.

ඔවුන්ව “සත්‍ය ඇදහීමට හරවනු ලැබින. ඔවුන් එය හැර නොයන්නෝය. මන්ද, ඔවුන් ස්ථීර, දැඩි, නොසෙල්වෙන මහත් උනන්දුවෙන් ස්වාමීන්ගේ පනත් තැබීමට කැමති අය බැවිනි.”12

“ඔවුන්ගේ සිත් ස්ථීරය සහ ඔවුන්ගේ විශ්වාසය නොනවත්වා දෙවිතුමන් තුල තබන බැවිනි.”13

“බලව, නුඹලා, නුඹලා ගැන දන්නේය. මන්ද නුඹලා එයට සාක්ෂි දරා ඇති බැවින්, සත්‍යයේ අවබෝධයට ගෙනෙන ලද බොහෝ දෙනෙක්, ඇදහීම තුළ ස්ථීරව සහ විශ්වාසයෙන් සිටින්නන් වෙති.”14

“සහ ඔවුන් අපෝස්තුළුවරුන්ගේ ධර්මයෙහි සහ මිත්‍රත්වයේ ස්ථීරව සිටිමින්, පාන් කැඩීම සහ යාඥාවන්ද කළෝය.”15

ජේසුස් ක්‍රිස්තුතුමන් තුල ඇති ඇදහීම දැඩිව සහ ස්ථීරව පැවැත්වීම සදහා එතුමන්ගේ ශුභාරංචිය, යමෙකුගේ සිත සහ ආත්මයට කාවැද්දීම අවශ්‍යය වෙනවා, එහි තේරුම වන්නේ, ශුභාරංචිය පුද්ගලික ජීවිතයේ බොහෝ බලපෑම් අතරින් එකක් පමණක් නොව, එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ සහ චරිතයේ කේන්ද්‍ර අර්ථවත් කරන්නේය. ස්වාමින් මෙසේ පැවසූ සේක:

“මා නුඹට නව හදවතක් දෙන්නෙමි. මා නුඹ තුළට නව ආත්මයක් දෙමන්නෙමි. මා නුඹේ මාංශයෙන් ගල් හදවත අයින් කරන්නෙමි සහ මා නුඹට මාංශමය හදවතක් දෙන්නෙමි.“

“මාගේ ආනුභාවය මා නුඹ තුලට දමමි. මාගේ ව්‍යවස්ථාවේ ඇවදීමට මා නුඹව යොදවමි සහ නුඹ මගේ විනිශ්චය තබා ඒවා ක්‍රියාවේ යොදවනු ඇත.”

“එවිට… නුඹලා මාගේ ජනයා වන්නේය. මා නුඹලාගේ දෙවිතුමන් වන්නේය.”16

අපේ බෞස්තීමයේ හා දේවමාළිගා නියෝග විසින් අප කරනු ලබන්නේ මේ ගිවිසුම්ය. නමුත්, සමහරු තවමත් තම ජීවිතයට ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සම්පූර්ණ ලෙස තබා නොමැත. පාවුලු කියනා ලෙස, “ඔවුන් බෞස්තීමයේදී [ක්‍රිස්තු] තුමන් විසින් වලලනු ලැබුවා”, “ක්‍රිස්තු තුමන් මෙන් මරණීන් ඔසවනු ලැබුවා” … , යන මෙම කොටස ඔවුන්ට තවමත් නැත්තේය, එලෙසම, අලුත් බවේ ජීවිතයකට අප ගමන්කළ යුතුයි.”17 ශුභාරංචිය තවමත් ඔවුන්ගැන විග්‍රහ නොකරයි. ඔවුන් තවමත් ක්‍රිස්තුතුමන් තුළ කේන්ද්‍ර වී නැත. ඔවුන් අනුගමනය කළ යුතු ධර්මය සහ පනත් ගැන තෝරමින් සහ සභාවට සේවය කරන්නේ කෙදිනද සහ කොතැනද සිතති. එසේ වනුයේ එයට අසමානව, ඔවුන්ගේ ගිවිසුම් සත්‍ය ලෙස තබා, “ගිවිසුම් අනුව තෝරා”18 රැවටීම අතහැර, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම ස්ථීරව සිටීමෙන්ය.

