2010–2019
එඬේරෙකු වීම
ඔක්තෝම්බර් 2018


එඬේරෙක් බවට පත්විම

මම බලාපොරොත්තු ‍වෙනවා ඔබ ‍දේවසේවය කරන අය ඔබව මිතුරෙකු ලෙස දකිවී කියල, ඔබ තුල, ඔවුන්ට ඉන්නව ශූර‍යෙක් සහ විශ්වාසවන්තයෙක්.

ලගකදි, චීලී නගරයේදි හමුවුන ප්‍රාථමිකයේ දරු‍වෙක් ම‍‍ගේ මූණට සිනාවක් ගෙනාව. “හෙලෝ” ඔහු පැවසුව, “මම ‍‍ඩේවිඩ්. ඔබ මා ගැන ප්‍රධාන සම්මණ්ත්‍රනයේ කතා කරනවද?”

සුළු ‍මො‍හොතකට පසුව, ‍ඩේවිඩ්ගේ බලා‍පොරොත්තු නොවු පිලිගැනිම ගැන මම හිතුව. අපි සෑම ‍දෙනාටම හදුනාගැනීම අවශ්‍ය ‍වෙනවා. මතක තබාගැනීමට, සහ ආදරය දැනීමට අපිට හේතුවක් විම අවශ්‍යයි.

සහෝදර ස‍හෝදරියනී, ඔබ සියළු‍දෙනාම ‍වැදගත්. ඔබ ප්‍රධාන සම්මණ්ත්‍රන‍යේ කතා නො‍කෙරුවත්, ගැලවුම්කරුවාණන්ට ඔබව මතකයි සහ ඔබට ආද‍රෙයි. ඔව් ඔබට! ඔබ පුදුම ‍වෙනවා නම් එය සත්‍ය ‍නොවෙයි කියා, ඔබ මෙය පමණක් සිතන්න අවශ්‍යයි “උන්වහන්‍සේ [උන්වහන්සේගේ]අ‍තේ අල්ල මත[ඔබව] නොමැ‍කෙන ‍ලෙස රදවා ඇත.”1

ගැලවුම්කරුවාණන් අපිට දක්වන ප්‍රේමය දැනගත් විට, අපි පුදුම වෙලා සිතනවා ‍‍කො‍හොමද අ‍පේ ‍ප්‍රේමය උනවහන්‍සේට දක්වන්නේ කියල?

‍ගැලවුම්කරුවාණන් ‍පේදුරුගෙන් විමසනව, “ඔබ මට ප්‍රේම කරනවාද … ?”

‍පේදුරු උත්තර ‍දෙමින්, “ එසේය, ස්වාමීනි; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නා ‍සේක. උන්වහන්සේ ඔහුට කීසේක, “මා‍ගේ බැටළුවන් ‍පෝෂණය කරන්න”

මෙම ප්‍රශ්නය දෙවන සහ තුන්වන වතාවටත් ඇසූ විට, “ඔබ මට ප්‍රේම කරනවාද?” පේදුරු, නැවත් ඇසු නිසා දුකටපත්ව, ඔහු‍ගේ ප්‍රේමය තහවුරු කලා: ස්වාමීනී, ඔබ සියල්ල දන්නා‍සේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කී‍වේය, මා‍ගේ බැටළුවන් ‍පෝෂණය කරන්න.2

පේදුරු දැනටමත් තමාව ඔප්පු කරල තිබුන්නැද්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආදරනීය අනුගාමිකයෙක් විදිහට? ඔවුන්ගේ පළමු මුහුදු ‍වෙර‍ළේ හමුවි‍මේදි, ඔහු ක්ෂණිකව ඔහුගේ මාළු දැල් අතහැරියා ස්වාමින්වහන්‍සේව අනුගමනය කරන්න.3 පේදුරු සත්‍ය මිනිසුන් අල්ලන්නෙකු වුනා. උන්වහන්‍සෙ‍ගේ පෞද්ගලික දේවසේවය අතරතුරදී ගැලවුම්කරු සමඟ ඔහු සම්බන්ධ වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අන් අයට උගන්වන්න උදව් කළා.

