2010–2019
මළවුන්ගේ මිදීමේ දර්ශනය
ඔක්තෝම්බර් 2018


මළවුන්ගේ මිදීමේ දර්ශනය

මම සාක්ෂි දරනවා සභාපති ජෝසේෆ් එෆ්. ස්මිත් දුටු දර්ශනය සත්‍යයක් කියලා. මම සාක්ෂි දරනවා සෑම මනුෂ්‍යකුටම එය සත්‍යයක් කියා දැනගන්න පුළුවන් කියලා.

සහෝදර සහෝදරියනි, මගේ කතාව සුදානම් කලේ මගේ ආදරණීය බිරිඳ මියයාමට ටික කලකට ඉහතදී. මම යාච්ඤා කරනවා මේ උදෑසන ඔබට කතාකරන අතරතුර ස්වාමින් වහන්සේ මට ආශිර්වාද කරයි කියලා.

අවුරුදු 100 කට පෙර, 1918 ඔක්තෝම්බර් හි, සභාපති ජෝසෆ් එෆ්. ස්මිත්ට මහිමාන්විත දර්ශනයක් ලැබී තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ අවුරුදු 65ක කාලයක් ස්වාමින්වහන්සේට කැපවුණ සේවයකට පසු, 1918 නොවැම්බර් 19, ඔහුගේ මරණයට සති කිහිපයකට පෙර, ඔහු ඔහුගේ කාමරයේ වාඩිවුනේ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය මෙනෙහිකිරීමට සහ උන්වහන්සේගේ කුරුසපත් වීමෙන් පසුව ගැලවුම්කාරයානන්වහන්සේ ආත්මික ලෝකයේ දේවසේවය කිරීම ගැන අපෝස්තුළුවර පේදුරුගේ විස්තරකිරීම කියවීමටයි.

ඔහු සටහන් කළා: “කියවන විට මම බොහෝ විස්මයට පත්වුනා. ... මම මේ දේවල් ගැන මෙනෙහි කරන විට ..., මගේ තේරුම්ගැනීමේ දෑස් විවර වුනා, ඒ වගේම ස්වාමින්වහන්සේගේ ආත්මයානන්වහන්සේ මා තුලට පැමිණියා, එවිට මම මළවුන් බොහෝ පිරිසක් දුටුවා.”1මෙම සම්පූර්ණ දර්ශනයදහම සහ ගිවිසුමේ 138වන කොටසේ සඳහන් වෙනවා.

මෙම අපූර්ව එලිදරවුවීම ලැබීම සඳහා ජෝසෆ් එෆ්. ස්මිත් හට තම මුළු ජීවිතකාලය පුරාම සූදානම් වීමට සිදුවීම අපට වඩාත් අගයකරන්න හැකි වනලෙස, යම් පසුබිමක් දෙන්න මම කැමතියි.

රූපය
ජෝසෆ් සහ හයිරම් ස්මිත් අසුපිට

ඔහු සභාවේ සභාපතිව සිටි කාලයේ, 1906 දී ඔහු නාවූ වෙත ගොස් ඔහුට අවුරුදු පහේ දී වූ මතකයක් මෙනෙහි කළා. ඔහු පවසනවා: “[මගේ මාමා ජෝසේෆ් සහ මගේ තාත්තා හයිරම්] අසු පිටින් කාර්තේජ් බලා යන ගමන් මගේ, මම සිටගෙන සිටි නිශ්චිත ස්ථානය මෙයයි. තාත්තා අසු පිටින් නොබැස සෑදලයෙන් නැමී මා වඩාගත්තා. ඔහු මා සිප සමුගෙන නැවතත් මාව බිමින් තබා පිටව යනවා මම දැක්කා.”2

නැවත ජෝසේෆ් එෆ්. ඔවුන්ව දුටුවේ, 1844, ජුනි 27 කාර්තේජ් සිර ගෙදර කුරිරු ලෙස ඝාතනය කල පසු පැත්තකින් වැතිර සිටින දිවිපිදුවන් දැකීමට ඔහුගේ මව, මේරි ෆීල්ඩින්ග්, ඔහුව එසවූ විටයි.

