2010–2019
මහගු කාර්‍යයන් සදහා අත්තිවාරම් දැමිම.
ඔක්තෝම්බර් 2018


මහගු කාර්යයක අත්තිවාරම තැබීම

අප නිවසේ ස්ථාපිත කරන සම්ප්‍රදායන් හරහා උගන්වන පාඩම්, ඉතා කුඩා හා සරල වුවත්, වර්තමාන ලෝකයේදී වැදගත්කමින් තවත් වැඩිවේ.

සයෝනයෙහි දෙමාපියන් වශයෙන්, අප දරුවන් තුළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුභාරංචියේ ප්‍රීතිය, ආලෝකය, හා සත්‍යයන් කෙරෙහි ලැදියාව හා කැපවීම අවදි කිරීමේ ශුද්ධ වූ වගකීමක් අපට ඇත්තෝය. අපේ දරුවන් ඇති දැඩි කරන විට, අපි අපේ නිවෙස් තුළ සම්ප්‍රදායන් ස්ථාපිත කරන අතර අප පවුල් සම්බන්ධතා තුළ සන්නිවේදන හා හැසිරීම් රටා අපි ගොඩනගමු. එසේ කිරීමේදි, අප ස්ථාපිත කරන සම්ප්‍රදායන් ඉතා ශක්තිමත් විය යුතුයි, අපගේ දරුවන් තුල ඇති නොසෙල්වෙන චරිතාත්මක හොද‍ ඔවුන්ව ශක්තිමත් කරාවි ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දිමට.

වසර ගණනාවක් තිස්සේ අපගේ පවුල ඊසාන දිග යූටා හි කදූවල ඉහල කදවුරු බැදීමේ වාර්ෂික සම්ප්‍රදාය භුක්ති වින්දෝය. අපි සැතපුම් 20ක් (32 Km) ගල් හා දූවිලි සහිත වූ පාරක් ඔස්සේ ගමන් කරන්නේ ඉතා උස කැනියට බිත්ති සහිත, සහ ඒ හරහා ගලන සීත, පැහැදිලි ජලයෙන් පිරි ගගක් සහිත අලංකාරවත් කොළ පැහැති මිටියාවතකට ගමන් කරමිනි. සෑම වසරකම, අපේ දරුවන් හා මුණුබුරු මිණිබිරියන්ගේ හදවත් තුළ ශුභාරංචි දහමේ හා ප්‍රතිපත්තියන්ගේ වටිනාකම නැවත තහවුරු කිරීමේ බලාපොරොත්තුවෙන්, සූසන් සහ මම අපේ පුතුන් සය දෙනාටම හා ඔවුන්ගේ පවුල් වලටද ක්‍රිස්තුස් වහනසේ කේන්ද්‍ර කරගත් නිවසක අත්තිවාරම තුළ වැදගත් සාධකයක් බවට ඔවුන්ට හැගෙන මාතෘකාවක් ගැන කෙටි පණිවුඩයක් සූදානම් කරන ලෙසට ඉල්ලුවෙමු. අප ඉන්පසුව පවුලේ ආගමික රැස්වීමකට හුදකලා ස්ථානයක රැස් වී, එකිනෙකා ඔවුන්ගේ පණිවුඩ ඉදිරිපත් කරති.

රූපය
ගල් මත ලියන ලද පණිවිඩ

මේ වසරේ, අපේ මුණුබුරු මිණිබිරියෝ ඔවුන්ගේ පණිවුඩවල මාතෘකා ගල් වල ලියා, එකින් එක, ඒවා එකිනෙකට ආසන්නව වැළලුවෝය. ප්‍රීතිමත් ජීවිතයක් ස්ථාපිත කරන ස්ථාවර අත්තිවාරම ඉන් නියෝජනය කරමින්. ඔවුන්ගේ පණිවුඩ හය අතර වියන ලද්දේ ඒ අත්තිවාරමේ මුල්ගල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව යන්නාවූ නිත්‍ය, සදාකාලික සත්‍යයි.