නමුත් දැන් උත්තානය ලද ස්වාමින්වහන්සේ දැන සිටියා උන්වහන්සේ තවදුරටත් පේදුරුගේ සමග නොසිටින බව, ඔහු සේවය කළ යුත්තේ කෙසේ ද කියා පෙන්වීමට. ගැලවුම්කරුවාණන් නැති විට, පේදුරුට ශුද්ධාත්මයෙන් මඟ පෙන්වීම සෙවිම අවශ්‍ය වුනා, තමන්ගේම එළිදරව්ව ලැබීමට, ඒ වගේම ක්‍රියා කිරීමට ධෛර්යය හා ඇදහිල්ල අවශ්‍ය වුනා. උන්වහන්සේගේ බැටළුවන්ට අවධානය යොමු කිරීමට, ගැළවුම්කරුවාණන්ගේ අරමුණ වුනේ තමා මෙහි සිටියා නම් කරන දේ පේදුරු කරනවා දකින්නයි. උන්වහන්සේ එඬේරෙකු වීමට පේදුරුගෙන් ඉල්ලා සිටියා.

පසුගිය අප්‍රේල් මාසයේ සභාපති රසල් එම්. නෙල්සන් අපට ආරාධනා කළා අපේ පියාගේ බැටළුවන්ව වඩා ශුද්ධ ආකාරයකින් පෝෂණය කිරීමටත්, දේවසේවයේදී එය කරන්න කියාත්.4

මෙම ආරාධනය ඵලදායී ලෙස පිළිගැනීමට, අපි එඬේරෙකුගේ හදවතක් වර්ධනය කරගත යුතුයි සහ ස්වාමීන්වහන්සේගේ බැටළුවන්ගේ අවශ්‍යතා තේරුම් ගත යුතුයි. අපි සමිඳාණන් වහන්සේගේ එඬේරුන් වන්නේ කෙසේ ද සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයාට අවශ්‍ය ලෙස අප කෙසේ විය යුතුද?

සියලු ප්‍රශ්න වලට මෙන්, අපට අපගේ ගැළවුම්කාරුවාණන් දෙසට හැරිය හැකියි,‍ යේසුස් ක්‍රිස්තුස්වහන්‍සේ— යහපත් එඬේරයාණන්ය. ශුද්ධ ලියවිල්ලේ අප ඉගෙනගන්නා පරිදි ගැලවුම්කරුවාණන්ගේ බැටළුවන් හදුනා‍ගෙන හා ගණන් කරණු ලැබ ඇත. ඔවුන් බලාගනු ලැබ ඇත. දෙවියන්වහන්සේගේ රැළට එකතු කර ඇත.

හදුනා‍ගෙන හා ගණන්ගෙන

අපි ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කරන්නට උත්සාහ කරන විට, අපි නිසැකවම, පලමුව, උන්වහන්සේ‍ගේ බැටළුවන් හදුනා‍ගෙන හා ගණන් කරගත යුතුයි. අපිට පවරා තියෙනවා නිශ්චිත තනි පුද්ගලයින් සහ පවුල් බලාගන්න ඒ නිසා අපිට නිසැකයි ස්වාමීන්වහන්‍සේගේ රැළ ගණන් කර ඇති බවට සහ කිසිවෙකු අමතක වී නැති බවට. ගණන් කිරිම, කෙසේ වෙතත්, එය ඇත්ත වශයෙන්ම සංඛ්යා ගැන නොවේ; එය නිසැකව ‍උන්වහන්සේට සේවය කරන කාගෙන් ‍හෝ මාර්ග‍යෙන්සෑම පුද්ගලයෙකුටම ගැලවුම්කරුවාණන්ගෙ ප්‍රේමය දැනීමට සැලස්වීමයි. ඒ ආකාරයෙන් සියලුදෙනාටම හදුනාගත හැක ස්වර්ගයෙහි ‍ප්‍රේමණීය පියාණන් විසින් ඔවුන් හඳුනන බව.