අවුරුදු දෙකකට පසු, ජෝසේෆ් එෆ්., ඔහුගේ පවුලේ අය සහ ඇදහිලිවන්ත මව වන, මේරි ෆීල්ඩින්ග් ස්මිත්, සමඟ ඔහුගේ නාවූ හි නිවස අත්හැර වින්ටර් ක්වාටර්ස් බලා ගමන් කළා. ඒ වනවිටත් අවුරුදු අටක් නොවුවත්, එක ගව කණ්ඩායමක් මොන්ට්රෝස්, ලෝවා, සිට වින්ටර් ක්වාටර්ස් දක්වා සහ පසුව සෝල්ට් ලේක් මිටියාවත දක්වා ධාවනය කිරීමට ජෝසේෆ් එෆ්. හට බාරදෙන ලදී, එහි ලඟා වන විට ඔහුට වයස අවුරුදු දහයකට ආසන්න වී තිබුණි. මෙයට ඇහුන්කම් දී සිටින පිරිමි ළමයින් සහ තරුණයින්, ලමාවියෙදී ජෝසේෆ් එෆ්. මත තිබු වගකීම් සහ අපේක්ෂාවන් පිළිබඳව අවබෝධ කර ගනී කියාලා මම බලාපොරොත්තු වෙනවා.

අවුරුදු හතරකට පසුව, 1852 දී, ඔහුට අවුරුදු 13ක්ව තිබියදී, ජෝසේෆ්ව සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ව අනාථයන් කරමින් - ඔහුගේ මව මෙලොව හැර ගියා.3

1854 ඔහුට වයස අවුරුදු 15 දී ජෝසේෆ් එෆ්. ස්මිත් හට හවායන් දුපත් වල ධර්මදුත සේවයේ යෙදීමට කැඳවීමක් ලැබුණා. අවුරුදු තුනකට වඩා දීර්ග වූ, මෙම දුතමෙහෙය, සභාවේ සේවය කිරීමට කැපවුන ජීවිතයක ආරම්භය වුනා.

ඔහු යුටා වෙත නැවත පැමිණි විට, ජෝසේෆ් එෆ්. 1859 දී විවාහ වුනා.4ඉන්පසු අවුරුදු කිහිපය, ඔහුගේ ජීවිතය පවුලේ වගකීම්, අමතර දුතමෙහෙයන් දෙකක්, සහ වැඩ රාජකාරී වලින් පිරී තිබුණි. 1866, ජුලි 1 වන දින, වයස අවුරුදු 27 දී, සභාපති බ්‍රිග්හම් යන්ග් විසින් ඔහුව අපොස්තුලුවරයෙකු ලෙස නියමකළ පසු ජෝසෆ් එෆ්. ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්වුනා. ඊළඟ අවුරුද්දේ ඔක්තොම්බර්වල, දොළොස්දෙනාගේ ඝනපූර්ණයේ තිබු පුරප්පාඩුවක් පුරවන්න ඔහුට හැකි වුනා.51901 දී ඔහු සභාපති වනතුරු, බ්‍රිග්හම් යන්ග්, ජෝන් ටේලර්, විල්ෆ්රඩ් වුඩ්රෆ්, සහ ලොරෙන්සෝ ස්නෝ යටතේ උපදේශකයෙකු ලෙස සේවය කලා.6

ජෝසේෆ් එෆ්. සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ පලමු දරුවා වන, මර්සි ජෝසෆින්, මේ ලෝකයට පිළිගත්තා. 7ඇය මිය යන විට ඇයගේ වයස අවුරුදු දෙකහා මාරක් පමණයි. ටික කලකට පස්සේ, ජෝසෆ් එෆ්. සටහන් කළා, “ ඊයේට මගේ ආදරණීය ජෝසෆින් නැතිවී ... එක මාසයයි. අනේ! මට ඇයව ගලවාගන්න පුළුවන් වුනානම්, ඇයට තරුණ විය වනතුරු වර්ධනය වෙන්න. මට සෑම දවසක්ම ඇය නැතුව පාලුයි ඒ වගේම මම තනිවෙලා. ... මම ආදරය කරන විදිහට මගේ පොඩි එවුන්ට මම ආදරය කිරීම පාපයක් නම් දෙවියනී මගේ දුර්වලකමට මට සමාවෙන්න.”8