යෙසායා ගේ වදනින්, “ඒ නිසා මහෝත්ම දෙවි ස්වාමින් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: “තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි.”1 සයෝනයෙහි අත්තිවාරමේ ඒ අනගි මුල්ගල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට මෙසේ හෙළි කළේ උන්වහන්සේය. “තවද, යහපත කිරීම ගැන විඩාවට පත් නොවන්න, මන්ද නුඹ මහගු කාර්යයකට අත්තිවාරම තබන්නෙහිය. තවද කුඩා දෙයින් මහගු දේ වර්ධනය වේ.”2

අප නිවෙස් තුළ ස්ථාපිත කරන සම්ප්‍රදායන් හරහා උගන්වන පාඩම්, ඉතා කුඩා හා සරල වුවත්, වර්තමාන ලෝකයේදී වැදගත් කමින් තවත් වැඩි වේ. ස්ථාපිත කළ පසු, අපේ දරුවන්ගේ ජීවිත තුළ මහගු කාර්යයක් ඉටු කරන්නාවූ, කුඩා හා සරල දේවල් මොනවාද?

කැනඩා, ටොරොන්ටෝවෙ හි; විශාල සභාවක් අමතමින් සභාපති රසල් එම්. නෙල්සන්, අපේ දරුවන්ට ඉගැන්වීමට තිබෙන ශුද්ධ වූ වගකීම පිළිබදව දෙමාපියන්ට මතක් කළේය. හදුනාගන්නා ලද අත්‍යවශ්‍ය වගකීම් අතර, අප සැක්‍රමේන්තුව අනුභව කිරීමට හේතුව තේරුම් ගැනීමට, ගිවිසුම් තුළ උපත ලැබීමට, හා ආදිපීතෘ ආශිර්වාදයට සූදානම් වීම හා එය ලැබීමේ වැදගත් කම, ගැන දරුවන්ට ඉගැන්වීමට දෙමාපියන්ට ඇති යුතුකම සභාපති නෙල්සන් ඉස්මතු කර කීවේය. පවුලක් ලෙස එකට ශුද්ධ ලියවිලි කියවීමට මූලික වීමට, ඔහු දෙමාපියන්ව උනන්දු කළේය.3 මේ උත්සාහයන් වලින්, අපේගේ ප්‍රේමනීය අනාගතවක්තෘවරයා අපගේ නිවාස “ඇදහිල්ලේ ශුද්ධස්ථාන”4බවට පත් කිරීමට අපෙන් ඉල්ලා සිටියි

මෝර්මන්ගේ ග්‍රන්ථයේ, ඊනොස් වාර්තාවේ ඔහු සොයාගත්තා තම පියාගේ ආදර්ශයට ඔහුට දැනුණ හෘදයාංගම කෘතඥබව, ඔහු “ඔහුට භාෂාවෙහිද, එසේම හික්මවීමෙහිද, ස්වාමින්වහන්සේගේ අවවාදයෙහිද ... ඉගැන්වීය. බලවත් හැගීමෙන් ඊනොස් ප්‍රකාශ කළෝය, “තවද ඒ සදහා මාගේ දෙවියන්වහන්සේගේ නාමයට ආශිර්වාද වේවා”5

අපේ විවාහයේ 35 වසර මුළුල්ලේ අප නිවස තුළ ක්‍රියාවට නංවන ලද කුඩා සහ සරල සම්ප්‍රදායන් මම රකිමි. අපේ බොහෝ සම්ප්‍රදායන් සියුම් නමුත් අර්ථාන්විත වේ. උදාහරණයකට:

  • මා නිවසෙහි නොසිටි සන්ධ්‍යාවන්හිද, මම දැනගෙන සිටියා සුසන්ගේ මගපෙන්වීම යටතේ, එතැන සිටින අපේ වැඩිමහල් පුතා එය තමන් තුලට ගෙන, ශුද්ධ ලියවිලි අධ්‍යයනයේ හා පවුල් යාච්ඥාව කරන බව.6

  • තවත් සම්ප්‍රදායක්—අපි කවදාවත් අපේ නිවසෙන් පිටව යන විට හෝ දුරකථන සංවාදයකදි, “මම ඔබට ආදරෙයි” නොකියා අවසන් නොකරන්නෙමු.