රූපය
ගැළවුම්කාරුවාණන් සමඟ බැටළු පැටුවා

මට මෑතකදී මුණගැසුණා තරුණ කාන්තාවක් තමා මෙන් පස් ගුණයක් වැඩිමහළු ස‍හෝදරියකට දේවසේවය පවරා තිබුණු එක්ව, ඔවුන් සංගීතය සඳහා ඇති එක හා සමාන ආදරය සොයාගත්තා. මෙම තරුණ කාන්තාව බැහැදකින විට, ඔවුන් ගීත ගායනා කරා සහ කැමති ‍දේ බෙදාගත්තා. ඔවුන් දෙදෙනාගෙම ජිවිතවලට ආශීර්වාද කරන මිත්‍රත්වයක් ගොඩනඟා ගත්තා.

මම බලාපො‍රොත්තු ‍වෙනවා ඔබ ‍‍දේව සේවය කරන අය ඔබ මිතුරෙකු ‍ලෙස දකිවි කියල සහ හදුනාගනීවි කියල ඔබ තුළ ඔවුන්ට ශූරයකු, ආරක්ෂක‍යෙක් සහ විශ්වාසවන්තයෙක් ඉන්නව කියල— සහ ඔවුන්ගේ තත්වයන් ගැන දන්නා කෙනෙක් සහ ඔවුන්ගේ අපේක්ෂාවන් හා අභිලාෂයන් වෙනුවෙන් ඔවුන්ට සහාය දෙනවා කියලා.

මෑතකදී මට සොහොයුරියකට ‍දේව සේවය කිරීමට පැවරුමක් ලැබුණා ම‍ගේ සහකාරිය හෝ මම ඇය හොඳින් දැන සිටියේ නැත. මගේ 16 හැවිරිදි දේවසේවයේ සහකාරිය, ජෙස් සමඟ මම උපදෙස් ‍බෙදාගත් විට, ඇය ඥාණාන්විතව පැසුව, “අපි ඇයව දැනගැනීම අවශ්‍යයි කියල.”

රූපය
කොර්ඩන් සහෝදරිය සහ ඇගේ ‍දේව‍සේව සහිකාව

ඉතින්, අපි ඉක්මනටම තීරණයක් ගත්තා ඒක තමා ඡායාරූපය සහ හඳුන්වාදීමේ රීතිය පිළිවෙළින් සිදුවිය. මම දුරකථනය අල්ලගත්තා, සහ ජෙස් බටන් එක ඔබල ඡායාරූපයක් ගත්තා. අපේ පළමු දේව සේවා අවස්ථාව සිදුවුයේ සහකාරිත්වයේ සහයෝගී උත්සාහයකිනි.

අපේ ප්‍රථම බැහැදැකිමේදි, අපි අපේ සහෝදරියගෙන් අසා සිටියා අපි ඇයගේ යාහපත වෙනුවෙන් අපේ යාච්ඤා වලදි ඇතුළත් කළ හැකි කිසිවක් තිබේද කියා. ඇය පෞද්ගලික අභියෝගයක් බෙදාගත්තා සහ ඇය කිව්වා අපේ යාඤාව පිලිගන්න කැමතියි කියල. ඇයගේ අවංකභාවය හා විශ්වාසවන්තභාවය ක්ෂණික ආදරය බැඳීමක් ගෙන ආවා.

උන්වහන්සේගේ බැටළුවන්ට අපගේ දිනපතා යාච්ඤාවලට මතක තබාගැනීමට ලැබිම වරප්‍රසාදයකි. ඔබ යාඤා කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදරය ඔබට දැනේවී ඔබ දේව සේවය කරන අය සදහා. උන් වහන්සේගේ ප්‍රේමය— ඔබ තුළින් ඔබට උපකාර කරන අයට දන්නනවට වඩා උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කිරීමට වඩා හොඳ මාර්ගය කුමක්ද?

රැකබලා ගැනීම

දෙවන මාර්ගය වන්නේ එඬේරාගේ හදවත වර්ධනය කිරීම සඳහා උන්වහන්සේගේ බැටළුවන්ව බලාගැනීමයි. පසු දවස්වල සාන්තුවරයන් විදිහට, අපි සංවිධානය වෙලා තියෙනව; අපිට ඉදිරියට යන්න පුළුවන්, හදන්න පුළුවන්, අලුත්වැඩියා කරන්න පුවවන්, සහ ඕන දෙයක් නැවත ගොඩනගන්න පුළුවන්. අපට අවශ්‍ය උපකාර ලබා දීම සඳහා අපි ඉක්මන් අත දෙන්නෙමු නැතිනම් කුකිස් පිගානක් වුනත්. නමුත් ඊට වඩා තවත් දේවල් මෙහි තියෙනවද?