ඔහුගේ ජීවිත කාලය තුල, සභාපති ස්මිත්ට ඔහුගේ පියා, මව, එක සහෝදරයෙක් සහ සහෝදරියන් දෙදෙනෙක්, බිරිදන් දෙදෙනෙක් සහ දරුවන් දහතුනක් අහිමි වුනා. ඔහුට දුක සහ ආදරය කරන්නන් අහිමිවීම හොඳට හුරුපුරුදුයි.

ඔහුගේ පුතා ඇල්බර්ට් ජෙස් නැතිවූ විට, ජෝසෆ් එෆ්. ඔහුගේ සහෝදරිය වන මාර්තා ඈන් හට ලියමින් කියා සිටියේ, ඔහුව බේරාගැනීමට ස්වාමින්වහන්සේට කන්නලවු කරමින්, “එය එසේ වුයේ ඇයි? අහෝ. දෙවියනි එය එසේ වුයේ ඇයි?” කියා ඇසු බවයි.9

එම කාලයේදී ඔහුගේ යාච්ඤාවන් නොසලකා, ජෝසෆ් එෆ්. හට මේ සම්බන්ධව කිසිදු පිළිතුරක් ලැබුනේ නෑ. 10ඔහු මාර්තා ඈන් හට පවසා සිටියේ මරණය සහ ආත්මික ලෝකය පිලිබඳ කාරණයේදී “ස්වර්ගය [පෙනුනේ ] අපේ හිසට උඩින් ඇති පිත්තල මෙනි” යනුවෙනි. එසේ නමුත්, ස්වාමින්වහන්සේගේ සදාකාලික පොරොන්දු තුල ඔහුට තුබූ ඇදහිල්ල ස්ථීරයි සහ නොසෙලවෙන සුළුයි.

ස්වාමින්වහන්සේගේ සුදුසු කාලයේදී, ආත්මික ලෝකය පිලිබඳ ඔහු සෙවූ අමතර පිළිතුරු, සැනසීම, සහ තේරුම්ගැනීම පැමිණියේ, 1918 ඔක්තෝම්බර් ඔහුට ලැබුණු විශ්මයජනක දර්ශනය තුලින්ය.

ප්‍රධාන වශයෙන් එම අවුරුද්ද ඔහුට වේදනාකාරී විය. මහා ලෝක යුද්ධයේදී, මිලියන 20කට වඩා වැඩි මිනිසුන් සංඛ්‍යාවකට තම ජීවිත අහිමිවීම නිසා ඔහු දුකට පත්වුනා. එයට අමතරව, මිලියන 100කට වඩා වැඩි පිරිසකට මාරු කැඳවමින් ලොව පුරා පැතිර ගිය වසංගත රෝගයක්ද වුනා.

රූපය
වැඩිහිටි හයිරම් මැක් ස්මිත්

එම වසර තුල, සභාපති ස්මිත් හටද තවත් වටිනා පවුලේ සාමාජිකයන් තුන්දෙනෙකු නැතිවුනා. අපොස්තුලුවරු දොළොස්දෙනාගේ ඝනපූර්ණයේ වැඩිහිටි හයිරම් මැක් ස්මිත්, ඔහුගේ කුළුඳුල් පුත්‍රයා සහ මගේ සීයා, බඩවැලේ කොටසකට හානිවීම හේතුවෙන් හදිසියේම මියගියා.