  • අපේ පුතුන් එකිනෙකා සමග පෞද්ගලික සම්මුඛ සාකච්ඡා භුක්ති විදීම සදහා නිරන්තරයෙන් කාලය වෙන් කිරීමෙන් අප ජීවිත ආශිර්වාද ලබා ඇත. එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ධර්ම දූත මෙහෙයුමක සේවය කිරීමට ඔහුගේ ආශාව හා සූදානම ගැන මම මගේ පුතාගෙන් ඇසුවෙමි. මඳක් සාකච්ඡාකළ පසු, කල්පනාබර නිහඩ මොහොතක් ඇතිවිය. ඉන්පසු ඔහු ඉදිරියට නැඹුරු වී කල්පනාකාරීව ප්‍රකාශ කළේය. “තාත්තේ මතකද මම කුඩා කල අපි පියාගේ සම්මුඛ සාකච්ඡා පටන් ගත්ත කාළේ? “ මම කීවෙමි, “ඔව්” ඔහු කීවේය, “ මම දූත මෙහෙයුමක සේවය කරන බවට මම ඒ කාලේ පොරොන්දු වුණා, අම්මයි ඔයයි වයසට ගියාම දූත මෙහෙයුමක සේවය කරන බවට ඔයා පොරොන්දු වුණා.” තවත් විරාමයක් ඇති විය.” “සේවය කිරීමෙන් ඔයාලව නවත්වන ප්‍රශ්නයක් තියෙනවද—සමහර විට මට උදව් කරන්න පුළුවන්?”

අඛණ්ඩ යාච්ඥාව, ශුද්ධ ලියවිලි කියවීම, පවුල් නිවෙස් සන්ධ්‍යාව, හා සභා රැස්වීම් වලට සහභාගි වීම අඩංගු පිරිපුන් පවුල් සම්ප්‍රදායන්, කුඩා හා සරල මෙන් පෙනුණද, ප්‍රේමයේ, ගෞරවයේ, එකමුතුකමේ, හා ආරක්ෂාවේ සංස්කෘතියක් නිර්මාණය කරයි. මෙම උත්සාහයත් සමග පැමිණෙන ආත්මයාණන් තුළ, අප දවස්වල ඇති ලෞකික සංස්කෘතිය තුළ කාවැදී ඇති විරුද්ධකාරයාගේ ගිනි දැල්වූ කූඩුවලින් අපේ දරුවන් ආරක්ෂා වේ.

ඔහුගේ පුතුට හීලමන්ගේ නැණවත් උපදේශය ගැන අපට මතක් කරවනු ලැබේ: “සිහිකරන්න, එනම් නුඹලා නුඹලාගේ අත්තිවාරම ගොඩනැගිය යුත්තේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ක්‍රිස්තුස්වහන්සේ වූ අපේ මිදුම්කරුවාණන්ගේ පර්වතය මතය; එනම් යක්ෂයා ඔහුගේ බලවත් කුණාටුවත්, එසේය, සුළි සුළගින් ඊතලයක් පමුණුවන විට, එසේය, ඔහුගේ සියලු හිම ගල් වරුසා සහ බලවත් කුණාටු නුඹලා මත පහර දෙන විට, දුක්ඛිතකමේ ආඝාධයට සහ අනන්ත වේදනාවට පහතට ඇදගෙන යාමට එයට නුඹලා මත බලයක් නොවන්නේය. මක්නිසාද නුඹලා ගොඩනගා තිබෙන්නාවූ එම පර්වතය හෙයිනි, එය අත්තිවාරමක්ය, එම අත්තිවාරම මත මනුෂ්‍යයා ගොඩනගන්නේද ඔවුහු නොවැටෙන්නෝය.”7