අපගේ බැටළුවන් දන්නවද අපි ඔවුන්ව රැකබලාගන්නව කියල ආදරයත් සමග සහ අපි ඔවුන්ට උදව් කිරිමට ක්‍රියා කරාවි කියල?

මතෙව් 25තුල, අපි කියවනව:

“එන්න, නුබලා මාගේ පියාණන්ගෙන් අශිර්වාද ලද්දේය, ඔබ වෙනුවෙන් සුදානම් කර ඇති රාජධානිය උරුම කරගන්න … :

“ මක්නිසාද මම බඩගින්නේ සිටියෙමි, නූබලා මට කන්න දුන්නහුය: මම පිපාසිතව සිටියෙමි, ඔබ මට බොන්න දුන්නහුය: මම ආගන්තුකව සිටියෙමි, නූබලා මා පිලිගත්තාහුය: …

“ධර්මිෂ්ඨයන් ඔහුට උත්තර දෙමින්, කියනව, ස්වාමිනී කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව ඉන්නවා දැකකෑම දුනිමිද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමිද?”

“කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවාදැකපිලිගතිමුද?”5

සහෝදර ස‍‍හෝදරියනී, ප්‍රධාන වචනය නම් දැකීමයි.ධර්මිෂ්ඨයන් දැක්කා අවශ්‍යතාවන් තියෙන අය මොකද ඒ අය බලමින් සහ සැලකිල්ලට ගනිමින් සිටියා. අපටත් පුළුවන් සහනයක් ලබාදිම සඳහා අවදියෙන් සිටියන්න සමරන්න සහ සිහින දකින්න. අපි ක්‍රියා කරන විට අපිටත් පුළුවන් සුරක්ෂිතවෙන්න මතෙව්වල පොරොන්දුවෙන්. “ඉතා කුඩා කෙනෙකුට නමුත් නුබලා ඒක කළහුද… ,ඒක කළේ මටය.”6

රූපය
ගැළවුම්කාරුවාණන් බැටළු පැටවුන් රැකබලා ගනී

මිත්‍රයෙක්— අපි ඔහුට ජෝන් කියමු— ජෝන් බෙදාගත්තා කුමක් විය හැකිද අපි අන් අයගේ පෙනෙන අවශ්‍යතාවන් අඩුවෙන් දක්න විට කියා. “මගේ ශාඛාවේ සහෝදරියක් සියදිවි නසාගන්න උත්සාහ කළා. මාස දෙකකට පසුව, මම මගේ ගණපූරණයෙහි කිසිවෙකු මේ කම්පිත අත්දැකීම ගැන කතා කරන්න ඇයගේ ස්වාමිපුරුෂයා බලන්න ගිහින් නෑ. කණගාටුයි, මම ක්‍රියා කළ තිබුණේ නෑ. අවසානයේදි, මම දිවා ආහාරය සඳහා එම ස්වාමිපුරුෂයාට ආරාධනා කළා. ඔහු ලැජ්ජාශීලී පුද්ගලයෙක්, නිතරම කාර්යබහුලයි. ඒත් මම කිව්වා, ’ඔයාගේ බිරිඳ දිවි නසා ගත්තා. එය ඔබට අතිමහත් දුකක් විය යුතුය. ඔබට ඒ ගැන කතා කිරීමට අවශ්‍ය ද? ’ ඔහු විවෘතව ඇඬුවා. අපි මෘදු සහ කිට්ටු සංවාදයක් කළා මිනිත්තු කිහිපයක් ඇතුළත විශිෂ්ට සමිප බවක් සහ විශ්වාසයක් වර්ධනය කරගත්තා.”