සභාපති ස්මිත් සටහන් කළා: “ශෝකය නිසා- මම ගොළු වී ඇත! මගේ හදවත බිඳී ගොස් ඇත; ඒ වගේම ජීවිතයක් නොමැති තරම්ය!... අහෝ! මම ඔහුට ආදරය කලෙමි! මම ඔහුට සාදාකාලයටම ආදරය කරමි. මාගේ සියලුම පුතුන් සහ දුවරුන් සමඟ එලෙසම වේවි, නමුත් ඔහු මගේ කුළුඳුල් පුත්‍රයායි, මිනිසුන් අතර අනන්ත, ගෞරවනීය නමක බලාපොරොත්තුව සහ සතුට ගෙනා පළමු වැනියයි. මගේ ආත්මයේ ගැඹුරින්ම මම ඔහු වෙනුවෙන් දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා! නමුත් අහෝ! මට ඔහුව අවශ්‍යයි! අපි හැම කෙනාටම ඔහුව අවශ්‍යයි! සභාවට වැඩියෙන්ම අවශ්‍ය වූ කෙනා ඔහුයි. ...නමුත් දැන් ... අහෝ! මම කුමක් කරන්නද! අහෝ! දෙවියනි මට උදවු කරන්න!”11

ඊළඟ මාසයේ, සභාපති ස්මිත්ගේ බෑණා, අලෝන්සෝ කෙස්ලර්, ඛේදනීය අනතුරකින් මරණයට පත්වුනා. 12 සභාපති ස්මිත් ඔහුගේ දිනපොතේ මෙලෙස සටහන් කළා, “ මෙම අති භයානක සහ හදවත-කැලඹු මාරක අනතුර, මගේ මුළු පවුල තුලම අඳුරු වලාවක් එලුවා.”13

මාස හතකට පසු, 1918 සැප්තැම්බර් වලදී, සභාපති ස්මිත්ගේ ලේලිය සහ මගේ මිත්තනිය වන, ඊඩා බෝමන් ස්මිත්, ඇයගේ පස්වන දරුවා වන , මගේ මාමා හයිරම්, මෙලොවට බිහිකිරීමේදී නැතිවුනා.14

එය එසේ විය, , යුද්ධය සහ වසංගත හේතුවෙන් මියගිය මිලියන ගණනකගේ වගේම තමාගේම පවුලේ සාමාජිකයන්ගේද මරණයන් හේතුවෙන් අත්දුටු දැඩි ශෝකයෙන් පසු, සභාපති ස්මිත් හට 1918, ඔක්තෝම්බර් 3 වන දින, “මළවුන්ගේ මිදීමේ දර්ශනය” නමින් හඳුන්වන ස්වර්ගීය එළිදරවුව ලැබුණා.

රූපය
සභාපති ජෝසෆ් එෆ්. ස්මිත්

පසුදාට යෙදී තිබු ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණයේ ආරම්භක සැසිවාරයේදී ඔහු එලිදරවුව පිළිබඳව කෙටි සඳහනක් කළා. සභාපති ස්මිත්ගේ සෞඛ්‍ය තත්වය අඩාල වෙමින් තිබුනා, නමුත් ඔහු කෙටියෙන් කතා කළා: “ මෙම උදෑසන මගේ මනසේ තිබෙන බොහෝ දේ පිළිබඳව කතා කිරීම මම කරන්නේ නෑ, මම නොකළ යුතුයි, එය මම අනාගතයේ යම්කිසි වෙලාවකට කල් දමමි,මගේ මනසේ තිබෙන සමහර දේවල් සහ මගේ හදවතේ ඇති දේවල් පිළිබඳව ඔබට කතාකිරීමට, ස්වාමින්වහන්සේගේ කැමැත්ත තිබිය යුතුයි. මෙම [පසුගිය] මාස පහ මම තනියෙන් ගත කලේ නෑ. මම ගත කලේ යාච්ඤාවේ, ආයාචනා කිරීමෙන්, විශ්වාසයේ සහ අධිෂ්ඨානයෙන්; ඒ වගේම මම ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් සමඟ දිගින්දිගටම කතාබහේ යෙදුනා.”15

ඔක්තෝම්බර් 3 වන දින ලැබුණු එළිදරවුව ඔහුගේ හදවත සැනසුවා වගේම ඔහුගේ බොහෝ ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයුවා. මෙම එළිදරවුව අධ්‍යනය කිරීමෙන් සහ අපි සෑම දවසකම අපගේ ජීවිත ජීවත් වන ආකාරය තුලින් එහි වැදගත්කම මෙනෙහි කිරීමෙන්, අපි මැරුණු පසු ආත්මික ලෝකයේදී අපගේම අනාගතය පිළිබඳව වැඩිදුර ඉගෙන ගන්නට සහ සැනසීම ලබාගන්නට පුළුවන් වෙනවා.