සමාජීය පෙළඹවීමක් සහිත ශුභාරංචි පිළිවෙතකට සහ අනික් අතට හොදින් දියුණු වූ දෙවිතුමන්ගේ කැමැත්තට ඉඩදෙන ක්‍රිස්තුතුමන් මෙන් කැපවීම ඇති සහභාගි වීම් අතර මේ මොහොතේ අප මැදි වී ඇත්තෙමු. එම අඛණ්ඩතාවයේදී, ජේසුස් ක්‍රිස්තුතුමන්ගේ ශුභාරංචියේ යහපත් ආරංචි අප හදවතට ඇතුළු වී අපේ ආත්මය අත් පත් කරගනිති. එය, එක මොහොතකින් නොවනු ඇත. නමුත්, එම ආශිර්වාද ලත් තත්වය දෙසට අපි ගමන් කළ යුතුය.

අපි “කරදර නමැති උදුනක” සිටින විටදී, ස්ථීරව සහ විශ්වාසයෙන් සිටීම ඉතා වැදගත්ය. නමුත් එය අභියෝගයකි,19 මැරෙන සුළු ජීවිතයේ, එය අප සියලු දෙනාටම කොයි මොහොතේ හෝ පැමිණෙන දෙයකි. දෙවිතුමන් නැති නම්, මෙම අදුරු අත්දැකීම්, කලකිරීම්, බලාපොරොත්තු කඩවීම් සහ දොම්නසට පත් විය හැක. දෙවිතුමන් සමග, වේදනා වෙනුවට සැනසීම, ආරවුල් වෙනුවට සාමය සහ දුක වෙනුවට බලාපොරොත්තු ලැබේ.20 ක්‍රිස්තුතුමන් වෙත ඇදහීමෙන් සිටීම ගෙන දෙනවා එතුමන්ගේ ස්ථීර දයාව සහ උපකාර එතුමන් විනිෂ්ච, ආශිර්වාද බවට හරවන සේක සහ යෙසායා ගේ වචන “අලුවලට අලංකාරය දෙන්නේය.”21

මාගේ පුද්ගලික දැනුම ඇති උදාහරණ තුනක් කීමට මට ඉඩදෙන්න.

කොපමණ වෛද්‍ය උපස්ථාන ලැබුවත්, පූජකවර ආශිර්වාද හා නිරාහාර හා යාඥාවන් කරනු ලැබුවත්, ඉතා අසාධ්‍ය රෝගයකින් පෙලෙන ස්ත්‍රියක් සිටියාය. නමුත්, ඇගේ යාඥාවේ බලය හා ඇයට ඇති දෙවිතුමන්ගේ ප්‍රේමයේ සත්‍ය භාවය නොඅඩුව පැවතුනි. සභාවේ කැදවීම අනුව, දින ගනනින් පැය ගනනින් ඇය ඉදිරියට යන්නේ ඇගේ සැමියා සමග දරුවන් සහ පවුල බලාගනිමින්, හැකි පමණ සිනහ මුසු වෙනි. අන් අය ගැන දයාව, ඇයට ගැඹුරින් තිබුනි. ඇගේ විඳීම ගැන ප්‍රසාදනය වී ඇය අන් අයට උපස්ථාන කළාය. ඇය නොනැවතී ස්ථීරව සිටියාය. ජනයාට ඇය සමග සිටීම සතුටු දායක විය.