ජෝන් තවදුරටත්, “මම හිතන්නේ එම අවස්ථාවට අවංකව සහ ආදරයෙන් කොහොමද එන්නේ කියල හිතනවට වඩා අපේ මෘදුකම තමයි බ්රව්නීස් රැගෙන ඒම.”7

අපේ බැටළුවන්ට සමහර විට ‍වේදනා‍වෙන්, නැති‍වෙලා, නැත්නම් ඕනෑකමින් මුළා‍වෙලා; ඔවුන්ගේ එඬේරා විදිහට, අපිට පුළුවන් ඔවුන‍ගේ අවශ්‍යතා දක්න අය අතර පලමු වැන්නා ‍වෙන්න. අපිට පුළුවනි විනිශ්චය නොකර ඇහුම්කන්දෙන්න සහ ආදරය කරන්න සහ පිරිනමන්න බලාපොරොත්තුව සහ උපකාරය ශුද්ධාත්මයාණන්ගේ විචක්ෂණශීලී මග පෙන්වීම්ත් සමග.

ස‍හෝදර ස‍හෝදරියනී, ඔබ විසින් කුඩා මග‍පෙන්විමක් මත කරන ලද කරුණාවේ ක්‍රියාවක් නිසා ලෝකය ප්‍රීතිමත්ව බලාපොරොත්තුවෙන් පිරී ති‍යෙනවා. උන් වහන්සේගේ ප්‍රේමය ‍කෙ‍සේද රැගෙන යන්නේ කියා ස්වාමින්වහන්සේ‍ගෙන් මග‍පෙන්විම් ‍සොයන විට සහ ඔබ සේවය කරන අයගේ අවශ්‍යතා දකින්න විට, අපේ ඇස් විවෘත වේ. ඔබේ ශුද්ධ ‍දේවසේව‍යේ පැවරුම ඔබට ලබා‍දෙනවා මග‍පෙන්විම් සදහා දිව්‍යයමය අයිතියක්. ඔබට පුළුවන් එම ආනුභාවය නිසැකවම ‍සොයන්න.

දෙවියන්වහන්සේගේ රැළට එකතු කිරිම

තුන්වනුව, අපට අවශ්‍යයි අපේ බැටළුවන්ව දෙවියන්වහන්සේගේ රැළට එකතු කරන්න. එය කිරිමට නම්, ගිවිසුම් මාර්ගයේ කොතනද අපේ බැටළුවන් සිටින්නේ කියා දැනගත යුතුයි. යහපත් එඬේරයාගේ රැළට ඔවුන් එකතු කරන්න අපි උදව් වෙමින් ඉන්නවාද? අපි දේව‍සේවය කරන විට, කැමත්තෙන්ම ඇවිද‍ගෙන යනවා ඇදැහිල්ලේ ගමනාන්තය තෙක්. අපට ඔවුන්ගේ හදවත් දැන ගැනීමට හා ඔවුන්ව ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් වෙත යොමු කිරීමට ලැබිම ශුද්ධ වරප්‍රසාදයකි.

රූපය
බැටළු පැටවුන් යහපත් එ‍ඪෙරයාණන්ව අනුගමනය කරයි

ෆීජි හි සිටි සහෝදරි ජෝසිවීනී, ඇගේ ඉදිරි මාර්ගය තියතව දැකිය නොහැකි දුෂ්කරතාවක් විය. ඇගේ යෙහෙලියක් දුටුව ජොසිවීනී ශුද්ධ ලියවිලි බැලීමට කරදර වෙනව කියල හරියට කියවා ගත නොහැකි නිසා. ඇය ජෝසිවීනීට ගෙනත් දුන්නා අලුත් කියවිමට ගන්නා කණ්නාඩියක් සහ දිප්තිමත් කහ පැහැති පැන්සලක් මෝර්මන් ග්‍රන්තයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සදහන් වන සියළුම වගන්ති පාට කරන්න. දේවසේවයේ සරල අරමුණක් සහ ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමට උපකාර කිරීමේ ප්‍රතිථලය වුනේ ජෝසිවීනී ඇයගේ බව්තීස්මයෙන් වසර 28 ට පසුව අවරුදු 62දි පළමු වතාවට දේවමාලිගාවට යාමයි.