සභාපති ස්මිත් දුටු බොහෝ දේවල් අතරින් තිබු එක් දෙයක් නම් කුරුසගසේ උන්වහන්සේගේම මරණින් පසු ගැලවුම්කරුවාණන් ආත්මික ලෝකයේ ඇදහිලිවන්තයින් බැහැ දැකීමයි. එම දර්ශනයෙන් මම උපුටා ගනු ලබනවා:

“තවද දැන් බලන්න, ධර්මිෂ්ඨයන් අතරින්, උන්වහන්සේ උන්වහන්සේගේ සේනාව සංවිධානය කර පණිවිඩකරුවන් පත්කර, බලයෙන් සහ අධිකාරියෙන් සරසා, අඳුරේ සිටින්නන් හට සුභාරන්චියේ ආලෝකය රැගෙන ඉදිරියට යන ලෙස පැවරුවේ, සියලුම මිනිසුන්ගේ ආත්මන්ට [සහ කාන්තාවන්ගේ] පවා;16 තවද මළවුන් හට සුභාරංචිය උගන්වන පිණිසය. …

“එහිදී, දෙවියන්වහන්සේ තුල ඇදහිල්ල, පාපයන්ගෙන් පසුතැවිලිවීම, පාපයන්ට සමාව දීම පිණිස බෞතිස්ම වීම, අත්තැබීමෙන් ලබාදෙන ශුද්ධාත්ම දීමනාව පිළිබඳවද,

“මනුෂ්‍යාට අනුව මාන්ශිකව විනිශ්චය කිරීමටත්, දෙවියන්වහන්සේට අනුව ආත්මිකව ජීවත් වන්නටත් ඔවුන්ව සුදුසු කරගැනීමට හැකි වන පිණිස දැනගැනීමට අවශ්‍ය සියලුම සුභාරංචි මුලධර්ම පිළිබඳව උගන්වනු ඇත. …

“මළවුන් තම ආත්මය ශරීරයෙන් දීර්ගකාලීනව වෙන්ව පැවතීම දකිනු ලබන්නේ වහල් බවක් ලෙසය.

“ස්වාමින්වහන්සේ මෙසේ උගන්වා, උන්වහන්සේගේ මරණයෙන් නැවත උත්තානවීමෙන් පසු, උන්වහන්සේගේ පියාණන්ගේ රාජධානියට ඇතුළු වීම පිණිස, ඉදිරියට යාමට ඔවුන්ට බලය ලබා දුන් සේක, එසේ කලේ ඔවුන් එහිදී අමරනීයත්වයෙන් සහ සදාකාලික ජීවිතයෙන් ඔටුනු පලදවනු ලබනු පිණිසය,

“එතැන් සිට ස්වාමින්වහන්සේ පොරොන්දු වූවාක් මෙන් නොනවත්වාම ඔවුන්ගේ කාර්යන් වල නිරත වෙමින්, උන්වහන්සේට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන් වෙන්කර ඇති සියලුම ආශිර්වාද වල පංගුකාරයන් වනු ඇත.”17