සම්පූර්ණ දූත මෙහෙය නිමකල, සභාවේ සැදූනු වැඩුනු මිනිසෙකු ලස්සන ස්ත්‍රියක් විවාහ කරගත්තේය. ඔහු‍ගේ සමහර ස‍හෝදර ස‍හෝදරියන්, සභාවේ සහ සභාපති ගැන විවේචන කිරීම හේතුවෙන් ඔහු පුදුමයට පත්විය. ටික කලකට පසු ඔවුන් සභාව හැර ගියෝය. ඔවුන්ව අනුගමනය කිරීමට ඔහුට ඔවුන් බලකලෝය. එවැනි අවස්ථාවලදී නිතරම වන දෙයක් ලෙස, ඔවුන් ඔහුට විවේචකයන් විසින් නිපදවන ලද ලිපි, වීඩියෝ වලින් පහර ගැසූහ. ඔවුන් සභාවේ හිටපු කලකිරුණු සාමාජිකයන්ය. ඔහුගේ සහෝදර සහෝදරියන් ඔහුට උසුලු විසුලු කළා ඔහුගේ ඇදහීමට. ඔවුන්, ඔහු වහා රැවටෙන හා මුලා වී ඇති බව කීය. ඔවුන්ගේ එම ප්‍රකාශයන්ට, සියලු පිළිතුරු ඔහුට නොතිබිණ. කෘර විරුද්ධවාදීන් නිසා ඔහුගේ ඇදහීම දෙගෙඩියාවකට පත්විය. සභාවට සහභාගිවිම නවත්තන්නදැයි ඔහුට සිතින. ඔහුගේ බිරිදට හා විශ්වාස කලහැකි පුද්ගලයන් සමග ඔහු කතා කර, යාඥා කලේය. “මා මාගැන අවංක නම්, මා පිළිගත යුතුයි, වරකට වඩා මට ශුද්ධාත්මයානන් දැනුන බව හා ආනුභාවයේ සාක්ෂි සත්‍ය බවත්“ ඔහු තම සතුට හා සාමය අලුත් කර, එය තම බිරිද හා දරුවන් සමග බෙදාගත්තේය.

නියතයෙන් සහ සතුටින් සහෝදරයන්ගෙන් උපදෙස් ලබන බිරිඳක්, ඔවුනට දරුවන් බිහි කිරීමේ අපහසුතාවය ගැන ඉතා දුකට පත්විය. ඔවුන් වෛද්‍ය වෘත්තීය වේදින්ට විශාල මුදලක් වියදම් කර, ටික කලකට පසු පුතෙකු ලැබීමට ආශිර්වාද ලද්දෝය. අවුරුද්දකට පමණ පසු, දුක්ඛදායක ලෙස, ඔහු කිසිකෙනෙකුගේ වැරද්දක් නැති අනතුරකට පත්වී, සැලකිය යුතු මොළේ හානියකට පත්ව අඩසිහි නැති විය. ඔහුට ඉතා හොදම ප්‍රතිකාර ලැබුණත්, ඉදිරියේදී කුමක් වේදැයි කීමට දොස්තරවරුන්ට අපහසු විය. සිහිය නැති මේ දරුවා ලෝකයට ගෙන ඒමට එම ජෝඩුව ඉතා අමාරුවෙන් වැඩ කර, යාඥා කලෝය. එම දරුවා ඔවුනට ලැබේදැයි ඔවුන් නොදනිති. දැන් ඔවුන් වෙහෙසෙන්නේ දරුවාගේ අර්බුදකාරී උවමනාවන් සැපයීම සමගම අනිත් වගකීම් සපුරන්ටය. මේ අතිමහත් අසීරු මොහොතේ, ඔවුන් දෙවිතුමන් දෙසට හැරුනෝය. එතුමන්ගෙන් ලැබෙන දෛනික සලාකය මත යැපුනේය. දයාවන්ත මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් උපකාර ලැබ, ඔවුන් පූජකවර ආශිර්වාදයෙන් ශක්තිය ලැබීය. ඔවුන් එකිනෙකාට වඩාත් ලංවිය. ඔවුන්ගේ එකමුතුකම දැන් සමහරවිට වඩා ගැඹුරුය, වඩා සම්පූර්ණය.

වෂී 1837 ජූලි 23 වන දින, අපෝස්තුළුවරු දොලොස් දෙනාගේ ඝනපූර්ණයේ, එවකට සභාපතිව සිටි තොමෙස් බි. මාෂ් වෙත ස්වාමින් එලිදරව්වක් නිර්දේශ කළ සේක. එය මෙසේය.