වසර ගණනාවකට පෙර, තරුණ බිෂොප් වරයෙකු ලෙස සේවය කරන විට, වැඩිමහල් වූ මහත්මයෙක් මා මුණ ගැසීමට ඉල්ලුවේය. සභාවෙන් ඔහුගේ ඉවත්ව යාම හා ඔහුගේ යෞවනයේදි ඔහුගේ දෙමාපියන්ගේ ධර්මිෂ්ඨ සම්ප්‍රදායන් ඔහු විස්තර කළේය. ලෝකයාට ඉදිරිපත් කළ හැකි ක්ෂණික වූ සතුට තුළදී, නිෂ්ඵල ලෙස කල්පවත්නා ප්‍රීතිය සෙවීමේදී ඔහුගේ ජීවිතය තුළදී ඔහුට දැනුන ශෝකය ඔහු විස්තරාත්මකව කීවේය. දැන්, ජීවිතයේ ඔහුගේ පසුකාලීන වර්ෂ තුළ, ඔහු අත්දැක්කා මෘදුකම, සමහර වෙලාවට දෙවියන්වහන්සේගේ කරදර කරන දැනෙන කොදුරන ආත්මයාණන් ඔහුට නැවතත් පාඩම්, පුහුණුවිම්, සිතුවිලි, සහ ඔහුගේ යෞවනය සදහා ආරක්ෂාව මගපෙනවීම් ලබාදුන්නා. දෙමාපියන්ගේ සම්ප්‍රදායන් සදහා ඔහු කෘතඥ බව ප්‍රකාශ කළ අතර, වර්තමාන වචනින්, ඔහු ඊනොස්ගේ ප්‍රකාශය නැවත කීවේය: “ ඒ සදහා මාගේ දෙවියන් වහන්සේගේ නාමයට ආශිර්වාද වේවා!”

මාගේ අත්දැකීම තුළ, මෙම දයාබර පුද්ගලයාගේ ශුභාරංචිය කරා නැවත පැමිණීම බොහෝ දෙනාගේ ගතිගුණයක් වන අතර, කාලයකට ඉවත්ව යන, නමුත් නැවතත් ඔවුන්ගේ යෞවනයේ ඉගැන්වීම් හා ප්‍රතිපත්තීන් කරා පැමිණෙන දෙවියන් වහන්සේගේ දරුවන් පුනරාවර්ත කරන්නකි. ඒ මොහොතයන්හි, මෙලෙස දෙමාපියන්ට අනුශාසනා කරන හිතෝපදේශයෙහි කර්තෘගේ නුවණ ගැන අපි සාක්ෂි දරමු. “දරුවා බාල වියේ දීම යහ මග යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත්ව නොයයි.”8

දරුවෙකු හදන විට භංගත්වයේ මොහොතවල් හා අධිෂ්ඨානයේ හා ශක්තියේ වෙනස් වන මට්ටම් වලට සෑම දෙමාපියෙක්ම මුහුණ දෙති. එසේ වුවත්, දෙමාපියෝ දරුවන්ට අඛණ්ඩව, අවංකව හා ප්‍රේමබරව ඉගැන්වීමෙන්, සහ ඔවුන්ට දිගටම උපකාර කිරීමට කළ හැකි සියල්ලම කිරීමත්, ඇදහිල්ල ක්‍රියාවට නංවන විට, ඔවුන්ගේ දරුවන්ගේ හදවත් හා මනස් තුළ වපුරන ලද බීජයන්ගේ මුල් වර්ධනය වන බවට ඔවුන්ට ලැබෙන බලාපොරොත්තුව වැඩි වේ.