රූපය
ජෝසෆ් සහ හයිරම් ස්මිත් පිළිමය

දර්ශනයේදී, සභාපති ස්මිත් ඔහුගේ පියාණන් වන හයිරම් සහ දිවැසිවර ජෝසෆ් ස්මිත් දුටුවා. ඔහු අවසාන වරට නාවූ හි කුඩා දරුවකු ලෙස ඔවුන් දැක අවුරුදු 74ක් ගත වී තිබුනා. අපිට හිතාගන්න පුළුවන් ඔහුගේ ආදරණීය පියාණන් සහ ඔහුගේ මාමා දැකීමේ සතුට. සියලුම ආත්මයන් ඔවුන්ගේ මනුෂ්‍ය ජීවිතයේ ශරීරය වාගේම සිටීම සහ පොරොන්දු වූ ලෙස උත්තාන වන දිනය තෙක් ඔවුන් උනන්දුවෙන් බලා සිටිනා බව දැනගැනීම නිසා ඔහුට සැනසුම සහ පිබිදුනු හැගීම් ගෙන එන්නට ඇති. උන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් ස්වර්ගයේ පියාණන්වහන්සේගේ සැලැස්ම පිලිබඳ සම්පූර්ණ තොරතුරු සහ ක්‍රිස්තුස්වහන්සේගේ මුදවාගැනීමේ ප්‍රේමය සහ උන්වහන්සේගේ වන්දිගේවීමේ ඇති අසමසම බලය පිළිබඳව මෙම දර්ශනය එළිදරවු කරා.18

මෙම විශේෂිත 100වෙනි සංවත්සරයේදී, මම ආරාධනා කරනවා ඔබට මෙම එලිදරව්ව කල්පනාකාරීව කියවන ලෙසට. ඔබ එලෙස කරන විට, දෙවියන්වහන්සේගේ ආදරය සහ උන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම සහ උන්වහන්සේගේ දරුවන් සඳහා ඇති ප්‍රීතිය තවත් හොඳින් තෙරුම්ගැනීමට දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරනු ඇත.

මම සාක්ෂි දරනවා සභාපති ජෝසේෆ් එෆ්. ස්මිත් දුටු ඒ දර්ශනය සත්‍ය බව. මම සාක්ෂි දරනවා සෑම කෙනෙකුටම එය කියවා එහි සත්‍යතාව පිළිබඳව දැනගත හැකි බව. මේ ලෝකයේදී මෙම සත්‍ය ගැන දැනුම නොලබපු සියලුදෙනාම ආත්මික ලෝකයට ගිය පසු එහි සත්‍යතාවය ගැන අනිවාර්යෙන්ම දැන ගනීවී. එහිදී, ආත්මය සහ ශරීරය වෙන්නොවන ලෙස නැවත එකතු වූ විට සියලුදෙනාම දෙවියන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ආදරය කරාවී ඒ වගේම ප්‍රශංසා කරාවී ඒ උතුම් ගැලවීමේ සැලැස්ම වෙනුවෙන් සහ පොරොන්දු වූ නැවත උත්තානවීමේ ආශිර්වාදය වෙනුවෙන්.19

රූපය
බාබ්රා බැලර්ඩ් සහෝදරිය

සහෝදර සහෝදරියනි, මම යාච්ඤා කරනවා, දෙවිපියානන් සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගේ කරුණාව තුලින්, “තේජාන්විත උත්තානය පිළිබඳව බලාපොරොත්තුව ස්ථීර,” වේවි කියලා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන්, ආමෙන්.

සටහන්

  1. දහම සහ ගිවිසුම 138:6, 11.

  2. Joseph F. Smith, in Preston Nibley, The Presidents of the Church (1959), 228.

  3. See Joseph Fielding Smith, Life of Joseph F. Smith (1938), 13.

  4. ඔහු ලෙවිරා ක්ලාර්ක් සමඟ 1859 දී, ජුලියානා ලම්බ්සන් සමඟ 1866 දී, සාරා රිචර්ඩ්ස් සමඟ 1868 දී, එඩ්නා ලම්බ්සන් සමඟ 1871 දී, ඇලිස් කිම්බල් සමඟ 1883 දී, සහ මේරි ශාවොර්ට්ස් සමඟ 1884 දී විවාහ වී ඇත.

  5. ජෝසේෆ් එෆ්. ස්මිත් පළමු සභාපතීත්වයේ අමතර උපදේශකයෙක් ලෙස කැදවනු ලැබීය (බ්‍රිගම් යන්ග්, හර්බර් සී. කිම්බල් සහ ඩැනියෙල් එච්. වෙල්ස්). ඒ වගේම ඔහු දෙවන උපදේශක හැටියට සභාපතිවරු තිදෙනෙක් යටතේ වැඩකර ඇත, ඒ සභාපති ජෝන් ටේලර්, විල්ෆ්රඩ් වුඩ්රෆ්, සහ ලොරෙන්සෝ ස්නෝ ද ඇතුළුව.