“නුඹලාගේ දොලොස්දෙනාගේ සහෝදරයන් වෙනුවෙන් යාඥා කරන්න මාගේ නාමය වෙනුවෙන් ඔවුනට තදින් අවවාද කරන්න. ඔවුන්ගේ සියලු පාපයන්ට අවවාද ලැබෙන්නට හරින්න සහ නුඔලා මාගේ නාමයට මා ඉදිරියේ ඇදහිලිවත් වන්න.

“ඔවුන්ගේ පරීක්ෂාවන්ගෙන් සහ මහත් විපතකින් පසුව, බලව, ස්වාමින්වහන්සේ වන මා, ඔවුන් ගැන හැගෙන්නේය සහ ඔවුන්, ඔවුන්ගේ හදවත් ඝන නොකරන්නේ නම් සහ මට විරුද්ධව ඔවුන්ගේ ගෙල දරදඩු නොකරන්නේ නම්, ඔවුන් හැරවුම ලබන්නේය සහ මා ඔවුන්ව සුව කරන්නෙමි.”22

මෙම ඡේද තුළින් දක්වන මූල ධර්ම අප සියලු දෙනාටම ගැලපේ යැයි මා විශ්වාස කරමි. අප අත්දකින පරීක්ෂාවන් සහ විපත් වලට අමතරව ස්වාමින් අපට දෙන වෙනත් ඔබින පරීක්ෂනයන්, අපට මග පාදනවා අපේ සම්පූර්ණ හැරීමට සහ සුව වීමට. නමුත්, මෙය සිදුවන්නේ එතුමන්ට විරුද්ධව අපේ හදවත් ඝන නොකර හෝ ගෙල දරදඩු නොකරන්නේ නම් පමණි. කුමන දේ වුවත්, අපි ස්ථිරව සහ විශ්වාසයෙන් සිටින්නේ නම්, ස්වාමින් අදහස් කල හැරීම අපට ලැබෙන්නේය. එනම්, එතුමන් පේදුරුට පැවසූ “නුඔ හැරී හැරුණු පසු, නුඹේ සහෝදරයන් ශක්තිමත් කරනු,”23 නිෂ්ප්‍රභා කල නොහැකි සම්පූර්ණ හැරීමක්, පොරොන්දු වූ සුවකිරීම, අපේ පාපයෙන් තුවල වූ හදවත් පිරිසිදු සහ පවිත්‍ර කර, අපව ශුද්ධ බවට පත් කරන්නේය.

මට මගේ මවගේ උපදෙසක් සිහිවේ, “ඔබේ එළවලු අනුභව කරන්න, එය ඔබට යහපත කරයි.“ අපේ මව්වරු නිවැරදිය, ඇදහීමට ස්ථීරව සිටින්න, යන්නට එහි සම්බන්ධය නම්, “ඔබේ එළවලු කන්න“ යනු නිතර යාඥා කිරීමය. ශුද්ධ ලියවිලි ගැන පිනවෙන්න දිනපතා, සභාවට සේවය සහ නමස්කාර කරන්න. සෑම සුමානයකම සුදුසු ලෙස සක්‍රමේන්තුව ලබන්න. ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. සැමදාම දෙවිතුමන්ට කීකරුව ඔබේ කුරුසිය ගන්න.24

ක්‍රිස්තු තුමන්ගේ ඇදහීම තුළ ස්ථිරව සිටින්නත්, නිතරම මතක තබා ගන්න, දැන් සහ ඉදිරියට හොද දේවල් ලැබෙනවාය යන පොරොන්දුව මතක තබා ගන්න, සදාකාල ජීවිතය සහ සාන්තුවරයින්ගේ සතුට.”25 “හදවතින් පිරිසිදු සියල්ලෝ ඔබේ හිස ඔසවා, දෙවිතුමන්ගේ ප්‍රසන්න වචනය ලබන්න සහ එතුමන්ගේ ප්‍රේමය තුළ සතුටු වන්න ඔබේ සිත් සැමදා ස්ථීර නම්.”26 ජේසුස් ක්‍රිස්තු තුමන්ගේ නාමයෙන් ආමෙන්.