රූපය
‍‍ජොසිවිනි ස‍හෝදරිය
රූපය
‍‍ජොසිවිනි ස‍හෝදරිය ‍දේවමාලිගාව තුල

අපගේ බැටළුවන් ශක්තිමත් හෝ දුර්වල, සතුටින් හෝ ‍වේදනාවෙන්, සිටියත් අපි වගබලාගත යුතුයි කවුරුත් තනියම ඇවිදින්නැති වෙන්න. ඔවුන් කොතැනක සිටියත් ආත්මිකව ඊළඟ පියවරට උදව් හා දිරිගැන්වීම් ලබා දිය හැකිය. අපි යාච්ඤා කර ඔවුන්ගේ හදවත් තේරුම් ගැනීමට උත්සාහ කරන විට. ස්වර්ගික පියාණන් අපට මගපෙන්නාවි සහ උන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේත් අප සමඟ ගමන් කරන බව මම සහතික කරනව. අපිට අවස්ථාවක් තියෙනව “ඔවුන් වටා සිටින දේව දූතයන්” වෙන්න, හරියට උන් වහන්සේගේ ඔවුන්ගේ මුහුණ ඉදිරියෙන් යනව වගේ.8

රූපය
යහපත් එ‍ඪෙරයාණන් සමග ඔහු‍ගේ බැටළු පැටවුන්

ස්වාමින්වහන්සේ අපට ආරධනා කරනවා උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කරන්න. උන්වහන්සේ කළාක් මෙන් උන්වහන්සේගේ රැළ එකතු කරන්න කියල අපට කියනවා. උන්වහන්සේ අපට ආරධනා කරනවා එ‍ඪෙරකම් කරන්න කියල සෑම ජාතියකටම, සෑම රටකටම,(ඔව් වැඩිහිටි වුඩ්‍රොප්, අපි ආද‍රේ කරනව සහ අවශයි ජර්මානු එ‍ඪෙරයන්)සහ උන්වහන්සේගේ අරමුණ මෙය සදහා උන්වහන්සේගේ තරුණ පිරිස එකතු කර ගන්නයි.

අපගේ තාරුණ්‍ය අපේ ශක්තිමත් එඬේරයන් විය හැක. ඔයාලා හරියට සභාපති රසල් එම්. නෙල්සන් පැවසුව වගේ “ස්වාමින්වහන්සේ මේ ලෝකයටකවදා ‍හෝඑවා ඇති අය අතරින් හොදම අය.” ඔවුන් උතුම් ආත්මයන්ය, “අපේ හොඳම ක්‍රීඩකයන්ය” ගැලවුම්කරුවානන් අනුගමනය කල අයයි.9එඬේරුන් තම බැටළුවන්ව බලාගන්නා විට ඔවුන් කෙරෙහි බලය ඇති බව ඔබට සිතාගත හැකිද?

තරුණ කාන්තාවන් සහ තරුණ පිරිමි ළමයිනේ, අපිට ඔබව අවශ්‍යයි. දේව සේවය කිරිමට ඔබට පැවරුමක් නැත්තම්, කාන්තා සහන සමිතියේ හෝ වැඩිහිටි ඝණපුර්ණයේ සභාපති හමුවෙන්න. උන්වහන්සේගේ බැටළුවන් දෙවියන්වහන්සේගේ රැලට හදුනාගැනීමට සහ ගණන්ගැනීම ස්තීරකරන්න සහ බලාගන්න, ඔබ තුල ඇති ස්ව කැමත්ත පිලිබද ඔවුන් සතුටු වේවි.

දවස පැමිණි විට අපේ ආදරණිය ගැලවුම්කරුවාණන්ගේ දෙපතුල ළග අපි දණ ගසාවී, උන්වහනසේගේ රැළ පෝෂණය කළාට පසුව, පේදුරු වගේ උත්තර දීමට අපට හැකිවේවා කියා මම යාඤාකරනවා “ එසේය, ස්වාමීනි; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නා ‍සේක.”10මෙන්න ඹබවහන්සේගේ බැටළුවන්,ආදරය ලැබ, ඔවුන්ආරක්ෂිතව, ඔවුන්ගේගෙදරට පැමිණ ඇත.යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.