  6. ජෝසෆ් එෆ්. ස්මිත් පළමු සභාපතීත්වයට උපදේශකයෙක් ලෙස බ්‍රිගම් යන්ග්ගේ පාලන කාලයේදී සහ පළමු සභාපතීත්වයේ දෙවන උපදේශකයෙකු ලෙස ජෝන් ටේලර්, විල්ෆ්‍රඩ් වුඩ්රෆ්, සහ ලොරෙන්සෝ ස්නොගේ පාලන කාලයේදී සේවය කළා. සභාපතිවරයා හැටියට කැඳවීමට පෙර පළමු සභාපතීත්වයේ සේවය කල පළමු සභාපති ඔහුයි.

  7. මෙර්සි ජොසපින්, ජෝසප් එෆ්.ගේ පලමු දරුවා, අගෝස්තු මස 14, 1867, ඉපිද 6, 1870. ජූනි මස මිය ගියේය.

  8. Joseph F. Smith, journal, July 7, 1870, Church History Library, The Church of Jesus Christ of Latter-day Saints, Salt Lake City, Utah.

  9. Joseph F. Smith to Martha Ann Smith Harris, Aug. 26, 1883, Church History Library; see Richard Neitzel Holzapfel and David M. Whitchurch, My Dear Sister: The Letters between Joseph F. Smith and His Sister Martha Ann (2018), 290–91.

  10. ඔහුගේ දිනපොත තුල, මතකයන්, සහ දේශනා, ජෝසේෆ් එෆ්. ස්මිත් සභාවේ අපොස්තුලුවරයෙකු සහ සභාපතිවරයෙකු ලෙස, විවිධාකාර රාජකාරී සම්පූර්ණ කිරීමේදී, ඔහුගේ පෞද්ගලික සහනය, උපදේශ, සහ ස්වාමින්වහන්සේගේ කාර්යන් වලදී මඟපෙන්වීම් ලබාගැනීමේදී ඔහු විශ්වාසය තැබූ, ශුද්ධාත්මයානන්වහන්සේගෙන් ලැබුණු විවිධාකාර සිහිනයන්, දිව්‍යඥානයන්, සහ දර්ශනයන් ලේඛනගත කර ඇත.

  11. Joseph F. Smith, journal, Jan. 23, 1918, Church History Library; spelling and capitalization modernized; see Joseph Fielding Smith, Life of Joseph F. Smith, 473–74.

  12. See “A. [P.] Kesler Is Killed in Fall from a Building,” Ogden Standard, Feb. 5, 1918, 5.

  13. Joseph F. Smith, journal, Feb. 4, 1918, Church History Library.

  14. See “Ida Bowman Smith,” Salt Lake Herald-Republican, Sept. 26, 1918, 4.

  15. Joseph F. Smith, in Conference Report, Oct. 1918, 2.

  16. See the reference to “our glorious Mother Eve” and the “faithful daughters who … worshiped the true and living God” (Doctrine and Covenants 138:39).

  17. දහම සහ ගිවිසුම 138:30, 33–34, 50–52.

  18. The text of the vision first appeared in the November 30, 1918, edition of the Deseret News, 11 days after the passing of President Smith, on November 19. It was printed in the December Improvement Era and in January 1919 editions of the Relief Society Magazine, the Utah Genealogical and Historical Magazine, the Young Woman’s Journal, and the Millennial Star.

  19. විනාශයේ පුත්‍රයන් නැවත නැගිට්ටද, මහිමයේ රාජධානියක් ලැබෙන අය මෙන් ඔවුන් දෙවියන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ආදරය සහ ප්‍රශංසාව දෙනු ලබන්නේ නැත. ඇල්මා 11:41;දහම සහ ගිවිසුම 88:32–35 බලන්න. .