අඛණ්ඩ ඉගැන්වීම් මූලික අවශ්‍යතාවය මෝසෙස්ට හොදින් වැටහුණි. ඔහු උපදේශ දුන්නා “ඔබේ දරු දැරියන්ට [මෙම වචන] ඉගැන්විය යුතුය. ඔබ ගෙදර සිටින විටද , පාරේ යන විටද, සැතපෙන විටද, අවදිවන විටද ඒවා ගැන ඔවුන්ට කතා කළ යුතුය.”9

පවුල් යාච්ඥාවේදී අපි අපේ දරුවන් සමග දණගසන්නෙමු. අර්ථාන්විත පවුල් ශුද්ධ ලියවිලි කියවීම පැවැත්වීමේ අපේ උත්සාහයන් තුළින් අපි ඔවුන් ගැන සැලකිලිමත් වෙමු. අපි එකට පවුල් නිවෙස් සන්ධ්‍යාවට සහභාගි වන විට අපි ඉවසීමෙන්, ප්‍රේමයෙන් ඔවුන්ව රැක ගනිමු, ස්වර්ගය කරා අපේ පෞද්ගලික යාච්ඥාවේදී දණ ගසා අපි ඔවුන් ගැන සංවේගයට පත් වෙමු. අහෝ, අපි වපුරන ලද බීජයන් ඔවුන්ගේ හදවත් හා මනස තුළ මුල් හටගැනීම ගැන අපට කොතරම් ආශාවක් ඇත්ද.”

ශුද්ධලියවිලි කියවීමට හෝ පවුල් නිවෙස් සන්ධ්‍යා පැවැත්වීමට හෝ දෙවියන්වහන්සේ කරා වගකීම හෝ තරුණ කාන්තා පිළිගැනීමේ ව්‍යාපෘති ඔස්සේ ක්‍රියා කිරීමට වෙර දරන විට, අපේ දරුවන්ට “එය වැටහෙනවාද “යන්න එතරම් ප්‍රබල ගැටළුවක් නොවන බව මම විශ්වාස කරමි. එම ක්‍රියාකාරකම් වල වැදගත් කම එම මොහොතේදී ඔවුන්ට වැටහෙනවාද යන්න එතරම් ප්‍රබල ගැටළුවක් නොවේ. දෙමාපියන් වශයෙන්, කැපවීමෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචියෙන් පොළඹවන ලද ආකාරයට ජීවත් වීමට, ඉගැන්වීමට, අනුශාසනා කිරීමට, හා බලාපොරොත්තු ඇති කිරීමට ස්වාමින් වහන්සේගේ උපදේශය අනුගමනය කිරීමට ප්‍රමාණවත් ලෙස ඇදහිල්ල ක්‍රියාවට නංවනවාද යන්න ඊට වඩා ප්‍රබල ගැටළුවකි. එය අපේ ඇදහිල්ලෙන් ක්‍රියා කරවන ලද උත්සාහයක් - ඔවුන්ගේ යෞවන කාලයේ වැපිරූ බිජ මුල් හටගෙන පැළයක් ඇති වී වර්ධනය වන බවට අපේ විශ්වාසයයි.

අප කතා කරන දේ, අප දේශනා කරන හා උගන්වන දේ, අප අතරේ සිදු වන්නේ කුමක් ද යන්න තීරණය කරයි. ක්‍රිස්තුස් වහන්සේගේ දහම උගන්වන පිරිපුන් සම්ප්‍රදායක් අප ස්ථාපිත කරන විට, අපේ පණිවුඩයේ සත්‍ය බව ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ සාක්ෂි දරමින් දිගටම කළ අපේ උත්සාහයන් මගින් අපේ දරුවන්ගේ හදවත් තුළ ගැඹුරුව පැළ කරන ලද්දා වූ ශුභාරංචියේ බීජයන් පෝෂණය කරන සේක. මම එසේ සාක්ෂි දරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, ආමෙන්,